"ඔයාගෙ නම මොකක්ද?"
"නොරිකො....."
සුදු ලස්සන මූණ තාලෙට හරවල ඇය සමන්තලගෙ පොඩි අක්කට එහෙම කියනව මම හොරෙන් බලාගෙන.
"නොරිකො කියන්නෙ ජපන් නමක්නෙ?"
එහෙම කියපු පොඩි අක්කගෙ මුහුණෙ තිබ්බ ප්‍රශ්ණාර්ථයට වඩා ලොකු එකක් මගේ මූණෙ මැවුන. එතකොට මෙයා..... ජපන්ද?
මගේ ඇස් දෙක වටේ කැරකිල ඇවිත් නහයෙ මැද ඉවරවෙච්චි අලි ප්‍රශ්ණාර්ථ ලකුණ කවුරුත් දකින්න කලින් මම පොතට මූණ ඔබා ගත්තට මොකද, එයාගෙ රවුම් මූණ මැද්දෙ පිපිච්ච ලස්සන අහිංසක හිනාව නොදැක්කෙ නෑ.
කොස්ලන්ද පසුකර අපි දියළුම ඇල්ල වෙත ලඟ වුනෙමු. මාර්‍ගය අසල විසල් ගල් කුළක සිට පතිතවන සිහින් දිය පහර..... සතර පොතේ තියෙන දියළුම බලන්න ගිය පිරසක්ගෙ ගමන් විස්තරය එතනින් එහාට කියෙව්වට මොකද එක වචනයක් හිතට එන්නෙ නෑ. ඇස් පොත් අකුරු උඩ දිව්වට හිත වෙන පාරක දුවනව.
නොරිකො..! එතකොට ඒක ජපන් නමක්. එහෙනං ඒකද මෙයා මෙච්චර සුදු! ඇයි ජපන් ළමයෙක් ලංකාවෙ ඉස්කෝලෙක.!මෙයාගෙ තාත්තද ජපන්, අම්මද...! හරි, එහෙනං පන්සලට එන ජපන් සාධුල මේගොල්ලන්ව දන්න අය වෙන්න ඇති!
"ඉන්දික...බලාගත්තද ඡේදයම..?"
කරන්ට් වයර් එක උඩට වෙලා රහ පේර ගෙඩියක් සැපට බරු ගගහ හිටපු ලේනට සමන්තය ගහපු පොළු පාර වැදුනෙ වයර් එකට. වැදිච්චි පාරෙ සැරට ලේනව දඩස් ගාල බිම වැටුනත් ඌ නෙමෙයි පේර ගෙඩිය අතෑරියෙ.
මගේ ඉස්සරහම ඉන්න රත්නාවලී ටීචගෙ මූනෙ රවුම් කණ්නාඩියෙන් එයා පොතට මූණ ඔබාගෙන ලියනව බලපු නිසා, ඒ කණ්නාඩිය පිටිපස්සෙ තිබ්බ ඇස් දෙක එරෙව්ව මට පෙනුනෙ නෑ.
"කෝ මෙහෙට ගන්න පොත" ටීචර් ඉස්සරහ නැමිල මගෙන් පොත ගත්ත.
ඇයි අපි මේ අය සංචාරක පිරිසක් කියල කියන්නෙ?
"ඒ අය දියළුම බලන්න ආ හින්ද.... "
මොකක්..?
රත්නාවලී ටීචගෙ කටෙ සද්දෙට මාව ගැස්සුනාට මොකද මෙන්න මෙයාට හිනා..!
පිස්සුද? මොනාද කියවන්නෙ..?
අනේ මන්ද ඇයි ටීච බනින්නෙ කියල තේරෙන්නෙත් නෑ, එයා හිනාවෙන්නෙ ඇයි කියල හිතුනෙත් නෑ.දියළුම බලන්න ගමේ උන් යනවයැ!
අළුතෙන්ම්ම පන්තියට ආව ගෑණු ළමයත් එතකොට මට හිනාවෙනව. එයා මොනව දන්නවද. ජපානෙ අය ලංකාවෙ ට්‍රිප් යන එක දන්නෙ නෑනෙ. එක අතකට සමන්තය වගේ අවුරුද්දක් බාල උනානං මටත් තිබ්බ තව ටිකක් කල් සෙල්ලන් කරන්න, කුරුල්ලො අල්ලන්න එහෙම.
"ඒ අය සංචාරකයො කියන්නෙ කොස්ලන්ද පහු කරල ආව නිසා...හ්ම්, ආයි ගන්නව, හරියට කියවනව." මන් දිහාට පොත තල්ලු කරපු රත්නාවලී ටීච නැගිට්ට.
ඇති යන්තන්, කුසියට යනව වෙන්නැති...කියල හිතපු මම ආයි පොතට එබුන.
ඒ පොතේ එක අකුරක් නෑ! ඒ උනාට නොරිකො මගේ දිහා හිනා වේගෙන බලා ඉන්නව මහ අලියට!
ඒ විතරක්යැ. වෙනදට කෑ ගහන කුරුල්ලො, ලේන්නුත් භයවෙලා වගේ කටවහගෙන. මෙයා උන්ටත් හිනාවෙලාද!
රත්නාවලී ටීච උන්නෙ අපේ ගෙදරට ගෙවල් කීපයක් පහලින්. මාව මෙහෙ එව්වෙ පහේ ශිෂ්‍යත්වෙට සිංහල ඉගෙන ගන්න. ඉස්කෝලෙ ඇරිල ඇවිත්, කාල, දුවන් එන්නෙ සිංහල වලට වගේම ටීචර්ගෙ බාල පුතා සමන්තය එක්ක ගස් ගෙඩි කඩන්න, සෙල්ලං කරන්නත් පුළුවන් හින්ද. ඒත් ඉතින් ඒ සේරම ඉවරවෙලා වගේ.
සමන්තලගෙ ගෙදර පිටිපස්සෙ එළියට ඇරිච්චි ලොකු කොරිඩෝවෙ හතරැස් මේසෙක පුටු වටේ තියල හදපු, මෙච්චරකල් තනියෙන් ඉගෙන ගත්තු මගෙ පන්තියට ගෑණු ළමයෙක් ඇවිත්. ඒ විතරක් නෙමෙයි, මගේ කොළු හිතට කෙල්ලෙක් ගැන අමුතු හැඟීමකුත් ඇවිත්!
කොහොම හරි තව බැනුං කීපයක් එක්කල, එච්චරකල් තිබ්බ දිගම සිංහල පන්තිය ඉවර උනා.
මම පොත් ටිකත් අරන් නැගිටල එනකොට, අපිට පිටිපස්සෙන් කොරිඩෝවෙ අනෙක් කෙලවරේ නොරිකොව එක්ක යන්න සුදු උස ඇන්ටි කෙනෙක් ඇවිත් හිටිය. බලනකොට එයා අපේ ලොකු අක්කගෙ යාළුවෙක්ලු!
මුල් දවස් දෙකට පස්සෙ ඒ සුදු උස ඇන්ටි, එහෙම නැත්තන් නොරිකොගෙ අම්ම වෙනුවට, එයා එක්ක යන එක මට නිකම්ම පැවරුනා. අපේ ගෙදරට ටිකක් එහා පන්සල ගාව හිටපු, මට වඩා උස, සුදු ලස්සන නොරිකො ඉස්සරහින් යත්දි මමත් ආඩම්භරෙන් එයාගෙ ඉවරයක් නැති කතා අහගෙන ඔහේ ගියා.
නොරිකො මගෙන් ඇහුවෙ මොනවද, අපි කතා කරේ මොනවද කියල මට කවදාවත් මතක තිබ්බෙ නෑ! කොටිම්ම ඒ කතා කරන්නෙ මොනවද කියල සමහර වෙලාවට මට ඇහිලත් නෑ!
හැබැයි ඒ ගමන නිසාම මම හරිම උනන්දුවෙන් සිංහල පන්තියටත් ගියා.
ශිෂ්‍යත්වෙ ඉවර උනා, පතියත් ඉවර උනා.
අලුත් ඉස්කෝලෙ උන් "නොරිකො" කියන කාඩ් එක දන්නෙ නැති උනාට, මුගේ කෙල්ල මූට වඩා උසයි බන් කියල විහිළු නොකලට, සතියකට දවස් තුනක් ඇයත් එක්ක පාර අයිනෙන් නොගියට, කොටින්ම නොරිකො සම්හන්ධ කිසිම සිදුවීමක් නොවුනට, මම හැමදාම කඩේ යන්නෙ, ඉස්කෝලෙ යන්නෙ එයාව පාරෙදි අහම්බෙන් හරි ඇයව හම්බුවෙයි කියල.
ලොකු අක්කගෙ යාළුවෙක් නිසා අහල පහල උනත් ඒ පැත්තෙ යන්න මම භය උනා. ඔහොම ටික කාලෙකට පස්සෙ මට ආරංචි උනා ඒගොල්ලො නුගේගොඩ පැත්තෙ ගෙයක් අරන් ගිහින් කියල.
ඔහොම ගිහින් අවුරුදු ගානකට පස්සෙ මම නොරිකොව ආයෙ දැක්කෙ ගල්කිස්සෙ බීච් එකේදි.
එතකොට මම ඇයට වඩා උස ගිහින්. ඒත් එයා මටත් වඩා උස කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන යනව.!
......
පහේ පන්තියෙදි හමුවෙච්චි නොරිකො මගේ ප්‍රථම ප්‍රේමය.
පහේ පන්තියෙදි මොන ලව්ද කියල කෙනෙකුට හිතෙන්නෙ පුළුවන්. ඒත් ඒක එහෙම උනා (ඇත්තටම ඒක, ඒක පාර්ශවීය ප්‍රේමයක් වෙන්න ඇති)..!
මට නොරිකො හමුවෙලා, මගහැරිල බොහොම කාලෙකට පස්සෙ තමයි, දෙවොන්දරෝ සංට නොරිකො හම්බුවෙච්චි කතාව මම දැනගන්නෙ.
අපේ චූටි අක්ක කොහෙන්දො ගෙනත්, අහම්බෙන් කිය්වන්න ලැබිච්චි "මළගිය ඇත්තෝ" පොත කියවල, නොරිකොගෙ අළුත් වෙච්චි මතකයත් එක්ක දවස් ගානක් තෝන්තුවෙලා හිටිය.
ජීවිතේ පරිණත වීම සහ වියපත් වීම එක්ක, හැඟීම් වලින් ඇතිවෙන විප්‍රයාසයන් වෙනස්.
ඒත් ඊයෙ "තාරා මගේ දෙව් දුව" කියෙව්වම, එකකට එකක් සම්භන්ධ නැති උනත් මට මතක් උනේ පහේ පන්තියෙදි එක ලඟින් අඩි තියල ඇවිදගෙන ගියපු, සුදු උස, සුන්දර චරිතය, නොරිකොව.
ජීවිතේ මේ වගෙ අප්‍රකාෂිත ආදරයන් හැමෝගෙම හිත්වල තියෙනව. ඉඳ හිට අපි දකින අහන කියවන නිර්මාණ මේ අතීත හැඟීම් එළියට අරගෙන, හිත හූරල අරගෙන පොලවෙ ගහනව!
.......
තාරා මගේ දෙව් දුව පොත මට තව ප්‍රශ්ණයක් ඇති කරල තියෙනව. ඇත්තටම දෙවඟන තාරාද නැත්තන් ප්‍රියංගිද?

තව ටික දවසකින් ආයෙත් හම්බෙයි දරුමල්ලොත් එක්ක , එතකොට උඹේ හිත ආයෙත් පෑරෙයි
ReplyDeleteනෑ බන්, එහෙම දකිනකොට දැනෙන හැඟීම මෙහෙම පොතක් කියවල ඒ මතකෙ ඇවිස්සෙනවට වඩා හරිම ෆ්ලැට්.
Deleteමා ඔබත් එක්ක සුහද කතාවක්
Deleteඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //
තොරතුරු විමසනවා
ආගිය තැන් පවසනවා //
සංසාරේ හුරුපුරුදුයි කියල කියනවා
කියල කියනවා
මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
රස රහස් කියනවා
විටකදි ඉගිත් කරනවා //
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා
සද හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්
වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතනා //
සිප ගන්නට ළං වෙන්නට එන්න අහනවා
එන්න අහනවා
මා ඔබත් එක්ක සුහද කතාවක් .......
ගායනය -කරුණාරත්න දිවුල්ගනේ
ගී පද - ලලිත් ද සිල්වා
සුපිරියි මචෝ සුපිරියි.. හරි සැහැල්ලුයි, ඒත් බරයි.. හරි රහයි ඒත් යාන්තමට දුකයි.. ඒ දුක උඹ වෙනුවෙන් නෙවෙයි, චූටි කාලෙ අර වගේ අහිංසක විදියට ආදරේ කරපු අපි හැමෝම වෙනුවෙන්..
ReplyDeleteහතරෙ පන්තියෙදි ගිය ඉංගිරිසි පන්තියෙ ඒක පාර්ශ්වික ආදරෙයි පහේ පන්තියෙදි දහම් පාසලේ ඒක පාර්ශ්වික ආදරෙයි දෙකම මතක් වුනා.. :-D
අඩෝ උඹ දන්නවද? අපේ යාළුවො දෙන්නෙක් ඉන්නවා, මුන් දෙන්නා යාළු වුනේ ශිෂ්‍යත්ව පන්තියෙදි.. දෙන්නම ශිෂ්‍යත්වෙ පාස්වෙලා ඈත නගර දෙකක අලුත් ඉස්කෝල දෙකකට ගියා.. එහෙම වුනා කියලා ආදරේ නැති වුනේ නෑ.. කසාද බැඳලා තාමත් යහතින් පවුල් කනවා..
අන්න ලව්
Delete@බූරා,
Deleteහම්මෝ මෙයාට ඉඳලා තියෙන කෙල්ලෝ ගොඩ.... :O
බුරා,
Deleteඋඹෙ කමෙන්ට් එක කෝටියක් වටිනව, මොකද සැරට කියවන එකෙක් ඉම්ප්‍රෙස් වෙන්නෙ නෑ ලේසියට.
අනෙක මට කතා ගොතන්න බෑ, ඒ නිසා මගේ කතා ලියනව. ඒකටත් කම්මැලියි, ඒත් කම්මැලිකම අතෑරල මේක ලියන්න බල කරේ ඔය පොත.
උඹ විස්වාස කරයිද, ඔය ලේන වැටුන ටික ඇර, ඒ වෙලාවෙ සේරම මට තාම පේන ඇත්ත සිද්ධිය කියල කිව්වොත්?
අර යාළුවො දෙන්න ගැන දුකයි, මොකද දුක් වෙන්න හරි සිහි කරල රස විඳින්න හරි උන්ට බිඳුන පෙමක් නැතිවෙච්චි එක ගැන ( මිනිස්සු විඳින්නෙ ලැබුන දේට වඩා ලැබෙන්න ගිහින් නැති උන දේ ගැන හිතලලු ).
අටම්, ලව් නං තමයි ඒත් ඉලව් නැති ලව්!
Deleteකුමරිහාමි, නියම කුකුළ ( කීල්ස් මීට්බෝල්ස් ඇඩ් එකකි )
//ඉඳ හිට අපි දකින අහන කියවන නිර්මාණ මේ අතීත හැඟීම් එළියට අරගෙන, හිත හූරල අරගෙන පොලවෙ ගහනව//
ReplyDeleteඋඹෙ මේ කතාවත් එහෙම එකක්.. :)
ආපහු සැරයක් මළගිය ඇත්තො කියවන්න ආස හිතුණා..
හෙහ්...හෙහ්.. මේව තමයි අපේ මහා පොදු සාධක.
Deleteඅතීතයක් සිහිවිය.
ReplyDeleteකාගෙ කාගෙ කිල්ලෝටවලත් හුණු
Delete//එතකොට මම ඇයට වඩා උස ගිහින්. ඒත් එයා මටත් වඩා උස කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන යනව.!//
ReplyDeleteබීටලයගෙ "කෝපි මතක" කතාවෙ තිබ්බ ලයින් එකකට පස්සෙ මෑතකදි දැක්ක හොඳම ලයින් එක.... මුළු කතාවම මෙතන තියනවා....
පුංචි කාලේ හිත ගිය කෙල්ලෝ කීප දෙනෙක් හිටියා... තාම ඒ හැමෝම එක්ක වගේ කන්ටෑක්ට්ස් තියනවා. ඒ නිසා ඔය උඹ කියන්න හදන හැඟීම දැනෙනවා ටිකක් අඩුයි. එදා හිටිය ඒ කෙල්ලෝ අද කොහෙද කියලාවත් දන්නෙ නැත්නම් තමයි, උඹ කියන හැඟීම හොඳටම දැනෙන්නේ (උඹ ලියනගේ අමරකීර්තිගේ අටවක පුත්තු කියවලා තියනවද?)... එහෙම එකක් තියනවා, හැබැයි ඒ ඕලෙවල් කාලේ.
ස්තූතියි උඹෙ අගය කිරීමට! ඔව්, ඒ අය කොහෙද කියල නොදන්නකොට හැඟීම වැඩියි. උඹෙ මේ අදහස මට පෝස්ට් එකට සින්දුවක් ඇඩ් කරන්න මතක් කලා.
Deleteමෙන්න පොඩ්ඩි කැමතිම විදියේ ආදර කතාවක්...:D
ReplyDelete//නොරිකො මගෙන් ඇහුවෙ මොනවද, අපි කතා කරේ මොනවද කියල මට කවදාවත් මතක තිබ්බෙ නෑ! කොටිම්ම කතා කරන්නෙ මොනවද කියල සමහර වෙලාවට මට ඇහිලත් නෑ!//
මේක හරිම ඇත්ත. මේ වගේ වෙනවලු. :P
//ගස් කෙඩි// සිංහයෝ මේක හදන්ට.
කුමාරිහාමි කැමති මෙහෙම කතා කියල දන්නවනං ලියන්නෙම නෑ :P
Deleteඑහෙම ඇහුන්නැතුව හිටිය "පිස්ස, මැට්ට, මෝඩය" වගේ විශේෂන දාල අමතන්නෙ නැද්ද?
නිවැරදි කිරීම කරා, බොහොම ස්තූතියි!!
ඔය අප්‍රකාශිත ප්‍රේමයක් නැති කෙනෙක් හොයාගෙන එන්න කිව්වොත් අර කිසිවෙක් නොමල ගෙයකින් අබ අරන් එන්න කිව්ව කතාව පරදිනවා . කවුරුවත් නොමල ගෙයක් තිබ්බත් අප්‍රකාශිත ආදරයක් නොතිබ්බ හිතක් හොයාගන්න ලැබෙන්නේ නෑ. හරිම සෞම්‍ය විදිහට ඉන්දික කතාව ලියලා . අර නිරාමිස ආදරය කියන එක ඇඟටම දැනෙනවා කියවනකොට . එල පට්ට
ReplyDeleteතැන්ක්ස් මචෝ! ලියන එකයි, ලියවෙන එකයි දෙකක්. මේක ඒ වෙලේ හැඟීමත් එක්ක ලියවෙච්චි එකක් මිසක්, මම හිතල මෙහෙම ලියන්න දස්ස එකෙක් නෙමේ කියල දන්නවනෙ.
Deleteඔබ නැතුව ඉන්න බැරි තරමට
Deleteඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
සිත ඔබව සොයනව දවසෙම...
මේ ජීවන හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා
රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලනියේ
මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳවී පිපුනේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ...
ගායනය - වික්ටර් රත්නායක
මටත් උදේම පැරනි පෙමක් මතක් වුනා..මම යනවා සිගරට් එකක් බොන්න
ReplyDeleteතෝ තාම සිගරට් එක බොනවද?
Deleteකවුරැහරි අයියන්ඩිට ලොකු බොරැවක් කියලා මම නැවැත්තුවා කියලා..කවුද ඒ නොසන්ඩාලයා?
Deleteඅනේ මම නිසා කෙල්ලෝ කි දාහකටනම් මෙහෙම වෙලා ඇත්ද ............ එකයි මට කනගාටු ................
ReplyDeleteමගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න...
Deleteනේද මැලේ?
ඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
ReplyDeleteනිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..
""කායආරක්ෂකයන්"" උඩු කයද යටි කයද ?
Deleteපත්තරීට අනුව මේ තැනත්තා රියදුරෙකු වශෙයෙන් පෙනී සිටින බව මේ දැන් වාර්තා උනා..
Deleteඔන්න බලමු දැන් ඉතින්, බොලා ගල් කිය කිය රට හතරැස් බෝතල් ගහන ලස්සන හෙට අනිද්දට මූණු පොතේ තියෙයි..හැක්
Deleteඉවාන්, යටිකයේ මොනා රකින්නද බන්, පස්සෙන් එන බලු කබරිගෙන්ද අහපන්
චෙෆාකි, එහෙනං ඉතින් ඌ අල්ලල හමාරයි.
බුලත් විට කෑමේ ප්‍රයත්නයක
Deleteප්‍රා, කතාව තේරුන්නෑ!
Deleteඉතාලි මාෆියාකාරයෙක් බුලත්විට කෑමේ වියාපෘතියක
Deleteඑහෙනං කට්ටිය ස්ටෙලා වෙලා වගේ..!
Deleteනෑ නෑ තවම ස්ටෙලා නෑ තවම බුලත්විට විතරයි අනුමත
Deleteඑළ... නොස්ටැල්ජියා උපරිමෙන්ම.. මටත් මොන්ටිසෝරියේ ඉඳන්ම් පොඩි පොඩි ක්‍රෂ් තිබුනා.. එදත් අද වගේමයි.. මොකට කෙල්ලෝ ලස්සන වෙනවද මන්දා.. මට හොඳට මතකයි කේරි එකෙන් අස්වෙලා ධර්මාළෝකෙට ගියපු දවස්.. ඒ පාඩම් නිසාවත් ඉස්කෝළේ නිසාවත් නෙමෙයි කෙල්ලෝ නිසා.. සඳමාලී.. එච්චර ලස්සන නෑ.. ඒත් ඒකි තමයි ලීඩර්.. එතකොට ලස්සනම කෙල්ල නාලනී.. මට එදත් තිබුන ප්‍රශ්ණේ මොකාද සිලෙක්ට් කර ගන්නේ කියන එක.. අන්තීමට දෙන්නම වෙන අයට අයිති උනා.. මම මෙහේ තනි උනා..
ReplyDelete//"මට එදත් තිබුන ප්‍රශ්ණේ මොකාද සිලෙක්ට් කර ගන්නේ කියන එක"// ඒ කියන්නේ අදත් තියෙන්නේ ඒ ප්‍රශ්නෙමද?
Deleteපොර වෙන්න යාමේ අතුරුපල කියන්නෙ ඕවට මචෝ...ලීඩර් කෙසේ වෙතත් නාලිනීට සෙට් උනා නම් උඹ රෝයල් යන්නෙත් නැහෙනේ..
Deleteදැන්වත් හිතාපාන්..කියනදේ හාපාන්..
මාතලන්,
Deleteබලනකොට අපි හොඳයිනෙ යකෝ! ඔය තෝරාගැනීමේ ගැටළුව එන එකත් පවක්නෙ බන් බලද්දි! දැන් තාම සිලෙක්ට් කොරගත්තෙ නැද්ද එතකොට :P
ඉවාන්, දැනුත් ඔය සුද්දියො එහෙම ආවම....
Deleteචෙෆාකි, හැමදේම වෙන්නෙ හොඳටයි...හැමදේම වෙන්නෙ හොඳටයි...
හත්තිලව්වයි................ ඔන්න ඔහොම වුණාම තමයි පට්ට අවුල්.......... අතීතය විසින් වර්ථමානයට රිද්දනවා කියන්නේ ඒකට වෙන්ටෑ
ReplyDeleteහතිලව්වට ගහපු කළාබර වගේ තමයි ආයි ඉතින්!
Deleteකොපි පොත් පිටු අතරට ජැස්මින් සුවඳ පියරු දා හොරෙන් හොරෙන් කාටත් නොපෙනෙන යාමෙ දුන්න ආදර තෑගි මතක් උනා සහෝ..
ReplyDeleteඑහෙමත් කාලයක් තිබුනා නෙව...මොන තරම් දේවල් ලැබුනත්, හොයාගත්තත්, හිත කිති කවන හයේ පන්තියේ ආදරය ආයි හම්බවෙන්නෙ නැහැ කියන හිතිවිල්ල දරා ගන්න තියෙන අමාරුව තමයි ඉවසාගන්නම බැරි..
අනිව මචෝ. මම අර කලින් කිව්ව වගේ, අපිට ලැබිල තියෙන දේට වඩා නොලැබුන ඒව නිසා වෙන දුක ( හෝ මොකද්දෝ එක ) හරිම ප්‍රභලයි, ඒත් ඒකට අපි ආසයි!
Deleteමටත් ඔහොම වුන හැටි මතකයි මට හොදහැටි මතකයි
ReplyDeleteපිවිතුරුය පළමු පෙම...
Deleteලස්සන අතීතයක්...ඒක වඩාත් සුන්දර කලා පෝස්ටුව අග තියෙන මම ඉතාමත් ආශා කරන ගීතය...මගේ අතීතයෙත් මොන තරම් එක් පාර්ශවීය ප්‍රේමයන් වීද ?
ReplyDeleteසිරා ඔහොම උන්නොත් හැමදාම හිතෙන් විතරයි...
Deleteසිතින් විතරක් පෙම් කරන්නම්...දුරින් හිඳ ඔබ දෙස බලන්නම්...
ඒකපාර්ශවීය නොවන ප්‍රේමයන් මට තිබුනා...ඒවායෙ වියෝවත් එක්කයි පොඩි විරාමයක් අරගෙන බලා ඉන්නෙ.
Deleteඔය ඇති බං දැන් ඉන්ටවල් ගත්තා.
Deleteඔය වගේ අප්‍රකාශිත ආදර කතා කොයි කාටත් තියෙනව ඉන්දික අයියෙ. ඒත් ඉතින් පස්සෙ කාලෙක ඒවා මතක් වෙද්දි හරිම සුන්දරයි. හැබැයි අර ගල්කිස්ස බීච් එකේ දැක්ක වෙලේ මොකක් හිතුනද දන්නෙ නෑ. ලස්සනට ලියල තියෙනව. ජය වේවා!!!
ReplyDeleteමනා, ඒක තමයි අර තිසර කිව්ව වගේ අන්තිම පේලියෙම කැටිවෙලා තියෙන්නෙ. ඒ හැඟීම නිකං ලෝභකමට දුකකට එහා ගිය දෙයක්.
Deleteඅපේ පන්තියටත් ආවා ජපන් ශ්‍රී ලංකා සිසු හුවමාරු ක්‍රමේට කොල්ලෙක්. කෙල්ලො වට වෙලා හිටියෙ ඒකාට. මෙන්න උස.
ReplyDelete//""මෙන්න උස.""// උසද දිගද ? :P
Delete(තරහා ගැනීම තහනම් ..මදාවියාගෙන් වෙන මොනවා අහන්නද?:P)
අඩෝ... වල් ඉවානයා.
Deleteමාධවී, මෙන්න උස කිව්වම දැන් මොකක් බලලද බන් හිතාගන්න ඕන?
Deleteඉවා, මාධවී කියන්නෙ සරමක්ද කම්බායක්ද බං?
Deleteහයිබ්‍රිඩ් එකක් බං. ඔන්න මංම කිව්වා.
DeleteTall guys get girls!
Deleteපිස්සුද ආච්චියෙ එහෙනම් අපි වේලෙන්න එපාය. මගේ බිරින්දැත් මට වඩා අඟල් ගානක් උසයි. එහෙම ප්‍රශ්නයක් දැනුනේ වත් නැහැ. මේ කොල්ලන්ව අධෛර්‍ය කොරන්න එපා හරිද.
Deleteදිග ආච්චි හෙවත් දිගංචි. මං කිව්වා කියන්න බිරින්දැට.
Delete(සීයට පාලනයට බාල්දියක් සහ ආරක්ෂාවට බිත්තර කට්ටක් හොයාගන්න වෙයි හෝටලේකින්)
ඉයාව්!
ReplyDelete:-(
ලියවිල්ල තමයි බොලේ ලියවිල්ල!
මොකද යකෝ...කවුද කණ මිරිකුවෙ?
Deleteලිවිල්ල පට්ට අවුල්ද කාන්තා පැත්තෙන් බැලුවම?
මේ වගේ ලිපි කියවද්දී ඉබේම අපේ අතීතයනුත් මතක් වෙනවා..
ReplyDeleteකාගෙ කිල්ලෝටෙද මල්ලි හුණු නැත්තෙ?
Deleteසරස වසන්තය ආයෙත් එනවානම්
ReplyDeleteමගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්...
ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටුවක එය හංඟා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමුවී හිනා නගන්නට..
සරස වසන්තය ආයෙත් එනවා නම්...
දෙනෝදහක් මැද සිත් හංඟන්නට
සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුත් නැති සීමාවක
හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්...//
ගායනය : අනෝමා රාසපුත්‍ර සමඟින් අමරසිරි පීරිස්
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : ජගත් ජයවර්ධන
සරස වසන්තය ආයෙත් එනවා නම් ..
මේ සින්දුව මම අහල නෑ මචෝ, තෑන්ක්ස්! ඇත්තටම එහෙම වසන්තය එනවට කැමතිද....!!!
Delete//තාරා මගේ දෙව් දුව//
ReplyDeleteතාරාවන්ට කොහොමද දන්නෙ නෑ හංසයන්ටනම් ෆෙයාරි ගෝඩ්මදර්ට හිටියෙ සැටලයිට්
මෙයා මේ සෙන්ටිමැන්ටල් ඒව අස්සෙත් කියන ඒව බලහන්කො...
Deleteසොරි. තාම පපී ලව් puppy love ගැන මැන්ටල් කියල මං හිතුවෙ නෑ, සමා වෙන්න ඕනැ හිත රිද්දුවට.
Delete[img]http://cdn.themetapicture.com/media/funny-man-playing-snow-machine.jpg[/img]
Deleteආපු නැති බ්ලොග් අඩවියක්. ලස්සන පුංචි කතාවක්.
ReplyDeleteඅජිත් ආවෙ නැද්ද මේ පැත්තෙ කලින්??
Deleteකමක් නෑ, දැන් ඔන්න මින් පස්සෙ එහෙනං නිතර ඇවිත් යන්න. ස්තූතියි කතාව අගය කරාට.
මටත් තියෙනවා අනේ. එක පාරටම ඒ කිව්වේ දවස් දෙකක් යද්දි නොරිකෝව එක්ක එන එක උඹට බාර දීපු ඒ අක්කගේ යාලුවා මහ මෝඩයෙක්.. ඕකට කියන්නේ තනි අන්ඩේ ලව් කියලා..
ReplyDeleteපහේ පන්තියෙ පොඩි උන්නෙ බන්. ඒකයි.
Deleteමෙහේව් ලව් නැත්තෙ කාටද? මටම තව තියෙනව, හිටහන් ඒවත් ලියන්න.
බලාගෙන ගියාම හැමෝගෙම ප්‍රථම ප්‍රේමය හබක් වෙලානේ ..(මමත් ඇතුළුව ) හැක් ..
ReplyDeleteඅපි ලව් කරන්න වැය කරපු කාලේ දරුවෙක් හැදුවා නම් එකාත් දැන් ජොබ් එකක් කරන වයස ...දුක තමයි රන්ජනී
නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී
නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි
රෝස පෙති කඩා හැලේ
කිළිපොළා සැලී යමින්
නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා
ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී
යා යුතුව තිබේ
රැය ගෙවේ සඳත් නිවේ
දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ
පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා
මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි
සොඳුර ඒ මගේ....
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය/ගායනය - විශාරද ගුණදාස කපුගේ
මං හිතන්නෙ ප්‍රථම ප්‍රේමය බිඳවැටෙන එක වඩා සුන්දරයි!
Deleteතාරා මගේ දෙව් දුව කියවන්න ගත්තේ නැහැ තවම,දැනුයි "ලොවිනා"කියවන්නේත්.
ReplyDeleteපරණ මතක හිත අස්සේ තිබිලා එක පාරටම මතු වෙන එකත් හරි අපුරුයි.මගේ ජිවිතේ මට වැඩියෙන්ම තිබ්බේ අප්‍රකාෂිත ආදරයන් තමයි.ඒ අස්සේ මගෙත් පළමුවැනි අප්‍රකාෂිත ආදරය මතක් වුණා...:)
ලොවීනා ලස්සනයි ඒත් කම්පනයක් ඇති කරන්නෙ නෑ පුද්ගලිකව හිතට වදින. පරණ මතක තමයි ජීවිතේ ජීවත් කරවන්නෙ.
Deleteලස්සන කතාව ඉන්දික. උඹල මේ වගේ කතා ලියල අපිවත් අතීතෙට ගෙනියන එකට ස්තුති නොකර බැහැ.
ReplyDeleteමට මුළින්ම කෙල්ලෙක්ව හිතට වැදුනේ එක වසරෙදි. ඒ “නංගිව ගෙදර එක්කගෙන යමු” කියල මම සෑහෙන ෆයිට් එකක් දුන්නා. හැබැයි ඒක ලව් එකක් නෙමෙයිද කොහෙද. අපි දෙන්න එක පන්තියේ හිටියේ 5 වසර වෙනකල් විතරයි.
හැබැයි හතර පහ වසරවල් වලට ආවට පස්සේ මම එයාට පේන්න ටොම් සෝයර් බෙකීට පේන්න වැඩ දාපු වර්ගයේ ඒවා එහෙමත් කරපු බව මතක් උනේ උඹේ කතාව බැලුවට පස්සේ. ඔය කාලයේදී පංතියේ කරන දඟ වැඩ වලට අනිත් උන්ව ටීචර්ට මාට්ටු කරලා දුන්නත් එයා මාව කවදාවත් එහෙම අල්ලලා දුන්නේ නැහැ.
එහෙම බැලුවම අපි දෙන්න අතරේ ප්රලකාශ නොවුණු මොකක්හරි තිබිල තියෙනවා.
පස්සේ එයා වෙන ඉස්කෝලෙකට ගියා, මමත් කොළඹ ගියා. ආපහු අවුරුද්දකට පස්සේ මමත් එයා ඉන්න ඉස්කෝලෙටම ගියා. ඒත් අපි හිටියේ පන්ති දෙකක. අපි අතරේ කළින් තිබ්බ මෙව්වා එක එහෙම්මම නැතිවෙලා ගියා.
අගයකිරීමට ස්තූතියි. උඹල බලල කමෙන්ට් එකක් දාන එකනෙ බ්ලොග් ලියන්නන්ට තිය්නේ උත්තේජනය.
Deleteමම හිතුවෙ තව මෙහෙම එකක් ලියන්න මේ මාසෙ වෙනුවෙන්. මොකද මට වැඩි නැතිවෙච්චි අදර කතා මිසක් ගොඩ ගිය ඒව නෙමෙයි නිසා :)
මමත් කියෙව්වා. සිදුවීමක ලොකු පොඩි කම කොහෙත්ම වැදගත් නෑ ඒක අපිට කරණ බලපෑම තීරණය කරන්න. මේ කතාව ඒකට උදාහරණයක්....
ReplyDeleteඔව්. සමහර පුන්චි දේ කරන්නෙ මාර ලොකු බලපෑම්! ස්තූතියි කියෙව්වට.
Deleteමමත් කියෙව්වා. සිදුවීමක ලොකු පොඩි කම කොහෙත්ම වැදගත් නෑ ඒක අපිට කරණ බලපෑම තීරණය කරන්න. මේ කතාව ඒකට උදාහරණයක්....
ReplyDeleteමෙන්න හොර අභීතගේ චැලේන්ජ්.
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=10152784676590677&set=a.10150963914255677.406245.711605676&type=1&theater
ඌ දැන් ජාන විකුණන හොරෙක්, කතා කරල තේරුමක් නෑ.
Deleteඅද කියවුවේ // ඉඳ හිට අපි දකින අහන කියවන නිර්මාණ මේ අතීත හැඟීම් එළියට අරගෙන, හිත හූරල අරගෙන පොලවෙ ගහනව!
ReplyDelete// හ්ම්ම් ඒක පට්ටම ඇත්ත අයියේ,, මේක කියවන අපිටත් ඔය සීන් එක වෙනවා..
හෙහ්..හෙහ් එහෙම උනානම්, මම ලියපු දේ තරමක් හොඳට ලියැවිල, මගේ හැඟීම් එලියට එන්නම. ඒකයි. තෑන්ක්ස් ඔමා!
Delete"මම පුංචි පහේ හපනෙක් තරම් දක්ස නොවෙමි" හැබැයි කර දඬු උස් මහත් වෙනකොට හිතටත් මක්කද උනා.කෙනෙක් ඉන්නව හදිසියේ මිස් උන අදටත් මම හොයනවා.තාම හම්බුනේ නෑ.. හ්ම්... ලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteඅපි ලැබුන කෙනාට වඩා නොලැබුන කෙනාට හැමදාම ආදරේ කරනව. ඒත් ඒක වැරදිද?
Delete