Sunday, July 27, 2014

බ්ලොග් ලොව මහා වාද බයිලා සංදර්ශණය ලංකාවේ වේලාවෙන් උදෙසන 10.30 ඇරඹේ. රැඳී සිටින්න අප සමගම!


ඔව් එය ඇරඹුනා.....බයිලා මඩුවට මෙතනින් යන්න

http://bayilamaduwa.wordpress.com/

බ්ලොග් ලොව එකළු කරන මහා වාද බයිලා  සංදර්ශණය එළඹෙන 30 වැනි දින, එනම් බදාදා උදේ දහයේ සිට සවස් වන තුරු බ්ලොග් ලොව බයිලා චක්‍රවර්තී ගරු මාතලන් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් උපශාන්තගේ බයිලා මඩුවේදී පැවැත්වේ.       
       
බ්ලොග් ලොව නමගිය බයිලා කාරයන් වන අරූ, තෙලිදිය, පත්තරේ ඇතුළු විශාල පිරිසකගෙ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ අවස්තාවට සහභාගි වන ලෙස ඔබටත් ගෞරවයෙන් ආරාධනය කරමු.       
       
සංදර්ශණය වෙනත් අඩවියක වන අතර එහි යන මග එදින උදෑසන මෙම අඩවියෙහි සඳහන් වනු ඇත.       
       
තරඟ කොන්දේසි.       
       
1. මෙය විවෘත තරඟයකි, වයස් හෝ ප්‍රොෆයිල් සීමාවක් නැත.   

2. මාතෘකා දෙකක් සඳහා වාද කෙරෙනු ඇත. බයිලා කියන්නන් හට අදාල මාතෘකාවට අනුව කියන ලෙසත් වෙනත් වැල් බයිලා ගසන විට ඒවා මකා දැමීමටත් සිදුවෙන බව සලකන්න       
   
3. සහභාගි වන්න උපහාසයෙන් පිරි බයිලා පිළිතුරු විඳ ගන්නේයයි අපේක්ෂා කරන අතර තරඟ කරුවන්ගෙ බ්ලොග් ක්‍රියාකාරිත්වයට එපිටින් ඇති පුද්ගලික දිවිය අලලා කරන අපහාස ඉවත්කරනු ලැබේ. එමෙන්ම එවැනි බයිලා ගසන්නන්ගේ කිසිම බයිලාවක් ඉන්පසු පල නොකෙරීමටද ඉඩ ඇත.    

4. තාලය; කපිරිඥ්ඥා තාලය මූලික වන අතර වෙනත් තාලයන්ගෙන්ද කිව හැක.
       
මාතෘකා ඔබෙන්;

මෙම වාදයන් සඳහා ඔබ විසින් ඉදිරිපත් කෙරෙන රසවත් මාතෘකා සියල්ල සලකා බලා ගරු බයිලා චක්‍රවර්තී මාතලන් තුමන්ගේද අනුමැතිය යටතේ එදිනට වඩා සුදුසු ටොපියක්, සමාවෙන්න ටොපිකයක් දෙනු ලැබේ.

ඉතින් 30 වෙනිදා හමුවෙන තුරු පෙර පැවති මේ රසවත් බයිලා සාදයෙන් මදක් රස බලන්න.

117 comments:

  1. තාල දන්නෙ නම් නෑ ඇවිත් බලමු වැඩේ :ඪ්

    ReplyDelete
    Replies
    1. තාලෙ අහුවෙන්න පොඩි මියුසික් ක්ලිප් එකක් දන්න ට්‍රයි කරන්නං.

      Delete
  2. 30 වැනිදා උදේ වැට්ට යන්නෙපැයි.. ෂැහ් රෑ උනානං එන්න තිබ්බා.. කමක් නෑ පස්සෙහරි ඇවිත් යන්නං..

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. හරි රෑ වෙනකල් අදින්න බැරිය බයිල එනවනං.

      Delete
  3. බයිලා කියනවා කියා කියන්නේ ම මාතෘකාවෙන් පිට යන ඒවා සම්බන්ධයෙන් නේද?

    ReplyDelete
    Replies
    1. නනෙ කකා, බයිල හරියට කියන්නෙ මාතෘකවට. බයිල ගහන්නෙ මාතෘකාවෙන් පිට යන්න.

      Delete
    2. බයිලා ගැන කකාගේ විග්‍රහය මල් මසුරන්..

      Delete
  4. ඇයි උඹට බදාදා නිවාඩුද? මෙහේ නම් 29 පෝය..

    ReplyDelete
    Replies
    1. අපිට බදාහ ඊද් නිවඩුව හම්බුවෙනව. අනික ගොඩක් උන් බ්ලොග් බලන්නෙ සතියෙ දවස්වලනෙ. ඒකයි මම 29 ඇරල 30වෙනිදට ගත්තෙ. උඹ වෙන වැඩ එහෙම දාගෙන්න පොල්ල තියන්නෙ නෑ ඔන්න.

      Delete
    2. බලමු දැනටන් මක්කත් නෑ...

      Delete
    3. මේ.... ආන් මම උඹේ පෝස්ට් එක ගැන පෝස්ට් එකක් ලිව්වා..

      Delete
    4. යකෝ, මේ බයිල සංදර්ශනේටත් ප්‍රචාරයක් දීහන් ඉතින්. උඹ මූලාසනේ ඉන්න එකත් වෙච්චි.

      Delete
    5. එල්ලලා තියෙන්නේ දෙකේම බැනර්. මුලසුන දුන්න නිසා මිසක්ක ආයේ නෝ චාන්ස්..

      Delete
    6. ඒ මොකද යකෝ නෝ චෑන්ස් කිව්වෙ? උඹෙ අහවල් එක කඩා ගත්තටද?

      BTW තැන්ක්‍යු කිව්ව බැනර් වලට!

      Delete
  5. අරක්කු ජුන්ඩකුත් බීලම ආවනං හොඳ පන් එකක් ගන්න පුලුවං වෙයි වගේ..... අන්තිම හරියෙ උඹලෑ අම් @#$#@*&^% හු &^%$# ප *&%$@ කැ @#&*^ ඒ වත් තියේ නේහ්... නැත්තං ටිපිකල් ගතියක් නෑ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අරක්කුනං හා, ඒත් අර එව්ව නෑ බං සිරා බයිල පොලවල්වල. ඒත් ඊට එහා ගිය කතා රසට කොලේ අස්සෙන් දෙනව. ඒකයි බයිල කීමෙයි බයිල ගැහීමෙයි වෙනස.

      Delete
  6. බයිලා ගමුද රීමික්ස් කරලා ........... අයියෝ..... බයිලා ගමුද රීමික්ස් කරලා
    බයිලා ගමුද රීමික්ස් කරලා ........... අයියෝ..... බයිලා ගමුද රීමික්ස් කරලා

    බයිලා ගමුද රීමික්ස් කරලා ........... අයියෝ..... බයිලා ගමුද රීමික්ස් කරලා
    බයිලා ගමුද රීමික්ස් කරලා ........... අයියෝ..... බයිලා ගමුද රීමික්ස් කරලා

    ReplyDelete
    Replies
    1. බයිල කියමු රී මික්ස් නොකරා....මල්ලි බයිල කියමු රී මික්ස් නොකරා...
      බයිල කියමු රී මික්ස් නොකරා....මල්ලි බයිල කියමු රී මික්ස් නොකරා...

      Delete
  7. කපිරිඤ්ඤා තාලයට උදාහරණයක් දෙන්න!

    මොකද එතකොට මට පුළුවන් බයිලා චක්‍රවර්තී වගේ හිටිවන බයිලා කියන්න කලින්ම ලෑස්ති වෙලා එන්න.

    ReplyDelete
    Replies
    1. හවස්වෙලා යූ ටියුබ් එකෙන් ක්ලිප් එකක් හොයල දාන්නං, කකා ඔය දාපු ලින්ක් එකේ තීන්නෙත් කපිරිඥ්ඥ ටෙම්පො එකට ලියපු එකක් තමයි ( කමෙන්ට්ස් නෙමෙයි )

      Delete
    2. කකා, බැරිද පොඩි බැනර් කෑල්ලක් හදල දෙන්න කට්ටියට බෙදන්න.

      Delete
  8. නෝනද පොල්ලද මල්ලියෙ - නෝනද පොල්ලද
    මේ දෙකෙන් කොහොම වැඩ ගත්තත් - වටින්නෙ කෝකද
    නෝනද පොල්ලද මල්ලියෙ - නෝනද පොල්ලද


    තඹ සතයේ දෙපැත්තේ හිටි - නෝනයි පොල්ලයි
    ඒ කාලේ අපේ රටේ - ආර්තිකෙ හොල්ලයි

    අද කවුරුද රුපියලෙවත් - දෙපැත්තෙ ඉන්නේ
    ඒ ගැනවත් වාද කරමු - මොකද කියන්නේ?//

    ReplyDelete
    Replies
    1. හිරු අවරේ ගිලෙන වෙලේ - සඳු අහසේ නැගෙන වෙලේ
      කොටුවේ ඔරලෝසු කණුව - මම තනියෙන් කෙලින් කළේ

      Delete
    2. නෝනගෙ පැත්තේ - නැත්තංන්
      පොල්ලක් ඇත්තේ
      අල්ලක් වත්තේ - තියන්
      හොල්ලං මුත්තේ

      ඔව්, අපි ඒ මතෘකාව ගැනත් හිතල බලමු!

      Delete
  9. බයිලා චක්‍රවර්තින්ට. පමණද.....?

    ReplyDelete
    Replies
    1. වටේ ඉඳන් තප්පුගහන්නත් කට්ටය ඕන, නැත්තනම් වැඩේ නැගලයන් නෑ...

      Delete
    2. නිහිංසා, අනිවාර්යෙම්ම, බයිල කියන වගෙම කියන උන්ට හුරේ දාන්නත් පිරිස ඕනමයි. අනිව එන්න හොඳේ.

      Delete
  10. ඉන්දික පොඩි පුතා....ගේන රසවත් බව සිතා
    දිනය තිහයි හිතා...එදාට දෙන්නම් රස කතා.....
    ඉන්දික පොඩි පුතා....ගේන රසවත් බව සිතා
    දිනය තිහයි හිතා...එදාට දෙන්නම් රස කතා.....

    ReplyDelete
    Replies
    1. මෙන්න බඩුව ඉතා - රසට
      ගොතන බයිල සදා
      උඹ නැතුව වැඩක් නැතා - තිහට
      දියන් සැරට ඔතා

      තිහට - දියන් සැරට ඔතා
      උඹ නැතුව වැඩක් නැතා
      මෙන්න බඩුව ඉතා
      රසට - ගොතන බයිල සදා

      Delete
    2. දෙන්නම් රස කතා-
      නොදුටු නිර්වානය පතා
      එදා දැක්ක සතා-
      මෙදා කියයි අමුතු කතා..


      එදා දැක්ක සතා-
      මෙදා කියයි අමුතු කතා..
      දෙන්නම් රස කතා-
      නොදුටු නිර්වානය පතා

      Delete
    3. අම්ම ගහයි, මෙන්න අරූ දැම්මම ගේමෙ....

      තියපන් උඹෙ ඉතා - රස
      බයිල තදින් ඔතා
      ඕව තිස් වෙනිදට අතෑ - රපන්
      වදින්න තැන් සිතා

      ලොක්ක - තිස් වෙනිදට අතෑ - රපන්
      වදින්න තැන් සිතා
      තියපන් උඹෙ ඉතා - රස
      බයිල තදින් ඔතා

      Delete
    4. මෙන්න යුගයේ ප්‍රවීන වාද බයිලා ශිල්පීන්.....
      ඔව් පිලිගන්න.........

      කෝ මේ පත්තරේ?

      Delete
    5. ඔන්න ඉන්දික කිවුවා - කියපං බයිලා කියලා
      අපි දෙන්නං පැනලා - මෙවුවා සුපිරිම බයිලා
      අපි දෙන්නං පැනලා - මෙවුවා සුපිරිම බයිලා
      ඔන්න ඉන්දික කිවුවා - කියපං බයිලා කියලා

      Delete
    6. හා රංගි අක්ක මචං … පත්‍තරේ හියර්.මං සෑහෙන පරක්කුයි නෙවැ. … චැහ්.

