ඔබේ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය කවුද?
කේමදාස මාස්ටර්ද, අමරදේව මාස්ටර්ද? සමහරවිට රෝහණ වීරසිංහ වෙන්නත් බැරි නෑ. හැබැයි මට විස්වාසයි, මේ කියවන අති බහුතරයක් දෙනාගෙ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය මේ කථා නායකය නොවෙන බව!
පිළිම නෙළු, බලෙන් නෙලා ගන්නා විරුවන් අතරෙ ඔහු නිහඬ මහා පිළිමයක්. ඒ අපිට අමතක වෙලා ගිය, නැතිනම් නොතකා හැරුනු. එහෙත් එහි වගකීම ඔබ හෝ මගේ පමණක් නොව ඔහුගේත්. මන්ද ඔහු එතරම්ම සරළ, සම්මාණ බහුමාණ පිළිකෙව් කරන්නෙක් වන නිසා.
තම අපිස් දිවියේ ලද දෙයින්, සතුටෙන් සරළව ජීවිතය දිය කරගෙන යන මේ කුඩා, වචනයේ පරිස්මාතාර්ථයෙන්ම අහිංසක අපුරූ මිනිසා තම සංගීත චාරිකාව ආරම්භ කරන්නෙ බටනලාවකින්.
පාසැල් මිතුරෙකුගෙ බටනළා වාදනය දැකීමෙන් ඇතිවන ඇල්ම, ඒ ආසාවට ඔහුත් බටනළාව වයන්න උත්සාහ කරනව. මේ උත්සාහය අගය කල පාසැලේ සංගීත ගුරුතුමා, ඔහුට බටනළා වාදනය උගන්වනව.
පසු කලෙක තමන්ට ලැබිල තිබ්බ පාසැල් ශිශ්යත්වය අහිමි වීම නිසා කැලේ ලී ඉරන්න යන මේ ගැටය, තමන්ගෙ බටනළා වාදනය අමතක කරන්නෙ නෑ. අහම්බෙන් දකින ගුවන්විදුලි අනියම් වාදක තනතුරට බටනලා වයන්න අයදුම් කරන්න ඔහු කොළඹ එනව.
දක්ෂ ලෙස තම වාදනය ගුවන්විදුලි වාදක මණ්ඩල තේරීම් කමිටුව ඉදිරියෙ වාදනය කරත්, ඔහුව තේරෙන්නෙ නෑ. හේතුව, ඔහු වාදනයකරන්නෙ හඬට, එහෙම නැතිනම් ඉයර් එකට මිස ස්වර ප්‍රස්ථාර අනුව නොවීම.
තම පාසැල් ගුරුතුමාගෙන් අසාවට ඉගෙන ගත් ශිල්පය සම්පූර්ණ නොකිරීම වගේම කිසිම සංගීත ගුරුකුළයකට නැති වීම, සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනයක් නැති කම නිසා මේ තරුණ වාදකය ගුවන් විදුලියෙන් ඉවතට විසිවෙනව.
කොළඹින් ඉතාම දුර බැහැර, අලි කොටි ගැවසුන කැලේ ගමෙන් ආ තරුණය මේ අවනඩුව කියන්නෙ හෙළයෙ මහා සංගීතඥ අමරදේවයන්ට.
වඩුවෙකුගෙ පුතෙක් වූ, ශිශ්‍යත්වයක් නිසා සංගීතඥයෙක් වුනු අමරදේවයන් මේ තරුණයගෙ හැකියාව හඳුනගෙන, ඔහුව අගය කරල බඳවගන්න නිර්දේශ කරනව. ඒත් එක්කම අපේ කථා නායකයට හමුවෙනව තමන්ගෙ ඈත ගමේ පාසැලේ කලක් ඉතිහාස ගුරුවරයෙක් වෙච්චි සිනාමාකරු වසන්ත ඔබේසේකරයන්ව.
වෙච්චි අවනඩුව අහන ඔබේසේකරයන් මේ තරුණයව ගන්න කියල රෙකමදාරුවක් දෙනව ගුවන් විදුලි පාළනයට.
එදා අනියම් වාදක රැකියාවෙන් ඇරඹෙන ගමණ, ඔහුව තම ස්වොත්සාහය සහ ජන්ම හැකියාව මගින් ඉතාම විශිශ්ඨ සංගීතඥයෙක් තත්වයට ගෙනෙනව.
අද ඔබත් මමත් අතිශයින් ප්‍රිය කරන ගී විශාල සංක්‍යාවක් සඳහා තනු හදා දුන් මේ අපූරු මිනිසා, පාසලෙන් මතු කිසිම සංගීත අධ්‍යාපනයක් නොලද්දකු බව ඔබ පිළිගනියිද?
එහෙත් යථාර්ථය එයයි.
ඔහුට වඩා සංගීතය හැදෑරූ ප්‍රබුද්ධයන් ගයන, මේ සොඳුරු මිනිසා සංගීතවත් කල, ඔබ අප අතර නිතර රැව්දෙන ගී කිහිපයක් මම කිව්වොත් සමහරවිට ඔබ ඔහු හඳුනා ගනීවි, නැතහොත් මේ ඔහුගේ "වැඩදැයි" සිතා පුදුමයට පත් වේවි.
හෙළයේ මහා ගායක අමරදේවයන් ගයන,
සඳ තරු නිහඬයි..
මුළු ළොව නිසලයි..
සිතුවිලි විතරක් අවදිවෙලා...
සුනිලුන්ගෙ,
මිනිසෙකු පිට නැගි අසරුවෙකී...
මිනිසෙකු පිට නැගි අසරුවෙකී...
සියල්ල ඉදිරී ගරා වැටුන දා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම..
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ.....
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ..
සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන,
එක යායට මල් පීදුනු බිම් තීරේ..
වාසනා වේවා...වාසනා වේවා...
නන්දා මාලිනිය ගයන,
මධුර ප්‍රෙම කල්පනා..
ඔබයි රම්‍ය සඳ කිරණ..
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ..
විශාරද ගුණදාස කපුගේ ගයන,
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ..
කවුරුත් එන්නැති කවුරුත් දැන්නැති මල්පෙති හිරුණු මල් පාරේ..
කරුණාරත්න දිවුල්ගනේ ගයන,
මාල ගිරවියේ...මාල ගිරවියේ...
ටී එම් ජයරත්න ගයන,
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්..
මේ පුංචි රටේ.
ක්‍රිෂාන්ත එරන්දක ගයන,
වී පැදුරෙන් ඉගිලී යන..
රොහාන් ශාන්ත බුලේගොඩ ගයන,
සඳක් නම් බැසයන්න තිබුනා..
ජානක වික්‍රමසිංහ ගයන,
කිරුළ මුතු ලිහී..
බන්ඩාර අතාවුද/නිරංජලා සරෝජනී ගයන,
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ..
මාලනී බුලත්සිංහල ගයන,
රජ මැදුරක ඉපදී සිටියානම්...
මා එක්කලා අමනාප වී දබර..
වසන් කරන්නට බෑ මගෙ සිත අද...
ඒ ඔහුගෙ නිර්මාණ ගඟුලෙන්, අප නිතර අසන, ඇසෙන සහ ප්‍රිය කරන ගී කිහිපයක් පමණි.
තමන්ට හොඳම චිත්‍රපට පසුබ්ම් සංගීතයට ලද ජනාධිපති සම්මානය සහ හොඳම චිත්‍රපට පසුබිම් ගීයට ලද ජනාධිපති සම්මාණය, ඒ වසරේ වඩා උසස් නිර්මාණයක් කර තිබෙන වෙනත් සංගීතඥයෙකුට වඩා හිමිකක් ඇතැයි කියා ප්‍රතික්ෂේප කල මේ උතුම් මිනිසා ගැන, ලාල් ආනන්ද අබේධීරයන් අපූරු කතාවක් කියනව.
"සොෆොක්ලීස් වෙන්න තිබුනු ඒත් එහෙම නොවුනු කෙනෙක් හිටිය ඒ යුරිපිඩීස්, ෂේක්ස්පියර් වෙන්න තිබුනු ඒත් එහෙම නොවුනු කෙනෙක් හිටිය ඒ ක්‍රිස්ටෝපර් මාව්ලෝ, කාළිදාස ගාවට එහෙම වෙන්න පුලුවන් නුමුත් උනේ නැති කෙනෙක් හිටය ඒ භාරවී, වගේම ලංකාවෙ කේමදාස වෙන්න තිබුන එහෙම නොවුන කෙනා තමයි එච් එම් ජයවර්ධන"
සියඹලාන්ඩුවේ සිට පස්සර මහා විද්‍යාලය හරහා ගුවණ්විදුලියට ආ එච්. එම්, ඔබ වෙනුවෙන් මෙරටේ පාරවල් නම් නොකෙරුනාට, ඔබ නමට ආචාර්ය උපාධි පිරිනොනැමුනාට, ඔබ මැවූ ඒ සොඳුරු ගී, සදා අප තුල ජීවත්වේවි!
එච්එම්ගේ අනාගත අපේක්ෂාව මොකක්ද?
මොකවත්ම නැහැ. මම ඉන්නේ කුලීගේක. දහඅට දාහක් කුලිය. වීරවංස ඇමතිතුමාගෙන් ගෙයක් ඉල්ලූවා. එයා කහතුඩුවෙන් ගෙයක් දුන්නා. ලක්ෂ 49කට. ලක්ෂ 7ක් මුලින් ගෙවන්න ඕනෑ. මට කොයින්ද ඕවට සල්ලි. ලක්ෂ 30ක් විතර මට තිබුණා නම් දැන් ඉන්න අවටින් පොඩි ගේ කෑල්ලක් ගන්නවනේ. මේ ළ`ගදි රියැලිටි එකකින් ගෑනු ළමයෙක් දිනුවානේ. ඇයට කෝටි 2 1/2ක ගෙයක් ලැබුණානේ. කමක් නැහැ. ඒත් බලන්නකෝ මේ ළමයා කියපු ගීය ලිව්වේ මොකාද? මියුසික් කළේ මොකාද? කියලා නමවත් සඳහන් කළේ නැහැනේ. අඩුම ගානේ ඒවා ලියපු හදපු එවුන්ටවත් කීයක් හරි ගෙවන්න එපායැ. ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක්නේ ඕක. කමක් නෑ. හැබැයි මේවායේ මුල් කර්තෘගේ නමක්වත් කියන්නේ නැති එක ගෝඨාභයටවත් කාටවත් පේන්නේ නැහැනේ. මේ නාලිකා සේරම අද දුවන්නේ ගීත රචකයෝ ගායකයෝ හා සංගීතඥයෝ නිසයි. අඩුම වශයෙන් උන්ට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ කර්තෘ භාගයක් ගෙවන්න ඕනෑ. නන්දලා, සෝමතිලක ජයමහලා මට එහෙම කර්තෘභාග කියලා චෙක් එකක් දීලා යන දවස් තියෙනවා. තව සමහර එවුන් ඉන්නවා අපි දන්නෙත් නැහැ අපේ සිංදු විකුණලා ඩයලොග්ලගේ රි`ගින්ස් ටෝන්වලට. ඒ වගේ අසාධාරණකම්වලටයි අපි මුහුණ දෙන්නේ.
එච්එම්ගේ අනාගත අපේක්ෂාව මොකක්ද?
මොකවත්ම
නැහැ. මම ඉන්නේ කුලීගේක. දහඅට දාහක් කුලිය. වීරවංස ඇමතිතුමාගෙන් ගෙයක්
ඉල්ලූවා. එයා කහතුඩුවෙන් ගෙයක් දුන්නා. ලක්ෂ 49කට. ලක්ෂ 7ක් මුලින් ගෙවන්න
ඕනෑ. මට කොයින්ද ඕවට සල්ලි. ලක්ෂ 30ක් විතර මට තිබුණා නම් දැන් ඉන්න අවටින්
පොඩි ගේ කෑල්ලක් ගන්නවනේ. මේ ළ`ගදි රියැලිටි එකකින් ගෑනු ළමයෙක් දිනුවානේ.
ඇයට කෝටි 2 1/2ක ගෙයක් ලැබුණානේ. කමක් නැහැ. ඒත් බලන්නකෝ මේ ළමයා කියපු
ගීය ලිව්වේ මොකාද? මියුසික් කළේ මොකාද? කියලා නමවත් සඳහන් කළේ නැහැනේ. අඩුම
ගානේ ඒවා ලියපු හදපු එවුන්ටවත් කීයක් හරි ගෙවන්න එපායැ. ගෝඨාභය රාජපක්ෂගේ
සංකල්පයක්නේ ඕක. කමක් නෑ. හැබැයි මේවායේ මුල් කර්තෘගේ නමක්වත් කියන්නේ නැති
එක ගෝඨාභයටවත් කාටවත් පේන්නේ නැහැනේ. මේ නාලිකා සේරම අද දුවන්නේ ගීත රචකයෝ
ගායකයෝ හා සංගීතඥයෝ නිසයි. අඩුම වශයෙන් උන්ට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ
කියන්නේ කර්තෘ භාගයක් ගෙවන්න ඕනෑ. නන්දලා, සෝමතිලක ජයමහලා මට එහෙම කර්තෘභාග
කියලා චෙක් එකක් දීලා යන දවස් තියෙනවා. තව සමහර එවුන් ඉන්නවා අපි දන්නෙත්
නැහැ අපේ සිංදු විකුණලා ඩයලොග්ලගේ රි`ගින්ස් ටෝන්වලට. ඒ වගේ
අසාධාරණකම්වලටයි අපි මුහුණ දෙන්නේ.
- See more at: http://ravaya.lk/?p=3857#sthash.SEjACTyO.dpuf