සිංහල බ්ලොග් වලට සම්මාන දුන්න එක මහා විනාසකාරී, පාපකාරී වැඩක් වෙලා, ඒ නිසා බ්ලොග් ලෝකෙ විනාස වේගෙන යන්න හදනව කියල ලුං වල, කොරස්, පීරිසි කුට්ටම් වල ඉන්න කිඹුල්ලු කියන අතරෙ මම හිතුව යන වැලට තව එකක් කියල මේ බාල බ්ලොගය හඳුන්වල දෙන්න.
මේ බ්ලොග් එක වයසින් බාලයි, ලියන්නත් බොහොම බාලයි. ඒත් ඉතින් ඕනෑම පියෙකුට මවකට දරුව බාල නෑනෙ. ඒ නිසා බාල කාලෙම බාලයො ඇසුරු නොකර පණ්ඩිත ඇසුරට කියල මගේ ලොකු පුතාට බ්ලොග් එකක් හදල දුන්න.
ලියන්නෙ එයා, ඇඩ්මින්ම් මම. දැන් ඉතින් අඩු ගානෙ ලියන කොල කඩදාසි නැති නොවී මේ අවකාෂයෙ තියෙයිනෙ දරුව ලොකු මිනිහෙක් වෙනකොට, එදාට වයසට ගිය අපිට කියවල සතුටුවෙන්න.
එහෙනම්, මෙතනින් ගිහින් කියවන්න,
තවම පෝස්ට් දෙකයි දැම්මෙ. ඒව ගැන අවංක අදහස් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ලියන්න, විශේෂයෙන් සිංහලෙන් කමෙන්ට් කරොත් ඒක එයාගෙ සිංහල දැණුම වර්ධනයට තවත් උපකාරයක් වේවි.
ලෙට්ස් සී!
ReplyDeleteහොඳයි ඇඩ්මින් මාමේ....
ReplyDelete++
ReplyDeleteSethi Sets Off.....!
ReplyDeleteවටිනවෝ
ReplyDeleteහොඳයි ඇඩ්ඩිං අයියෙ. අපි මේ ගැන සලකා බලන්නං.
ReplyDeleteලුං කියන්නෙ මොනවද ???
ReplyDeleteසැහැල්ලුයි.. ජය බෝලී නාත් අදයි මේ පැත්තෙ ආවෙ
ReplyDeleteඒකත් ෂේප් එකේ පුතාගෙ ඇඟේ ගහලා මාරුවෙන්ට හදන්නෙ.. ඇයි උඹේ බ්ලොග් ලියැවිල්ලට ගුල්ලො ගහලා ද?
ReplyDeleteඋඹල තාම අපේ බ්ලොග් බලනව කියල දන්න එකම ආයි ලියන්න ලොකු හේතුවක්. බලමු වෙලාව හොයාගෙන මොනා හරි කරන්න වසන්ත කාලෙ
Delete++++
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම උඹේ එක යින් කරලා පොඩි එකාගේ එක දැම්මා
ReplyDeleteඅඩු ගානේ පොඩි එකාවත් ලියයි නේ...
ඒකත් හොදයි තමා
Deleteඇඩ්ඩින් මතියෝ... එතනින් ගිහින් කියෙව්වා..
ReplyDeleteජයවේවා..!!
ගීං බලන්නම් !
ReplyDeleteගොහින් එන්නම්
ReplyDeleteයකෝ මේක සී ජී ආර් එකේ රස්සාවල් වාගේ උනානේ
ReplyDeleteලුං වල කියන්නේ මොකද්ද බොලව්? හැක්
ReplyDeleteසෙතීට ජයවේවා... ඕං මගේ මූණු පොතෙත් ෂෙයා කළා...
Deleteහොඳමයි ඇඩ්ඩිං මාමෙ. මේ යනගමන්.
ReplyDeleteනියම වැඩක් මචන් !
ReplyDeleteකොල්ලා පැල් බැඳගෙන කියොන එකෙක් වෙච්චි, අප්පා ත් බ්ලොග් රචකයක් වෙච්චි. ඉතින් හොඳින් ලියලා ඇති.
කොල්ලාට ත් දෙමාපියන්ටත් සුභ පැතුම් !
ඉන්දිකට පෙන්ෂන් යන්න වෙයිද...මටත් මුලින් බ්ලොග් එකක් හදාගන්න උපදෙස් දුන්න මතක් වුණා.
ReplyDeleteඑල කිරි. අනිවා තාත්තට වඩා නම් හොඳවෙයි ෂුවර් එකටම
ReplyDeleteOK
ReplyDeleteගස්වල කටු මොකට උල් කරනවද ? පොඩි එකා උඹටත් වඩා හොඳට ලියනවා. උගේ ඉමැජිනේෂන් එක සුපර් !
ReplyDeleteතව ටික දවසක් යනකොට අර උඩින් දාලා ඉන්න පින්තූරේ පොඩියට ඉන්නේ උඹ කියලා කට්ටිය කියාවි.......! :D
නියම වැඩේ තමා...පොඩි කාලෙම බ්ලොග් පිස්සුව හදවන්න ඕනෙ...රන්වන් මකරා,මම අපිත් මේ පොඩි කාලෙම බ්ලොගින් වලට සෙට් උනු අය තමා...
ReplyDeleteමචන්ස්ලා, බොහොම ස්තූතියි උඹලගෙ සපෝට් එකට.
ReplyDeleteපොඩ්ඩට හරිම සතුටුයි මාමල, සීයලගෙ කමෙන්ට්ස් දැකල.
ඔක්කොම කමෙන්ට්ස් බලල මගෙන් අහනව ඇයි ලේඩීස්ල කවුරුත් නැද්ද තාත්තගෙ යාලුවො කියල :D
ලේඩිස්ලා සිංහයාට බයයි පොඩි පුතේ
Deleteලේඩිස්ලා එන්නකෝ අනේ... මේ දරුවා වෙනුවෙන්.... මචෝ ඒ බ්ලොගට ගියා. කොල්ලට සුබ පතනවා.
Deleteනියමයි. අපිත් බලනවා !
ReplyDeleteමගේ සුභ පැතුම පරක්කු වෙලා
ReplyDeletesinhayo koluwata blog eka hariyata hadala deepan
ReplyDeleteඔන්න මමත් කමෙන්ට් කළා. කොල්ලට හොඳ හැකියාවක් තියෙනවා. අපේ පොඩි එකීත් කතන්දර ලියනවා. වැඩේ උගන්වන්න ඕනේ. මට බය ලැප් එක ඉස්සරහින් අයින් කර ගන්න බැරි වේවිද කියන එක?
ReplyDeleteගොඩක් සතුටුයි අයියේ, පුතාගේ බ්ලොග් එක බලලම ආවා. ඒ වගේම අගේ කරනවා අයියාවත් , ගොඩක් වැඩිහිටියෝ දරුවන්ට අවස්තාව දෙන්නේ නැත්තේ වගකීම් ගන්න භය නිසයි. අන්න එකයි මං අයියව අගේ කරන මුලිකම හේතුව.ඒ ගරුත්වය අක්කිටත් අයිතියි.
ReplyDeleteමම ලියන්නේ කව්රුත් මාව කියවන්න ඕනේ කියන හැඟීමෙන් නෙවෙයි , මං ලියපු දෙයක් ආයෙත් මට කියවන්න ඕනේ කියන හැඟීමෙන්. ඒ අතරට අනිත් අයගේ අදහස් අගේ කිරීම හැමදෙයක්ම හොඳ උත්තේජනයක් ලියන්න. පුතාගේ පැත්තෙන් ගත්තා ම පුතා ඊට වඩා ගොඩක් ඉදිරියෙන් , තව ත් ලස්සනට ලියාවී ඒ නිසා follower gadget එකත් එකතු කරන්න.
ඒ විතරක් නෙවෙයි හොඳ - නරක මත වගේම ඒ දෙකම සමසිතින් ඉවසන්නත් එයා ඉගෙන ගනීවි.
සුබ පැතුම්..!
මීට අවුරුදු තුනකට කලින් පුතු ඒක්ක පිස්සු නැටුව හැටි මතක් වුණා. ඔන්න මාත් ගොඩ වුණා ඒහෙනම්.
ReplyDeleteමං සුබ පැතුවා කියන්න ඉන්දික.
ජය..!