      Delete
    7. අපෙ බුරා නියම ගුරා
      මූ කියන බයිල සිරා - කෙල්ලො
      පරිස්සමින් වරා
      මොකද මේක හරිම සරා

      මූ කියන බයිල සිරා
      කෙල්ලො පරිස්සමින් වරා -
      මොකද මේක හරිම සරා
      අපෙ බුරා නියම ගුරා

      Delete
  11. අන්න වැඩසටහන්.......................... අපි ඉතින් අත් දෙකම උස්සලා එකගයි.... තිස් වෙනිදා උදේ දහයට එන්න උත්සහ කරන්නම්.. නැතත් හවස එනවා ෂුවර්......................

    මාතෘකාව -
    විවාහ වීම හොදයි - විවාහක බ්ලොග්කරුවන්
    තනිකඩ වීම හොදයි - තාම බැදගන්න බැරිවුණ බ්ලොග්කරුවන්

    මොකද කියන්නේ කියමුද බයිලා........ අපි ඉන්නේ බැදපු සෙට්එකේ.......... අකමැති වුණත් කොහොම හරි බයිලා ගොතනවා............ ෂුවර්...........

    ReplyDelete
    Replies
    1. ෂෙහ්, එළකිරි කුරුටු. මේ ඉන්නෙ වෙඩි වගේ පොරවල්. මරු මාතෘකා දෙක. එහෙනං වෙඩි වගේ බයිල එක්ක තිස්වෙනිදට එන්න ගේමට!

      Delete
    2. ඔය මාතෘකාව හරියන් නෑ විවාහ උන අය කවදාවත් හොදයි කියන් නෑ...

      Delete
  12. උඹ දන්නව ඇති ද මන්ද,,,,, ඉන්දික මල්ලි.......
    මම ගොඩක් බයිල කාරයන්ට සප් එක දුන්න..... ඉස්සරහට යන්න....
    නමුත් බයිල කියන්න...... උගෙන ගන්න අමතක වුනා......
    නමුත් උඹ කරන රෙද්දක් & අපේ සෙට් එක ඉන්න නිසා ...පැත්තක ඉදල දෙන්නම් එල ...ටොනික් පියන් සද්දයක්....

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි උඹ කලිනුත් එහෙම් කතාවක් කිව්ව. බයිල කියන උන් ගහන උන් අම්බානෙ ඉන්නෙ බං. උඹ වරෙන් සපෝර්ට් එකට මුන්ට හූවක් වත් කියන්න.

      අර වචනෙට ෆිට් තමයි බොක්ක!

      Delete
    2. හරේ...අයියන්ඞි අපි එලියේ ඉදලා ෂපෝට් එකක් දෙමු.

      Delete
  13. Wedenam malhathai,namuth okata banerkellak danakota udinma "PRABUDDAYANTA AHITHKARAWIYAHEKYI"kiyaladanawala.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...තාම අවුලක් නෑ. බලමු මචං එන විදියට

      Delete
  14. මෙන්න නියම වැඩක්. අරූගෙයි උඹගෙයි පත්තරේගෙයි පහුගිය කාලෙක බයිල දැකලා මේ ගැන ඉන්ටරෙස්ට් වෙලා හිටියේ. වාද බයිලා නේද නම.
    අවාසනාවට අපි ඉතින් ඔය කවි බයිල කියනන් දන්නේ නෑ ඒ වුනාට රස විඳිනයි මැරතන් එකට වතුර ගහන්නයි ඕනෙනම් හීනියට ඔය කොට වාද බයිලාවකටයි සෙට් වෙන්නම්....
    මට ඒ කාලේ තිබ්බ බ්ලොග් මැරතන් තරඟ මතක් වුනා බං....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් මැරතන් වගෙම කවි මඩුත් තිබ්බ මතකනෙ. වරෙන් එහෙනං හෙට හුරේ දාන්න මතක ඇතුව.

      Delete
  15. බදාද වැඩ දවසක්නෙ බොලේ.බලමු කොහොමහරි ඔලුව දාල බලන්න කට්ටියගෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් බ්ලොග් බලන්නෙ වැඩ දවස් වලට. ඒකයි මම මේක සතියෙ දාකම දැම්මෙ. කොහොම හරි ඇවිත් යන්න වරෙන්

      Delete
  16. කකා සමග කෙන්ජි මෙන්ම මාතලන්ද එතේ
    අරූගෙඅඩවිය එක්කම විදානෙ පැමිණෙතේ
    ඉන්දික උපශාන්තගේ බයිල නැගල යතේ
    ඔටුවාටත් බයිල කියන්නට අවසර..! පුතේ

    ReplyDelete
    Replies
    1. සෙල්ලන්ද පොල් කොල කිව්වලු (Y)

      මේව ඔටුවගෙ බයිලා මල්ලි ඔටුවගෙ බයිලා
      ඇවිත් අහන් ඉඳිල්ලා මල්ලි එළකිරි බයිලා

      Delete
  17. මෙයාලට ඉතින් නිවාඩු උනට අපි වැඩනේ.. බලමුකෝ බලමුකෝ ඔළුව දාල යන්න පුළුවන් වෙයිද කියලා..

    ReplyDelete
    Replies
    1. මොකෑ බං ඔළුව විතරක් දන්නෙ, ඔක්කොම කෑලි ටික දාල යන්න වරෙන්.

      Delete
  18. බයිලා දන්නේ නෑ. ඒත් අහන්ට කට්ටිය ඉන්ට එපෑයැනේ. ඒ හන්දා එන්නම්...:D

    ReplyDelete
    Replies
    1. ඒක හරි, ගෑණු උදවිය කොහොමත් බයිල ගහන්නෙ නෑ, ගෑණු අයගෙන් බේරෙන්න මහත්තුරු තමා බයිල ගහන්නෙ. එහෙනං එන්නකො මේ බයිලෙත් බලන්න.

      Delete
  19. අපි ඉතින් මොනා ලිව්වත් නිකං බයිලා වගේනෙ.. ඒ නිසා එන්නම්...

    ReplyDelete
    Replies
    1. ඒ නිඅකං බයිලනෙ බං. මේ වාද බය්ල. වරෙං අර ඉස්කොලෙ කියපු එක දෙකක් වත් අහුලගෙන.

      Delete
  20. ඇනෝලා හොඳද මල්ලි
    ෆ්‍රොපාලා හොඳද
    මේවා කියල දෙන්නට උබ රජ කකුලක් ද
    ----
    ඇනෝලාට බය නංගිලා දොර වහගන්නෙ
    ෆ්‍රොපාලාගෙ කන් කෙදිරිලි නැ අඩුවෙන්නෙ
    ෆ්‍රොපාලාගෙ කන් කෙදිරිලි නැ අඩුවෙන්නෙ
    ඇනෝලාට බය නංගිලා...... දො..ර වහ.....ගන්..නෙ


    බ්ලොග් ලොව මහා වාද බයිලා සංදර්ශණයට සුභ පැතුම් !
    ඇනෝ බලකාය

    ReplyDelete
    Replies
    1. එල, නියම ටොපික් එහෙකට අදහසක් මචෝ. අනිව වරෙන් එහෙනං හෙට ඈ!

      ඇනෝල නැති තැන - බයිල
      තියෙයිද කිසි දින
      උඹල නියම සොයුරු කැල - කියන
      බයිල හරිම එළ

      Delete
  21. මම නම් එල්ලුව.... මල්ලි.....ඉන්දික....බැනරයක් මගෙ බොගෙ .....

    ReplyDelete
    Replies
    1. දැක්කා ලොක්කා....අප්‍රමාණ සන්තෝසයි සහ ස්තූතියි උඹෙ සපෝර්ට් එකට!!!!

      Delete
  22. ඇඩ්වර්ටයිසිං මෙව්වා එකක් වත් කරන්න කල් මදි නෙව?

    ReplyDelete
    Replies
    1. ඒකනං එහෙම තමා. ඒත් ඉතින් පොඩි කාර්ටූන් කෑල්ලක් ඇඳල දිය ඔන්න ඔහෙ එල්ලගන්න.

      Delete
  23. අනුන්ගේ බයිලා උස්සලා ගොසිප් දාන‍‍...........මෙමා
    මෙතන බයිලා ටික කියවලා දමා ලියමි.........කොමා
    කවියක් දුටු කල නලියන නිසා වෙලා..............පමා
    අවසරයක් නැතුවම මම කෙටුවා වෙනු............සමා

    ReplyDelete
    Replies
    1. ගින්දර වගේ. උඹ හා හා පුරා කියල ආවට මුලිම්ම තෑන්ක් කොරා මචං!

      බයිලම දානා - ගොසිප
      මෙන්න ඇවිල්ලා
      මේව නියමම දානා - වැඳල
      සාධු කියල්ලා

      Delete
    2. මල් තියලා ගල් තියලා පිළිගත්තට..................තුති
      ආවොත් ගේමට දෙනවා බයිලා ලොවෙත්.......නැති
      ගොසිපා උනත් කියනෙමි මම බයිලා රස.........ඇති
      සැට් එකටම අායුබොවන් වේවා හද...............බැති

      Delete
  24. අම්මට හුඩු ..එන්න පරක්කු වුනා ..යකෝ දිනේ වැරදුනාවත්ද? (කමෙන්ට්ස් දැක කල්පනා කරමින් )

    ReplyDelete
    Replies
    1. චැහ් . උඹත් ආවද. එහෙනං මං යනවා.…

      Delete
    2. එපා.එපා.. දෙන්නම හිටහං

      Delete
    3. හම්මේ මේ ඉන්නේ අපේ සෙට් එක

      Delete
    4. ඉවාන්, පේනවනෙ කස කාරයොන්ගෙ සැර. අලි පේලියයි, නැට්ටුවො කෝටිය්යි ඉන්න සයිස් එකෙනුයි දැම්ම සද්දෙ!

      පම, බොලා දෙන්න නැතුව වෙන මොක්කු කා කොටා ගන්නද බං. ඔන්න ඔහෙ හිටු කිව්වම අහල.

      ඔමා, බොලගෙ සෙට් එකේ අර වෙල් විදානෙ කෝ දැන්?

      Delete
    5. මාත් මිසින් වෙලානේ හිටියේ අයියේ,, එකතු කරගන්න ඕනේ ආයේ

      Delete
  25. උපන්දා ඉඳන් කෙරුවේ බයිලා ගැහිල්ලා
    ආයෙත් අලුතෙන් මොකටද බුලත් මේවට
    ඉන්දික ආයෙත් අලුතෙන් මොකටද බුලත් මේවට
    අපි උපන්දා ඉඳන් කෙරුවෙම බයිලා ගැහිල්ල.

    ReplyDelete
    Replies
    1. මනෝ,

      බයිල ගහන බොට - මොටද
      බුලත් දෙන්න අද
      මේව නියම කසිය කට - වහන්
      බීල වරෙන් හෙට

      Delete
  26. වටේ ඉදගෙන අත්පුඞියක් ගහලා බකප් එකක් දෙන්නම්.

    ReplyDelete
  27. දැම්මම පටං අරං නෙ කට්ටිය... හි හි

    ReplyDelete
    Replies
    1. අයිත් අහල, දැකල නැද්ද බං රේස් එකට කලින් පොඩ්ඩක් දුවල වෝම් අප් වෙන හැටි ස්පෝර්ට් මීට් එකේදිවත්?

      Delete
  28. හප්පේ ඉන්දික මාවක් එහෙනම් නමගිය බයිලා කාරයෙක් කරල ඈ..
    එදාට මං නම් වැඩ. ඒත් පරක්කුවෙලා හරි එන්නම් කෝ බයිලාවක් දෙකක් කියන්න.

    ආරාධනා කෙරුවට උඹ ඉන්දික අයියා
    එන්නම් මම අරගෙන හොඳ තෙලිදිය මීරා
    අරගෙන එන්නම් මම හොඳ තෙලිදිය මීරා
    බයිල සාජ්ජෙට උඹගේ ඉන්දික අයියා

    ReplyDelete
    Replies
    1. අඩෝ තෙලිදිය මලයා - වරෙන්
      කියනට බයිලා
      උඹෙ මී රා කලයා - අරන්
      හනිකට දුවලා

      Delete
  29. අපිටත් ආසයි බ්ලොගයෙ බයිල කියන්න

    වාද බයිල සන්ග්‍රාමය නෑගලම යන්න

    ReplyDelete
    Replies
    1. අපිටත් ආසයි - බොලගෙ
      බයිල අහන්න
      ඇනෝල එන්න - බ්ලොගෙ
      බයිල කියන්න

      Delete
    2. එන්නට අවසර දුන්නට
      තුති දෙමි ඔබ හට
      සින්ග්ලිශ් කෙටුමට නැවතත්
      පතනෙමි අවසර...
      (මෙ අනො එන්නෙ ජන්ගම දුරකතනයෙනෙ- නිලූ)

      Delete
  30. තමුසෙට
    කරුමෙට
    ඔය කට
    ලැබුනට

    නන නන
    නන නන
    නන නන
    නන නන

    බයිලා ගමුද රී මික්ස් කරලා

    ReplyDelete
    Replies
    1. එන පොට
      හොඳ නැත
      විජ හට
      ගෙට පල

      අහ අහ
      චක චක
      බක බක
      ජහ ජහ

      මතකද රූකාන්ත ලයිව් ෂෝ වල අපේ පොතේ සිංදුවට දෙන ආතල් එක .… හැක්

      Delete
    2. ඉදගෙන බයිලා කියමු රී මික්ස් කරලා ....

      Delete
    3. හෙන්‍රි,


      මිටියට
      හිටයට
      හරියට
      සැරකට
      උඹහට
      නියමෙට
      හැකිය බයිල කියන්න

      ප/ම, උඹෙ ඔය අග පැහැදිලි කිරීම නොතිබ්බනං අග ටික අකොටු කොටු දාන්න වෙන සීන් එකක් වෙන්න තිබ්බ.

      Delete
  31. බයිලා කියලා නම් නෑ අප හට හුරුපුරුදු..
    බලල යන්න එන්නම් බයිලා කියනා අයුරු!

    ReplyDelete
    Replies
    1. කියනා උන් හට - පොඩී අප් එක දෙන්නට
      උඹල වගෙ උන් රට - වටී ඇවිත් දෙන හුවත් වට

      Delete
  32. අපිත් සෙට් වෙනෝ

    ReplyDelete
    Replies
    1. උපන්දා ඉඳන් - ඉඳගෙන
      ගහනව බයිලා
      බොරුනොදා වරෙන් - ඉඳගෙන
      කියන්න බයිලා

      Delete
  33. හෙට මාත් එන්නම ඕනේ මේ පැත්තෙ :)

    ReplyDelete
    Replies
    1. එන්න නෝනෙ එන්න. හෙට තම හෙට!

      Delete
  34. මෙතන බයිලා ටික කියවලා ඔලුව........කුරැන්ඤං
    වාදෙට ආවොත් කරකලා දුවන්න..........දෙන්ඤං
    ගේමක් ඉල්ලලා එනකන් දැන් මං..........යන්ඤං
    රිප්ලයි දුන්නොත් ආයෙත් දුවලා.............එන්ඤං

    ReplyDelete
  35. අම්මට සිරි කියන්නම්කො බයිලා .


    ජනිත්අරන්දර

    ReplyDelete
  36. බයිලානම් බැරිය අනේ
    අහන් ඉන්න හැකිය පනේ.

    ReplyDelete
    Replies
    1. නොවී අපට සාල වනේ
      තේ හදපන් ඔමරි පනේ

      Delete
  37. සිරිත් පරිදි සයිබරේට ආවේ යලිත් නොයමි පිට අනේ
    මමබයිලා කියනකොට ඇනෝ විරිත්තනව මට......
    මමබයිලා කියනකොට ඇනෝ විරිත්තනව මට......
    සිරිත් පරිදි සයිබරේට ආවේ යලිත් නොයමි පිට අනේ .....!!!

    ReplyDelete
  38. @gimhani...
    නොවී අපට සාල වනේ
    තේ හදපන් ඔමරි පනේ

    ReplyDelete
  39. උදේම ඇහැරිලා ආවේ ටොපිය බලන්න, කෝ යකෝ මේක?

    ReplyDelete
  40. ඉන්දික උපශාන්තයෝ වාද බයිල කෝ?
    වාද බයිල කෝ ඉන්දික උපශාන්තයෝ?
    වාද බයිල කෝ ඉන්දික උපශාන්තයෝ?
    ඉන්දික උපශාන්තයෝ වාද බයිල කෝ?

    ReplyDelete
    Replies
    1. See the post again bro. It wil start from 10,30

      IU.

      Delete
  41. වාද බයිලා අවසානයි
    චෙරියෝ චෙරියෝ ......හික්ස්

    කෝ බන් තවම පටන්ගෙනත් නැ .....මම අවසන් එකත් කිවා ....

    ReplyDelete
  42. ගලක් උඞින් මලක් තියලා ගලමල කියපන්
    උබේ නංගි මට දිලා මස්සිනේ කියපන්

    ReplyDelete
  43. බයිලා ගහනවාය කියපු ඉන්දික මල්ලි
    කෝ බං උඹ තාම නෑ නේ අයියෝ සල්ලි..
    කෝ බං උඹ තාම නෑ නේ අයියෝ සල්ලි..
    බයිලා ගහනවාය කියපු ඉන්දික මල්ලි

    ReplyDelete
    Replies
    1. බයිල ගහන්නේ මල්ලී අපි ටෙන් තර්ටී
      අය්‍යො අපි ටෙන් තර්ටී
      මූලාසනේ මහ ලොක්කෝ හිටහන් වේලී
      අය්‍යො හිටහන් වේලී

      Delete
  44. කියන්න ආවේ උදෙන්ම බයිලා
    කියන්නේ කොහොමැයි මෙයා කඩේ වහලා
    කියන්නේ කොහොමැයි මෙයා කඩේ වහලා
    කියන්න ආවේ අපි උදෙන්ම බයිලා.

    ReplyDelete
  45. ko baila sajje?
    api me udema nidi endenma duwan awa :-)

    ReplyDelete
  46. ටැන් තර්ටිලු ශෝ එක අනෙ බලං ඉන්න බෑ
    රටකජු ගොට්ටක් අරගෙන මම එන්නං ඈ

    ReplyDelete
    Replies
    1. ටැන් තර්ටිත් පහුවෙලා දැන්
      ඒත් බයිලා මෙතන නෑ.
      පහුවෙලා දැන් ටෙන් ටර්ටිත්
      බයිල මෙතන නෑ

      Delete
  47. මූ හොඳටම ගහලා
    තාමත් බුදි වගෙ කමලා
    උඹලා 11 බලලා
    මෙතනම පටන් ගනිල්ලා
    උඹලා 11 බලලා
    මෙතනම පටන් ගනිල්ලා
    මූ හොඳටම ගහලා
    තාමත් නිදි වගෙ විමලා...

    ReplyDelete
    Replies
    1. @ මාතලන් සහබ්,

      බයිල කියන්නට
      උදේම එන්නකො දහයට
      කියපු උන්දැ තාම නිදිලු
      කහ කහ උගෙ ඇx

      ප:ලි (ගැනීමක් නොවේ):- තාලය රැකගැනීම පිනිස ගෞරවාර්ථයන් තාවකාලිකව ඉවත් කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  48. රීමික්ස් කරපුව ඔට්ට්ටුය?

    ReplyDelete
  49. නින්ද ගිහින් ඉන්න කලට
    සරම අරන් බෙල්ල ලඟට
    බාල්දියෙන් ගහල වතුර
    කුද්ද ගනිල්ලා
    තරිකිට කුද්ද ගනිල්ලා

    ReplyDelete
  50. තියෙයි කිව්වට ඔහෙලා
    තරමට පදමට බයිලා
    පැනගෙන ආව අහන්න
    තරගෙට බයිලා
    පැනගෙන ආව අහන්න
    තරගෙට බයිලා
    තියෙනව කිව්වට තරමට
    පදමට ඔතල

    ReplyDelete
  51. බයිල කියන්නට ආවත් කල් යල් බලලා
    තෙලිදිය මීරා කල ටික කර උඩ තියලා
    මාස්ටර්ගෙ සර්පිනාව මීයො හපාලා
    වත්දෝ ආවත් කියන්න බයිල ගොතාලා

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails