Monday, October 20, 2014

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ... His Master Jobs..!



ඔබේ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය කවුද?

කේමදාස මාස්ටර්ද, අමරදේව මාස්ටර්ද? සමහරවිට රෝහණ වීරසිංහ වෙන්නත් බැරි නෑ. හැබැයි මට විස්වාසයි, මේ කියවන අති බහුතරයක් දෙනාගෙ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය මේ කථා නායකය නොවෙන බව!

පිළිම නෙළු, බලෙන් නෙලා ගන්නා විරුවන් අතරෙ ඔහු නිහඬ මහා පිළිමයක්. ඒ අපිට අමතක වෙලා ගිය, නැතිනම් නොතකා හැරුනු. එහෙත් එහි වගකීම ඔබ හෝ මගේ පමණක් නොව ඔහුගේත්. මන්ද ඔහු එතරම්ම සරළ, සම්මාණ බහුමාණ පිළිකෙව් කරන්නෙක් වන නිසා.

තම අපිස් දිවියේ ලද දෙයින්, සතුටෙන් සරළව ජීවිතය දිය කරගෙන යන මේ කුඩා, වචනයේ පරිස්මාතාර්ථයෙන්ම අහිංසක අපුරූ මිනිසා තම සංගීත චාරිකාව ආරම්භ කරන්නෙ බටනලාවකින්.

පාසැල් මිතුරෙකුගෙ බටනළා වාදනය දැකීමෙන් ඇතිවන ඇල්ම, ඒ ආසාවට ඔහුත් බටනළාව වයන්න උත්සාහ කරනව. මේ උත්සාහය අගය කල පාසැලේ සංගීත ගුරුතුමා, ඔහුට බටනළා වාදනය උගන්වනව.

පසු කලෙක තමන්ට ලැබිල තිබ්බ පාසැල් ශිශ්‍යත්වය අහිමි වීම නිසා කැලේ ලී ඉරන්න යන මේ ගැටය, තමන්ගෙ බටනළා වාදනය අමතක කරන්නෙ නෑ. අහම්බෙන් දකින ගුවන්විදුලි අනියම් වාදක තනතුරට බටනලා වයන්න අයදුම් කරන්න ඔහු කොළඹ එනව.

දක්ෂ ලෙස තම වාදනය ගුවන්විදුලි වාදක මණ්ඩල තේරීම් කමිටුව ඉදිරියෙ වාදනය කරත්, ඔහුව තේරෙන්නෙ නෑ. හේතුව, ඔහු වාදනයකරන්නෙ හඬට, එහෙම නැතිනම් ඉයර් එකට මිස ස්වර ප්‍රස්ථාර අනුව නොවීම.

තම පාසැල් ගුරුතුමාගෙන් අසාවට ඉගෙන ගත් ශිල්පය සම්පූර්ණ නොකිරීම වගේම කිසිම සංගීත ගුරුකුළයකට නැති වීම, සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනයක් නැති කම නිසා මේ තරුණ වාදකය ගුවන් විදුලියෙන් ඉවතට විසිවෙනව.

කොළඹින් ඉතාම දුර බැහැර, අලි කොටි ගැවසුන කැලේ ගමෙන් ආ තරුණය මේ අවනඩුව කියන්නෙ හෙළයෙ මහා සංගීතඥ අමරදේවයන්ට.

වඩුවෙකුගෙ පුතෙක් වූ, ශිශ්‍යත්වයක් නිසා සංගීතඥයෙක් වුනු අමරදේවයන් මේ තරුණයගෙ හැකියාව හඳුනගෙන, ඔහුව අගය කරල බඳවගන්න නිර්දේශ කරනව. ඒත් එක්කම අපේ කථා නායකයට හමුවෙනව තමන්ගෙ ඈත ගමේ පාසැලේ කලක් ඉතිහාස ගුරුවරයෙක් වෙච්චි සිනාමාකරු වසන්ත ඔබේසේකරයන්ව.

වෙච්චි අවනඩුව අහන ඔබේසේකරයන් මේ තරුණයව ගන්න කියල රෙකමදාරුවක් දෙනව ගුවන් විදුලි පාළනයට.

එදා අනියම් වාදක රැකියාවෙන් ඇරඹෙන ගමණ,  ඔහුව තම ස්වොත්සාහය සහ ජන්ම හැකියාව මගින් ඉතාම විශිශ්ඨ සංගීතඥයෙක් තත්වයට ගෙනෙනව.

අද ඔබත් මමත් අතිශයින් ප්‍රිය කරන ගී විශාල සංක්‍යාවක් සඳහා තනු හදා දුන් මේ අපූරු මිනිසා, පාසලෙන් මතු කිසිම සංගීත අධ්‍යාපනයක් නොලද්දකු බව ඔබ පිළිගනියිද?

එහෙත් යථාර්ථය එයයි.

ඔහුට වඩා සංගීතය හැදෑරූ ප්‍රබුද්ධයන් ගයන, මේ සොඳුරු මිනිසා සංගීතවත් කල, ඔබ අප අතර නිතර රැව්දෙන ගී කිහිපයක් මම කිව්වොත් සමහරවිට ඔබ ඔහු හඳුනා ගනීවි, නැතහොත් මේ ඔහුගේ "වැඩදැයි" සිතා පුදුමයට පත් වේවි.


හෙළයේ මහා ගායක අමරදේවයන් ගයන,
සඳ තරු නිහඬයි..
මුළු ළොව නිසලයි..
සිතුවිලි විතරක් අවදිවෙලා...


සුනිලුන්ගෙ,

මිනිසෙකු පිට නැගි අසරුවෙකී...
මිනිසෙකු පිට නැගි අසරුවෙකී...
සියල්ල ඉදිරී ගරා වැටුන දා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම..
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ.....
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ..

සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන,
එක යායට මල් පීදුනු බිම් තීරේ..
වාසනා වේවා...වාසනා වේවා...

නන්දා මාලිනිය ගයන,

මධුර ප්‍රෙම කල්පනා..
ඔබයි රම්‍ය සඳ කිරණ..
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ..

විශාරද ගුණදාස කපුගේ ගයන,

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ..
කවුරුත් එන්නැති කවුරුත් දැන්නැති මල්පෙති හිරුණු මල් පාරේ..

කරුණාරත්න දිවුල්ගනේ ගයන,


මාල ගිරවියේ...මාල ගිරවියේ...

ටී එම් ජයරත්න ගයන,

රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්..
මේ පුංචි රටේ.

ක්‍රිෂාන්ත එරන්දක ගයන,


වී පැදුරෙන් ඉගිලී යන..

රොහාන් ශාන්ත බුලේගොඩ ගයන,

සඳක් නම් බැසයන්න තිබුනා..

ජානක වික්‍රමසිංහ ගයන,


කිරුළ මුතු ලිහී..

බන්ඩාර අතාවුද/නිරංජලා සරෝජනී ගයන,

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ..

මාලනී බුලත්සිංහල ගයන,

රජ මැදුරක ඉපදී සිටියානම්...
මා එක්කලා අමනාප වී දබර..
වසන් කරන්නට බෑ මගෙ සිත අද...

ඒ ඔහුගෙ නිර්මාණ ගඟුලෙන්, අප නිතර අසන, ඇසෙන සහ ප්‍රිය කරන ගී කිහිපයක් පමණි.

තමන්ට හොඳම චිත්‍රපට පසුබ්ම් සංගීතයට ලද ජනාධිපති සම්මානය සහ හොඳම චිත්‍රපට පසුබිම් ගීයට ලද ජනාධිපති සම්මාණය, ඒ වසරේ වඩා උසස් නිර්මාණයක් කර තිබෙන වෙනත් සංගීතඥයෙකුට වඩා හිමිකක් ඇතැයි කියා ප්‍රතික්ෂේප කල මේ උතුම් මිනිසා ගැන, ලාල් ආනන්ද අබේධීරයන් අපූරු කතාවක් කියනව.

"සොෆොක්ලීස් වෙන්න තිබුනු ඒත් එහෙම නොවුනු කෙනෙක් හිටිය ඒ යුරිපිඩීස්, ෂේක්ස්පියර් වෙන්න තිබුනු ඒත් එහෙම නොවුනු කෙනෙක් හිටිය ඒ ක්‍රිස්ටෝපර් මාව්ලෝ, කාළිදාස ගාවට එහෙම වෙන්න පුලුවන් නුමුත් උනේ නැති කෙනෙක් හිටය ඒ භාරවී, වගේම ලංකාවෙ කේමදාස වෙන්න තිබුන එහෙම නොවුන කෙනා තමයි එච් එම් ජයවර්ධන"

සියඹලාන්ඩුවේ සිට පස්සර මහා විද්‍යාලය හරහා ගුවණ්විදුලියට ආ එච්. එම්, ඔබ වෙනුවෙන් මෙරටේ පාරවල් නම් නොකෙරුනාට, ඔබ නමට ආචාර්‍ය උපාධි පිරිනොනැමුනාට, ඔබ මැවූ ඒ සොඳුරු ගී, සදා අප තුල ජීවත්වේවි!


එච්එම්ගේ අනාගත අපේක්ෂාව මොකක්ද?

