Saturday, August 8, 2015

මහින්ද එක්ක නැගිටිමු....!

හොඳ මිතුරන් ලැබෙන්නේ හොඳ මිනිසුන්ටයැයි අර නාසය දිග බුරා මහතා වරක් පවසා තිබුනි.

මිනිසෙකුට එවන් අගනා මිනිසුන් ලැබීම වාසනාවක් හෝ අහම්බයක් විය හැක. නමුත් එහි ප්‍රථිපලය වචනයෙන් පැවසිය නොහැකි තරමේ වටිනා හැඟීමකි.

ජීවිතයේ ඕනෑම අසීරු අවස්ථාවක, එයට මුහුණ දෙන්නට යම් හය්යක් වෙන මිනිසුන් අවට සිටීම, උන්ගෙන් බලාපොරොත්තුවෙනවාටත් වඩා හය්යක් ලැබීම, මෙය අවාසනාව මැද දකින වාසනාවකි, කරදර මැද විඳින සතුටකි.

ජීවිතය යනු කොටු ගසා, සැළසුම් කර ගෙවන දෙයකට වඩා, එන දෙයට මුහුණ දෙමින් ලැබෙන දේ සතුටින් විඳිනා අපූර්ව අත්දැකීමක් ලෙස මම තරයේ අදහමි.

සෙනසුරු ලැබුවාම ඇවිද්දවන බවද කරදර දැඩිවන බවද ජෝති-පාල මහත්වරුන් කියයි. එසේනම් මේ ලබා ඇත්තේ මගේ සෙනසුරාය.

දසවරක් ගතකල රටකට, මිතුරන් පිරිසකට පමණක් නොව පස්වසක් කල රැකියාවකට සමුදී, කුඩා නිස්කලංක රටකින් පිටව පවුල් පිටින්ම තවත් රටක්, අලුත් රැකියාවක, දිනකට කිලෝමිටර 75ක් 100ක් පමණ රිය පදවමින්, මහා වේගයෙන් දුවනා රැළක් මැදට වැටී පිම්මේ දුවන්නට වීම සෙනසුරාගේම බලය නිසාමනම්, සෙනසුරා යනු කියන තරම්ම නරක නැති එකෙක් විය යුතුය.

නැතිනම්, වැටෙන්න ඉඩ දෙන අතරම හය්යෙන් අල්ලඅගන්නට අතක් දෙන එකෙකුත් එකවර ලබා නොදෙනු ඇත.

පසුගිය මැයි මස වනවිට මගේ බ්ලොග් ජීවිතයට වසර හයක් පිරුණි. නමුත් ඒ වනවිට බ්ලොග් තියා බොගක් දැමීටවත් ඉඩක් නැතිව දැඩි ලෙස කාර්‍ය බහුල, සංක්‍රාන්ති සමයක් ගෙවමින් සිටියෙමි.

එහෙත් මේ බ්ලොගයෙන් මා හමුවූ, හඳුනාගත් පිරිසක් මා වැටෙන්නට නොදී, වටකරගෙන සිටියහ. ඒ පිරිස අතර සිටි යෝධයකු වන් එකෙකු, පියෙකු ලෙස තවම මා පසුපස සිට, දුක සැප සොයමින්, අත අත නෑරම ලඟ සිටියි.

දේශපාළනය නිසාම මිතුරන් හතුරන් කරගන්නා මිනිසුන් මැද, උඹ මට සහෝදරත්වය මිත්‍රත්වය ඒ සියල්ලටම වඩා ඉහලින් තීන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්වීය.

උඹේම ගෙදර උඹේම ඉන්ටනෙට් එකෙන් ගිහින් උඹට විරුද්දව ස්ටේටස් දමත්දී, එතන වාද කර විත් එකට කා බී උඹ පහල ඇඳෙත් මම උඩ ඇඳෙත් නිදා ගතිමු.

එක් වසළයකුගේ ක්‍රියාවක් නිසා බ්ලොග් ලොව පුද්ගලික මිතුරුකම් වලින් මිදී සිටි මට, නරකෙහි මෙන්ම හොඳෙහිද අන්තයටම ගිය මිනිසුන් මෙහි සිටිනා බව පෙන්වූ සබඳ, මට නැගිටින්නට අත දුන්නාට උඹට පින්..!

තුන් මසකට පසු නැවත බ්ලොග් ලියන්නට පටන්ගනිත්දි මේ කතන්දර මෙසේ ලීවේ ස්තූති කර උඹෙ මනුස්සකම් වලට අපහාස කරන්න නොව, වසලයින් පමනක් නොව මට බ්ලොග් ලිවීම නිසාම දෙවිවරුද හමුවූ බැව් ලියා තැබීමට පමණි.

දුමී, මට බ්ලොග් නිසා ලැබුන වටිනාම දෙය නම් උඹ වැනි ඇදහිය නොහැකි තරම් හිතවත්කමින් පිරුණු මිනිසෙකු හමුවීමයි.

ප/ලි...
ඒ එක්කම මේ කරදර, කලබල මැද්දෙ මගේ තනිකම ගැන හිතල ට්‍රිප් ඕගනයිස් කරපු, ඩුබායි වට්ටක, කාගෙත් දුකට පිහිටවෙන දුකා, තිස්ස දොඩං, ඊයෙ පෙරේද කරත්තෙ බැන්ද රුචක සඳරුවන්...මේ සේරම මට හම්බ වුනේ බ්ලොග් නිසා... ඉතින් කොහොමද මේක පාලුවෙන්න යවන්නෙ?

ඉතින් මහින්දත් එක්ක අපිත් නැගිටිමු..!

89 comments:

  1. හම්‍ෙමෙේ ඇති යන්තං නැගිටල

    ReplyDelete
    Replies
    1. නැගිට්ට වගේ නෙමේ බන් තීන වැඩ දැක්කම නිදා ගන්න හිතෙනව ආයි.

      Delete
  2. මහින්දට බම්බු ගහගන්න කියල උඹ නැගිටපං මලයා.

    ReplyDelete
    Replies
    1. "....සෙනසුරා යනු කියන තරම්ම නරක නැති එකෙක් විය යුතුය...."
      :-)

      Delete
    2. මහින්දට බම්බු ගහගන්න කියල උඹ නැගිටපං අයියා

      Delete
    3. මහින්දත් එක්ක බැරිනම් එත් අවුල නෑ..ඉස්සරහට ගොඨාත් එක්ක නැගිටිමු..විමලුත් එක්ක නැගිටිමු....‍රැළී ‍රැල්ලට එවී...

      Delete
    4. හෙනහුරා කියන තරම් නරක නෑ තමා.

      ගජිනි, බැරිම උනොත් විමුක්ති එක්ක හරි නැගිටිමු බන්.

      Delete
    5. ගජිනි නෙමේ හුත්ටෝ.....ගයිජින්.......

      Delete
  3. අන්න විදානේ ගොයියත් නැගිටලා. දැන් මන්න මෙයාත් නැගිටලා. මේ වගේ නැගිටීම් වලට අපි එක පයින් සපෝට්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. දාන්න සැර් පහක් !! රෙෂ්පට් ටෝක්ෂ් එක.. අපි එක පයිං .. ඕ යේස් !!!

      Delete
    2. තාම හතලිහනෙ, නැගිටගන්න එහෙමම අමාරුවක් නෑ ඉතින් :)

      Delete
    3. හතලිහ කියන්නේ ඇත්තටම තිස් නමයයි නේද? හරියට අවුරුදු පහේ බ්ලොග් එකට එකක් එකතු කරලා "හය පිරුණා" කියනවා වාගේ.

      Delete
  4. හොඳයි හොඳයි මහින්ද පැත්තක දාල උඹ නැගිටපන් .

    ReplyDelete
    Replies
    1. එහෙම කොහෙද බන්, ඌ එක්කම නැගිටිනව මේ පාර.

      Delete
  5. උඹ නැගිටපු එකගැන අප්‍රමාණ සංතෝෂයි බොසා.. මහින්ද මගුලක් නෙමෙයි බං උඹේ පසු විපරම් කමෙන්ට් නැතුව මෙලෝ රහක් නැතුව හිටියෙ... අම්මපා. ඕ යේස් !!!

    ReplyDelete
    Replies
    1. උඹලගෙ පරණ බොසාටත් එන්න කියහන් නැගිටල පසු විපරම් කොමෙන්ට් හොඳට දාන්න..ඕ යේස්

      Delete
  6. මේ දවස්වල හැම එකාම නැගිටිනවනෙ බොලව්! මං දැක්කා බුකියේ සනී ලියොන් අක්කත් නැගිටින්න හදනවා.

    ReplyDelete
    Replies
    1. එයා නං නිදා ගන්න එකයි හොඳ, එතකොටනෙ අපිට නැගිටින්නෙ

      Delete
  7. මහින්ද එක්ක නම් නැගිටිනාවට වැඩිය හොඳයි බුදියගෙනම හිටපන්.. හැක හැක හැක..

    දුමී හොඳ එකෙක් කියල ගොඩක් අය කියනවා. ලංකාවට අපු වෙලාවක සෙට් වෙමු.. උගෙත් තියෙන නරකෙ සැහෙන දවසකින් කට කහන මොකුත් ලියුවේ නැති එක තමයි.. වෙල්කම් බැක්.. (අපේ බ්ලොග් පාලු වෙලා උබේ කොමෙන්ට් එකක් නැතුව..)

    ReplyDelete
    Replies
    1. ඔන්න දුමිය සිකුරාද ලංකාවට එනව. මූණු පොතේ මෙසේජ් එකක් දාල අල්ලගනින්.

      Delete
  8. හෙහ්..ඒකයි මේ සෙනඟ නැත්තෙ එහෙනං ඒ? හරි.... හරි....නැඟිටිමු නැඟිටිමු....:)

    ReplyDelete
    Replies
    1. ඔව් බන්, මේක සුළි සුළං හමන, මහ කුණාටු කාලයක්..

      Delete
  9. හොඳ වෙලාවට උඹ පොස්ට් එකක් දැම්මේ, මම මේ මගේ රතු දත්ත පොටේ අප්ඩේට් කරන්න හිතාගෙන හිටියේ. උඹ මොකටද මේ බ්ලොග් ලෝකෙන්ම වහං වෙලා මහින්ද එක්ක බුදියගත්තේ .. හැක

    අන්න උඹ ගැන කප්පරක් බලාපොරොත්තු තියාගෙන හිටපු කෙල්ල තාව ටිකෙන් උඹව අතැරලා යන්න ගියේ, දැන් මෙහෙම කියා කියා ඉන්නවා

    “ ඔබ ආයෙමත් ඇවිදින්
    ඔබ ආයෙමත් ඇවිදින්
    සිත හදා ගත්තා විතරමයි
    නුඹ ආයෙමත් ඇවිදින්

    උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
    නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
    නුඹ ආයෙමත් ඇවිදින්

    දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
    එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
    නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්”

    ගායනය - විශාරද අමරසිරි පීරිස්
    පද රචනය - ධම්මික බණ්ඩාර
    සංගීතය - ඩැනිස්ටර් පෙරේරා

    https://www.youtube.com/watch?v=TmdP5OCYy_U

    ReplyDelete
    Replies
    1. මචෝ මේකත් ඒ කෙල්ලමද කොහෙද කියන්නේ ...හැක්

      දේවතා එළියක්‌ විලසින්
      නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
      දේවතා එළියක්‌ විලසින්

      සියපත් තුඩු අග සුවඳ සිඹින්නට රෑ යාමේ
      ඇවිදින තරුවක් දැයි සැක සිතුණා
      ඔබ එළිය නිවා හිඳිනා

      දේවතා එළියක්‌ විලසින්
      නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
      දේවතා එළියක්‌ විලසින්

      සීතල දිය මත ඉගිලී යන්නට වෙර දරනා
      තනිවුණු ඔරුවක්‌ දැයි සැක සිතුණා
      ඔබ කතා නැතිව හිඳිනා

      දේවතා එළියක්‌ විලසින්
      නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
      දේවතා එළියක්‌ විලසින්

      ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
      පද රචනය - සුනිල් ආර්. ගමගේ
      තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

      Delete
    2. ඉවානය, විස්තර හොයල බැලුව එකටත්, උඹෙ සින්දුවට ස්තූතියි! ඔය කියන ළමය ඉන්න තැන කියන පොඩ්ඩක් කියහන්කො, එයා එක්කම නැගිටගන්න.

      සින්දු, උඹටවත් හම්බ උනොත් කියහන්කො මමත් එයාව හොයනව කියල.

      Delete
  10. මට බ්ලොග් එකක් ලියන්න හිතුනෙ ඉන්ද්‍රනාතයන්ගේ ෆොටෝ එක ගැන මේකේ ලියලා තිබුනු පෝස්ට් එක දැකලා. ඒත් ඊට පස්සෙ දිගටම සද්ද නැතුව ඉන්නවා තමයි දැක්කෙ. ඊයෙත් කල්පනා උනා ඉන්දික දැන් ලියන්නෙ නැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. වැඩ, වැඩ තමා. මම නැතත් බොලා ලියන එකත් ලොකු දෙයක්නෙ.

      Delete
  11. සය වසරක බ්ලොග් කෙරුවාවට පළමුව සුබ පැතුම්. ඒ වගේම බ්ලොග් නිසා මට හමුවුනු තවත් එක් සුන්දර මානවයෙක් උඹත් මචං. ජයවේවා.... ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලිය. උඹත් හොඳ මිනිහෙක්, ඒත් දැන් කරන්නෙ නරක වැඩ වගේ ?

      Delete
  12. ඔන්න ඔහොම පස් මහ බැලුම් බලලා, දුෂ්කර ක්‍රියාකරලා නැගිට්ට එක්කෙනෙක් ගැන පොඩි කාලේ කියල දුන්නා...එයාගෙ ගෝලයෙක්ගෙ පුතෙකුත් හිටයනේ මහින්ද කියලම...
    නැගිටනකන් බලං හිටිය අපිට මොනාවත් කියල නෑනේ
    ...
    8වෙනිදා නිදාගත්ත ගොඩාක් අය තාම නැගිටලා නෑ ඉන්දික....

    ReplyDelete
    Replies
    1. බලං උන්න උඹල වෙනුවෙන්නෙ බන් මේ සේරම.

      සහතික ඇත්ත, 8 නිදා ගත්ත උන් තාම නැගිටපු නැති එක අවුලක් තමා.

      Delete
  13. හප්පට බොල නැගිටින්න ගියාම සෙට් එකම එකපාර නැගිටිනව වගෙයි.
    දුමියො ආයෙ මේක බුදියගන්න ගියොත් ඇඳෙන් පල්ලට ඇද දැමීමේ වගකීම ඔබ සතුයි. :හැක්

    ReplyDelete
    Replies
    1. දුමිය නිදි හම්බානෙට. ඌ නැගිටින්නෙ ඡන්දෙන් පස්සෙනෙ.

      Delete
  14. ඇම් ඕ සී කියන්නෙ ඉතින් දැන් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකක්නේ...
    ඒ මොඩුයුල් වල මෙව්වා උගන්නන්නේ නැතිය...
    මේවා ඉගෙන ගන්න පොළවේ පය ගසා සිටිය යුතුය...
    ඉඳ හිට හෝ "සෙට් වෙමුද මචං ?" කියා අසා සෙට් විය යුතුය!
    එවිට "බුරා ද පිලොසොපර්" මෙන් ඔය වාගේ පොඩි පොඩි කෑලි අපටත් කිය හැකි වනු ඇත!!
    කවුරු හරි quote කරන්නෙත් නැතැයි ඊට පස්සේ එව්වා ;-)

    ReplyDelete
    Replies
    1. ඊයෙ එනකොට දොළහමාරයි. කාලෙකට පස්සෙ ලැබිච්චි සුන්දර හැන්දෑවට උඹට පින්.

      Delete
  15. කොක්කක් වත් ඇදගන්න බොක්කක් නැතිව හිටපු මට උඹ ආවා කියන්නේ හොඳ වත්තක් හම්බ උනා වගේ දෙයක්...

    සහතික ඇත්ත මචෝ... බොග දාන උන්ගේ මොකක්දෝ අමුතු ලෙන්ගතු කමක් සහ සමාන කමක් තියෙනවා... කොහෙද මචෝ කුහකයෝ නැත්තේ...

    වෙල් කම් බැක් කිව්වා... මෑතක තිබුන සාජ්ජෙකදිත් අපි උඹ ගැන කතා උනා.. එතනදි මේ කියලා තියෙන සේරම විත්ති අපි දැන ගත්තා...

    වරෙන් යන්න අපිත් එක්ක...

    ReplyDelete
    Replies
    1. වරෙන් යන්න අපිත් එක්ක
      කන්න බොන්න හිනාවෙන්න
      බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
      ඔළුවෙන් හිටගෙනම...

      සතයක් වත් නැතිව නොමිලේ,
      හොදට හිනාවෙන්න...
      සල්ලි කියා තම මල්ලි මරාගෙන..
      රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
      ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා..

      බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද..
      චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන
      දත්නැතිව බත් කාපු අය දැකල දුක හිතුනා..
      පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද..
      වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
      බකන් නිලන් මොකද..

      වරෙන් යන්න අපිත් එක්ක.....

      ගායනය, පද රචනය හා සංගීතය - ඩැඩී

      Delete
    2. මාතෙ, කන බොන වෙලාවට අපිව මතක් උන කියන්නෙ මොනතරම් දෙයක්ද. බලමු, මේ දේසපාලනේ එකම තැන කැරකෙන නිසා එපා වෙලා බන් තීන්නෙ.

      සින්දු, අවංකවම ඕක මම කැමති සින්දුවක්.

      Delete
  16. උඹ ඔය කියන සෙට් එක මට කිසිදා මුණ නොගැහුනු උන් වුනත් මගේ හිත ඇතුලෙත් උන් ගැන තියෙන්නේ යහපත් ආකල්පයක්. ඒක කිසිදා වෙනස් නොවේවා කියන එක තමයි මගේ පැතුම.

    උඹේ අනාගතය යහපත් එකක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ එක එහෙම්ම වේවි බන්. උඹල ලංකාවට අගෝස්තුවෙ ආවනං ඔය ගොඩක් හම්බුවේවි.

      පැතුමට ස්තූතියි!

      Delete
  17. මහින්ද නිදි කරවන්න වරෙං. උඹේ හරබර කමෙන්ටු මතක් උනේ නැතුව නෙවේ.
    බ්ලොගේට සුභපැතුම්!
    දුමියාට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. උඹෙ පෝස්ට් එකක් නෑර කියෙව්ව, ඒත් කමෙන්ට් දාන්න ඉඩක් තිබ්බෙ නෑ බන්.

      Delete
  18. හයක් උනත් තාම ලාමකයි.. හැක්

    ReplyDelete
  19. මහින්ද නැගිටලා අන්න චන්දෙත් ඉල්ලනවා... උඹල දැනුයි නැගිටලා තියෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ ඉල්ලන්නෙ හීනෙන් බන්. තාම නැගිට්ටෙ නෑ.

      Delete
  20. අවුරුදු පහක් එක ජොබක හිටියාම හොඳටෝ ම ඇති. බ්ලොග් වුනත් ඒ වගේ ම තමයි.

    මටත් මගේ ජොබ දැන් එපාවෙලා. දැන් පහයි මාසයයි සතියයි.

    ReplyDelete
    Replies
    1. එවන්න රසික CV එක...සලකලා බලන්නම්.....

      Delete
    2. මටත් එපා වෙලා තියෙන්නේ.. දැන් 18 සම්පුර්ණයි.. (එවන්නද CV එකක්.. )

      Delete
    3. රසික, ඔව් අවුරුදු 5 ඇති නිසා තමා මාත් ආවෙ.

      දැන් චෙෆාකි බ්ලොග් ලියන උන් දාගන්නද හදන්නෙ කොම්පැනියට. මලා, වැඩක් වෙන එකක් නෑ බ්ලොග් ලියවිල්ලයි කමෙන්ට් දැමිල්ලයි ඇර.

      Delete
    4. අනේ මාවත් ගනිං ෂෙෆාකි. මටත් තිත්ත වෙලා තියෙන්නේ.

      Delete
  21. ඉන්දික අයියා අයෙත් බ්ලොග ලියන්න පටන් ගත්ත එක හොඳයි.
    ජය වේවා!!!

    ReplyDelete
  22. දුමී නම් වත්පොතේ මා එක්ක පැටලෙන්නට ආවා. අපි අහුවෙයි ඒවාට. ..!

    ReplyDelete
    Replies
    1. පැටලෙන්න ඌ හොඳ වැඩි එක තමා තීන සීන් එක.

      Delete
  23. බල්ලොත් ඒක්ක නිදියගත්තොත් ඉතින් මැක්කොත් ඒක්ක නැගිටින්න වෙනවා තමා සහෝ

    ReplyDelete
    Replies
    1. අපොයි, නොකියා ගිය කතාව!

      Delete
    2. කුරුටුවගෙ කතාව මට පැහැදිලි නෑ.

      Delete
    3. මට නම් තේරුණා. මේලක් එව්වොත් පහදා දෙන්නම්.

      Delete
  24. හය වසරක බ්ලොග් ජීවිතේට සුභ පැතුම්...
    නැගිටලා ආයෙත් ලියමු..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  25. නැගිටිමු..නැගිටිමු...
    හෙළ බ්ලොග් කොටවමු..

    ReplyDelete
  26. හ්ම්ම්........ගොඩක් නොදැක්ක උඹ & කට්ටිය එක්ක අකුරු වලින් බෙදා ගන්නව සහෝදර කම....සුබාෂ්.....මාතා.....තෝ...නලිය ....& තව බොක්කවල් හමු වෙන්නම ඕන මට.....

    ReplyDelete
    Replies
    1. උඹවත් හම්බුවෙන්න අපි බලාගෙන තමා ඉන්නෙ.

      Delete
  27. අම්මේ ඇති යාන්තං නැටින්න හිතුනා .උඹලා නැතිව මේ බ්ලොග් පාළුයි බන් අය්යේ .ඇවිත් මොනවා හරි කියලා යනකල් තමයි අපි හැමෝම බලා ඉන්නේ .බොලොග් එක නිසා හිත මිත්තරයෝ සෙට් එකක් මටත් දැන් ඉන්නවා ....ඕන් ආයෙත් නිදාගන්නවා හෙම නෙවෙයි හරිය .දැන් ඉතින් ලියපන් පහුගිය ඒවත් එක්ක.

    අවදි වන්න අවදි වන්න
    දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
    හිතනවාට වඩා සොඳුරු
    විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

    සුසුම් හෙලන කලට දුක්වෙලා
    ඔබත් සමග කවුද අඬන්නේ
    ටිකක් සතුටු වන්න සැනසිලා
    දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

    අවදි වන්න අවදි වන්න....

    බලනු මැනවි කුරුලු කැදැල්ලේ
    සතුට සැපත රස ඉතිරෙන්නේ
    එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
    දුකිනි මිනිස් බව ලැබගන්නේ

    අවදි වන්න අවදි වන්න ....

    දුක සැප දෙක පෙරලි පෙරලි යයි
    යන කාලය නැත නවතින්නේ
    ඊයෙ වගෙ ද අද ටිකක් සුභයි
    අදට වඩා හෙට හොඳ වෙන්නේ

    අවදි වන්න අවදි වන්න ....

    ගායනය - සි.ටී.ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. උඹලගෙ කමෙන්ටු ගැනත් එහෙම තමා කියන්න තීන්නෙ. බලමු මලෙ, අපි නිදා ගත්තට උඹල ඇහැරල හිටහන්කො, ඒ මදෑ.

      Delete
  28. මහින්දට ආපහු නැගිටින්න බැහැ අයියා.මහින්දට ආයේත් නැගිටින්න පුළුවන් නම් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා ගන්ටත් ඇහිකි වෙයි.ඒ නිසා මහින්ද තියලා අයියා නැගිටින්න.

    ReplyDelete
    Replies
    1. නැගිටින එක නෙමේ බන් අමාරු ඇහැරගෙන ඉන්න එකයි. මහින්දට අන්තිමකාලෙ බැරි උනෙත් ඒකයි.

      Delete
  29. වෙල්කම් බැක් සිංහ පෝතකයා...
    උඹත් ඉඳල ඉඳල නැගිටලා තියෙන්නේ බුදියගෙන ඉන්න ඕනේ කාලෙකනේ... ;)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්, මේ තමා ඇහැරගෙනම ඉන්න ඕන කාලෙ. ඒකනෙ මේ ආයි ආවෙ. :D

      Delete
  30. අැහැරියං...නැගිටහං...ෙගාරවහං...
    https://www.youtube.com/watch?v=CevxZvSJLk8

    ReplyDelete
    Replies
    1. ගොර්වන්න පුලුවන් හපාකන්න තමා බන් බැරි. වීඩියෝවට ස්තූත්යි, බලාගන්න වෙන්නෙ සිකුරාදටම තමා.

      Delete
  31. දැකලවත් නැති උනාට.. දැන් තියෙන තත්ත්වෙ උඩ මතවාදීව විරුද්ධ උනත්.. මමත් හිත හොඳ මනුස්සයෙක් කියල හිතාගෙන ඉන්න කෙනෙක් තමයි දුමී අයියා..ඉතිං ඒක සහතික කලා ඉන්දික මහතා... සන්තෝසයි! අලුත් රස්සාවට වෙනසට ජය..!

    ReplyDelete
    Replies
    1. පක්ෂෙ මොකා උනත් හොඳ එකාගෙ හොඳ එහෙමමයි, ඒකනෙ ඌ එක්ක කවුරුත් වැඩිය මූණු පොතෙ රන්ඩු නොවෙන්නෙත්.

      Delete
  32. ඇති යංතං....බලන් උන්නෙ එනකල්.......
    වැඩ අස්සෙ වුණත් නැගිටින්නම වෙනවා.
    කොහොමත් ලංකාවෙ කලබලකාරී ජීවන රටාව මැද්දෙ කෙලිං ඉන්න එකත් ලේසි පාසු නෑ තමයි.

    අලුත් රස්සාවට සුබ පැතුම්.........

    ReplyDelete
    Replies
    1. හෙන්‍රිට පැටලුනාද? මම ඉන්නෙ ඩුබායිනෙ දැන් :)


      සුභ පැතුමට ස්තූතියි!

      Delete
  33. කැලෑ පූසො බුදියයන්ඩ කැමති ජාතියක්නෙ, වැරැද්ද හයිනාවෙක් එක්ක නැගිට්ට එක තමා.

    ReplyDelete
    Replies
    1. වැඩිපුර දාපු නින්ද ගලවල දැම්ම ඔන්න. ඩෝප්ද තාම?

      Delete
  34. ඉන්දික සහෝදරයා.... යන්තම් ඇති ආයෙත් මෙහෙම වත් ලිව්වා... නින්දෙන් ඇහැරිලා දැන් වත් දිගටම ලියමු... හයවසරක බ්ලොග් කෙරුවාවට සුභපැතුම්.... පොඩි හිඩැසක් තිබ්බ පහුගිය ටිකේ....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සහෝ. බලමු ඉඩ තීන විදියට මොනා මොනා හරි ලියන්න ආයි

      Delete
  35. දුකා දුමී හමුවෙලා නැති උනාට...නියම හදවත් දෙකක් කියලා මට වැටහිලා තියෙනවා...දුකා අයියා සමග බොහෝ වෙලාවට අදහස් හුවමාරු කරගෙන තිබෙනවා...ඉතින් මාස 3 කට පස්සෙ හරි කමක් නෑ....අර තියනවා කිව්වා බූට් කථාවක් දෙකක් ආයෙ ලියමුද...

    ReplyDelete
    Replies
    1. උඹලටත් බූටම තමා ඕනෙ නේද? බලමු බලමු.

      ඔව් උන් දෙන්න එල ඩයල් දෙකක්, පිනට ආස්සරේට ලැබෙන.

      Delete
  36. එලද බ්‍රා
    ලියමු අයියන්ඩි
    දේශපාලනය නැතුව මහින්ද මහත්තයා මම ගරැ කරන කෙනෙක්..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails