Tuesday, November 25, 2014

මරා නොගෙන මෛතියෙන් මහින්ද රැක ගැනීම..!

ලාංකීය දේශපාළනය අතිශය තීරණාත්මක මොහොතකට එළඹ ඇත. කවුදො ඇනෝවෙක් කියා තිබූ පරිදි "රවි බෝපරා" සමග එංගලන්ත පිල ඉන්දියාවට ඉන්දියාවේදීම ගේම දීම" හෙවත්, නිදහස් පක්ෂ කණුවක් නිදහස් පක්ෂ කණුවක් බිම දැමීමට භාවිත කර ඇත.

පසුගිය කාලය පුරාම දේශපාලන විචාරකයින් පවසා තිබූ "මේ ආන්ඩුව වැටෙන්නේ ඇතුලත පිපිරුමකින්ම පමණි" යන්න මේ වනවිට සැබෑ වෙමින් පවතී.

මේ රටම කරකවා අත්හැර දැමූ සිද්ධිය "මාරයා, රංග" වැනි මහින්දවාදීන් පමණක් නොව "මාතලන්" වැනි "පැත්තක් නැතිඋන්ද" ගලගොඩ අත්තේලා වැනි අවස්ථාවාදීන්ද නන්නත්තාර කර තිබෙන සැටියක් පෙනෙන්නට ඇත.

මේ සටහනේ අදහස එවන් නන්නත්තාර වූවන් හෝ රනිල් ගොඩයාම ගැන "චූන් වී සිටින" කෙන්ජිලා ගැන සාකච්ඡාවට නොවේ. මේ ඒ සඳහා මොහොතද නොවේ. මෙහි අරමුණ, ජනාධිපතිවරණයේ පිටට නොපෙනෙන තීරනාත්මක සාධක කිහිපයක් ගැන සාකච්ඡා කිරීමයි.

මෙම ජනාපතිවරණය අප සිතනවාට එහා ඇති ජාත්‍යන්තර අතපෙවීම් සහ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වන එකක් බවට පත්වෙන්න ඉඩ කඩ බොහෝ ඇත.

මහින්ද රාජපක්ෂ යනු, අතිශයින් චීන පිලේ සිටිනා සහ චීනයේ පිහිටෙන් තම පාලනය පවත්වාගෙන යන්නෙකි. එහි අනිවාර්‍ය ප්‍රථිඵලය ලෙස මේ වන විට චීනය තම අනාගත සතුරා වන ඉන්දියාව වටකොට සකසන යුධ සැලැස්මේ ප්‍රධාන මර්මස්ථානය ලෙස ලංකාව තෝරාගෙන, එය තුල බිලියන වලින් ආයෝජනය කරමින් සිටියි.

එවැනි මොහොතක, මහින්දගෙ බලය දෙදරවීමකට ලක්ව ඔහු නැවත බලයට ඒමේ අවස්ථාව අවදානමකට පත්ව තිබේ. මෙය චීනාට හිතකර තත්වයක් නොවේ. මෙවර මහින්දගේ විරුද්ධවාදියා වන්නේද චීන හිතවතකු වූ සරත් ෆොන්සේකා වැන්නෙකු නොව බටහිර සහ ඉන්දියානු පිලට වඩා හිතවත්, රනිල්ගේ මෙහෙයැවීමෙන් එන සිරිපාල කෙනෙකි. ඉතා පැහැදිලි ආකාරයට, මෙම සිරිපාළ මෙහෙයවන්නේ රනිල්, මංගල සහ චන්ද්‍රිකා ප්‍රමුඛ පිරිස වන අතර මේ සැවොම අඩු වැඩි ලෙසින් ඉන්දියාවේ සහ බටහිර හිතවතුන් වන අතර ඔවුන් චීන පිළෙහි ලඟ මිතුරන් නොවෙති.

තමන් ඉතාම සැළසුම් සහගතව, විශාල ආයෝජනයන් කරමින් අනාගත ආරක්ෂක මුරපොළක් ලෙස ගොඩනගමින් තිබෙන ලංකාවේ, මහින්දගෙන් පසු ගෝඨා හෝ නාමල් යටතේ එම තත්වය ඉදිරියට ගෙන යාමට බලා සිටින චීනයට මෙම සිරිපාළගේ අභියෝගය සුළුවෙන් තැකිය නොහැකි වනු ඇත.

එනිසා, චීනාට මහින්දගේ ජයග්‍රහණය හෝ පරාජය ලංකාවේ ග්‍රහණය දැඩිකර ගැනීම හෝ ලිහිල්වීම යන දෙකෙන් එකකි. ඉතාම ශූර ලෙස ලෝක බලවතා වීමේ සිහිනයට ලඟාවෙමින් සිටින චීනය, තම සතුරාගේ මිතුරාට තමගේ වටිනා ජයබිමක් පාවා නොදෙන්නට උපරිම බලය යොදනු ඇත.

අනෙක් පසෙන්, චීනා මර්ධනයටත්, තම රටවල් තුල ඇති ලක්ෂ සංක්‍යාත ද්‍රවිඩ ඡන්ද රැක ගැනීමටත් බටහිර රාජ්‍යන් විසින් මහින්ද එලැවීමට මේ ලද අවස්ථාව අත් නොහැර, සිය උපරිම සහය දෙනු ඇත.

කුමන ආන්ඩුවක් බලයේ සිටියද විදේදේශ සහ ජාතික ප්‍රථිපත්ති වල මහා වෙනසක් නොවෙනා ඉන්දියාවද මේ ගොඩට එක්වනු ඇත්තේ කාරණා කිහිපයක් නිසාවෙනි. ඉන් පළමු වැන්න, රාජපක්ෂ පාළනය දිගින් දිගට පැවතීම යනු චීනාට තම රට වට කර වැට ගැසීමට ඉතාම තදින් ඉඩ සළසා දෙන තත්වය වර්ධනයට ඉඩ දීමයි. අනෙක නම්, ලංකාවේ රාජපක්ෂ පාළනය පකිස්ථානය හා ඇති මිතුරුකමයි. මේ දෙකම ඉන්දියාවට අහිතකරය.

එවැනි වටපිටාවක ඉන්දියාව රාජපක්ෂලා නැවත බලවත් වීම නොඉවසනු ඇත. එපමනක් නොව, සිංහල බොදු ඡන්ද නම් ඉන්දියානු විරෝධී සාධකයේ ආධාරයෙන් බලය රැකගන්නා මහින්ද ඉදිරියේදී තව තවත් චීනාට ලංවන බව ඔවුනට නොතේරෙනවා නොවෙන නිසා, මහින්ද නැවත පත්වීමට එරෙහිව කල හැකි සියලු උපකාර කරන තත්වයකට ඉන්දියාව පත් වන්නේ රනිල් ප්‍රමුඛ රජයකින් මහින්දගෙන් තරම් තමන්ට අවැඩක් නොවන බව ඉතා හොඳින් දන්නා බැවිනි.

මෙහි අර්බුධය එතනින් නවතීද? කණගාටුවට කරුණ එය එසේ නොවිය හැකි බවයි.

මහින්ද පැරදී, චීනයට අකුලාගෙන යන්නට සිදුවන අවස්ථාවකදී, චීනය ඔවුන් අත මේ වනවිටත් ඇති විදුලිය සැපයීමේ අධිකාරියත්, අධික ණය කන්දත් යොදාගෙන තම උපරිම බලය යොදා එළඹෙන රජය අපහසුතාවයට පත් කරමින් සිය "තැන" රැක ගැනීමට කටයුතු කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබෙ. එහිදී තමන් ගෙන ආ රජයකට චීනාට යට වෙන්නට නොදෙන බටහිර සහ ඉන්දියානු කඳවුර විසින් තත්වය වඩා භයානයක සහ අසීරු අඩවියකට ගෙන එනු ඇත ( වර්ථමානයේ බටහිර ආසියාවේ සිදුව ඇත්තේද එවැනි යුරෝපා සහ රුසියානු බල අරගලයක් නිසා ඇතිවූ අර්බුධයකි. )

එමෙන්ම යම් ලෙසකින් මහින්ද ජය ගත්තේ නම්, එතැන් සිට ඔහුව බලයෙන් එලැවීමේ න්‍යාය පත්‍රය මා ඉහත සඳහන් කල මහින්දට සතුරු කණ්ඩායම විසින් නැවත ගෙන එනු ඇත.

ශ්‍රී ලංකාව වැනි, උගත් සහ ඉහල සේවා වියුක්තියක් ඇති රටක මිනිසුන් රජයට එරෙහිව අරාබියේදී මෙන් පාරට ගන්නට බැරි බව දන්නා ඔවුන්, තම අනෙක් අවිය වෙන ජාතිවාදය මෙහිදී භාවිත කිරීමට ඉඩ ඇත. ඉන්දියාව විසින් නැවත උසි ගන්වන දෙමළ ජාතිවදය සමග ඇමරිකාවේ අවශ්‍යතාව මත සෞදි සහ කටාර් රජයන්ගේ මුස්ලිම් ඔත්තුසේවා මගින් බලගැන්වෙන ජාතිවාදී අරගලයට ගිණි පිඹින්නට නෝර්වේ මුදල් මතින් රාජපක්සලාගේම අඥානත්වය නම් කරළියේ රඟ බොදු සේනාද එකතුවනු ඇත. එදා එක් පෙරමුණක සටන් කල ලංකාවේ හමුදාවට, වඩා සංවිධානාත්මක සහ ධනවත් කල්ලි දෙකක් සමග එක්වර සටන් කිරීමේ අර්බුධයකටද, ඒ මගින් පෙරලෙන රජය 2002 සිදූවූවාට වඩා එහා ගිය සාම ක්‍රියාවලියකින් සමනය කරගන්නට විරුද්ධපක්ෂය කරළියට ගෙන ඒමද සිදු වනු ඇත.

මෙනිසා, මහින්දගේ ජය හෝ පරාජය යනු අප සිතන තත්වයට එහා ගිය අර්බුධයකට රට පත් කරවන එකක් බව පැහැදිලිය.

මෙම අර්බුධයෙන් ගැලවීමේ මග මහින්දව බලයේ තබා ගැනීමද, සිරිසේන දිනවීමද?

ඕනෑම ගැටළුවකට වඩ සාර්ථක විසඳුමක් සෙවීමේදී එම අර්බුධයේ මූලය හඳුනා ගැනීම වැදගත්වේ.

ලංකාවේ තත්වය, එනම් චීනය විසින් අප නටවන ගැලළුවට මුල, යුධ අපරාධ චෝදනා සහ මානව හිමිකම් චෝදනාය. මහින්දගේ රජයකට මෙම චෝදනාවන්ගෙන් කිසිදා ගැලවෙන්නට නොහැක. එනිසාම ඔවුන් තම බලය පවත්වාගැනීමට පහසු ජාතිවාදය සහ විදුලිපුටුව විකුනනු ඇත.

පසුගියදා දෙමළ ඩයස්පොරා නායකයන් කලේ එවැනි කොන්ත්‍රාත්තු ප්‍රකාෂයකි. සත්‍ය වශයෙන්ම ඔවුන් දඩ බඩ ගා එවැනි ප්‍රකාෂයක් කලේ මහින්ද පැරදී රනිල් ආවිට තම යන්තම් නිදහස ලබමින් තිබෙන තම බැංකු ගිණුම් නැවත  ගල්වේයැයි බියෙන්, මහින්දගේ තුරුලේ සිටින කොටි නාම්බන් විසින් කරන ලද සැළසුම් සහගත වූ මහින්දට වාසිදිය හැකි ප්‍රකාෂක් ලෙස මිස මහින්ද සමග වූ සැබෑ අරෝවකට විය නොහැක!


එමෙන්ම නැවත යුද්ධයක් ඇති වුවද එය මහින්දට අවාසියක් මිස වාසියක් ඇති නොකරනු ඇත. මන්ද දැඩි ලෙස හමුදව දේශපාළනකරනය වී බල බිඳී ඇති වටපිටාවක මහින්දට නැවත සිවිල් යුධ ජයක් සිහිනයක් පමණක් වනු ඇති අතර, 2008 වැනි හමුදාවක් ඇතිවීමට තවත් වසර ගණනක යුධ ජය සහ පරාජයන් අවැසි වනු ඇත.

එනිසා කොයි පැත්තෙත් ගත්තත් තත්වය ලේසි වන්නේ නැත. ඉදින් විදුලි පුටුවෙන් මහින්දව සැබෑවටම බේරා ගැනීමටනම්, ඔහුව අනාගතයේ ඇතිවන වඩා අයහපත් ජාතිවාදී ගැටුම්, මර්ධන සහ මානව හිමිකම් වලින් ගලවා, පාළනය වඩා හොඳ අතකට පවරා දීම මිස, නැවත ඔහුව පත් කරගැනීමෙන් පසු මුදා හරින දැඩි මර්ධනයකට ඉඩ දීමෙන් නොවේ.

අනෙක් අතට මේ මොහොතේ සිදුවිය යුත්තේ වඩා සාධාරණ සහ විනිවිදබවකින් යුත් දේශීය අධිකරණයක් මගින් සිදු කරනු ලබන විභාගයක් හරහා යම් මේ කියනා යුධ අපරාධ ගැන සොයා බලා, ඒවාට මූලික වූ අයට තරාතිරම නොබලා යම් තරමකින් හෝදඬුවම් කිරීම, මානව හිමිකම් චෝදනා අවම වෙන යහ පාලනයක් ඇති කිරීම යන මූලික කරුණු තුලින්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමත්, එතුලින් අහිමිවී යන විදේශ ආයෝජන සහ වෙළඳ පල කොටස නැවත හිමි කර ගැනීමත්, ඉන් ලැබෙන ආර්ථික සහයෙන් චීන බලපෑම අවම කර ගැනීමත්ය.

එනිසා ජනතාව කල්පනාකාරීව ඒ සඳහා සුදුසු නායකයින් පත්කරගත යුතුය. අවසානාවකට, එවන් දැක්ව්මක් සහ අවශ්‍යතාවක් නැති ජාතියක්, රටක් වන හෙයින්, අප වහා කල යුත්තේ බ්‍රෙෂ්ට් කීවාක්සේ "එවන් හැකියාවකින් යුක්ත ජනතාවක් මුලින්ම පත් කරගැනීමයි".

Picture taken from http://www.wikiart.org/en/jose-gutierrez-solana/drawing-for-the-end-of-the-world

84 comments:

  1. මාතලන් ගැන හැඳින්වීමට උත්තරේ "හික්ස්"..

    අපූරු විශ්ලේශණයක්. මෙතන උඹ බලාපොරොත්තු වන දේ මහින්දගෙන් නම් ඉටු වෙන්නේ නෑ. ඒ නිසා මහින්ද දින්නොත් රට නන්නත්තාර වෙනවා. මොකෝ වට කරලා ගහන කොට චීනා අහක බලා ගන්නවා.

    ඒ වගෙම සිරිසේනලා ආවා කියලා චීනා එලවන එකක් නෑ එකපාරටම. ඒක එජාපය කරන්නෙත් නෑ. චීනය කියන්නේ බණ්ඩාරනායකවරුන්ට බොහෝම හිතවත් රාජ්‍යක්. ගරු කරන රාජ්‍යයක්. ඒ නිසා එතන ගැටළුවක් වෙන්නෙ නෑ කිසි සේත්ම.

    එකම ප්‍රශ්ණය පොද්දගේ සන්ධානෙට නායකත්වයක් නැති එක. මේ වෙලාවේ ඔක්කෝම මෙහෙය වන්න ඕන එක තැනකින්. හර්ෂලා කොටි එක්ක නානවා. පිස්සු අත්තනායක පැය 24 න් යූ ඇන් පී ආන්ඩු පිහිට වන්න යනවා. ප්‍රේමදාස රනිල්ගේ නයකත්වය යටතේ පුංචි මිනිහට මක්කද දෙනවලු. මෛත්‍රී තව බයිලයක් ගහනවා. රතන සාධු තව එකක් කියනවා. රාජිත වෙන කතාවක් කියනවා. මෙහෙම මේ වැඩේ කරන්න බෑ. අඩු ගානේ නායකත්ව කමිටුවක් වත් පිහිටවන්න ඕන.

    උඹේ ළිපියයි. රාමචන්ද්‍රගේ ළිපියයි මල් මසුරන්. එකම දේ මේවා කියවන්නේ නෑ කාලකන්නි හැත්ත...

    ReplyDelete
    Replies
    1. මාත, උඹමනෙ කියන්නෙ උඹ අයිති පුරුස පක්සයට සහ උඹව අයිති ස්ත්‍රී පක්සෙට විතරයි කියල!

      අද ලෝක දේශපාළනය හිතවත්කම් වලට එහා ගිය අවශ්‍යතා මත සිද්ධවෙන දෙයක්. ඒ නිසා පරණ මිතුරුකම් වලට තියෙන බර අඩුයි ( නැතුවම නෙමෙයි,ඒත් චීනා දැන් වෙනස් )

      //එකම ප්‍රශ්ණය පොද්දගේ සන්ධානෙට නායකත්වයක් නැති එක. මේ වෙලාවේ ඔක්කෝම මෙහෙය වන්න ඕන එක තැනකින්// මේකට එකඟයි. මහින්දගෙ හය්යත් ඔන්න ඕකයි.

      උඹෙ අගය කිරීමට බෝම ස්තූතියි!

      Delete
    2. //එකම ප්‍රශ්ණය පොද්දගේ සන්ධානෙට නායකත්වයක් නැති එක. මේ වෙලාවේ ඔක්කෝම මෙහෙය වන්න ඕන එක තැනකින්. හර්ෂලා කොටි එක්ක නානවා. පිස්සු අත්තනායක පැය 24 න් යූ ඇන් පී ආන්ඩු පිහිට වන්න යනවා. ප්‍රේමදාස රනිල්ගේ නයකත්වය යටතේ පුංචි මිනිහට මක්කද දෙනවලු. මෛත්‍රී තව බයිලයක් ගහනවා. රතන සාධු තව එකක් කියනවා. රාජිත වෙන කතාවක් කියනවා. මෙහෙම මේ වැඩේ කරන්න බෑ. අඩු ගානේ නායකත්ව කමිටුවක් වත් පිහිටවන්න ඕන. //
      එකනම් ඇත්ත තමයි , මුන් මේටිකවත් ප්ලෑන් කරල නෑ කියන එක මුල ඉදන්ම පෙනුන.

      Delete
  2. හීන දැක්කා ඇති අවදිවෙයං. ඔය කියන එකක්වත් වෙන්නේ නැහැ. උඹේ මහ ලොකු දේශපාලන දැක්ම සත පහක වැඩක් නැති එකක් කියලා ජනවාරි නවවැනිදා දවල් දොළහා විතර වෙද්දි තේරුනාම මේක හිමිහිට මකපං.

    ReplyDelete
    Replies
    1. මගේ හීන තව අවුරුදු තුන හතරකින් හැබෑ වෙනකොට සමහරවිට උඹලට ලංකාවෙ බ්ලොග් පේන එකකුත් නෑ!

      Delete
  3. /මේ ආන්ඩුව වැටෙන්නේ ඇතුලත පිපිරුමකින්ම පමණි/

    ඇත්ත..ඒ හැර වෙන කිසිම විදියකින් මේ රෙජිමේ පෙරලන්න කාටවත් බැරිය.

    එත් දැන් තියෙන ප්‍රශ්නේ ගිය සුමානේ වුනේ මේ කියන ඇතුලත පිපුරුමද කියන එකයි.


    තාම පිපුරුමක් දැනෙන්න තරම් දෙයක් වුනේ නැහැ කියන එක තමයි මගේ මතය.
    මේක නිකන් රිච්ටර් කීපෙක භූමි කම්පාවක් වගේ දෙයක්.

    අර දෙපාරකට එනවා කියපු කට්ටිය "වත් " අවේ නැත්නම් මේක පිපුරුමක් නොව සද්දෙට ගිය පඩයක් වගේ කියල තමයි අපිට හිතාගන්න වෙන්නේ..



    මසි අද කියල තියෙනවා හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියල. අපි ඉතින් බලමු ඔය කියන එළිවෙන ජාමේ වෙනකම්.

    වැඩි කල් නොයා ඔය කියන ඒකාබද්ද විපක්සෙ එක පෙලට වේදිකාවේ හිට ගන්න ඕනේ. ගම වල ඇවිදින්න පටන් ගන්න ඕන. නැත්නම් "අයියෝ මසි " කියල කියන්න තමයි වෙන්නේ..

    අපි බල ඉම්මු ඉන්දික...

    ------------

    උඹේ විශ්ලේශනේ නම් බොහොම බර සාරයි..කියවන්න ලැබීම ගැනත් සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. පිපිරුමේ මුල පටන් අරන් ඉවරයි. මම ඕක හිතුවෙ මහින්ද කැබිනට් එකේදි එම්කේඩි.එස්ට සද්දෙ දානකොට. ඔය දුමින්ද කියන්නෙ අගමැතිගෙ බෑණ. ජනක ඉන්නෙත් ඔය ගොඩේ, රෙජිනෝල්ගෙ කතාව සහ විදුරගෙ කතාව ඇහුවනෙ. කට්ටිය සැබෑ ලෙසටම එලියට බැහැල එන ඇවිත් යමක් කරන්න පුලුවන් කියන විස්වාසය එකක් බැස්ස කට්ටිය හැදුවෙ නැත්තන් පිපුරුම ඔතනින් නවතී, නැත්තන් දිගට යයි.

      ස්තූතියි අගය කිරීමට!

      Delete
    2. අගමැතිගෙ ex-බෑණ.

      Delete
    3. Pra, එහෙම දෙයක් මම දන්නෙ නෑනෙ?

      Delete
  4. //මහින්දගේ ජය හෝ පරාජය යනු අප සිතන තත්වයට එහා ගිය අර්බුදයකට රට පත් කරවන එකක් බව පැහැදිලිය.//
    කතාව නං සහසුද්දෙන්ම ඇත්ත ඉන්දික ළමයෝ...
    මහින්දව පරද්දන්න හරි හමන් ජොහොරයක් තියෙන එකෙක් ගේන්න එපැයි.
    අනෙක් අතට අද දවසේ මූලික උවමනාව මහින්ද පැරද්දා මොකෙක් හරි බලයට ගෙන ඒමද? විධායක ජනාධිපති ක්‍රමයේ බල බිඳීමද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඔටූ, ඉතිහාසෙ පුරාම අපිට තිබ්බ ලොකුම අවුල, ප්‍රශ්ණය සහ සතුරා හඳුනාගැනීමට වූ නොහැකියාවයි.

      Delete
  5. උඹේ ලිපිය තැන තැන උළුහාල් හැපෙන කේක් කෑල්ලක් වගේ.උළුහාල් හැපෙන කොට තිත්තයි.අප්පිරියයි.(මම මේ කියන්නෙ අන්තර්ගතය ගැන නං නෙවෙයි.)

    ReplyDelete
    Replies
    1. උඹෙ අවංක අදහස් වලට ස්තූතියි. ඕක තවත් වටින්නෙ වැරදුන තැන් ටිකක් පෙන්නුවනං, අපි කාටත් ඉගෙන ගන්න.

      Delete
    2. මොනවටද බං,ඇති වැඩක් නෑ.මම කොච්චර කියල දීල තියෙනවද?වැරදි හදාගන්නව වෙනුවට උන් අන්තිමට කරන්නෙ ඇනෝ ඇවිත් මටයි ගෙදර උන්ටයි බලු බැණුම් බනින එකනේ.

      Delete
    3. උඹ ජේශ්ඨ මාධ්‍යවේදියෙක් නේද...? ඒ වේසිගේ පුතාලා කියන එවා කව්ද බං ගනන් ගන්නේ. මත ගැටුම් කොහෙත් තියෙනවා. එවා ඉරේස් කරලා දාලා අපිට මක්කා හරි ලියහන්. මම ඊයෙත් චෙෆාකි එක්ක කතා උනා.

      Delete
    4. හැළපෙ, මම කියන්න උන්නු එක ඔන්න මාත උඩින් කියල තීන්නෙ. ඕන දේකට බනින උනුයි වැඩි කියල අපිද බන් කියන්න ඕනෙ? එහෙම කියල තමන්ගෙ කොටහ නොකර ඉන්න එපා.

      Delete
    5. හැලපෙ......මමත් කියන්න හිටිය එක ඔය තව දෙන්නෙක් කියලා තියෙන්නේ. තර්කයක් ගොඩනගන්නවත්,තර්කයකින් සංවාදයක් ගොඩනගා ගන්නවත් බැරි අපතයෝ තමයි අපහාස කරලා පැනලා යන්නේ. ඔය සමහර දේශපාලකයොත් එහෙමයි. සමහර හඩු මාධ්‍යවේදියොත් එහෙමයි.

      Delete
    6. අනේ හැලප මචෝ.......උඹ අත දරුවෙක් වෙලානෙ ......
      එක එකාට හුකාගන්න කියල ලියපං ..........මගෙන් කුණු හබ්බ නාසා.......

      Delete
    7. මේ කුණුහරුප හැර තවත් තිබේද කෙන්ජි?

      Delete
  6. පවතින ඒකාධිපතිත්වයට එරෙහිව හඬක් නැගීමට මේ අයුරින් හෝ පෙරමුණක් ගැනීම පලමුව අගය කල යුතු වෙනවා. චීනයේ දේශපාලන හා කලාපයේ බලය රඳවා ගැනීමට ඇති උවමනාව ගැන මහජනතාවට වැටහීමක් නැහැ. ඉන්දියාව ඔය ආකාරයෙන් අතපෙවුවා නම් ලාංකිකයන් බොහෝ සේ කම්පනයට හෝ විරෝධතාවලට පෙලඹෙයි. ඒ වෙන්නේ අපේ මිනිස්සුන් කාලයක සිට හිතන්නේ ඉන්දියාව යනු ලාංකික ද්‍රවිඩයාගේ දේශපාලන ගුරුවරයා යන අර්තයෙන් බැවින් මිස වෙන විරෝධයකින් නොවේ.


    මෙන්න මේ කොටස මමත් වෙන තැනක ප්‍රශ්න කරා. කනගාටුවට කාරණය වෙන්නේ හර්ෂ ගැන කතාකරනවා හැර, එදා මේ තීරනාත්මක මොහොතක ටැමිල් ෆෝරම් එකෙන් මේ ප්‍රස්තූත කාරනය මතු කරේ ඇයිද යන්න නිසි ලෙස සංවාදයට ගැනීමට දේශපාලන වේදීකාව ලැස්ති නැති එකයි. මට මතුවූ සැකය ගැන මම තවදුරත් හිතනවා. මේ සාධකය මත හිතා බලනකොට රාජපක්ෂට වාසි දායි ගැලරි මතයට ඉඩ පාදාදෙන මෙවැනි ප්‍රකාශයන් කරන මේ වැනි සංවිධාන තවමත් මෙහෙය වන්නෙ රජයේ අතකොලුවක් වන කේපීලාද කියලා සාධාරන සැකයක් මතුවෙනවා. විදුලි පුටුව තව දුරටත් වලංගු වෙයිද....මේ දේශපාලන වටපිටාව දෙස මෛත්‍රී සහගතව බලා ඉන්නෙමි :D

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කොටස මමත් වෙන තැනක ප්‍රශ්න කරා (මම කියන්නේ මේ ඡේදය ගැන. )

      //////පසුගියදා දෙමළ ඩයස්පොරා නායකයන් කලේ එවැනි කොන්ත්‍රාත්තු ප්‍රකාෂයකි. සත්‍ය වශයෙන්ම ඔවුන් දඩ බඩ ගා එවැනි ප්‍රකාෂයක් කලේ මහින්ද පැරදී රනිල් ආවිට තම යන්තම් නිදහස ලබමින් තිබෙන තම බැංකු ගිණුම් නැවත ගල්වේයැයි බියෙන්, මහින්දගේ තුරුලේ සිටින කොටි නාම්බන් විසින් කරන ලද සැළසුම් සහගත වූ මහින්දට වාසිදිය හැකි ප්‍රකාෂක් ලෙස මිස මහින්ද සමග වූ සැබෑ අරෝවකට විය නොහැක!//////////////

      Delete
    2. ඇත්තටම ඔය ප්‍රකාශය මේතරම් ඉක්මනින් කරලියට ඒම ප්‍රශ්නකාරීයි. රනිල් යටතේ මුහුණදියයුතු යුදමය නොවන බාධක රැසකට ඩයස්පෝරාව දැනටමත් බියවී ඇති. අවාසනවාවකට ජනමාධ්‍ය ඔස්සේ මේවා ප්‍රචාරය වූ සැනින් දේශප්‍රේමී ජනතාව කුපිත වෙනවා. එවිට අපි ආපසු ගොස් නවතින්නේ අද ඉන්නා තැනමයි. මාතලන් කියනවා වගේ මේවා (බ්ලොග්) බලන පිරිස අඩුයි. පුවත්පතක දේශපාලන විග්‍රහයක් තිබුණත් එය කියවන්නේ කීයෙන් කීදෙනාද? ජනප්‍රිය හෙඩ්ලයින් මත යැපෙන මෙන්න මේ සාමන්‍ය ජනතා මතය වෙනස් කිරීම සිදුවනතාක් අපේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයෙක් බිහි නොවේවි. 80% වගේ ඡන්ද ප්‍රතිශත ලැබෙන්නේ මේ සාමාන්‍ය ජනතා මතයේ ඇති ඉතා බරපතල වරද නිසයි. බලය රැකගැනීම සඳහා වූ සියලු උපායයන් නාභිගත වන්නේ මේ සාමාන්‍ය දේශප්‍රේමී ජනතාව වෙතයි. ඔවුන් අමතන්නට ඔබ අප සෑමදෙනාම ගන්නා උත්සාහය ඔවුන් වෙත ගලායන්නේ ඉතා සෙමෙන්, ඉතා සුලුවෙන්.

      Delete
    3. අරූ,

      //ඒ වෙන්නේ අපේ මිනිස්සුන් කාලයක සිට හිතන්නේ ඉන්දියාව යනු ලාංකික ද්‍රවිඩයාගේ දේශපාලන ගුරුවරයා යන අර්තයෙන් බැවින් මිස වෙන විරෝධයකින් නොවේ.// ඒකත් එකක්. අනෙක විජේවීරගෙ ඉන්දියානු ව්‍යාප්තවාදය නම් පන්තියෙන් අහුලගත් අදහස් වලින් ශේෂ වන දේ. ඇත්තටම ඉන්දියාව වනයක් නම්, චීනෙ සාල වනයක්!

      ඔය ඩයස්පොරාව දැන් ආන්ඩුවට උදව් කරන බිල්ලෙක් මිසක් සැබෑ යකෙක් නෙමෙයි. කරුමෙට අපේ උන් ඕක තේරුන් ගන්නෙ නෑ.

      මමනම් උපේක්ෂා එක්ක මෛත්‍රී දෙස බලා ඉන්නව :)

      Delete
    4. /////////කරුමෙට අපේ උන් ඕක තේරුන් ගන්නෙ නෑ.//////////////
      කොහොමද බං තේරුම් ගන්නේ...උදේ ඉඳන් හවස් වෙනකම් ඩයස්පෝරා තැටිය ඇහෙනකොට. අපේ දේශපාලකයාත්, මාධයවේදීයාත් කියන්නේ ජනතාව අන්දවන අය මිසක් ජනතාව දැණුවත් කරන කොටසක් නෙමේනේ. පුදුම වෙන්න එපා හෙට අනිද්දා පෝස්ටර් එකක් වැදුනොත් "මහින්ද යුධ අධිකරනයට ගෙනයාමට මෛත්‍රී දිනවමු....මීට ග්ලෝබල් ටැමිල් ෆෝරම්" කියලා. ඒ තරමට අන්දවනවා. මේවා ගොබෙල්ස් ප්‍රොජෙක්ට්ස්.

      Delete
    5. දේසපාලක කිඹුලො න්දනව ඉවසතෑකිනෙ ඒ උන්ගෙ හැටි කියල. මේ මාධ්‍යවේදි කොහිලකටුත් අපිව අන්දන එකනේ බං කාල ඉන්න බැරි!

      Delete
  7. ඇවිත් ගියා.
    අපි පොඩි ළමයි

    ReplyDelete
    Replies
    1. ඔහොම උන්නොත් හැමදාම පොඩියටම ඉඳියි!

      Delete
    2. හෙක්....හෙක්...... එල ඉන්දික..... ++++++++++++++++++++++++++++++++

      Delete
  8. වෙනස් පැත්තකින් බලපු ලිපියක්. සංවාදයට භාජනය වියයුතු ලිපියක්. නමුත් මට නං අවංකවම මේ කාරණා ගැන ලොකු දැනුමක් නෑ.
    මට අනුව මහින්ද එලවන්න ගැඹුරු හේතු ඕන නෑ. ඕනම නෑ! මතුපිටින් පේන ටික ම ඇති මෑන් ගෙදර යවන්න. මේ ගැන දිගටම කතා කල නිසා දැං කතාකිරිල්ලෙ තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේවට සංවාද කරන්න එහෙමට මිනිස්සු දැං මේ බ්ලොග් වල නෑ බං.හැමෝටම ඕනෙ උඩින් පේන දෙ ගැන විතරක් ඇරගන්න.

      Delete
  9. හීන බං හීන... කතාව හොදයි වැඩේ කෙරෙනවනං

    ReplyDelete
    Replies
    1. එහෙනං ලියහං රස කෙටිකතාවක් ආයි පාරක්

      Delete
  10. //නන්නත්තාර කර තිබෙන සැටියක් පෙනෙන්නට ඇත.//


    හොඳම එක ජේවීපී කතාව. වචන ගොඩක් සමග මෙලෝ හසරක් නොකීම. එකෙකුට චන්දෙ දෙන්න එපා, තව එකෙක් විස්වාස නොකරන්න. ඒත් එකෙක් පරාජය කරන්න. අපිටනම් මොනවත් කියන්න බෑ. චන්දය නීති විරෝදීයි. ඒත් පරාජය කරන්නත් ඕනෑ. ෂහ්. නියම පොලිටිකල් කතාවක්.
    අපරාදෙ jvp උන් බටහිරට කැමති නැත්තෙ, එහෙ හොඳ අනාගතයක් තියෙයි. උන්ට. මොකද බටහිර රටවල දේශපාලකයන්ගේ ලක්ශණයක් කියන්නෙ කිසිම දෙයක් නොකියා හුඟක් කතා කිරීමනෙ.

    ලංකාවෙනම් ඕව හරියන්නෙ නෑ පොල්ලෙන් ගැහුව වගේ කිව්වත් බහුතරයට කියන දෙයින් බාගයක් තේරෙන්නෙ නෑ. ඔය ජේවීපී අපබ්‍රංස උන්ටවත් තේරෙනෙවද?

    ReplyDelete
    Replies
    1. අනුර කුමාර බෙට්ට දාගන්න බැරුව තටම තටම ගහන බයිලේ ලාල් කාන්ත කෙලින්ම ඇදලා ඇරියා. ඌ කිව්වා දෙන්නෙකුටම රැවටිලා. ආයිත් පාරක් නම් නාන්න බෑ කියලා. මෙහෙම බයිලා ගහන පල්ෂෙකට සම හරක් පරිනත පක්ෂෙ කියලා ගරු නම්බුත් දෙනවා.

      Delete
    2. ජෙප්පෝ දැන් පිස්සන්ගේ මට්ටමට වැටිලා...
      කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියල දන්නේ නැහැ

      Delete
    3. ලොකු පුතා.....ජෙප්පන්ගේ ක්‍රියාකලාපය පාටි පොලිටික්ස් ක්‍රමවේදයක්. මේ රැල්ල මෛත්‍රී පැත්තට ගියොත් ,ඊට පස්සේ මහ මැතිවරනයකින් පාර්ලිමේන්තුවට එන්න තියෙන උන්ගේ ඡන්ද පදනම විසිරිලා යනවා. ඒ නිසා ඒ චන්ද ගොඩ එතනම තියාගන්න කරන වැඩක් හැටියට තමයි මට මේක පේන්නේ. පක්ෂයක් හැටියට ඒක හරි කියලා කිව්වත්...මීට වඩා ඉහලින් දායකවුනා නම් හොඳයි. මම දන්නවා ලොකු පුතා එහෙම වෙනවට කැමති නැහැ කියලා :D හැබැයි ලොකු පුතේ රටට අනාගතයක් තියෙන්න ඕන. මම කියන්නේ රටට.

      Delete
    4. ප්‍රා,

      ජෙප්පො කියන්නෙත් එදාවේල ටුවර්ස් එකක් වෙලා. ඕක උනේ 87 ඡන්දෙන් පස්සෙ. උන් බටහ්‍රට අකමැති උනාට මොකද ජර්මන් කාරයගෙ දහම තමා පිළිගන්නෙ!

      මාත, ඊළඟට යන එකා කාන්ත. බලහන් බොරුද කියල දවසක.


      ලො.පු, ජෙප්පො ගැන ඔය අරූ කියල තීන්නෙ ගානට.

      Delete
    5. අනේ පලයං නෙරංජ යන්න....ජෙප්පන්ට පුක නොදී..........වේස හැත්ත .......

      Delete
    6. අපේ අය්යලාගෙ වැඩ මෙහෙමයි,
      උන්ට ඕන වෙලාවට ජෙප්පො උන් කැමති පැත්තට සහයෝගය දෙන්නත් ඕන. [හරියට මෛත්‍රීගෙ ස්ටජ් නගින්න ඕන කියල හිතනව වගේ]
      වැඩේ වැරදුනාම බයිට් 1ටත් ඕන.[හූ හූ උඹ්ල මහින්දට කියල ඇරගත්ත නේද?...චන්ඩ්‍රිකා උඹලට ඇරිය නේද..]
      ජෙප්පන්ට හූ කිය කිය ඉදපු කාලෙ මේක වෙනස් කරන්න හිතුවනං මෙලාකට ඔය ලබ්බ කරල.
      ]

      Delete
    7. කදිම පිළිතුරක් රාජ්.. කියවන්නනම් කට්ටිය එමටයි. අපේ උන්ට කෝක කලත් එහෙමයි. කලත් බයිට්, නොකලත් බයිට්. පාට පාට කණ්නාඩි දාගත්ත සම හරක් කතා කියන සම හරක්ගෙ හැටි ඔහොමයි. කෙලවෙන්නෙ රටට මිසක් ජෙප්පන්ට නෙවෙයි. අන්තිමට තමන්ටමයි හූ කියාගන්න වෙන්නේ.(දැන් උනත් වෙන්නෙ ඒකනේ)

      Delete
    8. කෙන්ජියා.......තව ටික දවසකින් උඹ කියයි උන් හරි කියලා. ජෙප්පො කියන දේ හරියට තේරුම් ගන්න බලපන්. යුඇන්පිය ඒ සිග්නල් එක හරියට තේරුම් අරන් ඉන්නේ. උඹ තාම තේරුම් අරන් නැහැනේ.

      Delete
    9. Aru,,
      මම කතා කලේ ජේ.වී.පී. දායකත්වය ගැන නෙමෙයි අරූ. දැන් උන්ට වෙලා තියෙන දේ ගැන.
      මම ජෙප්පන්ට සෑහෙන ප්‍රමාණයක් ජන්දේ දීල තියෙනවා. එහෙම දුන්නේ වැඩක් කරන්න පුළුවන් බව හිතුන නිසා...
      නමුත් උන් කියපු තරමට වැඩ පෙන්නුවෙ නැහැ.
      දැන් අඩු ගානේ ඒ තරමටවත් ජෙප්පෝ කියල කියන්න පුළුවන් ජාතියක් ඉතුරුවෙලත් නැහැ කියලයි පේන්නේ.
      මම කාටවත් ස්ථීරව ජන්දේ දෙන කෙනෙකුත් නෙමෙයි...

      ඒ වගේම අරූ,
      ක්‍රමේ වෙනස්වෙන්න ඕනේ නියම වෙලාව ආවම මම ඉන්නෙත් වෙනස බලාපොරොත්තු වෙන පැත්තේ...
      සමහර වෙලාවට ඒ වෙලාව හරි කියල අපි වගේ උන්ට දැනෙන්නේ අද ඉඳල උඹල වගේ උන් කරන විරෝධතා වල අවසන් අවස්ථාවේ වෙන්න ඇති...

      නමුත් තාම මට එහෙම දැනුනේ නැහැ...

      Delete
    10. මචං ලොකු පුතා......මමත් කිසිම පක්ෂෙකට සම්බන්ධ කෙනෙක් නෙමේ. මම උනන්දු වෙන්නෙක් ඒ ගැන. මමත් බලාපොරොත්තු වෙන්නේ වෙනසක්. ඒ වෙන මුකුත් නිසා නෙමේ යන පාර අවිනිශ්චිතයි. මෛත්‍රී ගෙන් මම නම් බලාපොරොත්තු වෙන්නේ ඒ වෙනසට ආරම්භයක් විතරයි. ඉතිරිය මහ මැතිවරනයකින් පස්සේ බේර ගන්න පුළුවන් නේ. අපි බලන් ඉමු ලොකු පුතේ.

      Delete
  11. මම දැක්ක හොදම විචාරයක් තමයි මේක. චීනෙයි , ඉන්දියාව ප්‍රමුක බටහිර රටවලුයි විසි කරන සල්ලි මත ප්‍රතිපලය තීරණය වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කම්මලේ. අපි හිතනවට වඩා අපිව ජාත්‍යන්තර වෙලා ඉවරයි. ඒක තේරෙනකොට අපි නන්නත්තාර වෙලත් ඉවරයි!

      Delete
  12. දැන් මේ ගැන කතා කරලා සහ බලල එපා වෙලා...
    නමුත් උඹේ ලිපිය ගොඩක් සමබරයි... ලොක්කව ගෙදර යවන එක අවුලකට හේතුවක් වෙන බවයි මගේ අදහස.

    ////එනිසා කොයි පැත්තෙත් ගත්තත් තත්වය ලේසි වන්නේ නැත. ඉදින් විදුලි පුටුවෙන් මහින්දව සැබෑවටම බේරා ගැනීමටනම්, ඔහුව අනාගතයේ ඇතිවන වඩා අයහපත් ජාතිවාදී ගැටුම්, මර්ධන සහ මානව හිමිකම් වලින් ගලවා, පාළනය වඩා හොඳ අතකට පවරා දීම මිස, නැවත ඔහුව පත් කරගැනීමෙන් පසු මුදා හරින දැඩි මර්ධනයකට ඉඩ දීමෙන් නොවේ.////

    මමත් ඒ අදහසට එකඟයි. දැන් ලොකු වෙනසක් වෙන බවක් පේන්න නැහැ. ඒ වගේම ලොක්කට මෙතුවක් ජන්දේ දීපු නැති උන් පවා කියනවා "ලොක්ක පරදින්න වගේ එනවනම් විතරක් මිනිහට ජන්දේ දෙනවා. එහෙම නැතුව ගොඩ වැඩි කරන්න ජන්දේ දෙන්නේ නැහැ කියලා.
    ලොක්ක පරදිනවා කියන්නේ "අලුතෙන් එන එවුන්" ආපහු සියලු දේම මුල ඉඳලා වෙනස් කරනවා කියන එක.
    (අලුතෙන් එන එවුන් කියල කිව්වේ, මෛත්‍රී ජන්දේ දිනුවොත් එතනින් පස්සේ කවුද රට පාලනය කරන්නේ කියන එක ගැන අපි දන්නේ නැති නිසා)

    දැන් ඉන්න ආණ්ඩුව පෙරළන්න එක එකාව සල්ලි වලට ගන්න යන මුදල් ප්‍රමාණය.
    දැන් කෙරීගෙන යන ව්‍යාපෘති සඳහාම ආපහු වතාවක් කමිෂන් දෙන්න වෙනවා.
    ඒ සියල්ලටම යන කොස්ට් එක ගෙවන්න වෙන්නෙත් අපිට... කනබොන දේවලින් හරි ගන්න වෙනත් බඩුමුට්ටුවකින් හරි...

    ඒ මදිවට එක එකා අපේ රටට අත පොවන්න තියෙන ඉඩත් වැඩි වෙනවා.

    ඊට වඩා වටිනවා දැන් ඉන්න එකා මේ වෙච්ච සිද්ධිය නිසා බයවෙලා හරි හැදෙනවානම්...

    //// අනෙක් අතට මේ මොහොතේ සිදුවිය යුත්තේ වඩා සාධාරණ සහ විනිවිදබවකින් යුත් දේශීය අධිකරණයක් මගින් සිදු කරනු ලබන විභාගයක් හරහා යම් මේ කියනා යුධ අපරාධ ගැන සොයා බලා, ඒවාට මූලික වූ අයට තරාතිරම නොබලා යම් තරමකින් හෝදඬුවම් කිරීම, මානව හිමිකම් චෝදනා අවම වෙන යහ පාලනයක් ඇති කිරීම යන මූලික කරුණු තුලින්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමත්, එතුලින් අහිමිවී යන විදේශ ආයෝජන සහ වෙළඳ පල කොටස නැවත හිමි කර ගැනීමත්, ඉන් ලැබෙන ආර්ථික සහයෙන් චීන බලපෑම අවම කර ගැනීමත්ය.////

    මෙන්න මේ කරුණු ටික හරියට ඉෂ්ට වෙනවනම් ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ලොකුපුතා,

      අපි ඉන්නෙ "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වගේ තැනක. අපිට මේව තේරුන් කරල දෙන්න මහෞෂධ පණ්ඩිතයොත් දැන් නෑ!

      මෛත්‍රීගෙන් පස්සෙ වෙන දේ ගැන අපැහැදිලියි තාම, හේතුව නායකත්වයෙ තීය්න අවුල ( සමහරවිට ටික දවසකින් ඒක හරි යයි ). ඒත් මම මිනිහ ආවට කැමතියි. හේතුව අර චිනතන ධර්මදාස කිව්ව වගේ, ඒ ගට අපි අගය කරන්න සතුටුවෙන්න වටින නිසා.

      Delete
    2. "ඒක එහෙම තමයි හැබැයි මෙහෙමයි ඒ නිසා මහින්ද......" කියන්නෙ නියම මහින්දවාදී තක්කඩි.

      Delete
    3. රාජ්,
      නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි කියල දෙයක් තියෙනවා.
      එන්න ඉන්න යකාගේ ප්‍රතිපත්ති පමණක් නෙමෙයි යකා මොකාද කියලවත් හරිහැටි පේන්නේ නැතිකොට දන්න මහින්ද හොඳයි කියල මිනිස්සු හිතනවා... මමත් එහෙමයි.
      එහෙම හිතන්නේ මහින්දවාදී කමක් නිසා කියල හිතන එකම my3 ව ගෙන්න හදන අයගේ මෝඩ කමක්.

      රටක පාලනයේ හරි, ආණ්ඩුවේ හරි වෙනසක්, එහෙමත් නැත්නම් විප්ලවයක් හරි එන්න අවශ්‍ය වෙලාවක් එනවා
      ඒ අවශ්‍යතාවය බහුතර ජනතාවගේ අවශ්‍යතාවයක් විය යුතුයි.
      කවුරුහරි බලෙන් තමන්ගේ අදහස පිළිගන්න කියල කිව්වට විතරක් ඒක හරියන්නේ නැහැ කියන එක ගැන හොඳ නිදසුන් 71 සහ 88/89 තියෙනවා.
      ඒ වගේම තමන්ගේ මතය සුළුතරයක් වීම නිසා එයට තැනක් නොලැබීම ගැන තරහක් හිතේ තබාගෙන කටයුතු කරන උදවිය ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන්නේ නැහැ.
      නිර්ණායක අනුව හෝ වෙනත් මාන වලින් බැලුවොත් වැරදියි කියල කියන්න සහ හිතන්න පුළුවන් දෙයක් බහුතර මතය වෙන්න පුළුවන්.
      නමුත් ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය...
      ඒ වගේම උඹගේ හෝ උඹලාගේ මතයට විරුද්ධ වූ පමණින්ම "මහින්දවාදී තක්කඩි" වගේ යෙදුම් පාවිච්චි කරන්න තරම් දේශපාලනික වශයෙන් පිරිහෙන්න එපා...
      උඹේ හෝ වෙනයම් කෙනෙකුගේ මතය පිළිගන්න අපි කවුරුවත් බැඳිලා නැහැ...

      Delete
    4. නොද්න්න දෙවියට වඩා දන්න යකා හොඳ වුන අවස්ථා ඉතිහසෙ තීනව. ලිබියාවෙ සහ ඊජිප්තුවෙ උනේ එක. නමුත් මෙතන තත්වෙ වෙනස්. අපි යක්කු දෙන්නම දන්නව. එකෙක් ට වඩා අනෙක වෙනස් වෙන්නෙ, දෙවනි යකා බලවත් වෙන්නෙ තනි හැකියාවකින් ආකර්ෂනයකින් නෙමෙයි, වෙන පිරිසක් නිසා. ඒක හොඳ ප්‍රවණතාවක්

      Delete
    5. 1951 SWRD was financed by India and Indian merchants in Colombo. 1971 and 1986 JVP was financed by the same. 1977 JR was the same. 2009 Sarath Fonseka the same. 1005 Mahinda the same, but Mahinda did not suck to India. India is never going to leave Mahinda alone until he is taken to the gallows. The so called "Tamil Tigers" is the Indian terrorist arm trained, armed, finance, managed and branded Tamil Tigers by India.

      Delete
    6. //1971 and 1986 JVP was financed by the same.// මේක වැරදියි. ජෙප්පො තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය කියල එකක් පන්ති පහෙන් එකක් විදියට ඉගැන්නුවෙ. විජේවීරගෙ "රට හදන අපේ ප්‍රථිපත්ති" කියන 82 කතාවෙ කියවෙනව "ඉන්දියාවෙන් ඇවිත් සම්මන පුරවැසිකම් අරන් ඉන්න ඥානම්ල හජ්ජියාර්ල එලවල දානව පුවැසිකම් අයින් කරල, ව්‍යාපාර රජයට පවරගෙන" කියල. ඉන්දියාවට එරෙහි, ඉන්දියාව එක්ක පසමිතුරු තත්වයක් තමයි ජෙප්පොන්ගෙ කවදත් තිබ්බෙ, එහෙම නූනනම් 89 විජේවීර බේරෙනව.


      //but Mahinda did not suck to India// මහින්දට එහෙම නොකරන්න හේතුව උනේ ඉන්දියාවට වඩා චීනෙට නැවිල උන් කියන විදියට ඉන්න වෙච්චි නිසා මිසක මහින්දගෙ කොන්ද හය්ය නිසා නෙමෙයි.

      //so called "Tamil Tigers" is the Indian terrorist arm trained, armed, finance, managed and branded Tamil Tigers by India.// එකඟයි, ඒත් ඒ ජයවර්ධනට ගේමට කරපු වැඩක් කියන එක ප්‍රසිද්ධ රහසක්නෙ.


      Delete
    7. // ඒත් ඒ ජයවර්ධනට ගේමට කරපු වැඩක් කියන එක ප්‍රසිද්ධ රහසක්නෙ....
      JR ජයවර්ධනෙට ගේමක් දෙන්න කරපු එකක් නම් අව්ලක් නැ ...

      Delete
    8. //දෙවනි යකා බලවත් වෙන්නෙ තනි හැකියාවකින් ආකර්ෂනයකින් නෙමෙයි, වෙන පිරිසක් නිසා. ඒක හොඳ ප්‍රවණතාවක්
      වෙනත් පිරිස තමයි අවුල .. වෙනත් පිරිස යකාට එකතු වෙලා තියෙන්නේ මොන හේතු නිසාද කියන එක මෙහ්ච්චර බුද්ධිමත් තාර්කික ඔබට පැහැදිලි කරන්න ඕන වෙන 1ක් නෑ ..
      අනික වෙනත් පිරිස වෙනත් අරමුණු නිසා යකට සහය දෙන නිසාම තමයි ලොකුම ගැටලුව .. එකිනෙකට විරුද්ධ කිසිම ප්‍රතිපත්ති මත සහය දෙන එකන්ගතවාක් නැති කට්ටියක් අතේ බලේ තියෙන එක තමයි ඔය කියන අවුල. බලවත් යකෙක් දැම්මාම ඒ යකා පාලනය කරන්න අමාරු නිසා එක එක යට ඕන විදිහට නටවන්න පුළුවන් යකෙක් තමයි හොඳම විසඳුම ...
      යකෙක්ද රුකඩයක්ද ?

      Delete
  13. මයි 3 පොදු අපේක්ෂකයා කියලා ප්‍රකාශයට පත් වෙච්ච විගසම වගේ හොද ජන රැල්ලක් හැදුනා..නමුත් මගේ අගමැති රනිල් කිව්වට පස්සෙ පොඩ්ඩක් පස්ස ගැහුවා...ඡන්ද ටික ගන්නකං වත් මයි3 වටේ ඉන්න අනිත් චරිත...විශේෂයෙන් රනිල් ගොයියා කට වහගෙන ඉන්නවා නම් සෑහෙන සහනයක් වේවි.

    ReplyDelete
    Replies
    1. නැහැ සිරා.....මේක සාමුහික වගකීමක්. මෛත්‍රී ආපු ඒක බෝනස් එකක්. ඊට කලින් මේ ඒකාධිපතියා ඉවතලා යුතු බව ප්‍රගතිශීලි ජන කොටස් තීරනය කර තිබුනා. මෛත්‍රී බෝනස්, එකට යට නොවී, එන එවුන් ගැන නොසිතා, මේ අවිචාරවත් සමය අවසන් කරන්න වචනයකින් හෝ දායක වෙන්න. මතක තියෙන මිනිස්සුන්ට අමතක නොවෙන්න ඕන මේ අවිචාර සමයට අපි ඇතුල් වුනේ ඇයි කියලා. මතක තියා ගන්න, මට පෞද්ගලික අපේක්ෂා නැහැ සිරා. මම දකින්නේ රට , ජනතාව, සහ අපේ දරුවන්ගේ අනාගතය. අපි නම් සුද්දගේ රටේ ඉඳියි. මම එහෙම හිතන එකෙක් නොවේ.

      Delete
    2. සිරා, මරා වෙනුවට සාධාරණ විකල්පයක් මෛත්‍රී. නමුත් මිනිහත් ආවට පස්සෙ අවුල් උනොත් ඒකට විරුද්ධව අපි සටන් කරන්න ඕන. හරි නොගියොත් පන්නල දාන්න ඕන. ඉන් පස්සෙ තවත් එකෙක් විදියට මේක නොනවතින අරගලයක් වෙන්න ඕන. එහෙම නැතුව, දියසේන හොයල ඌට දීල ඇස් කන් පියාගෙන හිටියොත් අර රසික කිව්ව වගේ වෙස්සන්තර උනත් ගසා කන්න ගන්නව ටික කාලෙකදි.

      ජීවතය වගේම දේශපාළනයත් නොනවතින අරගලයක්, එහෙම නොවුනොත් වඩා හොඳ දේ වෙතට කවදවත් යන්න ලැබෙන්නෙ නෑ!

      Delete
    3. අරූ අයියා මමත් පුද්ගලිකව මෛත්‍රීගේ ජයග්‍රහණය අපේක්ෂා කරන කෙනෙක්...මරාගේ පාලනය තව දුරටත් ගියොත් ලංකාව ගෝත්‍රික සමාජයක් වෙනවා...දකින දකින ගෑණි දූෂණය කරන තැනට එනවා...වැරදි කරුවන්ට නිසි දඬුවමක් නැති උනාම වැරදි කරන්න මිනිස්සු භය නෑ...වැරදිකාරයා දේශපාලන ගැත්තෙක් නම් පොලිසියටත් රාජකාරි කරන්න බැරි තත්වයක් තියෙන්නෙ...මේ වගේ කාලකන්නි තැනකට අද රට ඇවිල්ලා...තවත් ඉදිරියට මේ ගමන ගියොත් අනිවාර්යෙන්ම බිහිවෙන්නෙ ඒකාධිපතියෙක්...ඒකාධිපතියෙකුට ව්‍යවස්ථාවෙන් ඇති වැඩක් නෑ...තමන්ගෙ අභිමතය අනුව තමයි රට පාලනය...

      Delete
    4. ඒකා අධිපති වෙන ක්‍රමේ පේනවනෙ. සීතටලට ඌවෙ කල්දාල, චූ බරට නැගෙනහිර කල්දාල, විපක්ෂෙ එන්න කලින් පාන්දර රැස්වෙලා ජාඇල අයවැය දිනල. මාරයි...කියන්නෙ මාරම මාරයි!

      Delete
  14. මැතිවරණය ගැන මම කියවපු හොදම ලිපිය මචෝ.........
    MY3 ය ජනපති වෙන්නත් පෙර අගමැති රනිල් කියල කිව්ව......තාම සම හරක් ඉන්නව රනිල් ට අකමැති....හෙළ කරුමය & කැ රි ජෙප්පො .......
    රට ඉදිරියට ගෙනියන්න රනිල් හැර වෙන කිසිවෙක් නැහැ...... මාමිව පන්නල......
    සැටී සෙට් වෙලා ඉන්න එක ගොඩක් උන්ට කුකුසක් තිබෙනව වගේ......
    ඔය මොකා ආවත් චිනට කෙලවන්නෙ නැහැ.....
    අර හර්ෂයල අල්ජසීර ගිහිල්ල ....නාගෙන ඇවිල්ල......දැන් කියනව ...කෙහෙළිය එනව කිව්ව නිසාලු ගියේ......ඉතිං කෙහෙළිය නැත්නම් හැරිල එන්න තිබ්බෙ අර බන්ධුව....හරින්ව දැකල ගියා වගෙ ......
    දැන් චම්පිකය කියනව විධායක ජනපති ක්‍රමය තිබිය යුතුලු.....නැති නම් රට අස්ථාවර විය හැකිලු........
    කොහොමත් තාම වාසි මාමි ට.........අන්තිම මොහොතෙ ඔය තටමන එවුන් අන්තිමට ශක්තිමත් කරයි Hand's ලොක්කගෙ .........
    මට නම් ඔය මොකා ආවත් වැඩක් නැහැ බං .........
    දුවටයි....පුතා ටයි කියල තියෙන්නෙ නිසි වයස ආවම යුරෝප් වල කොල්ලෙකුයි......කෙල්ලෙකුයි......සෙට් කර ගනිල්ල ....ලංකාවෙ උන් එහෙම සෙට් කරගන්න එහෙම එපා කියල......
    මාත් උන් දෙන්න ගෙන් නිදහස් උනාම ......පොඩි කෑල්ලක් සෙට් කරගෙන ඔය ශිත රටක පදිංචි වෙනව මචං .....උඹලටත් නිවාඩුවකට ඇවිත් යන්න බැරියා...
    උඹ සුද්ද ගැනයි .....මා ගැනයි කියල තිබ්බ එක දැකල හිනා වෙලා පන ගියා මචෝ..........හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි, ඇත්තටම මොකා ආවත් වැඩක් නෑ, සෘජුව සහ පුද්ගලිකව. නමුත් පොදුවෙ වැදගත්. ඒ නිසයි උඹත් මාත් තව බොහෝ දෙනෙකුත් මේ ගැන කතා කරන්නෙ, හැකි දැණුවත්කිරීම් කරන්නෙ.

      මම හිතන්නෙ මෛත්‍රීගෙ අවුලක් උනොත් ඒකට ගේම ඉල්ලල හදා ගන්නව මිසක් මිනිහගෙ අඩු නිසා ඉන්න එකාව හුරතල් කරල බෑ.

      පැහැදිලිවම බල කඳවුරු දෙකක් නිසා, අනෙක් පැත්තෙන් ආවොත් චීනට තැන නැතිවෙනවාමයි.

      Delete
    2. //රට ඉදිරියට ගෙනියන්න රනිල් හැර වෙන කිසිවෙක් නැහැ//....Aniwaa niyama kathawaa... Rata idiriyata yanawaa kiyanne mokakda?
      ඇමරිකාවට, යුරෝපයට තැන අවාම හරියයි සමහර විට ... කලින් චන්ද්‍රිකාගේ,රනිල්ගේ හෝ 77න පස්සේ ඉඳන්ම ලංකාවට අමුතුවෙන් හරි ගියපු බව අපිට පෙනුනේ නෑ ඔය බල කඳවුරටත් සහය දුන්නා කියලා ... තර්ස්තවාදයට විරුද්ධව ලිබියාව වගේ රටවල ලොකු සේවයක් කරන රටවල් නේ ඔවා අඩුතරමේ.. අර සිරියාවට කරනවා වගේ ලංකාවේ ජනතවටත් ඔය බල කඳවුර උදව් කරන්න බැරි නෑ "good governance" බිහි කරන්න..ජනවාරි 9 න පස්සේ ....

      Delete
  15. බොසා.. කියවල දෙයක් ඉගනගත්‍තා.. උඹට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි. ආවට උඹට ස්තූතියි!

      Delete
  16. අවංකවම මට නං අපුලයි
    දේශපාලනේ මේ දවස්වල හැම කෙනාටම බඩ යන්න පටං ඇරගෙන

    ReplyDelete
    Replies
    1. ඒක මේ කලාපෙ මිනිස්සුන්ගෙ හැටිනෙ.

      Delete
  17. අම්මෝ දේශපාලනේ.............ඕවා ලියලා බ්ලොග් බ්ලොක් කරයිද දන්නෙත් නෑ නේද ඉන්දික අයියේ..............

    ReplyDelete
    Replies
    1. බ්ලොග් තමා බං මේ කොහොමත් කරන්නෙ ..හැක්..හැක්

      Delete
  18. බටහිර අධිරාජ්‍යවාදීන් ගැන බෙරිහන් දෙන විමල්ට චීනයේ නව යටත්විජිත වාදය පේන්නේ නැති හැටි.මහින්දගේ ආණ්ඩුවට මුල ඉඳන්ම ජත්‍යන්තරය එක්ක හරියට ගණුදෙණු කරන්න පුළුවන් වුනේ නැහැ.මේ ඒවයේ ප්‍රතිපල.

    ReplyDelete
    Replies
    1. විමළෙට විතරක් නෙමේ ජෙප්පොන්ට පේන්නෙත් නෑනෙ බං. මහින්දගෙ ආන්ඩුවෙ ජාත්‍යන්තරේ එක්ක හරියට කතා බහ කලේ බැසිල විතරයි.

      Delete
    2. එහෙම තමයි බං කන්න ඕනි උනාම. ඔයිට වඩා කබරගොයි තලගොයි කලේ වංස.

      Delete
  19. \\\එනිසා ජනතාව කල්පනාකාරීව ඒ සඳහා සුදුසු නායකයින් පත්කරගත යුතුය. අවසානාවකට, එවන් දැක්ව්මක් සහ අවශ්‍යතාවක් නැති ජාතියක්, රටක් වන හෙයින්, අප වහා කල යුත්තේ බ්‍රෙෂ්ට් කීවාක්සේ "එවන් හැකියාවකින් යුක්ත ජනතාවක් මුලින්ම පත් කරගැනීමයි".////

    ඒ කියන්නේ කිසිම චාන්ස් එකක් නැහැ කියන එකම නේද?
    මොන රෙද්දකට ආපහු ආවද මේ රටට කියලත් හිතෙනවා මචං දැන්නම්...!

    ReplyDelete
    Replies
    1. මචෝ, අපි හොඳට හිතල බැලුවොත් පෙනේවි, වැරැද්ද අපේ අතේම තමයි කියල. සමහරුන්ට මහින්ද හොඳ ඌ නිසා කාල ඇඳල භය නැතුව යන්න ඇහැක් නිසා. නමුත් ඒ කී කාලෙකටද කියන එක උන්ට වැදගත් නෑ. දෙවනි ලෝක යුද්ධෙන් පස්සෙ චචිල්වත් එලෙව්ව එංගලන්තෙන්. එහෙම නොවුනනම් ඉන්දියාවට නිදහස දෙන්න වෙන්නෙ ලේ හලල මහ විනාසෙකින් පස්සෙ සුද්ද නෝන්ඩි වෙලා, අර දිනාපු ලෝක යුධ ජයත් පීචං කරගෙන. ඉතිහාසෙ ඇති තරම් පාඩම් තිබ්බට කවුද කරදර වෙන්නෙ ඒ ගැන හිතන්න!

      //මොන රෙද්දකට ආපහු ආවද මේ රටට කියලත් හිතෙනවා මචං දැන්නම්...!// කලබල වෙන්න එපා, අපි බලමු!

      Delete
    2. /////සමහරුන්ට මහින්ද හොඳ ඌ නිසා කාල ඇඳල භය නැතුව යන්න ඇහැක් නිසා. නමුත් ඒ කී කාලෙකටද කියන එක උන්ට වැදගත් නෑ/////

      මේ ලින්ක් එක බලන්න. මෙන්න දැවෙන ප්‍රශ්ණ

      අපේ මේ අත්වල කරගැට ඇවිල්ල තියෙන්නෙ ජිල්බෝල ගහල නෙමෙයි මහත්තයො

      Delete
    3. නියම තර්ක.. ඉතිහාසයේ තියෙන සිද්ධි එහෙමම ගෙනත් දාල බලද්දී නම් ලස්සන තාර්කික කතා. හැබැයි ඒවා සිද්ධ උන අවකාශය ,අවස්ථාව සහ අවශ්‍යතා වගේ ගොඩක් දේවල් අතහැරලා සිද්ධිය විතරක් ආදේශ කරලා බලන්න ගියොත් නම් වෙන්නේ මොනාද කියල ඔහච්චාර තාර්කික, බුද්ධිමත් ඔබතුමාට කියන්න ඕන වෙන එකක් නැ ..
      එහෙම කරන්න ගියොත් .. ..
      ජේසුස් වහන්සේව කුරුසියේ ඇන ගහපු මිනිස්සු ගැනයි ..බුදුන්වහන්සේට අපහාස කරපු මිනිස්සු ගැනයි පෘතුගීසින් එලවන්න ලන්දේසි ගෙනාපු සිද්දියයි වගේ සිද්දි දිහා බලලා මහින්ද බුදුන්වහන්සේටයි, ජෙසුතුමාටයි... මයිත්‍රිපාල ජුදාස්ටයි හෝ ඉඟුරු වලට මහින්දයි මිරිස්වලට මයිත්‍රිපාලයි සමාන කරන්නත් බැරි නැ මිනිස්සු... ඒ නිසා සිද්ධිය විතරක් අරන් පෙන්නුවාම එකේ අව්ලක් තියෙනවා කියල අමුතුවෙන් කියන්න ඕන වෙන 1ක් නෑ ..
      මොකද මයිත්‍රිපාලව ජුදාස් විදිහට හිතුවට අව්ලක් උනේ නැතත්.... මහින්ද බුදුන්වහන්සේට හෝ ජේසුස් තුමාට සමානව හිතන එක කොහ්ච්චර අව්ලක්ද කියල ඕන කෙනෙක්ට තේරෙනවා මහින්දගෙන් කාල ඇදාලා ඉන්න අයට ඇර වෙන ඕනෑම කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන් ..
      ඔබ තුමා බලාපොරොත්තු වෙන එළවීම වෙන්න තව අවරුදු 6ක් වත් යනවා.. අර මන් පහලින් කොමෙන්ට් එකක කියපු විදිහට මේවට reply කරලා තර්ක කරට කමක් නැ වෙන වැදගත් වැඩ නැති වෙලාවට .. මොකද ජනවාරි 9 වෙනිදාට මන් කියපු ඒවාට නිවැරදි රෙප්ල්ය් එක අයෙත් දාන්න වේවි..
      ඉස්සෙල්ලාම ඇත්තටම වෙන දෙය ගැන නිවැරදි අවබෝධය අරගෙන එකත් එක්කම තර්කිකිකව හිතුවොත් නිවෙරදි මාර්ගයට වඩාත් ලංවෙනන පුළුවන් විසඳුමක් හොයා ගන්න පුළුවන් වෙයි.

      Delete
  20. ගොඩක් අය නොබලන පැත්තක් ගැන සිංහයා කතා කරලා තියෙනවා, තේරෙන විදියට. චීනේ බලපෑම් ගැන මතකක් තිබුණෙම නෑ මේ ලිපිය කියවනකල්.
    හොඳ ලිපියක් සිංහයෝ. මේ වගේ වෙලාවක මිනිස්සු දැනුවත් කල යුත්තේ මෙන්න මෙහෙමලු. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුමාරිහාමි. පුදුමත් හිතුන දේශපාලන ලියුමකට කමෙන්ට් කරල තීනව දැකල!!

      Delete
  21. //ඉදින් විදුලි පුටුවෙන් මහින්දව සැබෑවටම බේරා ගැනීමටනම්, ඔහුව අනාගතයේ ඇතිවන වඩා අයහපත් ජාතිවාදී ගැටුම්, මර්ධන සහ මානව හිමිකම් වලින් ගලවා, පාළනය වඩා හොඳ අතකට පවරා දීම මිස, නැවත ඔහුව පත් කරගැනීමෙන් පසු මුදා හරින දැඩි මර්ධනයකට ඉඩ දීමෙන් නොවේ.// එකඟයි එකෙන්ම.
    මචෝ චීනා දැන් එළනවා දැලක් ඇමෙරිකාවටත් තරු පේන්න. දැන් උන් හදන්නෙම කෘතිම දූපත්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඇමරිකන් කාරය ඒඩ්ස් වගේ, චීන පිළිකාව වගේ!

      Delete
  22. චීනය සහ එහි අභිමතාර්ත ගැන ඔබතුමා ලියූ දේවල් වලට එකඟ වෙන්න ටිකක් අමාරුයි. චීනය කියන්නේ අපට තේරුම් ගන්න අමාරු රටක්.(මම චීන මිනිස්සු සමග වසර එකොලහක් ජීවත් වෙලා තියෙනවා).... ඒ එක්කම චීනයත් ඉන්දියාවත් ඔය කියනා තරම් මිනි මරාගන්න තත්වෙක නැහැ කියලයි මට හිතෙන්නේ. ඉන්දදියාවේ නව රජය මහින්ද මාමා සමග ඒ තරම් අමනාපයක් නැහැ වගෙයි පෙනෙන්නේ. විශේශයෙන් ම මෝඩි මහත්තයා මහින්ද මොඩල් එකේ නායකයෙක්..... එයාගෙ තරඟේ තිබුනේ චන්ද්‍රිකා මොඩල් එකේ ගාන්දි පවුලත් සමගයි. මොදි ගෙ පලමු ඉල්ලීම වන සැකයට බඳුන් වුන පාකිස්තාන කස්ටිය ලන්කාවෙන් යවන්න මහින්ද ලොක්ක පැය විසිතතරක් වත් ගත්තේ නැහැ...
    චීනය සහ ඉන්දියාව බැලන්ස් කරගන්න මහින්ද ලොක්කා හට හැකියාවක් තියෙනවා කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. // චීනය කියන්නේ අපට තේරුම් ගන්න අමාරු රටක් (මම චීන මිනිස්සු සමග වසර එකොලහක් ජීවත් වෙලා තියෙනවා)..//.

      මිනිස්සු ජීවිතකාලෙම එකට හිටියත් තමන්ගෙ සැමිය/ බිරිඳව වත් තේරුන් ගන්නෙ නෑ හරියට!!

      මම දෙන්න ඕන උත්තරේ ඔබේ කමෙන්ට් එකේම තීනව. අදහසට ස්තූතියි!

      Delete
  23. මොනවා වුණත් මේක දේශපාලනය මචං....................... ඒක කුණු ගොඩක්...... ජරාවලක්...............

    ReplyDelete
    Replies
    1. කරුමෙට මේ කුණුගොඩ, ජරාවල තීන්නෙ අපේ මිදුලෙ වෙච්චි, නහය වහන් අහක බලන් කොහොම යන්නෙයි?

      Delete
  24. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන එක හොඳයි.. හැබැයි ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා නිවැරදි අවබෝධය නැතිව කරන තර්ක තර්ක විදිහටම තියෙයි.... ඇත්තටම සිදු වෙන දෙයයි, උඹ සිදුවෙනවාට කැමති/බලන් ඉන්න දෙයයි, ඇත්තටම වෙන්න ඕනේ දෙයයි කියන දේවල වෙනස තේරුම් අරන් හිටපන් ඉස්සෙල්ලම. ලංකාව කියන්නේ කොළොඹ , facebook එක,Internet සහ බ්ලොග්ස් නෙමෙයි කියන එක උඹට ළඟදීම තේරුම් යාවි.. සමහරවිට ජනවාරි 9 වෙනිදාටම ඒ දෙය තේරුම් ගන්න පුළුවන් වෙයි උඹ හරියටම හිතුවොත් ඔය බොරු තර්ක අත් ඇරලා...
    ජනවාරි 9 මගේ චොම්මෙන්ට් 1ට රෙප්ල්ය් කරපන්.. දැන් reply කලාට එක තවත් තාර්කික වියත් විවරණයක් විතරක් වෙයි...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails