Saturday, February 11, 2012

මං හිඃඋව!




කැත හිත නැති ඔබා-ම මගේ අර ලිඳේ දාපු කතාවට ලියපු කමෙන්ට් එකක් නිසා මේ කතාව මතක් උනේ. අපි දෙන්නටම මතක් උනේ එකම කතාවනං, ඔන්න ඔබා-මෙ උඹේ කටේ පස්!

එක්තරා ආයතනයක ලොක්කෙක් තමංගෙ ගෙදර වතු වැඩට ආරස්සාවට පිරිමි කෙනෙක් හොයල දෙන්න කියල තමා යටතෙම වැඩ කරපු දුර පළාතක සේවකයෙකුට කිව්වලු.

බොසා ෂේප් කරන් චාන්ස් එකක් ගන්නත් වෙලාව නිසා මිනිහ සති අන්තෙ ගෙදර ගියාම ගමේ කරක් ගහල කෙනෙක් හොයල. වැඩි පඩි කරදර නැති අහින්සක මිනිහෙක් නුදුන්නොත් තීන ලකුණුත් කැපෙන නිසා ෆුල් ට්‍රයක් දාල එහෙම කෙනෙක්වම හොයාගෙන.

පස්සෙ ඒ මණුස්සයටත් බොසා ගැන තෙල බෙදල රස්සාවට කැමති කරගෙන පහුවදා උදේම බොසාට ගිහින් පණිවිඩේ දුන්නලු.

“සර් අර වැඩේට නියම මණුස්සයෙක් ඉන්නව. මිනිහ ඕන බර වැඩක් කරයි. විස්වාසවන්ත වගේම අහිංසක හාදය. ඔය වෙන අවුල් මුකුත් නෑ...හරිම හොඳයි. මීට කලින් කොළඹ ලොකු ගේක ඉඳල ඒ නෝනයි එහෙ එන අනික් නෝනලයි කරදර කරනව කියල අස්වෙලා ඇවිත්..”


“නෑ...එහෙනං මොකද අයිසෙ එක්ක නාවෙ. තමුසෙට බැරිද මිණිහට අද හෙට එන්න කියල පණිවිඩයක්වත් යවන්න.”

“හරි සර් මම හෙටම එන්න කියන්නං..”


“හරි හරි...එහෙනං මේක බස් වියදමට තියා ගන්නව...”

කියල දාහෙ කොල දෙක තුනකුත් පර්ස් එකෙන් ඇදල ගෝලයට දීපු බොසා සතුටු සිතින් ගෙදර ගියාලු දැන් ඉතින් වත්තෙ වල් ගලවන වැඩයි මල් වලට සප්පායං කරන අරවයි මේවයි නිසා නෝනගෙන් සති අන්තවල ලැබෙන බරපතල වැඩ සහිත හිර දඬුවමෙන් වගේම උන්දැගෙ කොන්දයි අතනයි මෙතනයි රිදෙනව කිය කිය කරන ගුණ ගායනා වලිනුයි හෙට ඉඳල මිදෙන්න පුලුවන්නෙ කියල.

පහුවදා උදේම ලොක්ක හරි සතුටෙන් වැඩට යනකොට මෙන්න අර ගෝලයයි උගෙ ගෝලයයි දෙන්නම ඇවිත් කුකුළත් කරේ තියම්ම.


“මේ ඉන්නෙ සර්..මෙයා තමයි මම කිව්වෙ..”

අහින්සක, ඒත් ශක්තිමත් පෙණුමක් තිබ්බ මේ තරුණ හාදය දිහා හොඳට බලපු ලොක්ක, බොහොම සතුටින් වැඩි කතාවක් නැතුවම තව වෙලාව නාස්ති නොකර මිනිහව ගෙදර ගිහින් බස්සල එනව කියල හිතල වැඩි හොඳට රියදුරකු අත නෑර ගෝලයයි ගෙනාපු ගෝලයයි දෙන්නම එක්ක එක්ක පිටත් උනාලු.

ලොක්කගෙ සැප රියේ ගිහින් ඉබේ ඇරෙන ගේට්ටුවෙන් නෝනගෙ මල් උයනට ගෝලයො දෙන්නයි මහත්තයි ඇතුළුවෙනකොට මොකද මේ සැමිය ආ පයිං ආපහු කියල අර හුචක්කු හවුස් කෝට් එක පිටිම්ම නෝනත් මිදුලටම ආවලු.

මහත්තය එක්කම පස්සෙ දොරෙන් බැහැපු නොදන්න හාදය දිහා "මොකාද මේ" කියන එක මූණෙ ලියන් බලන නෝනට කාරෙකෙ අනික් පැත්තෙන් බැහැපු ලොක්කගෙ ගෝලයවවත් නොපෙනුනත් සියල්ල හොඳින් දැකපු මහත්තය

“මේ අපේ ඔෆිස් එකේ ජයවර්ධන, අර එයා අපේ වැඩට උදව්වට ගේනවයි කියපු මනුස්සය...අද ආව. මං ඉතින් මොකට එතන රස්තියාදුකරනවද කියල කෙලිම්ම එක්ක ආව”

කියන ගමන්ම අළුත් සේවකය දිහාට හැරිල

“දන්නවද මේ මගෙ නෝන..”

කියනකොටම පොරත් බග් ගාල

“ඔව් මං හිඃකුව”

කියල කීවලු..

ඉන් පස්සෙ වෙච්චි දේ ඉතින් කියන්න ඕන නෑනෙ.


කැත හිත් ඇත්තන්ටයි මේ කියන්නෙ. මේ මනුස්සයත් අර ඉස්සෙල්ල කතාවෙ ජාතියෙ පොඩි කතාවෙ අවුලක් ඇති එක්කෙනෙක්. මිනිහ කියල තීන්නෙ “ඔව් මං මං හිතුව” කියල.

49 comments:

  1. නෝනා එයාව වැඩට තියාගත්තද? ආපහු ඒ ගමන්ම මහත්තයා එක්කම පිටත් කලාද??

    ReplyDelete
    Replies
    1. වින්චැට් එහෙම තියා ගන්නවද එක පාරටම එහෙම ඇහුවේ.. :)

      Delete
    2. ඔව්..ඇයි? ඒ මිනිහා කතා කරන්නෙ එහෙම නම් ඒක රස්සාවක් නොලැබෙන්න හේතුවක් නෙවේනෙ...අපි ජීවත් වෙන මේ රට වල ආබාධිතයින්ට ගොඩාක් සලකනවා...එයාලව ලංකාවෙ වගේ කොන් කරන්නෙ නැහැ.....

      Delete
    3. චින්චැට් කිරිල්ලී,

      නෑ, මහත්තය මිනිහවයි නෝනවයි පිටත් කරා.

      ඒ උනාට ඔබතුමීගෙ දෙවනි කමෙන්ට් එකට මම කැමතියි. අබාධිත උනාට වැඩ ගන්න බැරි මොකෝ නේද?

      සෑම, නිකං කිරිල්ලියෙක් නෙමෙයි ඔය චැට් චැට් එකක්...පරිස්සමින්....:D

      Delete
  2. නෝනට කීවෙනියද කියල හිතාගන්න බැරුව ගියාද ???

    ReplyDelete
  3. හි හි බඩුම තමා මල සේකර දෙන්නගෙම ටිකට් කැපෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. එතන හතරක්ම උන්නනෙ, එතකොට කොයි දෙන්නගෙද දැං කැපුනෙ?

      Delete
  4. ලොක්ක ෂොක් වෙන්න ඇති. ඔය ලොක්කන්ගේ පවුල් ටිකක් අවුල් නොවැ..

    ReplyDelete
    Replies
    1. උඹත් ලොක්කෙක් වෙන්න හිතාගෙන උන්නං අදහස අතෑරගං එහෙනං.

      Delete
  5. නෝනට මොනා උනාද දන්නේ නෑ

    ReplyDelete
  6. අර කියපු ව්දිහට නෝනට මගේ හිතේ ඒ කවදා කෙනාද කියලා මතක නැතුව වෙන්න ඇති බලාගෙන හිටියේ.. නියම කතාව..

    ReplyDelete
    Replies
    1. මේ නෝන අර මැන්ටලයගෙ චා ඇන්ටි නෙමෙයි වෙන කෙනෙක්.

      Delete
  7. මහත්තයට මොනව හිතෙන්න ඇත්ද ? :D

    ReplyDelete
    Replies
    1. මේ, ඕවට එන්න එපා හරිද. මම ඕවට කැමති නෑ.

      Delete
  8. ඔන්න මම නම් කිසිම අප්සෙට් දෙයක් හිතුවේ නෑ.. :P

    ReplyDelete
    Replies
    1. ඉතිං මුකුත් අප්සෙට් වැඩක් උනෙත් නෑනෙ? :D

      Delete
  9. මටත් නරක දෙයක් මතක් වුනේ නෑ......

    ReplyDelete
  10. මට නම් මතක් උනා.ආයෙ මොකටද බොරු කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඉතිං. තනගොල්ලෙ අත පිහිදාගන් ගිහිල්ල දැන්.

      Delete
  11. ඒ පොර අර උඩු තොල ඇලිලා තිබිච්චි කෙනෙක් බන් . . ඒකයි ඒ . .

    ReplyDelete
  12. මං හිතුව....හිකිස්.....

    ReplyDelete
    Replies
    1. මලා....! හිතපු සද්දෙනං එච්චර හරි නෑ. මඩ වලට පොල් කඩන්න වගේ!

      Delete
  13. මොකද්ද එතකොට අර බින්දු දෙක..

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම කතාවක්. බ්‍රහස්පතින්දට දාන්නං.

      Delete
  14. මටනම් තෙරුනේම නැහැ.

    ReplyDelete
    Replies
    1. චින්චැට්...මෙන්න මෙයාට කනට කරල කියල දෙන්න අනේ..මට පේන්නෙ මූත් අර බිත්තිය පැත්ත හැරිල දොය්යන එකෙක් ද මන්ද!

      Delete
    2. මේ මේ මට අපහස කරන්න එපා බිත්ති පැත්තට හැරිලා ඉන්න එකෙක් කියලා.මම දන්නා එකෙක්ගෙන් හිස්තැන පුරවාගෙන තේරුම ගත්තා.

      Delete
  15. මෙහෙම වෙන්නෙ කොහොමද ? කැත හිත නෙවෙ අප්පා ඉතින් දැන ගන්න අහන්නෙ
    "ඒ නෝනයි එහෙ එන අනික් නෝනලයි කරදර කරනව කියල අස්වෙලා ඇවිත්..”

    ReplyDelete
    Replies
    1. ඔන්න...කැතම කැත එකා....අහු උනා. යකෝ කොල්ලො වැඩ වැඩි නිසා...වැඩ වැඩි නිසා

      Delete
  16. පව් අප්පා අර නෝනා...
    පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ අතේ මාට්ටු වෙලානේ :)

    ReplyDelete
    Replies
    1. යක්කුන්ට පුදන්න යනවට හොඳ පාඩම!

      Delete
  17. //ඉන් පස්සෙ වෙච්චි දේ ඉතින් කියන්න ඕන නෑනෙ.//
    හරියටම හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පොර ඇත්තටම හිතුවද දන්නැ ඊට පස්සෙ

      Delete
    2. බුද්ධි වගේ එකෙක්නං ඔන්න එහෙම තමයිලු වෙන්නෙ!

      Delete
  18. මමත් හිතුවා......:p

    ReplyDelete
    Replies
    1. දැන් ඔන්න නරක වචන කියන්න ඕන නෑ. හොඳ ළමයි වගේ ඕන තැනක ඕන අප්සට් එකකට කියන්න තින්නෙ..."හිතුනනෙ" හරි "ඔය හිතල තීන්නෙ" කියල විතරයි...දන්නෝ දනිති..

      Delete
  19. මාත් හිතන්නද, කමක් නෑ නෙ ?

    ReplyDelete
    Replies
    1. උඹ වෙනදටත් මගෙන් අහල හිතන්නෙ බොල?

      Delete
  20. මට හිතුන කියල පටන් ගන්න කොටම තේරුනා, ඔය කෙළල තියෙන්නෙ තාප්පෙටම....හෙහ්..හෙහ්...

    ReplyDelete
  21. හප්පේ ඉතිං අහන්නත් දෙයක්ද එහෙම්මම හිතුනා....හික් හික් ...

    ReplyDelete
  22. නහය මුක්කම් මනුස්සයෙක් වෙන්න ඇති .අර කුංකුණාවේ හාමුදුරුවෝ වගේ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails