Wednesday, June 15, 2011

අවඥාසහගතම සිනහවන් නොහොත් ගැහැණුන්ගේ හතර හිනා!



බඳින්න හොඳ නැති ගෑණු ගැන කියල තිබ්බ කලින් පෝස්ට් එකේ වත් නගා අහල තිබ්බනෙ ගෑණුන්ගෙ චපල හිත් මනින්නෙ කොහොමද කියල.

ඒ අස්සෙ මෙන්න දුකත් දාල ගෑණු ජාතිය ජරා ජාතිය කියල. ඒ මදිවට මෙයා නැන්දම්මල ජරා ජාතියක් කියල ලියල!

වැල යන අතටම මැස්ස තව ටිකක් දික් කරන්න හිතුවමත් නෙමෙයි, ඒත් එහෙම නැතුවමත් නෙමෙයි!

මට බමුණ කියපු අයට පොඩි තල්ලුවක් දෙනව නෙමෙයි, ඒත් ඉතින් හොඳ බමුණො කියපුව ගොඩක් බලං යනකොට ඇත්තනෙ. ඇත්තටම මේ බමුණො මොකද මෙච්චර ගෑණු එක්කම තරහ කියලත් හිතෙනේව වෙලාවකට.

මේ කතාව මට කිව්වෙ බමුණෙක් නොවුනත් හොඳ පඬියෙක් වෙච්චි අමරෙ අංකල් නොහොත් අමර හේවාමද්දුම මහතා. ඒ කවුද කියල දන්නෝ දනිති, නොදන්නෝ හොයා ගනිති.

මේක කියන්න නිමිත්ත උනේ අපි 2002දි යාපනේ ගිය ගමණක්.

සටන් විරාමෙ ගහල පාර ඇරල මාසයක් විතර ඇතුය්ලත් කාලෙදි අපිට විජමු මහත්තයගෙ අනුහසින් අධි සුඛෝපබෝගී සාම චාරිකාවක් යන්න ලැබුන උතුරට, ඒ කිව්වෙ යාපනයට.

බොහොම සුන්දර මතකයන් පිරිච්ච ඒ ගමණ ගැන වෙනම දවසක ලියන්නං.

ඔය ගමන ගිය බස් රථ දෙකෙන් අපි ගිය එකේ ඉස්සරහට වෙන්න හිටිය අමරෙ අංකලුයි තව පැන්ෂන් ගිය මහාධිකරන විනිසුරුවරු දෙන්නෙකුයි, මාව ගමනට පූට්ටු කරපු නාලකයි එයාගෙ නෝනයි, රියදුරයි.

කට්ටිය ඉස්සරහ මඟ සිරි බල බල කතා කර කර යනව. බොහොම රසවත් ශාස්ත්‍රීය විවාද, අතීත මතක සටහන් අතරෙ හෙමිං හෙමිං බස් එක අනුරාධපුරේ ඉඳං වවුනියාව පැත්තට ගාටනකොට මෙන්න බොලේ එකපාරටම පිටිපස්සෙං මහා හිනාවක් නිකං කිකිළියෙක් බිත්තරයක් දැම්ම වගේ!

පිටිපස්සෙ හිටියෙ තුන්ලොවට සුන්දර එතකොට අධිකරන අමාත්‍යංශෙ උපදේශක කාරියක් කරණ වයසක නෝන කෙනෙකුයි එයාගෙ තරුනයි කියල හිතං උන්න දුවයි ඒ දුවගෙ පොෂ් කියල හිතං උන්න සැමීයි ළමයි දෙන්නයි තව ඒ ජාතියෙම තුං හතර දෙනෙකුයි.

ඉතිං ඒ පැත්තෙම උන්නෙ එකම පිරිමියෙක් නිසා හිනාව කාගෙන්ද කියල හිතා ගන්න බැරි උනාට අර මහිලා සමිතියෙ සභාපති තුමා කියපු යමකට තමයි කට්ටිය හිනා උනේ කියල මූණු වලින්නං පෙනුන.

රස කතාවක් කිය කිය හිටිය අර විනිසුරු උතුමෙකුට අසූ හාරනමදහස් අනූනමයට් නැගල මෙන්න ගෑණුන්ගෙ හිනාව ගැනයි ඒකෙ ප්‍රමිතිය තත්වය හඬ පාලනය ගැනයි මහ දේශනාවකට කර කර හිටිය කතාව හැරවුනා.

ඔන්න ඔය වෙලාවෙ තමයි අමරෙ අංකලුත් " ලෙස්ලි දන්නවද මොකක්ද හතර හිනාව කියන්නෙ?” කියල.
http://www.blogger.com/img/blank.gif
" ඔය මොකක් හරි කුණුහරුපය වෙන්නැති ඉතිං!" කිව්වම අමරෙ අංකලුත් හොක හොක ගාල හිනාවක් දාල මගෙ දිහාවට හැරිල "මෙන්න මිනිහ, උඹත් නොදන්න කුණුහරුපයක් නැහැනෙ, ආ කියහන් බලන්න හතර හිනාව කියන්නෙ මොකක්ද කියල?"

මම දන්න හතර හිනාවක් තීනවයැ! ඒත් ඉතිං එකපාරට නැහ් ගාන්න බැරි කමට " ඔය පරණ පඬියන්ගෙ කුණුහරුප මං දන්නෑ අංකල්, ඔයොගොල්ලො ඉස්කෝලෙ ගිය කාලෙ අහපුව දන්නෙ ඔයගොල්ලොනෙ, ඒ නිසා ඔයාම කියන්න" කියල පන්දුව නිදැල්ලේ කඩුළු රකින්න අතටම යැව්ව.

"ඕකනෙ කියන්නෙ" කියල අනං මනං පොඩි කැටයං ටිකක් එහෙම දාල ඉවරවෙලා පොර දැම්ම ලිස්ට් එක සබේට.

මේව මට පුරිෂෝත්තම වාදිය අරක මේක කියල අතේ තීන කෝප්පෙකින් ගහල යන්න ඒත් ඕගොල්ලො ගෙවල් වල ගිහිං ප්‍රශ්ණ ඇතිකරගන්නං එපාල!

1. බිං අල්ලි දෙකක් තීන එකා මහා ඉඩම් හිමියෙක් කියල උදම් අනින කොට මහී කාන්තාව නඟන සිනහව.

2. වේද පොතක් පාඩං කරන් මහා බුද්ධිමතෙක් කියල උදම් වෙන මිනිහ දිහා බලල සරස්වතිය නඟන සිනහව.

3. කහවණු පොදියක් තුරුලු කරන් මහා ධනවතෙක් කියල උදම් වෙන මිනිහ දිහා බලල ලක්ෂ්මිය නඟන සිනහව.

හතර නොහොත් වඩාම ක්‍රිටිකල් පොයින්ට් එක.

4. හවසට රාජකාරියෙ ඉඳල ගෙදර එන සැම්ය “අනේ මගේ පුතා” කියල දරුව වඩා ගන්නකොට බිරිඳැ නඟන සිනහව.


බට ලයිට් නං ඉතිං බහුස්‍රැතල කමෙන්ට් කරනකල් පොඩ්ඩක් ඉන්න!


ප/ලි; අපේ උන්දැ මේ බ්ලොග් කරුමාන්තෙට නැති හින්ද හොඳයි! උන්දැව දන්න කෙනෙක්වත් මේව කියවන්නෙ නැති එක වඩා හොඳයි.

43 comments:

  1. ෂහ්... ඔය හතර හිනා කතාව මාස කීපෙකට කලින් උවමනා වෙලා හෙව්ව. ඒකෙදි ඔය මහී කාන්තාව හිනාවෙන අවස්ථාව අහන්න ලැබුණෙ වෙනස් විධියකට.. මිනිහෙක් මැරිල එයාගෙ ඥාතියො ටික වටේ ඉඳන් අඬනකොට මහී කාන්තාව හිනා වෙනවලු. මොකද ඒ අඬන මිනිස්සුන්ටත් ඔය සෙතේම වෙන හින්ද... බලාගෙන යද්දි හතර හිනාව ප්‍රාදේශීය වසයෙං වෙනස් වෙනවද මන්ද... :D

    ReplyDelete
  2. හතර හිනාවනං දැනගෙන හිටියා...ඒත් මතක් කොරපු විදිය සහ මේ යන රැල්ල එක්ක මෙවා කියලා බොට සිද්ද වෙන්න යන සන්තෑසිය දැක්කම තමා මට හිනා යන්නේ...

    අන්න අළුත් පිරැළකුත් හැදිලළු...

    ReplyDelete
  3. මම නම් අද තමයි කතන්දරේ දැනගත්තේ. පලවෙනි 3ත් හරි අන්තිම එක තමා හිනාව....

    ReplyDelete
  4. හැබැයි මේකෙ තියෙන අඬන්න වෙන කතාව තමයි මහී කාන්තාව, සරස්වතිය සහ ලක්ෂ්මිය වගේ දේවත්වයට, පූජනීයත්වයට ළඟ කාන්තාවො අස්සට බිරිඳවත් අරගෙන තිබීම.... :P

    ReplyDelete
  5. ඔය හිනා සෙට් එකේ 1, 2 සහ 3 ප්‍රාදේශික වශයෙන් වෙනස් වෙනව . . . . අන්තිම එක නං කොහෙ කීවත් ඒකම තමයි

    ReplyDelete
  6. ශාන්ත...

    තාම දුකාට වෙච්ච දේ දැකල නෑ වගේ....

    ReplyDelete
  7. හතර වෙනි හිනාව නං දෙකොනින්ම වෙන්න ඇති...

    ReplyDelete
  8. මේක හාමිනේ කියවලා අයියට ගේ වටේ ගහන්න පන්නන කොට අපිට යන හිනාව මොන කැටගරි එකටද වැටෙන්න ඕනෙ.

    ReplyDelete
  9. හොඳම වැඩේ. පිණිබිඳු කියන එක වෙනකම් මමත් මේ බලං ඉන්නෙ. ලඟදිම බ්ලොග් ලිවිල්ලත් නතරකරගන්නයි හදන්නෙ අක්කට කියල :P

    ReplyDelete
  10. ඔන්න මම නම් මුකුත් කියන්නේ නැහැ . මේකේ ඒ හැටි වරදකුත් නැති එකේ. ගෙදර ගිහින් ළමයි වඩා ගද්දි වයිෆ් හිනා වුනොත් හිතින් දුක් විඳින්න ඕන නැහැ ඔන්න . ලමයගෙයි තමන්ගෙයි කෙස් ගස් දෙකක් අරන් ගිහින් ජාන ටෙස්ට් කරන්න පුළුවන්. බමුණන්ට වගේ නෙමේ දැන් ඕවට ක්‍රම ඇත.

    ReplyDelete
  11. ලමයාගේ පියා ලමයව එහෙම ආදරෙන් වඩාගන්න කොට බිරිඳට අඬන්නද කියන්නේ?:D

    ReplyDelete
  12. hare :-)

    මහී කාන්තාව එහෙම දේකට හිනාවෙන එක අන්ක්ව එක්ක ගැලපීමක් තීනවද?

    ReplyDelete
  13. මාරෙ,

    මට ඉතිං මොනා වෙන්නද බං අමුතුවෙං. වෙන්න තීන හරිය උනේ උන්දැ බැන්ද දවසෙමනෙ!

    මොකද්ද ඒ අළුත් මඩ?

    ReplyDelete
  14. ගොඩයා,

    පරිස්සමිං මේව ඔලුවෙ තියහං වැඩ කරන් මලේ.

    දන්නවද ඔය ගොඩය කියන එකේ තේරුම?

    ReplyDelete
  15. ඔජායෙ,

    දාහක් දේ තිබේ කීඅමට් බැරුව හිතේ..

    ReplyDelete
  16. hare :-)

    මූලය මොකක් උනත් දරුවෙක් හදන මවක් උත්තම කුලයෙ තියන්න බැරි ඇයි?

    ReplyDelete
  17. ඕනය,

    මේ දෑස මක්කටෙයි තමා ඉතින්

    ReplyDelete
  18. සපතේරු උන්නැහේ

    මොකෝ වෙලා තීන්නෙ? ඔය යස අගේට ඉන්නෙ, ඊයෙ පෙරේදත් මූණු පොතේ කතාවක් දාං හිටිය බත ඉදෙනකං කියල!

    ReplyDelete
  19. මබා ම,

    අනික් කොන මොකක්ද දන්නෙ නෑ!

    ReplyDelete
  20. පිණි ඩබල,

    ඒකට කියන්නෙ කඩප්පුලි හිනාව කියල. ඇයි යකෝ මං මේව ලියලත් හිනා ගස්සන්න, ගුටි කාලත් හිනා ගස්සන්න...පුහ් යසයි වැඩේ!

    ReplyDelete
  21. බින්දි

    අර චෙරියෝ ඩොක්ට ෆිල්ම් එකේ මුත්‍රා පරීක්ෂනේට උණ දේම උනොත්?

    එහෙම නෙමේ, ප්‍රථිකාරයට වඩා ආර්ක්ෂාව උතුම් කියල අහල නැත්ද? ඒ නිසා සතෙක් නොවන ළඳක් බැඳගෙන කරන දේ හරියට කොලානං ඉවරය්නෙ!

    ReplyDelete
  22. කුමාරිහාමි,

    නෑ, කුඩු කෑවනං හිනා නොවීවත් ඉන්න බැරිද?

    ReplyDelete
  23. හපොයි ඒක නම් තේරෙන්නේම නැත.

    ReplyDelete
  24. සේරමත් හරි., අර අන්තිම එකත් හරි..

    අමර හේවා මද්දුම මහත්තයා නම් දැනුම් සාගරයක් නොවැ....

    ReplyDelete
  25. කුමාරිහාමි,

    අනේ උඹ බබා!

    රජා කුඩු කාපු කතාව දන්නෙම නෑ?
    අන්න මගේ ලෝකෙ රංගය දාල තීනව සුනිල් අය්යගෙ නෝන කුඩු කාපු හැටි සුනිලට කෙනෙක් තෝරල දීපු විදිය.

    ReplyDelete
  26. ලකී,

    එතුමා ඉතිහාසය පිළිබඳ විශාල දැනුමක් සහ සමාජය පිළිබඳ මහා අත්දැකීම් ගොන්නක් පුරවා ගත්තු ආශ්‍රයට හොඳ බොහොම විනොදකාමී සරළ මනුස්සයෙක්. මට කියපු තව රස කතා කීපයක්ම තීනව, හෙමීට බලමු!

    ReplyDelete
  27. මාත් ආවා මේ පැත්තෙ පොඩ්ඩක් සැරිසරල යන්න. කොහේ ගියත් ඉතින් අපිටම තමා පහර ගහන්නෙ නේද??

    ඉතින් දැන් මොන ලමයා වඩා ගන්නකොටද හිනා වෙන්නෙ නැත්තේ??

    ReplyDelete
  28. කුමාරිහාමි

    ඒ පාර නං මට tube light!!???

    ReplyDelete
  29. ගිම්හානි,

    කොච්චර එකක්ද මේ පැත්තෙ ගොඩ උන එක.

    නිරෝගි පිරිමි ඉතිං එහෙම තමයි.

    හිනා නොවෙන්න ඕන වෙලාවයි වෙන්න ඕන වෙලාවයි දන්නෙත් ඕගොල්ලොම තමයි!

    ReplyDelete
  30. ඈත්තටම අය්යෙ ඔයාලගෙ නෝනල ඔයලගේ බ්ලොග්ස් බලන්නෙ නැද්ද?
    දන්නවනම් ඔයාලව හම ගහනවා...

    ReplyDelete
  31. ගිම්හානි,

    ඔයාගෙ කතාවට උත්තරයක් දෙම්දෝ නොදෙම්දෝ හිතුනි මට කියල තමයි කියන්න වෙන්නෙ!

    කෙටියෙන් කියනවනං ආයි අමුතුවෙන් ගහන්න හමක් ඉතුරුවෙලා නෑ කියල තමයි කියන්න වෙන්නෙ නගේ...

    ReplyDelete
  32. අන්තිම එක තමයි මරු....ගිම්හානිට දුන්න උත්තරේ ඊටත් එහා...මමත් ආව ඔන්න

    ReplyDelete
  33. හික්ස්.
    නමින් උපශාන්ත උනාට මටනම් පෙන්නේ නෑ කිසිම ශාන්තකමක්

    ReplyDelete
  34. අපිට සමාජ විද්‍යාවට මේ ටික ඉගැන්නුවා ටිකක් වෙනස් විදිහට
    1. යුද්ධයකට ගිය සොල්දාදුවෙක් සතුරන්ට බයෙන් දුවන් එද්දී මාරයා හිනාවෙනවලු "උඹ කාගෙන් බේරුනත් මගෙන් බේරෙන්නේ නැහැනේ" කියලා.
    2. ඉඩමක් අල්ලගන්න දෙගොල්ලක් රන්ඩු වෙද්දී මහී කාන්තාව හිතනවාලු "උඹලා කොච්චර රණ්ඩු වුනත් මේ ඔක්කොම මගේනේ" කියලා.
    3. මට මතක් වෙන්නේ නැහැ :)
    4. ඔයා කියපු එකම තමා අයියේ

    ReplyDelete
  35. අනේ මයෙ පුතා... කියද්දී අල්ලපු ගෙදර එකා හිනාවෙන එක??

    ෆට්ටය.. ජය ශ්‍රී...

    ReplyDelete
  36. රන්ජිත්,

    ගිම්හානිලට මෙව්ව පාඩං!

    -----------------------------------------------------------

    ගිම්හානි,

    ඒකනෙ "උප"ශාන්ත කියන්නෙ!

    ---------------------------------------------------------

    හසිත,

    කොච්චර කරත් අග එක වෙනස් වෙන්නෙ නැති හැටි!

    ---------------------------------------------------------

    සෑම්,

    ඔව්ව අඬන්න වෙන කරුණු..

    ReplyDelete
  37. අඩේ පස්ට පෝස්ට් එකක් මට මිස් වෙලා නේ ! :D

    ReplyDelete
  38. මං මේක දැනං හිටියට අමතක වෙලා හිටියේ බං.......... හොය හොයා හිටියේ........... තැංකූ බං................. ෆට්ට ආ................

    ReplyDelete
  39. අනේ මන්ද (උප)සාන්ත !

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails