Wednesday, July 23, 2014

සයිබර් අවකාශයේ ඉන්නේ ගෝත්‍රවාදියෝ


උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ කවුද කියන එක ගැන විවිධ කියැවිම් තියෙනව. මනුස්සයගෙ ඉගැන්වීමේ දක්ෂකම වගේම අළෙවිකරනයෙ දස්කම් ගැනත්, මිළ ගැනත් නොයෙක් මත තියෙනව. හැබැයි මම සන්නස්ගලගෙ අගය කරන දේ තමයි, මනුස්සය නොවිකිනී ඔහුගෙ නිෂ්පාදන විකුණල හම්බු කරන එක

මේ දේ තව කොයි කාලයක් තියෙයිද කියන එක හෝ එය පිටුපස ඇති වෙනත් හේතු ගැන අපි වෙනම කතා කල යුතුයි.

කොහොම උනත්  සන්නස්ගලත් කාලෙකට සැරයක් මොකක් හෝ ආන්දෝලාන්තමක කතාවකින් කරළියෙ මතු වෙනව.   එහෙම ආපු අවස්ථාවලින් ප්‍රභලම එක තමා මනුස්සය සබරගමුවෙ මහ ඇමති අපේක්ෂක කම භාර නොගෙන ප්‍රතික්ෂේප නොකරපු එක.

ඒත් මට හිතෙනව මිනිහ මේ ඊයෙ පෙරේද දීල තියෙන පුවත් පත් සාක්ච්ඡාව ඔක්කොටම වඩා ප්‍රභලයි කියල. ඒකට හේතුව සන්නසගල මතු කරන කරුණු වල තීන කාලෝචිත බව වගේම ඒවගෙ තියෙන අවාසනාවන්ත ඇත්ත නිසා.

දකුණෙ කළු ජූලිය වගේම උතුරෙ වීර ජූලිය සිහිපත් කෙරෙන මොහොතක සන්නස්ගලගෙ අදහස් මීට වඩා සාක්ච්ඡාවට යොමු විය යුතුයි කියල මට හිතෙනව.

මනුස්සය මේ කතාවෙදි ඉතාම වැදගත් අදහස් කිහිපයක් කියනව.

//තාක්ෂණය දියුණු වෙන්න වෙන්න මිථ්‍යාදෘෂ්ටිය අඩු වෙයි කියල අපි හිතුව ඒක තමයි අපේ අනාගත දැක්ම. ඒත් විද්‍යා සහ දෘෂ්ටිවාදයන් දියුණු වෙයි කියල හිතන මොහොතෙදි මිථ්‍යාදෘෂ්ටිය වර්ධනය වෙලා. උදාහරණයක් විදිහට ලංකාවේ බොහෝ පත්තරවල මිථ්‍යාදෘෂ්ටික අතිරේක තියෙනව. සමහර විට මුළු පත්තරයම දුවන්නේ අතිරේකය පදනම් කරගෙන. ලංකාවේ තරුණ පරපුරෙන් සියයට අසූවක් විතර තමන්ගේ ඉරණම දැන ගන්න ලග්න පලාපල බලනව. මිථ්‍යාදෘෂ්ටිය පදනම් කරගෙන ජීවත් වෙනව. ජාතිවාදය ආගම්වාදය අඩු වෙයි කියල හිතනකොට තරුණ පරපුර අතර ජාතිවාදය වැඩි වෙනව. මේ ඊනියා ජාතිවාදී ආගම්වාදී කල්ලිවල වැඩිපුරම ඉන්නේ තරුණ තරුණියන්.//

මේ කියන කේන්දර, බෝධි පූජා, භාර හාර පස්සෙ බෞද්ධ තරුණයො යෑම වැඩි වෙනව වගේම අනෙක් ආගම්වල තරුණ කොටසුත් දැඩි අන්තවාදයට නැඹුරු වෙන තත්වයක් අපි දකිනවමෙහෙම දිගටම ගියොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒත් කවුරුත් මේ තිත්ත ඇත්ත ගැන කතා නොකර වැඩිහිටියො විදියට ආඩම්භර වෙනව දරුවො ආගමානූකූලයි කියල. මේක ඇත්තටම අපි මුහුණ දෙන ලොකු ඛේදවාචකයක්.

//ලංකාවේ වාමාංශික පක්ෂ මොනතරම් මතවලට වෙන් වුවත් අවශ්යතාවයක් තිබෙනවා නේද ජාතිවාදී ආගම්වාදී මොහොතකවත් එකතු වෙන්න. තම තමන්ගේ න්‍යායපත්‍ර වෙනුවට අඩු ගාණේ මේ මොහොතෙදිවත් එක වේදිකාවකට එන්න  ඕන. මම හිතුව අලූත්ගම දර්ගා නගරයේ සිදුවීමෙන් පසුව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, කණ්ඩායම ඇතුළු කොළඹ නගරයේ රියාත්මක වන දේශපාලන කණ්ඩායම්වලට එකතු වෙන්න හැකි වෙයි කියල. ඔවුන් පවා රැුස්වීම් කළේ පෝස්ටර් ගැහුවේ වෙන් වෙන් කණ්ඩායම් හැටියට. //

මේක තමයි ලංකාවෙ ජනතාවගෙ තීන උපන් කුහක කම. මොන තරන් මාක්ස්වාදයෙන් ඔලු පිරෙව්වත් හිතේ තීන කුණු එහෙමම නිසා, පොදු ප්‍රශ්නයකදිවත් එකතු වෙන්නෙ නෑ. සමහරවිට ලංකාවෙ මක්ස්වාදීන්ට මේ ගැන වෙන අදහස් ඇති. ඒත් පිටින් පේන ඇත්තනම් "ඌට ක්‍රෙඩිට් එක දෙන්නෙ මොකටද" කියන දේ නිසා එකතු නොවෙන බවකුයි.

ඒ වගෙම සන්නස්ගල බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනව.

//ඇත්තටම මට මේ වෙලාවෙ මතක් වෙනවා ජේ.ආර්. සහ ප්‍රේමදාස ජනාධිපති තනතුරේ ඉන්න කාලවල මේ රටේ තිබුණු විකල්ප ව්‍යාපෘති. ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යයක් කරනවාධවල භීෂණකියලා. ඒක රට පුරාම ගෙන ගියා. අශෝක හදගමහෙණනාට්‍ය කරනවා. ජයන්ත චන්ද්‍රසිරිඅත්නාට්‍ය කරනවා. චින්තන ජයසේනකොලමපත්තරේ ගහනවා. අද එහෙම කතා කළාට කාලේ පොඩි පොඩි ව්‍යාපෘති විදියට ක්‍රියාත්මක වුණේ. මම ඔබෙන් අහනවා එහෙම දේවල් පුළුවන් නම් කොළඹ සමාජයේ දැන් තියෙනවද කියලා පෙන්වන්න. //

ඇත්තටම මේකට උත්තරය ඔහුගෙ ඉහල කියපු අද තරුණයො මොකද කරන්නෙ කියන ප්‍රකාෂය තුලම තියෙනව. අනෙක් පැත්තෙන් එදා නන්දල, කපුගේල කරපු දේට බැට දෙන, බනින අය අද වෙන දේ ගැන කට පියන් ඉන්න යුගයක සන්නස්ගල මෙහෙම අහන්නෙ තත්වෙ නොදැන නෙමෙයි. කොටින්ම තනි තනිව වෙබ් අවකාශෙ, ෆේස් බුක් පිටුවල තෙල බෙදන අය මිසක් "අරූ " කියන විදියෙ ටීම් ප්ලේයර්ස්ල අද තරුණ සමාජෙ නෑ. හේතුව උන් ටීම් එක හදන් ඉන්නෙ වර්චුවල් වෙබ්ස්පියරෙකේ නිසා.

මේ සාකච්ඡාවෙ අන්තිමටම සන්නස්ගල කියනව

//ඊළඟ ඛේදවාචකය තියෙන්නෙ වෙබ් සයිට්වල. සයිබර් අවකාශයේ. අපි හිතමු දර්ගා නගරයේ සිදුවීම හෝ ජාතිවාදී අදහසකට විරුද්ධ අදහසක් කෙනෙක් පළ කළා කියලා. සයිබර් අවකාශයේ ඉන්න ගෝත්‍රවාදියෝඋඹෙ අම්මා, උඹෙ තාත්තා, උඹෙ ජාතකය....’ ඔය විදියට විශාල වශයෙන් මඩ ගහනවා. මේ මොහොතේ අන්තර්ජාලය පාවිච්චි කරනවා නරකම ගෝත්‍රවාදියො පිරිසක්//


මේක දැක්කම මට හිතුනෙ මේ මනුස්සයත් බ්ලොග් කියවනවද කියල.  මොකද මේ වෙනකොට කරුණු, මතවාදයන් හෝ දර්ශනයෙන් එහට ගිහින් අම්මලට දූලට ගෑණුන්ට බනින අවස්ථා පිරුණ හැටේ වත්ත වගේ වෙලා අන්තර්ජාලයත්. හොඳම උදා හරණය මාතලන්ට සහ කතන්දරට වෙච්චි අලකංචි.

සන්නස්ගලගෙ සම්පූර්ණ ලිපියමමෙතනින් ගිහින් බලන්න පුලුවන්. වගේම මේක ඇත්තටම සාකච්ඡාවට, අවධානයට ලක්විය යුතු ලිපියක් නිසයි මෙහෙම පල කරේ.

පලි.

අදහස් දක්වන සැමට ඉතා වටිනා කතාවක් ඉවාන් පහත ලියල තියෙනව.ඒකෙ වටිනාකම නිසා මෙතන කපල ඇලෙව්ව කමෙන්ට් කිරීමට පෙරම ඔබේ අවධානය සහ සලකා බැලීම පිණිස;

//සංවාද විසඳුමකින් අවසන් වෙන්න ඕන කියලා හිතන ලිං මැඩියන් මේ ආකාරයෙන් හැසිරෙනවා ඇති. උන් දන්නේ නෑ තමුන්ගේ අදහස වෙනස් කිරීමට හෝ එය දිගටම දරගනේ සිටීමට අයිතිය තියෙන්නේ අදාළ පුද්ගලයට කියලා. මම කියන දේ පිළිගත යුතුමයි කියන තැන හිටගත්තම ආපහු වාඩිවෙන්න හිතෙන්නේ නෑ//


(කමෙන්ට් කරන ඔබේ අදහස ඉතාම වැදගත්. එහෙත් එය පිළි නොගැනීම හෝ පිළි ගැනීමත්, එකඟ වීමත් නොවීමත් අනෙකාගේ අයිතියයි.)

133 comments:

  1. ස්න්නස්ගලව මට එපා උනේ උගේ අර වැලන්ටයින් පිස්සුව හින්දා බන්..... එත් දැන් පොර එදා ඒ හිටිය තරම් පිස්සු චරිතේ නෙවෙයි තමයි ඒවගේම පොර ගුරුවරයෙක් හැටියටනම් අංක එක

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මං එයාගෙ ක්ලාස් යනව... වැලන්ටයින් එපා කෙරෙව්ව අර චිත්තරපටියක් හින්ද..හි හි....

      ඔය ඡන්දෙ ඉල්ලන කේස් එක තිබ්බෙත් ඒ කාලෙ තමයි... හෙන පොර ඉතිං...

      මමත් එදා ඉඳන්ම ගුරුවරයෙක් හැටියට සන්නට හොඳටම ගරු කරනව.. අනිත් ඒව ගැන කියනව නං පොත් කීපයක්ම සයින් කරවගෙන පොත් රැක් එකක දාල තියෙනව...

      Delete
    2. මැලේ/ හිරු, මිනිස්සු අත්දැකීම්, අදහස් වගේම හැසිරීමුත් කාලය සහ වයස එක්කත්, පුද්ගලික අවශ්‍යතා හින්දත් වෙනස් වෙනව. මීට අවුරුදු දහයකට කලින් ධනවාදෙට වෛර කරපු විමලෙත්, ජඩ දේශපාලනය එපා වෙලා බඩු අකුලන් රට ගිය ඩලසුත් අද රත්තරන් එක්ක එක වේදිකාවෙ. අපි ඒ ඒ පුද්ගලයො ඒ ඒ අවස්ථාවෙ දක්වන අදහස් වල ගුණ අගුණ නැණ පමනින් තෙරුම් අරන් ඒකෙන් අවශ්‍ය දේ ගන්නව මිස පුද්ගලයා ගැන ප්‍රතිරූප ගැන නොසලකා ඉන්න පුලුවන්නම් ඒකයි වඩා සුදුසු කියන එක මගේ අදහස.

      Delete
    3. ඉන්දික +++++++++++++++

      Delete
  2. ටීම් ප්ලේයර් කියන යෙදුමට අරූ දාල තිබුණු කණ්ඩායම් ක්‍රීඩකයා කියන පරිවර්තනයට වඩා හොඳ එකක් ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කකා. ඒ වචනයට හරි පදයක් නැත්තෙ අපි එහෙම නොවන්නන් නිසා ඇති අඩු උනන්දුව හින්දද?

      Delete
  3. අර වෝල්ටෙයා (හරි පොරගෙ ලේකම් හරි) කියපු අනුන්ගේ මතය ගැන කතාව හාංකවිසියක් නොදන්නා, එහෙම දෙයක් වටහා ගන්න තරම් මොළයක් නැති අය තමයි ගොඩක් මෙතන ඉන්නේ.

    ගෝත්‍රවාදය සහ ආත්මාර්ථකාමීත්වය ඉහවහා ගිහිල්ලා!

    ReplyDelete
    Replies
    1. HALO MACHO UMBA DAN KOHEDA BAN INNE. KALEKIN DAKKE NEHE.

      Delete
    2. Kaka,

      I do not agree with what you have to say, but I'll defend to the death your right to say it :D

      Delete
    3. It is not 'Kaka'. It is 'Caca'. Caca = shit in French

      Delete
    4. මෙන්න මං ලියපු කතන්දරයක්.

      හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න? : Voltaire no more! - http://kathandara.blogspot.com/2012/08/2-voltaire-no-more.html

      මේ කතන්දරේ අන්තිමට තියෙන කවිය සහ ලින්ක් එක බලන්න.

      Delete
  4. ගෝත්‍රවාදී ම්නිස්සුන්ගේ ඒ ගති ඉසමතු වෙන තැන් නවත්තන්න කාටවත් බැහැනේ..

    ReplyDelete
    Replies
    1. බෑ, අවුරුදු දාස් ගානක් ගිහිල්ලත් වෙනස් නොවෙන මනුස්ස ගත් වෙනස් කරන්න බලෙන් බෑ. ඒත් ඒ දේ තෙරුම් ගැනීම සහ ඒ මෘග ගති යටපත් කරන් ඉන්න හැකි තරම් මහන්සිවෙන්න පුලුවන් වෙන්න ඕන උගත් හෝ බුද්ධිමත මිනිස්සුන්ට, නූගත් මන්දබුද්ධිකයන්ට වඩා.

      Delete
  5. ඔය කාට කාටත් විවිධ මති මතාන්තර එළිදක්වන්න පුළුවන්...ලංකාවෙ පත්තරවල මොකටද ඔය තරම් මිත්‍යා දෘෂ්ටික අතිරේක තියෙන්නෙ......එහෙනම් ඒව කියවන්න තරම් මෝඩයෝ පිරිසක් ලංකාවෙ ඉන්නව කියන එකද.....දවසට වේල හොයා ගන්ඩ බැරි අසරන දුප්පත් මිනිස්සු පත්තර අරන් බලන්නෑ . උන්ට ඔව බලන්ඩ වෙලාවක් නෑ.ඊට වැඩිය කරන්ඩ දේවල් තියෙනව.ඒකෙන් අදහස් වෙන්නෙ ලංකාවෙ උගත් බුද්ධිමත් වියත් පිරිස තාමත් ඒ අතිරේක වලට අනුව ජීවත් වෙනව‍ාය කියන එකයි.ඔව් ඒක තමා ඇත්ත..තරණ පරම්පරාව තමන්ගෙ කලින් පරම්පරාවට යට වෙලා ඉන්නෙ.එහෙම නැතිවුනොත් උන්ට ඉදිරිජීවිතේට ප්‍රස්න එන හිංදා....උනුත් වයසට ගියාට පස්සෙ ඔය සෙතේම තමා.....ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය පතාගෙන එක එක කාලෙට එක එක අය එක එක දේවල් මේ සමාජෙට ඉස්මතු කරනව....නමුත් උන්ගෙ ඇතුල්පැත්ත අරන් බැලුවොත් ගූ ගොඩක්.....ජාති බේද ආගම් බේද....කුල මල හැම එකකින්ම පිරිල ඉතිරිලා යනවා.......

    ReplyDelete
    Replies
    1. මේ කතාව සම්පූර්ණ ඇත්ත. ඔය මිත්‍යා දෘෂ්ටියෙ, ජාතිවාදයෙ, ආගම්වාදයෙ ගැලිලා ඉන්නෙ මේ රටේ දුප්පත් මිනිස්සු, ඒ කියන්නෙ අනුරාධපුරේ පැත්තෙ කුඹුරු කොටන ගොවියො, වරායෙ කම්කරුවෝ එහෙම නෙවෙයි. මේ කොලොම්පුරේම හරි ඒ කිට්ටුවට වෙන්න හරි ඉහළ හා පහළ මධ්‍යම පාංතිකයෝ. ඒ වගේම මේ අයගේ තවත් සමානකමක් මම දකිනවා. මේ එකක ගැලුණු මිනිහෙක් අනිවාර්යයෙන්ම අනෙකෙත් වහලෙක්. එහෙම නොවෙන අය අඩුයි. උදාහරණයක් හැටියට බලි තොවිල් හූනියම් ජ්‍යෝතිෂේ විශ්වාස කරන එකාම ජාතිවාදියෙන් ආගම්වාදියෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

      Delete
    2. කමෙන්ට් දෙකටම ++++++++++

      අපේ තාත්තත් මවුබිමයි ලංකාදීපෙයි දෙකම ගන්නව.. අකුරක් නෑර කියෝනව.. බැරි වෙලා හරි ඕකෙ තියෙන මොකකට හරි මොනාම හරි කිව්වොත්... විනාසයි.... ජෝතිෂය ගන නෙවෙයි දේශපාලනය සහ අනිත් විකාර... හිරෙං පැනපුවයි යක්කු අල්ලපුවයි...

      Delete
    3. වැව් ඉස්මත්ත සහ ඇනෝ,

      ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට පත්තර ගන්න සල්ලි නෑ කියන එකෙන් ඒ අය ඔය මිත්‍යා පස්සෙ යන්නෙ නෑ කියන එක ඔප්පු වෙන්නෙ නෑ. පිච්චමල් පූජාවට වගේම දොලුකන්දටත් ගිය බහුතර දුප්පත් සිංහල ගැමියො. සුළුතරය නාගරික මධ්‍යම පන්තිය. මගේ පුද්ගලික අත්දැකීම අනුවනං ලංකාවෙ සියළු ආගම්වල සියළු ජනතාව බහුතර වශයෙන් ඔය මිත්‍යා විස්වාස වලට වහල් වෙලා ඉන්නෙ.

      Delete
    4. සම්පූර්ණ ඇත්ත ඉන්දික උන්නැහේ...දැං පත්තර කඩමාලුවල විතරක් නොවෙයි ටීවී චැනල් වලත් මිත්‍යාව වපුරනව. විශේෂයෙන් දවල්ට ගෙවල්වල ඉන්න අම්මණ්ඩිල අස්වැන්න කපනව.
      අර මිත්‍යාව වපුරන තක්කඩි රැළ අස්වැන්න හිටු කියල නෙලා ගන්නව.

      Delete
    5. හරියට හරි ඔටූ, පත්තරවල තරමට හෝ ඊටත් එහාට රේඩ්යෝ චැනල් ටීවී චැනල් වල ඔය මිත්‍යාව වපුරනව. ඒව එන්නෙ නොමිලේ. අනික ටී වී එකේ උනාම පිලිගන්නවත් වැඩියි.

      Delete
  6. සන්නස්ගල බ්ලොග් කියවනවා. සන්නස්ගල නෙමෙයි මාධ්‍ය ක්ෂේශ්ත්‍රයේ බොහෝ දෙනෙක් බ්ලොග් කියවනවා. යමක් කමක් ගන්න තියෙන ළිපි වලට ප්‍රචාරයත් ලබා දෙනවා. සන්නස්ගල අළුත් දෙයක් කියලා නෑ. නමුත් සන්නස්ගල කියන්නේ පොරක්. පොරක් කියන දේ ලියන දේ සමාජයට දැනෙනවා. සන්නස්ගල තරුණ පරපුර ගැන දුක් වෙනවා. ඒත් මේ සන්නස්ගලගෙම දරුවෝ. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. මට නම් එකම දෙයයි මෙතන පේන්නේ. සන්නස්ගල දැන් මැචුවර් වෙලා. අපි මේ හැම දෙයක්ම මීට බොහෝ කළකට පෙර කතා කරලා තියෙනවා.

    මේ අම්මා මතක් කරණ එක අද ඊයේ දෙයක් නෙමෙයි. ඒක හෙටත් වෙනවා. එහෙම දේ කරන්නේ තම්න්ට පර්සනැලටියක් නැති මිනිස්සු. ඒත් සැඟවිල එහෙම කරන එකෙයි. සමාජයට මහත්මා මූණක් පෙන්නලා. අර ජරා වැඩේ කරන එකයි අතරේ ළොකු වෙනසක් තියෙනව. කලින් සඳහන් කරපු එකා ලෙඩෙක් නම්. පස්සෙ සඳහන් කරපු එකා අති දරුණු ලෙඩෙක්.

    එහෙම අයට බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් වලින් ඒ රෝගය සනීප කරන්න පුළුවන්. ඒත් ඉතින් අළුතෙන් ලෙඩ්ඩු බිහි වෙනවා.

    ReplyDelete
    Replies
    1. මාතලන්, උඹ තාම ඉන්නෙ කේන්තියකින්, වගෙම මට දැනෙන විදියකට එක්තරා මාන්නයකින් (ආඩම්භරකම සහ මාන්නය කියන්නෙ දෙකක් කියල මම නොකීවට උඹ දන්නවනෙ ) . ඔය දෙකම නිසා අර උඹම කියාපු ලෙඩ්ඩුන්ට වඩා එහාට යන්න උඹටත් අපහසු වෙනව.

      බ්ලොග් කියන්නෙ සමාජෙම සමාන්‍ය නියෝජනයක් වෙන කොට සමාජෙ දකින දුර්වල දුෂ්චරිත මෙතන දකින එක අමුතු දෙයක් වෙන්නෙ නෑ. ඒත් බ්ලොග් ලියන්නෙ කිය්වන්නෙ සාපේක්ෂව යම් ඉහල අධ්‍යාපනයක් ලබපු බහුතරයක්. මේ වෙන දේවල ඛේදවාචකය අන්න ඒකයි.

      Delete
    2. මගේ නම් කිසිම මාන්නයක් ඇත්තේ නෑ. මාව දන්න මිනිස්සු ඒක දන්නවා. මම පොළොවෙ පය ගහලා ජීවත්වෙන මිනිහෙක්. මට මේකෙන් ලබා ගන්න කිසිම දෙයක් නෑ. මම ඒ කාළේ ඉඳන් පුවත් පත් සඟරා වලට ලියලා තියෙනවා. ඒ වෙනත් නම් වලින්. නමුත් පුරවැසියෙක් හැටියට මගේ යුතුකමක් තියෙනවා මේ රටට කිසියම්ම හෝ දෙයක් කිරීමේ. එතනදි මම කොන්ද කෙලින් තියාගෙන කෙලින් කතා කරන්න උත්සාහ කරනවා. කෙනෙක් ඒක මාන්නයක් කියලා දකිනවා නම් මට ඔවුනට අනුකම්පා කරනවා හැර කරන්න වෙන දෙයක් නෑ.

      මම හරි කූල් මනුස්සයෙක්. ඒත් ඒ සිඳුවීම ගැන තවමත් මම ඉන්නේ කේන්තියෙන්. ඒත් ආයේ ඒ ගැන කතා කරන්නත් කැමති නෑ. ඒ ඇති.

      ඉහළ අධ්‍යාපනයක් ලැබුවට, උගත් උනාට වැඩක් නෑ. බුද්ධිය කියන දේ නැත්නම්. සන්නස්ගලලා හදලා තියෙන්නෙත් සන්නස්ගලගේ ගෝලයෝ ටිකක්. ඉතින් එහෙම උන් ගැන දුක් වෙනවා ඇර වෙන දෙයක් කරන්න බෑ. තව උදාහරණයක් ගන්නම් බ්ලොග් ළෝකෙන්ම. ඇල්කේමියා කියන්නේ මම අගය කරන මනුස්සයෙක්. ඒ යකා රජ සැප දාලා රටට සේවයක් කරන්න ආපු මනුස්සයෙක්. අපි ගැටිලා තියෙනවා ඒ අපේ මතයන් ගැන. ඒවා පැත්තකින් තිබ්බම ඒ මනුස්සයා පොඩි එකෙක් වගේ පුදගලයෙක්. පොර කොලිෆයිඩ් කෙම්ස්ට්ලා ටිකක් ඉන්ටවීව් කරලා තිබුනා ළඟකදි. ඉතින් ඒ ඉන්ටවීව් එකට අපි වගේ කෙමිස්ට්ලට යන්න බෑ නේ. ඒවට එන්නේ උගත් අය. ඒ අය ගැන අපූරු විග්‍රහයක් ඇලා කරලා තිබුනා බුකියේ. ඒ තමයි අපේ උගත් කමේ සහ වත්මන් පරපුරේ ඇත්ත කතාව.

      ඒත් බුකියේ ඉන්නවා උඩු ගම් බලා පීනන කීප දෙනෙක්. මට නම් උන් ටික උනත් ඇති සන්තෝෂ වෙන්න.

      Delete
    3. මාතලන්ට ඇති මාන්නයක් නෑ...

      මාතලන්ගේ හිතේ තියෙනව එයා පොරක් කියල... මට හිතෙන්නෙ ඒක ඇත්ත.. මට මාතලන් පොරක්...

      හැබැයි මාතලන් ඒක හංගන්න හදනවා... හදලා කියනව එයා ප්‍රබුද්ධ නෑ... පිචං කියල... එත‌කොට වෙන්නෙ පොර මානසිකත්වය එළියට එන එක කියල මාතලන්ට තේරෙන්නෙ නෑ...

      අදාළ සිද්ධියෙදි මාතලන්ට කේන්ති ගිය එක සාධාරණයි... නමුත් මාතලන් හැසිරුණ විදිය වැරදියි.. ඒ වෙලාවෙදි ඒ හැසිරීම වැරදියි කියපු අයටත් මාතලන් වැරදි විදියටම ප්‍රතිචාර දක්වනව...

      මම මාතලන්ව දකින්නෙ මාතලන්ගෙ ලියවිල්ල සහ බ්ලොග් අවකාශයෙ හැසිරීමන් මිසක් පෞද්ගලිකව දැන ඇඳුනුම්කම් තිබිලා නෙවෙයි... මට අනුව මාතලන්ට දේශපාලන දැනීමක් තියෙනව.. මාතලන් ඒක බෙදාහදාගන්න කැමතියි.. මාතලන්ට හොඳ හිතක් තියෙනව... හොඳට හොඳයි නරකට නරකයි කියන්න මාතලන් ගොඩක් වෙලාවට උත්සාහ කරනව... ඒත් මාතලන්ගෙ වැරැද්දක් තියෙනව... ඒ තමයි වෙන මතයක් ඉදිරිපත් උනාම ඒ ගැන තවත් පැත්තකින් කල්පනා කරන්න කැමති නැති කම... එතකොට මාතලන් කොහොමහරි තමන් හරි කියල ඔප්පු කරන්න හදනව..

      මේ ඉතිං ටික කාලයක් මාතලන් ප්‍රොෆයිල් එකේ හැසිරීම පැත්තකින් බලං ඉඳල මට තේරිච්ච දේ...

      //සන්නස්ගලලා හදලා තියෙන්නෙත් සන්නස්ගලගේ ගෝලයෝ ටිකක්. ඉතින් එහෙම උන් ගැන දුක් වෙනවා ඇර වෙන දෙයක් කරන්න බෑ. //

      ගෝලයො කතාව කියපු නිසා කියන්න තියෙන්නෙ......

      සන්නස්ගල සම්බන්ධයෙන් මාතලන් කියපු මේ දේ ගැන මට කියන්න තියෙන්නෙ දුක් වෙන්න එපා කියල... සන්නස්ගල හදපු ගෝලයො කැම්පස් ගිහිල්ල, රස්සාවල් කරල රට රටවල් වල ගිහින් අදහස් අතින් පරිණත වෙලා අද සමාජයෙ හොඳ තැන් වල ඉන්නව... ඒ ලෙවල් ක්ලාස් එකෙන් එළියට එනකොට ඒ අය සන්නස්ගලගෙ ගෝලයො උනාට, අද ඒ අය සන්නස්ගලගෙ ගෝලයො නෙවෙයි... සාර්ථක මිනිස්සු...

      ඕක සන්න කියන්නෙ මෙහෙමයි...

      ‘‘ මට ගෝලයො නෑ.. ඉන්නෙ ශිෂ්‍යයො විතරයි.... ‘‘

      Delete
    4. මම ටී ෂර්ට් එක ගලවලා. කොලර් එක තියෙන ෂර්ට් එකක් ඇඳගෙන ආවා. මාව විවේචනය කලාට කිසිම අවුලක් නෑ. මගේ මතය විවේචනය කලත් අවුලක් නෑ. ඒ වගේම මගේ මතය වෙනුවෙන් මට පෙනි ඉන්නත් අයිතියක් තියෙනවා. ඒත් මාත්තුරුකාවෙන් පිට යනවා නම් මාත් යනවා. මොකෝ අපි ඒවටත් ඔට්ටුයි. අපි හැංගිලා ගහන්නේ නෑ. එලිපිට ගහන්නේ. ඕන නම් ඔය කුණුහබ්බ කොමෙන්ට් මගේ නමින් නැතුව. වෙනම කොම්පියුටර් එකකින් ඇනෝ දාන්න තිබුනා. මට එහෙම කරලා වැඩක් නෑ. මම මාතලන්. මම මමම මිස. මම වෙන කෙනෙකු නොවේ.

      ස්තූතියි හිරු.. මම හොඳ දේ ගන්නවා.. අදාල නැති දේ ආපිකෝ ඩස්පින් එකට දානවා..

      Delete
    5. මාතලන්, උඹව අල්ලගන්න මේ පොඩි කමෙන්ට් වලට උත්තර දීලම එන්නං

      Delete
    6. මාතලන්,

      මෙතන කරුණු කිහිපෙකට උත්තර දෙන්න වෙනව. ඒ නිසා එක එක වෙනම ගමු.

      1.මාතලන් කියනව මම මේ ගැන කලින් කතා කරල තීනව, ඒත් මට වඩා සන්නස්ගල පොරක් නිසා උඹල ඌ කියන දේ උඩ දානව. ඒත් සන්නස්ගලට කලින් මේ දේවල්ම මම කිව්ව කියල.

      දැන් මට වැදගත් හෝ සමාජයට වැදගත්වෙන්නෙ මේ කාරනා මුලින් මතුකලේ සන්නස්ගලද මාතලන්ද නැත්තන් වෙන කවුරු හරිද කියන එකද, එහෙමත් නැතිනම් ඒ කරුණු වල වලංගුභාවය සහ සමාජමය බලපෑමද? මේ දේ නොසිතන මාතලන් කිව්වම මම ඌට කලින් මේව කිව්වෙ කියල, ඒක මානයකින් කියන කතාවක් මිසක් සංවාදයකට එලඹීමක් විදියට මට පේන්නෙ නෑ.

      2. මේ සන්න්සගල දුක්වෙන්නෙ එයාගෙම දරුවො ගැන.

      සන්නස්ගල හෝ බන්ධුල කියන්නෙ සතියකට පැය දෙකක් හෝ උපරිම හතරක්, එක විෂයක් ගැන ලමුන් දාස් ගානකට පොදුවේ ඉගැන්වූ ගුරුවරයෙක්. කොටිම්ම ඔය දරුවොන්ගෙන් සීයට එකක්වත් ගුරුවරය එක්ක වචනයක් කතා කරල නෑ. ඒත් අපි කියන්නෙ ඒ සන්නස්ගලගෙ දරුවො කියල. නමුත් අමතකයි ඒ දරුවොම, තමන් ආඩම්භර වෙන හෝ ලැජ්ජ වෙන ඉස්කෝලෙ පැය හයකට වඩා කාලයක් අවුරුදු දහතුනක් ඉගෙනගත්තු බව. දැන් ළමයි කරන වැරැද්ද ටියුෂන් ගුරාගෙ, හොඳ ඉස්කෝලෙ. ඉතාම සාධාරණයි. සන්නස්ගලලගෙ දරුවො.

      3. කේන්තිය ගැන, ඒ සිදුවීම ගැන මම දන්නෙ ටිකයි නිවාඩු පිට හිටිය නිසා. අනෙක මාතලන් කතා කරන්නත් අකමැති ඒ දේ අපි අමතක කරලම දාමු.

      4. ඇල්කෙමිය රටට ආපු එක කෙනෙකුගෙ පුද්ගලික කාරනාවක් නිස මම කතා කරන්නෙ නෑ. ඔය කියන ඉන්ටර්වීව් එක ගැන ස්ටේටස් එක මමත් දැක්ක. අපේ ආයතනවලට ළමයි ගන්න ගියාම අපිත් මේ දේ දැක්ක. ඒ නිසාම ඩවුන් ටවුන් රෝටරි ක්ලබ් එකයි පී අයි එම් එකයි එකතුවෙලා කොළඹ අවට විශ්වවිද්‍යාලවලට කැරියර් ගයිඩන්ස් ප්‍රොග්‍රෑම් කෙරුව 2004 ඉඳන් අවුරුදු කිහිපයක්ම ෆයිනල් ඉයර් එකේ දරුවොන්ට. අපි කරපු ප්‍රොග්‍රෑම් එක පස්සෙ සම්පත් දායකයො රට හැර යාම, තනතුරු වෙනස් වීම වගේ දේවල් නිසා නතර උනා. දැන් ඔය කියන උගත් පරපුර ඇල්කෙමියලගෙම සහ සමකාලීනයන්ගෙන් ඉගෙනගත්තු දරුවො නෙමෙයිද? එතකොට එතන වරද කාගෙද? ඉතින් ඉන් පස්සෙ හරියට එහෙම දෙයක් වෙන අය කරන්න නැතුව ඇති. දැන් මම අහවල් විස්සවිද්‍යලෙ කියල බැජ් ගහන් ඉන්න අය්යල කී දෙනෙක් ඇලුමිනි වල ඔය ගැන කතා වෙනවද, යමක් කරනවද? කොටිම්ම රසායන විද්‍යාව ගැන ඇල්කෙමියලම උගන්නන ආයතනෙවත් එහෙම දෙයක් තියෙනවද? නමුත් කියන්නෙ මුන්ට බෑ, ගොබ්බයො කියල මිසක් ඒක වෙනස් කරන පියවර ගැන සහ වෙනස් විය යුත්තෙ කොහොමද කියන එක ගැන නෙමෙයිනෙ. වර්ථමාන පරපුර ගොබ්බයො වෙන්නෙ උන්ගෙ වරදට වඩා උන්ට කලින් පරපුරේ වරදටය කියන එක පිලිගන්න වැඩිහිටියො බොහොම අකමැතියි. ඒකයි ඇත්ත.

      5. බුකියෙ ඉන්න කීප දෙනා. ඇත්තටම එතන බොහොම දක්ෂ සහ නිවැරදි දැක්මක්, අදහස් තියෙන දක්ෂයො ඉන්නව. ඒ වගෙම මෙලෝ රහක් නැති උනුත් ඉන්නව. නමුත් බුකියෙ වෙන සංවාද අවසානෙ නවතින්නෙ කොහෙන්ද? දමිත්ලට, චතුරලට, මාලන්ලට පහුගිය දවස්වල උනේ මොකද්ද? මොකක් හරි නමකින් ෆේක් එකක් හදාගෙන් මහා දේසනා, හරබර කරුණු සීමිත කුළකයකට කියන එකයි, හැබෑවට මිනිස්සු එකතු කරල එකතුවෙලා ඒ දේ බහුතරයකට සංනිවේදනය කරන එකයි අතරෙ ලොකු වෙනසක් තියෙනව. අපි දකින්නෙ අන්න ඒ හිඩැස. ඒක බුකිය නම් පාලු ගෙයි වළං බින්දට වෙන්නෙ නෑ. එහෙමනම් මෙලහකට මහින්දගෙ ආන්ඩුව පෙරලිල, කුණු දේසපලුවො ගනක් ගෙදර ගිහිල්ල, ෆොන්සේක ජනාධිපතිත් වෙලා ඉවරයි. බුකියෙ විප්ලව කරන රට හදන උන් ඉස්සර කලේ බාර්වල, පබ්ලික් ලයිබ්‍රියෙ ත්‍රීවීල් සමුළුවල. සන්නස්ගල කතා කරන්නෙ ඉන් එහා ගිය දැනුවත් කිරීම් ගැන. ජන කරලිය ඇර වෙන එහෙම දෙයක් මමනම් අද දකින්නෙ නෑ.

      Delete
    7. සන්නස්ගලලා මේ දෙවල් කරන්න තිබුනේ කලින්. අපි ඒ කාළේ ඉඳන්ම මේ මත වල හිටියේ. මම මේ කියන දේවල වරදක් කියනවා නෙමෙයි..

      ඒත් ටූ ලේට්..

      ඒ අතින් වික්‍රමභාහුලා ග්‍රේට්.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. සන්නස්ගල කියන්නෙ පොරක් වෙන්නෙ ඉතිං පොරවල් දැකල නැති ඇච්චො බැච්චන්ට තමයි ඕං...
      උපාධියට හොරට ලියල අහු වෙච්චි , තමන්ගෙ ටියුෂං පන්ති වලට දෙන්න ප්‍රශ්න පත්‍ර හොරකම් කරල අහු වෙච්චි, කුණුහරුප ප්‍රසිද්ධියේ කිව්වම, ලිව්වම පොරක් වෙනව නං ඉතිං මේ සමාජෙ ඉන්න හොරු, තක්කඩි සේරම පොරවල් වෙන්න ඕනෙ නේද බොලල්ලා...

      Delete
    10. //////////මාතලන්ගෙ වැරැද්දක් තියෙනව... ඒ තමයි වෙන මතයක් ඉදිරිපත් උනාම ඒ ගැන තවත් පැත්තකින් කල්පනා කරන්න කැමති නැති කම... එතකොට මාතලන් කොහොමහරි තමන් හරි කියල ඔප්පු කරන්න හදනව.. ////////////////

      @ හිරු........මාතා කොච්චර හිත හොඳ එකාවුනත්.....මම හිරු කියන දේත් එක්ක 100%ක් එකඟ වෙන්න පුළුවන් තැන් දැකලා තියෙනවා.

      Delete
    11. ///////තමන්ගෙ ටියුෂං පන්ති වලට දෙන්න ප්‍රශ්න පත්‍ර හොරකම් කරල අහු වෙච්චි, /////
      ඔටුවෝ.......මේ කතාව කවුරුත් වැඩිය අහලා නැතුව ඇති. එහෙම කතාවක් ඒ කාලේ තිබුනා.දන්නෝ දනිත්.

      Delete
    12. ඉන්දික,
      ඇත්තෙන්ම රසායන විද්‍යා ආයතනයෙ මම ඉන්න අවධියේ මේ වැඩසටහන් අපි කළා... මම ළමයින්ට Presentation කරන අයුරු, Research methodologies, Interview strategies, personal development programs අතිං කයිට් කරගෙන කළා... නමුත් කාලෙන් කාලෙට ඒවා එනවා යනවා... මම දිගටම හිටියා නම් ඒ දේ දිගටම කෙරෙන්න ඉඩ තිබුණා... මොකද මම පොඩි එවුන්ගෙ අනාගතේ ගැන තවමත් හිතනවා...
      දැන් මම යටතේ ඉන්න එකෙක්වත් මගේ ලඟ තියා ගන්න අදහසක් නෑ.. මට ඕන උන්ව මම දැන් ඉන්න තත්ත්‍වයට ගේන්න... මම ජනවාරි බඳව ගත්ත දෙන්නෙක් දැන් ආචාර්ය උපාධි කරන්න ගිහින්... මට ඕනණම් තග දාලා තියා ගන්නත් තිබුණා.
      රසායන විද්‍යා ආයතනයෙ උන් වුනත් 100% ක් දක්‍ෂ නෑ... මම 15 ක් Interview කරලා ගත්තෙ 5 යි...මොරටුවෙන් 11 ක් interview කරලා ගන්නෙ 2 යි... මොකද මට satisfy නැත්නම් මම මගේම මල්ලි උනත් බඳවා ගන්නෙ නෑ... අපි කරන්නෙ charity එකක් නෙවෙයි නෙ... මම බඳවා ගන්න උන් ගැන වග කියන්න මම බැඳිලා ඉන්නවා..
      මෙතැන මගේ නම ගාව ගත්ත නිසයි මම උත්තර බැන්දෙ....
      මේ සාකච්ඡාව බොහොම අගෙයි....

      ඇල්කෙමියා

      Delete
    13. ඔටු, අපේ රටේ උන් දේශපාලන පක්ෂෙ වෙනස් නොකරන්නෙ, හොරු හැම්දාම බලයෙ ඉන්නෙ ඔන්න ඔය අපේ අය්යලගෙ ප්‍රතිරූප වන්දනව නිසානෙ. දැන් සන්නස්ගල කියන පුද්ගල ප්‍රතිරූපය වන්දනා කරන්නට හෝ ගරහන්නට නොයා මතුකරන කාරනාවල හරය සහ භාවිතාව ගැන සැලකුවෙ කීදෙනාද? වික්‍රමබාහු හොඳ දේ කියනව කියල පිලිගන්න උන්ම ගිහින් ගොන් කතා කියන රනියට හරි බයිල ගහන රජාට හරි කතිරෙ ගහල් එනව. හොඳ එකා වෙච්චි බාහු එලියෙ, ගොන් පාට් දාන උන් ඇතුලෙ.

      Delete
    14. ඇලා,

      උඹ පුද්ගලිකවම ඇවිත් කරුණු දක්වපු එකට බොහොම ස්තූතියි! ඒ වගේම ඔබ කියාපු කරුණු අනුව කරගෙන යන වැඩ පිලිවෙලට සහ ප්‍රතිපත්ති වලට සුභ පතනව, වඩාත් හොඳින් ඒ දේ ඉස්සරහටත් කරගෙන යන්න ලැබෙන්න කියල.

      අනෙක් පැත්තෙන් උඹට වෙන දේ ගැන චෝදනාවක් පුද්ගලිකව ඉදිරිපත් කරේ නැති උනත්, කියපු දේ වලින් යම් සිත්තැවුලක් උනානං සමාවෙයන්, මොකද අපි කවුරුත් දන්නව උඹ කොයිතරම් හොඳ මනුස්සයෙක්ද කියන එක.

      Delete
  7. මාතලන්ලා කතන්දරලා සීන් එකට ආවෙ සාපේක්ෂව ළඟඳි. ඊට කලින් යුගයක ටැබූ සබ්ජෙක්ට්ස්, පැරා, බියොන්ඩ් ෆ්‍රේම්, ඇටමැස්සා, රාමචන්ද්‍ර, කොලූ, මාලන්, ෂාන් (බුමුතුරුණු ), ආනන්දවර්ධන වගේ විශාල පිරිසක් ගෝත්‍රවාදයට එරෙහිව අදහස් දැක්වුවා. මේ අය හැමෝටම අඩු වැඩි වශයෙන් කුණුහරුපයෙන් බැනුම් අහ ගන්න වුණා, "අවජාතකවාදියෝ", "දේශද්‍රෝහියෝ" කියල ලේබල් කළා, බ්ලොග් හැක් කළාද නැද්ද නම් දන්නෙ නෑ හැබැයි බ්ලොග් ලියන එකට දරුණු විදිහට පහර දුන්නා. පෙරමුණේ රාළගේ අටුවාව වගේ බ්ලොග් ගැන මතක ඇතිනේ. ඒ දවස් වල ප්‍රවීණ බ්ලොග්කරුවොත් මේ "අවජාතකවාදී දඩයමට" පෝර දැම්මා. අන්තිමට පැරා වගේ දෙතුන් දෙනෙක් ඇරෙන්න මේ සියළු දෙනාම නැති කරලාම දැම්මා. අද තියෙන මේ සංස්කෘතික කාන්තාරය බිහිවුණේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඒ අතින් පැරා ග්‍රේට්...

      Delete
    2. ඒක ඇත්ත. අනෙක් උන් ඔක්කෝම අත ඇරලා දාද්දි පැරා විතරක් කාගෙන අල්ලගෙන ගියා හැම අවමානයක්ම විඳගෙන. උගේ අප්‍රතිහත ධෛර්යයට අපි ගරු කරන්න ඕනැ.

      Delete
    3. පැරාට ලැබිය යුතු ගෞරවය ගැන තර්කයක් නෑ මේ තරන් කල් මේ බ්ලොග් කෙරුවාව කරගෙන ආ එකට.

      ඒත් එක්කම පැරා කවදාවත් බියොන්ඩ්ෆ්‍රේම්, රාළ වගේ අන්තයට නොයා ගොඩක් මැද ඉඳන් තමා ලිව්වෙ. අන්න ඒ නිසා අර කියපු අයට තරන් දරුණු මඩ, සංවිධානාත්මක ප්‍රහර පැරාට තිබ්බෙ නෑ. ඒකත් එක හේතුවක් වෙන්නැති ඔහුගෙ පැවැත්මට.

      Delete
    4. අවසාන ඡේදයට එකඟ නැහැ. බියොන්ඩ් ෆ්‍රේම් වුණත් අන්තයට ගිය ලේඛකයෙක් නෙවෙයි. හැබැයි උපහාසය දක්ෂ ලෙස යොදා ගත්තා. පැරා කළේ උපහාසය යොදා ගන්නවා වෙනුවට කරුණු කෙළින් දැක්වීම. ඒ හන්දා වෙන්න ඇති පැරාට ලොකු තර්ජනයක් එල්ල නොවුණේ පෙරමුණේ රාළලාගෙන්.

      Delete
    5. අනෙක් හේතුව තමයි පැරා ඒ කාලෙ ලිව්වෙ මාක්ස්වාදීන්ටම ආවේණික බහුබූත භාෂාවකින්. ඒක වැඩි දෙනෙකුට තේරුණේ නැහැ. දැන්තමයි ඔය පැරා ටිකක් හරි තේරෙන්න ලියන්නෙ.

      Delete
    6. ඇනෝ, තරම්ක් එකඟයි. මම අදහස් කලේ පැරා පෙරමුණේ රාළ, බියොන්ඩ් ෆ්‍රේම් තරම් ආගමික සහ ජාතික කාරනාවලදි අන්තවාදී ස්ථාවරයක් නොගත් බවයි.

      Delete
  8. //පැරා ඒ කාලෙ ලිව්වෙ මාක්ස්වාදීන්ටම ආවේණික බහුබූත භාෂාවකින්.// :D

    ඔබ මතුකලේ ඉතාම වටින අදහසක්. පැරා එදා ලිව්ව විදියට ලිව්වනං මේ වෙනකොට ඒකත් තවත් පාලු ශොනක් වෙලා පැරාටම එපා වෙලා අතෑරල දාල.

    ReplyDelete
  9. අද තරුණයා මොනවද කරන්නේ?

    එක පිරිසක් පොඩි කාලේ ඉඳලම එලොවටත් මෙලොවටත් වැඩක් නැති, එක එක ස්ටාර්ලා, කටුසු කොණ්ඩයා ලා, බහුබූත ෆැන්ටසි වල ජීවත් වන්නලා, වෙනවා.

    තව පිරිසක්, දුප්පත්කම, ගම්බදව අධ්‍යාපන පහසුකම් නැතිවීම, ජීවත්වීමේ සටන උග්‍රවීම, නිසා මොකක් හරි මෙරට හෝ පිටරට රස්සාවකට ගිහින් නිහඬ වෙනවා.

    විශ්ව විද්‍යාල වලට යන පිරිසෙන් කොටසක් සමාජවාදය කරපින්නාගෙන අධ්‍යාපනය පැත්තක තියලා සටන් කරනවා. සෑහෙන පිරිසක් උන් එක්ක ගානට සම්බන්ධය තියාගෙන ජීවත්වෙමින් ඉගෙනීම සම්පූර්ණ කරගන්නවා.

    1% - 2% ක් පමණ ලෝකය දිහා අලුතෙන් බලලා අලුත් යමක් කරන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම එවුන්ව දෙමවුපියන්, වැඩිහිටියන්, සාම්ප්‍රදායිකව හිතන සමාජය, විසින් පාගලා දානවා. එයින් මිදෙන්න පුළුවන් එකා ගොඩයනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම පිරිසක් හදපු උන්ම. අද ඇවිල්ලා පොර ටෝක් දෙනවා. අපේ අයත් ඒවා උඩ දාගෙන වනනවා..

      Delete
    2. තරහ වෙන්න එපා මෙහෙම කියනවට, අපේ කාලේ තමයි කාලේ දැන් ඉන්න එවුන් දන්නෙ මොනවද කියන එක හැමදාමත් මහල්ලන් කියාපු දෙයක්.

      මේකත් බලන්න.

      http://managementinsinhala.wordpress.com/2014/07/14/%E0%B6%85%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A-%E0%B7%80%E0%B6%B1%E0%B7%9A-%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%9A

      Delete
    3. @ AnonymousJuly 23, 2014 at 8:16 PM
      හොඳට බලන්න මම එහෙම කියලා තියනවද කියලා. මේ බලන්න මම අන්තිමට කියලා තියන දේ.

      1% - 2% ක් පමණ ලෝකය දිහා අලුතෙන් බලලා අලුත් යමක් කරන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම එවුන්ව දෙමවුපියන්, වැඩිහිටියන්, සාම්ප්‍රදායිකව හිතන සමාජය, විසින් පාගලා දානවා. එයින් මිදෙන්න පුළුවන් එකා ගොඩයනවා.

      Delete
    4. විචාරක, වාසනාවට හෝ අවාසනාවට අද අලුත් පරම්පරාවට තෝරාගැනීමේ අවස්ථා වැඩියි. එතනදි ඒ අයට උඅදව් කරන්න ඕන වැඩිහිටියො තමයි තම්න්ගෙ බැරි වුන හීන හැබෑ කරගන්න අර පොඩි අයව අලුත් හීන ලෝකවලට තල්ලු කරන්නෙ. අර්බුධය එතනයි.

      අනෙක් පැත්තෙන් පාළකයො පත් කරගන්නෙත් වැඩිහිටියො. ඒ ගොන් කම් වල ගෙවන්නෙ පසු පරම්පරාව.

      හැබැයි අන්තිමේ ඔක්කොම වැරදි වලට බැනුම් අහන්නෙ අලුත් පරම්පරාව.

      Delete
    5. //1% - 2% ක් පමණ ලෝකය දිහා අලුතෙන් බලලා අලුත් යමක් කරන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම එවුන්ව දෙමවුපියන්, වැඩිහිටියන්, සාම්ප්‍රදායිකව හිතන සමාජය, විසින් පාගලා දානවා. එයින් මිදෙන්න පුළුවන් එකා ගොඩයනවා.//

      ++++++++++++++

      Delete
    6. විස්ස විජ්ජාලය ගැන කයියක්
      ===================

      දම්වැල

      ඔවුන්ට ද කිසිවෙකු
      එසේ කියන්නට ඇත
      ඔව්හූ අපට එය
      පැවසුවෝය
      අපි ද තව පිරිසකට
      එය පවසන්නෙමු
      ඔවුන් ද මතුදා මෙසේ
      කියනු ඇත
      අපේ කාලේ කැම්පස් එක
      මෙහෙම නෙමෙයි හරි ශෝක්!෴

      Delete
    7. ඔවුන්ට ද කිසිවෙකු
      එසේ කියන්නට ඇත
      ඔව්හූ අපට එය
      පැවසුවෝය
      අපි ද තව පිරිසකට
      එය පවසන්නෙමු
      ඔවුන් ද මතුදා මෙසේ
      කියනු ඇත
      අපේ කාලේ සමාජ ජීවිතය
      මෙහෙම නෙමෙයි හරි ශෝක්!
      අපේ කාලේ දේශපාලනය
      මෙහෙම නෙමෙයි හරි ශෝක්!
      අපේ කාලේ අධ්‍යාපනය
      මෙහෙම නෙමෙයි හරි ශෝක්!
      අපේ කාලේ කොලු කාලේ
      මෙහෙම නෙමෙයි හරි ශෝක්!෴෴෴

      Delete
    8. කකා, ඔටු,

      සර්වකාලීන කවියක්. ස්තුතියි බෙදාගත්තට!

      Delete
  10. සමාජය විපරිත වෙලා තියෙද්දී , අද කෙසේ වෙතත් , හෙට කොයි පැත්තට පෙරලේද දන්නේ නැ. ඒ යන රැල්ලේ බොහෝ අය ගහගෙන යනවා, අලුත් දර්ශන දාන්න දෙන්නේ නැ දාන එකා පාගල දමනවා , පැවැත්මට බාධාවක් නිසා, පුළුවන් එකා. වෙන රටකට ගලනය වෙලා හරි, තමන්ගේ අරමුණු ඉටු කර ගන්නවා.

    ඉතින් සන්නස්ගල මේ මානයන් ඔහුගේ කෝණයෙන් දැකල ,මතවාද ගේනවා, ඒවත් එකිනෙකට වෙනස් සහ නොගැඹුරු සංකල්ප..... මේ තුල ගොඩ නැගෙන ෆැන්ටසියට සමහරු අකමැති උනේ.... අර මුලින් කිව්ව වගේ දාපු වැලන්ටයින් අර්ථය නිසා....

    ඒ කියන්නේ සමාජය විපරිත උනාම, පෙම් කරන්නේ මෙහෙමයි කියල සන්නස්ගල ඉගැන්නුව නිසා, මේ පසුපස තාරුණ්‍ය ගමන් කරා. විද්වතුන් යයි කියාගත් අය මේක විවේචනය කලා.

    සන්නස්ගල වෙනස්.... තව වෙනස්කම් අපට් ඔහු තුලින් දකින්න පුළුවන් වෙයි....

    ReplyDelete
    Replies
    1. සන්නස්ග මේ දේවල් ගැන ඔහුගෙ මානයෙන් ගේන නොගැඹුරු මතවාද ප්‍රතික්ෂේප කරනවට වඩා ඒ මතුපිට කරුණු ඉන් එහාට ගෙනියන තත්වයක් අපි අනෙක් බුද්ධිමතුන්ගෙන් දකිනවද කියන එක ඒක ප්‍රශ්ණයක්. අනෙක් පැත්තෙන් සමාජයෙ බහුතරයට දැනෙන, තේරෙන මට්ටමෙ එහා දර්ශනවාදී තලයක මේ ගැටලු සාකච්ඡා වෙන එකේ ප්‍රථිපලය කොයිතරම්ද කියන එකත් ගැටළුවක්.

      මම හැමදාම කියන්නෙ අර ඇතුළත්මුදලි කිව්ව වගේ "අපි කවුරු හරිද නොබල කුමක් හරිදැයි සොයා බලමු".

      සන්නස්ගල වෙනස්වීම මම දකින්නෙ බොහොම සුභවාදීව. අනෙක සුනිල් පෙරේරා හැර මේ ක්‍රමයට විරුද්ධව කතා කරපු දේශපාලනඥයෙක් නොවෙන අනෙක් අතලොස්සක් සත්වයන් අතරෙ ඔහු මුලටම තියන්න පුලුව. ඒක බොහොම වැදගත්.

      Delete
  11. Perata kaagena pawathinna eyage parana pakshen labapu aabhashaya thiyanawa,eayata,thamanta awashya ilakkaya honda ho naraka wewa ethanata yanakamma kaagenayanawa.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ ගත යුත්තක් තියෙනව. ඒ වගේම එක එහෙමනම් අපි නැවත පැරා අගය කල කල යුතුයි ඒ ශක්තිය නිවැරදි දිශාවට යොමු කිරීමට ඔහුට තිබ්බ හැකියාව සහ උනන්දුව ගැන සලකල.

      Delete
  12. //මේක දැක්කම මට හිතුනෙ මේ මනුස්සයත් බ්ලොග් කියවනවද කියල//...:D

    ReplyDelete
    Replies
    1. මිනිහට කොහොම හරි කුමාරිහාමිගෙ පැණිවදේ කියවන්න දෙන්න ඕන.

      Delete
  13. Ayi balannko RANA telenatyaya. Eka apiwa apahu gal yugayata aran yanawa.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දැන් තීන්නෙ වැඩි හරියක් ගල් කරන නාට්ටි තමා. බලමු හොයාගෙන රනාවත් වෙලාවක.

      Delete
    2. මමනම් ඒකට කියන්නෙ ගොනා කියලා.. සම්මාන උලෙලවල් තුනකින්ම ජනප්‍රිය නාට්‍යට හිමි සම්මානය හම්බුනාලු.. ලංකාවෙ මිනිස්සුන්ගෙ වර්තමාන රසඥතාවය නැවතිලා තියෙන්නෙ කොහෙද කියලා පෙන්නන හොඳ උදාහරණයක් ඒක..

      Delete
    3. බින් ගොජු නාට්ටියක්. එක කොටසින් දෙකෙන් එපාවුනා. එහෙම නාට්ටි රැල්ලක් ආපහු ඔන්න පටන් අරන්....

      Delete
    4. අද බලන්න උන්නෙ. එහෙනං වෙලාවට කාලෙ නාස්ති නොකලෙ :D

      Delete
  14. අද ඉන්නේ පරිනත වෙමින් යන සන්නස්ගල කෙනෙක්, අමතක කරන්න එපා සන්නස්ගල කියන්නේ හොඳ අලෙවිකරුවෙක්. තමන්ගේ අම්මගේ මරණයත් ඔහු ඉතාම සංවේදී විදිහට අලෙවි කරනවා . කාටවත් නොදැනෙන්න ,"මට මගේ අම්මව මග හැරුනා" ඔහු කියන්නේ එහෙමයි ,අපි කඳුළු පුරවන් අහගෙන ඉන්නවා.

    සන්නස්ගල කාලීන මාතෘකා වලට ආවාම ඔහුගේ නිර්මාණශීලී කථන හැකියාව ප්‍රයෝජනයට අරන් ආකර්ශනීය ලෙස අදහස් දක්වනවා . ඉන්දික කියනවා වගේ ඔහු දක්වන සමහර අදහස් ඉතාම උසස් ලෙස පේනවා. ඔහු මහා ඇමති තරගයට එම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු පෞද්ගලිකව ලොකු ජයග්‍රහණයක් ලබනවා. මොකද ඔහු මහා ඇමති වුනානම් ප්‍රයෝගික තලයේ සන්නස්ගල සහ න්‍යායික තලයේ සන්නස්ගල අතර වෙනස මිනිසුන්ට පේන්න ගන්නවා

    ReplyDelete
    Replies
    1. මට නම් එදා ඉඳලා පේනවා. මම මෙයාගේ ක්ලාස් වල ෂිෂ්‍යයෙක් නෙමෙයි. ඒත් මම මෙයාගේ නුවර අවන්හලේ ක්ලාස් දැකලා තියෙනවා. ටියුෂන් මාස්ටර්ලා කියන්නේ අවුරුදු 18-19 සෙට් සෙට් එකකට වීරයෝ වෙන්න දඟලන සෙට් එකක්. ඕක අපි දැක්කේ බන්දුල ගුණවර්ධනගේ පන්ති වල ඒ කියන්නේ 1983 තරම් කාළේදි. අපි ඕවා කිව්වහම. අපි රෝයල් බල්ලෝ වෙනවා. අපිව් පන්තිය පැත්ත පලාතේ ගන්නේ නෑ. උපුල්ලා මාකට් කලේ විකුණන්න පුළුවන් ලේසි දේවල්. ඒත් ඊට වඩ විකුණන්න බොහෝම අමාරු දේ විකුණන වික්ටර් අයිවන්ලා සමාජයට ඊට වඩා මෙහෙවරක් කරනවා. මීට වඩා සේවයක් දීප්තිලා නිර්මාල්ලා කරලා තියෙනවා. දීප්තිලා කියවපු උන් තමයි අඩු ගානේ ලන්ඩන් කියලා සංස්කෘතියක් තියෙනවය. එක්ස් කියලා සංඝටකයක් තියෙනවය කියලා දැන ගත්තේ. කොටින්ම අද සමහරු පුක උඩ දාගෙන වනන සංකල්ප කීපයම ලංකාවට හඳුන්වලා දුන්නේ. එකෙක්වත් කැමති නෑ. මිනිස්සු හිතන්න පුරුදු වෙනවට/ හැම එකාටම ඕන අපි කියන් දේ පිලිගනින්. ඒක තමයි හරි කියලා කියන්න. දැන් ඔය මට ඔය චෝදනාව ගෙනෙන උන් ඉන්නවා නේද? පොඩ්ඩක් හොඳට බලන්න මමද ඒ දේ කියන්නේ. ඒ චෝදනාව නගන කෙනාද කියලා. තර්කයක් නෑ. විකල්ප මතයට ඉඩක් නෑ. විවාදයක් ගෙනියන්න බෑ. ඔක්කෝම තියෙන්නේ කක්කා වැඩ.

      Delete
    2. සන්නස්ගල කියන්නෙ ටියුෂන්කාරයෙක් මිසක් දේශපාලකයෙක් නෙවෙයි... මාත් සන්නස්ගලගෙ ක්ලාස් ගියා.... එහෙම කියල එයා දෙයියෙක්ය කියල වන්දනාමාන කරේ නෑ... එයාගෙ හැම මතවාදයකටම පෙනී හිටින්නෙත් නෑ... ඔය කියපු ටියුෂන් සර්ලා ඔක්කොම කරන්නෙ හයිස්කූල් මානසිකත්වයෙන් ඉන්න, එයාගේ පන්තියට එනකම්ම ගෲප් ක්ලාස් වලටයි ඉස්කෝලෙටයි ගිය, ඒ යන ටිකත් එක්කො ස්කූල් වෑන් එකක, නැත්තං ස්කූල් බස් එකක ගිය, එතනින් එහාට ලෝකයක් තියෙනවය කියලවත් දන්නෙ නැති ළමයි ටිකක් ඉස්කෝලෙන් එළියට තියෙන සමාජයට පොඩ්ඩක් හුරු කරවන එක... ඕවා ඉස්කෝල වලින් වෙන්නෙ නැති හින්ද තමයි ටියුෂන් සර්ලට ඔයතරම් ඉල්ලුමක් තියෙන්නෙ... එතකොට එයාලට ඔය දීප්තිලා නිර්මාල්ලා වැඩක් නෑ... බොහොම ලාබ, බාල කියන දේවල් ටිකක් තමයි මාකට් කරන්න වෙන්නෙ... මොකද ඕලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් කරන එවුන්ට ඔච්චර ලොකු දේවල් දාන්න ගියොත් වෙන්නෙ ශිෂ්‍යත්ව පන්තියෙ ඉන්න එකෙක්ට ධන රින එක්ක ගනං උගන්නන්න ගියා වගේ වැඩක්.... මෙලෝ මලදානයක් ඔලුවට යන්නෙ නෑ...

      සන්නස්ගල කියන්නෙ හොඳ මාකටින් පොරක්... අර උඩත් කවුද කිව්ව වගේ සන්න තමන්ගෙ අම්මගෙ මරණෙත් ලස්සනට මාකට් කරනව.. ඕක මේ අවුරුදු 30ක් වෙච්ච මට මාකටින් ට්‍රික් එකක් විදියට පෙනුනට අවුරුදු 18 කටේ හිටපු එකාට එහෙම නෙවෙයි තේරෙන්නෙ... මූ නං බොක්කෙ තියෙන එකත් කෙලින්ම කියන හෙන සංවේදී පොරක් විදියට පේන්නෙ.... එතකම්ම ඉස්කෝලෙ එක රාමුවකට කොටු වෙලා ඉන්න එවුන්ට ඊට වඩා දෙයක් නෑ... ඔය ක්ලාස් වල මං කියපු ජාතිය ඇරෛන්න තව ළමයි ජාතියක් ඉන්නව.. ඒ තමයි මෙලෝ වැදගැම්මකට නැතුව ඉස්කෝලෙන් කට්ටි පැන පැන හිටපු උන් ටික.. අන්න උන් ටිකටත් මෑන් හෙන පොරක් වෙනව...

      මේ කමෙන්ට් එකේදි මාතලන් කරගෙන තියෙන්නෙත් සම්ප්‍රදායික වැරැද්දමයි... එක පරම්පරාවක් බාල පරම්පරාව දිහා බලලා කියනව උන් වැරැදියි කියල... හැබැයි අමතක වෙනව උන් වයසින් අඩුයි, අත්දැකීම් වලින් අඩුයි කියල... උන්ට අද අපිට තේරෙන දේ කොටල පොවන්න බෑ කියන එක...

      Delete
    3. හිරු නෝනේ කොමෙන්ට් එක කබ කඩලා කියවන්න. අපි 1983 දී හිටෙයෙත් අද ඉන්න මතයෙමයි. ඒත් අපි තරුණයෝ කියලා විප්ලව කාරයෝ වෙන්න ගියෙත් නෑ. මාකටින් පොරවල්ට අහු වෙන්න ගියෙත් නෑ. මේ කියන්නේ ඇත්තමයි කියලා පිලි ගත්තෙත් නෑ. හැමදේම ප්‍රශ්ණ කලා. ඉන්ටර්නෙට් තිබුනේ නෑ. නමුත් ළෝකය ගැන දැනගෙන හිටියා. අපේ උන් ලන්ඩන් ඕ ලෙවල් පාස් උනේ 8 පන්තියේදි. පොදු මතයට කියනවනම් ඒක පිනක්. අපි ආශ්‍රය කරපු උන් අතර හිටියා. අපේ පිනාටත් එහා නායකත්වයක් තිබුන උන්. මේ ටියුෂන් කාරයෝ දවසක රටේ අජ්ජාපනේ නැති කරනවා කියලා දැකපු උන්. බන්දුලලා රෙජිනෝල්ඩ්ලා බයිලා කාරයෝ කියලා දැකපු උන්. ළෝක දේශපාළණය ගැන දැණුමක් තිබුන උන්. මම මේ කතා කලේ ඒ කාළේ ගැනමයි. නැතුව මේ සන්නස්ගලලා වගේ ඉහ නිකට පැහීගෙන එන කොට ඒක ඩයි වලින් වහගෙන. අනේ අපේ රටට කෙලවෙලානේ කියන්නේ අද නෙමෙයි. අපි එදා ඉඳලම මේ දේ කියනවා.

      ඔයා කියන ජාතියේ බබ්බුත් ඒ වගේම හිටියා. ඒ ලෙවල් පන්තියටත් පාන් පෙට්ටියේ සැන්විච් දාගෙන ආපු. අම්මිලා එක්ක ඉස්කූල් ආපු. ෆිල්ම් එකක් නාට්ටියක් නොබලාපු. නවකතාවක් කෙටි කතාවක් නොකියවපු. කොටින්ම තෝසයක් නොකාපු එහෙම සෙට් එකකුත් හිටියා. ඒකෙත් පන්ති බේදයක් තිබුනේ නෑ. ඒවා දෙමව්පියන්ගේ වැරදි. උන් පව්. අද මේ බ්ලොග් වල පිස්සු කෙලින්නෙත් එහෙම අය තමයි.

      නමුත් අදත් පාසල් යන වයසේ ඉන්න බුද්ධිමත් ළමයි ඉන්නවා. ඒ වගේම ජාත්‍යන්තර පාසල් නිසා. අඩු ගානේ ළෝකයා ගැන දන්න. තනියෙන් හිතන පතන්න පුළුවන් පිරිසක් අදත් ඉන්නවා. ඒ අයට මේ අයගේ මාකටින්, නිකං හිස් ටින් විතරයි.

      උපුල් ශාන්ත සන්නස්ගල අද් ඇවිල්ලා කියන්නේත් ඒයාලා හිස් ටින් කියන එක විතරයි.

      Delete
    4. තව විශේෂම දෙයක් කියන්න ඕන..

      සුජීව ප්‍රසන්න ආරච්චිත් මේ වගේම ඉන්ටවීව් එකක් දුන්නොත් ඔහේලා කලබල වෙන්න එහෙම එපා.

      Delete
    5. අපේ සිංහල පන්තිය... (සුදු හුණු ගෑමක් නොවේ....)


      මේ තියෙන්නෙ මම කාලෙකට කලින් ලිව්ව පෝස්ට් එකක්... මාතලනුත් අදහස් දක්වල තියෙනව....

      Delete
    6. ඉස්සර අපි සරච්චන්ද්‍ර , මනෝරත්න වගේ පුද්ගලයෝ දිහා බලාගෙන ඉන්න කාලේ අපි හිතුවා විශ්ව විද්‍යාල ඇතුලේ නියම ශාස්ත්‍රීය ,බුද්ධිමය සංවාද තියෙනවා ,වෙනවා කියලා. එත් එතනට පය ගහපු වෙලාවේම වැටහිච්ච දෙයක් තමා .ඒ ඔක්කොම බාහිර ලෝකෙට පෙන්න මවා පෙන්නපු දේවල් කියලා. අද (වගේම එදාත්) විශ්ව විද්‍යාල ඇතුලේ ඉන්නේ ,හිටියේ පුස්සෝ . ඩිග්රියක් ගත්තට , පශ්චාත් උපාධි කලාට ඔලු ඇතුලේ හිස්, රසවින්දනයක් නෑ. අනෙකාගේ මතය ඉවසන්න බෑ, කොටු කරලා පෙන්නපු රාමුව ඇතුලේ ඉඳන් හිතන්න ඕන. උන් පෙන්නන දේශපාලනේ අපි කරන්න ඕන.නැති වුනොත් වෙන්නේ ගුටි කන්න.

      දීප්ති කුමාර ගුණරත්න X සංකල්පය ගේනකොට මිනිස්සු හිතුවා දීප්ති කියන්නේ පිස්සෙක් කියලා. නිර්මාල් 6% සටන් මෙහෙයවනකොට මිනිස්සු නිර්මාල් දිහා බැලුවේ අනන් ඒ කන්නාඩිය දාගෙන .

      විශ්ව විද්‍යාල ගැන හිතන් ඉන්නවා වගේම තමයි අපි බ්ලොග් ගැනත් හිතන්හිටියේ ..සීමා මායිම් නැති බුද්ධිමය සංවාද වෙන තැනක් කියලා. සාක්ෂර තාව වැඩි වුනා කියලා මිනිස්සු දියුණු වුනේ නෑ. පරිඝනක සාක්ෂරතාව වැඩි වුනා කියලා මේ සයිබර් ස්පේස් එක ඇතුලේ ඉන්න මිනිස්සුත් දියුණු වෙලා නෑ. තමන්ගේ මතයට විරුද්ධ මතයක් එනකොට සංවාදේ පැත්තක් තියලා සංවාසේට යන්නේ එකයි , එක යන්නත් හදන්නේ කොහෙවත් ඉන්න අම්මයි ගෑනියි අල්ලාගෙන .

      තමන්ගේ මතය වෙනුවෙන් පෙනීසිටීමයි , තමන්ගේ මතය අනුන්ට බලෙන් එබ්බවීමට යාමයි දෙකක්.
      //""දැන් ඔය මට ඔය චෝදනාව ගෙනෙන උන් ඉන්නවා නේද? පොඩ්ඩක් හොඳට බලන්න මමද ඒ දේ කියන්නේ. ඒ චෝදනාව නගන කෙනාද කියලා. තර්කයක් නෑ. විකල්ප මතයට ඉඩක් නෑ. විවාදයක් ගෙනියන්න බෑ. ඔක්කෝම තියෙන්නේ කක්කා වැඩ.""// ඒ කොටස 100% හරි. සංවාද විසඳුමකින් අවසන් වෙන්න ඕන කියලා හිතන ලිං මැඩියන් මේ ආකාරයෙන් හැසිරෙනවා ඇති. උන් දන්නේ නෑ තමුන්ගේ අදහස වෙනස් කිරීමට හෝ එය දිගටම දරගනේ සිටීමට අයිතිය තියෙන්නේ අදාළ පුද්ගලයට කියලා. මම කියන දේ පිළිගත යුතුමයි කියන තැන හිටගත්තම ආපහු වාඩිවෙන්න හිතෙන්නේ නෑ , එකයි ඔය

      Delete
    7. ඇයි සුජීව ප්‍රසන්න ආරච්චිට තමන්ගෙ මතයක් ඉදිරිපත් කරන්න අයිතියක් නැද්ද මාතලන්... අනිත් එක මොකටද කලබල වෙන්නෙ... සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ මල් නවකතාකාරයෙක් කියන තැනින් එහාට යන්න අපේ මොලගෙඩි වලට පුළුවන් කමක් නැති හින්දද... මිනිහෙක් කරන කියන හැමදේම, එකම හදාගත්තු ප්‍රතිරෑපයක් එක්ක ගලපන්න යන්නෙ නැතුව, ඒ මනුස්සයා කියන දේ ඇත්තද නැත්තද කියල හිතල කතා බහ කරන්න අපිට බැරිකමක් තියෙනවද....

      Delete
    8. කිසිම බැරි කමක් නෑ. මිනිස්සුන්ට වෙනස් වෙන්න අයිතිය තියෙනවා. මම සුජීව විඳලත් තියෙනවා. සැන්ටිව විඳින මට, සුජීව විඳින එක මහ දෙයක් නෙමෙයි. ඒත් මිනී මරලා. අනේ මම අතින් උනේ වැරද්දක් කියලා. හඬා වැටෙනවට වඩා. මිනි නොමරා ඉන්න එක නේද වැදගත්.

      Delete
    9. ඒ තියා මනමේ වගේම මම ඒ. සිරිත් විඳිනවා. දෙකම මට පට්ට.

      Delete
    10. මෙතන තියෙන්නෙ විඳීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි... සුජීව වෙනස් වෙන්න ඕනෙත් නෑ... මල් නවකතාවක් ලියන ගමන්ම එයාට හොඳ දේශපාලන අදහසක් ඉදිරිපත් කරන්න බැරිද.. එහෙම ඉදිරිපත් කළොත් අපි සාමාන්‍යයෙන් කරන විදියට අපෝ ඔය යකා මොකෙක්ද.. ඔය යකා මල් පත්තරකාරයෙක්නෙ.. ගාමන්ට් කෙල්ලන්ට ලවු ස්ටොරීස් ලියනව මිසක් ඔය යකා දන්න දේශපාලනෙ... කියල කියනවට වඩා ඒ මනුස්සය ඉදිරිපත් කරපු අදහසේ වැදගත්කම ගැන කතා කරන්න බැරිද...

      මෙතනදි සන්නස්ගල කියන්නෙ ටියුෂන්කාරයෙක් කියන තැනින් එහාට ගිය සංවාදයක් කරන්න අපිට බැරිද....

      //වැඩිය නොවෙයි ගිනි ගත්ත රට සහ ඒ විනාශය විශ්ලේෂණය කළාම හරි හමන් මිනිස්සු හිටිය රටක් නම් අපි කඩදාසියක් පුච්චන්නත් බය වෙන්න ඕන. මොකද එදා වෙච්ච ගිනි ගැනිල්ලට ඒ තරම් බය වෙන්න ඕන. ඒත් දැන් සමාජය ආමන්ත‍්‍රණය කරමින් ඉන්නේ පුච්චපියව්, ගහපියව්, මරපියව් කියන තැනට. //

      //අඩු තරමේ ටී වී බලන විටවත් කොල්ලෝ පාඩම් කරන තැනකවත් එහෙම සංවාදයක් නෑ. මේ අය ඉතා වේගයෙන් ගෝත‍්‍රවාදය වැලඳ ගනිමින් ඉන්නවා. //

      //ලොකු ගැටලූවක් තියෙනවා. ගොඩක් දෙනෙක් බයයි.
      ඔබ ඇහැව්වොත් මගෙන් ‘ඔබ බය නැද්ද’ කියලා, බයයි. මේ සාකච්ඡුාව දෙන්නත් බයයි. අපි ප‍්‍රභාකරන් ඉද්දි බය නෑ. ප‍්‍රභාකරන් ප‍්‍රධාන දුෂ්ටයට ඉන්න කාලෙදි අවුරුදු 30ක් නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න බය වුණේ නෑ. ප‍්‍රභාකරන් මැරුණු දා ඉඳලා බයක් දැනෙනවා. මං මේ කියන්නෙ දේශපාලන කතාවක්. කලාකරුවො බයයි. ගීත ලියන අය බයයි. පත්තරකාරයො බයයි. පත්තරකාරයො නැතුව ලිපිකරුවො ටිකක් බිහි වෙලා. ලිපිකරුවො ඉන්නෙ කියන දේ ලියා ගන්න. ඒ නිසා පත්තරකාරයො නෑ. //

      //සයිබර් අවකාශයේ ඉන්න ගෝත‍්‍රවාදියෝ ‘උඹෙ අම්මා, උඹෙ තාත්තා, උඹෙ ජාතකය....’ ඔය විදියට විශාල වශයෙන් මඩ ගහනවා. මේ මොහොතේ අන්තර්ජාලය පාවිච්චි කරනවා නරකම ග්‍රෝත‍්‍රවාදියො පිරිසක්.
      ෆ්‍රෙඞී සිල්වගෙ සින්දුවක් තිබුණනෙ ‘ගහපල්ලා බං පෙත්සම්’ කියලා. අන්න ඒ කැලෑ පත්තරකාරයො දැන් ඉන්නෙ වෙබ් සයිට්වල. උන්ව වාරණය කරන්නත් බෑ. මොකද වාරණයකින් වාරණය වෙන්නෙ අපිව. ඒ නිසා දැන් ඒකට කණ්ඩායම් හැදිලා. ජාතිවාදයට විරුද්ධව ප‍්‍රකාශයක් ආව ගමන් අම්මා මුස්ලිම්ද, තාත්තා දෙමළද, ඔය වගේ අසික්කිත අසීලාචාර භාෂාවකින් ප‍්‍රතිචාර දක්වනවා. එතකොට සංවාදය වෙන කොහෙහරි යනවා. ඇත්ත සංවාදය යට යනවා. //


      මේ ඇත්ත නෙවෙයිද.. සන්නස්ගල තාම ක්ලාස් කරන ටියුෂන්කාරයෙක් හැටියට අවුරුදු 18 -19 එවුන් හිතන විදිය අල්ලගන්න පුළුවන් කෙනෙක්.. එහෙම කෙනෙක් මේ ටික කියන්නෙ... සන්න කියන විදියට මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ දේශපාලනේ යන පැත්ත වෙනස් කරල... ඒත් දේශපාලනේ යන පැත්ත වෙනස් වෙන පාටක් අහල පහලකවත් නෑ... අපි එතන නෙවෙයිද හිර වෙලා ඉන්නෙ... පහුගිය පෝස්ට් ගොඩකම ගොඩක් දෙනා කතා උනේ මේ ගැන නේද....

      සන්න බයයි බයයි කියපු දේ මේ සාකච්ඡාවෙම තියෙනව... ඒක අතරමඟ නැවතිල... බයටමද මන්ද... මෙතනත් හැමෝම කියන ටිකම වමාරල තියෙනව.. පහුගිය පෝස්ට වල මම ගොඩක් මේ වගේ කතා දැක්ක... ඒත් සන්න කියන්නෙ සිවිල් බලයක් තියෙන නමක්... සන්න කිව්වම අපි කියනවට වඩා වටිනාකමක් එනව...

      මං මේ කල්පනා කළේ..... ගෝත්‍රවාදියොන්ට සාකච්ඡාව යන පැත්ත වෙනස් කරන්න නොදී (ඒවට අවධානය නොදී) එහෙම නොවෙන ටික දෙනා හරි සාකච්ඡාව හරි මඟ අරන් ගියොත්....? එතකොට හොඳයි නේද.... එතකොට නේද මිනි නොමරා ඉන්න පුළුවන් වෙන්නෙ...

      Delete
    11. ඈ යකෝ දැං කව්ද ගෝත්‍රිකයෝ අපිද??

      Delete
    12. ඇයි බැරි අපි මේ වැදගත් විදියට කරන්නේ ඒ දේ නේ. මෙතන කුණුහබ්බ කියාගෙන එන මැන්ටල් වලට බල්ටි ගහන්න නොදීපූ එක ගැන ඉන්දිකට අපේ ප්‍රමාණය.. සොරි ඈ.. අපේ ප්‍රණාමය.

      සන්නස්ගල දැන් කියන දේ හොඳයි. ඒත් වටින්නේ ඉස්සරත් ඔය දේ කිව්වා නම් හොඳයි කියන එකයි මම කියන්නේ..

      Delete
    13. ඉවාන්, උඹෙ පලවෙනි කමෙන්ටුවෙ සන්නස්ගලව ඉතා නිවැරදිව කියවල තියෙනව.

      දෙවෙනි කමෙන්ටුවෙ විශ්වවිද්‍යාල ඇතුල සහ සංවාද ගැන සරළව කියනවනං ඒවත් හරියට අර රේඩ්යෝ චැනල්වල යන ප්‍රොපගැන්ඩ වාහන වගේ. රේඩ්යෝ එකේ අහන් ඉන්න එකාට හිතෙන්නෙ ඒ වාහනේ ගිහින් ගමේ සෙනග ගොඩක් මැද මහා ආකර්ෂනයක් එක්ක ලොකු සංදර්ශනයක් කරනව කියල. ඒත් ඇත්තටම වෙන්නෙ මිනිස්සු දහ පාලොස් දෙනෙක් පාලු කඩයක් ගාව ලොරිය වටෙ ඉන්නව, එකෙක් ෆෝන් එහෙකින් අලි විස්තරයක් දෙනව, සද්දෙට බල්ලො බුරනව.

      උඹ ඔය කිව්ව රසවින්දනය බලෙන් බෙදන, ගනින්ඩෝ නැත්තන් ඉවරයි තමා ඩෝ කියන්නෙත් අපේ ගෝත්‍රික බවම තමයි. මේක වෙනස් කරන්න වෙන්නෙ මේකට විරුද්ධව කෙරෙන මතවාදමය සටන් වලින් මිසක් නිහඬව ඉඳීමෙන් හරි වෙනස් තලය වෙනම තැනක ගිහින් කරන පාළුගෙයි වළං බිඳීමකින් හරි නෙමෙයි.

      දැන් මම සන්නස්ගලගෙ සටහන පල කරේ ඒකෙ තියෙන කාලීන මාතෘකා අවධානයට යොමුකරල, ඒ මත සංවදයක් ගොඩ නගන්න උත්සාහ කරන්න. ඒත් වෙන්නෙ තම තමන් සන්නස්ගල කියන පුද්ගලය ගැන තියෙන මතවාද අත්දැකීම් කිය්වන එක මිසක්, ඔහු මතු කරන කරුණු ගැන අවධානය යොමු කරන එක නෙමෙයි.

      මෙන්න මේකයි අර කවුද කිව්ව වගේ "ටෙලිකොම් එකට ඉන්ටර්නෙට් දෙන්න පුලුවන්, පාවිච්චි කරන්න බුද්ධිය දෙන්න බෑ" වගේ නරුම කතා වලට වටිනාකමක් ලැබෙන්නෙ.

      අනෙක් පැත්තෙන් සයිබර් ස්පේස් එකේ සංවාද නොවෙන්නෙ පාවිච්චි කරන උන් එහෙම දේ වලට වඩා සරළ වින්දනයට ඒක බහුලව භාවිතා කරන නිසා සහ එහෙම සංවාද වලින් වෙන බලපෑම් දරා ගන්න අමාරු නිසා. අද දමිත් කේතකලට රංගලට වෙලා තීන්නෙ තමන්ගෙ මතවාද වෙනුවෙන් කතා කරද්දි එන පුද්ගලික ප්‍රහාර වලට උත්තර දෙන එකට මුල් තැන දෙන්න වෙච්චි නිසා මූලික කරුණ යට යාම. මේ දේවල් වෙනස් කරන්න පුලුවන් මේ එක්කම ගැටිල විතරයි. ඒත් එහෙම කරන්න ඉන්න උනුත් අන්තයකට යන අවස්ථාවලදි තත්වෙ අන්තිම කණගාටුදායකයි.

      Delete
    14. //ඒත් මිනී මරලා. අනේ මම අතින් උනේ වැරද්දක් කියලා. හඬා වැටෙනවට වඩා. මිනි නොමරා ඉන්න එක නේද වැදගත්. //

      මාතලන්, මේක බොහොම සාහසික ප්‍රකාෂයක්. මොකද හැමෝටම 8 පන්තියෙදි බහුසෘත තුන්කල් දකිණ ඥානය ලැබෙන්නෙ නෑ. මිනිස්සු වෙනස් වෙනව කාලය සහ අත්දැකිම් එක්ක. උඹම අගය කරපු වික්ටර් අයිවන් ගැන හිතල බලහන්.

      ඔනෙම මිනිහෙක් වෙනස් වෙන්න උත්සහ කරනවනං, ඒ වෙනස අපි දකින්නෙ සුභවාදී දෙයක් විදියටනං, ඒකට ඉඩ දෙන්න ඕන. පරණ කුණු නිසා ඌට අලුත් පාරක යන්න නොදී ඉන්න දෙන එක, පරණ දේ ගැන මතක් කරල දිගටම ගහන, අව්මන් කරන එක හෝ නව වෙනස් කම ප්‍රතික්ෂේප කරන එක තමයි අපේ රටේ විශේෂයෙන්ම දියුණුවෙන්න, හැදෙන්න හදන මිනිහට තියෙන ලොකුම බාධාව.

      Delete
    15. හිරු,

      ආයි කියන්න දෙයක් ඉතුරු කරල නෑ. නමුත් කීදෙනාටද ඇත්ත කාරනා ගැන කතා කරන්න ඕන?

      Delete
    16. දේශ,

      උඹ කොහොමත් ගෝත්‍රිකයනෙ. බොරුනං ප්‍රසාගෙන් අහල බලහන්.

      Delete
    17. ඉවාන්: මෙතන කැම්පස් එක ගැන කියල තිබ්බ දේට මම ගොඩක් එකඟයි... අනුන්ගේ මතේ සංවරව, විචාරශීලිව ඉවසන්න පුළුවන් කියලයි මම කැම්පස් එන්න කලින් මවාගෙන හිටපු චිත්‍රෙ..... මට තේරුණා ඒක මුසාවක් කියල.. බලනකොට අපේ අම්මලාගේ කාලේවත් එහෙම එකක් තිබිලත් නැහැ.... අපි පුම්බන තරම් ඇතුල විධග්ග නැහැ...

      ඉවාන් ++++++++ අනිවා.. මෙතනදී මම දරන්නෙත් ඔය වගේම මතයක්. නිවැරදි නොවෙන්න පුළුවන්. මගේ අත්දැකීමෙන් මිසක් කව්රුත් කිව්වට නෙවෙයි!

      Delete
    18. //////////////වෙනස් කම ප්‍රතික්ෂේප කරන එක තමයි අපේ රටේ විශේෂයෙන්ම දියුණුවෙන්න, හැදෙන්න හදන මිනිහට තියෙන ලොකුම බාධාව.//////////////
      ඉන්දික......මේක ඇත්ත. වෙනස් වෙන්නැති මිනිහෙක් කොහෙද ඉන්නේ.... වෙනස් නොවෙන දේශපාලන පක්ෂයක් කොහෙද තියෙන්නේ... මේක තමයි විය යුතු දේ. ජෙප්පෝ වේවා, යූඑන්පී වේවා, මොකා හෝ වේවා වෙනස් වෙනකොට පරණ අමුඩ එලියට අරන් මෙන්න තොපේ ගඳ කියලා කියනවා නම්...එතන හරි සංවාදාත්මක විග්‍රහයක් විය යුතුයි. අපි කරන්නෙම ඇදලා ගත්තා දමලා ගැහුවා සංවාදනේ.

      වෙනස් නොවන්නේ ඔය ආගම් සහ ආගමික නායක රැල විතරයි...උන් වෙනස් වුනොත් උන්ට පැවැත්මක් නැහැ කියලා උන් සහ ගෝලයෝ හිතනවා.

      Delete
    19. /////සන්නස්ගල දැන් කියන දේ හොඳයි. ඒත් වටින්නේ ඉස්සරත් ඔය දේ කිව්වා නම් හොඳයි කියන එකයි මම කියන්නේ..////////////////

      @මාතා.....එහෙම තමයි බන් ඕන කෙනෙක්....දවසින් දවසනේ දේවල් තේරුම් ගන්නේ. ඕකටනේ මුහුකුරා යනවා කියන්නේ. එහෙම වෙනස් නොවෙනවා නම් මඩ පුවක්නේ. ගඳයිනේ. ඔය වගේ මඩ පුවක් සෙට් බ්ලොග්ස්වලත් ඉන්නේ බන්.

      Delete
    20. අරූ, ස්තූතියි උඹ හරි තැනින් අල්ලගත්තට ආයි පාරක්. ශෛලිගත අධ්‍යාපනය විතරක් නෙමෙයි මිනිහෙකුට සම්මා දිට්ඨිය ලබා දෙන්නෙ කියන එකට උඹ ලයිව් එක්සාම්පල් එකක්.

      Delete
  15. සන්න හොදයි... පොරගෙ මාකටින් ඔක්කටම වැඩිය හොදයි..
    මමත් සන්නගෙ ක්ලාස් ගියා...
    ඉගැන්වීම් නරකයි කියන්න බෑ...
    සන්නකියපු දෙයින් තමන්ට ඕන හරි දේ ගත්ත එකා කොහොමත් රැඩිකල් වෙනව...
    හැමදේම අතිං ඌ අනික් උංට වඩා පොරක් වෙනව...

    ReplyDelete
    Replies
    1. සන්නස්ගල ඉගැන්නුවෙ සිංහල සතියකට පැය දෙකයි නේද? එතකොට ඒ පැය දෙක ඇතුලෙ උගෙන් යමක් ගත්තු එකා පොරක් උනානං ඒක සන්නස්ගලගෙ නෙම්යි ගත්තු එකාගෙ දක්ෂකමයි.

      අනික සන්නස්ගලගෙ මාකටින් වලට බනින උන් ග්‍රෙරොගෙ, බන්ඩාරගෙ ආදායම් ගැන කතා නෑ. උන් තමයි නියම මාකටින් කාරයො.

      Delete
  16. රාමුවෙන් පිට හිතන කෙනෙක්.. සමහර දේ වලදි මම සන්නට කැමති නැහැ වගේම විරුද්ධයි.. ඒත් මාතා කිව්ව වගේ සන්න කියන්නේ හොද සිවිල් කටහඩක්..

    ReplyDelete
    Replies
    1. සන්නස්ගල ඉගැන්නුවෙ සිංහල සතියකට පැය දෙකයි නේද? එතකොට ඒ පැය දෙක ඇතුලෙ උගෙන් යමක් ගත්තු එකා පොරක් උනානං ඒක සන්නස්ගලගෙ නෙම්යි ගත්තු එකාගෙ දක්ෂකමයි.

      අනික සන්නස්ගලගෙ මාකටින් වලට බනින උන් ග්‍රෙරොගෙ, බන්ඩාරගෙ ආදායම් ගැන කතා නෑ. උන් තමයි නියම මාකටින් කාරයො.

      Delete
  17. මාතලන්, හිරැ, ඉවාන්, ඇනෝ ලිපියේ වටිනාකම වැඞි කරලා. ලිපිය තුලින් වගේම එයාලාගේ කමන්ටු තුලින් ලොකු දැනුමක් ලැබුවා.

    ReplyDelete
    Replies
    1. හිරුගෙන් සහ ඉවාන්ගෙන් ලැබිල තීන අදහස් ඇත්තටම මාවත් පුදුම කරන සුළුයි. මාතලන් ඉතින් කොහොමත් ලයින් එකේ ඉන්න එකානෙ.

      Delete
  18. මේ කොමෙන්ටු කියවලා සන්නස්ගල මැතිඳා ගේ හිත කලකිරිලා "මට මෙ ගුනමකු මිනිස්සු ඉන්න රට එපා" කියලා තීරනය කරලා ඔස්ට්‍රේලියාවට හරි එන්ගලන්තෙට හරි migrate කරලා එහෙ සුද්දන්ට "අපේ සින්හල පන්තිය" දමන්න තීරනය කලා නම් කාටද පාඩු? අපේම දරු දැරියන්ට නේද ???

    ReplyDelete
    Replies
    1. සරස,

      උඹෙ කදිම උපහාසාත්මක රස බේරෙන කමෙන්ට් කිහිප පොළකම දැක්ක. සන්තෝසයි, ආඩම්භරයි!

      Delete
  19. ඔය කවුරු කොහොම කියන මාක්ස්වාදය උනත් වෙන කුමන වාදයක් ගත්තත් අපේ රටේ උන්ට බැරිවෙලා තියෙනවා අපිට ඔන වාදයක් හදාගන්න 1948න් පස්සේ හැමොම පිටරටවල තියෙන මොඩලයන් අපේ කරගෙන ඉන්නවා මිසක් එව්වායින් අවශ්‍ය දේවල් තොරා බෙරාගෙන අපේම මොඩලයක් ගොඩනගාගෙන ඉදිරියට යන්න උත්සහකරන්නැ මොකද පැවැත්ම නැතිවීම සහ බඩගොස්තර වාදය නිසා ඔය දැන් හැමතැනම කතාවෙන ජාති වාදයත් රටකරන වුන් විසින් තමන්ගේ අමන කං වහගන්ඩ එළියට දාපු විකට චිත්‍ර පටියක් වගේ කියල විටෙක මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. තරහ අවසර, ඒ කතාව වැරදියි....
      අපි අපිටම ඔබින වාදයක් හදාගත්තා....

      ඒකට කියන්නේ "මුසාවාදය"...

      Delete
    2. ඕකට එක හේතුවක් වෙන්නැති අපි අඩු මාසෙන් ඉපදිච්චි ප්‍රජාන්ත්‍රවාදී පාලනයේ දරුවො වීම. අනෙක් හේතුව තම හැමදාම පුරුදු පුහුණු කරන කකුලෙන් ඇදීමේ උතුම් ගුණාංගය.

      Sarasa, +++ (Y)

      Delete
  20. මට හිතෙන්නේ මෙතනදි අපේ අවධානය යොමු වෙන්න ඕනේ සන්නස්ගල ගැන නෙමෙයි. පොර කියන දේ ගැන. යමක් කියන මිනිහෙක්ගේ හැසිරීම ඒ කියන දේ තේරුම්ගන්න උදව් වෙනවා කියන එක මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. නමුත් සමහර අවස්ථා තියනවා අපි පුද්ගලයා විශ්ලේශණය කරන්න ගත්තහම, කියපු දෙය අමතක වෙනවා. ඒක බැලන්ස් කරගන්න ඕනේ.

    අපි පොදුවේ තාක්ෂණය දියුණු වෙනවා කියලා කියන්නේ සංනිවේදනය දියුණු වෙනවා කියන එක මම හිතන විදිහට. වෛද්‍ය විද්‍යාවෙන්, ඉංජිනේරු විද්‍යාවෙන් වගේ ඇතිවෙන දියුණුව සාමාන්‍ය පුද්ගලයෙකුට නිරීක්ෂණය කරන්න අමාරුයි. අනික එහෙම දැනගත්ත්තත් ඒක නාම මාත්‍රිකව මිසක් විෂය ගැන සවිස්තරාත්මකව නෙමෙයි. මොකද ඒවා අධ්‍යයනය කරන්න නම් විශේෂ දැනුමක් අවශ්‍ය වෙනවා.

    සංනිවේදනයේ දියුණුව කියන්නේ අපේ අදහස් තොරතුරු හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයේ දියුණුවක් මිසක්, අදහස් වල ආකල්ප වල දියුණුවක් නෙමෙයි. මිත්‍යාදෘෂ්ඨිකයන්ට ෆේස්බුක් ප්‍රොෆයිල් හදලා දුන්නොත් උන් කරන්නේ මිත්‍යාව වපුරන එක තමයි. මීට කලින් තමන්ගේ අදහස් දක්වන්න ඉඩ ලැබුනේ සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන්ට විතරයි. ඉතිං යම් සමාජ අවබෝධයක්, උගත්කමක් ඇති අයගේ අදහස් තමයි මාධ්‍ය මගින් පළවුණේ. ඒ තත්වය තමයි අද වෙනස් වෙලා තියෙන්නේ. අදට වඩා එදා හොඳයි නෙමෙයි. එදාට වඩා සමාජයේ නියම ස්වරූපය සංනිවේදනයේ දියුණුව නිසා පේන්න පටන් අරන් තියනවා.

    මට නම් පේන්නේ අපේ ප්‍රශ්නය ආකල්ප ගැන ප්‍රශ්නයක්. අපි දැනුම සොයා යන විදිහ වැරදියි. අපිට පොඩි කාලේ ඉඳලම හුරු කරන්නේ වැඩිහිටියන්ට ගරු කරලා, ගුරුවරුන්ට ගරු කරලා ඔවුන් කියන දේ අහලා, උගන්නන දේ ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙන්න කියලා. තනියෙන් ඉගෙන ගන්න, උගන්නන දේ ප්‍රශ්න කරන්න කියලා කියන්නේ නෑ. අපි ඉපි ඉගෙන ගත්ත ගුරුවරු, ඉස්කෝල, විශ්වවිද්‍යාල වන්දනාමාන කරන මානසිකත්වයක ඉන්නේ. ඒ කියන්නේ ඒවා අපේ අයිතියක්, හැකියාවෙන් ලබා ගත්ත දෙයක් නෙමෙයි, පූරුවේ පිනට ලැබුණු දේවල් කියලා හිතන්නේ. බුදු හාමුදුරුවෝ තමන් අවබෝධ කරගත්ත ධර්මය ගුරුකොට සැලකුවා කියන එකේ වැදගත් දෙයක් තියනවා. අපි පුද්ගලයන්, කල්ලි, කණ්ඩායම් පස්සේ යන්නේ... දැනුම පස්සේ නෙමෙයි.

    අනික තමයි සමාජය තර්කානුකූල නැත්නම්, අපි වෙන වෙන ක්‍රම විස්වාස කරන්න පෙළඹෙනවා. හේතුව සහ ඵලය අතට පැහැදිලි සම්බන්ධතාව පේන්නේ නැත්නම් හේතුව විකෘති කරන්න ලේසියි. ඔය දූපත් මානසිකත්වය කියන එකෙත් බලපෑමක් තියනවා මට හිතෙන හැටියට... මොකද ආකල්ප වෙනස් වෙන්න ලොකු හේතුවක් වෙන්නේ ජීවන අත්දැකීම්. තමන්ට හුරු පුරුදු රටාවෙන් පිට ජීවන අත්දැකීම් නොලැබෙනකොට ආකල්පවලට ඇතිවෙන බලපෑම අඩුයි.

    වමට වෙලා තියෙන්නේ තමන්ගේ තැන පිළිබඳ ප්‍රශ්නයක්... දේශපාලනයේ තමන් නියෝජනය කරන තැනට තරඟ කරන තමන් වගේම එවුන් තමයි වාමාංශික කණ්ඩායම් වල ලොකුම සතුරෝ වෙන්නේ. ඒ නිසා ඔවුන් වැඩ කාලයක් ශ්‍රමයක් වැය කරන්නේ තමන් වගේ අනිත් කණ්ඩායම් වලට ගහන්න.

    ReplyDelete
    Replies
    1. තිසර,

      ප්‍රස්තුතය ඉතාම නිවැරදි තැනින් අල්ලගත්තු එකම කමෙන්ටුව කියල භය නැතුව කීවැහැකි ( දැන් අනෙක් හොඳ අදහස් දීපු උන් අප්සැට් ගියොත්, අන්න නොදැනිම ගෝත්‍රික ගතිය ඇවිත් )

      අර දූපත් මානසිකත්වය කියන කොටසට හැර අනෙක් සියල්ලට එකඟයි. මොකද ඔය දූපතක නොඉන්න කලාපෙ අනෙක් රට්වල් වෙච්චි බංග්ලදේශය, පකිස්ථානය ඉන්දියාව උනත් අපිට වඩා දියුණු තැනක නෑ. මේකට මම දකින හේතුව අපි හැමෝගෙම ඇඟේ තීන හින්දු ආගමේ මූලික ශේශ. මේව අද මොන ආගමක උන්නත් කලාපෙ හැම රටකම උන්ගෙ අස්සෙ තියෙනව. වෙනස් කර ගන්න පුලුවන් වෙන්නෙ අවභෝධය සහ තර්කණය දියුණු කර ගන්න එකෙන් මිසක් අධ්‍යාපනයෙන්ම විතරක් නෙමෙයි.

      ඇත්තටම අපිව විනාස කරන්නෙ අපේ ආගම්වල තීන සංස්කෘකිත සරුවපිත්තල කතන්දර වලින් මතුවෙන විකාර සම්ප්‍රදායන් සහ අදහස් ( ජාතිවාදයත් ඕකෙම කොටසක් ). මෙන්න මේව පිටුදකින්න හය්යක් සහ ක්‍රමයක් හොයා ගන්න එකත් තියෙන ලොකුම අභියෝගයක්.

      Delete
    2. තිසර කියා තියෙන හරි අපිට තියෙන්නේ ආකල්ප ගැන ප්‍රශ්නයක්.ඒ ආකල්ප ඇතුළේ තියෙන හිරවීම් නිසාම තමයි ග්‍රෝත්‍රික ගති එළියට එන්නේ.

      Delete
    3. //ඇත්තටම අපිව විනාස කරන්නෙ අපේ ආගම්වල තීන සංස්කෘකිත සරුවපිත්තල කතන්දර වලින් මතුවෙන විකාර සම්ප්‍රදායන් සහ අදහස්//
      ++++++++++++++++++++++++

      Delete
    4. @ තිසර.....නියමයි.....උඹ ඔය රස්සාවල් කෙරුවාව අත ඇරලා දාලා ...ඇවිත් "අපේ ආකල්ප පන්තිය" කියලා ක්ලාස් එකක් පටන් ගනින් බන්. මේවා අපි කිව්වාට පිලිගන්නේ නැහැ...අපිට උපාධි නැහැනේ :D

      තිසරගේ විග්‍රහය නියමයි!!

      Delete
  21. කොහොමත් සනස් අංකල් හාර්ට් එකට දෙල්කදදී හෙන ගැහිල්ල ඉස්පිටිතාලේ ගිහිල්ල සිහිය ආවලින් පස්සෙ බලන්න ගිය වැඩිහිටියන්ට කියපු කතාවයි.....
    මාසෙකට පස්සෙ සුව වෙලා මාධ්‍යට කිව්වෙ ..........
    "අපිට පොඩි කාලෙ ...ඉස්සො /දැල්ලො /කකුළු කන්න බැරි වුන නිසා ....දැන් මුදල් තිබෙන නිසා එව නිතර කෑව නිසා & හොද බීම බීව්ව නිසා එයාගෙ හාර්ට් එකට ..... එහෙම වුනා කියල නේද.....
    සනස් බුවා ඇතුළු ගොඩක් කස්ටිය හොද කතා කිව්වට....
    විසදුම් ගැන කතා නැහැ.....
    අපේ මාතලන් ලොක්ක නම් වැරැද්ද පෙන්නල ....ඒවාට ගොඩක් විසදුම් වුනත් දෙනව ඔහුගෙ ලිපි වලින්...
    අර මාතා ....මල පැනල දාපු පෝස්ට් එකට මගෙ ප්‍රණාමය.....
    ඌ..... අර දෙක වහගෙන නැතිව කෙලින්ම කිව්ව වගේම..... දැන් මම "ඇලස්කා" වගෙ කිව්වමත්....
    එහෙම කියපු එක වැරදියි කියන හුත්තියන්ටත්/හුත්තිගෙ පුතාලටත් කියන්න තියෙන්නෙ තොපිට උපතින්ම ...අන්තිම හරියෙ ...කොදු ඇට තුනක් අඩු බවයි.....
    අදාල එකා වුනත් අදටත් ,,,,, සිරා වට ඇවිල්ල සොලි කිව්වා නම්.... ග්‍රේට්......
    සොලි කියන වචනය මුදල් දීල නොගත්තට......
    කිව්වම කෝටියකට වඩා වටිනව ....සුපියල්/ඩොලර්/යුරෝ/යෙන්.......

    ReplyDelete
    Replies
    1. උඹගෙ අවංක අදහසට ස්තූතියි! සියල්ල තම නැණ පමණින් කියල කියනවනෙ. අර පොඩි මල්ලි චූටි මල්ලි කිව්ව වගේ මේ රටේ ඉන්න හැමෝටම ඕනම ප්‍රශ්ණයක්, සිද්ධියක් ගැන තමන්ගෙම වෙච්චි විචාරයක් විවෙචනයක් තියෙනව. ඒ උනත් වඩා සාර්ථක මගේ මතයට/ මගේ උත්තරයට වඩා, පිරිසක් අතරෙන් එන පොදු පිළිතුරයි. අමාරුම දේත් අන්න එහෙම පොදු දෙයකට එකඟ වෙන, එකතුවෙන එකයි.

      Delete
  22. මම නම් මේ මනුස්සයා ගැන ඒ හැටි දෙයක් දන්නේ නෑ බං. දන්න ටිකත් මාධ්‍ය වලින් දැනගත්තුවා නිසා ඒ හැටි විශ්වාසදායී නෑ. ඉතින් මේ ගැන කතා කරන්න සුදුස්සෙක් නෙවෙයි මම.
    නමුත් ඔහු බ්ලොග් (වෙබ්) අවකාශය ගැන කියලා තියෙන දේ ගැන නම් එකඟ නොවී බෑ. මටත් තියෙන ලොකු හිතේ අමාරුවක් තමයි තමන්ගේ මතය, ගෙදර උන්ට සහ මියගිය අම්මට බැණුම් අස්සවා නොගෙන කතා කරන්න බැරි තත්වයක් උදාවී තිබීම. අන් මත නොඉවසන එක හරිම නරක පවණතාවයක් බං. අපි හුඟක් වෙලාවට ගොලු වෙන්නේ අපිට මතවාදයක් නැතිකම හන්දාම නෙවෙයි. ඔය ප්‍රශ්ණේ නිසා.

    ReplyDelete
    Replies
    1. හෙන් රි, මුලිම්ම උඹෙ කමෙන්ට් එකක් මේ වගේ පෝස්ට් එහෙක දැක්ක එකත් සතුටක්.

      මම කියන්නෙ මනුස්සය කවුද කියල හිතන, කියන ගමන්ම අපි ඌ කියන දේට කන් දීල බලමු. ඒ කරුණු වල තීන අඩුවැඩිය ගැන කතා කරමු. ඒකට උඹට බාධාවක් නෑනෙ.

      උඹ කියන අන්තිම කාරනාව බොහොම වැදගත් සහ සංවේදී එකක්. පැර අද ලිපියෙ මතක් කරල තියෙන මාටින් ලුතර් කිං ගෙ කතාවක්. අපේ බ්ලොග් වලත් වෙන්නෙ ඒකයි. හේතුව ඔය කියන කැත ගති. මම හිතන්නෙ ඔහොම උන්ට භයවෙලා දිණුම දෙනවට වඩා අපි එකතුවෙලා ඒ දේවල් පාලනය කරගන්න, එළවල දාන්න ඕන කියල. මාතලන් එතනදි පෙන්නුව ගටට මම කැමතියි, ඒත් ඌ කරපු ක්‍රමෙන් උනේ උගෙ ඇඟෙත් මඩ තැවරිච්චි එක ( හරියට එක පාරක් සහන් හින්ද මටත් උනා වගේ :D )

      Delete
    2. henryගේ කතාව තමයි මටත් කියන්න තියෙන්නේ අර බ්ලොග් අවකාශය ගැන නම්.

      සන්නස්ගල ගැන නම් පැහැදිලි ඉමේජ් එකක් නෑ. ඒත් මිනිසුන්ට වෙනස් වෙන්න පුළුවන්නේ. වයසත් එක්ක හරි එහෙම වෙනවා නම් හොඳයි.

      Delete
    3. රංගි, සන්නගෙ පරණ ජීවිතෙන් වෙනස් වෙලා හෝ නැතා, උඹෙ අදහස මේ කියන දේ ගැන කියහන්කො.

      Delete
  23. මවෝ සේතුං කිවායි කියලානේ කියන්නේ "දහසක් මත ගැටේවා,දහසක් මල් පිපේවා" කියලා.
    ඕනෙම කෙනෙක්ට ඕනෙම මතවාදයක් දරන්න අයිතියක් තියෙනවා.අන්න ඒ අයිතියට ගරු කරන්න ඕනේ.

    ඒ කොයි හැටි වෙතත් දැන් මෙතැන ඉන්දික කියපු දේට වඩා කට්ටිය අල්ලන්න ගිහින් තියෙන්නේ සන්නස්ගලව වගේ තිසර ඇරෙන්න..:D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම, අනෙකාගෙ මතය ඉවසීම කියන එක සහ කරුණුවලට අදලව වාද කරන එක මුල ඉඳල උගන්නන්න වෙනව ගොඩක් අයට :D

      Delete
  24. අවුරුදු හතේදීත් අම්මාගෙන් කිරී බීලා, අම්මට නොතියා රොටිය කාලා ගිය සන්නස්ගලට තමන් ටිටුෂන් කරලා සල්ලි තියෙන කාලේ අම්මාව "මග හැරුණා!".

    පස්සේ අම්මා මලාට පස්සේ පොර අම්මාට දෙන්න බැරිවුණු අගස්ති මාලය වෙනුවට මාල සීයක් අරන් අම්මලා 50 කට දුන්නාලු.

    කොළඹ, හපුතලේ, නුවර, බදුල්ලේ නොවෙයි. ඒ අගස්ති මාල දානය දීලා තියෙන්නේ ඉන්දියාවේදී යි.

    ඒ කතාව කියවලා මට හිතුණේ ඉන්දියාවේ අගස්ති මාල ලාබ ඇතිය කියලා මිස වෙනත් දෙයක් නොවෙයි!
    http://www.silumina.lk/2009/09/20/_art.asp?fn=as0909202

    ReplyDelete
    Replies
    1. @ කකා.... ++++++++++++++++++++++++++++++++++++++
      මම එයාගෙ දේවල් ලිව්වෙ නැහැ....
      ඔයාලට වගේ සභ්‍ය විදියට ලියන්න නොදන්න නිසා..... මං ....

      Delete
    2. මිනිහ අගස්ති මාල විතරක් නෙමෙයි සාරිත් දීල. ඉන්දියාවෙදි. හරියට පුත්තලමෙ ලුනු බෙදුව වගේ :D

      හැබැයි අන්තිමේ කියල තීන කතාව වැදගත්. ඒත් ඒක තමන්ගෙ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න වගේ දාපු කෑල්ලක්. ඔහොම පින් කරන උදවිය තමයි අපි නිතර දකින්නෙ කොහොමත්.

      Delete
  25. සන්නස්ගල ගේ පුද්ගලිකත්වය ගැන කතා මෙතනට වැඩක් නැති නිසා මොකුත් කියන්නෙ නෑ කියල හිතන් හිටියත්, පොරගේ ඔය අම්මා ගැන අඬා වැටෙන ප්‍රසිද්ද ඇන්ටික් එක ගැන නම් කකා කරපු නිරීක්‍ෂන ටික එක්ක මමත් එකඟයි.

    ඔය "සාරධර්ම වල වල් වැදීම" ගැන කියනව නම්, අර තිසරත් කිව්ව වගේ ඉස්සරට වඩා අද මෝඩයන්ට කතා කරන්න ඇවනියුස් ඕපන් වෙලා තියනවා. ඉතිහාසෙදි දෙයක් ප්‍රසිද්දියේ කියන්න ලියන්න පුලුවන් කමක් තිබුනෙ සාමාන්‍ය උගතෙක්ට විතරයි. නැත්නම් ඔය හොඳයි කියන කාල වලත් සූර්යග්‍රහන දවස් වල වද කහ බීපු, පන්සල් වල කොත් පලන්දන කොට රැස් විහිදෙනවා දැකපු උන් ඕන තරම් හිට්යා. අද වෙනස "රැස් වලල්ලෙ" පින්තූර ෆෝන් එකෙන් අරන් ෆේස්බුක් එකේ දාන්න, දිවයිනට හරි මවුබිමට හරි ඊමේල් කරන්න උන්ට පුලුවන් එක.

    ඉස්සර ජාති(ක)වාදියෙක්ට උනත් මූලාශ්‍ර වලට තිබුනෙ "සිංහලයාගේ අදිසි සතුරා", "සන්සෝනි කොමිසම් වාර්තාව" වගේ නීරස, කරුණු එක්ක පොත්. ඕව ඉතින් කියවල එනකොට වෙලාව යනවා. බෙදන්න ඕන නම් ෆොටෝකොපි කරන්න වත් වෙනවා. ඒක නිසා කම්මැලි එකෙක් වැඩේට එන්ටර් වෙන්නෙම නෑ. අද තියෙන්නෙ "අඩෝ හම්බයෝ අපේ එකෙක්ට අත තිබ්බොත් තොපි බාවනවා යකෝ" කියල තියන එකට ටික් ගාලා ෂෙයා බට්න් එක ඔබන්න විතරයි. ජාතිවාදයේ සහ මිත්යා වල ප්‍රකාශනය අද බොහොම සිල්ලර එකක් වෙලා.

    නැතුව අපිට පේන මේ වෙනස නිකම්ම ජාතිවාදයේ වැඩිවීමක් විතරක් කියල හිතෙන කවුරු හරි ඉන්නව නම්, මෙන්න මේ වගේ බාසාවෙන් ජාතිවාදී බ්ලොග් එකක් පටන් අරන් බලන්න කො හිට්ස් ඒවිද කියලා!

    තිසර ගෙ දූපත් මානසිකත්ව කතාවට එකඟ නෑ. ඇමරිකාව ගත්තත් ඇෆ්ගනිස්තානෙ ගත්තත් ආගමික රැඩිකල්ස් ලට, වල් බූත වලට අද ඉස්සර නොතිබුනු ඕපනිං තියනවා. ඒ එක්කම දේශපාලනයට ආගම ගාව ගැනීමත් වැඩි වෙනවා.

    //අපිට පොඩි කාලේ ඉඳලම හුරු කරන්නේ වැඩිහිටියන්ට ගරු කරලා, ගුරුවරුන්ට ගරු කරලා ඔවුන් කියන දේ අහලා, උගන්නන දේ ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙන්න කියලා. තනියෙන් ඉගෙන ගන්න, උගන්නන දේ ප්‍රශ්න කරන්න කියලා කියන්නේ නෑ.//

    රිචර්ඩ් ඩෝකින්ස් කියන්නෙ ආගම් කියන්නෙ ගල් යුගයෙ ඉඳන් වැඩිහිටියන් කියන දේ ප්‍රශ්න නොකර අහන උන්ට ජීවත් වෙන්න තිබුනු වැඩි සම්භාවිතාව නිසා (කළුවරේ එලියට යන්න එපා) මානව සංහතිය සමහර විට ජෙනටිකලි ම ආගම් වලට වල්නරබල් ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. එල රචනාව ඇනෝ.... විශිෂ්ටයි!

      Delete
    2. ඉස්සර ජාති(ක)වාදියෙක්ට උනත් මූලාශ්‍ර වලට තිබුනෙ "සිංහලයාගේ අදිසි සතුරා", "සන්සෝනි කොමිසම් වාර්තාව" වගේ නීරස, කරුණු එක්ක පොත්. ඕව ඉතින් කියවල එනකොට වෙලාව යනවා. බෙදන්න ඕන නම් ෆොටෝකොපි කරන්න වත් වෙනවා. ඒක නිසා කම්මැලි එකෙක් වැඩේට එන්ටර් වෙන්නෙම නෑ. අද තියෙන්නෙ "අඩෝ හම්බයෝ අපේ එකෙක්ට අත තිබ්බොත් තොපි බාවනවා යකෝ" කියල තියන එකට ටික් ගාලා ෂෙයා බට්න් එක ඔබන්න විතරයි.////

      ++++++

      තව එකක්... ඒ කාලෙ මොකක් හරි පොතකින් කෑල්ලක් අරගෙන, මොකෙක් හරි කියන එකක් කට ඇරගෙන අහන් ඉඳල එහෙමයි එහෙමයි කියල ඔලුව පාත් කරන් හිටිය, ඒ ඇත්තද නැත්තද කියල දැනගන්න විදියක් නැති හින්ද... අද ඒවා දැනගන්න ක්‍රමයක් තිබ්බත් ඒවා හොයලා බලන්න කම්මැලියි.. ඊට වඩා ලේසියි ඔන්නොහෙ ෂෙයාර් බට්න් එක ඔබල පොඩි ආතල් එකක් ගන්න එක...

      Delete
    3. ඇනෝගේ උගත් කතාවට මම එකඟ නෑ. ඒකත් සාපෙක්ෂයි. හෙළයේ මහා ගත් කරු කීයටද ඉගෙන ගෙන තියෙන්නේ. අනික් අය ගැන උනත් එහෙමයි. කොටිනම් ඉස්සර ඉන්ගිරිසියෙන් ලියපු අය පවා.

      Delete
    4. මාතා මචං මම "සාමාන්‍ය උගතෙක්ට" කියලා කිව්වෙම ඇකඩමික් උගත් කම හෝ විබාග පටලගන්න ඕනෙ නැති නිසා. ඉස්සර කෙසේ වෙතත් උඹ දැන් දැන් ලියන ඒව බැලුවම උඹට වික්‍රමසිංහ උන්නැහේ ගැන මම කියල දෙන්න ඕනෙ නෑ කියල පේනවා. ඒත් උඹ ඒ උදාහරණෙ ගත්තු නිසා කියනව නම් බුවා පාලි සංස්කෘත ඉංග්‍රීසි බටහිර විද්‍යාව විතරක් නෙවෙයි ඒ කාලෙ වෙනකොටත් බටහිරටත් ගොඩක් පරණ නොවුනු ඩාවින් හේකල් වගේ උනුත් කොහොම කොහොම හරි ඉගෙන ගත්තු/කට ගා ගත්තු පොරක් කැම්පස් නොගියට. සරච්චන්ද්‍ර මාෆියා එකට කෙසේ වෙතත් ඇවරේජ් ජෝ ට සාපේක්ෂව පොර නිකන් උගතෙක් නෙවෙයි උගත් පිස්සෙක්.

      අනික ඒ කාලෙ ලියපු කියපු උන් නෙවෙයි ඔෆිස් එකක ක්ලාක් කෙනෙක්ට උනත් අද නානසාර බලකායෙ ටිපිකල් මෙම්බර්ට වඩා උගත් කමක්, කියවීමේ රුචියක් තිබුනා. ඒක නිසා උන් දෙයක් ගත්තෙ විචාරයක් ඇතුව. අපේ තාත්තලගෙ කාලෙ ඔෆිස් ක්ලාක් ලා කියන්නෙ මාසෙ පඩි දවසට පොත් දෙක තුනක් ගන්න මිනිස්සු.

      ඉංග්‍රීසිම ගනින්. කැමරා මැනුවල් එකේ ඉඳල වෙබ් සයිට් ගානකම සරල ඉංග්‍රීසියෙන් අමු අමුවේ කියල තියන එක කියවන්නෙ නැතුව ඒක උගන්නන්න කියලා පිංසෙන්ඩු වෙවී ප්‍රබුද්ධ ඡායාරූප ශිල්පියො පස්සෙ යන නංගිලා මම දැකල තියෙනව ලංකාවෙ ප්‍රසිද්ද ෆේස්බුක් ෆෝරම් එකක. ඒ පරම්පරාවට කියවන්න, ඉගෙන ගන්න මහන්සි වෙන්න වෙලාව නෑ ඕනෙ කරන්නෙ කවුරු කරි කටට දාල විකල දෙන ඩයිඩස්ට් එකක් විතරයි. නානසාර ල සප්ලයි කරන්නෙ ඒක.

      ඔහොම උන් කවදත් ඉන්න ඇති. ඒත් උන්ට ප්‍රකාශන මාද්‍යයක් තිබුනෙ නෑ මෑතක් වෙනකම්. අද උන්ගෙ ඉන්ෆොර්මේෂන් වල ක්‍රිටිකල් මෑස් එක හැදිල ඉවරයි. උන්ට සස්ටේන් වෙන්න විතරක් නෙවෙයි වර්ධනය වෙන්නත් පුලුවන් අද.

      Delete
    5. ඉංග්‍රීසියෙන් නෙමෙයි සිංහලෙන් ලියල තියන එකක්වත් කියවල තේරුම් ගන්නේ නැ ,

      එකක් කියවන්න පුරුද්දක් නැතිකම
      අනික කියවන්න කම්මැලි කම

      ටීවී ඇන්ටනාවක් හයි කරගන්ඩත් දැං හැදෙන උන්ට කාව හරි ඕන

      Delete
    6. උඹ එහෙම අදහස් කලාට සම හරක් අදහස් කරන්නේ එහෙම නෙමෙයි.

      Delete
    7. මගේ කමෙන්ට් වලට මමම උත්තර දීලත් වැඩක් නෑනෙ :D

      අනෙක් පැත්තෙන් ඇනෝ මට ආයි කියන්න දෙයක් තියලත් නෑ. ඒ නිසා තෑන්ක්ස් මචෝ හරි පාරට මේක ගත්තට විතරක් කියල කියන්නං!

      Delete
  26. විකිණෙන්නෙ නැතිව ඉඳීමත් එක්තරා කලාවක්. ඒකෙන් තියන වාසිය තමයි තමුන්ගෙ මිල එන්න එන්නම වැඩිවීම. සන්නස්ගලටත් වෙලා තියෙන්නෙ ඒකයි. නමුත් කෙනෙක් විකුණුන ගමන් මිල බහිනව. ඉස්සර මිනිස්සු විමල් වීරවංශගෙ කතා ඇහුවෙ කොච්චර ආසාවෙන්ද! මහින්දට විකිණුන විමල් දැං කොච්චර ලාබද බාලද!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. හරියට පොඩි කුමාරිහාමි කසාද බැන්ද වගේ :D

      Delete
  27. //සංවාද විසඳුමකින් අවසන් වෙන්න ඕන කියලා හිතන ලිං මැඩියන් මේ ආකාරයෙන් හැසිරෙනවා ඇති. උන් දන්නේ නෑ තමුන්ගේ අදහස වෙනස් කිරීමට හෝ එය දිගටම දරගනේ සිටීමට අයිතිය තියෙන්නේ අදාළ පුද්ගලයට කියලා. මම කියන දේ පිළිගත යුතුමයි කියන තැන හිටගත්තම ආපහු වාඩිවෙන්න හිතෙන්නේ නෑ//
    මේක එක්තරා සීමාවකට ඇත්ත. සමහර වෙලාවට බොරු වෙනව. උදාහරණයක් විදියට මොකක් හරි ප්‍රශ්නයකට තියෙන්නෙ නිවැරදි එක් උත්තරයක් විතරක් නං වාද කිරීමේ අවුලක් නෑ. කිකිළිද-බිත්තරේද වගේ වාද නං අවසන් කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. "එකයි එකයි දෙකයි" කිව්වම "ඒක උඹලගෙ මතය, මගේ මතය නම් තුනයි" කියන උන් එක්ක දිගට වාද කරන එක එතිකල් ප්‍රශ්නයක් නෙවෙයි ස්ට්‍රැටජික් මෝඩ කමක්.

      හොඳ වෙලාවට එතනින් එහාට යන්න අවශ්‍යම නම් වෙන ක්‍රම තියෙනවා. බලය යෙදවීම එක ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍රවාදය තව එකක්. වැඩක් නැති ඉලව්වක් නම් අල්ලල දාන්නත් පුලුවන්.

      Delete
    2. එකයි එකයි කීයද කියලා ඇහුවාම. ඔයා කියන ගානමයි අනේ මාත් කියන්නේ, කියලා කියන සම හරක් හිටන් ඉන්නවා.

      Delete
    3. මචෝ, මම ඕක දාන්න මූලික හේතුව උනේ, අර සහන්ගෙ කේස් එකේදි අපි කරුණු කාරනා එක්කම ඔප්පු කරල පෙන්නුවත් සහන් කරේ බොරුවක් වංචාවක් කියල, සමහරක් ගිහින් "අනේ සහන් අය්යෙ ඔය කිව්වට අපිට ඔය විස්වාසයි" කියල කිව්වනෙ. අභියගෙ එකෙත් එහෙමම තමයි. ඉතින් එහෙම කොච්චර ඇන්නත් ඇහැරෙන්නෙ නැති බොරුවට නිදාන ඉන්න උන්ට සහ කෝවෙ දාල මකල ගත්තත් උපන් ගොන් කම් නොයන ඈයොන්ට භය නැතුව ඇවිත් යන්න පාර හදල දෙන්න ඕන නිසා තමයි මම ඉවාන්ගෙ වචනම කොපි කරල දැම්මෙ "අපි කිව්වට ඔබේ අදහස් වෙනස් කර ගැනීම ඔබම සතුයි" කියල.

      Delete
  28. උසස් පෙල ඇරඹීමට පෙර සතියේ ටියුශන් තහනම් උනේ ඔය ගරු ගාම්බීර පූජ්ය පන්ඩිත සන්නස් මැතිඳු ඇතුලු කඩ කාරයෝ කීප දෙනෙක් පේපරේ උස්සලා තමන්ගෙ ගෝලයන්ට දෙන හන්දා කියලා මම අහලා තියෙනවා.... කාලෙකට කලින් සින්හල ගුරුවරයෙක් වශයෙන් සේවය කල සිරිල් එඬේරමුල්ල මහත්තයා හැම වසරේම උසස් පෙල සින්හල ප්‍රශ්න පත්තරේ ගරු ගාම්බීර පූජ්ය පන්ඩිත සන්නස් මැතිඳු ගේ "අනුමාන" ප්‍රශ්න පත්තරේට සමාන කරලා පත්තරේට ලියනා කාලයකුත් තිබුනා.... එහෙම අය තමා සමාජයේ හරි වැරදි කතා කරන්න ඉදිරිපත් වෙන්නේ....

    Fraud probe delays G.C.E. A/L results
    by Anjana Gamage

    The results of the GCE A/L examination will be delayed due to investigations being conducted by the Criminal Investigation Department (CID), into the leaking of the Sinhala A/L Examination question paper, the Commissioner General of Examinations W.A.M. Wijayasiri told the "Sunday Observer".

    "The CID has not been able to find any evidence to corroborate the widespread allegation that the paper had been leaked out prior to the examination. However, the CID have not handed over its final report to the Department still. Therefore, we are unable to release the GCE A/L results", the Commissioner pointed out. "Although the practical tests of the A/L examination is still going on and expected to conclude on July 20 and hopefully, the results could be released by mid August", he assured.

    A total of 251,727 candidates with 212,194 school candidates and 39,533 private candidates sat for this year's A/L examination.

    The CID began its probe into the leakage on a request made by Education Minister Dr. Karunasena Kodituwakku following allegations that a well-known tuition master who is also a popular author and film producer, had access to the paper before the test was held.


    http://www.sundayobserver.lk/2003/07/13/new23.html

    ReplyDelete
    Replies
    1. මම සන්නස්ගල ඒ තරම්ම පහතට දැම්මේ නෑ. මොකෝ ටියුෂන් දෙන හැම එකාම වගේ කරන්නේ ඕක නිසා. ඒත් කවුරුන් හෝ විස්තරාත්මකව මේවා ලියපු එක හොඳයි.

      සයිබර් අවකාශයේ ඉන්නේ ගෝත්‍රික වාදියෝ කියන්නේ මොකද දන්නවද, මෙතන අනිත් තැන වගේ නෙමෙයිනේ. ප්‍රශ්ණ කරනවා. මෝඩ චූන් දාන්න බෑ එකෙකුටවත්. සෑර් කෑලී අත අරින්න වෙනවා. එහෙයි ස්වාමිනී කියන ගොන්නුත් ඉඳියි. ඒත් ගේම් කාරයෝ වැඩියි.

      සන්නස්ගල පවු.. ඒත් අපි එයාට ආදරෙයි.. මොකෝ පොරක් නිසා..

      Delete
    2. ඔය කතාව ආවෙ සන්නස්ගල යූ එන් පී නිසා. අන්තිමට ඔප්පු කරගන්න බැරි උන කරුණ ගෙදර, සන්න තාම වැඩ.

      අනෙක ඔය ආන්ඩුවෙ ප්‍රශ්න පත්තර බොහොම කල්පනාවෙන් අවුරුදු ගානක් අධ්‍යනය කරන සන්නස්ගල වගේ ෆුල් ටයිම් ටියුෂන් ගුරාල බහුතරයක් ලඟින් යන ප්‍රශ්න ළමයින්ට දෙනව. අනෙක් පැත්තෙන් ලංකාවෙ අනික් හැම තැනම වගේ ඌඑව හදන ගුරාල, අච්චු ගහන උන් අරුන් මුන් වැඩේ පාවලත් දෙනව.

      සයිබරේ ගෝත්‍රිකයො ඉන්නෙ අහසින් පාත්වෙලා නෙමෙයිනෙ බං. උන් මේ සාමාන්‍ය සමාජෙම්ම එකතු වෙච්චි ඈයෝ. වෙනස උන්ට සමාජෙදි කෙලින් කියන්න බැරි දේ වෙන අනුන්ගෙ නං ගං වලින් කැත විදියට කියන එකයි.

      Delete
  29. හැමෝම වගේ කියලා තියෙන ටික නිසා ආයෙ කියන්න දේකුත් නෑ..ඒත් කට වහන් ඉන්න බැරි කටකසන ගතියකුත් නිසා මගේ අදහසත් ලියනවා..ඉන්දික කියන දේට 100% එකඟයි..අපිට මේ වෙලා තියෙන්නේ සන්නස්ගලගෙවත් ඥානසාර හාමුදුරුවන්ගෙවත් චම්පිකගෙවත් මහින්දගෙවත් ගෝඨාගෙවත් රනිල්ගෙවත් ජවිපෙවත් හෙණයක් නෙවෙයි ඔය කිව්ව වගේ අනිකාගෙ මතය ඉවසන්න බැරිකමයි..කාටවුණත් ඕනම දෙයක් ගැන තමන්ගේ මතය කියන්න පුළුවන්..ඒකට ඇඟේ ලේ වතුර කරන් රණ්ඩුවට යන්නම ඕන නම් ගියාට කමක් නෑ හැබැයි ඉතින් ඒකෙන් ලිව්ව එකාටද පාඩුවක් වෙන්නෙ? අපිට වැරදිච්ච තැන හැමදේකදිම කිව්ව දේ නෙවෙයි කිව්ව එකා කවුද කියලා බලන එකයි..එක සැරයක් කෙනෙක් තමන්ට විරුද්ධ දෙයක්/මතයක් කිව්වා නම් එදා ඉඳලම ඌ විරුද්ධවාදියෙක් කියලා දකින්න පුරුදු වෙලා තියෙන එකයි හැමෝගෙම වැරැද්ද..අනික සමහරවිට කෙනෙක් දරණ හෝ ප්‍රකාශකරන මතයේ හොඳකම හෝ අවංකකම නිසාම ඒ පුද්ගලයා කෙරෙහි ඊර්ෂ්‍යාවක් හෝ වෛරයක් ඇතිකරගැනීමත් අද සමාජයේ සුලබයි..ඊටපස්සේ ඌව ලේබල් කරනවා ජාතිවාදියෙක්ය/ජාතිද්‍රෝහීයෙක්ය/ආගම්වාදියෙක්ය/පව්කාරයෙක්ය/ගෝත්‍රිකයෙක්ය කියලා...අන්න ඒ ලේබල් එක ගැහුවට පස්සේ ඌ කියන හැමදෙයක්ම ඒ ෆිල්ටරෙන් පෙරිලා නම වැදිලයි එන්නේ..බ්ලොග් ලෝකයේ කියලත් වෙනසක් නෑ මා දකින විදිහට නම්..ඔය ලේබල් කිරීමයි ඇහැ වපරකරලා බලන එකයි හොඳ කරගන්නේ නැතුවනම් ඉතින් ඇත්තටම ගොඩ නැගෙන්නේ සංවාද නෙවෙයි සංවාස..අදහසක් සාකච්ඡාකරන්න කුණුහරුප මාධ්‍යයක් කරගත්තමත් වෙන්නේ ඔය හා සමානම දෙයක් තමයි..ඒක ලොකුකමක් නෙවෙයි..:)

    ReplyDelete
    Replies
    1. හරියට හරි, වටින අදහසක්! අපි ලේබල් කරන්න හරි දස්සයි තමා. ඉන් පස්සෙ බලන්නෙම එහෙම. ඉතින් ඌ කියන කරන ඕන ඕන දෙයක් පේන්නෙ අර රාමුව අස්සෙන්.

      Delete
  30. හප්පේ කට්ටිය කියල තියෙන දේවල්... මමත් ටියුෂන් ගිහින් තියෙනවා එක එක සර්ල ලඟට. මටත් දැනිච්ච දෙයක් තමයි. AL ක්ලාස් කරන සර්ල තරඟෙට තමන්ව මාර්කටි කරනව කියන එක. ඒ මාර්කටින් කෑල්ල අනිවාර්යයයෙන් හැමදාම වගේ කරනව. මටත් මුලදි හිතුනෙ ලමයින්ගෙ කම්මැලි ගතිය යන්න තමයි මේ ජෝක් කෑලි දාන්නෙ කියල. පස්සෙ පස්සෙ මටත් තේරුනා, මේ ජෝක් එක ඇතුලෙ තියෙන්නෙ, තමන්ට කැමති, තමන් අදහන පිරිසක් හැදීම සහ ඒමගින් තම පැවැත්ම සකසා ගැනීම කියල. මේක හරියට කරල කෙල පැමිණුනා කියල හිතන අය අත ගහනව ඊ ලඟ කර්තව්‍යයට. ඒ තමයි සමාජ සේවය. මෙතෙන්දි මේ අය හැසිරෙන්නෙ තම තමන් ගැන අධි මානසිකත්වයකින් කියලයි මහේ හැඟීම. තමන්ව අදහන පිරිසක් එක්ක කාලයක් ඉන්න කොට, පෘතග්ජන හැමෝටම මෙහෙම හිතෙන්න පුලුවන්. දැන් ඒ අයට විවේචන ආවට බයනෑ. ආර්ථික මට්ටමයි, සමාජයේ තමන් අදහන පිරිසකුයි හදාගෙන ඉවරයි. දේව දත්තටත් පිරිස් බලයක් හදා ගන්න පුලුවන් උනා නෙව. ඒ විතරද අජාසත්ත රජාත් තම වසඟයට ගත්තනෙ. එහෙමයි කියල දේව දත්ත කියපු කරපුව නිවැරදි උනෙත් නෑ නෙව. ඔය කොයි දේත් ගැන අවධානෙන් ඉඳල හරි දේ නරක දේ සොයා ගැනීම තම තමුන්ට බාරයි.

    ReplyDelete
    Replies
    1. ධනය ලඟට බලය හොයන එක සාමාන්‍ය මිනිස් ගතිය. තමන්ට පොඩි සිවිල් බලයක් අවම ඒක වැඩිකරගන්න, එකේ රස විඳින්න මිනිස්සුන්ට පුදුම ආසවක් තියෙන්නෙ. බ්ලොග් වල උනත් අපි ඔය දේ දකිනවනෙ.

      අර මහත්මා ගාන්ධිත් කියල තීන්නෙ "සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න අප වසනා නවාතැනේ කවුළු නිබඳ හැර තබන්න, ඒ සුළඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න ප්‍රඥාවේ මිණි පහනින් එලිය ලබා රැඳී ඉන්න" කියල.

      Delete
  31. ///////////////අර මහත්මා ගාන්ධිත් කියල තීන්නෙ "සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න අප වසනා නවාතැනේ කවුළු නිබඳ හැර තබන්න, ඒ සුළඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න ප්‍රඥාවේ මිණි පහනින් එලිය ලබා රැඳී ඉන්න" කියල.///////////////////////////

    මීට වඩා වෙන මොනවා කියන්නද බන්.........මේ පෝස්ට් එකට එන්නවුනේ දැන් තමයි. කොමන්වෙල්ත් ගේම්ස් බලනවා බන්....ඊලඟට බයිලා එකක් ගහන් ඉමු..ශාස්ත්‍රීය අහලා ඇතිවෙලා :D

    ReplyDelete
    Replies
    1. මේත් බයිලම තමා, අර කකා මගේ බයිල පෝස්ට් එකේ කිව්ව ජාතියෙ. එහෙනං අනිද්ද වාද බයිල වලටම සෙට් වෙමු.

      Delete

LinkWithin

Related Posts with Thumbnails