කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයැයි කවුදෝ කියා තිබේ. කට වසාගෙන සිටින තෙක් ඕනෑ එකෙක් පණ්ඩිතයෙක් යැයි කියා තිබෙන්නේ ද එවැනි කට හැකර එකෙකුමය.
පහුගිය දිනවල කවුදෝ කට හැකරයෙක් "මුන්ට පන්සල මතක් වන්නේ බලේ නැති විට" යැයි අලුත් කතාවක්ද හදා තිබුනි.
මෙයනම් සහතික ඇත්තකි. බලේ නැති වූ දා පටන් බුද්ධ යන වචනය සහ සිංහල යන වදන බය්යන්ටම සින්නවූ ඒවා වී ඇත.
කොටින්ම සිංහලබෞද්ධ නම් අමුතුම නිකායක්ද බිහිව, මෙලෝ විචාරයක් නැතිව ආගමත් ජාතියත් වැට ගසා රැකගන්නට යන්නේ අර වඳුරු මිතුරා රජා රැකි අයුරිනි.
මෙහි යම් කූඨප්‍රාප්තියක් පසුගිය පස්වැනිදා සිට රැව් දෙන්නට ගත්තේ දන්නෝ බුදුන්ගේ නම් ප්‍රකට ගීය සුප්‍රානෝ ගායනයක් ලෙස නිදහස් දින උළෙලෙලෙහි යළි ඉපැදීමත් සමගය.
මේ ගායනය දුටු, සම්භාව්‍ය බටහිර ගායනා ගැන නොව, අඩුම තරමේ ඒ සින්දුවේ පදවල අරුත කුමක්දැයි යන්න පව නොදත් මීහරක් සමාජ ජාල වල එළි බසින්නට වූයේ අනේ අපේ මහා සම්මත බොදු බැති ගීය උලා කෑවායි කියමිනි.
හැමටම එස්ප්‍රෙසෝ කෝප්පයක් හෝ තුර්කි කෝපි කෝප්පයක් රස විඳිය නොහැක. හෙවි මෙටල් සංගීතය හෝ, මීයන් වෙණ කන්නාක් මෙන් ටියුං ටියුං ගානා සම්භාව්‍ය පෙරදිග සංගීතය රස විඳීමටද නොහැක. එය සමාජයේ ඉතාම සාමන්‍යය තත්වයකි. එනිසා, ඒ ගායනයේ මිහිර අමිහිරිව යමෙකුට පෙනීම අරුමයක් ලෙස නොසිතා අතැර දැමිය හැක.
ඒත් මෙය සම්භාව්‍ය වන්දනීය බොදු බැති ගීයක් යැයි කීම? එය කෙසේ අත හරිඳ?
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//
මේ කියැවෙන්නේ කුමක්ද?
බුදුන්ගේ ධර්මය දැන සිල් රක්නා පින්වතුන් එහි බොහෝ සිටිත්, කෙලෙස් නැසු භික්ෂූන් ලෝවාමාපායෙහි වසත්.
මෙහි බුදු ගුණයක් හෝ බුදුන් ගැන වර්ණනාවක් කොහිද?
මේ ගීයේ වඩාත්ම සිත් ගන්නා සුළු කොට එන්නේ මීළඟටය. එනම් ඊනියා බොදු ගීයේ බොරු පිරුනු කොටසයි.
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...
සෙවනැල්ලෙන් හිරු රශ්මිය භංගේ..
මේ කෙටියෙන් කියන්නේනම්, දෙව්ලොවක් මෙන් පෙනෙන මේ නුවර අපමණ සඟ ඝන වසති. ඔවුන් ඉහලින් යනවිට පොළොවට හිරු එළියත් නොවැටේ!
අද අනුරාධපුර යන ගෝඨාභයලා දකින දෙව්ලොව |
එර්දියෙන් යන්නාවූ සිය දහස් ගණනක් රහතුන්ගේ සෙවනැල්ලෙන් හිරු එළියද පොළොවට නොවැටේ.. අහෝ දුකකි, මේ රචකයා මේ කියන්නේ අනුරාධ පුරයේ සිටි රහතුන් අර ඇමරිකාවේ සිටියා යැයි කියන මගී පරෙය්යන් මෙන් ලක්ෂ ගණනින් අහසින් එහේ මෙහේ වැඩ්ඩ බව නේද?
ඊලඟ කෑල්ල ගමු.
මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ//
අනුරාධනගරය දැන් පෙනෙනාසේ//
ලස්සන මල් පිපී ඇති පොකුණුවලින් පිරි, සේරුන් රන්චු පිටිනි සරනා සුන්දර අනුරාධපුර නගරය දැන් ඈතින් පෙනේ.
සිරි සඟබෝ නාටකයෙහිම පෙන්වන ලෙසට, "සංඝතිස්ස, සන්ඟබෝ, ගෝඨාභය යන කුමරුන් තිදෙනා මහියන්ගනයේ ඉඳල අනුරාධපුරේ එනකොට තමයි මේ අගනුවර වැනුම කරන්නෙ.
ඉතාම පැහැදිලි සුද්ධ සිංහලෙන් තීන මේ ටික නොතේරෙන බය්යො, අනේ මෙන්න අපේ බොදු බැති ගීය උළා කනවෝ කියල මැරෙන්න හදනව.
යකෝ මේකත් අර ගමේ ඉඳල මැනික ලැබිල කොළඹ ආ එඩී කොළඹ සිරියෙන් ඉපිලිල කොළොම්පුරේ ශ්‍රියා කියනව වගේ, එදා මහියංගන කැලේ ඉඳන් අනුරාධපුරේ මෙගා සිටි එකට ආ ගැටව් ඒ නුවර ගැන අතිශයෙඔක්තියෙන් වර්ණනා කරනව මිසක, කිසිම දහමක් නැතිය කියල ඔය පුක පොළොවෙ ගහගන්න අය්යලට දැන්වත් තේරෙයිද මන්ද!
මේ විතරක් නෙමෙයි, අපේ සුපින්වත් සිංහලබෞද්ධ ගොන් රැල අර විවියන් නෝනගෙ
"දුර පෙනෙන වැළි තලා, අනුරාධ පුර දිහා"
කියන මේ වගේම අනුරාධපුරේ සුන්දරත්වය කියන සින්දුවත්,
"නොකියාම එදා ඇස්ළ මහේ සඳ ඇති පායා"
කියන සැමි නැති සොවින් හඬනා බිරියකගෙ විළාපයත්,
"වෙසක් කැකුළු අතු අග සිට නටන විළාසේ"
කියන වසන්ත සෘතු වැනුම එහෙමත් මාර බොදු බැති ගී කරගෙන තියෙන්නෙ.
මොකවත් නෙමේ, බුද්ධ, වෙසක්, සෑය කිව්ව ගමන් මුන් ඇඳගන්නව. ඉන් පස්සෙ කියවෙන්නෙ මොනාද කියල නිකන්වත් හිතන්නෙ නෑ.
එක අතකට බුද්දාගම මිසක බුදු දහම මොටද, නැද්ද මචන්ස්ල.
මොනතරම් නොදැනුවත්ද කියනාවනම් ඔපෙරාවකට සුදුසු ගීතයක් තෝරා ගැනීමටවත් නොදන්නා නොදැනුවත්කමක්, මොන ඩිග්රි ගැහැව්වත් වැඩක් නෑ..... කලාකෘතියකින් කෙරෙන්න ඕනේ ජන වින්‍යාණය ස්පර්ශ කිරීම මිසක්, ජන වින්‍යාණය සුණු විසිනු කර දැමීම නොවන බව නොතේරීම......!
ReplyDeleteඔපෙරාවට සුදුසු ඉතාලි භාෂාව, ඉංග්රීසි භාෂාව...... පෙරදිග භාෂාවලින් නිර්මාණය කෙරූ සාර්ථක ඔපෙරා ගායනා අහලා තියෙනවද ? එහෙම අහපු එක්කෙනෙක් ඉන්නවනම් කියන්න මටත් දැන ගන්න........(මට ඔපෙරා ශෛල්‍යය දිරවන්නේ නැති නිසා මම අහන්නේ නෑ, ඒක නිසා මම පොෂ් නොවෙනවා ඇති)
මගේ තර්කය ඔපෙරා ගීත ශෛල්‍යය අපේ ජන වින්‍යාණයට කොයිතරම් උචිතද ? අපේ ජන වින්‍යාණය ඔපෙරාවට සංවේදී නොවන එක තක්කඩි කමක් විදිහට කාටවත් සැලකිය හැකිද ?
දන්නෝ බුදුන්ගේ ගීය බොදු ගීයක් නොවුනත්, එය බෞද්ධ ගීයක් (බුදූ ගුණ වරණනා කෙරෙන ) ලෙස ජන වින්‍යාණය ස්පර්ශ කර හමාරයි. සමහර විට ඔබ තුමාගේ මංගල දිනයේදී, ඔබ දොලොස්මගේ පහන දලවන විටදී සංගීත කණ්ඩායම වාදනයක කරන ලද්දේ දන්නෝ බුදුන්ගේ ගීය වීමට 90% ඉඩක් ඇත......
වරක් එක්තරා වැඩසටහනකදී අමරදේව ශූරීන්ගෙන් එක්තරා ප්රශ්නයක් ඇහුවා.....
"අමරදේවයිනි, ගීතයකින් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ? "
එවිට අමරදේව ශූරීන් එක වචනයකින් එයට පිළිතුරු සැපයූවා......
"රසවින්දනය"
අපි මෙතනදදී ලක්ෂ ගානක ලාංකික ශ්‍රාවකයන්ගේ රසවින්දනය ප්‍රශ්න කරගන්නවද (එය නොදැනුවත් කමක් ලෙස අර්ථ දක්වා ) නැතිනම් කිහිප දෙනෙකුගේ තෝරා ගැනිමේ බංකලොත් භාවය ප්‍රශ්න කරනවාද ?
වඩාත් සුදුසු කුමක්ද ?
සෞන්දරී දේවී යනු මාගේ දරුවන්ගේ ගායන ගුරුවරියයි (ඒ ගායනයේදී පියානෝව වදනය කරන්නේ ඇයයි ). ඇය යටතේ මගේ දරුවන් ඔපෙරා, සමූහ ගායනා සහ වෙනත් ගායන ශෛල්යයන් හදාරයි (පාසල් නිවාඩු කාලය තුලදී).......... ඒත් මේ ගීය ඔපෙරා ගීතයක් වෙනුවෙන් තෝරා ගැනීම ගැන මම මගේ බලවත් විරෝධය මම ඇය වෙත පිරි නමනවා......!
සෞන්දරී දේවී , සෞන්දරී ඩේවිඩ් ලෙස නිවැරදි විය යුතු බව සලකන්න.....
Delete"ගොළු හදවතින් තුන්වන යාමයට " ගැන දුමි මොකද කියන්නේ ?
Deleteදුමී, උඹ මට වඩා සoගීතය ගැන දන්නව කියන එක විවාදයක් නැති කාරණාවක්නෙ. ඒත් මම මතක් කරන්න ඕන, ඔය කියන බටහිර ඔපෙරා වලටත් වඩා පරණ ශෛලියක් තමා චීන ඔපෙරා කියන්නෙ.
Deleteඔපෙරා කියන එක අපේ ශෛලියට උචිතද කියන එක විවාදාත්මක කාරණාවක්.
සෙලින් ඩියෝන්ගේ, විට්නි හුස්ටන් ගෙ සින්දු නෙමේ නිරෝෂා විරාජනිගේ සින්දුත් අපේ අම්මට අනුව බෙල්ල මිරිකල කරන බෙරිහන් දීම්. ඒ උන්දැගෙ තරම. එහෙමෙයි කියල ඒව නරකයි කියන්න බෑනෙ.
අන්න ඒකයි මම උඩ කියල තීන්නෙ //හෙවි මෙටල් සංගීතය හෝ, මීයන් වෙණ කන්නාක් මෙන් ටියුං ටියුං ගානා සම්භාව්‍ය පෙරදිග සංගීතය රස විඳීමටද නොහැක. එය සමාජයේ ඉතාම සාමන්‍යය තත්වයකි. එනිසා, ඒ ගායනයේ මිහිර අමිහිරිව යමෙකුට පෙනීම අරුමයක් ලෙස නොසිතා අතැර දැමිය හැක.//
ඉන් එහාට උඹ නගන අනෙක් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ කියල හිතනව.
පුහ් .... මෙන්න විචාර .....
ReplyDeleteහරිම රැඩිකල්.......
බුද්දිය දෝරෙ ගලනවා.....
ටක්කෙටම විශ්ව ගම්මානේ මැද්දෙන් ගිය බුද්දිමතෙක් වෙන්නම ඕනෑ.........
වහලුන් අතර මේ උත්තමයා වගෙ නිවහල් අය මේ පොලවෙ ඉන්න එකත් වාසනාවක්.......
මේක බුදු ගුණ ගී ගොඩට දැම්ම පාහරයින්ට මඩු වල්ගෙන් තලන්න එපායෑ.....
මෙහෙම විශ්වකෝශ බදු දැනුම් සම්භාරයක් ඇති පොරවල් හොදයි කියනවං ඊලග පාර ගහමුකො දන්නෝ බුදුන්ගේ රැප් කරල....
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ආ...ආ....බුද්දගෙ ධර්මෙ....කැරකිල රකින්න ඕ යේ....ඕ යේ.
.......
ආයි ගිහින් පෝස්ට් එක කියවල වරෙන් මචo
Deleteඉරාජ්ගේ අළුත් සින්දුව ඇහුවේ නැතෙයි
ReplyDeleteඇහුව, හොඳයි, ඒත් දිග වැඩියි
Deleteපොෂ් ආන්ඩුවක්නේ ඉන්දික අපිට තියෙන්නේ ..ඉතින් අපිත් පොෂ් වෙන්නෝන...අහන්නකෝ සත්නපුරේ පැත්තේ කෙනෙක්ගෙන් පොෂ් වෙන හැටි මැනික් හම්බුනාම...අපිත් දැන් මැනික් හම්බෙච්ච ඈයෝ වගේ....කඩේකට..ඌප්ස් නෝ ලිමිට් ගිහින් අහන්නේ එක්ස්පෙන්සිව්ම ශර්ට් එක මොකක්ද කියලා මිසක් මට ගැලපෙන ෂර්ට් එක මොකක්ද කියල නෙමී..අපි දන්න ඔපේරා...
ReplyDeleteලාභ දේ ගන්න බලන්න සල්ලි නැති අය. සල්ලි නැත්තෙ මහන්සිවෙලා හම්බු නොකරන නිර්මාණශීලීත්වයක් නැති කම්මැලියන්ට.
Deleteමෙය බුද්ධාගම හෝ බුදු දහම ගැන ප්‍රශ්නයක් නොව බුඩ්ඩාගම පිළිබඳ ප්‍රශ්නයකි.
ReplyDeleteලෝඩ් බුඩ්ඩට වඩා ලෝඩ්ල ඉන්න එකේ වාසිය තමා ඉතින්
Deleteමේ ගීතය ඇතුලත් සිරිසඟබෝ නාඩගම වත්මනට අදාල වෙන අයුරු.
ReplyDelete1. අන්ධ දෛවඥයා ගේ අනාවැකි
2. ගෝඨාභය අවසානයේදී රජ වෙන බව ඔප්පු වීම
3. "මරලා හරි (රජකම) ගන්න සර්" යන බයියන් ගේ ඉල්ලීම "සිරි සංගබෝධි මාළිගාවෙ දී මම, දැක ප්‍රාණ හානි වෙන්න බැට දෙම්" ගීතයෙන් කියවීම
හැබැයි රජකම හැර දා යන රජවරු නම් අද නෑ හිටං.
අන්ධ දෛවඥයෙක් අනාවැකිත් කියනවා.මරලා හරි ගන්න කියලා බයියන්ගේ ඉල්ලීමත් තියනවා.අඩු ගෝඨා රජ වෙන එක විතරයි.එකත් ඉටු වුනොත් මලලසේකර තමයි හිටං.
Deleteරසික,
Deleteබෙල්ල කපල ගෝඨට ගේන මගිය නාන සාර වෙන්නත් පුලුවන් නේද?
රජකම හැරදා ගියා නමවෙනිද උනේ දැක්කෙ නැතෙයි හිටන් :)
බොදු බැති ගීයක් නෙමෙයි කියන තර්කය මෙතනට අදාල නෑ... මේ ගීතය නිදහස් උත්සවයකදී ගායනා කරන්න තරම් සුදුසු ගීතයක් වීමම ඇති මේ ගීතය ලංකාවේ 'සිංහල-බෞද්ධ' සංස්කෘතිය ප්‍රබලව නියෝජනය කරන කලා නිර්මාණයක් බව තේරුම් ගන්න... ඇයි ඉතිං ඒ වගේ ගීතයක් අපට හුරු පුරුදු උච්ඡාරණ විලාසයෙන් ගායනා නොකරන්නේ?
ReplyDeleteආයෙත් අපි එන්නේ භාෂි මධුභාෂිණී 'හැන්ථාණ ඇඪවියේහ්' කිව්ව තැනටමයි... මේ ගීතයේ අර්ථ, භාව එක්ක ඔපෙරා ගායන විලාසය ඒ ගීයට සුදුසු නෑ කියල මම හිතන්නේ... මේක සුපර් ස්ටාර් වගේ වැඩ සටහනක වුණා නම් අපි අපේ අදහස (පක්ෂව හෝ විපක්ෂව ) කියලා පොඩි ආතල් එකක් ගන්නවා... නමුත් මේක සිද්ධ වුණේ නිදහස් උළෙලේදී, ඒ නිසා මේක භාෂි ගෙ සිද්ධිය තරම් සරල නෑ... දන්නෝ බුදුන් වගේ ගීතයක් ඔපෙරා ස්ටයිල් එකෙන් කියන්න 'නිදහස් දිනයේ' තිබ්බ අවශ්‍ය තාවය මොකද්ද? රටක නිදහස සංකේතවත් කරන උත්සවයක (මේ නිදහස ගැන අපිට තියන විවේචන උත්සවයට අදාල නැහැනේ), ඇයි ලංකාවේ මිනිස්සුන්ට නුපුරුදු ඔපෙරා ගායනයන් තියෙන්නේ? ඇයි ඒ ගායනයට අපිට හුරු පුරුදු ගීතයක් තෝරාගන්නේ?
මට නම් මේක අර පැරකුම්බා සිද්ධියේම අනික... මේ වැඩසටහන් සංවිධානය කරන පොරවල් කොච්චර ලංකාවේ සමාජයත් එක්ක 'out of touch' ද කියන එක තමයි මේවගෙන් පේන්නේ...
Mamath oba ha ekangayi!
Deleteතිසරගේ පැහැදිළි කිරීම ඉතා නිවැරදියි...
Deleteඋඹෙන් මට අහන්න තියෙන්නෙ එක දෙයයි.
Deleteඉන්දියාවෙ මල බසක් වෙච්චි පාලියෙන් ගැයෙන සහ අහන උන්ගෙන් සීයට අනූවක්ම තේරුම නොදන්න ජයමන්ගල ගාථා කියල, චීනෙ පකිස්ථානෙ ඊශ්‍රායලේ අයින් කරපු හද්ද පරණ යකඩ ගොඩවල් පෙන්නල, එන්ගලන්තෙ කොපි කරපු හමුදා ආචාරයක් තියල සමරන නිදහස් දිනේට, බටහිර සම්භාව්‍ය ගායනා ශෛයිලිය උපරිමයෙන් හදාරපු සිoහල කාන්තාවක්ගෙ දක්ෂතාවය සිoහල සින්දුවක් ඒ ආකාරයට ගැයීමෙන් ප්‍රදර්ශණය කිරීම විතරක් වැරදි ඇයි?
උඹ කියන කතාව හරි. උඹේ පිළිතුර මේ සිංදුව හරහා බයි මානසිකත්වය පෙන්වපු උන්ට හොඳ උත්තරයක්. හැබැයි 'ආපහු මහින්ද රජ කරවන්න' හිතාගෙන නෙවෙයි නමුත් මටත් මේ අවස්ථා සම්භන්දය එක්ක එකතු වෙන්න බෑ.. මට මේ සීන් එක එච්චර වැදිලා තිබ්බේ නෑ.. ඒත් උඹ මේ ගැන බුකියේ ලියල තියෙනවා දැකපු වෙලේ මන් අහල බැලුව.. වචනවල කෙලින්ම තේරුමට අමතරව ගියක භාවමය එකඟතාවක් තියෙනවා රසවිඳින්න. මේ සින්දුවේ භාවමය එකඟතාවය තමයි ඔය කියන බොදු හැඟීම.. මේ වගේ වෙලාවක ඕක ඔතන නොකියා ඉන්න තිබුනා.. වෙනම ඔපෙරා එකක් කරන වෙලාවක ඊට ගැලපෙන පිරිසක් ඉදිරියේ පරීක්ෂණාත්මකව මේක ගායනා කරානම් සමහරවිට අද ඇය ඉතා ඉහලින් අගය කරන්නත් තිබුණා.. අඩන්න බලන් ඉන්න උන්ගේ ඇහැට ඇඟිල්ලෙන් අනින මේ වගේ නොගැලපෙන තීරණ වලින් වෙන්නේ අප්‍රසාදයක් ගොඩ නැගීම විතරක් වෙන්න පුළුවන්. ඇත්තටම උනෙත් ඒකනේ..
ReplyDeleteහොඳ ඉවෙන්ට් මැනේජ්මන්ට් එකකදී, අඬන්නම බලා ඉන්න අයගේ ඇහැට අනින අයිටම් එකකුත් තියෙන්න ඕන, නැතිනම් උන් අඬන්න අල්ලගන්නේ ඉවෙන්ට් එකේ මේන් අයිටම් එකක්.
Deleteඒක හරි.. ඒත් පන අදින ගමන් වගේ ඉන්න මේ වෙලාවේ මෙහෙම බෙල්ල මුලින්ම තදවෙන එක්ස්පෙරිමන්ට් නොකර ඉන්නවනම් හොඳයි නේද?
Deleteකමිය, මේ තියෙන්නෙ ඔය සින්දුව වෙන දෙයාකාරයකට කල ගැයීම්. අහල බලහන්කො මුලිම්ම.
Deletehttps://www.youtube.com/watch?v=ZPFpFhuzaOY
https://www.youtube.com/watch?v=TzXX-H6c9pA
අපි ඔය කියන එක්ඟතාව අපි දන්න රහ/ ශෛලිය. ඒක වෙනස් උනාම දිරවන්නෙ නෑ. හරියට අර සමහර අලුත් වාහන මොඩ්ල් මුල් කාලෙ පේන්නෙ කැතටනෙ, අන්න ඒ වගේ.
සුදු වෑන්, සුදු අලි ව්‍යාපෘති, විරුද්ධ පාක්ෂිකයින්ට පහර දීම, විදේශික කාන්තාවන් දූෂණය කිරීම, රටේ ආර්ථිකය ඉවරවෙන්න පුලුවන් සම්භාධක ප්‍රශ්ණ, පොඩි සර් ලගෙ ගැසීම් මැරීම්, මල්ලිලගෙ ගෙම්බර්, ගෝලයින්ගේ නඩු අතුරුදහන් වීම, පිරිවර 200 යේ ලෝක සවාරි, අහස පොලව නුහුල්ලන කොල්ල කෑම, පෞද්ගලික හේතු නිසා ව්‍යවස්ථා සංශෝධන, ගැන කථා කර කර හිටපු ජනතාව අද දෙමළෙන් ජාතික ගීය ගැයීම, හන්තාන අඩවියේ සිංදුව, දන්නෝ බුදුන්ගේ සින්දුව ගැන විවාද කරන සමාජයකට පත්වෙලා. හරිම ශෝචනීයයි නේද? (සමහර අයට )
ReplyDeletethe comment
Deletethe comment
Deleteනියමයි ඉයන්.
Deleteඅන්න කතාව...
Deleteඉයන්, සහතික ඇත්ත.
Deleteඔය විතරක් නෙමේ, අර ජැක්ස මහින්ද බුදුන්ට නෑයෙක් වෙනවය කිව්ව, එකෙක් කට හෙල්ලුවෙ නෑ. ඒ විතරද, සතර් බ්‍රහ්ම විහරණ සිව් මහ බඹුන් කියල පටලෝල වරම් දුන්නු රජාගෙ සින්දුව ගැන ඔය කවුරුත් මුකුත් කිව්වද?
බුදු දහම නැතිව ඕන දෙයක් අනුරපුරෙන් ගන්න ඇහැකි බං.. මම නං අර සිංදුව ඇහුවේ නැහැ..
ReplyDeleteඔය ඉතිං.
Deleteඈ බං. උඹල දෙන්න කලින් කතාකරල එකඟතාවයකට ඇවිල්ලද මේ එක ළඟ කොටන්නම එන්නෙ.
Deleteමංද බං. අර අමුඩෙයි *කයි ඇනෝගෙන් තමයි අහන්න ඕන. හැක්..
Deleteදේශ, අනුරාධපුරේ එදත් එහෙම තමා බං.
Deleteමේ ගැන දෙයක් කියන්න මම ඔය සින්දුව තාම අහල නෑ. අහන්න ඕන කමකුත් නෑ.
ReplyDeleteමටනං පේන්නෙ අර බ්‍රා කේස් එක වගෙම එකක් කියලයි මේක.
ඒක තව හොඳා.
Deleteවිකාරනේ අනේ... මේක මේ ලංකාවේ දේශපාලනේනේ... නැත්නම් ඉතින් මහනායක හාමුදුරුවන්ගෙ විරෝධය මැද දළදා මාලිගාව වටේ නයිට් රේස් පැද්ද එකේ මේ සිංදුවක් අල්ලන් දඟලන්නෙ රටේ වෙන ප්‍රශ්න නැතුවටද. මගේ අදහස නම් මේ දෙකේම යම් අනුචිත බවක් තියෙනව. ඒත් ඉතින් ඒ වෙනුවෙන් කතාකරන බහුතරය අවස්ථාව අනුව උචිත අනුචිත බව වෙනස් කර ගැනීම - නැත්නම් ‘තමන් නියෝජනය කරන පැත්ත වෙනස් වෙන එක‘ තමයි මෙතන තියෙන ප්‍රශ්නෙ. හරිම කතාව ඉතින් ‘මුන්ට පන්සල මතක් වන්නේ බලේ නැති විට‘ ම තමයි. ඕක ඉතින් උනුයි-මුනුයි-අපියි හැමෝටම පොදුයි.
ReplyDeleteමට මතක හැටියට අපිට සා.පෙළ පෙරදිග සංගීතයට නූර්ති ගීතයක් විදියට ඔය ගීතය ඉගැන්නුවා.
මදුරු නාස,
Deleteබලේ නැති විට මොළේ ඇත කිව්වට, බලේ නැති උන විට මොළේද නැති වේ කියල තමා දැන් වෙන දේ බැලුවම පේන්නෙ.
ඔව්, මුන් කවුරුත් එකයි මිනිස්සු කට පියාන උන්නොත්. ඒත් කට අරින්න, කතා කරන්න ඕන ගොන් කන්, වැරදි පැත්තක තියෙත්දි අහක යන කුණු ගොඩවල් වලටනෙ මේ රටේ හැමදාම අවධානය.
// කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයැයි කවුදෝ කියා තිබේ. කට වසාගෙන සිටින තෙක් ඕනෑ එකෙක් පණ්ඩිතයෙක් යැයි කියා තිබෙන්නේ ද එවැනි කට හැකර එකෙකුමය.
ReplyDeleteබලේ නැති වූ දා පටන් බුද්ධ යන වචනය සහ සිංහල යන වදන බය්යන්ටම සින්නවූ ඒවා වී ඇත. //
රනිල් තුමා මෙතේ බුදුන් දැක අමා මහ නිවන් දකිනවා වෙන්ඩ ට්යියන් වූ සැබෑ බයියන් යූ එන් පී එකට සපෝට් කලාම ටොයියන් වෙනවා කියලා බ්‍රේන් වොශ් කලාට....
මීට බයියෙක්.