මොකවත්ම නැහැ. මම ඉන්නේ කුලීගේක. දහඅට දාහක් කුලිය. වීරවංස ඇමතිතුමාගෙන් ගෙයක් ඉල්ලූවා. එයා කහතුඩුවෙන් ගෙයක් දුන්නා. ලක්ෂ 49කට. ලක්ෂ 7ක් මුලින් ගෙවන්න ඕනෑ. මට කොයින්ද ඕවට සල්ලි. ලක්ෂ 30ක් විතර මට තිබුණා නම් දැන් ඉන්න අවටින් පොඩි ගේ කෑල්ලක් ගන්නවනේ. මේ ළ`ගදි රියැලිටි එකකින් ගෑනු ළමයෙක් දිනුවානේ. ඇයට කෝටි 2 1/2ක ගෙයක් ලැබුණානේ. කමක් නැහැ. ඒත් බලන්නකෝ මේ ළමයා කියපු ගීය ලිව්වේ මොකාද? මියුසික් කළේ මොකාද? කියලා නමවත් සඳහන් කළේ නැහැනේ. අඩුම ගානේ ඒවා ලියපු හදපු එවුන්ටවත් කීයක් හරි ගෙවන්න එපායැ. ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක්නේ ඕක. කමක් නෑ. හැබැයි මේවායේ මුල් කර්තෘගේ නමක්වත් කියන්නේ නැති එක ගෝඨාභයටවත් කාටවත් පේන්නේ නැහැනේ. මේ නාලිකා සේරම අද දුවන්නේ ගීත රචකයෝ ගායකයෝ හා සංගීතඥයෝ නිසයි. අඩුම වශයෙන් උන්ට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ කර්තෘ භාගයක් ගෙවන්න ඕනෑ. නන්දලා, සෝමතිලක ජයමහලා මට එහෙම කර්තෘභාග කියලා චෙක් එකක් දීලා යන දවස් තියෙනවා. තව සමහර එවුන් ඉන්නවා අපි දන්නෙත් නැහැ අපේ සිංදු විකුණලා ඩයලොග්ලගේ රි`ගින්ස් ටෝන්වලට. ඒ වගේ අසාධාරණකම්වලටයි අපි මුහුණ දෙන්නේ. 
එච්එම්ගේ අනාගත අපේක්ෂාව මොකක්ද?
මොකවත්ම නැහැ. මම ඉන්නේ කුලීගේක. දහඅට දාහක් කුලිය. වීරවංස ඇමතිතුමාගෙන් ගෙයක් ඉල්ලූවා. එයා කහතුඩුවෙන් ගෙයක් දුන්නා. ලක්ෂ 49කට. ලක්ෂ 7ක් මුලින් ගෙවන්න ඕනෑ. මට කොයින්ද ඕවට සල්ලි. ලක්ෂ 30ක් විතර මට තිබුණා නම් දැන් ඉන්න අවටින් පොඩි ගේ කෑල්ලක් ගන්නවනේ. මේ ළ`ගදි රියැලිටි එකකින් ගෑනු ළමයෙක් දිනුවානේ. ඇයට කෝටි 2 1/2ක ගෙයක් ලැබුණානේ. කමක් නැහැ. ඒත් බලන්නකෝ මේ ළමයා කියපු ගීය ලිව්වේ මොකාද? මියුසික් කළේ මොකාද? කියලා නමවත් සඳහන් කළේ නැහැනේ. අඩුම ගානේ ඒවා ලියපු හදපු එවුන්ටවත් කීයක් හරි ගෙවන්න එපායැ. ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක්නේ ඕක. කමක් නෑ. හැබැයි මේවායේ මුල් කර්තෘගේ නමක්වත් කියන්නේ නැති එක ගෝඨාභයටවත් කාටවත් පේන්නේ නැහැනේ. මේ නාලිකා සේරම අද දුවන්නේ ගීත රචකයෝ ගායකයෝ හා සංගීතඥයෝ නිසයි. අඩුම වශයෙන් උන්ට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ කර්තෘ භාගයක් ගෙවන්න ඕනෑ. නන්දලා, සෝමතිලක ජයමහලා මට එහෙම කර්තෘභාග කියලා චෙක් එකක් දීලා යන දවස් තියෙනවා. තව සමහර එවුන් ඉන්නවා අපි දන්නෙත් නැහැ අපේ සිංදු විකුණලා ඩයලොග්ලගේ රි`ගින්ස් ටෝන්වලට. ඒ වගේ අසාධාරණකම්වලටයි අපි මුහුණ දෙන්නේ. 
- See more at: http://ravaya.lk/?p=3857#sthash.SEjACTyO.dpuf

73 comments:

  1. අනේ මචං හැම තැනම ඔහොම තමා , ලොකු සින් දානව නෙමෙයි අටමත් එක ගේමක් ගැහුවා ඒක ෆීල්ඩ් එකක , මෙෂින් එක හදපු ජර්මනියෙනුත් බැ කියුවා කියල තමයි කියුවේ ඒ කාලේ හිටපු ලොක්කෝ , හම්බුන පකක් නං නැ , අදටත් ඒ ක්‍රම වේදය එතන පාවිච්වි කරනවලු , වැඩිය කතා ඕන නැ , මොකටද නිකන් මැෂින් බිජ්ජගේ නයෙක් කියල අහගන්නේ ,

    සාර්ථක මිනිස්සු බිහිවෙන්නේ දක්ෂතාවය , දැනුම , ලැබෙන අවස්ථා හින්දම නෙමෙයි ඉන්දික , ඒකට බලපාන පළවෙනි සාධකය පෙරකල කුසල කර්ම , එච් එම් ට අද ඔතන ලැබෙන්නෙත් කසුන්ට පාර කැපිලත් අද ඔතන ඉන්නෙත් ඒ හන්දා , එම් ජී අද ඔතන ඉන්නෙත් ඒ හන්දා ,

    මට මං ගැනත් දුකයි යකෝ

    සුදුස්සට වටිනාකම ලැබෙන දවසක් එනකං ඇගිලි ගනිමු ,

    ගේම ගහන එකාට මොන ලබ්බ ලැබුන් නැතත් ඌ ගේම ගහනව මොකද ඌට තියන ලොකුම සතුට ගේම ගහන එක හන්දා , වටිනකමක් ලැබුනොත් ඒකට පොර පට්ට හැපි , හැබැයි මොකුත් නොලැබුනත් ඌට හැපියක් තියනව , එ තමයි ගේම ගහපු හැපිය , 

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි රංජනි මම අද ඒක

      මොනවද සර් අද තෑග්ගට දෙන්නේ

      නයක් හරි කමක් නැ පොලු නැතුව ගෙවන්නං

      Delete
    2. අටම, උඹ ගැන අපිටත් දුකයි. ඒ එක්කම උඹ කිව්ව වගේ මිනිහෙකුට හරියන්න උත්සාහය වගේම වාසනාවත් තියෙන්න ඕන තමා.

      උත්සාහය, නුවණ තීනවනං ගොඩ යන්න පුලුවන් කිව්වට, නුවණ පිහිටන්නෙ වාසනාව ඇති එකාට මිස නැති එකාට නෙමෙයි. හැබැයි කළාතුරකින් උත්සාවන්තය දෛවය පරාද කරන වෙලාවල් තියෙනව. ඒ මගේ අත්දැකීම.

      උඹ මේ කමෙන්ට් විස්සක් තිහක් වැටෙන මැස්සො වැඩිය ඉන්න බ්ලොගෙක එක උනාට දෙන්න දෙයක් නෑ බං.

      Delete
  2. උඹෙන් මේ ට්‍රැක් එකේ හොඳ ලිපි කීපයක්ම කියවන්ට හම්බවුනා.

    // එහෙත් එහි වගකීම ඔබ හෝ මගේ පමණක් නොව ඔහුගේත් //

    ඔන්න ඔතැනයි වැරැද්ද තියෙන්නෙ. marketing & management නැතිකම. හැකියාව තිබ්බට විතරක් මදි, තමන්ව market කරගන්ට, opportunities manage කරගන්ට, තමන්ගෙ හැකියාව evaluate කරලා ඒකට නියමිත වටිනාකමක් ලබාගන්ටත් හැකියාවක් තියෙන්ට ඕන. නැත්තං ඉතිං සදා දුකේ තමා.

    පලි: උඹ මේ පිටිං දාලා ඔෆිස් එකේ රෑ වෙනකං ඉන්ට පොටක් පාද ගත්තනේ. තනියම ඉන්ට කම්මැලියි කම්මැලියි වගේ නං පෘෆ් රීඩින්වලට ඔය තව කාවහරි තියාගනිං. අපි ඉතිං ඕවා සුප්පාදේවිට කියන්ට යන්නෙ නෑ. :-P

    ReplyDelete
    Replies
    1. සිතුවිලි විතරක් අවදි වෙලා කියල ශේප් වෙලා කේසරධාරියා!

      Delete
    2. බුරා......සංවේදී කලා නිර්මාණවල යෙදෙන්නයි...ඒවා බිස්නස් කරන්නයි එක් යුගයක මිනිසුන්ට තෙරුමක් හැකියාවක් තිබුනේ නැහැනේ. ඒක ඒ මිනිහගේ වැරැද්ද කියලා කියන එක හරිද.. අද වුනත් මම හිතනවා නිර්මාන කරුවාට ව්‍යාපාරිකයෙක් වෙන්න වුනොත් එයාගෙන් යමක් සිද්ධවෙන එකක් නැහැ කියලා.

      Delete
    3. මනුස්සයාගෙ වැරැද්දක් කියනවා නෙවෙයි අරූ. ඒත් එයා සරල, අල්පේච්ඡ ජීවිතයට කැමැති මනුස්සයානං, ජීවත් වුනෙත් ඒ වගේ නං, දැන් අර වගේ ගෙවල් නැති කතා කියන එක වැරැදියි නේ.

      ඇත්ත, නිර්මානකරුවා ව්‍යාපාරියෙක් වෙන්ට ඕන නෑ. ඒත් එයාට පුළුවන් තමාව මැනේජ් කරලා, මාර්කටින් කරලා, තමන්ගෙ හැකියාව නියමිත ආකාරයට ඵලදායී විදියට යොදවන මැනේජර් කෙනෙක් පාවිච්චි කරන්ට. මේක නෙවෙයිද බටහිර (ඉන්දියාවෙ පවා මම හිතන විදියට) වෙන්නෙ? කලාකරුවා නිර්මාණ බිහිකරනවා, එයාගෙ මැනේජර් ඒවා මාර්කට් කරනවා. මේක වින්-වින් සිටුවේෂන් එකක්. කලාකරුවාට තමන්ගෙ නිර්මානකරණයට අවශ්‍ය නිදහස ලැබෙනවා. ඒ වගේම ඒ නිර්මානවලට නිවැරැදි වටිනාකමක් ලැබෙනවා. එහෙම වුනානං නාකි වුනාට පස්සෙ අර වගේ දුක්ගැනැවිලි කියන්ට අවශ්‍ය වෙන්නෙ නෑ.

      Delete
    4. බුරා කියන දේට මාත් එකඟයි... ෆ්‍රෙඩීලා ආප්ප කඩ දාගෙන.. ලතාලා ජූස් කඩ දාගෙන.. හිටිය රටක් මේක... ඒවට මිනිස්සුන්ටවත් රජයකටවත් දොස් කියලා හරියන්නේ නැහැ... ප්‍රේමදාස ගෙවල් නිකං දුන්නා කලාකාරයින්ට.. සිංහල වෙදමහත්තුරුන්ට ගම් පිටින් හදලා දුන්නා... එහෙම වෙලත් ඒ මිනිස්සු ඒ ගෙවල් විකුණං කෑවා.. එහෙම රටක මොන මගුලක් කරන්නද... මේ මනුස්සයා කරලා තියෙන නිර්මාණ බොහෝම වටිනා ඒවා වෙන්න පුළුවන්.. ඒත් නිර්මාණකරණයට විතරක්ම යොමු වෙලා අනිකුත් දේ මග හැරගැනීමේ වරදත් ඒ ඒ අයගේ අතේම තමා තියෙන්නේ... වීරවංශ නිකං ගෙයක් දෙයි කියලා හිතං ගෙයක් ඉල්ලුවනං එතනම ලොකු වරදක් තියෙනවා කියලයි මටනං හිතෙන්නේ... ගෙවල් කතාව පැත්තක තියමු... බුද්ධිමය දේපල පනත ගැන කතා කලොත් ඒ සම්බන්දව වික්ටර් රත්නායක වගේ කිහිප දෙනෙක් එකතු වෙලා සෑහෙන සටනක් ගෙනිච්චා කියලා මං දන්නවා.. එහෙම දේකට මේ වගේ අය උදව් කලා කියලවත් මටනං ඇහිලා නැහැ.. වික්ටර්ලා ඇන්ජලීන්ලා මිනිස්සුන්ගෙන් බැනුං අහනවා තමන්ගේ අයිතිය වෙනුවෙන් කතා කලා කියලා... සමහරුන්ට අනුව ඒ මිනිස්සු හෙන කුහකයෝ... ඇන්ජලීන්ට මේ ලගදිත් අපේ බ්ලොග් එහෙක සෑහෙන්න වග පල කියලා තිබුනා මං දැක්කා නවක අයට ගීත එයාගේ ගීත ගයන්න දෙන්නේ නැහැද කොහේද කියලා... එක පැත්තකින් තමන්ගේ නිර්මාණවල අයිතිය ගැන සටන් කරන මිනිස්සු කුහකයෝ කරන ගමන්.. අනිත් පැත්තෙන් සටනක් තියෙද්දි ඒවට සම්බන්ධ නොවී බුදියගෙන හිටලා පස්සේ තමන්ගේ පංගුව ගැන විතරක් අඩන මිනිස්සු සුන්දර චරිත කරවන හැටි තමා ලස්සනම දේ... මේක මේ මේ මනුස්සයා අල්ලලා කියන දෙයක් නෙවෙයි... මේක තමා අපේ රටේ කලා කාරයින්ගේ සුන්දරත්වය :D රෙද්ද...

      _______________
      ඉන්දිකට...
      කලින් කමෙන්ටුවේ සුළු අඩුවක් තිබුන නිසා මැකුවා.. එය ඉවත් කර දමන්න..

      Delete
    5. ඇන්ජලීන් ගුණතිලකයි සුජාතා අත්තනායකවයි කක්කුස්සිවත්තේ බට්ටිගෙ ගානට දාලා කමෙන් කරලා තමන්ම තිබ්බා වැදගත් කියන, තමන්ගෙ ෆොටෝස් කොහෙවත් දාන්න එපා කියල හැබැ මූන හන්ගන, මතවාදීව ගැටෙන්න බැරි වුනහම පැනල යන, තමන්ගෙ බ්ලොග් එකේ වීරයෙක්

      Delete
    6. ඔව් මාතලන් අදත් ඒ මතයේ ඉන්නවා. ළෝකයේ කළාකරුවන් හා කළාව නොදන්න ගොං ළි මැඩි මානසිකත්වයක ඉන්න රසිකයන්ට එයාලා ළොකු උනාට. අදත් මට ඒ අය කුහකයෝ.. එයාලා එක පාරට බුදු උන අය වෙන්න ඇති. ඇනෝ එන්න එපා නමින් එන්න. ඒවා මේ මාරයා කියන විදියට තමන්ගේ දේ වෙනුවෙන් පෙනි සිටීම නෙමෙයි අම්බ කුහක කම. වික්ටර් ඇන්ජලීන් සුජාත් කියන්නේ අමු කුහකයෝ කළා ළෝකයේ ඉන්න එන මිනිස්සුන්ගෙන් අහන්න. නවකයන්ගෙන් අහන්න. අළුත් දේට අළුත් පරම්පරාවකට බය කොන්ද පන නැති කළා කාරයෝ. වෙන රටවල ආධුනික ගී තරඟවල ප්‍රවීනඕ එකට ඔවුන්ගේ ගීය ගායනා කරනවා. නැගිටලා අප්පුඩි ගහනවා, වැළඳගන්නවා, අවංකව සතුටු වෙනවා. ඒකට මෙහේ නාඩු දාල ගරහලා හිරේ දාලා මදිවට වන්දියකුත් ගන්න තමයි බලන්නේ. උන්ට කුහකයෝ නෙමෙයි කියන්න ඕන වෙන නමක්, ඒත් ඔවුන්ගේ නිර්මාණත් අපි ර්සවිඳින නිසා අපිට ඔවුන්ගේ මට්ටමට වැටෙන්න බෑ.

      උන් වගේම කුහක රසිකයෝ සෙට් එකකුත් ඔවුන් වෙනුවෙන් එක පෙලට සිටගෙන ඉන්නවා. උන් ඇවිල්ලා නොම්මර එකේ ඉරිසියාකාරයෝ, ගොබ්බ ළිං මැඩියෝ. වික්ටර් රත්නායක මුලින්ම කියන්න ඇත්තේ වික්ටර් රත්නායකගේ ගීතයක් වෙන්න ඇති.

      Delete
    7. බුරා, ගෑනු දෙන්නෙකුට සහයෝගෙන් එක ගෙදරක ඉන්න බෑ. ඒ හින්ද මම ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නං මගේ ස්ථාවරය ගැන.

      ( හරි හරි, අනෙක් කමෙන්ට් වලට පිළිතුරු 6න් පසු, OT වෙලාවෙ :P )

      Delete
    8. @ බුරා සහ මාරයා........මම උඹලාගේ අදහස් කියෙව්වා සහ නිවැරදිව වටහාගත්තා. නමුත් ඒ කාලයේදී ඔය කළාකරුවන්ට මාකට් වීම. මැනේජ් වීම කියන සංකල්ප පිලිබඳ වැටහීමක් තිබුනේ නැහැනේ බං, ඒකයි මම කියන්නේ. එහෙමත් කෙනෙක් තමයි බේරුනේ. එහෙම නැත්නම් වන්දිභට්ට සේවයක් කරන්න ඕන. උදාහරන කියන්න වැඩක් නැහැනේ. දැන් දෙවන පරම්පරාව ඒ මොඩියුල් එකේ ඉන්නවා. එච් එම් ගෙන්ම උදාහරනයක් ගත්තොත් කසුන්. මර්වින් පෙරේරාගෙන් උදා ගත්තොත් අමල්. උඹලාගේ තියරි එක හරි. නමුත් එදා එහෙම භාවිතාවක් තිබුනේ නැහැ. ඒක දැන් උගන්නන්න බැහැනේ. පෘථග්ජන මිනිස්සුනේ බං. මට උඹලා කියන දේට බොහෝ දුරට එකඟ වෙනවා. එතැන තර්කයක් නැහැ හරිය.

      Delete
    9. //එච් එම් ගෙන්ම උදාහරනයක් ගත්තොත් කසුන්.//
      එක වතාවක් පුවත් පතකින් කසුන්ගෙන් අහලා තිබ්බා නිර්මාණයක් කරන්න විශාල මුදලක් අය කරන්නේ ඇයි කියලා.කසුන් කියා තිබ්බේ තමන් කරන දේ හරියට කරනවා.ඒ නිසා තමයි එවැනි මිලක් ලබන්නේ කියලා.කසුන්ගේ නිර්මණ දිහා බැලුවාම එකේ ඇත්තක් තියෙනවා කියලා දැනෙනවා.ඒ තරම් කසුන්ගේ නිර්මාණ අනගියි.

      Delete
    10. ඔතන කාලයෙ වෙනස බලපානව අරු අයියෙ.දැන් බලන්න ක්‍රිකට් ගහන වුන්.එ කියන්නෙ මෙහෙම වෙනකන්ද බලන් ඉන්නෙ.කියන්න එපැයිඉස්සර ඔච්චර සල්ලි ලැබුනෙ නැනේ.අරවින්දලගෙ කාලෙ අයට හම්බකරන්නනම් ඇඩ් එකකට ඉන්න වෙනව.නමුත් දැන් එක ප්ලෙයර් කෙනෙක් මාසයක් ලෙග් එකක් ගහල අරයල මුලු ජිවිත කාලෙම හෙවුවට වඩා ගානක් හොයනව.එක දැන් ක්‍රිකට් ගහන අයගෙ වරදක් නෙමෙයිනෙ.එක කාලයෙ වෙනස.මෙ අයටත් එදා මුදල් හොයන්න තිබුන මාර්ග සිමිතයි අදත් එක්ක.සමහරවිට අනාගතෙ අය මිටවඩා හොදින් කරයි මුදල් හම්බකරන එක.

      Delete
    11. මේ ඒ කාලයේ වැරැද්දක්ය කියලාම කියන්ටමත් බැහැ ‍නේද අරූ/ දමිත්,

      එච් එම් ගෙ සමකාලීනයො ඉන්නවා හොඳ ආර්ථික ශක්තියක් ඇතුව ජීවත්වෙන. ඇත්ත එයාලා කෝටිපති‍යො නෙවෙයි තමා. ඒත් තමන්ට ලැබුනු මුදල් නියමාකාරයෙන් කලමනාකරණය කරලා, ගෙයක් දොරක් හදාගෙන, ළමයින්ට උගන්නලා, සමාජයේ ඔළුව කෙලින් උස්සගෙන ඉන්ට හැකියාවක් ඇති කරගෙන තියෙනවා. ඒක personal management පිළිබඳ ප්‍රශ්නයක්.

      අර පහළින් ‍ලොකුපුතා බො‍හොම පැහැදිළිව කියලා තියෙනවා ඒක. සංගීතය තමන්ගෙ ජීවනෝපාය විදියට තෝරගන්නවානං එයාලා දැනගන්ට ඕන ඒකෙන් ආදායම් උපයන්නෙ කොහොමද, ඒවා කලමනාකරණය කරගන්නෙ කොහොමද කියන එකත්. අර ඉස්සර කාලෙ වගේ සංගීතඥයා නිර්මානයක් කලාට පස්සෙ රටේ රජ්ජුරුවො සන්තෝස වෙලා 'දහසින් බැඳි පියලි', 'නින්දගම්' ප්‍රදානය කරයි කියලා බලන් ඉන්නවානං ඒක අලි ගොංකමක්. ඒ කාලෙ පහුකරලා ලෝකෙ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා.

      Delete
    12. /////////අර ඉස්සර කාලෙ වගේ සංගීතඥයා නිර්මානයක් කලාට පස්සෙ රටේ රජ්ජුරුවො සන්තෝස වෙලා 'දහසින් බැඳි පියලි', 'නින්දගම්' ප්‍රදානය කරයි කියලා බලන් ඉන්නවානං ඒක අලි ගොංකමක්. ඒ කාලෙ පහුකරලා ලෝකෙ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා.//////////////

      බුරා......ඔව්. මම එකඟවෙනවා මේ අදහසට.

      Delete
    13. බුරා,

      //උඹෙන් මේ ට්‍රැක් එකේ හොඳ ලිපි කීපයක්ම කියවන්ට හම්බවුනා./

      හෙහ් හෙහ්..උඹලගෙන් හොඳයි කියල කියවෙන ලිපි ලිව්ව කියන එකත් සෑහෙන ජයක්, තැන්කිව් සහෝ!!

      ඔය උඹ කිව්ව විදියට සරස්වතියි ලක්ෂ්මියි දෙන්න එකට ඉන්නෙ නෑ බං. ගෑණු දෙන්නෙක්ට එක තැනක සමගියෙන් ඉන්න අමාරුයි ( බටහිර කතා කියන්නෙපා, ඒ දේව සීන් එහෙට වළංගූ නෑනෙ ).

      ඔය කළාකාරයො සහ සල්ලි ගැන මට තියෙනව මාර පුද්ගලික අත්දැකීමක්, වෙලාවක ඒක ලියන්නං. මම හිතන්නෙ ගෙයි කතාව අපි ගත්තෙ වැරදියට කියල.

      විමළෙ ලක්ෂ 49 ගෙයක් 7 දිල්ල ඉතුරුව ගෙවන්න ගන්න නොකිය, මාසෙට 10/15 වගේ ගානෙ ගෙවන්න, ඩවුන් පේමන්ට් නැතුව දුන්නනං? ඇයි එහෙම කරන්න බැරි? අවුරුදු 5 පොළියකුත් එක්කම කපාගන්න පුලුවන්නෙ.

      උඹ කිව්ව නිසා මම ඔෆිස් එකේ මාළුකෑල්ලකට ඊයෙ හවස තියාගෙන සිංහළ ඉගැන්නුව, පෲෆ් බලන්න කලින් භාසාව දැනගෙන ඉන්න ඕනනෙ කියල. කොහෙද කටකෑවත් මුන් නෙමෙයිනෙ හරියට ඉගෙන ගන්නෙ. ආයි දවසක් දෙකක් පාඩම කරන්නම වෙනව වගේ.

      තිස්ස - නිදා සිටි චින්තනය අවධිකොලා, දැන් ඉතින් හතරවටේටම දෙන එක ඔබට බාරය්.

      අරූ, උඹ එක්ක සෑහෙන්න එකඟයි. නිර්මාණකරුව මුදළාලි උනහම එතන ඉන්න සරස්වතී පැනල යනව.

      මාරය,
      බුද්ධිමය දේපළ පනත වෙනුවෙන් යම් දෙයක් කරා වික්ටර් සහ මධුමාධව, සමන් සිල්ව වගේ අය. ඇන්ජලින් තමන්ගෙ සින්දු කියන්න නොදී හිටිය, එයාට ඒකට නීටියෙන් අයිතියක් නැති උනත් ( ගීයක අයිතිය තියෙන්නෙ ගායකයට නෙමෙයි - නමුත් ඇය කරන දේට මම එකඟයි ). එච් එම් වික්ටර්ලගෙ වැඩේට සහය උනාද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් මිනිහ කියනව වගේ, රජයේ ආයතනයක් කතෘභාග නොගෙව තමන්ගෙ සින්දු වලින් හම්බුකරවගෙන කනකොට, ඒ රජයෙන් ගෙයක් ඉල්ලන්න මිනිහට අයිතියක් තියෙනව සහ සාධාරණ සහ දැරිය හැකි වාරිකයකට ගෙයක් දෙන්න රජයට යුතුකමක් තියෙනව.

      ප්‍රේමෙගෙ ගෙවල් වික්කෙ ගත්තු උන් නෙමෙයි ගොඩක් වෙලාවට පසු පරපුර. ඒ නිසා ගෙවල් දෙන්න ඕන හිමිකම ආන්ඩුවට තියාගෙන, බුක්තිය විතරක, අර මුලිම්ම සොයිස ෆ්ලැට්ස් ගෙවල් දුන්න වගේ කේනමන් කාලෙ.

      මාතලන්, තමන්ගෙ සින්දු, නිර්මාණ කෙනෙක් ආධුනික තඟෙක මුල් වට වලදි කියන එක පිලිගන්න පුලුවන්. එත් කෝටි ගනන් තෑගි දෙන තරු තරඟවලටත්, පස්සෙ ඒ ජනප්‍රියතාවය පිට ලක්ෂගණන් අරන් නගින ස්ටේජ් වලටත් අර මිනිස්සුන්ගෙ සින්දු කියන එක සාධාරනීකරනය කරන්න බෑ මොන විදිහකටවත්. ශශිකා නිසංසලා ආවෙ තුරුණු ශක්ති වලින්. ඒ අවසාන වටවල තමන්ගෙ සින්දු කියල, එදා ඉඳන් අනුන්ගෙ ගීත නොකිය ඔය යසට ඉන්නෙ. ඇයි අනික් තරු තරඟ වලට ඒක කරන්න බැරි?

      /අර ඉස්සර කාලෙ වගේ සංගීතඥයා නිර්මානයක් කලාට පස්සෙ රටේ රජ්ජුරුවො සන්තෝස වෙලා 'දහසින් බැඳි පියලි', 'නින්දගම්' ප්‍රදානය කරයි කියලා බලන් ඉන්නවානං ඒක අලි ගොංකමක්. ඒ කාලෙ පහුකරලා ලෝකෙ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා./

      ඇත්ත. ඒ එක්කම දැන් ලෝකෙ වෙන්නෙ කළාකරුවන්ගෙ අයිතීන් සුරකින්න රජය මගින් නිසි යාන්ත්‍රණ හදල දෙන අණ පනත් ගෙනත් දෙන කාලෙ. අපේ පාලකයො ඒ ටික හරියට කරානම්, කොළඹ කඩ කඩ ගානෙ විකුණන හොර සීඩී, අනුන්ගෙ සින්දු රින්ග් ටෝන් දාල හොයන හොර දේ නැවැත්තුවනං, ප්‍රචාරයවෙන ගී වලට අඩුගානෙ ආන්ඩුවෙ චැනල් වලින්වත් ඒ මිනිස්සුන්ගෙ කොටහ ගෙව්වනං මේ මිනිස්සුන්ට හිඟා කන්න ඕනෙ නෑ නේද?

      Delete
    14. // කොහෙද කටකෑවත් මුන් නෙමෙයිනෙ හරියට ඉගෙන ගන්නෙ. ආයි දවසක් දෙකක් පාඩම කරන්නම වෙනව වගේ. //

      ඕකනෙ කියන්නෙ. පාඩම පැත්තක තියෙද්දි ඔක්කෝටම ඉස්සෙල්ලා කට කන්ට ගිහිල්ලා නෙවැ. ඉතිං කොහොමද වැඩේ වෙන්නෙ. :-P

      මචෝ, පුංචි කාලෙ අඬලා දොඩලා පොළොවෙ හැපිලා වැලපුනේ නැත්තං අපට බෝනික්කෙක්වත් හම්බ වෙනවද? ඒ ව‍ගේ තමා මේකත්. නිකංම යාන්ත්‍රණ හදන්ට ආණ්ඩුවට ඇ‍ඟේ පතේ අමාරු නෑ නෙ. එක එක්කෙනා තැන් තැන්වල කියව කියව ඉන්නෙ නැතුං කට්ටිය එකතුවෙලා අවශ්‍ය තැන්වලට බල කරන්ට ඕන. අපේ සංගීත ක්ෂේත්‍රයට ඉන්ඩස්ට්‍රි එකක් විදියට ඉස්සරහට යන්ට ඕනනං කට්ටියම එකතු වෙලා හරි අණපනත් පනවාගන්ට ඕන. බහුතරය එකට එකතුවෙනවානං අකැමැති සුළුතරයටත් ඒකට අනුගත වෙන්ට වෙනවා. අන්තිමේදී පාලන තන්ත්‍රයටත් ඒකට හිස නමන්ට වෙනවා. ඒත් ඉතිං අපේ කලාකාරයො කවද්ද බං එක්කහු වෙලා වැඩක් කලේ. එකාට එකා නෑ. කුහක කමයි, එක එකාගෙ පිට කසාගැනිල්ලයි, මඩ ගැහිල්ලයි විතරයි දන්නෙ.

      Delete
    15. //එක එක්කෙනා තැන් තැන්වල කියව කියව ඉන්නෙ නැතුං කට්ටිය එකතුවෙලා අවශ්‍ය තැන්වලට බල කරන්ට ඕන.//

      සම්පූර්ණයෙම්ම එකඟයි.

      //ඒත් ඉතිං අපේ කලාකාරයො කවද්ද බං එක්කහු වෙලා වැඩක් කලේ. එකාට එකා නෑ. කුහක කමයි, එක එකාගෙ පිට කසාගැනිල්ලයි, මඩ ගැහිල්ලයි විතරයි දන්නෙ.//

      උඹට පිස්සුද බං? ලංකාවෙ කළාකාරයො එහෙම කරනවද කවදාවත්. උන් තරං අනුන් වෙනුන්වෙන් වෙහෙසන එකමුතු සුන්දර පිරිසක් මේ තුන් ලෝකෙම නෑ. උඹ ඔයි කියන්නෙ එංගලන්තෙ ගැන වෙන්ටැ :P

      හැබැයි මෙහෙම දෙයක් තීනව. නීතියේ ආධිපත්‍ය සුරැකීම සහ සාධාරණත්වය කියන එක ඉහලිම්ම කපා හැරල තීන වටපිටාවක සහ නීති කඩන කඩේ යන උන් අගයන සංස්කෘතියක, ඒකට එරෙහි කළාකාරයො උනත් උදාසීන වෙනව වෙන්නත් පුලුවන්.

      දැන් උදාහරණයක් විදියට ආරක්ෂක අමාත්‍යාංශෙම තමන්ගෙ නිර්මාණ ගාන නොදී විකුණං කන වටපිටාවක, කාට පැමිණිලි කරන්නද කියල නිස්සද්දව ඉඳල, පත්තර කාරයෙක් ඉඳ හිටක දෙන ඉන්ටවීව් එහෙකින් තමන්ගෙ කෝපය පිට කරගෙන සැනසෙනව විතරක් වෙන්නත් පුළුවන්!

      කොහොම උනත් මේක කළාකාරය තමන්ව මාකට් කරගන්නවට එහා ගිය තරමක සංකීර්ණ තත්වයක් කියල උඹට හිතෙන්නෙ නැද්ද? මොකද බටහිර උන් ඇල්බම් කරාට අපේ අලුත් උන් පවා දැන් කාලෙක ඉඳල සීඩි කැසට් ගහන්නෙත් නෑනෙ ඔය වංචාව නිසාම.

      ( යකෝ කට හුරු කරවන්නැතුව කොහොමද වචන ගන්නෙ. ටයි අංකල් වගේ මමත් කට ඇරිය ගමන් වචන එබුව :D ).

      Delete
    16. // ටයි අංකල් වගේ මමත් කට ඇරිය ගමන් වචන එබුව //

      ෂුවර් ද එබුවෙ වචන විතරයි කියලා.. ;-)

      ඇත්ත මචෝ, මේක සංකීර්ණ තත්ත්වයක් තමා. මෙයාලා දැන් පස්ස රත්වෙලා දැඟලුවට, කාලෙකට කලින්ම මේ ගැන ක්‍රියාත්මක වුනානං මේ වෙනකොට යම්තාක් හරි ප්‍රගතියක් ලබන්ට තිබුනා. නියපොත්තෙන් කඩන්ට පුළුවන් දේ පො‍රොවෙන් කපන්ට වෙන කාලෙ එනකං ඉන්නවා. ඇයි ‍ලොකු ගහක් පොරොවෙන් කපනකොට හැමෝටම පේනවනෙ. එතකොට ලකුණු වැටෙනවනෙ.

      Delete
  3. මේ මනුස්සයා ගැන කොච්චර කොහොම කිව්වත් ඇතිවෙන්නේ නැහැ. මේ වගේ සරල ගැමියෙක් මෙච්චර දුර ආව එක කොච්චර ලොකු ආශ්චර්යයක් ද? ( නොදකින් මේ ආශ්චර්යය කියන වචනේ දැන් කුනුහරපයක්නේ)

    එච්.එම්. කතාකරනකොට අහගෙන වගේම බලා ඉන්නත් හරිම ආසයි. ඔහුගේ නිර්ව්‍යාජ සරල බව ඒ කතාවේ පැහැදිලිව තියනවා. මාලිනී ඔහුව බීමෙන් වලක්වන්න කළ කී දෑ, වරක් ඔහු රූපවාහිණී වැඩසටහනකදී කිව්වා.

    මේ මිනිහව රැකබලාගන්න ගෙයක් දොරක් දෙන්න ඕනෙ කියන එක, ඔය එක දේශපාලු අම්බරුවෙකුගේවත් ඔලුවේ නැත්තේ, උන් සංගීතය හඳුනන්නේ නැති නිසයි.

    ReplyDelete
    Replies
    1. මාළනී හිටියනම් මේ මනුස්සය මේ තරම් අසරණ වෙන එකක් නෑ සමහරවිට. මිනිහ ෂෙඔ වලට ගියාම මාළනීගෙන් සල්ලි ඉල්ලනවලු බොන්න. නොදුන්නම මිනිහ තනියම ගිහින් බොනවලු. එක්ක යන්න හොයද්දි කියනවලු, බිල ගෙවල එක්ක යන්න කියල.

      එච් එම් කියන්නෙ සෑහෙන බීම නිසා විනාස වෙන කෙනෙක්. නමුත් බොන නොබොන හැම කළාකරුවටම අද පොදු ප්‍රශ්ණයක්, කඩේ නොගිහින් ජීවත් වෙන එක.

      Delete
  4. ඔය ලිපිය මමත් කියෙව්වා.
    කතෘ භාගය වැඩේ නීතිගත කරන එක ජනා. උපදේ. වරුන් වන වීරසිංහ, ජයකොඩි, මයා වරුන්ට ලේසියෙන් කලෑකි.
    මොකෝ දන්නෑ මතක බැරි වෙලා තියෙන්නේ !! ;-)

    දැං සංකල්පයක් බිහිකරන මිනිහ ඒකෙන් ගන්න වැඩ මුල ඉඳල අගටම පරිපාලන කරන්නත් ඕනේද?
    අයිසැක් නිවුටන්ට වැටෙන එව්වා සීරෝම බලන්ට වෙනවනේ එහෙමනම් ;-)

    කසුන් කල්හාර අම්ම තාත්ත කරපුවෑයින් අලුක්කාලක් වත් නොකර යසට හම්බ කරන්නේ
    ජිමී ක්ලිෆ්ගෙ සින්දුවක් අමු අමුවෙ කොපි කරල පොරටෝක්සුත් දීල මත් වතුර කොම්පැනියකින් සෑහෙන ගානක් ගත්තෙ තව පුතෙක්!
    බුරාගෙන් උපදෙස් ගන්න වෙනව කලාකරුවන්ට ;-)

    ReplyDelete
    Replies
    1. තිස්සගේ කමෙන්ට් එකට පොඩි එකතුවක්.
      //////නදී ගංගා තරණේ ගීතය මුලින්ම ගායනා කරන්නේ ලංකාවේ රොක් සංගීතයේ දැවැන්තයෙක් වෙන චිත්‍රාල් සෝමපාල. චිත්‍රාලුත් මේ ගීතය ගායනා කරන්න මුල් කරගන්නේ Jimmy Cliff ගායනා කරපු Many Rivers To Cross ගීතය. චිත්‍රාල් ගායනා කරනවාට වඩා වෙනස් විදිහකට නව සංගීත සංයෝජනයකින් තමා නදීක මේ ගීතය ගායනා කරන්නේ./////////

      මේක ගත්තේ මෙතනින්.නදීක ජයවර්ධන ගැන කියවමින් ඉන්නවිට හමුවුන ලිපියක්. ඒ ලිපියට මම කැමතියි.

      Delete
    2. තිස්ස, මේ මිනිස්සු කරපු දේ ඇති ඒ අයට විතරක් නෙමේ තව පරපුරක් දෙකක් ජීවත් වෙන්න. ඒත් අපේ තීන හොර, අධම සිස්ටම් එකේ ඒ අයගෙ මහන්සියට හිමිවෙන්න ඕන මුදල හොරකම් වෙන නිසා තමයි එච් එම්, ලන්ත්‍ර වගේ අය අවසාන කාලෙ දුක් විඳින්නෙ. නමුත් ඒ ගැන කතා කරන්නෙ නැතුව, මුදල් පාළනයට විතරක් බනින එක අසාධාරණයි. බුරා ඉන්නෙ බටහිරනෙ, ඒ හින්ද වෙන්නැති ඔහොම හිතුනෙ.

      Delete
  5. මේ උත්තම පුරුෂයා ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරම් නිර්ව්‍යාජ මිනිස්සුන්ට හැමදාම එකම විදිහ තමයි. නිවටයෝ රජ ගෙවල්වල පාළු කපනවා. උන්ට මේවා පේන්නේ නැහැ. හැබැයි උන්ඩුක පුච්ච්යේ තියෙන කලාව අන්නසෝත්‍රය, ගලනාලය හරහා එලියට එන සයිස් එකට තමයි ටෝක දෙන්නේ. පුහ්..

    ඔය තඹරවිල ප්‍රෝග්‍රැම් එකේ එක තැනක කියනවා ගුවන් විදුලි සංස්ථාවේ සෝෆා එකක නිදාගෙන සින්දු කියපු එකම කෙනා මමද කොහෙද කියලා. වරක් ඔය කට්ටිය හම්බවෙච්ච වෙලාවකත් වෙන අය ඔය කතාව කියලා හිනාවුනා. විවෘත ,බොක්කේ මිනිහෙක්. මේ කුහක සමාජේ විවෘත වීමත් එක්තරා ප්‍රශ්නයක් තමයි. ඒත් ඒක හිතට සැහැල්ලුවක්. ණයත් නැහැ..බයත් නැහැ.

    එච්.එම්....එතකම් කාලා බීලා විනෝදෙන් ඉන්න. මැරුනට පස්සේ මුන්ගේ රාජ්ජ ගෞරවේ රෝල් කරලා පුකේ ගහගන්න තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එච් එම් කියන්නෙ ඇත්ටම සරළ අහින්සක මනුස්සයෙක්. ඒ වගේම ආනුවලට විරුද්ධව හෝ පක්ෂව ස්ටේජ් නැගපු නැති, කළාව කරගෙන විතරක් ඉන්න කෙනෙක්. එහෙම උන්ට මේක හරියන රටක් නෙමෙයි බං. මොකද සී ඩී වල හොර කොපි ගහනව. සින්දු වෙන උන් විකුනනව. පැමිණිලි කරන්න යන්න තීන උනුත් ඒ හොරකමම කරනව. ඉතින් මොකේද දන් වළඳන්නෙ!

      Delete
  6. මම මේක පත්තරේක් හරි, ටී වී එකක හරි දැක්කා.. ඒකේ අඩියක් ගහන එක ගැනත් මාලනි බුලත්සිංහල ගැනත් තිබුනා.. හැබයි ඒ ළිපියට හරි වැඩ සටහනට වඩා මේක බොක්කේ රැදෙනවා..

    මමත් එදා ඉඳලා ආදරය කරන මනුස්සයෙක්. ඇයි දන්නේ නෑ එච් එම් ලටත් නන්දා මාලනිලා වගේ වෙන්න බැරි.. දැන් වයසත් නිසා...

    ReplyDelete
    Replies
    1. උඹෙ අගය කිරීමට ස්තූතියි!

      එච් එම් නන්ද වගේ ආන්ඩුවට විරුද්ධ් උනේ නැති එකේ එදා, ඇයි අද පක්ෂ වෙන්නෙ? ඌ උගේ කළාව කරගෙන උන්නදෙන්, ඒක ඒයාගෙ තේරිම.

      Delete
  7. හැටි කියල අහක බලාගන්න උං වැඩියි ඊටත් කසුන් ට බැයිද තමන්නෙ තාත්තව බලා කියා ගන්න මහ ලොකු පොර ටෝක් දීගෙන ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි දරුවො බැලුවෙ නැත්තන් වැඩිහිටියො විනාස වෙන්න ඕනෙද? මම උඹ එක්ක එකඟ නෑ.

      Delete
  8. එච් එම් කොහොමත් හැමදේම උපේක්ෂාවෙන් බලන කෙනෙක්.. ඔහුගේ තනු වලින් මම ආසම එක තමා සද හොරෙන්.. පොඩි කාලේ මම ඔය මුල්ම කොටසට කොයි තරං ආසද කියනවනං ඕගන් එකක් ගත්තා ඒ ටික විතරක් ප්ලේ කරන්න.. ccddc

    ReplyDelete
    Replies
    1. දැං ප්ලී කරන්න පුලුවන්ද, නැත්තන් තාම හොරෙන් හොරෙන් සඳද? අපිට කොහෙද බං ඒ කාලෙ ඕඅව, අක්කගෙ මෙලෝඩිකා එකෙන් යන්තන් හෙළජාතික අභිමානෙ ප්ලේ කරා. කෙළ දාල ඒක කඩනවයි කියල පස්සෙ ඒ සංගීතෙත් හබක් උනා!

      Delete
  9. ඇත්තෙන්ම, මේ මම වඩාත් ප්‍රියකරන මනුස්සයෙක්. මහ පොලොවෙ පයගහල ඉන්න, අව්‍යාජ මිනිස්සු මේ. මාව වඩාත් සසල කරපු, ඔහු නිර්මාණය කරන්න හදපු තනු නිර්මාණයක් තියෙනවා. ඒ තමයි, "ඇය යන්න ගියා මැකිලා" ගීතයේ තනු නිර්මාණය. අහල තියෙන විදියට මේ ගීය සංගීතවත් කරමින් සිටිත්දී එච්.එම් ජයවර්ධනයන් එකපාරම මේ ගීතයට තනුව නිර්මාණය කරන එක අතරමඟදි නවත්තලා කඳුලු පුරෝගෙන කල්පනා කරලා. දෛවය හරි පුදුමාකාරයි, ගීයෙ තනු නිර්මාණය කරල කිහිප දවසකින් ඔහුගේ දිවියේ ඔහු වඩාත්ම ආදරය කල ගැහැණිය, මාලනී බුලත්සිංහලයන් ඔහුව හැර යනවා සදහටම. මේ ගීය ඔහුගේම උනා. සමහර විට ඇගේ වියෝව ගැන ඔහුට කලින්ම දැනිල තිබුන වගෙයි. ඒක හරිම හද සසල කරන සිදුවීමක්.

    ලංකාවෙ බිහි වෙච්ච සෑම නිර්ව්‍යාජ, අවංක කලාකරුවෙකුගෙම ඉරණම ඕක තමයි. ඇත්තටම පිළිම නෙලා නැති විරුවන් පිරිසක් කියන ගීතයේ අපේ රටේ සැබෑම වූ කලාකරුවන්ටත් පොදුයි. වීරවංසලාගේ, ගෝඨාබයලගේ සැබෑම අවශ්‍යතාවය මොකද්ද කියල මේ වගේ දේවල් වලින්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනි. සට්ටඬිකම් කරන ජඩ මාධ්‍යත්, මේවට වගකියන්න ඕනි. කලා නිර්මාණ අයිති නිර්මාණ කරුවන්ට නෙවෙයි, සමාජයට කියල බෙරිහන් දෙන බකපණ්ඩිතයන් මේ ටික අවබෝධ කරගන්නත් ඕනි. මහ කලකිරීමක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. රණවිරු රියල් ස්ටර් නොබලන්න හේතුවක් වුනේ ගෝඨා ගැන ප්‍රශසති අහන් ඉන්න බැරි නිසා.එකේ වචන දහයක් කතා කෙරුවා නම් ඉන් නමයක්ම ගරු ආරක්ෂක ලේකම් ගැන.

      Delete
    2. ඒක මහ.. හිරිකිතයි නේද බං. මට තියෙන හොඳම වචනෙ මේක මෙතනට පාවිච්චි කරන්න.

      Delete
    3. එච් එම් ඔය මම දාල තියෙන වීඩියෝ එකේ කියනව "ලෝකෙටත් මටත් හොඳ ගෑනියෙක් නැති උනා, මොනා කරන්නද සමහර දේ අපිට වෙනස් කරන්න බෑනෙ" කියල.

      ඔය ඉස්ටාර් එක ගැන මම මුල් එක දැක්ක කාලෙම ලිව්ව. මහ අප්‍රසන්න වැඩක්.

      Delete
  10. අප්පේ මාත් කෑමතිම ගීත බොහොමයක් මේ අතර තියෙනවා.... ඔහුගේ ඇසුර ලබාපු මාගේ ඉතා හිතවත් මිත්‍රයෙක් සිටිනවා ඔහු කියන අන්දමට "එච් එම් අංකල් ඉතා සුන්දර පුද්ගලයෙක්"

    ReplyDelete
    Replies
    1. රාජ් කාලෙකින්! එච් එම්ගෙ ඔහුගෙ ගීත වගේමයි.

      Delete
  11. මමත් ආසම සින්දු ටිකක්...
    ස්ටාර්ලාට තියන තැන නියම අයිතිකාරයට නැති හැටි.

    ReplyDelete
    Replies
    1. කුකවියෝ, සහ හොරු කවියන්සේ බබලන මේ කේතුමතී නුවරයි!

      Delete
  12. මම නම් හිතන්නේ නෑ එච්.එම්. ට පිළිගැනීමක් නොලැබුණා කියලා. ඔහුට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා හැකියාව, දැනුම, කුසලතාවය සියල්ල තිබ්බා. ඒ වගේම එක කාලයකදී ඔහු ජනප්‍රියත්වයකුත් ලබා ගත්තා. නමුත් සමහර විට ඔහු ඒක වැඩි දියුණු කරගන්න උත්සාහ නොකරන්න ඇති.

    ඒ වගේම ඔහුගේ සමකාලීනයෙක් වන රෝහණ වීරසිංහ එක්ක ගත්තහම එච්.එම්.ව රෝහණත් එක්ක එකට තියන්න බැරි බවත් අපි තේරුම් ගන්න ඕනේ...

    තව ගීත ටිකක් කියනවා නම්..

    ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පීරිස්
    දේව මන්දීරේ - රෝහණ සිරිවර්ධන
    සැන්දෑ අහස වගේ - මාලිනී බුලත්සිංහල
    සඟවන්න එපා හසරැල් - දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. තව මම අහලා තියනවා රෝහණ ධර්මකීර්ති ප්‍රසංග වලදී නිතරම ඔහුගේ ගුරුවරයා විදිහට එච්.එම් ව හඳුන්වනවා....

      උඹේ මේ සටහන මට නම් ඉස්සරහට වැදගත් වේවි. පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුණොත් අවසර ගන්නම්කෝ ලිඛිතව :)

      Delete
    2. තිසර.......පාවිච්චි කරන්නේ මොකටද....රඟහල පිටිපස්සේ හංගලා තියන්නද :D

      Delete
    3. // එච්.එම්.ව රෝහණත් එක්ක එකට තියන්න බැරි බවත් අපි තේරුම් ගන්න ඕනේ...//

      එකඟයි, එච් එම් දෑත් ශක්තිමත් කලේ නෑනෙ!

      මචෝ මේක මම ලිව්වෙ ඔය දාල තියෙන වීඩියෝ එකෙන් & පේපර් ආර්ටිකල් එකෙන් ගත්තු දේවලින්. ඉතින් ආයි අහන්න දෙයක් නෑ, ඕන තැනකින් ඕන දෙයක් ගන්නයි තියෙන්නෙ.

      Delete
  13. මා ඉතා ප්‍රියකරන අතිශය නිර්ව්‍යාජ පුද්ගලයෙක්.ඉන්දික තව කතාවක් දන්නවද පියා සහ පුතා හමුවෙන්නෙ අවන්හලකදී කියල මම කොහේ හරි දැක්කා.ඇත්තද බොරුද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඔය කතාව දැක්කෙ පත්තරේක. කසුන්ගෙන් කවුරුහරි අහල තිබ්බ වගේ මතක!

      Delete
  14. මගෙත් ප්‍රියතම සහ ආදරය කරන මනුස්සයෙක් ...(ගමේ එකාට සලකන්න එපැයි )
    ඉන්දික අය්යේ හිතට මහා කාලකන්නි කලකිරීමක් ඇති උනා මිනිස්සු ගැන .මෙතුමාගේම පවුලේ සමිපතයෙකුත් දවසක් මෙතුමා ගැන මේ විදිහටම මාත් එක්ක කතා කලා.

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා
    ලිදට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා
    වතුර බොරකරයි මිනිසා ගගට ආවඞයි

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා
    ලිදට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා
    වතුර බොරකරයි මිනිසා ගගට ආවඞයි

    ගහේවැල එතීලා යාවී හැදී
    පසුව පිළිල වීලා සාරේ යදී
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි
    කාපු තැනද වනසා මිනිසා දුවයි

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...

    ඉනිමං දමාලා නැගීලා බලයි
    එයට පහර දීලා කඩාලා දමයි
    අතීතේ නසාලා දිනූවා සිතයි
    තිබූ තැනද නැතී වී පරාජේ වැටෙයී

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...

    ගහේවැල එතීලා යාවී හැදී
    පසුව පිළිල වීලා සාරේ යදී
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි
    කාපු තැනද වනසා මිනිසා දුවයි

    ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...

    ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. යකෝ උඹෙ ගම බදුල්ලෙද, පස්සරද?

      දවසක් අපේ කන්තෝරුවෙ ඉන්දියානු ඇන්ටි ලඳක් මට පාර්සලයක් දීල වෙන මම යන එන කන්සල්ටන්ට් ඔෆිස් එහෙක ඉන්න එකෙකුට දෙන්න කියල, ඌ අතේ ඉන්දියාවෙ ඉන්න එයාගෙ අම්මට යවනලු. මම ඇහුව ඉතින් ඌ ගෙවල් ලඟද ඉන්නෙ කියල. මේකි කියනව, ඉයෙස් හී ලිව්ස් වෙරි ක්ලෝස් ටු මයි ප්ලේස්, මේ බී හන්ඩ්‍රඩ් කිලෝමීටර්ස් ෆ්‍රොම් මයි හවුස්" කියල. රටේ හැටියට උන්ට හන්ඩ්‍රඩ් අල්ලපු වත්ත වගේ උනාට බදුල්ල පස්සර එහෙම නෑ පුතෝ!

      ප්‍රෙමදාස අතුකෝරළ කියන උඹ විස්තරේ එවපු ඒ සංගීතඥයත්, එච් එම්, ලන්ත්‍ර, ග්‍රේෂන් වගේ තව බොහොමයක් දක්ෂයො තමුන්ගෙ දේ අනුන් හොරා කනව බල බල වයසට දිරල යනව. කරුමෙ කාගෙද!

      Delete
    2. බදුල්ල පස්සර එහෙම නෑ පුතෝ! ,,,,හැක් හැක්
      මගේ අම්මගේ ගම වෙන ආණ්ඩුවකනේ තියෙන්නේ ....
      සියබලාන්ඩුවේ තමයි අම්මගේ මහා ගෙවල් ....
      පස්සර අපේ ලොකු නැන්දා ගේ ගෙවල් තියෙන්නේ ... :-)

      Delete
  15. //තමන්ට හොඳම චිත්‍රපට පසුබ්ම් සංගීතයට ලද ජනාධිපති සම්මානය සහ හොඳම චිත්‍රපට පසුබිම් ගීයට ලද ජනාධිපති සම්මාණය, ඒ වසරේ වඩා උසස් නිර්මාණයක් කර තිබෙන වෙනත් සංගීතඥයෙකුට වඩා හිමිකක් ඇතැයි කියා ප්‍රතික්ෂේප කල මේ උතුම් මිනිසා// මේ ටිකම ඇති මේ මනුස්සයාගෙ වටිනාකම තේරුම් ගන්න. මම හිතන්නෑ ඔය කියන කැපකිරීම ඉතාමත් සංවේදී නිහතමානී මනුස්සයෙක්ට ඇර සාමාන්‍ය අයෙක්ට නම් කොහෙත්ම කල නොහැකියි.

    ඔය ගීත ගොන්නෙ බහුතරයක් මගෙත් ප්‍රියතම ගීත. එයිනුත් ගීත කිහිපයක්ම ප්‍රිය වීමට ප්‍රධානම හේතුවත් ඒවායෙ මියුරු සංගීතයයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. වෙන කිසි කෙනෙක් ඔහොම දෙයක් කරයිද මේ රටේ!

      Delete
  16. වාදකයෝ කිහිප දෙනෙක් මම පුද්ගලිකව දන්නවා. කතාකරොත් රේකොඩින් එකක, නැතිනම් ෂෝ එකක එහෙමත් නැතිනං අඩුමගානේ ක්ලාස් එකක ඒ උනාට අතේ සතේ නැහැ. සමහර උන්ට තමන්ට අත්‍යවශ්‍ය සංගීත භාණ්ඩයවත් නැහැ කුලියට ගන්නේ.
    අද සංගීතය කරන අයට සල්ලි හම්බ වෙන්නේ නැහැ කියනවනම් පට්ට බොරුවක්. රේකොඩින් එකකට අඩුම ගානේ 5,000ක් ගෙවනවා දවස් 10ක් කරොත් එතනම 50,000ක්. ගොඩක් අය හම්බ කරන එකෙන් බොනවා විතරයි.
    මම දන්නා සුපිරි වාදකයෙක් බොන එක නවත්තල ඉන්ස්ට්‍රුමන්ට් ටික එක එක ගත්තා. අවුරුද්දක් යන්න කලින් සම්පුර්ණ වෙඩින් සවුන්ඩ් සෙටප් එකක් හදා ගත්තා. දැන් හයර් කරලම හොඳ ගානක් හොයාගෙන මිනිහෙක් වගේ ඉන්නවා. බීපු කාලේ බස් ටිකට් එකට සල්ලි නැතිව හිටියේ.
    හම්බ කරන සල්ලි වලට බීල බීල පස්සේ එක එකාට බැන්නට වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මචෝ, බීල සල්ලි නාස්ති කරල අනුන්ට බනින එක වැරදියි. ඒත් මෙහෙම හිතන්, උඹෙ වයිෆ්ගෙ පොත් ටිකක් හොරාට වෙන උන් ගහල විකුණනව. උඹට ඒකට විරුද්ධව නඩු කියන්න හය්යක් නෑ වගේම සල්ලිත් නෑ. මොකද කරන්නෙ?

      Delete
  17. අර ලක්ෂ 49 ගෙදර ලක්ෂ 7 දුන්නාම අයිතිවෙනවද? මුලින් ගෙවන්ට ඕනි කීවේ පස්සේ ඉතුරු ටික දෙන්ටද? කලාකාරුවන්ට කියලා නොමිලේ ගෙවල් හදා දීමක් නැද්ද?

    සමහර සිංදු නම් අහලා තියෙනවා. ඒවා ගොඩක් ලස්සණයි.

    ReplyDelete
    Replies
    1. ගෙවල් නොමිළෙ දෙන්නම ඕනෙ නෑ කුමාරිහාමි. මාසෙට සාධරන කුළියට පවරන්න පුලුවන්නෙ. එහෙම දේවි මිනිහත් දෑත් ශක්තිමත් කරල තිබ්බනං. අර මෙලෝ දානයක් නොදන්න සංජය ලීලාරත්න කියන නලුව සංස්ථාවක සභාපති කරපු රටේ මේ මිනිහට යමක් නොකරන්නෙ බැරිකමටයැ!

      Delete
  18. මට සින්දුව සහ සංගීතය දෙකක් නෙමෙයි එකක් විදිහට දැනෙන්නේ
    මේ මහත්මයා සංගීතය සපයල තියෙන, වෙන වෙන මහත්වරු නෝනාවරු ගායනා කරපු, උඩ ලිස්ට් එකේ තියෙන සින්දු හැම එකටම වගේ මමත් මනාපයි...

    නමුත් තමන්ගේ ආශාව සහ හැකියාව තියෙන දේ රැකියාව විදිහට තෝර ගන්නවානම් ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියන එකේ වගකීම තියෙන්නේ තමුන්ගේ අතේ....

    කතෘ භාගය ලැබිය යුතු බව මමත් හිතනවා. ඒකට ක්‍රමවේදයක් හදා ගන්න එක ඒ වෘත්තියේ යෙදෙන අයගේ වගකීමක්

    ReplyDelete
    Replies
    1. ලොකුපුතා, ඔය ක්‍රම වේදයට අවුරුදු ගානක් තිස්සෙ කළා කරුවො සටන් කරනව. ඒත් ඒක අස්සට දේශපාලකයොයි තව ෆාදර්ල වගේකුයි රින්ගල අනාත කරල තියෙන්නෙ. ඒ හැම තැනම බලය තීන එකාලට ඕනෙ විදියට වැඩේ එහෙට මෙහෙට ඇදෙනව, ඒ නිසා අනික් මිනිස්සුන්ගෙ හඬ නිකම්ම වැහිල ගිහින්.

      Delete
  19. \\තම පාසැල් ගුරුතුමාගෙන් අසාවට ඉගෙන ගත් ශිල්පය සම්පූර්ණ නොකිරීම වගේම කිසිම සංගීත ගුරුකුළයකට නැති වීම, සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනයක් නැති කම නිසා මේ තරුණ වාදකය ගුවන් විදුලියෙන් ඉවතට විසිවෙනව.\\


    එච් එම් ගේ නිර්මානශීලීත්වය පිළිබඳ කිසිම ගැටලුවක් නැතත්, යම් වෘත්තියක නියැලෙන්නෙකු ක්‍රමවත් අධ්‍යාපනයක් නොලැබීම හේතුකාරනා වෙනවා නේද ඒ වෘත්තිය නියමාකාරයෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරගෙන ජීවත්වීමටත්. මෙය තමන් මාර්කට් කිරීමක් නොවුනත්, තමන්ව හරි මග හසුරුවාගැනීමක් තරමටවත් එච් එම් සමත් වී නැතු බැව් නේද ඉන්දික අපිට පෙනෙන්නේ...සමාජය හෝ දේශපාලකයන් හට දොස් නැගීමෙන්වත් ඔවුන් වන්දනා කිරීමෙන්වත් එම වෘත්තීය වගකීම් වලින් මිදෙන්න කිසිම වෘත්තීය කලා කාරයෙකුට බැහැ යන්නැයි මගේ මතය....

    ReplyDelete
    Replies
    1. චෙෆාකි,

      උඹෙ අදහසට පාර්ෂලි එකඟයි.

      අධ්‍යාපනය, විනය සහ හික්මීම ඇති බුද්ධිමතුන් බිහිකරන්න උදව් වෙනව කියන එක තර්කයකින් තොරව පිළිගන්නව.

      ඒත් එක්කම, ගුණදාස කපුගේ, සුනිල් මාධව, ටියුඩර් ජයශාන්ත, සයිමන් නවගත්තේගම, රන්බන්ඩා සෙනෙවිරත්න වගේ විශයෙහි උගත් ජීවිතයෙහි පිරිහුනු කළාකාරයො අය වගේම ප්‍රේමසිරි කේමදාස, ක්ලැරන්ස්, මිල්ටන් මල්ලව ආරච්චි,කරුණාරත්න අබේසේකර, වගේ විධිමත් අධ්‍යාපනයක් නොලද මුත් ජීවිතය ඉහලටම ජයගත් කළා කරුවොත් ඉන්නව.

      ඔතනදි එක පොදු සාධකයක් මම දකිනව, ජීවිතේ දිනපු සහ පැරදුන අයගෙ. ඒ තමයි මුල සිට හොඳ බිරිඳක් පසුපස් හිටපු බහුතරය දිණුම්. මිල්ටන්, කේමදාස, ක්ලැරන්ස්, කරුණාරත්න අබේසේකර වගේ ඉහල අධ්‍යාපනයක් නැති ඒත් ජීවිතය දින්න ගොඩක් ඒ ගොඩේ ඉන්නව.

      Delete
  20. එච්. එම් ජයවර්ධන එතනට පත්වීම ගැන ඇත්තටම දුකයි , නමුත් ඒ සඳහා හේතුවක් ලෙස මං දකින්නේ ඔහුගේ වටිනාකම ඔහු තේරුම් නොගැනීම. කියන්න තියෙන ගොඩක් දේවල් කමෙන්ට් වලින් හුඟ දෙනෙක් කියලා .

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ එච් එමට තමන් ඉන්න තැන ගැන දුකක් නෑ. නමුත් ඔහුට නැතිවෙලා ගිය සහ නැතිවෙන හිමිකම් ගැන, බිරිඳ ගැන දුක ඇති. ඔහුගෙ සටහන් වලින් මට වැටහුනේ එක.

      Delete
  21. තමන්ගෙ වටිනාකම තමන් තේරුම් ගැනීම යනු තමන් සිදුකරණා කාර්ය මුදල් වලින් මැනීමනන්, h.m.ලා අද ධනවතුන්ය.එහෙත් ඔවුන් එය තේරුම් ගත්තේ තමන් සිදුකරණා දෙයින් අනෙකා කොපමණ සතුටු වෙනවාද ,එම සතුටු වන ප්‍රමාණය අනුව තමන්ගේ වටිනාකම ඉහල යන බව අදහන තියරියට අනුකූලවය.මාගේ අදහස අනූව ඔවුන් හැදින්වීමට ඇති එකම වචනය "මුණිවරු"යන්න පමණක් බවය.
    අප කොපමණ ආදරය කලත් h.m.ලා වෙනි මිනිසුන්ගේ ජීවිත සමග අනුගත වීමට අප කරගසා සිටින කුටුම්භ බරත් සමග නොහැකිය.කිරීමට ඉතුරුව ඇත්තේ එම මිනිසුන්ට හිස නමා ඔවුන්ගේ ජීවිත වලට ඊර්ශයා කිරීම පමනකි
    හොද ලිපියක් සහෝ.ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ප්‍රබුද්ධ පොතේ ඔබ කියන ඉහල සහ උසස් රසිකතය ගැන ඔය උඹ කියන දෙයට සමාන අදහසක් තියෙනව.

      ඇත්ත, අපිට ඔවුන්ගෙ දෑසින් බලන්නට පුලුවන්නම්, ඔවුන් තමා කලදේ ගැන සතුටින් ඉන්නට කැමැත්තෝ මිස ඒ දේ විකුණා සල්ලි සොයා දුක්විඳින්නට කැමැත්තෝ නොවෙති.

      Delete
  22. දක්ශ මනුස්සය.නමුත් දක්ශ මිනිස්සු ගොඩාක් ඉන්නව නියම වටිනාකම නොලැබුන.නොයෙක් ෆීල්ඩ් වල.එකට කාටද එතකොට ද්ජොස් කියන්න ඔන.මෙ යාට ගෙයක් ලැබුනොත් අනිත් අයගෙ ප්‍රශන විසදෙවිද. මේක කියනතරම් සරල නැ නේද?

    ReplyDelete
    Replies
    1. මම හිතනව, මේ සටහනේ වෙනත් වටින කියන බොහෝ තොරතුරු අතහැර මේ ගේ ගැන තියෙන කතාවට අවධානය වැඩිපුඅර යොමුවීම අසාධාරණයි කියල.

      උඹ ඔය තීන වීඩියෝ එක බැලුවද?

      Delete
  23. මා ලඟ තියෙනවා එච්.එම්. ජයවර්ධන ගේ තනු සහිත ගී එකතුවක් තියෙන සීඩී එකක්. මේකේ එක සින්දුවක් තියෙනවා එච්.එම්. ජයවර්ධන ගැන ලියවුණු සින්දුවක්.

    අවාසනාවට ඒක කොපි කළ තනුවක්!!!

    ReplyDelete
    Replies
    1. ඔය මම හ්ඩාල තීන ප්‍රොග්‍රෑම් එකේ එච් එම් කියනව එයා වරක් හින්දි ෆිල්ම් එකක් බැලුවලු මාළනී එක්ක ඉන්දියාවෙදි. එතනදි ඒ ෆිල්ම් එකේ තිබ්බ මධුර තණුවක් කණට වැටෞනලු. පස්සෙ කාලෙක "මධුර ප්‍රේම කල්පනා" පද ලැබුනම, ඒ තණුවටම ග්ලපෙන ගතියක් තිබ්බ නිසා අර මතකෙ තිබ්බ තාලෙට ගීය හැදුවලු!

      ඒ එක්කම, එක්තරා විශේෂිත රාගයක් වූ "මධුමත් සාරංග" නම් රාගයෙන් සැදුනු සිංහල ගීයක් පිළිබඳ හොයාපු "වික්ටර් පෙරේරාට" ටී එම් ගෙ ඔබ හා මෙමා එම රාගයෙන් නිර්මිත වූ එකක් බව දැකල, එහින් නිර්මාපක එච් එම් හමුවෙලා කිව්වලු ඔබ මේ රාගයෙන් කර ඒ ගීය ඉතාම සුන්දරයි කියල. එතකොට එච් එම් කිව්වලු, අනේ මොකක් ගැනද ඔය කියන්නෙ, මම නං ඔය නම ඇහුවෙත් අදයි කියල.

      Delete
  24. සෑහෙන්න පරක්කුයි !!
    ආසම ජාතියෙ පෝස්ට් එකක්.. ටොප් !!

    ReplyDelete
    Replies
    1. බොලා, චැට් කරල මල් කඩල අවලමේ ගිහින් ඉවරවෙලා එනකොට ඉතින් කෝච්චි ගිහින් තමා.

      Delete
  25. ඉතාම ස්තූතියි මේ තොරතුරු වලට ඉන්දික අයියා. එච් එම් ජයවර්ධන කියන්න‍ෙ මගෙත් වීරයෙක්...ඔහුගේ ඇතැම් ගීතවල ඔහුටම ආවේණික ලක්ෂන දැකගන්න පුලුවන්. එච් එම් ජයවර්ධනලා අදත් වර්තමාන පරපුරට තමන්ගෙ සේවය ලබාදෙන්න සූදානම්..නමුත් රිගින් ටෝන් පස්සෙ දුවන රේස් එකට මේ අය ගැලපෙන්නෙ නැති නිසා උන් මෙතුමාගෙන් වැඩක් ගන්නවා අඩුයි. කසුන් කල්හාර මෙතුමාගේ පුතා උනාට දෙන්නා අතර අපි එතරම් සමීප සබදතාවක් දකින්නෙ නෑ. කසුන්ගෙ ඒක පුද්ගල ප්‍රසංගයෙදි කසුන් තමන්‍ගෙ නවතම සීඩි තැටිය පියාට පිළිගන්වලා අතට අත දුන්නා...හරියට පිටස්තරයෙක්ට වගේ...මාලනී ගයන ඔබට මා ආදරය කල බව මෙතරම්...ගීතයත් මෙතුමාගේ තනුවක් බවයි මට මතක...ලිපියේ මුල් කොටසේ කියවෙන විස්තර නම් මම මීට කලින් අහලා තිබුනෙ නෑ....නැවතත් ස්තුතියි මෙවැනි රසබර ලිපියක් ලිව්වාට...හැකි නම් මෙවැනි දේ වැඩිපුර ලියන්න...ඉතාම ආසයි කියවන්න.

    ReplyDelete
    Replies
    1. බොලාට මූණු පොතේ පනිවිඩ එව්වට ප්‍රතිචාරයක් නැත්තෙ මක්කෙයි...

      Delete
  26. මොනව කියන්නද බං .. කියන්න තියෙන දේවල් ඔක්කොම කියල වෙන්න තියෙවන දේවල් ඔක්කොම වෙලා ඉවරයි 😕

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails