Friday, December 25, 2015

හැඳිමිටේ නුවණ... feminist logic


අපේ කට කහන එකා අලුත් පෝස්ට් එකක් දාලනෙ. ඒ පෝස්ට් එකේ මුල කෑල්ල ඌ මූණු පොතේ දාපුවම මම එතන දපු කම්නෙට් එකයි, තවත් වයිෆ් කතා කීපයකුයි එකතු කරල මාත් පෝස්ට් කට්ටක් තලා ගන්නයි බැලුවෙ.

මේ ලඟදි දවසක මමයි තව ගේ ගාව ඉන්න යාළුවෙකුයි රෑ අටට විතර අපේ ගෙවල් වල ඉඳල කිලෝමීටර් 120 විතර ඈත තියෙන ෆුජෙයිර කියන සිටි එකට යන්න පිටත් උනා මගෙ යාලුවගෙ පොඩි වැඩකට. අපේ ප්ලෑන් එක තිබ්බෙ ගිහින් එහෙමම අනික් අතට එන්න මොකද පහුවෙනිදත් වැඩ නිසා.

දැන් ඔන්න ගමනෙ කිලෝමීටර් තිහක් විතර ගියාම යාළුවට එනව කෝල් එකක්.

මට ඇහෙන්නෙ ඌ කතා කරන ටික විතරයි.

නෑ ඉන්දිකගෙ කා එකේ යන්නෙ, අපි ගිහින් අනික් පැත්තට එනව.

අපි කාල එන්නං, ඕගොල්ලො කාල නිදියගන්න.

පිස්සුද අනේ අපි එනකොට දොළහ විතර වෙයි.

පිස්සුද! පොඩි උන් බඩගින්නෙනෙ, ඒගොල්ලොන්ටත් තීන දෙයක් කන්න දීල ඔයා නිදා ගන්න.

ඔයා දැන් කියන්නෙ ඔයා ගාව හෙන්ඩුව තීනව, මම රෑ දොළහට අලියෙක් ගේන්න ඕන කියලද තකහනියෙ? විකාර කතා නොකිය පහල කඩෙන් ගිහින් පාන් දෙකක් ගෙනත් කාල නිදා ගන්න.


බීප්...


වෙලා තීන්නෙ මේකයි. මේ කිලෝමීටර් 120 ගිහින් ආයි 120 එන්න තීන මිනිහට හාමිනේ කියල එයා රස මස් හොද්දක් හැදුවය, ඒ හින්ද රෑට ළමයින්ටයි ජෝඩුවටයි කන්න එනකොට සුපර් මාකට් එකෙන් ෆ්‍රෙන්ච් ස්ටික් පාන් පොළු ගේන්නය කියල.



......................................................



මේක උනේ මගෙ තව යාළුවෙක් සහ උගෙ හාමිනෙත් එක්ක කාරෙකේ යනකොට.

මේ කියන නෝන මහත්තය කීප සැරයක්ම ඩ්‍රයිවින් ටෙස්ට් එකට ගිහින් ෆේල් වෙලා ඉන්න, තවත් ටෙස්ට් වලට යන්න ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්. කොටිම්ම වාහන ගැන මෙලෝ හසරක් නොදන්න කෙනෙක් එහෙම නෙමෙයි.

ඔන්න අපි තුන්දෙනා රෑ පානෙ එනව සාජ ඉන්ඩස්ට්‍රියල් ඒරියා එක පැත්තෙ හයිවේ එකක් දිගේ. ඒ එනකොට අර නෝන මහත්තය එකපාරම,

අනේ සහන්, අර බලන්න ෂෝක් ලයිට් එකක් කාගෙ හරි වාහෙනේකින් වැටිලද කොහෙද. අපරාදෙ කවුරු හරි අරගෙන යයි.

කියල කිව්ව.

අපි දෙන්නම ටක් ගාල පෙන්නපු පැත්ත බැලුව මොකද්ද මේ කියන පාරෙ දාල ගිය ලොකු ලයිට් එක කියල බලන්න.

මෙන්න මේ වගේ දර්ශනයක් තමයි පින්වතුනි කරුමෙට අපි දැක්කෙ.

 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




.....................................................

මේක උනේ මටමයි.

අපේ පුතාත් ඩුබායි කොන්සල් කාර්‍යාලෙ තියෙන දහම් පාසැලේ ශිෂ්‍යෙක්. එතන ඉඩ මදි හින්ද පන්ති තියෙන්නෙ ලොකු ළමයින්ට උඅදේ වරුවෙ, පොඩි දරුවොන්ට හවස. අපේ බාහු යන්නෙ හවස පන්තියට. අපි එක්ක ඉඳ හිට දහම් පාසැලේ උගන්නන, හාමිනේගෙ අසල්වැසි මිතුරියකුයි එයාගෙ පුතත් යනව. හැබැයි එහෙම ඒ අයත් එනවනම් කලින් කෝල් කරල කියනව ඒගොල්ලත් එනව කියල.

ලඟදි සිකුරාද දවසක උදේ අර කියපු ගුරු මිතුරියගෙන් ඇමතුමක් ආව. දෙන්න හායි හූයි ගාල, කෙකර නඟල කැකිරි පලල ඔන්න පැය භාගෙකට විතර පස්සෙ කෝල් එක ඉවර උනා.

අද තරින්දිල පුතාව එක්ක එනනං කිව්ව හවසට.

හවහ ට්‍රිප් එක නැති වෙච්චි සතුටෙම්ම මාත් ඉතින් හා කියල නිකං උන්න.

ඔන්න පුරුදු වෙලාවටම මායි පුතයි දහම් පාසැල් යන්න පිටත් උනා. සාජ ඩුබායි හයිවේ එකටත් දාගත්තට පස්සෙ ( අල් වාද ස්ට්‍රීට් ) මෙන්න එනව කෝල් එකක්.

ඔයා අරගොල්ලොන්ව ගත්තෙ නැද්ද?

හාමිනේ කලබලෙන් අහනව!

කාවද?
 
තරින්දිව?
 
නෑ, ඒ ගොල්ලො අපි එක්ක එනව කිව්වෙ නෑනෙ!
 
මොකද නැත්තෙ මන් කිව්වෙ අනේ..

ඒ පාර සද්දෙත් ටිකක් උච්චයි.
 
ඔයා කිව්වෙ හවසට පුතා අපි එක්ක එනව කියලනෙ කිව්වෙ!
 
හරි ඉතින්, ඒ එයා අපි එක්ක යන හින්දනෙ හවසට ඒ ගොල්ලො එක්කෙ එනව කිව්වෙ..

පොඩි එකා උන්නු නිසා කුණුහරුප නොකිය ඊලඟ ඉන්ටචේන්ජ් එකෙන් හරෝගෙන ආයි ආව ගේ පැත්තට.

ප/ලි.

වෙන අවුරුදුවල 26 වෙනිදට මම ලිව්වෙ සුනාමි මතක. ඒත් මේ පාර ඒ ගැන නොලිය ඉන්න හිතුවෙ හේතු ගොඩක් නිසා. එක හේතුවක් තමයි , මේ වගේම දීර්ඝ සති අන්තෙක, නත්තලට පසුදා ආ පෝය දා සුනාමි ආපු එක.

57 comments:

  1. ඉතිං ඔහොම තියෙද්දි බොලා අපි වගේ මේ සාමයෙන් සන්තෝසයෙන් මල් වගේ ඉන්න කොල්ලන්ගෙන් අහනවා "තොපි බඳින්නෙ නැද්ද?" කියලා.. :-P

    ReplyDelete
    Replies
    1. ඒ ඉරිසියාවට මිසක් වෙන මොන කෙහෙම්මලකටද? මතක නැද්ද ඉස්සර ගඟකට එහෙම බැස්සම නාන්නැති උන්වත් උස්සන් ගිහින් ඔබනව කළිසම් පිටින්.

      Delete
  2. මං නං පාං වැඩේ (bread winner කම) බිරිදට දීලයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි. සිම්ප්ල් ප්ලෑනක්.

      Delete
  3. අඩේ ඉන්දිකයා ආයේ ලියලා.
    මට මතකයි උඹ කලින් අවුරුද්දක ලියපු සුනාමි කතා. අපි පැය ගණන් කොමන්ට් හෙම දැම්මේ. මේ වෙද්දි ඒක අමතකම ගිහින් වෙන්නැති නේ කොහොමත් ලංකාවේත් හැමෝම කතාවෙන්නේ එන් රිකේ ලායි එක එක දේවල් නේ.
    උඹ ඔය ලියන්නේ පිරිමි පැත්තෙන් නේ ගැහැණු අපිත් ලිව්වොත් මොන කතාද අපේ මිනිස්සු ගැන.
    අපේ ගෙදර අපි දෙන්නයි ඉන්නේ. දෙන්නා බොන්නේ කිරි වර්ග දෙකක්. මගේ එක ඉතින් අර කිසි රහක් නැති ෆැට්ස් අයින් කරපු කල් තියාගන්න එක. එක පැකට් එකක් සතියකටත් වඩා පාවිච්චි කරන්න පුළුවන් උයන්නයි බොන්නයි කරන්න තියෙන හැමදේම කරලා. ඉතින් මම මාසෙකටම පැකට් දෙකක් තුනක් ගෙනාවත් ඇති.
    අනිත් මනුස්සයාගේ එක එහෙම නෑ. එයාට මගේ කිරි( හා හා) රහ නෑලු. ඉතින් ෆ්‍රෙශ් ෆුලි ක්‍රරිම්. සමහර දවසට මට හවසට ගෙදර එනකොට ඕක ගන්න අමතක වෙනවා. අපේ ගෙදර ජෙනරලි කඩේ යන්නේ මම. ඉතින් උදේ පාන්දර වැඩ එරිලා එන මනුස්සයාට කිරි ඕනේ කියලා මතක් වෙන්නේ මම උඩෙහට වැඩට යන්න ලෑස්ති වෙනකොට. එතකොට ඉතින් මම උදේ ගෙදර එන ගමන් කිරි එකක් අරන් එන්න කියලා ටෙක්ස්ට් කරනවා.
    සමහරවෙලාවට වට්සැප් කියලවලා නෑ කියලා හිතුනොත් ටෙක්ස්ට් එකකුත් වෙනම දානවා. කෝල් කරලා කරදර කරන්නේ නෑ අපි හොඳ ළමයිනේ.
    අනේ ඉතින් ගෙදර එනකම් මගේ ටෙක්ස්ට් බලන්නේ නෑ. බැරි වෙලා හරි ටෙක්ස්ට් එක දැක්කොත් නමේට ගෙදර එන මනුස්සයා නමයයි තිහටත් නෑ. බැලුවම සුපර් මාකට් එකේ. එතකොට ඉතින් මට දහ පාරක් ඇඳගෙන කඩේට ගිහින් කිරි ගේන්න වෙලාව.
    ඔන්න උඹලයි කෙරුවාව... ගැහැණු අපිටම කියන වෙලාවේ උඹලගේ වැරදිත් ලියපල්ලකෝ බලන්න... හුහ්....

    ReplyDelete
    Replies
    1. අඩේ මම ලියනව නෙමෙයි මෙන්න මූ කමෙන්ට් කොරනව. අපි එපැයි කිව්වැයි? ලියහන්කො බලන්න අහින්සක, කීකරු, බුද්ධිමත් සැමියන්ගෙ දස්සක්ම් ගැනත්. උඹට දොඹෙන් යන්න දෙයි අපේ පිරිමි සංහතියම වටවෙලා හරී.

      Delete
    2. ඉවසපං කට මගෙ!

      Delete
  4. අඩ්ඩක් වත් ගහන්න එලියට යන බැඳලා ළමයි ඉන්න ඈයන්ගෙ ළමයි ගොඩ දෙනෙක් රෑ 11 විතර වෙනකොට අසනීප වෙන අභිරහස් හේතුවක් එහෙම හම්බවෙලා නැද්ද හා..??
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක අපේ පොඩි උන්ගෙ ඩොකාට තාම හොයාගන්න බැරි ලෙඩක් බං.

      Delete
  5. උඹට තෙරුවන් සරණයි මචන්.. වෙන කියන්න දෙයක් නැහැ..
    (ලංකාවෙන් පිට ගිහින් බිරින්දෑ එක්ක ජීවත්වෙනවා කියන්නේ බරපතල වැඩ ඇතුව ජීවිතාන්තය දක්වා හිරේ යාමක් බන්..)

    ReplyDelete
    Replies
    1. කතා කරල වැඩක් නෑ බං. අබම අබ සරනයි තමා.

      Delete
  6. අර මුල කතාව බිරිඳ කොයි ළෝකේ උන්නත් පතිදම් රකින බිරිඳක්.. ඒක නේ පාන් ගෙඩියක් වත් ගන්න පහළට නොයන්නේ..

    මම නම් පුතාගේ යාළුවෝ ඉතරක් නෙමෙයි, එයාලගේ අම්මලත් බොහොම කැමත්තෙන් ගිහින් බස්සනවා.. මොකෝ අම්මා කියලා තියෙන්නේ සමාජයට හැම වෙලාවෙම යහපතක් කොරන්නය කියලා..

    ReplyDelete
    Replies
    1. උඹ අම්මලව බැස්සුවට කමක් නෑ, ව වෙනුවට ට කරල බස්සනව එහෙම නෙවි.

      Delete
  7. බලං ගියහම ගෑණු ඔක්කොම එකයිනේ බං නමයි අයිඩෙන්ටිපොටෝ එකයි විතරයි වෙනස්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අර ෆාරුක් සාදු කවියෙන් කියල තියෙන්නෙත්....

      Delete
    2. අටම, නැතුව ඉතින්, උඹ ඕක අදද දන්නෙ.

      Delete
  8. උණු උණු ප්‍රෙන්ච් පාන් පොලු මස් හොදිත් එක්ක කොච්චර රසද කියල යාළුවා නොදන්නවට උගෙ පවුල දන්නවා.

    ReplyDelete
    Replies
    1. උණු පොළුවල රහ කවුද නොදන්නෙ හැළපෙ.

      Delete
    2. මමත් ඒකට හූමිටි තිබ්බට කමක් නැද්ද?

      Delete
    3. නෙදොකින් විතරක් මේ අංකල්ලා ටික

      Delete
    4. අනේ පළ උඹ මේ මැලේ ඇන්ටිල පස්සෙ ගියාට ඕව තේරෙන්නෙ නෑ.

      Delete
  9. Replies
    1. අනේද කියන්නෙ. මේක අපේ උන්දැ බලන්නෙ නැති නිසා හොඳයි හැබැයි

      Delete
  10. ඉතිං අර පාං යාලුව ආපහු ආවට පස්සෙ මස් හොද්දෙං නාගත්තයි කියල ආරංචියක් උනේ නෑ නේද?

    මොනව උනත් බොලාට රට ගිහිල්ලවත් නිදහසක් නැති හැඩයි. හැක්...

    ReplyDelete
    Replies
    1. ඌ මස් හොද්ද පහුවෙනිද කෑව කියලයි ආරංචිය. අර බුදු බණෙත් තියෙනවනෙ බං කල දේ ගොනුගේ පස්සෙන් එන රිය සක වගේ එනවාය කියල.

      Delete
  11. නත්තල් හින්දා අපේ නම් ගෙජ්ජි වැල් , නහ ගලෝල. මේ ටිකේ හුස්මක් අරං ඉන්නව.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මම දැක්ක මූණු පොතේ.

      Delete
  12. ඔක්කොමත් හරි ගමනක් යන්න පිටත්වෙලා මගට ගිහින් යටිගිරියෙන් කෑගහනවා කොලපාට සාරියට අඳින කලුපාට සෙරෙප්පු දෙක අමතකවුනා වගේ මොකක්හරි එකක් කියලා. මම කරන්නේ තොල් හපාගෙන මොකුත් නොකියා...................................................
    ...................................................................කාර් එක ආපහු හරවන එක.

    ReplyDelete
    Replies
    1. වෙලාවට පිළිවෙලට ගමණක් යන්න හමුදාවෙ ගෑණු අයටවත් බැරි එකේ අනික් අය ගැන මොන කතාද විචා.

      Delete
  13. උඹ කියන්නේ මචන්, මටත් ඔය උඹ පළවෙනියට වෙච්ච වගේම දෙයක් උනානේ, මමත් ඉන්දික කියලා යාළුවෙක් එක්ක රී-ලෝඩ් පාරක් දාන්න ෆුජේරා පැත්තේ යනකොට ඔය වගේම කෝල් එකක් ආවා අපේ ගම හාමිනේගෙන්.......!

    උඹ කියන්නේ මචන්, පල්ලෙහා කඩෙන් පෙති පාන් ගෙඩි දෙකක් ගෙන්න ගන්න කම්මැලි කමට අපේ ගම හාමිනේ එදා රෑ ඉඳියාප්ප හදලනේ.......!

    ReplyDelete
    Replies
    1. හා..හා..කට කට. මේව උන්දැල දැක්කොත් වෙන දේ කියන්න ඕන නෑනෙ :D

      Delete
  14. හම්මට සිරි! සිංහයා අවදි වෙලා. මේ දවස්වල උඹේ රුධිර පාරවිලයන සේවාව නැගලාම යනවා. ඇත්ත කියහං. ඒක නේද නැගිටලා ආවෙ? නැත්තං මේ නෝනලා ටික එක්ක ඉඳලා එපා වෙලාද?

    ReplyDelete
    Replies
    1. අයිත් අහල මේ බලහන්. ඊයෙ ඩුබායි වල මම දැක්කෙ.

      [img]https://fbcdn-photos-e-a.akamaihd.net/hphotos-ak-xft1/v/t1.0-0/s480x480/943885_10153738447714277_2203808804490684732_n.jpg?oh=b280c1d25785ee8eee585dcc408e2305&oe=571A0A41&__gda__=1456820819_a6e9d15c9a5640dcd469687fadddbca7[/img]

      Delete
  15. හාමිනේල ඔහොම තමයි...ඒත් අපේ උන්නැහෙගෙ හාමිනේගෙ කතාව නං නියමයි. එක අතකට උන්දැත් හරි. හවස ගේන්න බාර ගත්තම උදේ ගිහිං ඇරලවන්න එපැයි. ඒකනෙ සහජීවනේ. ඕකවත් තේරෙන්නෙ නැද්ද...
    අනෙක් ප්‍රශ්නෙ තමයි දැන් ඉන්නෙ සාජාද.බහරේන් සිට ලංකාවට...ලංකාවෙන් සාජාද....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අපිට ඉතින් ඔය ෆෙම්නි ලොජික් තේරෙන එකක්යැ!

      තාම සාජ ඩුබායි තමා.

      Delete
  16. කතා ටිකනං පංකාදුයි ඉන්දික සහෝ................. පාං කතාව සුපිරියි...... අැයි ලයිට් කතාව....

    ReplyDelete
    Replies
    1. ලයිට් කතාව තේරෙන පිරිමිත් එහෙමට නෑ හැබැයි

      Delete
  17. තුනම එකයි........ප්‍රෙන්ච් බ්‍රෙඩ් එක හැම තැනම නැහැනේ....උනුවෙනුත් නැහැනේ....එයා නම් පට්ට බිරිදක්......හරි එකියක් නම් 240 කිලෝ මීටර් එන/yana දෙන්නට පාන් ගෙන්නල ....කන්න දීල යවන්න තිබ්බෙ ....දෙක නම් අමු ගොං තැම්බක් ...සුවල් එකට....අලුතින් වරාය හදපු පැත්තෙ එකියක්....තුනේ ...නම් ...උඹ ගොනා...බෝක්කෝ......

    ReplyDelete
    Replies
    1. යකෝ අරූ පුක හපාගෙන මැරෙයි!

      Delete
    2. පල ඩෝ යන්න, නිකන් පැණියට උඹ ඔය කතා කියන්නෙ..හෙහ් හෙහ්..

      Delete
    3. ඇයි උඹ අතිං අරං තියාගන්නෙ? මම කිව්වෙ අර උඹේ වාහනේ හිටපු එකා ගැන!

      Delete
    4. උඹනෙ අතින් අරන් තියන් තීන්නෙ යකෝ. මම කිව්වෙ කෙන්ජට.. හෙහ් හෙහ්

      Delete
  18. අර හැදිමිටේ සින් එක කියනවනේ...

    අපි කොහෙමින් කොහොම හරි දෙකක් දාගන්න හදනකොටම කෝල් කරලා අහන්නේ "අද ඉක්මනට එනවා නේද?" කියලා

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් මල මගුලක්, නිද යන්නෙ නෑ වගේ.

      Delete
  19. මං වාහනේ පදිනකොට අපේ උන්දැ හිතන් ඉන්නෙ අපි දෙන්නගෙන් ඇස් දෙකක් තියෙන්නෙ උන්දැට විතරයි කියල.. "ඔන්න වළක් , ඔන්න මිනිහෙක් පනිනව , ඔන්න බල්ලෙක්.." නැවිගේටර් උන්දැ... කවුදෝ කිව්ව දවසක් ඉස්සරහින් යන වාහනේ පාර මැද හෙමින් යනව නං එක්කො පදින එකාගෙ ෆෝන් එකක් කණේලු, එහෙමත් නැත්තන් එහා පැත්තෙ සීට් එකේ ගෑනු කෙනෙක් ඉන්නවලු..

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නෙ බැක්සීට් ඩ්‍රයිවින්ග් කියල. අර ෆේමස් ඔම්ලට් කතාව දන්නව නේද?

      Delete
  20. අර දෙවනි කතාවෙ යාලුවගෙ නම මොකක්ද කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. ඇහුන්නෑ...සහනයක් ඇත්තෙම නෑ නෙ?

      Delete
  21. පොඩිහිටියෙක් බැවින් එල කියා පමණක් නතර වෙමි!

    ReplyDelete
  22. කම්මලේ බල්ල වගේ ඉන්න පුරුදු උනාම හරි.. වයිෆ් කතා සීරිස් එකට මොනමොනවා හරි එකතු කරන්න තිබ්බා අපේ උන්දා ඉඳල හිටලා හරි බ්ලොග් කියවන්නේ නැත්නම්.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. අපේ කම්මලේ මලය බල්ල වගේ ඉන්නව කිව්ව! යකෝ ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්නෙපා බන්.

      Delete
  23. උබේ මේ බ්ලොග් එක ඒ මිනිස්සු කියවන්නේ නැද්ද බන් ....... නැත්නම් උන්ගේ ඉ මේල් ඇඩ්රස් ටික මට පොඩ්ඩක් එවහන්කෝ

    ReplyDelete
    Replies
    1. කියවල අර උඩ එකෙක් කමෙන්ට් එකකුත් දාල තියෙන්නෙ.

      Delete

LinkWithin

Related Posts with Thumbnails