අප්පමාදෝ ටොය්යොපදන්
සා රසගෙ අසාර කමෙන්ටුවකි. ස්තූතියි.
Deleteඉන්දික උපශාන්ත මහතාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ.....දන්නෝ බුදුන්ගේ ගීය ඔපෙරා ශෛල්‍යයට අනුව ගැයූ එකට විරුද්ධ වන්නේ "බයියෝ" පමණක් යැයි පවසන්නේ මොන පදනමේ සිටද ?
ReplyDelete:D :D
Deleteඑල ප්‍රශ්නයකි!
අන්න දීපන්කෝ උත්තර
Deleteඒක හරි... ඒ බයියෝත් මේ බයියාත් ඇර තවත් බයියෝද සිටිති...
Deleteමේ ටික ආයි කියවල වරෙන් මචෝ
Delete//මේ ගායනය දුටු, සම්භාව්‍ය බටහිර ගායනා ගැන නොව, අඩුම තරමේ ඒ සින්දුවේ පදවල අරුත කුමක්දැයි යන්න පව නොදත් මීහරක් සමාජ ජාල වල එළි බසින්නට වූයේ අනේ අපේ මහා සම්මත බොදු බැති ගීය උලා කෑවායි කියමිනි.//
මෙහි මීහරක් යනු බය්යන් ( පමණක් ) නොවේ.
This comment has been removed by the author.
ReplyDeleteනිදහස්(?) උත්සවය කියන ගොං පාට් එක ඇතුලේ තවත් එක ගොංපාට් එකක්
ReplyDeleteඅනිව.
Deleteමරු විචාරක් බන්.. නොදන්න මගුල් කියවනට වඩා හොදයි නිකන් ඉන්න එක අපේ රටේ ගොන් බයියලට කරන්න බැරිත් ඕකනේ..මොකක් හරි වචන කෑල්ලක් ඇහිදන් යටි ගිරියෙන් ගෑ ගහනවා.
ReplyDeleteඅනේද කියන්නෙ. මුන් ඔක්කොම ආගමේ නාමයෙන් නොකරන්නෙ ඒක පිළිපැදීම විතරයි
Deleteබයියෝ සෙට් එක හින්දා ගිය පාර මට්ටු වුනේ මහන්ද ගොයියා.. මේ පාර ගෝඨයිබරයා.....
ReplyDeleteදැන් යුද්දේ අගය බැහැපු හින්දා ඒක වෙන්දේසි කරන්න බැහැ නෙව.. ඒක හින්දා තමයි මේ සිංදු කෑලි අරන් කෑ ගහන්නේ....
කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු...
Deleteඋඹ මේක බුකියෙත් ඇදලා තිබුනා... මගේ සත පහ මම මගේ බොගේ දැම්මා ඉතිරි කොටස ලබන සතියේ..
ReplyDeleteඉඳා කාලා වරෙන්... ඩිෂුම්.. ඩිග්... ඪිෂෑන්...
ඔව් බන්, අර බයිට් ෆියුචර් ද මොකද්ද පේජ් එකේ ගොන් පෝස්ට් එක දැක්කම තමා මට හිතුනෙ මුන් මේකට දඟලන්නෙ අර බෙලි ගෙඩිය වැටුනම භය වෙච්චි හාව වගෙ කියල.
Deleteමේ, උඹට නරක්වෙලා තියේ මේකටත් ලින්ක් එකක් දුන්නනම්...හැක්...
පළමු කරුණ නම්,
ReplyDeleteකලාව යනු කිසිසේත්ම දේශපාලනය හා සම්බන්ධ නොවිය යුතු දෙයක් බව මගේ අදහසයි. නමුත් අද උපතේ සිට මරණය දක්වා සෑම දෙයක්ම දේශපාලණීකරනය වී ඇති අප සමාජයේ කලාව පමණක් එසේ නොවීම යනු හීනයක් පමණි.
දෙවන කරුණ,
කරුණාකර මෙහිදී දේශපාලනය/ජාතිය/ආගම සම්බන්ධ විචාර, කමෙන්ට්ස් ආදී සියල්ල අත්හැර මෙම සිදුවීම දෙස පමණක් බලන මෙන් මා ඉල්ලා සිටිමි. එමෙන්ම රසිකලොජිස්ට් ගේ පහත ලිපියද කියවූවාට වරදක් නැත.
http://rasikalogy.blogspot.com/2016/01/blog-post.html
කෙසේ වුවත් මටනම් භාෂී මධුභාෂීණීගේත් කිශානි ජයසිංහගේත් වෙනසක් නොපෙනේ......
ඔබ අට වසර පමණක් සමත්වූ අයෙක් හෝ ආචාර්ය උපාධිධාරියෙකු වියහැක, නමුත් ඔබ හොරකමක් කලහොත් ඔබගේ සමාජ තත්වය/අධ්‍යාපන සුදුසුකම් ආදියෙන් එම හොරකම සාධාරණීකරණය කිරීමට නොහැක(කරුණාකර ලංකාවේ නීති පද්දතිය මේ සඳහා අදාල කර නොගන්න. මේ කථාකරන්නේ සමාජ සාධාරණය සම්බන්ධයෙනි).... ඔබ තවත් එක් හොරෙක් පමණි....
මින්,
Deleteඔබ හොරකම කල තැනැත්තා යනුවෙන් හැඳින්වූයේ මේ ගීයේ තනුව සොරාගත් ජෝන්ද සිල්වාවද, නැතිනම් සිල්වාගේ පද සොරාගෙන තනුවට අයිති බටහිර උරුවට ගැයූ කිෂානිද?
වැරදි දෙදෙනාමනම්, උඩ එකට යට එක කපා විමල්ගේ බින්දුව දමා මෙය නිෂ්ක්‍රිය කරමු.
මේවා අමුවෙන් කතා කරන්න බැරි බවයි අපේ නං අදහස.... ඒ නිසා මාර්තු 26 රෑට කතා කරමු......
ReplyDeleteඒ මොකද්ද බo ඒ සීන් එක?
Deleteසැහැල්ලු දේශයට පියමන් කරේ පළමු වතාවටය. ටිකක් අමුතුම රටාවක් දැක්කා . ඔබතුමා කියන කතාව ඇත්තම ඇත්ත.
ReplyDeleteස්තූතියි පැමිණීමට සහ අදහසට.
Deleteමේ ගීතය මීට පෙර බටහිර ජාතිකයකු විසින් බටහිර ඌරුවට ගායනා කර තිබෙනවා. මා හිතන්නේ එම ගීතය තවමත් ගුවන්විදුලි සංස්ථාවේ ඇති කියා.
ReplyDeleteනිදහස් දිනයේදී මේ ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීමයි මෙතනදී ඉස්මතු වන්නේ. එයට හේතුව නිදහස ගැන අපේ තිබෙන ආකල්ප සමග මේ ගීතය නොගැලපීමයි.
මේ ගායිකාව ලංකාවේ සංදර්ශනයක් පවත්වා, බටහිර ඔපෙරා ගීත සහ ඔපෙරා ශෛලියට ගැයීමට හැකි සිංහල ගීත කීපයක් ගායනය කරන්නේ නම් හොඳ සංවාදයකට මුලපිරෙනු ඇති.
නිදහස ගැන අපේ ආක්ල්ප වල ඇති දීනකම තමා මේකට මුල.
Deleteගීතය අහන්න ලැබුනෙ නෑ. යූ ටියුබ් එකේ ඇති. පස්සෙ අහන්න බැරියැ.
ReplyDeleteමේ ගීතය අනුරාධපුර වර්ණනා කරන ගීතයක්. ඒ ගැන විවාදයක් නෑ.
දන්නෝ බුදුන්ගේ ගීතය ප්‍රසිද්ධ ගායක ගායිකාවන් බොහෝ දෙනකු විසින් ගායනා කර තිබෙනවා. ඒ ගායනා එකකට එකක් වෙනස්. (මමනම් කැමතිම මොහිදින් බෙග් ගායනා කරන ප්‍රාණවත් විලාශයට.)
ඉස්කෝල වල උත්සව වලදි ලමයින්ව පුහුණු කරල ගායනා කරනවා. ඒවත් තවත් වෙනස් ශෛලීන් වලින් ගායනා කෙරෙන්නෙ.
මෙහෙම ශෛලීන් ගණනාවකින් ගායනය කරන ලද ගීතයක් (අයිතිකාරයෙක් නැති ගීතයක් වගේ එකක්) කාට හරි හිතුනෙත් ඔපෙරා ක්‍රමයට හරි පිරිත් වගෙ හරි ඔරසන් වගේ හරි ගායනා කරන්න, එතන ලොකු වෙනසක් දකින්න අමාරුයි.
නිදහස් උත්සවයේදී නැවතත් අධිරාජ්‍යවාදීන්ගෙන් අපට උරුම වෙච්ච ශෛලියක් අනුගමනය කිරීමේ නොගැලපෙන බව ඇත්තක්. ඒත් අද වෙනකොට බටහිර සංගීතය අපේ ජාතික සංගීතය වෙලා, පාන් වගේ බටහිර කෑම අපේ ජාතික ආහාර වෙලා.
මතකයිද “ලොවේ සැමා එකම දැයේ“ ගීතය?
ප්‍රශ්නය ඒක නෙවෙයි. මේක බුදු ගුණ ගීතයක් කියල හිතාගෙන ඒක රැප් කිරීම හෝ ඔපෙරා ශෛලියට ගායනා කිරීම ගැන විවේචනය කිරීමයි.
ඕක මොකක්ද කියල හිතෙනවා සමහර අය ලෝ වැඩ සඟරාවෙ කවි පද බුදු වදන් කියල හිතාගන ලියපු දේවල් දැක්කහම.
ශනි,
Deleteඋඹ මම මතුකල දේ නියම තැනින් හසුකරගෙන තියෙනව. මේ තවත් එක් ගීයක්, මෙහි ජාතික හෝ ආගමික අභිමානයකට ලක් කල යුතු කිසිවක් නෑ. ඒ නිසා මෙහෙම ගීයක් එවන් උසස් ගායිකාවගේ හැකිය්වා නිදහස් දින රටට පෙන්වීමට තෝරා ගැනීම අන්තිම වැරදියි.
http://nelumyaya.com/?p=5178
ReplyDeleteස්තූතියි අජිත්
Deleteසිරි ලංකාවනෙ ඉන්දික... අමුතුවෙන් පුදුම වෙන්න දෙයක නෑ ඕකෙ...
ReplyDeleteඅර මාතලන් කියන්නැහෙ මේක අම්මටසිරි ලoන්කාව.
Deleteමේ සින්දුවේ තේරුම විග්‍රහ කර දුන් සිංහයාට ප්‍රණාමය.. ඇත්තටම මම ඔය සින්දුවේ තේරුම දැනගෙන හිටියෙ නෑ කියන එක ලජ්ජාවෙන් නමුත් කියන්න ඕන.. ඕක අවුලක් නෑ කියන මතයේ මම ඉන්නේ. සාකච්චා කරන්න, වාද විවාද කරන්න තරම් දේවල් නෙවෙයි මෙව්ව ඇත්තටම... ඉස්සර බොහොම දරුණු ගණයේ මාතෘකා ගැන වාද කරන්න ඉඩ හසර සලසල තිබ්බ ආණ්ඩුවක් තිබ්බෙ (කොච්චර දරුණු උනත් එව්ව ගැන එකෙක් කට ඇරියේ නෑ.. එකෙක්) දැන් ඉතිං මොකෙක්ට හරි පොඩි පඩයක් ගියත් එක විවේචනය කරන්න ඒ ගැන විවාද කරන්න "මහින්ද හිටිය නං ඔහොම වෙන්නෙ නෑ.." කියන්න කට්ටිය ඕන තරම්...
ReplyDeleteමේක තමා සජ්ජ අපි පැතූ වෙනස. රටේ මිනිස්සු රටේ වෙන දේට සoවේදී වෙන්න ඕන. නමුත් මුන් ප්‍රශ්ණ පටලවගෙන තියෙන්නෙ. ඒකයි එකම අවුල.
Deleteඉන්දික, කිවුවත් වගේ අනික් හැම අංගයක්ම වෙනත් රටවලින් කොපි කරපු උත්සවේකට ඔපෙරාවක් ගැයුවම මක්ක වෙනවද? එහෙමයි කියල ඉතින් හැම ගීයක්ම ඔපෙරා ශෛලියෙන් රස විඳින්න ඇහැක්යැ? රසවඳීමත් ඉතින් රසිකයගෙන් රසිකයට සාපේක්ෂ වෙච්චී.
ReplyDeleteඒකනෙ බන් කියන්නෙ. අපේ අපේ කිව්වට අපි අපේද?
Deleteඔය බෞද්ධයන්ගෙන් තමා බේරෙන්න බැරි. දවසක් සිවුරුකාර ගැටයෙක් අපේ ගෙදර වැඩල කියනව, (මං අපරාදෙ උන්දැට සුදු රෙද්දකුත් දැම්ම පුටුවෙ වාඩිවෙන්න)
ReplyDelete"උන්දැලගෙ පංසලේ මොකද්ද ලෝකෙ තියෙන ලොකුම එකක් හදනවලු. ඒකට ආධාර එකතු කරන්නලු ආවෙ. බෞද්ධ ගෙවල් වලට උන්දැල දෙනවලු රත්නමාලි යන්ත්‍ර රාජයෙක්. දැනට එව්ව පංසලේ තියාගෙන එකසිය අටවාරයක් පිරිත් කරනවලු. සාම්පලයක් ගෙනාවලු පෙන්නන්න. ඒකක් එක්දාස් පන්සීයයිලු. දැන් හස්සිය පණහක් දීල බුක්කරගන්නලු...." ඔය ආදී වශයෙං.
මං කිව්ව මෙන්න මේ කරුණු ටික.
යන්තර ජීවං කරල දෙන එක හොඳයි කට්ටඬියන්ට
හුමුදුරුවන්ට තියෙන්නෙ බුදුන් වදාළ ධර්මය ගිහියන්ට තේරුං කරල දී සසරෙ දුක අවබෝධ කරල දීල, එකෙන් මිදෙන්න මාර්ගය අවබෝධ කරගන්න උදව් කරන එක.
තමුංගෙ පන්සල කියල එකක් නෑ. අභයගිරිය ඇර අනික් හැම පංසලක්ම පූජ කරල තියෙන්නෙ සිව්දිගින් වඩින සංඝයාටය.
පංසල් වල ලෝකෙ ලොකුම එක හදන්නෙ පුද සත්කාර, ආධාර ආදිය කඩාවඩාගන්න බිස්නස් චේතනාවෙන්ය.
ඒකෙන් වෙන්නෙ තෘෂ්ණාව වැඩි වෙලා, හාමුදුරුවන්වත් සසරට තව තවත් බැෙඳෙන එක.
ඔය ටික කිව්වහම උන්දැ ෂේප් වෙලා ගියා. කහ සිවුරක් දාගෙන උන්නෙ නැත්තං මං එක හිතින්ම, හිත හදාගෙන කණ පැලෙන්ඩ ගහනව උන්දැට.
ඕං අපේ බෞද්ධකම. බෞද්ධයික කියන ගෙවල් කීයකට ගිහිං මුන්දැ තමුංගෙ මඩිය තරකරගන්ඩ ඇද්ද කියල හිතුන.
බුදුදහමත් ප්‍රශ්න කරන්න හොඳ නෑ කියලයි මුං හිතාන ඉන්නෙ. වචන කෑල්ලක් ඇහුනනං, කහ රෙදි කෑල්ලක් වැනුනනං, ඒකට ගිහිං වැඳගත්තහම සසරෙං එතෙර වෙන්න පුළුවං.
ඒ කාලෙ ඒව ලොකුවට හැදුවම මැජික් උනාට දැන් එහෙම නෑ ක්යල ඔය ගොන් වහන්ස්සෙලට තේරෙන්නෙ නෑ නෙනෙම්යි, තුන් ගන්න ඕන නෑ. මොකද ඕව හදනව කියන්නෙ අර උඩන් නඩුවක් ගත්තු ලෝයර්ට වගේ තමා.
Deleteසැහැල්ලුව සැහැල්ලුවෙන් කියවූවේ අදයි. නියම විග්‍රහයක් ඉන්දික.
ReplyDeleteජය වේවා !!!
බ්ලොග් ලියන පිරිසත් මේ වගේ දේවල් ලියනකොට මන්ත්‍රීලට ආයෙත් වාහන බලපත්‍ර දීම්,මාමා අතෑරලා දාපු වාහන එක්දාස් ගාන බෙදල දීල සල්ලි ඉතුරු කරගන්නවා කියපු කීම් එහෙම යට යන එක සරළව සිද්ධ වෙනවා.. අවුලක් නෑ ඉතිං... සිංදුව ගැනම කතා කර කර ඉමු.. ඊලඟටත් එයාල දෙන මාතෘකාව ගැන කතා කරමු.යටින් මක්ක උනත්..
ReplyDeleteජයවේවා..!!