Thursday, July 31, 2014

අපේ බයිල අවසානයි චෙරියෝ චෙරියෝ! (ස්තූති කතාව සහ වලියේ විස්තර)



( උපශාන්ත මහතා වේදිකාවට ගොඩ වෙයි. ප්‍රොෆයිල් ඇනෝ මයික් එකක් සෙට් කර පසෙකට යනවිට පත්තරේ, ඉවාන්, මැළේ, රාජ් ඇතුලු සූ ගා පිරී සිටින හතරපස්දෙනා විසිල් ගසා අප්පුඩි ගසයි. දෙපස කොලම්ස් වලින් මයිකල් ජැක්සගේ ෂෝ එහෙකට මෙන් අත්පුඩි හඬ ගුවණ සිසාරා පැතිරේ.නලීන් දිල්රුක්ෂ මහතා  අසීරුවෙන් හේත්තුවී සිටි පොල් ගසෙන් මෑත් වෙයි. දෙපරංදේ තිබූ වීදුරව බිම වැටී සළාං හඬින් කුඩු  උන මුත් කොලම්ස් වලින් ආ අත්පුඩි නාදයට කිසිවෙකුටත් එය නොතේරේ. පොල් ගස පිටුපස ඉඳගෙන සිටින මල පැන්න හැළපේගෙ කට ආතල් ඇනෝ අත තබා වසා සිටියි.)

ඔව් ප්‍රිය බ්ලොග් රසික මිත්‍රවරුණි, සැහැල්ලුවේ හිතවතුන්ගේ එකතුවෙන්, සිංහල බ්ලොග් අවකාශයේ පළමු වාද බයිලා සංදර්ශණය සුළු අඩුපාඩුකම් කිහිපයක් මධ්‍යයෙහි වුවද ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණු බව ( ඕනම අලවෙන වැඩක් ගොඩදාගන්න අන්තිමට ඕකනෙ සංවිධායකයො කියන්නෙ ) අප බොහොම සතුටින් දැනුම් දෙන්න කැමතියි.

ඉතින් මේ කාර්‍ය සාර්ථක කරගැනීමට අපට ප්‍රචාරණයෙන් සහාය වූ කෙන්ජි සහ මාරයාටත්, ඒ වගේම ප්‍රචාරණ සහයෝගයට අමතරව මුලාසනයේ උදේ සිට සවස් වනු තුරු රැඳී සිටිමින් අප දිරිමත් කල මහාචාරිය මාතලන්ටත් අපි මේ අවස්ථාවේ අතිශයින්ම ස්තූති වන්ත වනවා.

ඒ වගේම මේ කටයුත්තේදී බයිලා පද බැඳීමෙන් සක්‍රියව දායක්තවය ලබා දුන් සියලු බ්ලොග් කරුවන්, විශේශයෙන්ම ඉවාන් පවුලූෂා, මැළේ රාළ, රාජ්ගේ නවාතැන, සරාගොය්යා, තිසර වැනි ප්‍රමුඛ පෙලේ බයිලා රචකයන් අපි සිහිපත් කල යුතුයි. මන්ද ඔවුන්ගේ දායකත්වය නොවන්නට මෙය මේ තරම් සුන්දර නොවීමට ඉඩ තිබුනු බව අපි විශ්වාස කරන නිසා.

තවද ඒ මොහොතේ කඩල සුරුට්ටු විකිනූ ඇනෝලාට, කෝපි ගෙනා රංගීට, ආප්ප සහ ලුණුමිරිස් දොරකඩ තබා පල ගිය කුමාරිහාමිටත්, මේ වාද බයිලා සංදර්ශණයට සක්‍රියව බයිලා පබැඳීමෙන් සහය වූ එකම කාන්තා රචිකාවිය අපූර්වී ඔමායා දියණියටත්, වටේ සිට බලා සිටි සියලු ස්ත්‍රී ප්‍රෙක්ෂිකාවන්ටත් අපි මේ මොහොතේ ස්තූතිය පුද කරන්න කැමතියි.

එමෙන්ම මේ කාර්‍ය කිරීමට අදහස් කරන බව ඇසූ මොහොතේ සිට ඒ සඳහා උනන්දුවෙමින් අප දිරිමත් කල, පසුබිමි සංගීතය සඳහා අවශ්‍ය වාදනයක් සකසා දීමෙනුත්, බයිලා රචනයෙන් සක්‍රීයව දායාක්ත්වයක් ලබා දීමෙනුත් අපේ හිතවත් පත්තර මල්ලි දුන් සහයෝගයටත් අපි විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනව.

ඒ වගේම අපත් සමගම මේ කටයුත්ත ආරම්භයේ සිටම රැඳී සිටිමින් වඩා සුදුසු සහ පහසුකම් උපරිම වූ වෙබ් අඩවියක්, ටෙම්ප්ලේට් එකක් සොයා ගැනීමට වෙහෙසවෙමින්, බයිලා මඩුව අඩවියෙහි සියළු තාක්ෂනික පරිපාළනයන් හා සම්බන්ධීකරණයන් සිදුකරමින් මේ කටයුත්ත සාර්ථක කරගැනීමට තිරය පිටුපස සිට අති විශාල ශක්තියක් වූ හිතවත් ප්‍රොෆයිල් ඇනෝ නොහොත් විනිවිද බ්ලොග් අඩවියෙහි ඇනෝනිමස් සහෝදරයාටත් මේ අවස්ථාවේ අපගේ විශේෂ ස්තූතිය පුද කරනව.

අවසාන වශයෙන් මේ කටයුත්තෙහිදී අප හට නන් අයුරින් සහය වූ සහ සහභාගී වූ, මෙහි සඳහන් නොවු තවත් සිය ගනනක් හිතවතුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමින්, වඩාත් සාර්ථක සහ සංවිධානාත්මක බයිලා මඩුවකින් එළඹෙන සැප්තැම්බරයේ හමුවෙන් අදහසින් අපි සමුගන්නව, ඔබ සැමට සුභ අනාගතයක්.

සභාවේ පසුපස -

අරූ; අඩෝ ඉන්දිකය තෝ මගේ නම කිව්වෙ නෑ මම තුනේම බයිල කියලත් නේද?

ප්‍රසා; යකෝ මම බයිල හතරක් කියල මේක මගෙ නම කියලත් නෑ.

ගොසිප් ලංකා; මම හිතුවෙ ඊලඟ බයිල මඩුවට පොඩි සප් එකක් මගෙ සයිට් එකෙනුත් දෙන්න. කොහෙද බං මූ මගෙ නම නිකංවත් කියල නෑනෙ.

ජීවන & මනෝගෙලොකෙ දෙදෙනාට විචාරක; වැඩක් නෑ අයිසෙ. ඒකනෙ මම එකක් කියල ආවෙ. නිකං උන් විතරයි නටන්නෙ, අනික් උන්ට තැනක් දෙන්නෙ නෑ.

අටම්පහුර කෙන්ජිට රහසින්; මුන් වෙලාවට ඕක වර්ඩ්ප්‍රෙස් එකේ තිබ්බෙ, නැත්තං නිකන් අපි නෝන්ඬි වෙනව එනව කියලත් ගියෙ නෑ කියල

හැළපේ විසින් ආතල් ඇනෝට; අපරාදෙ බං, උඹ කිව්ව විදියට ගෝලිප් එකයි අර මං ගෙනාපු බ්ලැක් ලේබල් එකයි ගහල අපි දෙන්නට වැල්ලට ගියානං මීට ආතල් එකක් ගන්න තිබ්බ.

කුරුටු ගෑ ගී පවුර; මූ ඕනකමින්මයි මගේ නම හලල තියෙන්නෙ. තොපි කියහන්කො ආයි බයිල, අපෙ බල්ලව දානව උඩු බුරන්න.

වෙනිවැල් තිස්ස දොඩංට ; වෙලවට ඕක ටිකක් අල උනේ. මම භයේ හිටියෙ අර දෙමළ ණයා කුණු කානුව මගෙ පැත්තට හරවයි කියල.

දේශකයා ; අඩෝ උපේ, තොට මගෙ නම කියන්න බැරි උනා නේ? උඹ වරෙන් මාතර, මම දේශිකාට කියල තොට...!@!$@%@$^#

සහෝදර; ඇර දේශ ඇර.

මහේෂ් රත්නායක : (  සූර් වී කෑ ගසන දේශා දෙස බලා - දෑතේම ඇඟිලි කටේ දාං විසිල් ගසයි. ඇඟිලි දිගේ කෙළ එනවා මිස සද්දයක් නැත )

තෙලිදියවාඩිය විදානේට ; වෙලාවට මම වැඩ කියල නාවෙ.නැත්තන් මුන්ගෙ මේ එළිසම නැති කළිසං බයිල වලට සෙට් වෙලා මටත් නාන්න වෙන්නෙ.

විදානේ තිලිදියාට; ඔව් බං. මාත් දෙමළෙන් සුන්න පූග කියල ලියල දැම්ම වෙලාවට කාටවත් තේරෙන්නෙ නෑ.

54 comments:

  1. අඩෝ ඊයේද බන් එක තිබ්බේ අපි දන්නෙත් නෑ ...........

    ReplyDelete
  2. හරිම බිසි වුණා
    එනිසා එන්න බැරි වුණා
    කියපුව ඇහුණා
    ඉන් ලොකු ජොලියක් දැනුණා

    ඔහෙල කියපුව ඇහුණා
    මට ලොකු සතුටක් ලැබුණා
    ඊයේ බිසි බුණා
    එනිසා බයිල මිස් වුණා

    ReplyDelete
    Replies
    1. කකා හරිම හොරා - මෙයා
      හොරා මාරු උනා
      අපි, බයිල දුන්න පෙරා - ඔයා
      එන්නකො එන වරා

      ඔයා එන්නකො එන වරා - අපේ
      බයිල මඩුව සිරා
      අපි බයිල දුන්න පෙරා - මෙයා
      නාපු හරිම හොරා

      Delete
    2. මං ආව ඇවිත් ගියා
      හැබැයි කාටත් නොම කියා
      බයිල රජා ඔයා
      නිසා එනවර එමි මෙයා

      කියන නිසා ඔයා
      එනව ඊලඟ දින මෙයා
      එදත් ඇවිදින් මං ගියා
      හැබැයි කාටත් නොම කියා!

      වලියට බර නැතේ
      සාමය ඇත සිතේ
      හැබැයි බයිල පොලෙදි පුතේ
      මගෙ එවැනි ජෝක් නැතේ

      ජෝක් බෝක් නැතේ
      මා ලඟ බයිල පොලෙදි පුතේ
      කඩු කිනිසි නැතත් අතේ
      මගෙ සිතේ හයිය ඇතේ!

      Delete
  3. අපිත් ගිහින් කියවල නම් ආවා ඉන්දික. කයි පද බඳින්ට බැරි හන්දා නිකා හිටියා කමෙන්ට් නොකර.

    ReplyDelete
    Replies
    1. ආ එක ලොකු දෙයක් හැබැයි ඒ උනාට හූවක්, අප්පුඩියක් දෙන්න තිබුන නෙවද?

      Delete
  4. කොහේද යකෝ මම ප්‍රචාරණයෙන් දායක උනේ..? :D

    වර්ඩ්ප්‍රෙස් කිව්වම මටනං එපා තිත්ත සීන් එකක්... ඊමේල් අනං හනං ඕන නැහි කියලා උඹ කියලා තිබුනා මං දැක්කා.. ඒත් ඕකේ කමෙන්ට් එකක් නොදා කමෙන්ඩ් සබ්ක්‍රයිබ් කරලා තියං වෙන වැඩ කරන ගමන් මේල් වලින් කමෙන්ට් බලන්නත් බැහැ... ඊ ළගට කමෙන්ට් එකක් දාලා කමෙන්ට් සබ්ක්‍රයිබ් කර ගත්තම කමෙන්ට් එකට අමතරව හෙන හෑලි එනවා.. එකම කමෙන්ට් එක සිය පාරක් විතර පේන්න ගන්නවා.. ඔය වගේ උලව් හින්දා මට වර්ඩ්ප්‍රෙස් අප්පිරියයි... අනික කෙලින්ම සයිට් එකට ආවත් කමෙන්ට් කල එකා හොයා ගන්න ලේසි නැහැ... දැන් මේවෑනං අපි කමෙන්ට් එකක් දැම්ම ගමන් අපිව පේනවා.. ඔය උඩ මා යන්න දැක්කනං මං දන්නවා සුටුස් ගාලා මේ මාතලන්ගේ රියල් ප්‍රොෆයිල් එකෙන්ම දාපු කමෙන්ට් එකක් කියලා.. අටමගෙනං මූණ පේනවා.. ආන්න එහෙම... මගෙත් මූණ පේනවා... අරකේ තියෙන්නේ නම විතරයි.. (මමනං ඇවටාර් එකක්ද මොකක්ද හදං ඉන්න හින්දා මගෙත් මූණ පෙනෙයි සමහර විට.. ) ඉතිං මේ ඇත්තම එකා දාපු කමෙන්ට් එකක්ද.. නැත්තං ඒ නමටම වෙන එකෙක් දාපු කමෙන්ට් එකක්ද කියලා හොයාගන්න බැහැ ආවට ගියාට.. ඒ ලින්ක් දිගේ ගිහින් බලන්නම වෙනවා...

    ඒ හින්දා මොන මගුල ෑනත් කමක් නැහැ මීට පස්සේ බ්ලොගර්වල කරන දෙයක් කරහං... මං එදා උදේ වර්වේ ඕක පටන් ගන්නකල් උදේ අටේ ඉදන් සැරෙන් සැරේට බැළුවා අනිත් වැඩ අස්සේ.. එහෙම බලං හිටලා අන්තිමට දයාමාර වෙද්දි එක පාරටම මෙන්න වර්ඩ් ප්‍රෙස් කිව්වා විතරයි මට යස්සයා නැග්ගා.. මං ගියා.. :D

    ReplyDelete
    Replies
    1. උඹෙ දිගු අදහසට ස්තූතියි මහත්මයා. කරුණාකර පිළිතුර පහලින් පොදු පැහැදිලිකිරීමක් ලෙස බලාපොරොත්තුවන්න

      //කොහේද යකෝ මම ප්‍රචාරණයෙන් දායක උනේ..? //


      ඇයි යකෝ අර එෆ් බී සංවාදෙ නිසා කී දෙනෙක් ඕක දැකල ලැයික් දැම්ම කියලද? ඒක නිකං හරියට උදාරි ඔඩෙල් එකෙන් පස්සෙ හිටියටත් වඩා ජනප්‍රිය උනා වගේ සීන් එකක්නෙ.

      Delete
    2. මාරය කියුව ටිකම තමයි මටත් කියන්ඩ තියෙන්නේ

      බ්ලොගර් උඩ කක්කුස්සි වලක් ඉහින්ඩ හරි එනව
      වර්ඩ්ෆේස් උඩ බුද්ධ පූජාවකටවත් මං නැ

      Delete
    3. Atama++++++++++++++++++++

      Delete
    4. අනේ පලයං අටං යන්න. උඹේ බ්ලොගෙ කමෙන්ට් වලට උත්තර දාන්න හොයාගන්න නැති එකා එනව බුද්ධ පූජාවට!

      Delete
  5. උදේම වැඩෙට ආවා එකක් කෙටුවා විතරයි අකුරු තදේ පිස්සු නැටුවා පස්සෙ ආවත් අලුතෙන් වින්ඩොර් මතු වෙන්න ගත්තා නොනවත්වා ෆොරෆ්යිල් පින්තුර පොල් සයිස් එකට පෙනවා එකම විකාරයයි ,අයේ කරනවා නම් බොගියක මෙක කරන්න එක පහසු වෙයි මගේ අදහසක් විතරයි ...කොම උනත් ජොලි වැඩේ ඈ :))

    ReplyDelete
    Replies
    1. අනී බං හෙනං උඹෙ ගොම්පිතරේ අවුලක්. අනික් උන්ට යසට පෙනුනෙ. හැබැයි කමෙන්ට් හරි තැනට නොවැටෙන අවුලක් ආව තමා අන්තිමට අර නෝනද පොල්ලද තරඟෙට.

      Delete
  6. අඩේ ඉන්දික ගොයියො, මොකැ මචෝ ඔහොම නෝක්කාඩු කියන්නේ මන් තකහනියක් ඇවිත් බයිලා පද දෙකක් කීවා නෙව. දිගටම සෙට් වෙන්න නම් බරි වුනා තමයි. ඊලග එකේවත් බලමුකෝ.බොහෝම ස්තූති මාවමතක් කොලාට.

    ReplyDelete
  7. ඉන්දික මචං , පට්ට වැඩේ.
    මමනං පුල් පන් එකක් ගත්ත.
    දවස තමයි එකම අවුල
    නෙරළු වෘක්ෂ සාර මහා දේවාලේ පුජාව තියන දවස් වලින් එකක් තමයි ඕකට හොඳම
    නැත්තං MD Wants You කියල අර කව්ද එකියක් කෝල් කරන හැම පාරම වැඩේ හබක්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් මචෝ. ඔබෙ සැප අපෙ සතුටයි. උඹ පහුවෙනිදත් බයිල එකක් දාල තිබ්බ නේද. මම අන්න එක අද දැම්ම.

      මොකද්ද බං ඔය කියාපු කොස්ගස් පූජාව?

      Delete
    2. මෙතනට පලෝ
      http://dampatadedunna.blogspot.com/2014/07/blog-post_29.html

      Delete
  8. ආයෙත් කරනවා නං අදහස් ටිකක්...

    - මාත් කැමති බ්ලොගර්... කාගෙන් හරි අහලා බලපං 200 පැන්නහම Load More ඔබන්නේ නැතුව කෙලින්ම ඒවා ලෝඩ් කරගන්න ක්‍රමයක් තියනවද කියලා.. එහෙම නැත්තං 200 පැන්නහම ඒ බව ටොපික් එකට ඇඩ් කරපං. WP වල රිප්ලයි සහ රිප්ලයි වලට රිප්ලයි සහ ඒවටත් රිප්ලයි වැටුණහම මහ චාටර්.

    - දවසකට එක බයිලා මඩුවක් පමණක්

    - කාන්තාවන්ටත් අපහසුවක් නැතුව සහභාගී විය හැකි ටොපි(ක)යක්

    ReplyDelete
    Replies
    1. හරි මහත්මයා. ඔබේ අදහසටත් ස්තූතියි! වැඩිදුර පැහැදිලිකිරීමක් පහත ඇත.

      Delete
  9. අමාරුවෙන් මිරිස් නැතුව හදපු චිකන් කරිය ගැන සඳහන් නොකිරීම ගැන මාගේ බලවත් විරෝධය. ඒවා කාපු සමහරුන්ට පහුවදා දවල් වෙනකල් මුකුත්ම කන්ටත් බැරි වුනාලු. ඇයි දන්නේ නෑ... :P

    ReplyDelete
    Replies
    1. මිරිස් නැතුව හොදි හැදුවම මම උන්න මෙයා රත්වත්තෙද කියලත්. විජේවීර කිව්ව වගේ මුන් ඔක්කොම ඉතින් අර පවුල් හතලිහ ඇතුලෙ අයනෙ. කොහෙ කන්නද අනේ බඩේලිය ගියානෙ අර හොද්දට :P

      Delete
  10. සික්...

    මම දන්නෙත් නැහැ බොලව්...

    ReplyDelete
  11. යකෝ එහෙම මඩුවකුත් තිබුණද? මම දන්නෙවත් නෑනෙ. නැත්තං දෙනව අර වෙනියගෙ රෙදි ගැලවෙන්න.
    කවුද බං අර බයිල හතරක් කිවුව ප්‍රසා මම දන්න එකෙක්ද.
    අර වෙනී අයියට කෙලවන්න හදපු දෙමළ ණයා කවුද.

    එනිවෙ, වැඩේනං නියමෙට ගියා. පළවෙනි එක හින්ද ඉතිං පොඩි පොඩි අවුල් නොතිබුණා නෙමෙයි. ඊගාව පාර ඒවත් හදාගෙන දෙමු නියම වැඩක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, උඹටටත් ඇල්සයිමර් ද වල්සයිමර්ද? වෙනිය එදා බිත්තර කට්ටක රින්ගල ඉඳල තියෙන්නෙ.

      Delete
  12. වෙඩි තියනව යකෝ මූ මාව කාල... සැක් ඉතරක්.. ආයෙ නං පැත්ත පලාතක එන්නෙ නෑ...
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමා. උදව් කරපු උන්ට දෙනව ආයෙ දොඹෙන්, හරියට ලොක්ක වගේ.

      Delete
  13. මීට පස්සෙ බයිලා හරි මොනව හරි මඩුවක් දානවනං බ්ලොගර් දාපං.ඒ වර්ඩ්ප්‍රෙස් වස්තරේ මං දාපු බයිලේ ඇනෝ වැටුණා.බුදුන් වැඳල පටන් ගත්ත විතරයි.

    ReplyDelete
    Replies
    1. උඹල වර්ඩ්ප්‍රෙස් වල ඇනෝම දාල පුරුදුවෙලා ඒකයි :P

      Delete
  14. ඉන්දික බොස් තැන්ක්ස් කිවා අපිවත් මතක් කලාට ......
    අපි ඉතින් කඩචෝරු විකුණලා කට්ටිය පොඩ්ඩක් ෆෝම් කරන්න ට්‍රයි කලේ ...
    කොහෙද මේ රටේවත් නැති එකෙක් අපිට සද්ද දැම්මනේ ...
    නියමයි ඉන්දික වැඩේ ....ගොඩක් රස වින්දා
    (කඩල විකුනපු ඇනෝ )

    ReplyDelete
    Replies
    1. අනේ මේ කඩලා විකුනපු අහින්සකයන්න පාට් දාපු එකා මොකාද බන්

      Delete
    2. ඇනෝ, ඒ නර්ප්පඩයට මම පුකට පයින් ගහන්වනෙ උඹ ඒ වෙලාවෙම කිව්වනං.

      මැලේ, උඹ වරෙන් හරහට අරන් xරි ටිකක් දෙන්න පනේ.

      Delete
  15. ලොක්කා ඊගාව පාර දාමුද හිටිවන කවී මඩුවක්.
    හැබැයි රජෝ බ්ලොග් වල අරීද...:D

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකත් මගෙ ලිස්ට් එකේ තියෙනව. බලමු, පාඨක අදහස් අනුව තමයි මේ පාර අඩවිය තෝරගන්නෙ.

      Delete
  16. ඉන්දික, දවස තමයි කේස්.. මාසේ අන්තිම සතියේ වැඩ වැඩියි.. නැත්තං ඉතිං බලාගන්න තිබ්බා.. එලි වැට කැඩෙන හැටි... ඊලග එකේදී මේව්වා වෙමු....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නොකෙරෙන දිගෙ හෙවනැල්ලත් ඇදලූ නේ! අනේ පල ගෙම්බො යන්න. එනව මෙතන වැල් බයිල ගහන්න දැන්. හොරාට එතන බලං ඉඳල.

      Delete
  17. ඔටුවත් බයිල මඩුව පැත්තෙ ඇවිත් යන්නමයි හිටියෙ...
    අමතක වෙලාම ගියානෙ අම්මපා....

    ReplyDelete
    Replies
    1. ඔටුව මඩුවෙ රිංගන් වැඩක් කියල දන්න නිසා මාත් නිස්සද්දව උන්න කතාවත් නොකර. ඊළඟ පාර බලමු.

      Delete
  18. හොඳයි මිතරවරුනි, අපට නැගෙන චොදනවන්ට පිළිතුරු දීමේ වාරයයි දැන් එළඹ තියෙන්නෙ.

    අපි මුලිම්ම කියන්න ඕන, මීට වඩා ගල්/ අදහස්/ විවේචන අපි බලාපොරොත්තු උනා ප්‍රෙක්ෂක ඔබගෙන්, ඊලඟ වටයට යන්න. ඒත් ඉතින් මාරෙයි, රාජුයි, අරුයි, තිසරයි සේරම කවර් කලා කියල හිතලද දන්නෙ නෑ අනෙක් අය ඒ ගැන වැඩි අදහසක් දක්වල නැහැ!

    වර්ඩ්ප්‍රෙස් අඩවියක පටන් ගැනීම - මේකට මූලික හේතු කිහිපයක් තියෙනව ( බ්ලොගර් වල මෙම පහසුකම් නැත )

    1. වර්ඩ්ප්‍රෙස් වල තියෙන කමෙන්ට් 200 වැඩි වූ විට ලෝඩ් කිරීමට අවශ්‍ය නැතිවීම.

    2. බ්ලොගර් මෙන් සමහර විට 200 එහ ගිය කමෙන්ට් ලෝඩ් නොවීම, හිර නොවීම වැනි පහසුව.

    3. අලුත්ම කමෙන්ට් ( බයිලා ) පහසුවෙන් දැකගත හැකිවීම සහ අදාල ස්ථානයට එක ක්ලික් එකක් මගින් වහාම යා හැකිවීම

    4. රිප්ලයි එකකට රිප්ලයි කල හැකිවීම. උදාහරනයක් ලෙස "අරූ"ගේ බයිලාවක ඉවාන් උත්තර දෙයි. ඉවාන්ට මම උත්තර දෙයි. එහෙත් පත්තරේට අවශ්‍ය ඉවාන්ටම පිළිතුරු දෙන්නට නම් ඒ සඳහා වන සෘජු පහසුව. එමෙන්ම බයිලා නොලියන මුත් හුරේ දැමීමට, හූ කීමට වැනි සංදර්ශණයේ ජීව ගුණය පවත්වාගත හැකි අනෙකුත් ක්‍රියා සඳහාද මෙම පහසුකම යොදා ගත හැකි වීම.

    5.බ්ලොගර් වල තරම් ප්‍රොෆයිල් කරුවන් ඇනෝ වෙස් ගෙන මඩ ගසන්නට ඉදිරිපත් නොවීම.


    නමුත් මාරය කිව් ලෙසට මෙහි කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කර බැලීමේ හැකියාව නැතිකම ( හෝ තිබෙන ක්‍රමය සාර්ථක නොවීම ) ගැටලුවක්.හැබැයි අර මාරයා කියු මූනු නොපෙනෙන එකටනම් විසඳුමක් නැහැ, අදාල පුදගලයන් තමන්ගෙ ඇවටර් එක හරියට හද ගන්නවා හැර.

    රාජ් කියල තිබ්බ, බයිල කාරයො අඩුවීම. ඒකට එක හේතුවක් වෙන්නැති කට්ටිය අකමැති වර්ඩ්ප්‍රෙස්. අනෙක දවස හෝ වේලාව. ඒ ගැන ඉතින් දැනගන්න වෙන්නෙ සහභාගිවෙන ඔබේ අදහස් අනුව. අනෙක් රාජ් මතුකල දේ මතෘකා දෙකක් වීම. මේකත් අපි මුලිම්ම කියල තිබුන, දෙකක් තියෙනව කියල. නමුත් වැඩේ සිද්ධ උනම තමයි ඇත්තටම අපිටත් පැහැදිලි උනේ ඒකෙ අපහසුව.

    තිසර කියල තිබුන කාන්තා පාර්ශවයටත් දායක වෙන්න පුලුවන් මාතෘකාවක් දාන්න කියල. මේක ඇත්තටම ප්‍රායෝගිකව අමාරු දෙයක්. හේතුව මොන මාතෘකාව දැම්මත් බයිල වල රස එන විදියට බඳින පද කිහිපයක් "මහත්තුරු" දාපු ගමන් නෝනල දුවනව. එහෙමනම් එක්කො කරන වෙන්නෙ "කාන්තාවන්ට වෙනම තරඟයක්" තියන එකයි කියලයි මට හිතෙන්නෙ.

    අරූ කියල තිබ්බ මාතෘකාවක් නැතුව පටන් අරන් පස්සෙ මූලාසනෙන් මාතෘකාවක් දෙමු කියල. මම හිතන්නෙ මඩ කරි වගේ මඩ නාන්න කියල මාතෘකා නොදීම ඉන්න :) මොකද කියන්නෙ?

    ඉතින් මේ ඔක්කොම අදහස් කැටි කරල අපි බලාපොරොත්තුවෙනව ඡන්දයක් තියන්න. අන්න ඒ අනුව අපිට පුලුවන් වෙයි වඩා සුදුසු වැඩපිළිවෙලක් හොයා ගන්න කියල හිතෙනව. හැබැයි ඡන්දෙ එනකල් ඉන්න එපා, ඔබේ තව අදහස් බෙදා ගන්න. මොකද ඒක ඡන්දෙට අදාල ප්‍රශ්ණාවලිය හදා ගන්න පහසුවක් වේවි.

    ReplyDelete
  19. ඉතිං කොහොමද...?
    තරඟෙ හොඳට තිබ්බද...?
    කන්න මොනාද තිබ්බෙ..?
    ස්ටේජ් එකට නැග්ග කට්ටිය ඇඳන් ආවෙ මොනාද..?
    කට්ටියගෙ හෙයාර් ස්ටයිල් කොහෙමද...?
    බාර් එක දාගත්තෙ කොහෙද..?
    බයිට් එකට මොනාද තිබ්බෙ...?
    කවුද බයිල කිව්වෙ..?
    මොකාද දින්නෙ... ?

    මං පරක්කු පෝලිමේනෙ... රිපීට් ටෙලිකාස්ට් එකක් පස්සෙ වෙලාවක තමයි බලන්න වෙන්නෙ.... හි හි

    ReplyDelete
    Replies
    1. අන්න තීනව බැබැලි බැබැලි. ගිහින් බලන්න. බයිලන්ං ගහන්න එපා පබ්ලිෂ් කොරන්නෙ නෑ.

      Delete
  20. අපි බයිලා අහන්න එද්දි වැඩේ අහවර වෙලා නොවැ...ඊලග වතාවෙවත් බයිලයක් අමුණන්නං ලොකු අයියෙ...බොට ජය !

    ReplyDelete
    Replies
    1. හරි මලේ, වරෙන් ඊලඟ පාරවත් බයිලාවක් ගහන්න.

      Delete
  21. එක් මාත්තුරුකාවක් ඇති..හැබැයි මං හිතන්නේ වැඩේට ලේසිම වර්ඩ්ප්‍රෙස් කියලයි.. කව්ද යකෝ මාතර ඉන්නේ.. මගේ බල්ලවත් යන්නෘ ඒ පැත්තේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. හම්මේ ඇති යන්තන්, වර්ඩ්ප්‍රෙස් වලට කැමති එකෙක් ඉන්නව. අනේ මන්ද බං, මේ එක එක කොල්ලො කියන්නෙ උඹ මාතර අහයි කියල දක්කන්නෙ.

      Delete
  22. සරාගොය්යාAugust 4, 2014 at 9:52 AM

    මරුම මරු වැඩක්........
    මම බ්ලොග් වලට ආගන්තුකයෙක්
    හැබැයි මේ වැඩේට ආස හිතුන නිසා සෙට් උනේ
    ආයේ දවසක මේවගේ වැඩක් කරමු...

    ReplyDelete
    Replies
    1. අනිව ගොය්යො. අපි සෙට් වෙමු. අර තව හොරෙක් හිටිය පොලොන්නරුවෙ පොඩි විජේ කියල. ඌවත් සෙට් කරන් වරෙන්.

      Delete
  23. පිටු තුනක් තිබුන නිසා වැඩේ අවුල් වුනා මගේ හිතේ. මාරයා කියනවා වගේ රිප්ලයි එක මේල් එකෙන් බලාගන්නත් බැරිකමේ පාඩුවත් තිබුනා. මෙහේ වෙලාවෙන් නැගිටින කොට වැඩේ ඉවරවෙන්න ළඟයි (ඒකට උඹට කරන්න දෙයක් නැහැ. ඒක මගේ වරදක් ) අන්තිම වැරැද්දත් මගේ අතේ...ඇති පදමට කොත්තමල්ලි තම්බගත්ත නැති එක. කඩේ ගිහින් එනකොට චූන් එක බැහැලා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. අපි ඊලඟ එක ඔය අඩුපාඩු වලින් ඉගෙනගෙන පස්මහ බැලුම් බලල හරියට කරන්න ඕන.

      Delete

LinkWithin

Related Posts with Thumbnails