ජීවිතය යනු පුදුමයන්ගෙන් පිරුණු තැනකි!
අදින් වසර දහයකට පෙර ආ සුනාමිය ගැන, එයින් වූ හානි ගැන පොදුවේ සහ පුද්ගලිකවම වූ බලපෑම ගැන ඇති පදම් ලියැවී තිබේ. මමද ලිව්වෙමි.
මේ එවන් සුනාමිය නිසා වූ සෘජු හානියක් ගැන විස්තරයක්, කථාන්තරයක් නොවේ.
හරි පුදුම ජීවිතයේ සමුගැනීම් මෙන්ම හමුවීම්ද ඇතිවන්නේ නොසිතන විදිහටමය.
මෙයට දස වසරකට පෙර, යම් කිසි පිනකින් සුනාමි ව්‍යසනයෙන් ගැලවීමට හැකිවීම ගැන මා පෙරත් කීවෙමි. ඒ, වාර්ෂික විනෝද චාරිකාව යාමට දකුණු ලක මුහුදු තීරයේ හෝටලයක් සොයා ගන්නට නොහැකි වීම නිසාම, අකමැත්තෙන් මුත් සිංහරාජ මායිමේ වැද්දාගල ඉකෝ ලොජ් එකකට ගාල් වූ කථාවයි.
අප ගිය මේ සුන්දර ස්ථානය, සැබැවින්ම නිවාඩුවකට කියාපු තැනකි. එහි බාහිර කරදර, රූපවාහිනි මලදාන, විදුලිය පමණක් නොව එකලනම් ජංගම දුරකථන සඥාද නොතිබුනි. එපමණක් නොව, ප්‍රධාන මාර්‍ගයේ වාහන නවතා, සොඳුරු අඳුරු වනපෙතක් මැදින් කිලෝමීටර භාගයක් පමණ ඇතුලට වන්නට, පාගමනින් පමණක් යා හැකි තැනෙක ඉතා සිහිල් ගලා යන දොළ පහරක් අසබඩ මේ කදිම නවාතැන පිහිටා තිබුනි.
ඒ දොළ පහරෙහිද මඳක් විශාල වක්කලමක් සෑදී තිබූ නිසා එය තවත් අගනා ස්වභාවික තටාකයක් විය. දොළ පහරින් එගොඩ වූ ගසක් හරහා කඹයක් බැඳ, ඒ මතින් යන්නට, ගස් අත්තක් උඩ සිට වතුරට පනින්නට, ගෙන ගිය රබර් ටියුබයන්ට බැස දොලේ පාවෙන්න්ට, ඈ මෙකී නොකී ජල ක්‍රීඩාවන්ට ඉතාම ආරක්ෂිත සහ ආකර්ෂනීය එවන් ස්ථාන මට හමුවී ඇත්තේ කිහිපයක් පමණි.
එපමණක් නොවේ! දොළට ඉහලින්, කන්ද කපා සාදා තිබූ පිටිය දහවල ක්‍රිකට් ක්‍රීඩාවටත් රාත්‍රයියේ ගිණිමැලයක් වටා වාඩිවී ගී ගයා නැටීමටත් කදිම තැන්නකි. අසල අපේ හඬ අසන්නට ඇත්තේ වල් සතුන් පමණක් නිසා, අපි වල් සතුන් මෙන් එහි ගී කියමින් සතුටු වුනෙමු.
සරළ, එහෙත් අවශ්‍ය සියළු පහසුකම් සහිත වූ, කන්ද උඩට වී තිබූ කාමර, ඉතාම අගනා සහ වෙනත් තැනෙක නුදුටු කළාත්මක සිවිලිමක් සහිත පිහිටි ගල් මේස සහ පුටු බවට පත්කල භෝජනාගාරය, ගං ඉවුරේ වූ ටෙන්ට් සහිත කෑම්ප් සයිට් එක, ඒ සියල්ල සමඟ ආ රසවත් ගමේ කෑම...! මොන අඩුවක්ද?
එදින, අප එම නවාතැනේ සිටියදීම එහි පැමිණි, සිහින් උස සිරුරක් සහිත් සුහද පුදගලයකු වූ එහි හිමිකරු, අප සිංහරාජ නැරඹීමට ගොස් එන අතරතුර, සුනාමි ආරංචිය නිසාම පිටව ගොස් තිබුනි.
පසුදින අපද ඉන් පිටවිය.
ඉන් පසුත් "සිංහරාජ ඉකෝ ලොජ්" පිළිබඳ මතක ගිලිහුනේ නැති වූද, එය සොයා එහි යාමට අවස්ථාවක් නොලද්දෙමි. නමුත් එහි අසිරිය, රසය අප සමග එහිගිය මා, නාළක ඇතුළු අප සැම සිත්තුල සදා රැඳී තිබුනි.
දස වසරකට පසු, එදා කඩිමුඩියේ පිටව ගොස් තිබූ, දිනෙක හමුවන්නට බලා සිටි හිමිකරු යළි හමුවිය.
සත්‍යලෙසම කිවහොත්, අප හමුවී බොහෝ දිනක්, කතාබස් කලද මේ මා ආශාවෙන් සිහිපත් කල ඒ සොඳුරුනවාතැනේ හිමිකරු තමා යැයි ඔහු කීවේ නැත.
නමුත් එක් අහඹු කතාවක් ඇදී ගොස්, අවසන ඔහු ඒය තමාගේ යැයි කීහ.
එය සත්‍ය ලෙසම සතුට ගෙන දෙන ආරංචියක්ම වන්නේ නොවේද? නැත, ඉන් මොහොතකට පසු ඔහු කී දෙයින්, ඒ සතුට සුණු විසුණු විය!
ඒ, සිංහරාජ රේන්ෆොරස්ට් ඉකෝලොජ් හි අවසාන අමුත්තන් අප වූ බැව් ඇසීමෙනි!
සුනාමිය, කළුතර පයාගල මුහුදුවෙරළට ඔබ්බෙන්, කළවාන වැද්දාගලට වැදී ඇති බව කෙලෙස සිතන්නද? සුනාමිය පැමිණ තලා පෙලා දමා තිබුනේ සිය පයාගල නිවස පමණක් නොව, ඒ සමග බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය විසින් ඒ වනවිට පීදෙමින් තිබූ සිංහරාජ ඉකෝ ලොජ් පවා තලා දැමීයයි ඇසීමම දැඩි කම්පනයක් ඇතිකල පුවතක් විය!
දැන් මේ සමස්ථ කතාව ඔබට වැදගත්වන්නේ ඇයි? එහි ඇති මාකියූ පුදුමය කුමක්ද?
පුදුමය, ඔහු මට දසවසරකට පසු හමුවන්නේ බ්ලොග් පිටු අතරින් වීමයි!
පිරුණු කලේ හඬ නැත. ඉතා නිහඬ නමුත් හොඳ හඬක් ඇති, සංචාරක ක්ෂේත්‍රයේම රජයේ ඉහල තනතුරක් දරන මේ සොඳුරු මිනිසා, දම්පාට දේදුන්න ලියූ ජීවන, මේ දෙසැම්බර් 26 දින සටහන උඹ වෙනුවෙන්මයි.!
පුලුවන්නම් අපි ආයි ඉකෝ ලොජ් එක පටන් ගමු, මේ බ්ලොග් වල, මූණු පොතේ, හොරකම වෙනුවට හොඳනම විකුණන්න හැකි උඹට උදව් කරන්න බොහොමයක් මිනිස්සු ඉන්නව.
හැබැයි, ඒ සේරටම කලින් ආයි බ්ලොග් එක ලියහන්...මොකද සිංදු ගැන ලිව්වට සංගීතෙ ගැන ලියන්නෙ නෑ කවුරුත්.
මේ පින්තූර සිංහරාජ ඉකෝ ලොජ් එකේදි මා ගත් ඒව නොව ජීවනගේම මූණුපොතේ ඇලබමයෙන් හොරාගත් ඒවාය.
සුනාමියෙන් පස්සෙ ලංකාවෙ තිබිච්ච ඔයවගේ බොහෝ ව්‍යාපාර විනාශ වෙලා ගියා. සමහර ඒව ආපහු ගොඩ ආවත් තවත් බොහෝ ඒව නැත්තටම නැතිවෙලා ගියා. මේ වගේ තැනක් නැවත ගොඩනගන්න පුලුවන්නං ඇත්තටම ලොකු සේවයක්. ඒකට අවශ්‍ය ජීවනය ජීවනට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteඉන්දික මචෝ, මුලින්ම සමා වෙයන් මා ගැන ලියලත් කොමෙන්ට් එකක් දාන්න මේ තරම් ප්‍රමාද උනාට. කොමෙන්ට් එක ලියන්න පමා වෙන්න හේතු දෙකක් බලපෑවා. පාලම් වන්න මේ නත්තල් දවස් වල මොනවා හරි කියවනවා මිසක් ලියන්න තරම් හොඳ සිහියක් නොතිබීම. ( කොයි වෙලෙත් ඇවිදින්නේ පොලවට රිදෙයි වගේ) අනෙක පශ්තාත් සුනාමිය කියන්නේ මම මතක් කරන්න අකමැතිම කාල වකවානුවක් වීම.
Deleteසුනාමියෙන් බොහෝ දේ අහිමි උනත් ඒ භෞතික දේවල් සියල්ලම වාගේ මේ වනවිට නැවත ගොඩනගාගෙන ඉවරයි. ඇත්තම කියනවා නම් පලවෙනි සුනාමි සංවත්සරය වෙනකොට සියල්ල ගොඩ නගාගන්න පුළුවන් උනා. නමුත් පසු සුනාමි කාලෙයේ බිඳ වැටුණු මානුෂීක සම්බන්ධතාවයන් තවමත් සිත් රිද වනවා. එදා මා සමග සිටි සිය ගණනක් යාළුවන් සුනාමි රැල්ල අරන් ගියා. අද ඉන්නේ ඒ රැල්ලෙන් බේරුණු දෙතුන් දෙනක් විතරයි. තුන් හාරසියයක නෑ පරපුරක් අතරිනුත් ඉතිරි උනේ අතේ ඇඟිලි ගණන ටත් අඩු කිහිප දෙනෙක් විතරයි. සුනාමිය ඒ ඔක්කොම අරන් ගියා. මේ විස්තරය ගොඩක් දිගට ලියන්න නේ වෙලාවේ බැහැ. ඉක්මනටම සුනාමි අත්දැකීම සහ පසු සුනාමි අරගලය අකුරු කරන්නම්.
එදාට වඩා අවුරුදු දහයක් මුහුකුරා ගියාට පස්සේ අද මම ලෝකය දෙස බලන කෝණය ගොඩක් වෙනස් වෙලා.
සුනාමිය ඇත්තටම ජීවිතය සැහැල්ලු කලා. ලොකු බලාපොරොත්තු නැති කලා. සරල පැවැත්මක් ඇති කලා. මේ දේවල් ජීවිතයට ගෙනත් තියෙන්නේ නියමම සතුටක් සැහැල්ලුවක්.
මචෝ දෙලක්ෂයට සුබ පැතුම්.
තව සති දෙකක් දීපන් ආයෙත් සන්ගීතය ගැන ලියන්නම් අටවෙනිදට පස්සේ.
ප්‍රසා,
Deleteඇත්ත, මේක කියපු විදියට මේ ගොඩනැගිලි සේරම දැන් පොලවට පස් වෙලාලු! බලමු ආයි ගොඩගන්න අ යන්නෙන්ම පටන් ගන්න වෙනව, නමුත් අඩු ගානෙ කෑම්ප් සයිට් එකක් විදිහටවත් මුලින් පටන් ගන්න බැලුවනම් තමා හොඳ.
ජීවන, දැන් වෙරි හිඳිල නැතෑ, බුකියෙන් අයින් වෙලා මේ පැත්තෙත් ඇවිත් යන්ඩ වර.
අප්පට සිරි ජීවනයා , දම්පාට දේදුන්නේ කොල්ලා ,, "එල "වෙන මොනවත් කියන්න බෑ ,
ReplyDeleteදේදුන්නෙං සමනලියක් ඇරං මාත් එනවා !!
Deleteඉවානය, ඔය ඔරු පදින්නෙ මේක තමා.
Deleteපම. උඹ නරක සමනළයෙක් එහෙම එක්ක යන්න එපා, මේ නරක කාලෙ.
ටෙක්නොලොජි දියුණු වෙන්න වෙන්න ඒවා අපිට වාසියක් වෙනව වගේම මහ අවාසියක් වෙන වෙලාවලුත් වැඩියි... අපිත් ඔය ට්‍රිප් එකක් ගියාම හොයන්නෙ ටීවී නැති තැනක්.. මොකද නැත්තං කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ හරි එක එක කතා වලට වාඩි වෙනව... ෆොන් සිග්නලුත් නැති වෙනව නං තමයි දැං නං වැඩියම හොඳ.. මොකද නැත්තං අවුරදු 10 ඉඳන් ඔක්කොම එක එක තැන් වලට වෙලා ෆොන් එකේ එල්ලිලා ඉන්නවා මං දැකල තියෙනව... අනිත් එක ලංකාවෙ ගොඩක් කට්ටියට දැං කැලෑවකට ගියත් ඒසී ඕනෙනෙ...
ReplyDeleteමේකෙ හොඳම අත්දැකීම තිබ්බෙ අර චන්ද්‍රිකාෙග කාලෙද කොහෙද රෑට පැයක් කරන්ට් කපපු දවස්වල.... මාර ජොලි.... හි හි....
ව්‍යාපාරයකට දෙන්න පුළුවන් හොඳම අතහිත මේක තමයි ඉන්දික.... හිත හොඳින් දෙන දේකට, හිත හොඳින් හොඳයි කීම දෙන්නටම පුදුම සන්තෝසයක්... ආඩම්බරයක්... ශක්තියක්...
ස්තූත්යි හිරුවො කමෙන්ට් එකට. ගෙදර දාඩිය දාගෙන ෆෑන් එකේ ඉඳල ට්‍රිප් ගියාම ඒසී හොයන්නෙ ඇයි මන්ද! හොඳට හුළං ඒනවනං, මදුරු දැලක් තිබ්බනං ඒ ඇති. අපි මේ වගේ තව මරු තැනකට ගිය පාර ගියා සනිල්ක එස්ටේට් කියල තනමල්විල. වෙලාවක ලියන්නං.
Deleteසෑහෙන වතාවක් සිංහරාජ ගිහින් තිබුනත් මේ කියන තැනට ගිහින් නැහැ. අපි හැමදාම වගේ නතර වෙන්නේ මාටින් ලොක්කගේ ප්ලේස් එකේ...
ReplyDeleteසුනාමි විසින් නැති වෙච්ච දේවල් අතරින් ආපහු ගොඩ නගන්න පුළුවන් දේවල් තියෙන්නේ ටිකයි.
ඒ නිසාම එකෝ ලොජ් එක නැවත විවෘත වේවා කියල මමත් පතනවා.
සිංහයෝ, උඹත් බලාගෙන ගියාම කැලේ කොලේ කරක් ගහන්න කැමති එකෙක් වගේ...
එළ...
මාටින් ලොජ් එක සිංහරාජෙ යන උන්ගෙ ප්‍රියතම ස්පොට් එකනෙ. මමත් කැලේ කොලේ යන එකෙක් තමා බං, ඒත් ඉතින් දැන් බඩවියතට කාන්තාරේ වේලෙනව.
Deleteමුලින් කියනවා මෙහෙම.
ReplyDelete'අප ගිය මේ සුන්දර ස්ථානය, සැබැවින්ම නිවාඩුවකට කියාපු තැනකි. එහි බාහිර කරදර, රූපවාහිනි මලදාන, විදුලිය පමණක් නොව එකලනම් ජංගම දුරකථන සඥාද නොතිබුනි.'
ඊට පස්සේ කියනවා මෙහෙම.
'අකමැත්තෙන් මෙන් සුනාමිය නිසා හනික ආවා මිස, හැකිනම් වැඩිපුරත් රැයක් එහි සිට එනතරමට අප කා හටත් හිතට ඇල්ලූ ඒ අති සොඳුරු නවාතැනට නැවත යාමට මම බොහෝ කල් සිට සිතා සිටියෙමි.'
දැන් එතකොට උපසේනලා කොහොමද දැන ගත්තේ සුනාමිය ආවා කියලා?
සුනාමිය ඔය වෙරළ තිරයට කඩා වදින්න යම්කිසි කාලයක් ගත්තනේ නැගෙනහිර වෙරළට කඩා වැදීමෙන් පසු. ඒ කාලය තුලද ඔතනින් පිට උනේ? ඒ කාලය තුල පිට උනා නං ඒ කියන්නේ සුනාමිය පැමිණි විගස,පැය භාගයක් යාමට පෙර ඔතනින් පිටවිය යුතුයි. එසේ යාමට නම් සුනාමිය ගැන සම්පුර්ණ විස්තරයක් දැන ගන්න එපයි. එහෙම ඉක්මනට දැනගන්න නං ෆෝන් එකට සිග්නල්,විදුලිය තියෙන්න එපයි. මොකද කවුරුත් ඊට කලින් සුනාමිය ගැන දන්නේ නෑනේ. ඉතිං එතකොට මොකක්ද මේ සුනාමිය කියලා දැනගෙන යන්නත් යම්කිසි කාලයක් යනවා.
ඒ නිසා උපසේන නිකං බොරු කයිවාරු ගහන්න එපා. මේක නිකං මාත් සුනාමියට අහුවෙනවා තව පොඩ්ඩෙන් කියලා කියන්න ඔනිකමට ඇරපු කෙබරයක්.
ඇමරිකාවේ 9/11 ප්‍රහාරය ටීවී එකේ දැකපු උපසේන ඒ කාලේ කියපු කතාවක් අපිට හොදට මතකයි. ඒ සීන් එක දැකපු උපසේන ඇවිත් කිව්වා තව ඩින්ගෙන් මාත් ඕකට අහුවෙන්වනේ කියලා. අපි කල්පනා කරා,මේ ඇමරිකාවේ පළාතේ ගිහිල්ලා නැති මේ කයිවාරුකාරයා කොහොමද මේ ප්‍රහාරයට ලක්වෙන්නේ කියලා. ඒ පාර මිනිහා කියනවා,ඌට ටික කාලෙකට කලින් ඇමරිකාවේ යන්න චාන්ස් එකක් හම්බ උනාලු,ඒ උනාට පොර ගියේ නැහැල්ලු. ඉතිං ඒ වෙලේ ඇමරිකාවේ හිටියා නං,සමහර විට ඒ ප්‍රහාරය වෙලේ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්‌ථානය තුල ඉන්න ඉඩ තිබ්බා කියලා. අනේ මෙහෙමත් කයිවාරුකාර ගොනෙක්.
@ AnonymousDecember 26, 2014 at 7:19 AM
Deleteඇනෝ මිත්‍රයා මොකක් හරි පරණ තරහක් අල්ලනව වගේ කියල හිතෙන්නේ.. ඔය කියන විදියට නැගෙනහිරට සුනාමිය වැදිල දකුණට එන්න කලින් පැය බාගේ ඇතුළත පැනල ගිය කතාවක් වත්.. සුනාමියේ 'මූදු රල' කලවානට ආපු කතාවක්වත් මෙතන නෑ නේද? එක්කෝ ඔබතුමාගේ සිංහල තේරෙන එකේ පොඩි අවුලක්ද මංදා.. සුනාමිය නිසා පයාගලින් කඩා වැටිච්ච ජීවනගේ ජීවිතයයි සංචාරක ව්‍යාපාරයයි නිසා වැද්දාගල, කලවානේ සංචාරක නිකේතනය අභාවයට ගිය කතාව ඔබ තුමා ටපලවගෙන වගේ. මේ පෝස්ට් එක නිසා සංවේදී වෙලා තිබ්බ හිත ඔබේ කොමෙන්ටුවෙන් ආපසු 'සාමාන්‍ය' තත්වෙට වැටුනා.. ඒකට ස්තූතියි.. අනේ.. ඔබටත් ජය ශ්‍රී!
ඇනෝ සම්පූර්ණයෙන්ම වලිගෙ පාගගෙන දාපු කමෙන්ට් එකක් බං.. මඩක් ගහන්ට/ තරහක් පිරිමහන්ට වුනත් කමෙන්ට් එක දාන්ට කලින් මේ පෝස්ට් එක කියෝලා හිටියා නම් ඇනෝට මෙච්චරම නෝන්ඩි නොවී ඉන්ට තිබුනා.. :-D
Deleteසිංහල බ්ලොග් ආංකල් වීමට මේ වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කොමෙන්ටුකරුවනුත් ලොකු හේතුවක්.
Delete"අයියන්ඩියේ උඹ ඇවිදින් ගිය දවසේ , ගිනි අවිලුණා කැනි මඬලට අපෙ නිවසේ" - අලි බොරුද කොහෙද , එහෙනම් දුමක්වත් ආවෙ නැත්තෙ...
හරි හරි … එහෙටත් ඇවිත් යන්නං :D නාඬ ඉන්ඩ බොස්..
Deleteපත්තරේ උබේ සහන් බොස් ඇනෝ ඇවිත් වගේ.
Deleteඇනෝ නමට නම්බුවක් දුන්නේ බුට් සහ සින්දු
Deleteඋඔලා වගේ ඇනෝලාට ගහලා පන්නන්නෙ නැත්තේ උන් දෙන්නට තියන රෙස්පට් එකට යකෝ මමත් ඡිමෙල් එකක් නැති කාලේ ඇනෝ දැම්මා මෙතන කැ# ගද ගසසන්න එපා.
ඇනෝ, මින් පස්සෙ නැට්ට උස්සගෙන හරි බෙල්ලෙ ඔතාන හරි පළයන්, එතකොට උඹට ඕක පෑගෙන්නෙ නෑ!
Deleteසපා, මොකද්ද බං "ආංකල්" වෙනව කියන්නෙ?
ඉන්දික අපි ලක්ෂ දෙක සමරමු ඒළට ම හරිය........................
ReplyDeleteහිට්ස් කන්නද බං, කමෙන්ට් ඕනෙ, කමෙන්ට්. ඒව තමා හය්ය දෙන්නෙ.
Deleteමේ අපි ඉන්නෙ ලොකු අයියේ
Deleteසුනාමි .... දසවසරකට පස්සෙ ඒකත් දැන් එක මතකයක් විතරයි ඉන්දික. ඒත් ඒක විඳපු දවස්වල නම් ..... විස්තර කරන්න අපහසු හැඟීම් රාශියක්. එක්වරම ඇතිවුණු සිදුවීම් මහා ගොඩක්. සාමයෙන් ගලාගෙන ගිය ජීවිතය මොහොතකට එකතැන නතර උනා වගේ. මිනිස්සුන්ගෙ ජීවිතවලට ඒක එක එක විදියට බලපෑව. සමහරු විනාශ උනා. සමහරු ගොඩනැගුනා. කොහොම උනත් ඒ වගේ රුදුරු අත්දැකීමකට කිසිවෙක්ට නැවත මුහුණ දෙන්න වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteඅනිව, සුනාමිය වෙනස් කරපු, විනාස කරපු දේ ගැන ආයි ලියන්න ලියන්න රිදෙනව.
Deleteපහුගිය ටිකේ ජීවන ව දැක්කේ කොමෙන්ට් වලින්.. සිංහයෝ පටන් ගමුද ප්‍රොජෙක්ට් එකක් ජීවන ගේ මොරාල් අප් කරල ආපහු මේක ගොඩ දා ගන්න.. බ්ලොග් කාරයොන්ගේ ගෙට්ටුවක් තියන්න කියාපු පොට් එකක්..
ReplyDeleteදෙසැම්බර් විසි හය අමතක කරන්න බැරි දවසක්.. 'පියර් එක දිගේ' පීනගෙන ගිහින් 'රණවික්‍රම' බේරගත්තේ.. එදා තමයි ඉස්සෙල්ලාම නැවක අණදෙන නිළධාරියා විදියට වැඩ බැලුවේ.. Lieutenant XXXX assume temporary command SLNS Ranawickrama and sail off Trinco keeping...
එදා අහිමි වෙච්චි සහෝදර ජීවිත වෙනුවෙන් අදත් කම්පා වෙනවා.. ඒ හැමෝටම නිවන් සුව ලැබේවා..
අන්න හොද යෝඡනාවක්..ගෙට්ටුවට මුලින්ම දාපං මගේ නම..නාකි සුද්දියන්ට හෙලුවෙන් ඉන්න කියලා මම එනවා
Deleteකමිය, ඔව් බං ගෙට්ටුවක් දාන්න හොඳ, මූ මේක අටෝගත්තනං. බලනකොට සුනාමියෙන් හොඳ දේවලුත් වෙලානෙ බොල...හැක් හැක්..!
Deleteමෙන්ඩ, අගෝස්තුවෙ සෙට් වෙමුද එහෙනං?
අනිවා අයියන්ඩි අනිවා..එනවා..මම මේ අවුරැද්දේ තනතුරෙන් එක පියවරක් ඉහලට යනවා එතකොට ලියුමේ දානවාලු පැ 24 ම ඡංගම දුරකතනය ක්‍රියාත්මක කර තිබිය යුතුයි කියලා..
Deleteමගේ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කියලා කියනකොට බෝසාගේ මුන හිතින් මවාගෙන ගහනවා තව ගල් ෂෙට් එකක්..
මම මේ පෝස්ට් එකේ තිබ්බ මුල් ෆොටෝ ටික දකිද්දී හිතුවෙ මේ කියන ට්‍රිප් එකට ඉන්දික අයියල එක්ක ජීවන අයියත් සෙට් වෙලා ගිහින් කියල. අන්තිමටනෙ දන්නෙ මේ විත්තියක්. ඇත්තටම මේ බව කීව එක ගොඩක් වටිනව. ඒ වගේම මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ මගෙ බ්ලොග් එක ගැන වෙනමම ලිපියක් එතුමාගේ බ්ලොග් එකේ (දම්පාට දේදුන්න) පළ කරල මම වගේ නවකයෙක් ගැන සිංහල බ්ලොග් කරුවන් සහ පාඨකයන් දැනුවත් කරන්න එතුමා දීපු සහයෝගය ගැනත්. ජීවන අයිය ඒ කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නෙ නැහැ. නැවත වතාවක් එකෝ ලොජ් එක ආරම්භ කරන්න සියළුම ශක්තිය සහ සහයෝගය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව ජීවන අයියට. ඉන්දික අයියගේ බ්ලොග් එක බැලුවට අද තමා කමෙන්ට් කලේ :). ජය වේවා!!!
ReplyDeleteතෑන්ක්ස් මනා කමෙන්ට් එකට. උඹෙ ගිටාර් පාඩන් නිසා මට දැන් ගිටාර් එකේ මරුවට බෙර ගහතෑකි. විහිළුවට කොල්ලො කිව්වෙ, අර ඇඟිලි තියාගන්න තාම අවුල් ( ඇඟිලි ගහනව වගේ නෙමේනෙ බං ). ජීවත් හෙන ගිටාරිස්ට්, දැක්කනෙ උඩ පින්තූරවල ඉන්නව හිරමනේ උළුක්කු කොරාන.
Deleteකාලය ගතවුණු ඉක්මන. අවුරුදු දහයක්!
ReplyDeleteකලවාන සහ වැද්දාගල කියන්නේ බස්වලින් නම් දුර පලාත් දෙකක්. මං කලවානට විසිතිස් සැරයක් ගිහින් තිබුණත්, වැද්දාගලට එක දවසක්වත් ගිහින් නෑ. සිංහරාජේ පාට දැකලාවත් නෑ.
මේ දහවෙනි සංවත්සරය හා සමපාතව හම්බන්තොටින් ඇරඹෙන සුනාමියත් මුළු රටටම බලපාන එකක් වේවා!
ඔව් රසික මේ සුනාමිය මුණිවරුන්ගෙ පිළිම පමණක් නොව මුණිවරුන්ද ඇකගෙන දූෂිතයන් ප්සේදී යන එකක් වන්නට වෙර යොදමු.!
Deleteමචන්, උඹ සුනාමි ගැන පසුකතාවක් දානවා කීවා මතකද? මාත් බලන් හිටියා ලියනකම්.
ReplyDeleteබොහෝ දේවල් එක්ක අපිට හොඳම පාඩම ඉගෙන ගනන් තිබුන එකම තැනත් අපි විසින්ම නැති කරගෙන. අපි නිකම්ම නිකම්ම මිනිස්සු වගේ ජාතියක් වෙලා. ආගම් ජාති දේශපාලන විදියට බෙදිලා
සුනාමි වලදි මිනිස්කමේ බැඳීම කොයි තරම්ද කියලා පෙන්නුවාට අද වෙනකොට ලාංකිකයන්ට එහෙම එකක් මතකත් නෑ.
කනගාටුයි...
එච්චරයි...
අපි අළුත් ආණ්ඩුවකදි හරි මනුස්සකම ආයිත් අලුතෙන් කතා කරන්න පටන් ගමු....
http://upashantha.blogspot.it/2013/12/blog-post_26.html
රංගි අපි ඒ ගැන කතා කලයුතුමයි. පොඩ්ඩක් හිටහන් මේ ඡන්දෙ රැස් බහිනාතුරු!
Deleteකන්එලිය නැවතිලා ඉඳල තියනවද?
ReplyDeleteකන්නෙලිය... හැක් හැක්..
Deleteනොදකින් හිනාවේ කැත..තෝ අලුත් මුකුත් ලියන්නෙ නැද්ද?
Deleteප්‍රා, ලැජ්ජයි කියන්න, මම එහෙ ගිහින් නෑ!
Deleteඔය ඉන්නෙ කන්නෙලියෙ ගිහින් කන් පාත්වෙන්න ගහපු උන්.
ලක් දෙරණම හැඬවූ ඒ සුනාමී
ReplyDeleteදස වසරක් ගෙවුනා අපටත් නොදැනී
කෙනෙකුට වහ කෙනෙකුට රහ සුනාමී
තව කෙනෙක් ලොව හැරදා පියාපී
සමහරු අදටත් කියන්නෙ සුනාමිටය, රත්තරං වතුර කියල ඉන්දික
සහතික ඇත්ත. ඕකෙන් ගොඩ ගිය උන් කොච්චර ඉන්නවද.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteවිචාරක මහතා මෙහෙම කියල තිබ්බ. ඒ කමෙන්ට් එක එක්ක තිබ්බ පින්තූරෙ අයින් කරන්න උනා කමෙන්ට් දාන්න බැරිවෙච්චි අවුල හදා ගන්න.
Delete"සුනාමිය මට මගේ සහෝදරයකු සහ ඔහුගේ එකම පුතා අහිමි කළා. අතීතයේදී විහාරමහාදේවී කතාවට අදාළවත් එන්න ඇත්තේ සුනාමියක් නේද? කලවාන නිතර කියවෙන තැනක් නොවෙන නිසා පොඩි සිතියමක් දැම්මා නම් තමයි හොඳ"
200,000 කඩඉමට සුබ පැතුම් !
ReplyDeleteකලින් මේක දාන්න කීප පාරක් ආවත් මේ විචා අංකල් මේක කචල් කරල තිබ්බනෙ. :D
තැන්කූ ප්‍රසා! බලහන් ඉතින් විචා අංකල් ලස්ස දෙකටම ඇවිත් උදැල්ල දැම්මනෙ.
Deleteමේ තැන ආපහු ගොඩ දාන්න වටිනා තැනක්. මුලින්ම ඊළගට යන තැන කියල හිතාගෙන බලල , අන්තිමට මේ තැන නෑ කියල දැක්කම කණගාටුවක් ඇතිඋනා .
ReplyDeleteමට වැඩිය යන්න බැරි උන පැත්තක්. මේ පූස් ලංකාවෙත් නෑ , ඒත් නොගිය තැනකුත් නෑ.
හෙහ් හෙහ්..හිතහන් ඉතින් රටේ උන්නනං, මොනායින් මොනා වෙයිද කියල.
Deleteසිංහරාජය අත පොවන දුරෙන් තිබිලත් ගිහිල්ල නෑ... ලැජ්ජයි ඒ ගැන..මේ වගේ තැනක් ඉක්මනින්ම පරණ තත්වෙට ගන්න පුළුවන් වෙයි... මොකද මිනිස්සු කැමති ඒවගේ නිදහසේ ඉන්න පුළුවන් තැනක් නම්...
ReplyDeleteසිරිමා බෝධිය මුල හිඳන්නො වගේ තමයි. ඔව් අපි හිතනව මේක ආයි ඉක්මනින් ගොඩ යයි කියල!
Deleteමේක මතක් වුණා.
ReplyDeletehttp://upashantha.blogspot.com/2010/12/blog-post_26.html
මම ඕක අමතක කරා මේ පාර!
Deleteඅම්මප අද නෙවැ දන්නේ !!! චැහ්
ReplyDeleteජීවන අයියෙ ඕක පට්ටාං ගන්ඩ ආයෙ … බය නැතුව අපේ එකෙක් කියන හෘදයාංගම හැඟීමත් එක්ක ගොඩවෙලා යන්න එන්නවාමයි.!!!
අම්මාපා මත් එනවා..ගල් බෝතල් 10ක ඇද්ද?
Deleteප.ම, උඹල යළට මහට ගිහින් වැඩ්ක නෑ, තව උන් සෙට් කරලත් දීහන් යන්න.
Deleteයකෝ මේ තරන් ගල් කාරයො හමුදාවෙවත් නැතුව ඇති.
මම දන්න සමහර තැන් දකුණු පළාතේ ඒවාට ආ ගිය විදේශිකයන් විසින්ම පිළිසකර කලා...සංචාරක ව්‍යාපාරයේ නියැලෙන මගේ ඥාතියෙකුගේ වාර්ෂිකව ලංකාවට පැමිණෙන සංචාරකයො පිරිසක් ඒ අයගෙ ඥාතීන් හරහා ලංකාවට මුදල් ගෙන්වාගෙන තමන්ගෙ ශ්‍රමය පවා වැය කරමින් ඒ කටයුතු වලට උපකාර කලා...තමන්ට එතැන නවාතැන් ගත්තම දැනුන චමත්කාරය තමයි ඒ සඳහා ඒ ඇත්තන්ට මග පෙන්වන්න ඇත්තෙ...ඒ අර්ථයෙන් ඔබට මේ කියන තැනදි දැනුන චමත්කාරයම තමයි මේ ලිපිය ලියන්න කාරණා පෙළගස්වන්නෙ...මේ ස්ථානයේ ඔබ කියන මිහිර මතු දිනයක විඳින්න අපටත් අවස්ථාවක් ලැබේවා කියලා පතනවා...
ReplyDeleteඑසේම වේවා කියා පතනව!!
Deleteපුදුමාකාර නැවත හමුවීමක්. අනිවාර්යෙන්ම නැවත ඔය ලොජ් එක පටන්ගන්නවා නම් ලොකු දෙයක්.
ReplyDeleteඔව්, ඒකට තමා මේ උනන්දු කරවන්නෙ
Deleteසිංහරජය දවසක් රෑ නතර වෙන්න මමත් ආසම තැනක්.
ReplyDeleteදවසක අපි යමු!
Deleteඅනිවාර්යෙන් යමු.
Deleteජීවනත් එක්ක මොකක් හෝ දෙයක් ගැන උපේ කතා උනා මට මතකයි. පසුව උඹ තොරතුරු හොයාගන්න ඇති.. එහෙනං මේක අපි ජීවනටම පුද දෙමු..
ReplyDeleteඋඹ දන්නවනෙ මම ඔය තොරතුරු හොයන්න කැමති මිනිහ කියල.
Deleteවෙබ් (web) එක දාන්කෝ..
ReplyDeleteමේ තැන ගෙට්ටුවකට මරැ
මම ආයමත් පාරක් කියෙව්වා..
ReplyDeleteඅපි මේ තැන පටන් ගන්න තැනට උදව් කරමු..
මගේ කාර්්‍යලයෙ සෙට් එකත් එක්ක එනවා..
හෙහ් හෙහ්...උඹ කලින් කියවල නෑ නේ..මාට්ටු!
Deleteජීවන, ඔන්න උඹට සෑහෙන බිස්නස් දෙන්න පුලුවන් පොරක් මේ.