
කකා තුමා මාංශ භකෂකද ශාක භක්ෂක කියල කතාවක් ලියල තිබ්බනෙ
එතන දාල තිබුන පිතූරෙ උන්නු ළමයි දෙන්න අල්ලං උන්නු බෝඩ් ලෑල්ලෙ තිබ්බෙ Vegetarians-Taste-Better කියල. ඒ කියන්නෙ ශාක භක්ෂකයොන්ගෙ මස් මාංශ භකෂකයින්ගෙ ඒවට වඩා රසයි කියලද කියන්නෙ කියල මං ප්‍රශ්නයක් අහල තිබ්බට උත්තරයක් කවුරුත් දීල තිබ්බෙ නෑ. අනික ඒ පින්තූරෙ උන්නු දෙන්නව දැක්කම මට එහෙම හිතුනෙත් නෑ!
ඒත් අද හවස මගේ නඟා එවල තිබ්බ ඊයක තිබ්බ මේ පින්තූර දැක්කමනං මටත් හිතුන කොළ කෑම ඉන්ටරෙස්ටින් වැඩක් වෙයි හැබැයි ඒක මස් කෑමකට අනිවාර්ය මඟ තමයි කියල.
කොහොම උන්ත මේ වගේ අය කෑම බෙදනවනං ඊළඟ ආත්මෙවත් ශාක භක්ෂකයෙක් වෙන්ව වෙනවමයි ඔන්න. ( මේ ආත්මෙ බෙල්ලෙ එල්ලං මස් කන්න පටං අරන් ඉවරයි )

මේ කට්ටියගෙ තව පින්තූර තිබ්බ ඒත් ගෝව මිස අල දාල වැඩේ අල කරගන්න බෑනෙ, මේ සයිට් එකත් අර සුචරිතයන්ගෙ ගුටි පූජාවකට ලක් උනොත් එහෙම!
කොළ විතරක් සතියක් කාලා බලන්ට.:D
ReplyDeleteඇයි කොළුවොව් මම දැම්මේ, ලෙටූස් ටික කාලා මෂ් ටික කන්න හිතෙනෙවැයි කියල,
ReplyDeleteගෝව කොලත් හරි රසයි කොළුවෝ....
ගොව කොළ මැල්ලුම හරි රසයි තමා
ReplyDeleteහෆොයි මේ කොල කාලා අජීර්ණයක් වත් හැදුනොත් . . මොන දෙයියන්ට කියන්නද?
ReplyDeleteසුචරිතයන්ගෙන් ගිටි පූජාවක් නෙමෙයි මෙව්වා දාලා හාමිනේ දැක්කොත් එහෙම ඒ හම්බෙන ගුටි පූජාව මතක් වෙලයි තව දාලා නැත්තෙ.
ReplyDeleteගෝව කොල කන්නේ හාවෝ.
ReplyDeleteඅපි කන්නේ හා මස්.
@ පොඩ්ඩි
ReplyDeleteසතියක් කෑවොත් ඉතින් ඉන් පස්සෙ කන්න වෙන්නෙ කර කොල තමයි!
@ මාතලෙන්,
ReplyDeleteලොක්ක මං අහන්නෙ ඒ අය මාකට් කරේ ශාක ආහාරද නැත්තං ශාක කන උන්ව කන්න කියලද කියන එකයි?
කන්න තීනවනං ලෙටූස් මොකද ගෝව මොකද, කා ගන්න විදියක් නැති එකනෙ තීන්නෙ!
@ පිණිපලස,
ReplyDeleteරසනං තමා ඒත් ගෝව කපනකොටයි, කෑවයිං පස්සෙ එන වාත පුසුඹයි තමා ඉවසන්න අමාරු!
@ දුකා,
ReplyDeleteමේ කොළ කෑවොත්නං ඉතිං දිරවනව බොරු මචං. මේ දිගටම කඩෙං කාල අතේ මහන්නද කල්පනාව ?
@ පිණි,
ReplyDeleteබොලා ඔක්කොම බැලුවම එක ජාතියෙද කොහෙද, නැත්තං කොහොමද මෙහෙම ටක්කෙටම කියන්නෙ!
@ කතන්දර,
ReplyDeleteහිමීට උන්නට අලි නරියෙක්නෙ බලං යනකොට!
වෙජිටේ ලියන් ,,, කියන්නේ මේක ද?හිහි...
ReplyDeleteනංගිලා ඔහොම දෙනවනම් අය්යල තණකොළ වුනත් කයි. ඔකේ තේරුම එළවලු විතරක් කෑවම ඔය වගේ ෆිගර් එකක් ලැබෙන එක වෙන්ටැති.. පොඩ්ඩි ට්‍රය් කරලා බලමුද.
ReplyDelete@ වත්,
ReplyDeleteවෙන්න පුලුවං, එතකොට අර කකා තුමාට හම්බ උන පිංවන්තිත් මේ වගේද දන්නෙ නෑ!
@ බින්දි,
ReplyDeleteඔයාට ඔන්න හොඳ පැවරුමක්. නගේ හැබැයි අර "තණ කොල වුනත් කයි" කියන එකේ අක්ෂර වින්‍යාසය වැරදියි, එතන්ට එන්න ඕනි "න" යන්න.
ඔය ගැන මම පෝස්ට් එකක්ම දාල තිබ්බ!