Thursday, January 16, 2014

විශවගේ අදහස.... පිළිතුරු දීමේ අයිතිය සහ එක් කතාවක අවසානය!



SilentSahan ගේ  බ්ලොග් එකේ සදහන් වැරදි ප්‍රකාශ වලට මම යොමුකරන ලද කරුණු වලට ඔහුගේ අපහාස සහ නොගැලපෙන පිළිතුරු නිසා ඒවා කියවන්නෙක් හට තේරුම් ගැනීම පහසු නොවේ.

මෙම ලිපියේ අරමුණ ඒ සියලු කරුණු සවිස්තරාත්මකව පෙන්වා දීමයි. මෙහි තාක්ෂණික කරුණු ඇසුරෙන් ඔහුගේ ප්‍රෝඩාව පෙන්වීමක් වන නමුත් තාක්ෂණික දැනුමක් නැත්තෙකුට උනත් තේරුම් යන පරිදි මම ඉදිරිපත් කරමි.

වෙනත් බ්ලොයක බ්ලොග් රෝලේ දකින ලද "ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම" නම් මාතෘකාව දැක අහම්බෙන් මම එදිනෙදා ජීවිතය නම් බ්ලොග් එකට ඇතුල්වෙන ලදී. එහි මාතෘකාවට අදාළ කිසිවක් නොතිබුණු නමුත් සරල භෞතික විද්‍යා කරුණු කිහිපයක් සමග ගුවන් යානා ගමන්කරන ආකාරය විස්තර කර වැඩි විස්තර පසුවට ලෙස සඳහන් කර තිබුණි

මෙතනින් ගොස් අවශ්‍ය නම් එය කියවන්න
ඔහු මා සමග ප්‍රශ්න ඇතිකරගන්නා ලද පළමු ලිපිය මෙය වේ.



එම ලිපියේ සඳහන් කරුණු වලින්  දෙකක් හැර අනෙක් කරුණු වල වරදක් නැත.

ඉන් මම එම ලිපියේ කමෙන්ට් මගින් පෙන්වාදුන්නේ G Force යන දෙය හදුන්වාදීම වැරදි බව පමණි. අනෙක් කරුණ දැක්කේ දැන් වන අතර එය මේ සිද්දියට අදාළ නොවන නිසා එය දැන් සදහන් නොකරමි. 

G Force යන්න සහන් හදුන්වාදුන්නේ මෙසේය

"G force  යනු කේන්ද්‍රාපසාරි බලය  සේම පෘතුවි පෘෂ්ඨයෙන් ඉවතට යන විට වස්තුවක් මත ගොඩ නැගෙන බලයයි"

එම ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍ය වේ. G force යනු කුමක්ද කියා සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි කරනවා නම් විස්තර කල හැක්කේ මෙසේය.

G force  යනු  ප්‍රවේගය(සරලව වේගය කියා හිතන්න) වෙනස්වන වස්තුවක් මත සිටින්නෙකුට දැනෙන බලයක් වේ.

G force යනු භෞතික විද්‍යාවේ පවතින සංකල්පයක් වේ එය හිතුමතේ සඳහන් කිරීම කෙනෙක් මුලාවේ දැමීමකි. එවැනි දේ සිදු නොවිය යුතුය. වැරදිය සඳහන් කල දෙය පසුවට ලිපි එකක් නොව 100 ලියුවත් වැරදිය.

මම වරද පෙන්වූ විට සඳහන් කලේ සරලව ලිවිය යුතු නිසා එසේ කල බව ගම්‍ය වන ප්‍රකාශ වේ. එසේම පොන්නයා, හරකා, බුරුවා වැනි අපහාස කිරීම් ය ඒවා නිර්නාමිකයන් දැම්මා නම් ඒවා ඉවත් නොකිරීමෙන් පෙනෙන්නේ ඔහු එය අනුමත කල බවයි. වැරදියට සඳහන් කල කරුණ නිවැරදි නොකර වෙන මොන තර්ක දම්මාත් වැඩක් නැත.

මෙතනින් ගොස් බලන්න

දෙවනියට ඔහුට වැරදි පෙන්වා මම අපහාස වින්දේ අභ්‍යාවකාශගත කිරීමටනියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද නම් ලිපියේදී වේ.

මෙහිදී සහන් පොස්ට් එකේ දැක්වෙන පින්තුර වලින් නා ගත්තා නේ. ඒවා පැහැදිලිවම විනිවිදගෙ මෙන්න මේ බ්ලොග් එකේ කථා කරා.

මම කියන නාගැනීම වුනේ විචාරක මහතා මතු කල කමෙන්ට් එකක ඔහු අසන ලද ප්‍රශ්නයක් සඳහා සහන් දුන් පිළිතුරක් නිසා. එතන සහන් කියනවා "සෝලර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200 විතර තියෙනවා මේ චන්ද්‍රිකාවේ" ලෙස.

 එම ප්‍රකාශයේ වරද මුලින්ම සැක කලේ විදුරැ වීරසිංහ. ඔහු ප්‍රශ්න කලේ නැහැ වැඩිය සහ අපහාස එන විට ඔහු මාරු වුනා. සහන් එතන කියපු බොරුව නිවැරදි කරගන්න තමයි මාත් එකක් එම පොස්ට් එකේ කමෙන්ට් වල වාද කලේ.

ඔහු වෙනත් තර්ක දමා වාදය එක එක දිශාවලට හරවපු නිසා තාක්ෂණික දැනුම අඩු කෙනෙකුට නිගමනයක් කරන්න බැහැ. එක නිසා මම සරලව විස්තර කරන්නම්.

සහන් මෙම පොස්ට් එකට කරුණු ගත්තේ WNISAT-1 නම් චන්දිකාව මගිනි.


එහි පවතින සුර්ය කෝෂ වල මුළු ක්ෂමතාවය 12.6W වේ. එනම් කුඩා  අගයකි. මෙවැනි ක්ෂමතාවයක් සහිත සුර්ය කෝෂ මගින් ඇම්පියර් 200 ධාරාවක් ගන්නවා කියන්නේ නම් ඔහු ඉලෙක්ටෝනික් පිළිඹඳ මුලික දැනුමක් රහිත පුද්ගලයෙකි.

ඔහු මෙවැනි ලොකු ධාරා ගැන හිතුවේ වෙන උපකල්පන හිතුවේ මෙම චන්ද්‍රිකාව ගමන්කරන කක්ෂය ගැන අවබෝධයක් නැති නිසා වේ. ඔහු හිතනවා මෙය භූ ස්ථාවර් සන්නිවේදන චන්ද්‍රිකාවක් මෙන් කිලෝමීටර් 35000 පමණ උඩින් යන එකක් කියා. එසේම ඔහු උපකල්පනය කරනවා සාමාන්‍ය ගෘහස්ත චන්ද්‍රිකා රුපවාහිනී ඇන්ටනා වගේ කුඩා ඇන්ටනා සමග සම්බන්ද වෙන උපකරණයක් කියා. 

ගෙවල්වල ඇති සාමාන්‍ය ගෘහස්ත චන්ද්‍රිකා රුපවාහිනී ඇන්ටනාවකට  කිලෝමීටර් 35000 උඩ ඉඳලා සංඥා එවන්න නම් ලොකු ක්ෂමතා(සහන් හිතන තරම් නොවේ) අවශ්‍ය නිසා ලොකු ධාරා අවශ්‍යයි. නමුත් මෙය පොලවට වඩා කිලෝමීටර් 600 උඩින් ගමන් කරන චන්ද්‍රිකාවක්. මෙය සම්බන්ද වන්නේ විශේෂිතව සකස්කරන ලද ඇන්ටනා සමග මිසක් ගෙවල්වල තියෙන සෙන්ටිමීටර් 30 -40 ප්‍රමාණයේ  චන්ද්‍රිකා රුපවාහිනී ඇන්ටනා සමග නොවේ එබැවින් මෙය කියා කිරීමට ලොකු ධාරා අවශ්‍ය නොවේ. මෙම චන්ද්‍රිකාවේ රූපවල දැක්වෙන කුඩා සුර්ය කෝෂ පද්දතිය එයට සාක්ෂි දරන අතර එම අගයන් එය නිෂ්පාදනය කරන ලද ආයතනයේ වෙබ් අඩවියේ පෙන්වයි.

මෙසේ පැහැදිලිව තියෙන දේ තමන් මුලින් වැරදියට කියපු නිසා සහන් බොරුව නිවැරදි කරන්න 1000 ක් බොරු ගොතයි. සහන්ගේ එම ව්‍යායාමය එම ලිපියේ මට පිළිතුරු ලෙස දුන් ඔහුගේ කමෙන්ට් වලින් පැහැදිලි වේ.

ඉහත චන්ද්‍රිකාව ගමන්ගන්නේ කිලෝමීටර් 600 උඩින් වන අතර එම චන්ද්‍රිකාව උතුරු ධ්‍රැව අයිස් පැතිරීම නිරීක්ෂණය කරන අඩු වියදම් චන්ද්‍රිකාවක් වේ. එහි නිෂ්පාදකයාගේ තොරතුරු අනුව එහි Ground Resolution එක නොහොත් පොලව මත දැකිය හැකි කුඩාම වස්තුවක ප්‍රමාණය 500m ක් වේ.

නමුත් සහන් කියන්නේ මෙහි කැමරා පද්දතියට කිලෝමීටර් 35000 උඩ ඉඳන් පොලව මත ඇති පත්තරයක් කියවන්න පුළුවන් බවයි.

පොලව මත ඇති පත්තරයක් කියවන්න නම් අඩුම තරමින් එහි Ground Resolution එක මිලිමීටර් 0.25 වත් විය යුතුය. සහන් මෙතනත් උපකල්පනය කරන්නේ මෙම චන්ද්‍රිකාව යන්නේ  කිලෝමීටර් 35000 උඩින් බවයි. 

මෙයින් ගම්‍ය වන්නේ ඔහු කොහේ හරි තැනක කරවල ඔතපු කොලයක් කියවන විට දැකපු කිලෝමීටර් 35000 උඩින් යන භූ ස්ථාවර් චන්ද්‍රිකාවක් ගැන විස්තරයක් ඇසුරෙන් සහ ගමේ ගොඩේ කතාවකදී ඇසු පත්තර කියවන්න පුළුවන් චන්ද්‍රිකා කථා ඇසුරෙන් වීඩියෝ එකක තිබුණු විස්තර තේරුම් ගෙන බ්ලොග් ලියා ඇති බවයි. එම බොරුව වහගන්න තවත් බොරු ගෙතූ බවයි.

දැන් මෙය කියවන විමර්ශනශීලී බ්ලොග් පාඨකයින්ට තේරෙනවා නේද G Force ගැන සහ සැටලයිට් ගැන සහන් ගෙන ගිය බොරුව මම පෙන්වන්න ගිය තැන වාදය නොමග යන තර්ක දමමින් මට අපහාස කරපු විදිය.

තවත් බොරු එපා සහන්. ඔබේ හැකියාව යොදාගෙන සත්‍ය කරුණු ලියන්න. දකින කෙනෙක් පෙන්වන වැරදි නිහතමානීව පිළිගන්න. මම හිතනවා සහන් සමග හිතවත් අසමි දකිමි සොයමි ලියන විචාරක මහතා වැනි පරිපුර්ණ පුද්ගලයින්වත් සහන්ට මේ ගැන අවවාද කරයි කියා.

සහන් ඔබ මතක් කරන්න එපා ඕවා skype මගින් කතාවේදී ඔබ මට විස්තර කළා තේරුනේ නැද්ද කියලා.

ඔබට මතක ඇතිනේ ඔබට කථා කරන්න දීල මම හුමිටි දුන්නා. මම විස්තරේ ඇහුවා. නමුත් එතනත් ඕබ ඔය සුර්ය කෝෂ කතාව සහ කැමරා කතාව පිළිගත්තේ නැහැ. නමුත් ඔබ ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය, චන්ද්‍රිකා රුපවාහිනී සහ video scrambling ගැන කියපු කථා වැරදි කියන්නේ නැහැ. මම එම කතාවෙන් පසු ඔබ චරිත සහතිකයක් කරගත් මගේ කමෙන්ට් එක දැමීමට හේතුව මම ඉන්දික ගේ බ්ලොග් එකේ කමෙන්ට් මගින් විස්තර කළා එය මෙතනින් ගොස් බලන්න පුළුවන්. මම එහි සඳහන් කරුණු මෙතනම සඳහන් කරන්නම් කියවන ඔබේ පහසුවට.

(උපුටා ගැනීම)
මම සහන් සමග කථා කළා ඔහු බොහෝ කරුණු පැවසුවා බිරිඳ මියගිය විදිය අඩමින් පැවසුවා. ඔහුට සිදුවූ ගුවන් අනතුරක් ගැන පැවසුවා. ඒවා පැවසුවේ ගොඩක් හැගුම්බරව. ඔහු පවසපු විදියට ඔහු ඒ කලේ බොරුවක් නම් ඔහු ලොකුම ලොකු වංචාකාරයෙක්. (මම දන්නා විදියට බොරුවක් වුනත් ඇත්ත විදියට මිනිසුන්ට කඳුළු එන විදියට කියලා වාසි ලබාගන්න පුළුවන් එක පිරිසක් තමයි කුඩු කාරයෝ) ඔහු පවසපු විදියට ඔහුට තරහා යන්න හේතුව එම යුධ අත්දැකීම්. එහෙම නම් ඔහු කී දේ සත්‍යයක් නම් ඔහු අනිවාර්යෙන්ම ප්‍රතිකාර ගතයුතු පුද්ගලයෙක්. ඔහු පැවසු දේ අසත්‍ය නම් ඕනෑම බොරුවක් ලියන්න වගේම රඟපාලා කියන්න සමතෙක්.

video scrambling සම්බන්දව, රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සම්බන්දව, චන්ද්‍රිකා ගැන මම නොදන්නා කරුණු පැහැදිලි කරා නමුත් ඒවා පත පොත අන්තර්ජාලය සහ රුපවාහිනී වැඩසටහන් මගින් ලබාගත හැකි තොරතුරු මිස එතනට එහා තොරතුරු නොවේ. එසේම ඔහු ගොඩක් විස්තර කරා චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක් යන බව එතනින් ඔහු එම අංශයට සම්බන්ද බව පෙන්වන්න ගියා වෙන්න පුළුවන්. යුධ සහ රාජ්‍ය රහස් සම්බන්ධ චන්ද්‍රිකා වලදී නම් එහෙම වේවි නමුත් අනෙක් චන්ද්‍රිකා වලට එවැනි ප්‍රශ්නයක් නැහැ. මම එතන //ඒ වගේම චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක්. කොතරම් ආරක්ෂාවක් ලැබුනත්// ලෙස මම ලිවුවේ ඔහු එය පැහැදිලි කළා කියා සඳහන් කිරීමට මිස ඔහු එම අංශයේ කෙනෙක් කියා පෙන්වන්න නොවේ.

ගුවන් අනතුර සම්බන්ද හැගීම් බර කතාව නිසා ඔහු පෙන්වුවේ ගුවන් නියමුවෙක් බවයි. ඔහුට ලොකු කැස්සක් තිබුනා ඔහු කිවුවේ අධික වේගයෙදී යානයෙන් විසිවූ නිසා ඇතිවූ හුස්මගැනීමට අපහසුතාවය එයට හේතුවූ බවත් කරන විට ලේ යන බව සඳහන් කළා. එය මුලතිවු හෝ මැදවච්චිය ප්‍රදේශ වල සිදුවූවක් බව පැවසුවා. (මෙය දකින ගුවන් හමුදාවට සම්බන්ධ කෙනෙක් වේනම් එය ඇත්තද නැද්ද කියා කරුණාකර පෙන්වන්න. මානසික පීඩාවට පත් මොහු සත්‍ය ලෙසම යුධ විරුවෙක් නම් මොහු සොයා ප්‍රතිකාර වලට යොමු කරන්න) මෙම කරුණු නිසා මම එදා ඇත්ත ලෙස සිතුවා( අද මොහුගේ හැසිරීම අනුව මොහු කලේ බොරුවක් බව පැහැදිලියි) මම අනුකම්පා කළා එබැවින් මම වැඩිපුර මේ ප්‍රශ්න කිරීම් වලින් ඉවත්වෙන්න තීරණය කළා. එබැවින් ඔහු ගැන සැකය පහවන ලෙස ලියුවා. මම කලදේ වරදක් බව තේරුනේ මොහු එය චරිත සහතිකයක් කර ගත් පසුවයි. එබැවින් මොහු කොතරම් මට අපහාස කරත් මම මොහු ප්‍රෝඩාව නවතන තෙක් ඔහු පසුපස යමි.

//ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා.//මෙම ලිපියට සම්බන්ද ඔහු රුප දැමු wnisat1 නම් චන්ද්‍රිකාව පසුපස වත්මන් රජයට බනින පුද්ගලයන්ට වාසිවන තව කරුණක් හෙලිවෙන්න පුළුවන්. කියන කරුණ පෙන්වූ නිසා ඔහු එම චන්ද්‍රිකාව කරුණු නොකියන්න හේතුව එය බව ඔහු පෙන්වූවා. නමුත් ඔහු එමගින් කලේ ඒ පිට තියා ඔහුට විරුද්ධව පෙන්විය හැකි කරුණු සැගවීමයි. මම එම චන්ද්‍රිකාවේ නම හෙලිකිරීම සමහර විට සහන්ට විරුද්ධව කරුණු සෙවූ ප්‍රොෆයිල් සහිත ඇනෝ ට පවා ආධාරයක් වෙන්න ඇති.

wnisat1 නම් චන්ද්‍රිකාවේ අරමුණ තමයි උත්තර ධ්‍රැව ප්‍රදේශයේ අයිස් කුට්ටි අධ්‍යනය කිරීම. සහ එමගින් එම පැත්තෙන් නැගෙනහිර ආසියාව සහ බටහිර යුරෝපය අතර නාවික ගමනාගමනය ඇති කිරීම මෙය වුවොත් ලංකාවට දකුණෙන් යන නැවු ගමන් අඩුවන අතර හම්බන්තොට වරාය හැදීමේ මුලික අරමුණ වන ලංකාව ආසන්නයෙන් යන නැවු වලට සේවා සැපයීමේ අරමුණ මගින් ලාභ ගැනීමේ අවස්තාව අහිමි වෙනවා. නමුත් මෙම තත්වය කල් ඇතිව දැනගෙන මුහුණ දීමෙන් ලංකාවට එය පාඩුවක් නොකර ගෙන විධමත් සැලසුම් මගින් ගොඩ එන්න පුළුවන්.

ඔහු skype කතාව මගින් අනුකම්පාව සහ ඉහත wnisat1 නම් චන්ද්‍රිකාවේ අරමුණ හෙළිනොකළ යුතු බව පෙන්වීම මගින් මම වාදය අකුලා ගත්තා ඔහු එය දිගටම වාසියක් කර ගත්තා. ඔහු එය වාසියක් වන බව නොපෙන්වීමට ඔහුට කාගෙන්වත් චරිත සහතික අනවශ්‍ය බව පවසමින් මගේ ප්‍රකාශය ඔහුට වාසි වන පරිදි යොදා ගත්තා.

මෙන්න ඔහුගේ skype කතාව මම හෙලිකලා. ඔහු මුලින් කිවුවා මෙහි හඬ පටයක් ඇතිබව මම ඉල්ලා සිටිනවා මම මෙතන සඳහන් කර ඇති දේ වැරදි නම් එය වෙනස් නොකර සම්පුර්ණයෙන් ප්‍රචාරය කරන ලෙස. ඔබගේ හඬා වැටී බොරු කර නාටකය කාටත් රසවිඳිය හැක.

(උපුටා ගැනීම අවසන්)

තව කිවයුතු දෙයක් පවතී.

යමක් දෙස විමර්ශනශීලීව බැලීම වරදක්ද? එසේ බැලීම අපහාසයට කරුනක්ද?

සහන්ගේ "මුදල් සහ බලය හමුවේ හිස නැමූ මිත්තණියක් සහ ඇගේ දරුවෝ" නම් ලිපියේ මෙම කමෙන්ට් එකට  සහන් සහ ඇනොලා(සහන්ගේ බ්ලොග් එකේ දැනට කමෙන්ට් මොඩරේට් කරන බැවින් ඇනෝ මත සහන් අනුමත කරයි) මට පුද්ගලිකව කරපු අපහාස දෙස බලන්න.

එමගින් හෙළි වන්නේ මට අපහාස කිරීමට ඔහුට ඇති වුවමනාව වේ. එමගින් ඔහුගේ චර්යාව හෙළිවේ. ඔහු මට අපහාස කරන්නේ මම ඔහුගේ වැරදි කරුණු විවේචනය කරන බැවිනි. එනම් ඔහුට වහගන්න හොර ඇතිබව එමගින් හෙළිවේ.

සහන් දක්වන පරිදි ඔහුට අපහාස කිරීමට මට ලොකු උවමනාවක් පවතී. ඔහුට අවශ්ය වන්නේ එසේ කියා මගේ ගැන වැරදි අවබෝදයක් බ්ලොග් කියවන්නන්ට ඇතිකිරීමයි.

මම විවේචනය කරන්නේ ඔහු නොවේ ඔහු ඉදිරිපත් කරන ලද වැරදි කරුණු වේ.

අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතයට වැරදි තොරතුරු එක් කිරීම වරදකි.  අනුන්ට තොරතුරු දෙනවිට වගකීමෙන් ක්‍රියාකළ යුතුය. මින්පසුව වත් හැකිතරම් නිවැරදි තොරතුරු ලිපිවල සඳහන් කරන්න. තම වැරදි පිළිගැනීමට නිහතමානී වන්න. සැබෑ මහතෙකු වන්න.

සියලු දෙනාට ජය.

Vishwa Ranganath විශ්ව රංගනාත්


හිතාදර පාඨකයනි. මා විසින් මිට වසර දෙකකට පෙර මගේ බ්ලොගයෙහිම ලියූ ලිපියකින් උපුටා ගත් කොටසකින් මේ වාදය අවසන් කරමි (මෙහි පහත අකුරු මත ක්ලික් කිරීමෙන් ඔබට ඒ මුල් ලිපිය දැක ගත හැක).




ප/ලි

මට පුදගලිකව ලියපු බ්ලොග් රචක, පාඨකයන්ට සහ කමෙන්ට් දැමු සැමටත්, සත්‍ය දැක දැක අහක නොබැලූ  හිතවත් ඔබ සැමටත් අපගේ හද පිරි ස්තූතිය!


59 comments:

  1. ඉස්තූතියි සෑර් මේක පලකලාට, ලිව්වට.
    නියම ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් පාරක් නේ දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙම මේක ඉවර් කරගන්න බැරිනම් මම උඹට ගේම ෆිනිෂ් කරන කොන්ත්‍රාත් එක දෙන්න හිටියේ.

      Delete
  2. නිකන් හම්බ වෙච්චි දෙමළ පත්තරේ කියෙව්වා වගේ. මාර විදියට තේරුනා.. හා බොරුනම්.. ඕන ප්‍රශ්ණයක් අහපන්..

    ReplyDelete
    Replies
    1. විශ්ව තව ටිකක් සරළ උනා නම් හොඳයි වගේ තමා.

      මාතලන් තුමා, කෙටියෙන් කියනව නම් මෙහෙමයි:

      1. සහන් g-force කියන එක තේරුම් කළේ වේගයට සම්බන්ද දෙයක් විදියට. g-force කියන්නේ කොතරම් වත් වැඩි *වේගයකදී* දැනෙන බලයක් නෙවෙයි වේගය *වෙනස් වීමේදී* දැනෙන බලයක්. වේගය (speed) සහ වේගය වෙනස් වීම (acceleration) කියන්නෙ යාන්ත්‍ර විද්‍යාවේ දී සම්පූර්ණ වෙනස් දේවල් දෙකක්. මේ දෙකේ වෙනස දන්නෙ නැති කෙනෙක් g-force ගැන කතා කරනව කියන්නෙ නිකන් බුද්ධ රත්නෙයි ධම්ම රත්නෙයි වෙනස නොදැන බණ කියන්න යනව වගේ දෙයක්.

      2. ඔය චන්ද්‍රිකාවේ දිග පළල අඩියකටත් අඩුයි. (උපරිම හිරු එලිය වැටෙන්න පුලුවන් පැති තුනකට නේ, ඒත් ඇලේට නිසා බලය අඩු වෙනවා) එච්චර පුංචි වපසරියක සෝලාර් සෙල්ස් චලින් සහන් කියන තරමේ කරන්ට් එකක් හදන්න ප්‍රයෝගිකව බැහැ. සහන් ඒකට දුන්නු උත්තරේ තමයි ඕකට තව සෝලා සෙල්ස් හයි වෙනවා කියන එක. ඒක අමූලික බොරුවක්.

      3. 35,000km දුර ඇති පත්තරයක් කියවන්න තරම් බලගතු ලෙන්ස් සහන් පෙන්නපු චන්ද්‍රිකාවේ නෑ. (සහන් පෙන්නපු දිග ලෙන්ස් එක ඒ චන්ද්‍රිකාවේ එකක් නෙවෙයි කියන එක පින්තූර වලින් උනත් පේනවා). විශ්ව නැවත නැවත කියද්දීත් ඔය චන්ද්‍රිකාව යන්නේ 600km උඩින් කියල, සහන් ඒක පිලිගත්තේ නෑ විශ්වට අපහාස කළා මිස.


      කෙටියෙන් කිව්වොත් අවස්ථා තුනේදී ම උනේ විශ්ව ඇත්ත කියපු නිසා බැනුම් ඇහීම. ඒක එහෙම වෙන්න එක හේතුවක් උනේ, මෙච්චර මේව ගැන දැන ගන්න උනන්දුයි මෙහෙම ලිපි දාන එක හොඳයි කියල සහන්ට හුරේ දාපු අයත් (ඒ අය ඉගෙන ගන්න මාර ආස අය වෙන්න ඇති නේ?), විශ්ව ලියපු දේ කියවන්න පොඩි වත් මහන්සියක් නොගැනීම!!!

      Delete
    2. බොරුවට වර්ණනා කරනවාට වඩා ඔබේ අවංක වචන වටිනවා මාතලන්.

      Delete
  3. මම සහ සහන් අතර සියලු වාද වලට හේතුව මේ සරල කරුණු වේ. මට සියලු අපහාස ලැබුනේ මෙම සත්‍ය කරුණු පෙන්වීමට යෑම නිසාය. මෙම කරුණු වල ගැටළුවක් ඇත්නම් අසන්න. මම එම කරුණු මුලසිට පැහදිලි කරණු ලැබේ.
    සහන්ට මේ කරුණු වල දැනුත් නොතේරේ නම් දැනුමැති විශ්වාසවන්ත කෙනෙක් හමුවන්න. මෙම ලිපිය සහ ඔබගේ බ්ලොග් එක පෙන්වා කරුණු විමසන්න. එසේ තේරුම් මෙම ඔබගේ ලිපිය නිවැරදි කරගෙන. වාද සහිත කමෙන්ට් යටින් ඒ බව සඳහන් කරන්න. අදින් පසුවත් නියම මිනිසෙක් ලෙස හැසිරෙන්න.

    මෙම කරුණ අරබයා නැවත කිසිදු වාදයක් නැත. ඉහත ලිපිය කියවන සියලු දෙනාට මගේ ප්‍රණාමය පුදකරනු ලැබේ.

    ඉන්දික මෙම ලිපිය ඔබ පලකිරීම ගැන බොහෝ ස්තුතියි.

    ReplyDelete
  4. බුදල්මි
    සියො වැ ආමි
    සිහිගිරි බැලිමි
    බැලු බැලු බොහො ජනා ගී ලීයෙන්
    නො ලීමි. . . . !!!!!!

    ( සීගිරි ගීයක් )

    ReplyDelete
    Replies
    1. ammata ude,, mekath patta machan :D

      Delete
    2. බැලු බැලු බොහො ජනා ගී ලීයෙන් නො ලීමි. කියලා හරි ඔබ නොලියන එකෙන් පෙන්නේ ඔබගේ පරාජයේදී මිතුරාට අපහාස නොකරන ස්වභාවයයි. උඹට මම ලියපු දේ වැටහුනා නමුත් යාළුවාට හානි වෙන නිසා කට වහගෙන යනවා. මගෙන් තරහක් නැහැ ඔය පීළී පැනපු දුම්රිය කොහොම හරි නිවැරදි පාරට දාගන්න.

      Delete
    3. ඒ තරම් දුරක් හිතුවෙ නෑ විශ්ව. පරාජයෙදි මිතුරට අපහාස කරන්නෙ නෑ කියන එක නං හරි !! උඹල කොහොම කීවත් මං සහන් එක්ක !!!

      Delete
    4. අනේ බං. අවුරුදූ 6 ක් තිස්සේ කිසිම ආරංචියක් නැති යාලුවෙක් ගේ යාලුවෙක් (කියා කියා ගන්න ) ට උඹ හරි වැරැද්ද නොසලකා ඔහොම කඩේ යනව නං ... අපේ මහ රජා තමං අවුරුදු ගානක් තිස්සේ දන්නා අඳුරන අයටයි , පොඩි කාලේ ඉඳං අඳුරන මැරවිය වයේ උන්ටයි , පවුලේ අයටයි තමන්ගේ ඒ බොක්කේ පිට් එක හින්ද ලංකාව හොරාකාල හප කරලා දානකන් ජනතාව "කොහොම කිව්වත්" සපෝර්ට් එක දෙන එකෙත් කිසි වැරැද්දක් නැහැ නේද ?

      හරියයිද මෙහෙව් රටකට ඕයි

      Delete
    5. "අපේ ගොනා අපිට හොඳා"

      Delete
    6. ඒකනෙ බං මහ රජා නොවෙන්නේ !!!

      බැනුංඅහන්නත් බලාගෙන තමා මස්සිනේ කතා කොරේ !!

      අවුලක් නෑ .. හැබැයි හැංගිලා නෙමෙයි කෙලින්
      ඇවිත් කියපං මං ඒකට නං මනාපයි !!!

      Delete
  5. හොඳයි. මේ ආකාරයෙන්ම පිළිතුරක් සහනුත් දෙනවානම් හොඳයි. මම ඔහුගේ අඩවියෙත් මේ ගැන සඳහනක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔහු පරණ පාරේම යනවා නම් දුම්බෝම්බ ගහලා ජනතාව මුලා කරනවා ලොකු හෑල්ලක් ලියයි පිළිතුරු ලෙස.
      ඔහු අවංකව පාර වෙනස් කරනවා නම්. වරද පිළිගෙන සිදුකල වැරදි නිවැරදි කල යුතුයි.

      ව්‍යාජ නම් වලින් ආවත්, කොච්චර සැඟවුනත් අන්තර්ජාලය කියන්නේ සැඟවෙන්න බැරි තැනක් විචාරක මහතාණනි.

      Delete
  6. ubata vena vedak nedda banz

    ReplyDelete
    Replies
    1. නෑ බං මේ හොර එළිකරන එකනේ මගේ ජොබ් එක.

      Delete
  7. අවංකවම මේකෙ අගක් මුලක් මං දන්නේ නෑ. ඉස්සර වගේ බ්ලොග් කියවෙන්නෙ/ ලියැවෙන්නෙත් නෑ. මාත් දැන් අවුරුදු 3,4ක් තිස්සේ මේ අවකාශයේ රැඳීලා ඉන්නවා.. ඉස්සර හොඳයි දැන් ඉන්නෙ මොක්කුද, දැන් ඉන්න උන් ලියන්න දන්නෑ වගේ ගොං විදිහට හිතන එකෙක් නෙවෙයි මම. ඒත් මේ දේ කිව්වොත් හොඳයි කියලා හිතුනා. ඉස්සර බ්ලොග් ලියපු උන් ගැටුනේ මතවාදීව. මතවාදීව බින්ලාඩන් ජෝජ් බුෂ් වගේ ගැටුනත්, පෞද්ගලිකත්වයට සහ ඒ මතය දැරීමේ අයිතියට ගරු කලා.. හැබැයි පහුගිය වක වානුවේ ඇතිවෙච්ච වලි දිහා බැලුවම මතවාද පැත්තක තියලා පෞද්ගලිකත්වය ඇදලා අරං මඩ ගහන ප්‍රවනතාවයක් පේනවා. ඇත්තටම ඒක ඛේදවාචකයක්! ඒ ට්‍රෙන්ඩ් එක වෙනස් කරන එක සෙට් වෙලා නීති රීති දාලා කරන්න බෑ! කරන්න පුලුවන් පෞද්ගලික ස්වයංවාරණයකින් විතරයි. අනිත් එකා කුනු හබ්බෙන් අම්මා මුත්තා මතක් කරලා බනින්න බනින්න තමන්ට පුලුවන් නම් මතවාදය මත විතරක් ඉඳගෙන උත්තර දෙන්න, වලිය පැරදුනත් තමුන් දිනුම්! ඒ කියවන මනුස්සයා තේරුම් ගන්නවා කවුද මිනිහා කියලා!

    ReplyDelete
    Replies
    1. << ඉස්සර බ්ලොග් ලියපු උන් ගැටුනේ මතවාදීව. >>

      සාබිත්,

      මෙන්න මේ කමෙන්ට් එක දැක්කමනම් මට එහෙමමද කියලා හිතුනා!? ඔය කමෙන්ට් එකෙන් කියන කතාව ඇත්තක්නම් ඉස්සරට වැඩිය දැන් හොඳයි වගේ. මොකද ඉස්සර මත වාදීව ගැටිලා ඉවර වෙලා පැරදුනාට පස්සෙ හීන් සීරුවෙ බඩට ගහලා තියන බවකුත් පේනවා. පුද්ගලිකත්වය ඇදලා අරන් මඩ ටිකක් ගහ ගන්න එක ඊට වැඩිය දාස් වාරයක් ශිෂ්ඨ සම්පන්නයි. ( මම කියන්නේ ඒක සාපේක්ශව සැර අඩුයි කියලා මිසක් ඒක හොඳයි කියලා නෙමේ ඕන් )

      ඒක හින්දා, ඉස්සර බ්ලොග් කරුවෝ ගැටුනේ මතවාදිවම විතරයි කියන එක ජනප්‍රිය මිත්‍යාවක් බවයි පේන්ඩ තියෙන්නෙ.

      Delete
    2. @සෙන්නාJanuary 17, 2014 at 5:55 AM

      ඔය කමෙන්ට් එකේ තියෙන්නෙ මාරයා වැනි පුද්ගලයින් ඒ කාලෙ තමන්ගේ අරමුණු වෙනුවෙන් ප්‍රසිද්ධ කරන්න උත්සාහ දරපු බොරුවක්. අදාළ පුද්ගලයාගෙන්ම ඒ ගැන අහුවාම ඔහු කිව්වා එහෙම දෙයක් වුණේ නැහැ කියලා.

      Delete

    3. Anonymous January 17, 2014 at 7:28 AM

      'අදාල පුද්ගලයා' කියන්නෙ ටැබූ ද මිගාර ද? ටැබූ ගෙන් අහන එක හොරා ගෙ අම්මගෙන් පේන ඇහුව වගෙ නෙ, මිගාර කියල තියෙනව ටැබූ එහෙම කළා කියල.

      මෙන්න සාක්කි:

      මිගාර ගේ කතාව

      Delete
    4. @Sabith
      //අනිත් එකා කුනු හබ්බෙන් අම්මා මුත්තා මතක් කරලා බනින්න බනින්න තමන්ට පුලුවන් නම් මතවාදය මත විතරක් ඉඳගෙන උත්තර දෙන්න, වලිය පැරදුනත් තමුන් දිනුම්! // හරියට හරි කතාවට ස්තුත්යි.

      //ඒ කියවන මනුස්සයා තේරුම් ගන්නවා කවුද මිනිහා කියලා!// සම හරක් ඉන්නවා තේරුම් නොගන්න.

      Delete
    5. AnonymousJanuary 17, 2014 at 10:07 AM

      ඔය කමෙන්ට් එක සැබෑ මිගාරගේ කමෙන්ට් එකක් කියලා මා හිතන්නේ නැහැ. him self හා censor ship තනි වචන බව මිගාර නොදන්නා බව කීම ඔහුට කරන අපහාසයක්. ඒ වගේම most likeiest කියන එක වැරදි බව ඔහු දන්නවා ඇතැයි සිතනවා. කොහොම වුණත් ඔහු තවමත් බ්ලොග් අවකාශයේ ඉන්නා නිසා ඔහුගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු.

      Delete
    6. / මිගාර කියල තියෙනව ටැබූ එහෙම කළා කියල./

      ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක් කළ හැකියි. සත්‍යය කියලා බාර ගන්න ඒ පැමිණිල්ල ඔප්පු කරන්නත් ඕනැ නේද?

      Delete
    7. අදාල කාරණාව සම්බන්ධව වෛද්‍ය සභාවට පැමිණිල්ලක් කරනු ලැබූ බව සත්‍යයක් වන අතර ඒ සඳහා විභාගයකටද මුහුණ දීමට මා හට සිදු විය. උක්ත කොම්න්ටුව මවිසින් දමන ලද්දක් නොවන අතර, අතීතයේ වර්ඩ්ප්‍රෙස් වල පැවති දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගනිමින් කරන ලද්දකි. එකල ඊ මේල් ලිපිනය දන්නා අයෙකුට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවය සොරා ගනීම අපහසු නොවුනි. ටැබූ සහ නියොන්ඩ්ෆ්‍රේම් වැනි බ්ලොග් කරුවන්, ඔවුන්ට විරුද්ධ වූවන්ගේ ඊ මේල් ලිපින ඔවුන්ගේ සහකරුවන්ට ලබා දීමෙන් හොරට පැමිණ කොනෙට් කර පාඨකයන් නොමග යැමීම ජයටම කරන ලද්දකි.

      උක්ත පැමිණිල්ල දැමූයේ කා විසින්ද යන්න නොදනිමි. එය තමා විසින්ම කිරීමට තරම් ටැබූ මෝඩයෙක් යයිද මම නොසිතමි. එක්කෝ මෙය තෙවන පාර්ශවයක වැඩකි, නැතිනම් ටැබූ විසින් තෙවන පාර්ශවයක් යොදවා කරන ලද්දකි. එයට එහායින් මේ ගැන යමක් කීමට නොදනිමි.

      Delete
    8. ටැබූ විසින් මෙවන් දෙයක් නම් පවසන්නට යෙදී ඇත.

      අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි. මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය. කිසි යම් දෙමළ මුස්ලිම් රෝගීන් පිරිසක් දැනටමත් මොහු අතින් අපහරණයට ලක්ව තිබුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි.

      https://www.blogger.com/comment.g?blogID=7230280378891801123&postID=6576373916885156699&isPopup=true

      Delete
    9. කෝ දැන් අර

      “AnonymousJanuary 17, 2014 at 7:28 AM
      @සෙන්නාJanuary 17, 2014 at 5:55 AM

      ඔය කමෙන්ට් එකේ තියෙන්නෙ මාරයා වැනි පුද්ගලයින් ඒ කාලෙ තමන්ගේ අරමුණු වෙනුවෙන් ප්‍රසිද්ධ කරන්න උත්සාහ දරපු බොරුවක්. අදාළ පුද්ගලයාගෙන්ම ඒ ගැන අහුවාම ඔහු කිව්වා එහෙම දෙයක් වුණේ නැහැ කියලා.“

      කොමෙන්ටුව දැම්ම ඇනෝ?

      Delete
    10. 1. මිගාර වීරක්කොඩි මහතා කියන්නේ සත්‍යයක්ය උපකල්පනය කළත් තහවුරු වී ඇති එකම දෙය මිගාර වීරක්කොඩි මහතාට විරුද්ධව වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ලැබී ඇති බව පමණය. එය කවුරුන් කළාද යන්න ගැන ඇත්තේ සැකයක් පමණය. ටැබූ සේම ටැබූට විරුද්ධ පාර්ශ්වයක් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එය කළා විය හැකිය. විත්තිකරුවා නිශ්චිතව නොදන්නා කළ නඩු නිමිත්ත අහෝසි වේ.

      2. වර්ඩ්ප්‍රෙස් වල වෙන අනන්‍යතා යටතේ කමෙන්ට් කිරීමට අවශ්‍ය කෙනකුගේ ඊ-මේල් ලිපිනය පමණකි. එය මහා ලොකු රහසක් නොවේ. බොහෝ බ්ලොග්කරුවෝ එය ප්‍රසිද්ධියේ ලබා දුන්හ. එනිසා ටැබූ හෝ බියොන්ඩ් ෆ්‍රේම් සහචරයින් යොදා එසේ කළාය කීම විහිළු සහගතය. ඇත්තටම යමෙක් එසේ කළා නම් මේ අවස්ථාවේදී ඇඟිල්ල දික් වන්නේ වීරක්කොඩි මහතාටමය! මන්ද කමෙන්ට් එක දමා ඇත්තේ ඔහුගේ අනන්‍යතාවයෙන් නිසාය.

      3. කෙසේ වෙතත් මේ කටයුත්ත ටැබූ විසින්ම කළාය කියන චෝදනාව මේ නිසා අවලංගු වේ. දේශපාලන වාසි ලැබීමට අභූත චෝදනා නැඟීම කැත වැඩකි.

      4. වීරක්කොඩි මහතා පැමිණිල්ල කළ පුද්ගලයාගේ නම දනිතැයි සිතමි. පරීක්ෂණයක් පැවැත්වූයේ නම් පැමිණිලිකරුවාට ඉදිරිපත් වන්නට සිදුවේ. එසේ නම් කාටත් දැන ගැනීම පිණිස එම නම ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලමි.

      Delete
    11. @ ඇනෝ - [වර්ඩ්ප්‍රෙස් වල වෙන අනන්‍යතා යටතේ කමෙන්ට් කිරීමට අවශ්‍ය කෙනකුගේ ඊ-මේල් ලිපිනය පමණකි.]

      දැන් තත්ත්වය වෙනස්ය.දැන් log වීමට සිදුවේ.

      Delete
  8. //// අනෙක් කරුණ දැක්කේ දැන් වන අතර එය මේ සිද්දියට අදාළ නොවන නිසා එය දැන් සදහන් නොකරමි. ////

    මේකද? :P

    //// ඒත් බෝයින් වර්ගයේ විශාල යානාවක සම්පූර්ණ වම් පැත්තේ එන්ජිම අඩපණ උනා කියන්න. ඇති වෙන තත්වය කණගාටුදායකයි . ගුවන්යානය අස්ථාවර වෙනවා , පැත්තට අදිනවා . පාලනය අපහසු වෙනවා . කණගාටුදායකයි DDT ඊට පස්සේ ////

    සහන් 'බෝයින් වර්ගයේ විශාල යානා" කියන්නෙ මොකක්ද දන්නෙ නෑ, මොකද 747 එකේ නම් එන්ජින් හතරක් තියෙන නිසා එක පැත්තක එක එන්ජිමක් ෆේල් උනත් තව එකක් තියෙනවා. 737 වගේ එන්ජින් දෙකක එකක නම් එක පැත්තක එන්ජිම නැවතුනොත් rudder එකෙන් බැලන්ස් කරගෙන ප්ලේන් එක කන්ට්‍රෝල් කර ගැනීම පයිලට් ල ගෙ සාමාන්‍ය පුහුණුවෙ ම කොටසක්.

    සහන් පාච්චල් කරන්න නෙවෙයි කෙනෙක් නොමග යන්න පුලුවන් නිසා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාව හරි එය නොවේ මම දැක්කේ. ප්‍රහාරක ජෙට් යානා කියන විස්තරයේ කියනවා මෙහෙම දෙයක් //වර්තමානය වන විට පැකිමි. 25,000 පමණ වේගයක් ගත හැකි එංජින් නිපදවීමට හැකි වී ඇත// මේ කියන්නේ අභ්‍යවකාශයේ යන රොකට් ගැන නොවේ ජෙට් ගුවන් යානා ගැන. මෙන්න වේගවත් දැනට වේගවත්ම යානය

      මේ බලන්න තව කමෙන්ට් වල කියපුවා
      //ඔය ජී ෆෝර්ස් කියන එක ප්‍රහාරක ජෙට් එහෙකදී ඇති වීමයි , සාමාන්‍ය වහනයකදි ඇති වීමයි අතර වෙනසක් තියෙනවා. පහළ කමෙන්ට් කරපු විශ්වට පැටලිලා තියෙන්නේ ඒක . //

      //ඉපිළීම කියන සංකල්පයේ මූලික දේවල් ගැන මම කතා කරේ සරළව. මහා ලොකු දේවල් පටලන්න// ඉපිලීම කියන සංකල්පය ඔය ලිපියේ කිසිම තැනක තිබුනාද? ඉපිළීම යොදා ගන්නේ බැලුන් සහ Zeppelin වලට. ගුවන්යානා සහ හෙලිකොප්ටර් වලට භාවිතා වෙන්නේ වායු ගතික බල. සහන් ඔය lift කියන එකට තමයි ඉපිලුම කියලා තියෙන්නේ. ඉපිලුම කියන්නේ buoyancy කියන එකට බව සහන් දන්නේ නැහැ.

      තව තියෙන්න පුළුවන්. අපි නොදන්නා දේවලුත් තියෙනවා නේ. සහන් හැමතැනම කියලා තියෙනවා ඊළඟ පොස්ට් එකේ ඒවා කියලා දෙනවා කියලා. තවම එක ආවේ නැහැ.

      Delete
    2. ඊලග පොස්ට් ඒක එන්නේ තැපෑලේ, ගේට්ටුව ලගට වෙලා බල ඉන්න

      Delete
  9. මම සහන්ගෙ සමහර පිළිතුරුවල දැක්ක සහන් කියනවා ඔය ඉන්ටෙර්නෙට් වල තියන වීඩියෝ වලින් ඇත්ත එලියට දෙන්නේ නෑ. ගොඩක් ඒවායේ තියෙන්නේ ඇත්ත තොරතුරු හංගල. ඒවා බලාගෙන තර්ක කරන්න එන්න එපා, සහන් කියන ඒවා තමා ඇත්ත කියල. මම ඒක ගොඩක් දැක්ක අර ඉලක්කම් හරඹ වලදී (ඉලක්කම් හරඹ මට ග්‍රීක් වාගේය ). එය එසේ නම් සහන් රාජකාරි කරන ආයතනයේ තියන රහස්‍ය බාවය පිටතට දීල නේද? ඔබට එසේ කල හැකිද සහන් ? ඔබට පමණක් වූ විශේෂ අවසරයක් තිබේද (අපි නොදන්නා)?

    ReplyDelete
    Replies
    1. ඒ චන්ද්‍රිකාව හදපු තැන භූගත පහල මාලයේ රොකට් තියෙනවා කියලාත් පෙන්වූව. ප්‍රශ්නේ තියෙන්නේ චන්ද්‍රිකාව හැදුවේ ජපානයේ නමුත් එක යවන රොකට් තිබුනේ රුසියාවේ. අපි නොදන්නා නවීන තාක්ෂණයක් තියෙනවා ගොඩනැගිල්ලක ඉහල කොටස් ජපානයේ හදලා භූගත පහල මහල රුසියාවේ හදන්න පුළුවන්. ඕව ඉන්දිකලා වගේ අය දන්නේ නැහැ CEO ලා විතරක් දන්න රහස්.

      Delete
  10. අවසානය ? ... එහෙම ඉවර වෙන එකක් නැහැ.
    Someone (you know who) will "TRY" to have the last laugh ...
    Lets see :D

    ReplyDelete
  11. විශ්ව හැම තැනම ටික ටික මේවා ගැන කියනවට වඩා මෙහෙම ලිපියක් දාපු එක හොඳයි. විශ්වගේ කරුණු සාමාන්‍ය අවබෝධයට එහා ගිය විෂයානුබද්ධ දැනුම. බොහෝ දෙනෙකුට මෙය කියවලා තොරතුරුමය වශයෙන් වැදගත් කමක් නැතත්, කකා කලින් පෝස්ට් එකට කියලා තිබ්බා වගේ මේවා ලේඛනගත වීම හොඳයි.

    සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ තියන ලක්ෂණයක් තමයි, වැරදි කාරයාට 'යම් හේතුවක්' උඩ අනුකම්පාව ලැබුණොත්, ඔහු / ඇය සාමාන්‍යයෙන් වැරදි නොකරන පුද්ගලයන්ටත් වඩා ලොකු වීරයෙක් කර ගන්න එක. විදුර මහත්මයෙක් කියන කතාව බොහෝ තැන් වලදි ඔබත් දකින්න ඇති ඔහු ඔහුගේ වැරද්ද පිළිගත්ත නිසා. මට ඒ ගැන ගැටළුවක් නැහැ, එය තමා සිදුවිය යුත්තේ. නමුත් වෙලාවකට, කිසිම දිනෙක කාගෙවත් ඡායාරූපෙකට තමන්ගේ නම නොගහපු කෙනෙක්ට වඩා විදුර 'වීරයෙක්' වෙනවා.

    ඔබට කියන්නට ඇති දේ දැන් පැවසූ නිසාත්, මේ වෙනකොට සියල්ලන්ට වෙච්ච දේ පැහැදිලි නිසාත්, (සහන් අය්යේ අපි ඔයා එක්කයි කියලා තාම කියන එක ඒ ඒ අයගේ නිදහස නේ). මින් පසු ඔබගේ හැසිරීම තුල අර උඩින් සඳහන් කල "යම් හේතුව" හදලා නොදෙන්න ඔබ උත්සාහ කල යුතුයි කියලා මම හිතනවා.

    මම හිතන්නේ අපි ගඟෙන් එතෙර උණා. කර තබාගෙන ආ කාන්තාව බිම තබා අපි අපේ ගමන යා යුතුයි.

    ReplyDelete
    Replies
    1. උපදෙස් පිලිගන්නවා තිසර. මෙම කරුණු දක්වා ඉවර නිසා. තවත් මේ ගැන කියන්න දෙයක් නැහැ.

      Delete
    2. තිසර ගෙ කමෙන්ට් එක කියෙව්වම මට මතක් වෙනවා මාර්ක් ට්වේන් ගෙ "Edward Mills And George Benton: A Tale" කියන කෙටිකතාව. සහන් දවසක් තිසර ට බණින කොට තිසර සාහිත්‍ය කාරයෙක් කියලත් බැන්න වගේ මතකයි, සාහිත්‍යෙට ආස නම් කියවන්න - ජීවිතේම අවංක විදියට ජීවත් වුනු මිනිහෙක්ටත්, මාට්ටු උනාට පස්සෙ "රිෆෝර්ම්" උනු හොරෙක්ටත් සමාජෙ සලකන කුහක දෙබිඩි පිලිවෙත ගැනයි ඒ කතාවෙ කියවෙන්නෙ. ට්වේන් විතර දක්ෂ අන්දමට ආගම් සහ සම්මත සදාචාරය උපහාසෙට ලක් කරන වෙන ලේඛකයෙක් මම දැකල නෑ.

      Delete
  12. මොකද්ද බං මේ? මේකෙ ඉවරයක් නැද්ද? බ්ලොග් ලෝකේ ඔහොම හොරුද ඉන්නේ? (උඹට අළුතින් කියන්න දෙයක් නෑනෙ.) උන් ගැනත් කරපන්කෝ මේ වගේ ඉන්වෙස්ටිගේටිං ජර්නලිසම් වැඩක්, ඔය අහිංසක මෝඩයා අත ඇරලා.

    ReplyDelete
    Replies
    1. අහිංසක මෝඩයෙක් වුනා කියලා වැරද්දක් කලොත් නිදහස් වෙන්න එම කරුණ වලංගු නැහැ. වැරැද්ද වැරද්දමයි. උසවියෙදේ වැරදි කරුවෙක් පිස්සා කියලා නිදහස් කලොත් ඉන්න වෙන්නේ මානසික රෝහලට ගිහින්.

      Delete
    2. සහන් නම් ඔය නීති හොඳට දන්නවා. උසස් පෙළ කෙලවුනාම ලෝ එන්ට්‍රන්ස් කරලා ලෝයර් කෙනෙක් වෙන්න හදපු පොර නේ. පොරගේ පවට කිසි වැඩක් හරියට කරගන්න බැහැ.

      Delete
  13. හරවත් තර්ක විතර්ක යන විට එයින් අවශේෂයාට බොහෝ දැ උගත හැකිය. සයිබරය තුළ විය යුත්තේ මෙවන් විද්වත් කතිකාවන් ය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි.

      Delete
  14. ඉන්දික,

    කෙන්ජි ගේ මේ කමෙන්ටුව දකින්නට ඇතැයි සිතමි. දැක්කේ නැත්නම් ගිහින් බලන්න.

    මම හිතන්නේ දැන් තරහ මරහ (එහෙම එකක් ඇත්නම්) අත අරින්නට කාලයයි. කෙන්ජි සාමයේ හස්තය දිගු කර ඇත.

    ReplyDelete
    Replies
    1. ඕක ලියන වෙලාවේ හිටියේ අඩියක් ගහලාද කියා සැකහැර දැනගන්න ඕන සියල්ලටම කලින්.

      Delete
    2. මගේ අම්මෝ කෙන්ජි අංකල්ටත් තේරෙන දේවල්

      Delete
    3. විනිවිද, කෙන්ජි සමග මාගේ අමනාපයක් තිබුනේද නැත, ඇත්තේද නැත. කොටින්ම අභීත හැර මේ අවකාශයේ කිසිවකුත් සමග මට පුද්ගලික තරහක් හෝ ගැටළුවක් නැත. ඒ නිසා කෙන්ජි, සහන, විශ්ව, රාජ්, කකා හෝ වෙනත් කිසිවෙකුත් අතර මගේ ගණුදෙනුවෙහි වෙනසක් නැත. කෙන්ජි ලියූ පළමු පෝස්ටුවේ ඔහුට සුභ පැතූ පසු තව එක පෝස්ටුවක විචාර ලියූ දෙයකට එකඟතාව පළ කරා හැර මට අල්ලන්නේ නැති මාදිලියේ නිසා අනෙක්වායේ කමෙන්ට් නොකරෙමි. සහන්ගේ පෝස්ට් වල එලෙස බලා හැරී නො ආවේ ඔහු ලියුවේ විශය කරුණු නිසාවෙනි. නැතිව මෙහි අමනාපයක් නැත.

      එනිසා කෙන්ජි, ඔබ සමග ආයි යාලුවෙන්නට දෙයක් නැත. මන්ද අප තරහකාරයන් නොවෙන බැවිනි.

      Delete
  15. දැන් මේක ඇති නේද මචං , නැත්තං තවත් මේක ඇදගෙන ගියොත් උඹලා තුන් දෙනාම පිස්සෝ හැටියට හංවඩු ගැහෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔවු මේ කමෙන්ට් වලට අදහස් දැක්වීම හැර මින් පසු මේ දේ කථා කරන්නේ නැහැ.

      Delete
    2. ඉවාන්, උඹ මාතෘකාව දැක්කෙ නැද්ද?

      එහෙම නැත්තන් අඩු ගානෙ මේ ටිකවත්..

      //මා විසින් මිට වසර දෙකකට පෙර මගේ බ්ලොගයෙහිම ලියූ ලිපියකින් උපුටා ගත් කොටසකින් මේ වාදය අවසන් කරමි//

      Delete
  16. පාඨකයන්ට පහසුවෙන් හරි වැරැද්ද වටහා ගන්න පුළුවන් විදියට සංවාදේ ගියා , කියවන අපිත් ගොඩක් දේවල් දෑන ගත්තා ඉගෙනගත්තා දැන් මේකේ අවසානය ලගයි මම හිතන්නේ .. මෙතනින් එහාට තවත් පුන පුනා කියන්න දෙයක් ඇත්තේ නැහැ.. හිතන්න පුළුවන් කෙනෙක්ට පහසුවෙන් හැමදේම තේරුම් ගන්න පුළුවන් මට්ටමත් දැන් පහුකරලා තියෙන්නේ .. එතනින් එහාට බ්ලොග් අවකාසේ රැදෙන අයට තමන්ගේ කැමැත්තක් කරගන්න ඉඩ දීලා දැන් මේක අහවර කරන එක හොදයි .. එහෙම නේද විශ්ව ,

    ReplyDelete
    Replies
    1. මම දැන් ගේම් එක ගහලා ඉවරයි. ඔහු පලකල කරුණු වැරදි බව මෙතරම් කියලත් තේරුම්ගන්න බැරි පිරිසක් ඉන්නවා නම්. ඔවුන් වෙනුවෙන් තවත් කියලා වැඩක් නැහැ. ඒ වගේම කරුණු වැරදි බව පෙනී පෙනී ඔහු එය පිළිගන්නේ නැත්නම් ඔහුගේ මට්ටම හෙලිවෙලාත් ඉවරයි. ඉතින් තව කථා කරලා වැඩක් නැහැ. සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න බුද්දිමත් බොහෝ පිරිසක් මේ සාකච්චා වලට කලින්ම මොහු අඳුනාගෙන ඉඳලා තියෙන්නේ දැන් පෙන විදියට. ඔබගේ අදහස් වලට ස්තුතියි.

      Delete
  17. තේරුම් ගත හැකි අය තේරුම් ගෙන අවසන් බව හැඟේ. අපි බලා ඉමු. දැන් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන තවත් කියන්න දෙයක් නැහැ. මේ ලියපුවා ප්‍රශ්න කරන්න ඔහු එනවා කියන්නේ ඔහුත් එකක් තවත් වාද කරන්න තේරුමක් නැහැ. සත්‍යය පෙනී පෙනී එය බොරු බව කියමින් තර්ක කරන්න එන මෝඩයෝ සමග වාද කරන්න බැහැ.

      Delete

LinkWithin

Related Posts with Thumbnails