Monday, October 5, 2015

අපි නොදන්න රග්බි... Cant we do better in Rugby..?

මේ ගතවෙන්නෙ ලෝක රග්බි වසන්තය. රග්බි, එහෙම නැත්තන් පුරුදු විදිහට කිව්වොත් රගර් ලෝක කුසලානය ගැන සහ රගර් සම්භන්ද මතක ගැන රාගල් මවි සහ රවුර්ය මාජ් දෙන්නම ලියල තීනවනෙ.

මේ කියන්නෙ ඒ වගේ ලෝක කුසලානය ගැන විශේෂඥ විස්තර විචාරයක් නෙමෙයි, වෙනස් කතාවක්.

මට සාපෙළ පන්තියෙ හොඳට හිටියට සලකල ගෙවල් කිට්ටුව ඉස්කෝලෙට උසස් පෙලට එන්න ලැබුනනෙ. ඉතින් එහෙම අලුත් ඉස්කෝලෙට අව පිනෙන් මමටත් උසස්පෙල විභාගෙටත් කලිම්ම සයින්ටිස්ට් කෙනෙක් වෙන්න ලැබුන.

ඒ කොහොමද කියනවනම්, රෝයල් එකට යන එකා රෝයලිස්ට් වෙනව වගේ සයන්ස් කොලේජ් එකට එන එකා සයන්ටිස්ට් වෙන හින්ද.

මේ සයන්ටිස්ට්ල ලංකාවෙ පාසැල් අතරෙ ජනප්‍රිය වෙලා හිටියෙ එකම එක දේකට, ඒ තමයි රගර් ක්‍රීඩාව.

විද්‍යා විද්‍යාලයෙ, එහෙම නැත්තන් පෙර තිබ්බ සත්ථිස්සර විද්‍යාලයෙ රගර් කණ්ඩායම තමා ලංකාවෙ එකම ජනප්‍රිය නොවන පාසැල, පළමුපෙල රගර් ක්‍රීඩා කරපු.

මේ අයගෙ රගර් දක්ෂතාව ලංකාවෙ අනික් සියලු පාසල් එක්ක කරට කර තිබ්බ. කොටින්ම පහුගිය මයිලෝ පාසල් පළමුපෙල රගර් ශූරතාවය ඉසිපතනෙ පරද්දල දිනා ගත්තෙත් විද්‍යා විද්‍යාලයෙ සයන්ටිස්ට්ල.

ඊට පෙරත් සයන්ටිස්ට්ල රගර් තරඟාවලි ගණනාවක විශිෂ්ඨ ජයග්‍රහණ අත්කරගෙන තියෙනව වගේම, අති දක්ෂ රගර් ක්‍රීඩකයො මහ ගොඩක් ලංකාවෙ රගර් වලට දායාද කරල තියෙනව. කොටිම්ම කැන්ඩි ක්ලබ් එකට අවුරුදු 6ක් තිස්සෙ විශිෂ්ඨම නායකයෙක් වෙච්චි සහ ඉතිහාසෙ එදා මෙදා තුර නවසීලන්ත "ඕල් බැල්ක්ස්" කණ්ඩායමට එරෙහිව ට්‍රයි දිණුමක් වාර්ථා කරපු එකම ශ්‍රීලාංකික ක්‍රීඩය වෙච්චි සංජීව ජයසිංහ බිහි වෙන්නෙත් මේ විද්‍යා විද්‍යාලයෙන්.

මේකෙ උපත ,එහෙම නැතැන්ම සයන්ටිස්ට්ල රගරයිඩ්ල වෙන්න මුල මම දන්නෙ නෑ, ඒත් ඒ අයගෙ හැකියාවෙ මුල රගර් වගේම ගමේ සෙල්ලමක්.

විද්‍යා විද්‍යාලය කියන්නෙ අනූව අග වෙනකල්ම ද්වීතීය විද්‍යාලයක්, ඒකේ ප්‍රාථමිකයක් තිබ්බෙ නෑ.

මේකට වැඩිපුරම ළමයි ආවෙ හේන පාර කණිෂ්ඨ විද්‍යාලය, එහෙම නැත්තන් අද ලළිත් ඇතුළත්මුදලි විද්‍යාලය කියන එකෙන්. මමත් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ ඒකෙන්ම තමා. මේ හේන විද්‍යාල ළමුන්ගෙ ප්‍රධානම සෙල්ලම උනේ කෝටු පාස්.

කෝටු පාස් කියන්නෙ කුරුම්බැට්ටියක් හරි ලෙලි ගහපු පුවක් ගෙඩියක් හරි නැත්තන් පොඩි අඹ ගැටයක් හරි වගේ දෙයක් අතින් අතට පාස් කරන සෙල්ලමක්. මේකෙදි ඒ පාස් කරන ගෙඩියට දෙන නම තමයි "කෝට්ට".

සෙල්ලම පටන් ගත්ත්දි කෝට්ට උඩ ගහනව. ඉන් පස්සෙ උඩ පැනල, පෙරලල කවුරු හරි එකෙක් මේක ගත්තම මිනිහ දුවනව. විරුද්ධ පිලේ එකෙක් පස්සෙන් ඇවිත් අර කෙඔට්ට හිමි එකාට තට්ටුවක් දාන තුරු ඌට දුවන්න පුලුවන්. තට්ටුවක් දැම්මට පස්සෙ නැවතිල කෝට්ට වෙන කාට හරි දාන්න ඕන.

මේ සෙල්ලම අපි ටැප් රගර් කියල කියන, රගර් ක්‍රීඩාවෙ ළාමක වර්ෂන් එකට හුඟක්ම සමානයි. එකම වෙනස ටැප් රගර් වල වගේ ට්‍රයි තියනව වෙනුවට මේ කෝට්ට පාස් කර කර ඉඳල අන්තිමට විවේක කාලෙ බෙල් එක ගැහුව, කෝටු ගහ නමින් හඳුන්වන තැනට ගිහිල්ල කෝට්ටෙන් තට්ටු කරන ( මේකට කිව්වෙ පුච්චනව ) කණ්ඩායම තමා දිනන්නෙ.

නමුත් තරඟෙ තීන අසීරුකම නිසා එහෙම ලේසියෙන් කෝට්ට පුච්චන්න බෑ. ඒකට ඉතාම හොඳින් ද්වීමේ වගේම වංගු ගහල විරුද්ධ පිලේ උන් ම්ඟ හැර යාමේ හැකියාවත් තීන්න ඕන.

අපි පොඩි කාලෙ අපේ පන්තිවල හිටපු ඉඳුලාල්, සමන්ත වගේ දක්ෂ කෝටු පාස් කාරයො පස්සෙ විද්‍යා විද්‍යාලෙ රගර් කණ්ඩායමේ කැපී පෙනන වින්ත්‍රික්වාටර් ක්‍රීඩකයො උනා.

කොටිම්ම මෙන්න මේ කෝටු පාස් ක්‍රීඩාව විද්‍යා විද්‍යාලයෙන් අති දක්ෂ ලයින් ප්ලේයර්ස්ල ලන්කවෙ රගර් පිලට දායාද කරා.

නසීම් සහ හිෂාම් සහෝදරයො, කෝලිත, සමන්ත, සංජීව ඒ වගේ කෝටුපාස් වලින් බිහිවෙච්චි ජාතික මට්ටමේ ලයින් ප්ලේයර්ස්ල.

මේ අය කවුරුත් විශාල ශරීර ඇත්තො නෙමෙයි. මම කලින් කිව සංජීව උනත් ඉතාම සාමාන්‍ය සිරුරක් හිමි කෙනෙක්. නමුත් උන්ව නවත්තන්න ලේසි පුතෙකුට බෑ.

මම මේ විස්තරය කිව්වෙ, රාජ් සහ රවි දෙන්නම කියල තිබ්බ ලංකාවට රගර් වලින් යන්න පුලුවන් ඉහලම තැන ආසියාවෙ දෙක විතර, හේතුව ඇඟ කියල.

ලංකාවෙ හැටියට සද්ධන්ත ශරීර වලින් පිරිච්චි, අලි පත රාජකීය, ඉසිපතන වගේ මුල්පෙලේ රගර් කණ්ඩයම් වලට කරට කර තරඟ කරන විද්‍යා විද්යාලෙ කොල්ලො ඉතිහාසෙ ඉඳන්න්ම ශරීරෙන් කුඩයි. නමුත් ඒක ඒ අයගෙ ජයග්‍රහණ වලට බලපෑවෙ නෑ.

රගර් වලදි පැක් එකේ බර විතරක් නෙමේ, ලයින් එකේ හැකියාවෙනුත් දිනන්න පුලුවන් කියන එක ඒ අය ප්‍රායෝගිකව ඔප්පු කරල පෙන්නල තීයෙනව.

අනික් පැත්තෙන් ලංකාවෙ පළමු පෙළ සෙල්ලං කරන පැක් එකේ ඉන්න ක්‍රීඩකයො පොඩිම නැහැ. ඉතින් ඒ නිසා නිසි තාක්ෂ්නය එක්ක හරි ක්‍රීඩකයොන්ට අවස්ථාවක් දුන්නොත් හොඳ ලයින් එකක් එක්ක අපිට රග්බිවල මීට වඩා තැනකට එන්න පුලුවන් බව, ලංකාවෙ රගර් වලට ජනප්‍රිය පාසැලක දෙවන පෙළ කණ්ඩයමේ ෆුල්බැක් ප්ලේයර් කෙනෙක් වෙලා උන්නු මම බොහොම තදින් විශ්වාස කරනව.

ඒත් එකම අවුල, අපේ රටේ ඔහොම සුද්දුස්සට සුදුසු තැන සහ මඟ පෙන්වීම ලැබෙනවනම්, දිනන්න රගර් වලට වඩා තව කොච්චර දේවල් නැද්ද.


 පාසැල් රගර් රසකතා ඊලඟ නිවාඩු දාට.

44 comments:

  1. ///අපේ රටේ ඔහොම සුද්දුස්සට සුදුසු තැන සහ මඟ පෙන්වීම ලැබෙනවනම්, දිනන්න රගර් වලට වඩා තව කොච්චර දේවල් නැද්ද.///
    මේක ලංකාව ඉන්දික. ඔය දේ ඉස්සර උනෙත් නෑ... ඉස්සරහට වෙන්නෙත් නෑ....

    ReplyDelete
  2. මචං ඉන්දික....... මම දැනං හිටියේ උඹ සුලෝහිතයෙක් විදියට. එත් මම වගේම උඹත් ඇවිත් තියෙන්නේ පුංචිම තැනකින්. මේ පෝස්ට් එකේ ඔබ සටහන් කරලා තියන යෝජනා හරියට හරි. අනේ බං අපි ඊයේ පෙරේදා සෙට් වුණා. ඒ ගොඩේ නුඹත් හිටින්නම ඕනි කෙනෙක්. ජය වේවා මචෝ.

    ReplyDelete
    Replies
    1. අනේද බං කියන්නේ අපි උඹව මතක් කලා

      Delete
    2. අනිවා මමයි කමියයිත් ඔයාව මතක් කලා

      Delete
    3. එක කාලයක් රගර්වලදි සුලෝහිතයන්ට වැදුනෙ ක්‍රිකට් ස්කෝර් වලින්.
      ඒ කාලෙ ඉන්දික සුලෝහිත නෙමෙයි මං හිතන්නෙ

      Delete
    4. නලින්,

      මම මුලින් හේන පාරෙ, 5 පස්සෙ මරදානෙ, 10 පස්සෙ ගල්කිස්සෙ. විස්තරේ පස්සෙ දාක කියන්නං හම්බ උනාම.

      මම දැක්ක බෝතල් පාටිය කට්ටියගෙ. දුක තමා රංජනී, මෙහෙ බෝතල් ලාබයි, බොන්න කවුරුත් නෑනෙ :(

      Delete
  3. වැඩේ තියෙන්නෙ ගේම ගොඩ දාන්න බෝලෙ අරන් දුවලා ට්‍රයි එක තිබ්බොත් තනියෙන් දිව්වා කියලා බනිනවා.බෝලෙ පාස් කරොත් එක්කො ෆෝවර්ඩ් පාස් කියල හරි බයට පාස් කරා කියලා හරි බනිනවා.. කොහොමත් බැනුම් අහන්න වෙන නිසා බෝලෙ පැත්තකින් තියලා කයියක් ගහගෙන ඉන්නවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹට හරියන්නෙ ගස් ලබ්බම තමා :)

      Delete
  4. ඔබ අලුත් පැත්තකින් සහ ප්‍රායෝගිකව මේ විෂයය දිහා බලා තිබෙනවා. මෙවැනි සංවාද අපේ සති අන්ත පුවත්පත් වලට ගෙනයායුතුයි.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ විචා, කතාව විතරයි අන්තිමට.

      Delete
  5. සයන්ටිස්ල මේ වගේ රගර් වලට දක්ෂ වෙන්ඩ හේතුව කෝටු පාස් කියල දැනගත්තෙ අදනෙ.ඇත්තටම ඒ සෙල්ලම ලොකු උදවුවක් වෙනව ඇති.
    මේ දවස් වල හොදම ටීම් එක සයන්ටිස්ල තමයි. සංජීව ජයසිංහ කියන්නෙ කෝටු පාස් සෙල්ලමේදි හොදටම වෙට්ටු දාපු එකෙක් වෙන්න ඇති.
    පූස් , අලුත් ජොබ හොදයිද ?

    ReplyDelete
    Replies
    1. අලුත් ජොබ වරදක් නෑ, අම්බානෙට වැඩ. ඒකයි එකම අවුල :)

      Delete
  6. මට නම් රගර් ගැන ලොකු දැනුමක් නෑ..
    ඊලග කොටසේ රස කතා ටිකත් ලියන්න..

    ReplyDelete
  7. මොලොවක් තේරෙන්නෑ

    ReplyDelete
    Replies
    1. උඹල දන්නෙ ගල් බෝතල් ගැනයි වෙරළු ගැනයි විතරනෙ.

      Delete
  8. මචං.. මං බදුල්ලේ එකානේ.. ෆුට් බෝල් ඇන්ඩ් හොකී තමයි එහෙ ජනප්‍රිය.. හැබැයි මං ඔය දෙකටම දක්ෂ නෑ එච්චර.. ඔහොම ඉඳල නේවි ගිය පාර ඉගෙන ගත්ත රග්බි නැත්නම් අර කියුව වගේ රගර් කියල එකක්.. ඉස්සර මට ඕක විකාරයි.. එත් අපේ බැච් එකේ හිටපු රෝයලිස්ට් ල.. තොමියන්ස් ල කිග්ස්වුඩ්, විද්‍යාර්ථ , ධර්මරාජ ඔය උන්ගෙන් ටික ටික අහගෙන මං ඕක ඉගෙන ගත්ත.. 2003 තමයි මගේ රග්බි වසන්තය.. නේවි ට්‍රේනින් කමාන්ඩ් ටීම් එකේ ප්‍රොප් ගහනකොට මගේ වේට් එක කිලෝ සීයයි.. ඒ වගේම ඉස්සර ඉඳල කඳු නැගලද කොහෙද මට ෆුල් සයිස් කකුල් දෙකක් තිබුනා.. කිලෝ සීය උනාට ෂෝර්ට් ස්ප්‍රින්ට් එකක් කරන්න පුළුවන් ඕනේ හැටියේ.. අනික පට්ට ෆිට්නස් .. හති කියල නාමයක් නෑ.. 2003 ඉන්ටර්කමාන්ඩ් චැම්පියන්ස් උන හැටියේ මාව සිලෙක්ට් උනා නේවි ටීම් එකට.. කරුමෙට කකුල් හතරයි කියනවනේ.. කොළඹට ඇපොයින්මන්ට් යවන්න විදියක් නෑ ඩෝරා වල ඉන්න ඕනි ඔෆිසර්ල කියල මට යන්න දුන්නේ නෑ.. එහෙම යන්න උනා නම් මේක වෙනම කතාවක් වෙන්නත් තිබ්බා.. දැන් ඒ ඔක්කොම නිකන් හීනයක් විතරයි..

    ReplyDelete
    Replies
    1. චැහ්! අපරාදෙ!

      Delete
    2. උඹට ප්‍රොප් එකකට නියම ගාන. ගාල්ගේය ගැහුවෙත් ප්‍රොප් එකක් තමා ඉස්සර.

      අනික සුසීල වගේ ගමේ කඳු නැගපු අලි හොයාගත්තනං එළම තමා.

      Delete
  9. යකෝ එතකොට රගර් හොයාගෙන තියෙන්නෙ ලංකාවෙ එවුන්ද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...හෙළයන්ගෙ වැඩක් තමා ඒකත්

      Delete
  10. 1.මේකෙ වටිනම කොටස තමයි කෝටු පාස් සෙල්ලම. මම මවිත වුනා මෙහෙමත් සෙල්ලමක් තිබුන කිව්වම.(තනිකර ටච් රග්බි වගේ තමයි) .එහෙම සෙල්ලමක් මම නං අහල දැකල තිබුනෙම නෑ. නමුත් රග්බි වලට වඩා ආරක්ෂාකාරී, ලෙහෙසි, ඉකොනොමිකල් සෙල්ලමක් බව කියන්න පුළුවන් පැහැදිලිවම.

    2.ලාංකීය රග්බි ඉතිහාසයේ (නාමල්, යෝශිත, රෝහිත තෙබෑයන්ට පස්සෙ) මම කැමතිම ප්ලේයර් තමයි සංජීව ජයසිංහ. (රධික හෙට්ටිරාරච්චි සහ නාලක වීරක්කොඩි එයාට කිට්ටු අනිත් දෙන්න). වින්ග' ක්‍රීඩකයෙක් විදියට වර්ල්ඩ් කප් ගහන්න උනත් බුවා නිර්දේශ කරන්න පුළුවන් බව කිව්වම ඇති.

    3.ඇඟ?
    පැහැදිලිවම රග්බි වලට ඇඟ ඕන. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඇඟ විතරක් තිබුනම ඇති කියල. පැක් එකේ බර අටසීය හැත්ත පහක්වත් නැත්තං අමාරුයි. මෙදා බර වැඩිම පැක් එක තියෙන්නෙ වේල්සයට. කිලෝ නවසීය හතලිස් ගණනක්. නමුත් කිලෝ නවසීයක එංගලන්තය එක්ක පළමු අර්ධයේදි පෙනල්ටි දෙකක් ගියා.
    නමුත් පසුපෙලට නං ලොකු ඇඟවල් ඕන නැති බව හැබෑව (සංජීව ජයසිංහටත් මේක අදාලයි).

    කුමන හෝ රටක රග්බි දියුණු තත්වයකට එන්න නං ඉන්ටනැෂනල් ලෙවෙල් එකටම ඇඟවල් තියෙන්න ඕන. අපියි ජප්පොයි ගහද්දි අපේ එවුන්ගෙ කුඩා බව කැපී පේනව. ඒ වගේම ජප්පොයි උඩ රටවලුයි ගහද්දිත් ජප්පො පොඩියි. එහෙම තියෙද්දි අපි ඉහල රටක් එක්ක ගහද්දි තේරුමක් නැතිව යනව කුඩා ශරීර නිසා. තාක්ෂණිකව හොඳම ලෙවෙල් එකට ආවත් අපිට පුළුවන් ජප්පන්ට පහලින් ඉන්න විතරයි කිව්වෙ ඒකයි. (හොංකොං උනත් සෑහෙන්න ලොකු බුවාල ඉන්නෙ).

    වැඩි දෙයක් ඕන නෑ වර්ල්ඩ් කප් ගහන ෆීජි සමෝආ ටොංගා වල ජනගහන පිලිවෙලින් ලක්ෂ අට, ලක්ෂ දෙක සහ ලක්ෂයයි. හේතුව ඇඟවල්.

    ReplyDelete
    Replies
    1. @රාජ්,
      දකුණු කොරියාව?

      Delete
    2. දකුණු කොරියාව?
      ඔව් මොකද?
      පොඩියි, ආසියාවෙ දෙක, යා හැකි උපරිමය වගේ තමයි.

      Delete
    3. කාටද ආසියාවෙ දෙක වෙන්න හොඳම චාන්ස් එක තියෙන්නෙ?

      Delete
    4. Raj
      ලාංකීය රග්බි ඉතිහාසයේ (නාමල්, යෝශිත, රෝහිත තෙබෑයන්ට පස්සෙ) මම කැමතිම ප්ලේයර් තමයි සංජීව ජයසිංහ

      මේ ඇත්තක්ද කියන්නේ. රාජපක්ස බෙබිලට කැමති උන් ලස්සන නිසාද නැත්තන් උන් දක්ෂ කියල හිතන නිසාද? මටනම් තේරෙන්නේ ඔබ සන්ජීවලගේ කාලෙට කලින් රග්බි බලල නෑ වගේ. අනු ගණන් වල ඉම්ටියාස් මරික්කාර්, ප්‍රියන්ත ඒකනායක, අපිසි නගාටා, ජමල්දීන්, චන්ද්‍රශාන් වගේ අය දැකල නැද්ද? මෑත කාලයේ මරිජා, කොස්තා, ෂෝන්, බිලාල් හසන් වගේ අමතක උනාද?

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. Kas
      යකෝ පොඩි කනේ පාරක් ගැහුවෙ. තේරුනේ නැද්ද :-)

      අනිත් ටික නං හරි. මම රග්බි ගැන උනන්දු වුනේ 2003 විතර ඉඳල.
      යට නම් ටිකෙත් කැමති අය ඉන්නව. ඔය චන්ද්‍රශාන් කියනෙ දැන් නිවේදන කටයුතු කරන කෙනාද?

      Delete
  11. ඉන්දික කියල තියන සංජීවගෙ ට්‍රයි එක ගත්තෙ කවදද? මොන තරගාවලියකද? මට මතක නෑනෙ?

    ReplyDelete
    Replies
    1. මට මතක විදිහට 2001 හරි 2002 ඩුබායි සෙවන්ස් වලදි. මිනිහ ඒ ටූනමන්ට් එකේදිම පෘතුගාල් උන්ටත් ට්‍රයි එකක් තිබ්බ.

      Delete
    2. 2001 ඩුබායි සෙවන්ස් වල.

      http://www.sundaytimes.lk/110821/Sports/spt21.html

      Delete
    3. @ IP /MF,

      SL කවදාවත් ඕල් බ්ලැක්ස්වගේ ටීම් එකක් එක්ක 15 ගහල නැද්ද? නිකම් විහිලුවටවත්?

      Delete
    4. මොන මගුලක්ද? මම හිතුවෙ 15 කියල. සෙවන්ස් නං ඉතිං ට්‍රයි එකක් ගන්න පුළුවන්.

      Delete
  12. කොහෙද බං අන්තරස්දාන වෙලා හිටියෙ?

    ReplyDelete
    Replies
    1. වැඩ බං, මේ මගුලෙ ජොබ් එක ළමයෙක්ට දෙන්න හිතෙනව

      Delete
  13. අපිත් "සයන්ටිස්ලා"තමයි..:)

    සයන්ස් රගර් ගැන කතා කරන කොට අමතක කරන්නම බැරි චරිත දෙකක් තමයි.අවුරුදු ගානක් ස්කෝලේ රගර් පුහුණු කරපු,ඒ හින්දාම රස්සාවල් දෙකක්ම නැති කර ගන්න වෙච්චි කමල් සර් සහා දැඩි විනයක් සහිත ආචර්යවරයෙක් වෙච්චි ජයසුරිය සර්.

    සයන්ස් එකට දැන් තියෙනවා සුපිරි රගර් ක්‍රීඩා පිටියක්.රොකට් යවපු රෝහිතත් සයන්ස් එකේ රගර් උපදේශකයෙක් වෙලා හිටියා.හැබැයි ඌ ඉන්න කාලේ ටීම් එකේ විනය නැති කරලා දැම්මා කියලත් කට්ටිය කියනවා.

    //විද්‍යා විද්‍යාලය කියන්නෙ අනූව අග වෙනකල්ම ද්වීතීය විද්‍යාලයක්, ඒකේ ප්‍රාථමිකයක් තිබ්බෙ නෑ.//

    නැහැ මම අනු තුනේදී එක වසරට ඇතුල් වුනේ විද්‍යා විද්‍යාලයට.මේක අසුව අග විය යුතුයි.ඉන්දික.

    ReplyDelete
    Replies
    1. හරිනෙ මනෝ. මම ඔය ඉස්කෝලෙට ගිය අවුරුද්දෙ තමා මුලිම්ම ළමයි එක වසරට ගත්තෙ. උඹ ඇතුල්වෙලා තීන්නෙ මම එලියට ආ අවුරුද්දෙනෙ :)

      Delete
  14. අපි ඔය සෙල්ලම කරන්න පටන් ගත්තේ අඹ ඇටයකින්. අඹ ඇටයක් නැත්නම් තමයි කෝටු කෑල්ලක් ගන්නේ. ඉන්දික කියපු විදිහටම අපේ ඉස්කෝලෙත් ඔය සෙල්ලමේ කෙල පැමිනි අය පසුකාලීනව අති දක්ෂ රගර් ක්‍රීඩකයෝ උනා. සයන්ටිස්ට්ලාගෙන් මම කැමතිම ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි රිචඩ් ධර්මපාලයි සාජිත් සිල්වායි. සාජිත් තාම පාසැල් ශිෂ්‍යයෙක්. හැබැයි පුදුමාකාර හැකියාවක් තියෙන කොල්ලෙක්.

    /*නිසි තාක්ෂ්නය එක්ක හරි ක්‍රීඩකයොන්ට අවස්ථාවක් දුන්නොත් අපිට රග්බිවල මීට වඩා තැනකට එන්න පුලුවන් බව*/
    සහතික ඇත්ත.උදාහරනයකට,ශ්‍රී ලංකාව 2002දි වගේ U19 ආසියානු තරඟ වලදි ජපානයට පැරදුනේ 21-18 වගේ සුලු පරතරයකින්. ඒත් දැන් ලංකාවට ජපානෙත් එක්ක හැරෙන්න වත් බැහැ. මෙතනදි මුලින්ම කෝචර්ස්ල සහ රෙෆරීස්ලව පුහුණු කරවන්න ඕනි. දැනට ලෙවල් 1 කෝචර්ස්ල ඉන්නේ හරි අඩුවෙන්. ඊට අමතරව U15-16 national squad එකක් හදන්න ඔනි. මොකද රගර් ක්‍රීඩකයෙක් පොඩි කාලේ හදන එක ලේසි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... ඔය ඉන්නෙ තව කෙටු පාස් කාරයො.

      Delete
  15. පරණ උනත් මෙතෙන්ට මේක දාන්නෙ නැතුව ඉන්න බෑ.. කට කහනවා...ක්‍රීඩාවට ඇඟ බලපාන එක හැබෑව... හැබැයි රගර් වලදි හැම සයිස් එකටම තැනක් තියනවා.. අනික ජපන්නු හෙන ලොකුයි කිව්වට සාමාන්‍ය ශරීර ප්‍රමාණය බැලුවම ජපන්නු පොඩියි.. හැබැයි ඉතින් අවශ්‍ය වෙළාවට අවශ්‍ය ප්‍රමාන වලින් ඉන්නවා. සුමෝ ගහන්නෙත් ජපන්නු. එත් සාමාන්‍ය ජපන් ජාතිකයෙක් සාපේක්ෂව ලංකාවේ මිනිස්සුන්ටත් වඩා පොඩියි. රගර් කියන්නෙ දූපත් වාසීන්ට, ගෝත්‍රිකයන්ට හොඳටම ගැලපෙන සෙල්ලමක්. ටොංගා, ෆිජි, සැමෝවා, වගේ. ලංකාවෙ උස මහත මිනිස්සු ඉන්නවා. එකම අඩුපාඩුව පොඩි කාලේ ඉඳන් මේ ක්‍රීඩාවට යොමු නොවීම. බේබිල ගහපු දවස් වල රගර් වලට අඩුම තරමෙ පබ්ලිසිටය ලැබුණා, උන්ගෙන් එක දාගන්න හරි. දැන් මෙච්චර ලෝක කුසලානයක් තියෙද්දී මැච් එකක් ගැන විස්තරයක් පත්තරේක වත් යන්නේ නෑ... රගර් කියන්නෙ අපිට හොඳට සෙල්ලම් කරන්න, හොඳ තැනකට එන්න පුළුවන් ක්‍රීඩාවක්. නියම පිරිමින්ගෙ සෙල්ලමක්. බෝලයක් හොයාගත්තම අඩුගානේ ටැප් හරි ගහන්න පුළුවන්. අපේ දැන් සෙල්ලම ක්‍රිකට්.. කාලේ කන ක්‍රීඩාව..පොඩි ළමයි ගහන්නෙත් ක්‍රිකට්. ක්‍රිකට් කිව්වට ටෙනිස් බෝල ක්‍රිකට්. ලංකාවෙ ජනප්‍රියම ක්‍රීඩාව කිව්වට ඔක්කොම ඒ ගැන කතා කළාට ක්‍රිකට් හරියට ගහපු (ලෙදර් බෝලෙකින්) ලංකාවේම ඉන්නේ කීයෙන් කී දෙනාද? එතකොට බැලුවම අපි ක්‍රිකට් කියල ගහල තියෙන්නෙ ඇට බෝල. ඉන්දික අයිය කිව්ව වගේ කොටු පාස් වලින් රගර් වලට අඩිතාලමක් හැදුනට ටෙනිස් බෝලෙන් ගහන ක්‍රිකට් වලින් මළාට අඩිතාලමක් වැටෙන්නෙ නෑ.. එකයි කරුමේ.. රගර් මීට වඩා ප්‍රචලිත කරන්න ඕන ලංකාවෙ.. කරුමේ කියන්නෙ එක ප්‍රචලිත කරන්න පුළුවන් එවුන් තුන් දෙනාට තිබ්බේ දේශපාලනික පිම්බීමක් මිසක් ඒකෙ හුලන් බැස්සට පස්සේ රගර් නන්නත්තාර උනා...

    ReplyDelete
  16. බ්ලොග් එකක් ලියන්න විවේකයක් තියෙන එක සතුටක්. වැඩ වැඩි වුණත්. ජොබ් එක නැගල යනව ඇති නේද

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails