Sunday, May 29, 2011

රණවිරු රිඅල ස්ටාර් බැලුවෙමි!


ශ්‍රී ටීවී සැලා සමඟ ගැසූ අලුත්ම ගිවිසුමට පින්සිද්ද වෙන්නට රණවිරු රිඅල ස්ටාර් ලයිව් නරඹමින් සිටින්නෙමි.

මගේ තාත්තාද, සහෝදරියක්ද, බාප්පාද, තවද පළවෙනි පන්තියේ ඥාති සහෝදරයෙක් සහ දෙවනි තෙවනි පෙළ ඥාතී හමුදා නිළධාරීන් රැසක්ද, හමුදා නිලධාරී මිතුරන් රැසක් සිටින සහ සිටි බොහෝසෙයින් හමුදාකරණය වුනු පවුලක සාමාජිකයකු හැටියට මට හමුදා නිළ ඇඳුම ගැන තිබුනේ අභිමානයෙන් යුතු, විනයකින් හෙබි වීරයන් පිළිවෙලටකට හඳිනා ඇඳුමක චිත්‍රය මිස ගී ගයමින් වේදිකාව පුරා උඩ පැන නටනා කෝළමකුගේ අර බෝල වැටුන කලිසම හා බෝරිච්චි අත් හැට්ටය ගැන හැඟුම නම් නොවීය.

පොඩි කාලෙ තාත්තා මට මසා දුන් හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම හැඳ මා කෙතරම් අභිමානයකින් සිටියේද? එහෙත් මේ වේදිකාවේ වෙන දෙය දැක හමුදා සාමජිකයකු නොවුනද ඇති වන්නෙ දුකකි.

සැබෑ හමුදා වීරයන් යනු යුද්ධයේදී දක්ෂතා දකවනෝමය. එය එසේ නොවන්නේ ගැලවීමේ හමුදාවේ හෝ සාන්ත ජෝන්ගේ ගිලන් රථ හමුදාවේ පමණි.

අපේ ත්‍රිවිධ හමුදා සාමජිකයන්ගේ විශේෂ හැකියාවන් එළියට ගත යුතුය. උන්ටද තැනක් දිය යුතුය. නමුත් ඒ සම්පූර්ණ නිල ඇඳුමින් මෙලෙස වේදිකාවේ උඩ පන්නවා නොව තම හමුදාව නියෝජනය වෙන ගැලපෙන ඇඳුමකින් බව මගේ අදහසයි.

එමෙන්ම හමුදාවේ සිටින ගායකයන් පමණක් නොව වෙනත් නොයෙක් දක්ෂතා ඇත්තවුන්ද එළියට ගත යුතුය. කරණ වැඩේ නරක නැත, වරද ඇත්තේ එය කෙරෙන විදියේය.

සියල්ලට වඩා පිළිකුල් දනවන කාරණය වන්නේ විනිශ්චය මණ්ඩලය හා ඉදිරිපත් කරන්නන්ගේ විකාරයන්ය.

කමල් අද්දර ආරච්චි වීමට වේට්ටිය මෙන් දණිහ ගාවට සරම හැඳි කාන්චනට කිසිදිනක නොහැකි බව තේරුම් නොයාම ඔහුගේ උරුමය හා අපගේ කරුමය විය හැක! අහෝ මීට වසර ගනනකට පෙර තිබූ පිබිදෙන ගායක පරපුරේ නිවෙදනය මීට වඩා හොඳයැයි සිතෙන තරම් ඉහලින් තම ශූරකම් පෙන්වන නම නොදන්නා නිවේදිකාව තම වොකැබුලරිය නම් පෝෂනය කරගත යුතුමය.

විනිශ්චය මණ්ඩලය ජනපති හා ආරක්ෂක ලේකම් ඉදිරිපිට හිඳ හෝ ගා ලකුණු දමා ගනිමි සිටී. ජනමූල ජැක්සන් පුරුදු බයිලාවද, චම්පාගේ හින්දි ගී හා භාෂා දැනීම පෙන්වීමද, එඩ්වඩ් ජනපතිට යොජනා පිට යෝජනා කිරීමද තරඟයේ අලස ගතිය මඟ හැර පොඩි ජෝක් මූඩ් එකක් ගෙන ඒම විටෙක මල පැන්නද එක අතකට නරකම නැත.

මේවා දැක සිනහවෙනවාද මළ පැන රූපවාහිනියට පොල්ලකින් ගසනවාද? ඔබේ තේරීම 199 වලට ර.අල. යනුවෙන් ටය්ප් කර යටින් කැමති කුණුහරුපයක්ද ලියා ලියුමකින් දන්වන්න.

පළි. වෙසක් නාට්‍යක් සිහිකල මේ අනර්ඝ වේදිකා නිර්මාණය කල එකා මොකා වුව ඒකාටනම් කාළතුවක්කු උන්ඩයක් මත හිඳවා සම්මාණයෙන් පිදිය යුතුමය!

21 comments:

  1. කොහොමටත් ඔය රියලිටි ෂෝ නොබලන නිසා මේකත් බලන්ණ අදහසක් තිබුනේ නෑ. ඒ නිසා අවුලක් නෑ.

    ReplyDelete
  2. මමත් රියැලිටි කෙස් එකට කිසිම උනන්දුවක් නැති නිසා වෙලාවට ඔය කතන්දරේ බැලුවේ නෑ. ඔය කරන්නේ උවමනාවට වඩා තියන රැල්ලෙන් කියක් හරි හොයාගන්නනේ.....

    ReplyDelete
  3. ගනං ගන්න එපා මචන්ස්. අපි කොහොමත් ආසියාවේ ආශ්චර්ය වෙන්න යන ගමනක්නේ. මේ වගේ වැඩ වලින් රෑ වෙන්ට කලියෙන් ආසියාවේ ආශ්චර්ය වෙන්ට පුලුවන්

    ReplyDelete
  4. ඇනෝ උනත් නියම කතාවක් කියලා කියන්නේ. :D

    ReplyDelete
  5. මමත් බැලුවේ නෑ. හාමිනේගේ උදැසන ප්‍රවෘත්ති විකාෂය හා මෙවැනි දෙයින් අහුලගෙන පොස්ට් එකක් දාන්නයි ඉන්නෙ..

    මුල ඉඬ්ගලම කක්ක ගොඩක්....

    ReplyDelete
  6. ජාතික නාලිකාව ජාතියම කා දමා ඇත.

    ReplyDelete
  7. මම නම් ලංකාවේ TV බලන්නෙම නැත. ලොකු කමක් නෙමේ. මගේ රටට මම ඉතාම ආදරෙයි . එත් TV නම් එපාමයි. ඒ කාලය පොතක් පත්තරයක් බලන එක හොඳයි. ඔය නාටක බලන්න තරම් පරිණාමය වෙන්න මට බැරි වෙච්ච නිසා වෙන්න ඇති.

    ReplyDelete
  8. රියලිටි ශෝ වල පෙන්නන රියැලිටි එක නම් විශ්වාස කරන්න අමාරු යතාර්ථයක්. ඔක්කොම එකයි බලාගෙන යද්දි.

    ReplyDelete
  9. ටැලිවිෂොන් එකක් බැළුව කාලයක් මතක නැහැ..ඔය කියන ෂෝ එක ගැන කියන්නට නොදනිමි.
    ටැලිවිෂොන් ඕනෑම නැත..මේ හොඳාය...

    ReplyDelete
  10. මට ආරංචි විදියට වැඩේ නැගල ගිහින් තියෙනවා එස්එම්එස් කවුන්ට් එක බැලුවාම.

    සැබෑ ජයග්‍රාහකයෝ තමයි ඩිජිටල් මොබයිල් ඛැරියර්ස් ලා, ඇඩ් කොම්පැන්වල කෂ්ටිය.

    හොද උත්තේජකයක් ආර්ථිකයට.

    හැබැයි මේ කෝටි ගනං සල්ලි සහ ලාභ සේරම ගෙවන්නේ පාරිභෝගික අපිම තමයි.

    ReplyDelete
  11. කතන්දර,
    ගොඩයා,
    බින්දි,

    අපිට ඉතින් වෙලා තීන්නෙ තීන ඒකම සිංහල චැනල් එකේ පෙන්නන මලදානයක් දෙකොන පියං බලන්න නැත්තං සද්දෙ වහං නොබල ඉන්නනෙ!

    ReplyDelete
  12. ඇනෝ,
    රොබින්,

    හැම ඇනෝම එකවගේ නෑ බලනකොට.

    මෙන්න පහක් මසුරං කතාවට!

    ReplyDelete
  13. මාතලං,

    නොබැලුවට ඔය නිකං ලඟ උන්නවගේ යස අගේට කතාවක් දාල තීන්නෙ! පොඩ්ඩක් කඩේ ගියාදත් වගේ හැබැයි?

    ReplyDelete
  14. පිණිබිඳු,

    මාලුපාන් වල මාලු නැත!

    කිඹුලා බනිස්වල කිඹුලා නැත!

    උපශාන්ත කිව්වාට ශාන්තද නැත (මෙය මාරයාගෙ අදහසකි )

    එමනිසා රියැලිටි වල රියල්ද නැත, ඇත්තේ ෆේක් පමණි!

    ReplyDelete
  15. මාරෙ,

    ටැලිවිසොන් එකක් නිකං කඩේක තීනකොටවත් නිකං ඔලුව හරෝල බැලුවෙ නැද්ද? එතකොට වර්ල් කප් එක බැලුවෙ මය්කොර් වේවෙ එකෙන්ද?

    උඹත් අර "මලයො" වගේනෙ බං බලාගෙන යනකොට!

    ReplyDelete
  16. කතන්දර කමෙන්ට් දෙක,

    අනේද කියන්නෙ, රුපියල් දෙක ඉතුරුකරගන්න මිස් කෝල් ගහන ගෙදර උන්දැට. හැබැයි දහයෙ දොලහෙ ඇස් ඇම් ඇS නං උඩ පැන පැන ගහනව මේ කොහෙවත් ඉන්න උංට. අපෙන් කාල අන්තිමේ අපිටම ගහන රටනෙ මේ!

    ReplyDelete
  17. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරැව.

    ReplyDelete
  18. අනේ මන්දා අයියා මේකේ මොනවා වුණාද කියලා දෙයියෝ තමා දන්නේ. මෙහෙම එකක් තිබ්බා කියලා නම් දන්නවා වුනේ මොකක්ද කියලා නම් එච්චර අවබෝධයක් නැහැ. කොහොම වුණත් ඇත්ත රණවිරු රියල් ස්ටාර් කෙනෙක් සිපිරිගෙයි ඉද්දී තමා මෙහෙම දෙයක් වුණේ

    ReplyDelete
  19. ඇනෝ තුන,

    මේවට තමයි සහෝ "ත්‍රාසජනක විහිලු සහ ඉල ඇදෙන සටන්" කියන්නෙ!

    ReplyDelete
  20. හසිත මලය,

    ඒකනෙ දැං අපේ ක්‍රමේ වෙලා තීන්නෙ. නැත්තං කොහොමද නියම වැඩකාරය හිරේ දාල කඩේ ගිය උං ලව්ව යුද්දෙ දින්න හැටි ලෝකෙට කියන්න සෙමින තියන්නෙ?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails