Saturday, June 29, 2013

අමරෙ අංකල්, ඔබට සුභ ගමන්!





කෝ පුතේ උඹේ බ්‍රැන්ඩි බෝතලේ කියාගෙන අපේ කන්තොරුවට ගොඩවී මා ඉදිරිපස හිඳ විමළසේන නම් වූ අපේ ආයතනයෙ කෝකටත් තෛලය කොහිදැයි සෙවූ අමරෙ අංකල් නොහොත් අමර හේවා මද්දුම මහතා ඊයෙ නික්ම ගොස් ඇත.

අමර හේවාමද්දුම මහතාගෙ අයියාගේ පුතා වූ නාලක සමඟ ඔහුගේ ආයතනයේ රාජකාරි කල කාලයේ මට හමුවී පසුව පවුලේ හිතවතකු වූ අමරෙ අංකල් මට හමු වූ ඉතාම සුන්දර මිනිසුන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

මාතර නූපේ ගොවි පවුලක උපතිස්ස සහ ධර්ම යන දෙබෑයන්ට මැදිව ඉපිද පරිපාලන ලොව දික් විජය කල මේ සොඳුරු මිනිසාගේ දින ගනනක් කියන්නට තරම් වන රස කතා, අතීත ඕපාදූප, ඉතිහාස කතා සහ දේශපාලන සිද්ධිවලින් ගහන මතක පොත ඇවිස්සීමට හොඳම ක්‍රමය තරමක් කෝප ගැන්වීම බව මා සොයාගත්තේ ඔහු අප හමුවන්නට ආ මුල් කාලයේදීමය.

අමරෙ අංකල්ගෙ කතා මල්ලෙහි එවකට රට කරවූ ලොක්කන්ගේ නොයෙක් පුද්ගලික තොරතුරු විය. ඔහු ඉතිහාසය පිළිබඳ උපාධිදරයකු නිසාම නොව, වඩා පොත පත ගවේෂනය කරන්නකු නිසා ඉතිහාසයෙ අඳුරු තැන් පිළිබන්ද තමාගේම විවරන තිබිනි. එමෙන්ම පාලි සිංහල, ඉන්ගිලිසි සහ සංස්කෘත මැනවින් හසුල භාෂා පරමේශ්වරයෙකු විය.

අමරෙ අංකල් දක්ෂ පරිපාලකයකු, හොඳ දිසාපතිවරයකු වීදැයි මම නොදනිනිමි. එය දන්නේ ඔහුගේ සමකාළීනයන් සහ සේවය ලබාගත්තවුන් පමණි. එහෙත් ඔහු හා ඇසුරු කල කාලය තුල මා හඳුනාගත්තේ අමර හේවාමද්දුම යනු අද රජයේ ඉහල නිළධාරියකුගෙන් දැකිය නොහැකි තරම් පුළුල් දැණුමකින් හෙබි, ඉතාම සොඳුරු සහ අහිංසක නිර්ව්‍යාජ නියම මාතර මිනිහකු බවයි.


ඒ සියල්ලටම වඩා පොඩි එකෙකු මෙන් රසවත් කතා කියමින් විනෝදකාමියකු විය. අමරෙ අංකල් 90 දශකය මුල වනතුරුම පාවිච්චි කලේ 5 ශ්‍රී පර්ජෝ කාරය වූ අතර ඉන්පසුව කුඩා ටර්සෙල් රථයකට මාරු විය. කළුබෝවිල නිවසේ තම ප්‍රාණ සම බිරිඳ සමඟ පසුව තනිවම විසූ අමර හේවාමද්දුමයන් ඉතාම විශාල සහ අනගි පුස්ථකාලයකට හිමිකම් කීය. ඒ අනගි පොත්ගුලෙහි ඉඳ හිට පහස ලබන්නට දුලභ අවස්ථාවක් ලද කිහිප දෙනාගෙන් එකකු වීමට මටද භාග්‍ය ලැබුනි. එහෙත් මේ වටිනා මිනිසාගේ තරම නෝතේරුනු ඔහුගේ පසු පරපුර ඒවාට කුමක් කරාවිදැයි ඇසිය යුත්තේ දෙවියන්ගෙනි.

අනුරාධපුරයේ දිසාපති, ලංගම සභාපති, අධිකරන අමාත්‍යාංශයේ උපදේශක යන මොන තනතුරු දැරුවද, පාසැල් කාලයෙන් පසු විසුවේ ගමෙන් පිටම වුවද ඔහුගේ දෙඩුම ඔහේලැයි මක්කටෙයි බසින් මිස සමහර දිසාපති හාමුදුරුවරුන්ගේ උද්දච්ච කැඩුණු සිංහලයෙන් නම්  නොවීය.


ඔහු මා ඉදිරිපස හෝ මට එහා මේසයේ සිටි නාලකගේ බිරිඳ ඉදිරිපස හිඳ ගත්විට ඒ පසුපස ගොඩ වදින්න විමලේ "සර් තෙකක් ගේන්නද" යැයි විමසන්නේ උවමනාවට වඩා පුරුද්දට මෙනි. "ඔව් ඔව්, මේ ලංකාවෙ හැම ගෑනිම මට දැන් තේ හදන්නෙ සීනි නැතුවනෙ, ඒ නිසා උඹවත් සීනි දාපු තේකක් ගෙනෙන් බං" යයි සුපුරුදු ලෙංගතු ස්වරයෙන් කියමින් පසුව විමලේ ගෙනෙන රසවත් තේ කෝප්පය තළු මරා රසවිඳ තරමක් වෙලා අප පිනවමින් රස කතා කියා පිටව ගිය ඒ සොඳුරු මිනිසා අද සදහටම නික්ම ගොසිනි.

අතිශය ඉන්දියානු විරෝධියකු වූ මා හට ඔහුම කී පරිදි තමන් ලංගමයේ සේවය කරන කල දුටු ඉන්දියානු කුවේරයන්ගේ ජීවිත ලොව අන් කවර රටකවත් ධනවතකුගේ ආඨ්‍යට සමකල නොහැකි බවත්, එනිසා තම එකම පැතුමද එවන් මැඳුරක යළි ඉපැදීම බවත් ය.

තමා දකින්නට එනවානම් ඉහල ගනයේ බ්‍රැන්ඩි බෝතලයක් රැගෙන මිස නො එන ලෙස තරවටු කර පසුව ගෙන ආවිට බියර් බෝතලයක්වත් භාර නොගන්නා, අවංකව රාජකාරියෙන් කීර්තියට වඩා යමක් උපයා නොගත් ඒ සොඳුරු මිනිසාට පැතූ සුව පිරි නව ආත්මයක් පතමි!

අමරෙ අංකල් නොහොත් රටම හැඳිනූ අමර හේවාමද්දුමයන් ගැන රස කතා සහ කියුම් බොහෝ ඇති මුත් ලියන්නට කාලයක් නැති කම පරහක් වී ඇත. මේ ලියා ඇත්තේ ඔහුගෙන්ඇසු එක රස කතාවකි. මෙයට වඩා රසවත් තව බොහෝ කතා එතුමන් නොකියාම රැගෙන ගොස් ඇති බව මා දනිමි. වියෝවක දුක එයයි.

අමරෙ අංකල්, අපි ආයි හම්බුවෙමු!

35 comments:

  1. අමරෙ අංකල්ට උපහාරයක් වෙන්නට ඒ රස කතා ඉදිරියේදී ලියවේවා.

    වරදක් නොකරන හිත හොද උන් එක තැනක දී හමුවේවි.. !

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නං යමරෙට බිසී. මොකද මම බ්ලොග් ලියන්නෙ කන්තෝරු කාලෙ නිස වැඩ වැඩි නම් නෝ බ්ලොග්. ඒකනෙ උත්තර දාන්නත් පමා.
      හිත හොඳ උන් හම්බුවේවි, ඒක ඇත්ත.

      Delete
  2. එයා ගැන මාත් අහල තියෙනවා හොඳ පරිපාලන නිලදාරියෙක් කියල . මම පොතක් කියෙව්ව කෙනෙකුගෙ එයාගෙ වාසගම තියෙන. ඒ පුතාද දන්නෙ නැ.
    හොඳ මිනිහෙක් නිසා ඔහු හොඳ ලෝකයකම ඉපදේවා කියල ප්‍රාර්තනා කරමු.

    ReplyDelete
    Replies
    1. ඔයා කියෙව්වෙ නාලක හේවාමද්දුම කියන නමින් ලියපු පොතක් නම්, ඒ අමර අංකල්ගෙ අයියගෙ පුතාගෙ පොතක්. අමර හේවාමද්දුම සහ නාලක හැර ඒ පවුලෙ අනික් අය මම දන්න තරමින් සිංහල පොත් ලියල නෑ.

      Delete
  3. පුද්ගලිවකව අබ මල් රෙනුවක් නොදැන උන්නට රූපවාහිනියෙන් පොත් පත් වලින් දැකල මගෙත් බොහොම සිත් ගත් පුද්ගලයෙක්..අපේ ගෙදර අයගෙත් ගෞරවාදරයට පත් වුන බොහොම අපුරු කතා ශෛලියක් ජීවන ශෛලියක් තිබ්බ මනුස්සයෙක් කියල දැනුන..
    එතුමාට නිවන් සුව..

    මේ ඔය නාලක කිව්වෙ ටිවි එකෙ ඒ දවස් වල නිතර දැකපු බොහොම සිත් ගන්න සුලු නාලක හේවාමද්දුම ද ? ඒ අමර හේවා මද්දුම මහත්තයෙගෙ නැයෙක් ද

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ නාලකයි මේ නාලකයි එකයි. ඒ නාලක කියන්නෙ ඔබ දකින කාලෙදි අවුරුදු හතලි පහක විතර "පොරක්". දැං ඉන්නෙ කැනඩාවෙ, අමර හැර ඒ පවුලෙ අනෙක් සිරා චරිතෙ තමයි නාලක. අමර හේවාමද්දුමගෙ මලයත් අයිය වගේම පරිපාළන නිළධාරියෙක්, ඒත් දක්ෂ නිසා වැඩිය කවුරුත් දන්නෙ නෑ!

      Delete
  4. අපි කාටත් දවසක යන්න වෙනවා.

    ආයුබෝවන් ඉන්දික අංකල් කියාත් දිනයක ලියවේවි!

    ReplyDelete
    Replies
    1. මම වෙනුවෙන් මෙහෙමවත් ලියවෙන්න හිතෙන මට තව ගොඩක් හොඳ සහ දක්ෂ වෙන්න වෙනව කකා.

      Delete
  5. මෙතුමාගේ ස්වයං චරිතාපදානයේ පහුගිය අවුරුද්දේ මට කියවන්න ලැබුණා. හරිම රසවත් තවමත් ඉද හිට ඒ පොත මම කියවනවා. ගන්න ආදර්ශ බොහෝමයි

    එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. එතුමගෙ පොත් කිහිපයක්ම තියෙනව. අමර සමර තමයි රසවත්ම. එයිට අමතරව ත්‍රිපිටකය සි'න්හලෙන් ලියල නැදිමාලෙ බෞද්ධ මධ්‍යස්ථානෙ එක්ක එකතුවෙලා. පොත් සෙට් එක ගනන්, ඒත් වැඩේ මසුරං පහට කරල තිබ්බ, කොටිම්ම මැදපු කොලවල අච්චු ගහල, හම් බැම්මෙන් බැඳල, බසෙහි, මුද්‍රණයෙ වැරදි නැතුව එහෙම.

      Delete
  6. ඒ මතකයන් පුළුවන් නම් ලියන්න. මමත් ඔහුගේ ළිපි ඉහළින්ම රස විඳපු කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ඉඩ තීන විදියට බලමු බං. මේ දවස් වල පට්ට බිසී.

      Delete
  7. මමත් ඔහු ඔය සති අන්ත පුවත් පත් වලට ලියපු කොලම් වලින් තමයි ඔහුව දන්නේ. මමත් ප්‍රිය කරපු වරිතයක්. ඔහුට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිපෙල මාර රසයි තමා ඩූඩ් අයියේ , මට කටහඩ අහන්න ලැබුනා එතුමා කල දේශණයක කැසට් එකකින් ( මතක හැටියට ඒක සිරකරුවන්ට කරපු දේෂනයක්)

      Delete
    2. ඩුඩ්,

      සූරියප්පෙරුම තරම් ජනප්‍රිය නොවුනට ඊට වඩා රසවත් කතාවෙහි, ලිවීමෙහි දක්ෂයෙක්. ඒත් ඌ එම් පී නිසා තැනක් තිබ්බෙ නෑ මේ ආන්ඩුවෙන්

      Delete
  8. ඔහු වැනි මිනිසුන්ගේ සමුගැනීම යුගයක අවසානයත් සනිටුහන් කරනවා ඉන්දික.

    ReplyDelete
    Replies
    1. සහතිකවම. ගල් යට ගිහින් ගොම රිටි මතුවෙනව. ඉන් පස්සෙ මේ අතීත දක්ෂයො ගැන කියනකොට අපේ පොඩි උන් අපිටත් කියයි අතීතකාමෙන් පෙලෙනවයි කියල.

      Delete
  9. අසා ඈතිවිදියටත් ඔබ කිවු ආකරයටත් අපුරු මිනිසෙක්

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම. කට ඇති එකාට වැඩ බෑ, වැඩ ඇති එකට කට නෑ කියන කතාව බොරු කල කෙනෙක්.

      Delete
  10. අමරහේවා මද්දුම යනු මෙරට එක්තරා යුගයක සිහංල සාහිත්‍ය සේවනයෙහි රසවතකෙි. මහරු විද්වතෙකි. සාහිත්‍ය රසකාමියෙකි.

    මේ සටහන පවසන්නේ අතීත පුවතයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ වගේම මේ සියළු ගුණාංගයන්ගෙන් හෙබි කීර්තිමත් රාජ්‍ය සේවකයෙක්. අන්න ඒකයි වෙනස.

      Delete
  11. මේ වගේ ලිපි සියයක් ලිව්වත් එතුමා ගැන කියලා ඉවර කරන්න බහ. ඒ කාලේ ගුවන්විදුලිය්ව් 'ශාස්ත්‍රීය සංග්‍රහය' නමැති වැඩසටහනට ඇවිල්ලා එතුමා කියපු දේවල් පොත්වල ලිව්වානම් තව පරම්පරා හතකට කියවන්න දේවල් අපට ඉතුරු වෙනවා. අපට අහිමි වුනේ මහා දැනුම් කෝෂ්ඨාගාරයක්. එතුමාට නිවන්සුව ලැබේවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපිට දැනුම තියෙන මිනිස්සු නැති වෙලා බයිල කියන උන් ඉතුරුවෙනව. විචාරක කියපු එක හරි.

      Delete
  12. කෝ බං මගේ කොමෙන්ට් එක...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ යකෝ උඩින් බැබලි බැබලි!

      Delete
  13. සුභ ගමන් අමරේ අංකල්.. ඉන්දික වාසනාවන්තයි ඒ තරං අත්දැකිම් ඇති රාජ්‍ය නිලධාරියෙකු හා ගැවසීමට තරම්..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකය. ඒත් දුක මම යන්න හිටිය වැකේශන් එක ජුනි විස්ස ගියානම් අන්තිම මොහොතෙ හරි මනුස්සයව දකින්න තිබ්බ නේද කියල හිතෙනකොටයි ( වැඩ වැඩි නිසා නිවාඩුව කල් ගියෙත් කරුමෙට ).

      Delete
  14. අපූරු මිනිසෙක් වෙන්න ඇති
    ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ඉතාම අපූරු මනුස්සයෙක්. ඒත් මිනිහගෙ දරුවො විතරක් ඒ වටිනාකම දැනන් උන්නෙ නෑ.

      Delete
  15. මමත් කාලයක් බොහොම ආසාවෙන් රිවිර පත්තරේ පළ වුණ "අමර සමර" විශේෂාංගය කියෙව්වා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අමර අංකල් විහිළුවට කියන්නෙ කිව්වෙ "නිවන් යන්න ඉස්සෙල්ල තව රට රටවල ඉපදිල සැප ජීවිතයක් ගතකරන්න ඔනේ බං, බලහං බුදුහාමුදුරුවො අන්තිම පාරත් කරන්න තීන සේරම කරලනෙ එතනට ගියෙ" කියල.

      Delete
  16. ලංකාවට ආවද? ඔබේ මුදල් ලැබුනාද?

    ReplyDelete
  17. හැබැහින් නුදුටු...වදනින් දුටු..ඒ සොඳුරු මිනිසාට නිවන් සැප ලැබේවා...!!

    ReplyDelete
  18. pirunu kale diya nosale..........marayage post 1kiyawala me patthata awe ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails