Thursday, May 26, 2011

මේ මඟුලට අවුරුද්දයි!


මීට අවුරුද්දකට කලින් වෙසක් පෝය දවසක පටං ගත්තු මේ මඟුලට දන්නෙම නැතුව අවුරුද්දකුත් උනා.

ලක්බිමේ තිබ්බ කතන්දරගෙ තිබ්බ ලිපියක් දැකල හොයාගෙන ආව බ්ලොග් අවකාශෙ අන්තිමට මමත් සාමාජිකයෙක් වෙලා දන්නෙම නැතිව. ආර්ථික අවපාතයට පින්සිද්ධ වෙන්න කලින් උන්න කොම්පැනියෙ වැඩ අඩුවෙන් ඇතිවෙච්ච කම්මැලි කම මකා ගන්න බ්ලොග් ලියන්න ගත්තට ටික කලකින්ම රස්සාව මාරු කරපු නිසා හිතපු තරම් හොඳින් මේ වැඩේ කරගෙන එන්න බැරි උනත් මේ විදියට හරි අවුරුද්දක් ඇදගෙන එන්න පුලුවන් වෙච්චි එක ගැනනං හරිම සතුටුයි.

අර දුමීත් කියල තිබ්බ වගේ කොමෙන්ටුවක් නැති පෝස්ට් එකක් හරියට මනමාලි නැති මඟුලක් වගේ තමයි.

මේ බ්ලොග් කෙරුවාවෙ ඉන්න වැඩි දෙනෙක් මෙතන රඳවල තියන විශ්වකර්ම බෙහෙත ඔය හොඳ සහ නරක අදහස් කියලයි මට හිතෙන්නෙ. ඒත් ඉතින් මගේ පෝස්ට් හතලිහටම ඒ හැටි මහ ගොඩක් නැතත් මේ තරමින් හරි යමක් කමක් කට්ටිය කියල තීන එක ගැන නං අවංකවම හරිම සතුටුයි.

ඒ වගේම මුලින්ම කොමෙන්ට් එකක් දාපු නිශාචරයටත්, මාව දිරිමත් කරපු මකර, හසිත මලය, දුකා, වත්, මාරය, වැම්පයර් සහ ඊයෙ පෙරේද ඉඳල නිතර මේ පැත්තෙ එන යන පිණිබිඳු නගා, අන්තිම පේලියෙ පිසාචය, හරී, ඕනය සහ අමතක කරන්නම බැරි කාලයක් වහං වෙලා උන්න මාතලං ගොය්ය, ඔබා ම වගේ නිතර මේ පැත්තෙ යන එන නම කියපු නොකියපු ඔය හැමෝටමත් මට මේ මඟුල ජෝඩු කරපු කතන්දර තුමාටත් මෙච්චර කල් දීපු සහයෝගයට බොහොමත්ම ස්තූතියි.

ඒ වගේම මෙතන කමෙන්ට් කරන හැමෝගෙම අඩවි වලට හොරෙන්ම ගොඩවැදිල ගොඩක් දවසට හිමින්ම පැනල යන්නෙ ලොග්වෙවී කමෙන්ට් කරන එක කන්තෝරුවෙ සහසක් ඇස් සහ දහසක් වැඩ මැද්දෙ කර ගන්න්න එක හරි අමාරු හින්දයි.

පෝස්ට් එකක් දාන්නෙ රෑ නමය හමාරෙන් පස්සෙ, ඒත් ගොඩක් වෙලාවට සති අන්තෙ බ්‍රහ්ස්පතින්ද. මොකද මේ මඟුලට ඉස්සෙල්ල කරගත්ත තව මඟුලක් තීනව ඒ ගැන බලන්න එපැයි ඉස්සෙල්ලම. අද මේ ලියනකොටත් 12.20යි, ඒත් තාම කන්වර්ටරේට කොටන මකණව, මොකෝ සිංහල ටයිප් කරන්න දන්න එකක්යැ වන් ෂොට් වර්ඩ් එකේ ඇදල අරින්න. ඒ අතිං බැලුවම එකේ උන්ටත් පින් දෙන්න එපැයි. මෙහෙම ගියාම මේක අර "මයික් ටයිසන් " ලගෙ ස්තූති කතා වගේ වෙන්නයි යන්නෙ, ඔන්න ඔහේ ඒ හින්ද ඔය ඇති!

මෙහෙම අමාරුවෙන් කොරගෙන යන හින්ද වෙන්න කතා කීයක් තීනවද කියල තාම ප්ලෑන් නොකරත් සෑහෙන්න ගානක් තීන බව දැනෙනව. ඉඩ තීන විදියට ඒව ගලපන්නං, එතකල් අපි හැමෝම "ඔහොම යං"

ඔය උඩ පින්තූරෙ ඉන්නෙ අපේ සිංහබාහු. හාදයට අවුරුදු හතරයි දවස් දෙකයි වෙනකොට තාත්තගෙ දෙවනි මඟුලට අවුරුද්දයි!

34 comments:

  1. අප්පා හරිම සතුටුයි . .

    අවුරුද්දයිද බන් තාම . .

    මට නම් හිතෙන්නේ ඊට වඩා සෑහෙන කාලයක් කියලා සිරාවට . .

    නියම වැඩේ දෙවෙනි මගුලේ සංවත්සරයයි කොළුපැටියගේ උපන්දිනේයි එක ලඟ වැටුනු එක . .

    කොල්ලට සුභ උපන් දිනයක් වේවා.

    උඹට දිගු බ්ලොග් ගමනක් යාමට ශක්තිය ලැබේවා (හෙවත් පලමු මගුලේ නෝනාගේ කචල් නොදැමේවා )

    ReplyDelete
  2. හරිම සතුටුයි මේ ගැන. පුතාටත්, තාත්තාටත්, අම්මාටත් සියළු දෙනාටම මගේ සුභ පැතුම්.

    මං නං කරන්නේ මුලින් වර්ඩ් එකේ ලියනවා කපුටාඩොට්කොම් ෆොන්ට් එකෙන්. සේරම ඉවරවෙලා දාන්න කලින් තමයි කන්වර්ටර් එකට දාලා ගන්නේ.

    ReplyDelete
  3. Ela ela.. pavulatama suba pethum.. ohoma yan ayya.. ohoma yan..

    ReplyDelete
  4. අර කිව්ව වගේ දෙකම බැලන්ස් කොරං පලයං ගොයියෝ...කුඩු ගහනව වගේ වැඩක් මේක, මේ දවස්වල සෙලබ්‍රේසොන් වැහි වැහැල..

    ආයූ බෝ වේවා...!!! සුභ අනාගතයක්...!!!

    ReplyDelete
  5. පොඩි එකා නම් තාත්තා වගේ වෙන්ට බෑ හරිම ස්වීට් කොලු පැටියා. තාත්තට, පුතාට, සහ මනමාලිලා දෙන්නටමත් මගෙනුත් සුබ පැතුම්.

    පුතාගේ නම ඇත්තටම සිංහබාහුද? එතකොට සුප්පා දෙවී කොයි කෙනාද???

    ReplyDelete
  6. සුභ පැතුම් මස්සිනා..ඇර ගන්න හරි ඉන්න තවත් එක වාගේ නොහිතන ඒත් අනිකා හිතන දේට ගරු කරන අපේ කාලයේ මිත්තරයා..උඹට සුභ පැතුම්..!

    ReplyDelete
  7. එක දිගට කට්ටියගේ සැමරුම්. සතුටුයි අයියා. තවත් චිරාත් කාලයක් අපිත් එක්ක සිංහල බ්ලොග්කරණයේ යෙදෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  8. සුභ පැතුම් අයියා මගෙනුත්. දෙවෙනි මගුල හන්දා පලවෙනි මගුල අමතක කරනවා එහෙම නෙමෙයි ඕන්. නැත්තන් ඉතින් ගෙදර වසලා හමාරයි.

    ReplyDelete
  9. දෙවනියට ආපු කුඩම්මට සින්හබාහුගෙන් අවුලක් නැද්ද . මගේ ලඟදි කර ගත්ත කසාදෙ බාප්පට නම් අපේ සිංහ සිවලිලා එච්චර කැමති නැහැ. පුතාට ''හැපී බර්ත් ඩේ'' . සැහැල්ලුවෙන් ''සැහැල්ලුව ලියන යන්න තාත්තටත් සුබ පැතුම් .

    ReplyDelete
  10. ෂහ් ........බොහොම සැහැල්ලුවෙන් ඉන්න සැහැල්ලු මහත්තයත් එහෙනම් එක් දරු පියෙක් ආහ්.... ඒ වෙලත් ඇස්වහ කටවහක් නැහැ සැහැල්ලුව කියල බ්ලොග් එකකුත් ලියනව නෙව.........

    මගේ සුබ පැතුම් ඉන්දික උපශාන්ත මහත්තයෝ.........

    ReplyDelete
  11. මගෙනුත් සුබ පැතුම් !

    අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක් ...ඒ කාලය තුල බ්ලොග් එක තුල රැඳී ඉන්නවා කියන්නෙ ලොකු දෙයක්... ජය වේව !

    ReplyDelete
  12. පුතාට වාසනාවන්ත අනාගතයක්,,, අවුරුද්දේ සංවත්සරේටත් සුභ පැතුම් අයියේ ( ඊයෙ මෙහෙ සති අන්තෙ නිසා එන්න බැරි උනේ )

    ReplyDelete
  13. @ දුකා

    ඒකනං එහෙම තමයි මචං, ගිය වෙසක් පෝය තිබ්බෙ අද ඊයෙ වගේ උනාට, මේ වැඩේ ඊටවඩා කල්, අපි දන්නෙ අඳුනන්නෙ ඊට කලින් වගේ තමයි දැනෙන්නෙ මටත්!
    උඹේ ප්‍රාර්ථනාව බොහොම වටිනව, මොකද කොච්චර උනත් පළවෙනි නෝන දෙවනි නෝනට ටිකක් ඉරිසියයි, ඒකයි.

    ReplyDelete
  14. @ කතන්දර,

    බොහොම ස්තූතියි සුභ පැතුමට! ඒත් අපේ හාමිනේ දන්නවනං මේ මඟුල ජෝඩු කරේ කවුද කියල, එවනව තැපැල් බෝම්බයක්! මොකද එයාට ගෙදරදි මේව බලන්න වෙලාවක් නෑ, කන්තෝරුවෙ පරිගණකෙට සිංහලත් නෑ, ඉත්ං තරහයි මං තනියෙං හිනාවෙන ඒවට, පොඩි කෙල්ලොන්ට කමෙන්ට් දානවට එහෙම. ( ගෑණු ගතියනෙ )

    ReplyDelete
  15. @ වැම්පයර්,

    එදා ඉඳන් ඉන්න හිතවතා, බොහොම ස්තූතියි දුන්න හයියට! මොකද මේ පිල්ලො වගේ ඉංග්‍රීසි අකුරුවලින් සිංහල කොටල?

    ReplyDelete
  16. @ මාතලං

    පාරෙ මැද්දෙ යන එක මහ අමාරු වැඩක් තමයි ලොක්ක, කොයි වෙලාවෙ හැපිල මැරෙයිද දන්නෙ නෑ!

    සුභ පැතුමට ස්තූතියි, ඒත් නිකං හිතට හරි නෑ වගේ. මොකද මහදැනමුත්තයි ගෝලයො සෙට් එකයි ඔය වචනෙ වටිනාකම කාබාසීනියා කොල්ල දැම්මනෙ!

    ReplyDelete
  17. @ පොඩ්ඩි,

    ඔය ලස්සන ඇස් දෙක දිහා බලාගෙන වෙන කවුරුත් මුකුත් නොකිව්වට කට කෑවත් මං නං කියනවමයි!

    මේ පැත්තෙ ඔය උඩරට වගේඑකගෙයි කෑමත්, කොටු පැනිල්ලත් නැති හිඳ නෙමෙයි මං මාව කණ්නාඩියෙං දැකල තීන හින්ද දන්න, ඒක මං වගේම තමයි. ඒ කියන්නෙ මාත් ඔය වගේම අහිංසක කොලුව (ඔය වයසෙදි )

    බොහොම ස්තූතියි නඟේ සුභ පැතුමට!

    කොයි පුතත් සිංහබාහුවෙක්, කොයි දුවත් සිංහ සීවලී කෙනෙක් කවදහරි තාත්තට, ඒත් හැම බිරිඳක්ම සුප්පාදේවි කෙනෙක් වෙන්නෙ නෑ.

    ReplyDelete
  18. @ මාරය,

    ස්තූතියි මස්සිනේ!

    හැමෝම එක විදියට හිතුවනං තාම ලෝකෙ පැතලියි සහෝ! කවුද කොහෙද කියල තිබ්බ "වාදයෙන් මිතුරා, ජය යන දෙකින් එකක් හෝ දෙකම නැත්ගිවිය හැක" කියල. මොක නැතිවුනත් මම අදහන දේ වෙනුවෙන්නං නැඟිටිනවමයි මචං. ( මං හිතන්නෙ ඔය උඩ උපහැරනෙ හරිම නෑ, මොකද ඒක හරිනං උඹත් දුකාත් මෙතන කමෙන්ට් කරන්නෙ තියා පලාතෙ එන්න විදියක් නෑ! )

    ReplyDelete
  19. @ හසිත මලය,

    මොනා කියනවද මල්ලි මේ වෙඩින් සීසන් එකනෙ!
    උඹේ ප්‍රාර්ථනාව මාර යුනික් මලේ. " චිරාත් කාලයක් අපිත් එක්ක ඉන්න ලැබේවා" කියනකොට පොඩි හාමුදුරුවන්ට විතරක් නෙමෙයි ලොකු නමත් හැන්දක් බෙදාගෙන වගේ හිමීටම?

    ReplyDelete
  20. @ පිණිබිඳු,

    ස්තූතියි, ස්තූත්යි!

    මොනා කියනවද නඟේ, පළවෙනි එක අමතක කරොත් ඉතින් ඒ වලේදි තමයි. බස් කීපෙක නැගල නැගල අන්තිමට ගමනාන්තෙටම මාව එක්කං යයි කියල තේරුන හිඳ ගොඩ වෙච්චි මේකෙන් බහින්න එහෙම? N.F.C

    මේ අකුරු තුනේ තේරුම දන්නෙ නැත්තං මං පස්සෙ පෝස්ට් එකකදි කියන්නං.

    ReplyDelete
  21. @ බින්දි,

    මිනිහ නිදා ගත්තමනෙ තාත්තගෙ සෙල්ලං, ඒ හින්ද අවුලක් නෑ. අනේ පවු පොඩි කෙළී, අම්ම දාගෙන කොටනව ඇති නේද ඒකීට පොඩි මැහුං ගෙතුං වැඩක් පවරල?

    නෙළුම් විලෙත් තව බෝ මල් පිපේවා!

    ReplyDelete
  22. @ වත්,

    මේ තාම පටං ගත්ත විතරයි, දේසේ හැටියට බාසේ කියල පඩිපෙලක් හදාගෙන යනව මේ දවස්වල.

    ඇස්වහ කටවහ වදින්නෙ රතැඹිලි ගස්වලටලුනෙ, ඉතින් ඕගොල්ලො තම පරිස්සං වෙන්න ඕනි. මං නං ඉතිං දෙහි ගෙඩි මිරිස් කරල් එල්ලල තීන්නෙ ඕව කැපිල යන්න!

    ReplyDelete
  23. @ හදවත,

    බොහොම ස්තූතියි නඟේ!

    ජීවිතය දිහා තව ටිකක් සැහැල්ලුවෙන් බලන්නැත්තෙ මොකද? ඔයාගෙ බ්ලොග් එක කියවන්නත්, කමෙන්ට් කරන්නත් අමාරු තරම් දුක හිතෙන හිත රිදෙන කවියක්! ඇයි ලෝකෙ දිහා එහෙම බලන්නෙ?

    ReplyDelete
  24. සුභ පැතුම් මගේ හිතවත් අසල්වැසියාට...මේ දෙවෙනි අවුරුද්දෙදි තව ටිකක් ලඟ නැමුවොත් තමයි හොඳ....

    ReplyDelete
  25. @ හරි,

    බොහොම ස්තූතියි නඟේ!

    නියමට කන්තෝරුවෙ වැඩ වගේ, අපින්ං හැබැයි ඕකෙ අනික් පැත්ත.

    ReplyDelete
  26. @ දිනිත්,

    මාත් එහෙම තමයි හිතං ඉන්නෙ, ටිකක් කණේ වැලි ගාවල ගන්න කියල, බලමු බලමු.

    ReplyDelete
  27. සුභ පැතුම් මිත්‍රයා...

    ReplyDelete
  28. අඩෝවු . . . . මගෙං සුභ පැතුම් . . . අමාරුවෙං හරි තව වැඩි වැඩියෙං කොටන්න උඹේ ඇඟිලි අගට වැඩි වැඩියෙං හයිය ලැබේවායි පතනව.

    සිංහබාහු වලිසිංහ වෙන්නෙ නැද්ද උඹ දෙවනි මනමාලි එක්ක ඉන්නකොට . . . ???

    ReplyDelete
  29. කන්තෝරු??? හපොයි !!!
    මගේ ජීවිතේ වැඩියෙන්ම කරේ ඉස්කෝලෙ ගිය එක. උපදින්න ඉන්න කාලෙ පටන්ම. සිකුරාද, සෙනසුරාද මෙහෙ සති අන්තෙනෙ. එදාට ලොකු බබාත් ගෙදර. වැඩ වැඩි. සෝ බිසී අප්පා :D

    ReplyDelete
  30. @ පුතා,

    අම්මෝකොහෙද මෙච්චර කල් හිටියෙ? මොකද දැන් වට්ටක්ක ඩාන්ස් නැත්තෙ?

    ReplyDelete
  31. @ ඕනය,

    තැන්කූ වේවා මචං!

    බාහු වාසු වෙනව තමයි, ඒත් ඉතින් ගොඩක්ම කොටන්නෙ මිනිහ නිදා ගත්තමනෙ ( මං කිව්වෙ මේ බ්ලොග් එකට කෙටිල්ල ගැන )

    ReplyDelete
  32. @ පිණි,

    එහෙමද? මං හිතුවෙ ඔයත් අපේ නෝන වගේ සතියෙ දවස් වල කණ්තෝරුවෙදි තමයි ජාල ගත වෙන්නෙ කියල!

    මගේ කවදාවත් බඳින්නෙ නැති ගෑනුළමයි ලිස්ට් එකට "ටීචර්කෙනෙකුගෙ දුවෙක්" කියන වර්ගයත් තිබුන. ඒ විස්තරේ වෙනම පෝස්ට් එකක දවසක දාන්නං.

    ReplyDelete
  33. හපොයි අනේ ඒ මොකෝ? මොකෝ එයලට වෙන්නෙ ( දැං ඉතින් මොකක් හරි කට කැඩිච්චි කතාවක් කියයි ) .
    අනේ අපේ මහත්තයා නං කසාද බැන්දෙ ටීචර් නෝන කෙනෙක්ගෙයි, ටීචර් සර් කෙනෙක්ගෙයි, ටීචර් දුවෙක්ව.

    ReplyDelete
  34. පිණි,

    මේ ගැන මම පෝස්ට් එකක්ම ලියනව, ඒකෙ ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරය තියෙයි. ලබන සතියෙ මුල පත්තරේ පිටවෙනව!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails