Wednesday, January 15, 2014

නොදන්න ගොඩ නොදන්න ඩිංගෙන් වැසීම නොහොත් ගලේ පහරන බළලාගේ දුම්බෝම්බ න්‍යයාය.

කිසියම් කෙනෙක් ජීවිතයේ කිසියම් දිනක කිසියම් තැනකින් ගමණක් ආරම්භ කරයි

මෙහෙම කියල පටන් ගත්තෙ ඒ කාලෙ අපේ ප්‍රියතම ගුවන් විදුලු සඟරාව සැරිසර.

වාර්ථාවක් කියන්නෙ අනුන්ගෙන්, එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරක් එහෙමම ඉදිරිපත් කිරීමකට වඩා බොහොම එහා ගිය දෙයක් කියල අපි ඉගෙන ගත්තෙ, තේරුම් ගත්තෙ සැරිසර අහල.

එදා සම්මත ගුවන් විදුලි රීති අතික්‍රමණය කරපු සැරිසර වගේ වැඩසටහන්,අද සම්මත මාධ්‍ය භාවිතාව වෙනස් කරපු බ්ලොග් සටහන් යන සියල්ලෙම ඵලය උනේ ග්‍රාහකයාට වඩා සමීප සහ නැවුම් සන්නිවේදනයක් සිදු කිරීමයි.

ඒත් වෙනස වෙන්නෙ අද ග්‍රාහකයාගේ ප්‍රතිචාර වඩා ක්ෂනික වීම සහ ඒ ප්‍රතිචාර සමස්ථ ග්‍රාහක ප්‍රජාවටම යොමුවෙන එක.

මෙන්න මේ කාරනාව නිසා බ්ලොග් මගින් සන්නිවේදනය කරන්නා අතේ ලොකු අභියෝගයක් තියෙනව.

විශෙෂයෙන් තාක්ෂනික, ඓතිහාසික සහ දේශපාලන වැනි කරුණු ලියන කෙනෙකුගෙ ලිපිවල අදාල කරුණු වල නිවැරදි බව වගේම, කිසියම් කරුණක් උපුටා ගත්තෙහිනම් ඒ මූලය පිළිබඳ  විස්තර ලබා දීම ආදිය  ලිපියෙ තියෙන විශ්වාසය දැඩි කරනව. එහෙම නැතුව ඒ මුලාශ්‍ර නිවැරදිව දීම අන්තර්ගතය හෝ ලේකඛයාගේ ප්‍රථිරූපයට අභියෝගයක්, අනතුරක් වෙන්නෙ නැහැ..

නමුත් මේ දේ තේරුන් නොගත් ලේඛකයො බ්ලොග් වලදි අමාරුවෙ වැටෙනව.

මේ වගේම තමයි ප්‍රථිචාර දැක්වීමත්.

බ්ලොග් මාධ්‍ය‍යෙ තියෙන අනන්‍ය ලක්ෂනය වෙච්චි මේ ක්ෂනික ප්‍රතිචාර දැක්වීමේ හැකියව නිසා බොරුව එකදිගට කරගෙන යන්න අපහසු වෙනව.

මොකද හැමෝමව හැමවෙලාවෙදිම රවටන්න බැරි නිසා!

මේ දිනවල සිංහල බ්ලොග් අවකාශය කළඹවමින් තියෙන "මා සහ මගේ පිරිවර" එහෙම නැතිනම්, කිසි දිනෙක මිතුරන්ව සිට නැති, පිට කසන කමෙන්ට් සම්භන්ධයක් නොතිබූ ඉන්දික, ප්‍රොෆයිල් ඇනෝ සහ විශ්ව ත්‍රිත්වය එදිරි සහන් සහ සමාගම අතර තියෙන ගැටුමේ මූලික හේතුවත් මම ඔය ඉහත කිව්ව මාධ්‍ය නිසි ලෙස තේරුම් නොගෙන භාවිතාවේදි සිදු කරගත්තු අවුල මිස වෙන කිසි දෙයක් නෙමෙයි.

යමෙකුගෙන් කෙනෙක් වෙච්චි වැරැද්දක් පෙන්නල දෙනකොට, වියත් රචකයෙකුට අනුගමනය කල හැකිව තිබෙන ක්‍රම කීපයක් තියෙනව.

එකක් තමයි "සමාවෙන්න, මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙනම් මට වැරදිල. ඔන්න හැදුව" කියල ඉතාම වියත් සහ විනීත ආකාරය වරද නිවැරදි කරගෙන නමත් හමත් රැකගන්න එක.

නමුත් මේක ලේසි නෑ තමන් සකල කළ වල්ලභ වගේ මවාගෙන ඉන්නෙ කෙනෙකුට. මොකද ප්‍රථිරූපයට හානි වෙයි කියල භයයි.


දෙවනි ක්‍රමය තමයි "අහ් මට පොඩ්ඩ්ක මිස් වෙලානෙ. ඔව් මම ඒක දන්නව, මම හිතන්නෙ පොඩි එරර් එකක්. ඇත්තටම මම ඒක දැක්ක කොහෙද හදන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ මේ වැඩ අස්සෙ" වැනි යමක් කියල පණ්ඩිත කම තියාගෙනම, නොදන්න බව නොපෙන්නවම අනුන්ගෙන් ඉගෙන ගෙන හැදෙන එක.

හැබැයි මේක ටිකක් පැස්බර ගතියයි. මොකද පාඨකයො මොලේ ඇති බත් කන උන් නම් තේරෙනව ගොනා කාණුවෙන් තමා ගොඩ ආවෙ කියල.

ඔය ඔක්කොටම එහා ගිය තුන්වෙනි ක්‍රමයකිත් තියෙනව. ඇත්තටම දැන් අපිට ඒක බෞතීස්ම කරන්නත් පුළුවන් සහන්ගේ ක්‍රමය කියල.

ඒ තමයි නොදන්න ගොඩ තමන් දන්න ටිකෙන් වහල බහුතරය පටලවන, එහෙම නැත්තන් අර දුම් බෝම්බයක් ගහල සතුරා මුලා කරල මාරුවෙන ක්‍රමය.

ඒ කියන්නෙ මෙහෙමයි.

කෙනෙක් ඔන්න ලිපියක කමෙන්ට් එකක් දානව "ඔයා අර A කියල ලියල තීන දේ වැරදියි. A කියන්නෙ ඕක නෙමෙයි, ඒක මේවෙන දෙයක්" කියල.

දැන් මේක දැක්ක ගමන් ඉතින් රචකයට මල! මොකද මූලික හේතුව මිනිහ කියපු " A " වැරදියි කියල කෙනෙක් හොයාගෙන. අනික දැන් ගමටම පේන්න මෙතන කියල ඇරල.

ඔන්න මෙතනදි තම්න්ගෙ තත්වෙ තියාගෙන අර උත්තරය දුන්න කෙනා සහ බලන බහුතරය රවටන්න ගහනව අර මම කිව්ව දුම් බෝම්බෙ.

මේ මිත්‍රය මේ, මෙතන මම මේ ලියල තීන්නෙ ලිපියෙ මූලික පියවර ටික විතරයි. අනික ඔය A කියන්නෙ අහවල් එකයි කියල සම්පූර්ණයෙන්ම ලිව්වම මේ බලන ගොඩක් අයට තේරෙන්නෙත් නෑ, ලිපියත් නීරස වෙනව. ඒ හින්ද මිසක් නැතිව වෙන එහෙකට නෙමේ මම ඔහොම ලිව්වෙ. අනික ඔයා දන්නවද මම ඔව්ව නොදැන මේ කතා මෙතන ලියන්න ආව කියල?

දැන් ඔන්න එතකොට කමෙන්ට් එක දාපු කෙනා වළියට බර නැති කතන්දර වගේ කෙනෙක් නම් හිමීට ලිස්සල යනව යන්න.

ඒත් එහෙම නොවෙන කෙනෙක් නම් ඔන්න එයත් අර කතාවට ප්‍රථි උත්තර බඳිනව.

"ඒ උනාට එහෙම කියන්න එපා, සම්මත දේවල් වලට ඔයාට වෙන අර්ථකථන දෙන්න බෑනෙ. ඒව වෙනස් කරන්නෙ කොහොමද, A ට හිමි තැන, කාර්‍ය ඔයාට මට ඕන විදියට නිර්වචනය කරන්න බෑ

අන්න එතකොට තමා අර මම කිව්ව රචකයට මල පනින්නෙ. ඔන්න ගන්නව මිනිහ කඩුව. අරන් නෙලනව හතර අතට.

අඩ්ඩෝව් උඹ කව්ද ඩෝ මට ඒ ගැන උගන්නන්න. මම මේව ඉගෙන ගත්තෙ අපේ සීයගෙනුයි ලොකු තාත්තගෙනුයි එයාලගෙ වඳ පුන්චිඅම්මගෙ පුතාගෙනුයි. මම මෙව්ව අතරෙ ඉන්න, උදේ හවහ අත ගාන එකෙක්. ඔයා දන්නෙ නැත්තන් මම ඔයාට ඉගෙන ගන්නත් එක්ක A ගැන පිටු සීයක් මෙතන ලියල දෙන්නම්. අනික ඔයා මගෙන් A ගැන අහන්නෙ ඔයා දන්නවද අඩුගානෙ A ට කලින් (????) හරි පස්සෙ හරි තීන අකුරු මොනාද කියල.

 හරි මම ඔයාට පොඩි පැවරුමක් දෙන්නම් ඔච්චර ඒ ගැන දන්න පොර නිසා. පුලුවන්නම් කියන්න A දාල හදන වචන හතරක්.

දැන් මේ කියවන බහුතර සාමාන්‍ය ජනතාව මොකද හිතන්නෙ. අම්මට උඩු, අරූගෙන් ඒ ගැන ඇහුවම ඌ ඒට කලින් තියෙන අකුරක් ගැනත් කියනවනෙ

ඌ මාරම පොරක්නෙ. කොටිම්ම A හැදුන හැටියි A ගේ උපත ගැනයි පිටු සීයෙ වාර්ථා ලියන්නත් දන්නව. පුහ්.. මූ බලන් ගියාම භාෂාව ගැන ශේක්ස්පියර්ට උගන්නන උනත් යවතෑකී සිරා ඩයල් එකක්නෙ!

මෙහෙම හිතල රැවටෙනව.

ඒත් මේ අහින්සකයො දන්නෙ නෑ, අර රචකය මේ නරි වාදන් දාන්නෙ A කියන්නෙ ඉංග්‍රීසි හෝඩියෙ මුල අකුර කියන මූලික සරළ නියමය නොදන්න කෙනෙක් කියල.

කොටිම්ම රචකය දන්නෙ A කියන්නෙ යම්කිසි හෝඩියක යම් අකුරක් කියන ඩිංග විතරයි කියල හිතන්නෙත් තේරුම් ගන්නෙත් නෑ. මොකද කට්ටිය වශී වෙලා ඉන්නෙ අර මහ කයිවාරුවට.

ඇයි ඔබට මම කියන දේ ඇහුවම හිනා වගේද, නැත්තං පුදුමද?

ඔබ හිතන්නෙ මෙහෙම දේවල් වෙලා නෑ කියලද? අපෝ නෑ වෙල තියෙනව. වෙනව. මේ පහල ලින්ක් එක දිගේ ගිහින් බලන්න තියෙන කමෙන්ට්ස් ටික. ලස්සනට බැබැළි බැබැළි තියෙනව ඔය උඩ මම කිව්ව දුම් බෝම්බ න්‍යාය මගින් කොළේ වසා මාරුවීම ගැන ඉතාම පැහැදිලි උදාරනයක්.


ඒ විස්තරය බලල, වෙච්චි දේ ගැන අදහසක් අරගන්න.

මොකද හෙට හවස 6.00ට අපි ඔය ඔතන A කියන්නෙ ඔයා කියන දේ නෙමෙයි කියල යහපත් සිතින් කියල දෙන්න ගිහින් බැනුම් අහපු විශ්ව රංගනාත්ගෙ පිළිතුරත් ප්‍රසිද්ධ කරනව.

මේ කතාවෙ, සම්පූර්ණ වාදයෙ විශ්වටත් කියන්න කතාවක් තියෙනව.  එයා ඒක දැනටමත් ලියල, මේ එක්කම මගේ මේ බ්ලොග් එකේම පලකරල තියෙන්නෙ.

ඉස්සෙල්ල මේ සැළඩ් එක අරගන්න, එතනින් සුප් ටිකකුත් බීල හෙට හයට ආයි එන්න මේන් කෝස් එක  බලන්න.

එතකන් සුභ රාත්‍රියක්/ සුභ දවසක්!


මිත්‍රවරුණි,පැහැදිලිව මතක තියාගන්න. "අපි බැලිය යුත්තේ කවුරු හරිද යන්න නොව කුමක් හරිද යන්නයි".

ළලිත් ඇතුලත්මුදළි.



48 comments:

  1. "SilentSahanAugust 18, 2013 at 12:17:00 PM GMT+5:30
    මෙතන මම ත්‍රස්ට් එක කිව්වේ සයුරි ජෙට් එංජිමෙන් එන වායු පීඩනය ගැන.එන්ජින් විවරයෙන් විශාල වේගෙකින් වාතය එළියට විසි වෙනවනේ.අන්න ඒකයි මෙතැනදී ත්‍රස්ට් එක කියලා මම කිව්වේ.


    ඔයා කියන බර්නෝලි සංසිද්ධිය ගැන මම අනිත් පෝස්ට් එකෙන් වෙනම කතා කරන්නම් .මොකද පොඩ්ඩක් වත් බර්නෝලි ඉෆෙක්ට් එක නැතුව ගුවන් යානයක් ඉහළට යවන්න පුළුවන්. අපි උසස් පෙළ කරද්දී හිතට වැදුන ටිකයි , එතනින් එහාට කරද්දී හිතට වැදුන ටිකයි නිසා ගොඩක් දෙනෙක් හිතන්නේ බර්නෝලි වලින් ගුවන් යානයක් උඩ යනවා කියලා.නමුත් ඒක වැරදි . බොහොම වැරදි.

    නිකම්ම නිකම් ටකරන් තහඩු ගහලා උනත් ප්ලේන් එකක් හදන්න පුළුවන්. ඒ සියල්ල මම ඊළඟ එකෙන් ලියන්නම්. (බර්නෝලි වලින් මහා විප්ලවයක් වෙන්නේ නැහැ සයුරි . ඒක මූලික ෆිසික්ස් සිද්දාන්තයක් විතරයි. බන්සන් දාහකයට නම් ගාණට වැඩ )

    අද තමයි පුළුවන් උනේ බ්ලොග් එකට එන්න සයුරි."

    ". අපි උසස් පෙළ කරද්දී හිතට වැදුන ටිකයි , එතනින් එහාට කරද්දී හිතට වැදුන ටිකයි නිසා ගොඩක් දෙනෙක් හිතන්නේ බර්නෝලි වලින් ගුවන් යානයක් උඩ යනවා කියලා.නමුත් ඒක වැරදි . බොහොම වැරදි."

    Oh Man!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඕකත් සහන් කොහේ හරි දැකපු කතාවක් හරියට තේරුම් ගන්නෙ නැතුව කියන දෙයක්. නැත්නම් "මොකද පොඩ්ඩක් වත් බර්නෝලි ඉෆෙක්ට් එක නැතුව ගුවන් යානයක් ඉහළට යවන්න පුළුවන්" වගේ කතා කියන්නේ නෑ.
      උදාහරනයක් විදිහට equal transit time assume කරලා බර්නූලි දාන එක වැරදි යි. ඒ වුනාට ඒකෙන් කියවෙන්නේ නෑ "හරි විදිහට" බර්නූලි දාලා "සෑහන දුරකට" lift ( not thrust) එක පැහැදිලි කරන්න පුලුවන්.

      Delete
    2. ඕකත් සහන් කොහේ හරි දැකපු කතාවක් හරියට තේරුම් ගන්නෙ නැතුව කියන දෙයක්. නැත්නම් "මොකද පොඩ්ඩක් වත් බර්නෝලි ඉෆෙක්ට් එක නැතුව ගුවන් යානයක් ඉහළට යවන්න පුළුවන්" වගේ කතා කියන්නේ නෑ.
      උදාහරනයක් විදිහට equal transit time assume කරලා බර්නූලි දාන එක වැරදි යි. ඒ වුනාට ඒකෙන් කියවෙන්නේ නෑ "හරි විදිහට" බර්නූලි දාලා "සෑහන දුරකට" lift ( not thrust) එක පැහැදිලි කරන්න බෑ කියලා.

      Delete
  2. සෑර්, මේ සයිලන්ට් සහන් කියන උත්තමය ඔක්ස්ෆෝර්ඩ්, කේම්බ්‍රිජ්, හාවඩ් වගේ ගිය පොරක් වෙන්ඩැති, මෙච්චර සැට් එකක් ගොට්ට අල්ලන්ඩත් ඉන්න එකේ.

    ReplyDelete
    Replies
    1. ඕව ට ගිය එවුන්ට ගොට්ටෝ නෑ. උදා: බාහූ ලොක්කා.

      Delete
  3. දිගටම විෂයය කරුණු වලින් සංවාදයක් රැගෙන යන්න. පෞද්ගලික මතිමතාන්තර, අපහාස, උපහාස අත්හරින්න. එවිට අපේ බුද්ධියයි වර්ධනය වන්නේ.

    ReplyDelete
    Replies
    1. සහන් හැමතැනම බැන බැන කුනුහරප කිය කිය තග දදා ලොකුකම් කියව කිවව යනකොට විචාරක කොහෙද හිටියේ.දැන් එක පාරට නින්දෙන් ඇහැරුනාද?

      Delete
    2. මේ විවාදය ඇතිවුනාට පසු, සහන්ගෙයි ඉන්දිකගෙයි දෙන්නගෙම අඩවිවල මම ලියා ඇති අදහස් බලන්න.

      Delete
    3. විචාරක මා අදහස් කලේත් එයම තමයි.වාසිය සහන්ගේ පැත්තට තියෙන කොට ඔබට කිසිදු ආචාරදර්මයක් මතක් වුනේ නැහැ.සහන්ට අවාසි වෙන විට ඔබට සියලු ආචාර දර්ම මතක් වෙනවා.මෙතන ඔබ ආචාර දර්ම ගැන කතාකරන්නේ සහන්ට වාසියක් ලබාදීම ඔබේ යටි සිතේ ආශාව නිසායි.

      Delete
    4. ආ විචාරක මහතා ආව එක හොඳයි. ඔබට මතක ඇති ඔබ සහන්ගෙන් "TDK DC - DC Converter එක Logic Gate එකක්ද? " ප්‍රශ්න කළා. අර රුපයක දැකලා. ඉතින් අපේ සහන් ළමයා දැක්කා ඔබ DC - DC Converter එක Logic Gate එකක්ද

      කියලා අහුපු එකෙන්ම ඔබගේ ඉලෙක්ට්‍රොනික් දැනුම. ඉතින් සහන්ට ඕන උනා ලොකුවට කතා කරාලා පොර වෙන්න. ඔන්න ඉතින් සහන් පුතා කියනවා
      //නැහැ විචාරක තුමා එතන තියෙන්නේ ලොජික් ගේට් නෙවේ.. ඒකෙන් තමයි සෝලර් පැනල් වලින් එන කරන්ට් එක ඩිස්ට්‍රිබියුට් කරන්නේ මල්ටිපල් වෝල්ටේජ් අවශ්‍ය වෙන තැන් වලට.. ඔය වගේ ඒවා එකක් නෙවේ තියෙන්නේ.. ස්ටෙප් කීපයක් හරහායි

      ඔය TDK කන්වර්ටර් එකට සප්ලයි එන්නේ..සෝලර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200 විතර තියෙනවා මේ චන්ද්‍රිකාවේ.. එච්චර ගාණක් හැන්ඩ්ල් කරන්න ඔය පින්තූරේ තියෙන කන්වර්ටර් එකට බැහැ//
      ඔය කතාවේ වැරදුන තැන තමයි "සෝලර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200 විතර තියෙනවා මේ චන්ද්‍රිකාවේ" යන කියමන. මේක සැකකලේ විදුර වීරසිංහ ඔහු ඒ ගැන අහනවිට බොරු ගොඩක් කියලා කොලේ වැහුවා. පස්සේ මම ඒගැන කථා කළා.

      ඔය ප්‍රසිද්ද වලියට මුල එතන. ඉන්දික මෙතන පෙන්වුවේ විදියටම එතන සෙල්ලම වුනා. නිවාඩු පාඩු වෙලාවක මේ ටික බලන්න ඔබටම තේරේවි ඉන්දික මෙතන පැහැදිලි කල දේ සහන් කරන අපුරුව. ඔබ වගේ තේරුමක් සහිත පුද්ගලයෙක් ඒ වෙලාවේ ඔය කතාව බලලා සහන්ට කිවුවා

      නම් ඔය මුලින් කියපු කතාව සමග මිනිහෝ එක බොරුවක් වහන්න් තව බොරු 100 ක් කියලත් බැරිය කියලා. සහන් මෙතරම් ප්‍රෝඩාවක් නොකරන්න තිබුනා.
      අස්සයා ගියාට පසු ඔබ අපට ඉස්තාලය වහන්න අපිට කිවුවාට. අපි ඉස්තාලය වහන්නේ අස්සයා නැවත අල්ලාගෙන ඇවිත් ඉස්තාලයට දාලා. තවත් බොරු කියන්න සහ සපාකන්න බැරිවෙන්න කටකලියාවකුත් දාලා.

      Delete
    5. විශ්ව රන්ගනාත් ,විචාරක පමනක් නොවේ සහන්ගේ ඔය උඩ යාමට ඔබගේත් අති විශාල දායකත්වයක් තිබේ.දිනක් ඔහුත් මමත් අතර සිරාගේ කාමරය නම් බ්ලොග් එකේදී ඇතිවුන කතාවකදී ඔහු කෙලින්ම ඉදිරිපත් කලේ ඔබගේ කතාව.ඔබ ඔහුට දී තිබුන චරිත සහතිකය.එතැන සහන් ඉතාම පහත් විදියට කතා කරද්දී විචාරකගේ ඔය ආචාර දර්ම මොකුත් තිබුනේ නැහැ විචාරක එම විවාදයට කෙලින්ම සම්භන්ද වුන කෙනෙක්

      Delete
    6. මමත් දායක වුනා තමයි. මම හිතුවේ නැහැ එක චරිත සහතිකයක් කරගනීවි කියලා. මම එහෙම කථා කරන්න හේතුව මෙතන තියෙනවා.
      http://upashantha.blogspot.com/2014/01/silent-sahan.html?showComment=1389600543807#c2823576847657298439

      Delete
    7. @ ඇනෝ. කාවවත් උඩ යවන්න හෝ පහළ යවන්න හෝ මට අවශ්‍ය නැත. මා කියන්නේ විෂය කරුණු අළලා සංවාදයක් ලෙස ඉදිරියට ගෙනයන්න කියන එක පමණයි. ඔබ කුමක් කීවත් අවසාන පිළිතුර මෙයයි.

      Delete
  4. ලොක්කට විතරයි සුප් !!

    හොඳ හෝටලේකින් කෑවෙ නෑ සෑහෙන්ඩ දොහකිං !!

    අපිට නෑ එහෙනං ඈ ??

    චැහ්. ඒම කරන්ඩෙපා බොස් !! අපිත් කන බොන මිනිස්සු!!

    යනගමං කොත්තුවක්වත් දාගෙන යන්නං !!!

    මේන් කෝස් පොඩ්ඩක් මටත් තියන්ඩ ඈ !!

    අපි යනවා 9.30 ගහන්ඩ !!!

    adiozZzZ !!!!! ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි උඹ වගේ යාළුවෙක් ලැබෙන්න සහන් පෙර පිනක් කරල ඇති. දුකේදීත් සැපේදීත් යාළුව එක්ක ඉන්න එක වටින ගුණයක්.

      උඹ තව ටිකක් වයස යන කොට තේරේවි හැබැයි එහෙම යාලුවන් ගෙ යුතු කමක් කියල මිතුරා ගේ වරදක් දැක්කොත් ඒක කියල හදා ගන්න එකත්.

      Delete
    2. බ්ලොග් අවකාශෙ මේ ටිකේ හරි නිස්කලංකයි බොස් !!
      සම්න්තභද්‍රගෙ අසපුව වාගෙ . චැහ් !!!
      මේලෝකෙ රහක් නෑ !!!!

      පත්තර මල්ලි එහෙමයි. ඔලුව නැතත් කඳ ෆයිට් !!!
      දාල දුවන්නෙ නං නෑ පුතේ !!!!
      මගේ ඩියුටිය මං කොලා !!! කිසි අවුලක් නෑ !!

      හැබැයි ටෝක්Zz ඉෂූ කරපු අපේ ම බෝයිෂ් ල ලොවෙත් නෑ !!!

      මචංලා වරෙල්ලා !!!! ගේමෙ අන්තිම ටික යන්නේ !!!!!!

      මල් වට්ටියට අතගහපල්ලා !!!


      Delete
  5. සහන්ගෙ නිල ජොකර් ඇවිත් ආයෙත්!!!!!!!!

    ReplyDelete
  6. අය්‍‍යෝ පත්තර මල්ලී අර සූස්ති ගුනේ දිහාවත් බලලා හැදියන්, නිකන් අර දෙමල ෆිල්ම් වල ජොකර් වගේ වෙන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. සූස්තියා මමත් ආස කරන චරිතයක් ඇනෝ මචං !!

      Delete
  7. රෙද්ද.. තොපි සැට් එකේම බ්ලොග් කියවන එක අතාරින්න කාලය දැං හරි වගේ.. මේ මොන විකාරයක්ද.. අපිට ඇති තරං වලි තියෙනවා. පොර ටොක් තියෙනවා. මේවා මොකටද?? මිනිසුන් ගැන ඔබ කොයි තරං කිව්වත් කව්රුවත් තේරුම් ගන්නේ නැහැ. බොරු වචන නාස්තියක් විතරයි. මේ දිහා බලං ඉදල මට නං ඇති වෙලා තියෙන්නේ... දෙයියනේ කියල තමන්ගේ වැඩක් බලාගත්තම අහවරයි. මොකද ඔය සැට් දෙකම විවාදයක් කරන්න සුදුසු තරම් මානසිකත්වයන් නැති අය..

    ReplyDelete
    Replies
    1. දේශක මහතාට යමක් පැහැදිලිව බලන්න. තේරුම් ගන්න. හොරෙක් විරුද්දව කතා කිරීම වැරදිද. එක්කෝ හරිවරැද්ද තේරුම්ගන්න බැරි මෝඩයෙක් වෙලා හොරාට එකතුවන්න. නැත්නම් විමර්ශනශ්‍රීලී මිනිසෙක් වෙලා සත්‍යය වෙනුවෙන් පෙනීසිටින්න. ඔබට අනුව සහන් වගේම අපිත් විවාදයක් කරන්න සුදුසු තරම් මානසිකත්වයන් නැති අය නේ. එතකොට හොඳ මානසිකත්වයක් තියෙන දේශකයෙක් නේ මේ ඉන්නේ. එහෙනම් සත්‍ය නියෝජනය කිරීමට අපි වෙනුවට එන්න. මේ බුලත් අත බාර ගන්න. තමන් බුද්දිමත් කියලා හිත උදුම්මාගත්තොත් වේදිකාවට නගින්නත් කලින් රෙද්ද ගැලවිලා නිරුවත පේන්න පුළුවන්.

      Delete
    2. දේශක තුමණි,

      විශ්ව රංගනාත් යනු පිස්සෙක්, මෝඩයෙක් බවට සහන් තම වෙබ් සයිට් එකේ කැම්පේන් එකක් අරන් ගියා ඔබත් දකින්න ඇති, සහන් ගෙ අවසාන ලිපියෙ පවා. මම හිතන්නෙ විශ්වට එතන සාධාරණ ඕඩියන්ස් එකක් හම්බ උනේ නෑ තරමක් දුරට සහන්ගෙ උපක්‍රමත් නිසා. මොන මිනිහෙක් වත් තමන් පිස්සෙක් මෝඩයෙක් ගානට දානවට කැමති නැති බව ඔබත් දන්නව නේ.

      ඉතින් මම හිතන්නෙ විශ්ව ටත් අයිතියක් තියෙනවා කොහේ හරි උත්තරයක් දෙන්න. අපි විශ්වටත් කියන්න තියෙන දේ අහල බලමු. අපි කියවන්න අකමැති නම් නොකියව ඉඳිමු. විශ්ව ඒ අවස්ථාවෙන් කොහොම ප්‍රයෝජනය ගත්තද කියන එක තීරණය වේවි විශ්ව ලියන දේ උඩ.

      විශ්ව, හොරාට එකතු වෙන එකත් සත්‍යය වෙනුවෙන් පෙනී සිටින එකත් හැම මිනිහම කරන්න ඕනෙ නෑ, වෙන දේවල් සිහියෙන් බලන් ඉන්න මිනිස්සුත් ඉන්නවා. වැඩිය දේවල් ගනං ගන්න එපා විශ්ව.

      Delete
    3. මම සහන් සමගද ඇති තරම් විවාද කොට ඇත. ඒ හේතුව මත නැවත කිසි දිනෙක ඔහු සමග විවාද නොකරමි. ඔබ ඔහු සමග විවාද කරන්නේ නම් දිගින් දිගටම ඔබ සමගද වාද කර පලක් නැත.. හරි වැරැද්ද කව්රුත් තේරුම් ගන්නේ හරියටද වැරදියටද යන්න මා නොදනී. ඔබලා විටෙක් හොද කියල පට්ට කියා කලෙක මෝඩයෙක් පිස්සෙක් ලෙස ඔහුව අර්ත දක්වයි. මා කිසිදු කෙනෙකු රේට් කර නොමැත. නමුත් බොහෝ අය පිළිබද මා සිත තුල රේටයන් පවතී.. සාපේක්ෂව මා හිතන දේ තවෙකෙකු මත බලෙන් පැටවීමේ උවමනාවක් මා හට නොමැත. ඔබලාට වඩා වැඩි දැනුමක් වුවද ඔය කියන කරුණු පිළිබදව අවශ්‍යනම් ඉතා කෙටි කලකින් ලබා ගැනීමේ හැකියාව ඕනෑම කෙනෙකුට මේ වන විට පවතී. බුලත් අත ඔබම තබා ගන්න මට ඒ හැටි වෙලාවක් නැතිවාක් මෙන්ම හැකියාවක්ද නොමැත.. ස්තුතියි විශ්ව. කිසිදු අමනාපයක් නොමැත.. නැවත උත්තර දීමක් අවශ්‍ය නැත. මාද බාන බැදි ගොනෙකු වනු ඇත..

      Delete
    4. හැක් හැක්.
      ඔබ දකින විදියට ඔහු සමග වාදෙට යෑම මෝඩ වැඩක්.
      එතකොට අසත්‍ය දැක දැක සද්ද නැතුව හිටියා නම් එය නුවණැති වැඩක්ද? නිවට වැඩක්ද?

      Delete
    5. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නැහැ කියලා අහලා නැද්ද විශ්ව...?

      සහන්ගේ මානසිකත්වය කොහොම එකක්ද කියලා මේ වෙද්දි දන්න අය දන්නවා... ඒ වෙනුවෙන් ඔබලා කල කර්තව්‍යයත් ඒකට සෑහෙන හේතු උනා.. ඒක හරි... සහන් සමග මගේ ඇති අමුතු යාළු කමක්වත්.. අමුතු තරහක්වත් නැහැ. සහන් කොයි වගේද කියලා මං තේරුං ගත්තේ ඔය හැම කේස් එකකටමත් වගේ කලින්... ඒ එකම කාරණාවකදී උනත් කතා කරද්දි ඔහු එක එක වෙලාවට එක එක මත දරන හැටි දැකලා.. ඒ හින්දාම මං වැඩියම සහන් කියන දේවල් හොයන්න බලන්න ගියේ නැහැ වගේම අනවශ්‍ය ප්‍රචාර දෙන්නවත්.. අනවශ්‍ය විදියට පුම්බන්න ගියෙවත් නැහැ. සහන් මාත් එක්ක ඊ මේල් හරහා කතා බහ කලා උනත් මං එයින් එහාට දැන හැදුනුම්කම් වැඩි කරගන්නවත් ගියේ නැත්තේ තියෙන හැදිනීම ඇති හින්දයි... ඒත් දැන් ඔබ කරන්නේ සහන් කවුද කියලා පෙන්නලා දීම විතරක් නෙවෙයි.. සහන්ව අනියම් ආකාරයකට මාකට් කිරීමක්... ඕනනං මෙතන ඉන්න අයගෙන් අහන්න.. ඔබත් සහන්ගේම තවත් එක් ප්‍රොෆයිලයක්ය කියලා අනිත් අයටත් හිතෙන්නේ නැද්ද කියලා.. මටනං දැන් එහෙම හිතෙනවා... කියන්න ඕන දේවල් ටික කිව්වට පස්සේ තව තවත් ඒකෙම එල්ලි එල්ලි යන්නේ ඇයි... සහන්ට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. තව දුරටත් ඔහුගේ ලිපිවල ඇති දේ පට්ට ඇත්තය කියලා පිළිගන්න අය ඉන්න එකක් නැහැ. ඉතිං ඔය මදෑ.. ඇයි තව තවත් ඕකම පට්ට ගහන්නේ.. දැන් ඕක නවත්තහං.. නැත්තං ඉතිං මට වගේම හැමෝටම හිතෙයි විශ්ව කියන්නේ සහන් විසින්ම හැදුව චරිතයක්ය කියලා...

      Delete
    6. ඔබගේ අදහසට එකඟයි මාර අය්යේ. දැන් මම නැවතිලා. මම මෙතරම් දුර මේක ගෙනගියේ ඇත්ත පෙන්වන්න ගොස් සිදුවූ අපහාසය සහ මගේ අනුකම්පාවට කතාව යටගපු එක චරිත සහතිකයක් කර ගැනීමයි.

      Delete
    7. ඒකනේ අපිටත් වෙලාවකට හිතෙනවා විශ්ව සහන්ට අත දිග ඇරලා ගහන්න බෝල උඩ දාලා දෙනවද කියලා. උදාහරනෙකට අර ආච්චිගේ කතාවට දාපු කොමෙන්ට් එක බලන්න

      Delete
  8. ඉන්දික,
    ඉනෆ් ඉනෆ් ඉනෆ්!
    උඹට වෙන මොනව හරි ලියන්න කාලෙ හරි! උඹ මොකක්හරි ගැන ලියන්න ගත්තම ඒකෙ ඉවරයක් නෑ. මේක දෙවැනි වතාව. ඒකාලෙ ඉඳල ආසාවෙන් කියෙව්ව මේ අඩවියේ හැම එකක්ම මැක්කගෙන් අවසන් වෙනව වගේ වෙනවට මම නං කැමති නෑ.
    (අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට)
    (ඊලඟ පෝස්ටුව බලන්න එන්න අදහසකුත් නෑ)

    ReplyDelete
    Replies
    1. නෑ මචන්. විදුර මාරයව ඇන්දුවා වගේ දේකින් මේක ඉවර වෙන්න තිබ්බා මෙහෙම expose නොකලා නම්. මෙච්චර පැහැදිලිව තියෙද්දිත් තව ඇදගන්න ලෑස්ති එවුන් ඉන්නවා නම් උන් ඉතින් ඇදගැනීමටම උපන් එවුන් තමා. උන්ට කියලා වැඩකුත් නෑ අනුකම්පා කරලා වැඩකුත් නෑ

      Delete
  9. මේක කොයි තරං දුර ඇදගෙන ගියත් වැඩක් වෙන එකක් නෑ මම හිතන්නෙ. ඒ නිසා හොඳම දේ මේක අතෑරල දාන එක බව මගේ හැඟීමයි.

    ReplyDelete
  10. ඉන්දික දැන් මේක නවත්තන ඒක හොදා .. මොකද මේකෙන් කිසි වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි ..

    කොහොම උනත් ඉන්දික, ප්‍රොෆයිල් ඇනෝ සහ විශ්ව ත්‍රිත්වය ගේ සොයාගැනීම අගය කරනවා

    ReplyDelete
  11. මං හිතන්නේ හැමදේම මෙලෙස ලේඛනගත කිරීම වැදගත්.

    ReplyDelete
  12. ඉන්දික, සහන්, විශ්ව රංගනාත් යන මහත්වරුණි,
    ඔබලාගේ මෙම බලු පොරය නැවත්වීමට දැන් සුදුසුම කාලයයි. මක්නිසාද යත් මෙම පොරයෙන් ඔබ තිදෙනාට වත් මේවා කියවන කිසිවෙකුටවත් යහපතක් සිදුනොවන නිසාය.
    බැලු බැල්මට ඔබ තිදෙනාටම ඇත්තේ එකම රෝගයකි. එනම් පරාජය භාර ගැනීමට ඇති නොහැකියාවයි. අනික ඔබලා මේ පොරකන්නේ ඉතා සරල කාරණා උදෙසාය (ඇම්පියර් 200 ගැටළුව සහ ආච්චිගේ වයසේ ගැටළුව ගන්න) තිදෙනාටම ඇත්තේ කෙසේ හෝ කොනක් පොටක් අල්ලාගෙන අනිකාගේ රෙදි ගලවීමටය..
    අනික ඔබලාගේ භාෂා විලාශය අතිශය පිලිකුල් සහගතය. අනිකාගේ දෙමව්පියන්, බිරිඳ, දරුවන් අලලා පරුෂ වචනයෙන් ආමන්ත්රාණය ඔබලා තරම් උගතුන්නට නොගැලපෙන බව නොවැහැටෙන හැටි..
    මා සොයාගත් කරුණුවලට අනුව ඉන්දික උපශාන්ත සහ සයිලන්ට් සහන් බ්ලොග් අඩවි පවත්වාගෙන යන අතර විශ්ව රංගනාත් http://www.boompeek.com නමින් වාහන දැන්වීම පලකිරීමේ අඩවියක් පවත්වාගෙන යයි.
    මෙම පොරකෑම තුල තිදෙනාගේම අඩවි වල ආකර්ෂණය අඩුවී යන බව කිව මනාය..
    තිදෙනාම එක් වී දැන් මෙය නතර කල යුතුය. නැතහොත් අනෙක් අය ඔබ තිදෙනා ම වර්ජනය කරනු ඇත...

    ReplyDelete
    Replies
    1. //අනිකාගේ දෙමව්පියන්, බිරිඳ, දරුවන් අලලා පරුෂ වචනයෙන් ආමන්ත්රාණය ඔබලා තරම් උගතුන්නට නොගැලපෙන බව නොවැහැටෙන හැටි..//

      CAN U GIVE ANY EX. THAT I DID SO?

      INDIKA U.

      Delete
    2. මෙතන සහන් අයත් වෙන කුලකයට මම ඉන්දික සහ ප්‍රොෆයිල් සහිතව එන ඇනෝ දාන්න එපා. අපි පෙනී සිටින්නේ වන්චාකරයෙකුට එරෙහිව මිසක් මේක බල්ලියෙක් බෙදාගන්න බැරිව ඇරබුනු බලු පොරයක් නොවේ. යමෙක් නිවැරදි නම් ඔහු වාදයකදී පරාජය බාර ගැනීම යනු නිවට වැඩකි. තමන් වාදයකදී වැරදි නම් එය තර්ක මගින් සනාථ වේන විට පවා පරාජය පිළිනොගෙන දුම්බොඹ ගසා ජනතාවට සිද්දිය වැසීම මහත්මා ගුණයක්ද? මෙතනදී පැහැදිලිව සහන්ට එරෙහිව නගන ලද කරුණු වල ඇති නිවැරදි භාවය සහ සහන්ගේ ඇති වැරැද්ද තේරුම් ගත නොහැකිව සහන් සහ අප සංසන්දනය කිරීම මගින් ගම්‍ය වන්නේ ඔබගේ ඇති යමක් විමර්ශනයට ඇති නොහැකියාවයි. නුතන මිනිසා හදුන්වන විද්‍යාත්මක නමෙහි තේරුම විමර්ශනශීලී මානවය යන තේරුමයි. එබැවින් නියම මිනිසෙක් ලෙස විමර්ශනශීලීව සිතන්න. කරුණු තේරුම් ගන්න. ඔබලා වර්ජනය කල යුත්තේ වංචාකාර සහන් මිස සත්‍යය වෙනුවෙන් පෙනීසිටින අප නොවේ.
      ඔබ මෙන් බොහෝ දෙනා සහන් ගේ පසුගිය "සයිලන්ට් සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිසන් කතා වලට පිළිතුරු 01" නම් ලිපියේ සහන්ට එරෙහි කිසිම කතාවකට සාධාරණ පිළිතුරක් දී නොමැත. ලිපිය පුරවා ඇත්තේ අදාලත්වයක් නැති හිස් කරුණු වලිනි. එම ලිපියට සම හරක් කරන ලද කමෙන්ට් කිහිපයක් පහත දැක්වේ
      //මම මේ ගැටුම් වැඩිය කියවන්නෙ නෑ...ඒ නිසා හරි වැරදි කවුද කියන්න දන්නෑ....නමුත් ඔයා හොඳ කෙනෙක් කියලා දන්නවා...එච්චරයිනේ අපට ඕනේ//
      //අවුට් සයිඩර් කෙනෙක් හැටියට මට පේන්නෙ, ඇනෝ ගෙනාපු තර්ක සියල්ලටම පාහේ ඔබ විසින් නිසිපරිදි පිලිතුරු දී ඇතිබවයි.//
      ඉහත කමෙන්ට් කල අය නම් මිනිස් ජාතකයක් ලැබීම් ගැනත් ලජ්ජා විය යුතුය. මන්ද යත් විමර්ශනශීලීව බැලීම යන ගුණය ඔවුන් සතු නොවන බැවිනි. ලියපු දේ තේරෙන්නේ නැත්නම් කටපියන් සිටීම වටී තවත් හොරා ප්‍රමෝට් කරන්න එපා.

      එතනින් ගත් මේ කමෙන්ට් දෙක ලියා ඇත්තෝ නම් සහන්ගේ ලිපිය කියවන්නේ වත් නැතිව මෙහෙම කියනවා.
      //කලබල වෙන්න එපා... එක එක පිස්සෝ කියන කතාවලට.. එත් මෙහෙම උත්තරයක් දුන්න එකත් හොදයි,.//
      //සහන් ඇත්තටම පිළිතුරු ලිපියක් ලිවීම ගැන මට සතුටුයි //
      මොවුන්ගේ තරම ගැනත් කියන්න කතා නැත. මෙහෙම කතා කීවේ ඔබනම් කරුණාකර තමන් කල වැරැද්ද තේරුම් ගන්න හරි වැරැද්ද දන්නේ නැතිව සහ තේරුනේ නැතිව හොඳ කියන්න යන්න එපා.

      තොප්පිය හරි අය දාගෙන හැඩ බලන්න. සැමට ජය.

      Delete
    3. දුම්බොඹ නොවේ දුම් බෝම්බ.

      Delete
    4. //// ඉහත කමෙන්ට් කල අය නම් මිනිස් ජාතකයක් ලැබීම් ගැනත් ලජ්ජා විය යුතුය.////

      මචං විශ්ව උඹට තරහ යනව වැඩී. තරහෙන් නම් ලියන්න එපා.

      එක එක මිනිස්සු එක එක විදියයි. නානත්ථ කායා නානත්ථ සංඥා.

      Delete
  13. ඉන්දික,

    බිල්ඩිං කන්ස්ට්‍රක්ෂන් ගැන ඔබේ ලිපි දෙක මම ගොඩක් අගය කළා. මොකද ඒ දෙකේ, පුද්ගලික ප්‍රහාර අවම මට්ටමකටත්, බොරුව මේකයි ඇත්ත මේකයි කියන එක උපරිමයෙනුත් තිබුනු නිසා.

    සහන් ගෙ ලිපි/කමෙන්ට් වල තියෙන වැරැද්දක් සහන් "අවජාතකයො, තිරිසන්නු" වගේ වචන පාවිච්චිය. විශ්ව ගෙ ලිපි සහන් ගෙ මට්ටමටම නොවුනත්, සමහර විට විශ්වත් සහන් වගේ හැඟීම් වලින් ලියන ගතියක් තියෙනව ප්‍රතිවාදිය ගැන. එහෙම ඒව මේ යන්න තියන ලිපි වල තියනව නම්, දැන් හරි වෙලාව තියෙනව එඩිට් කරන්න. නැතිනම් ඕකෙන් හොඳකට වඩා නරකක් වෙන්න බැරි නෑ.

    විවේචනය කරන්න ඕනෑ සහන් කියන පුද්ගලයාගේ භාවිතාවත්, පොදුවේ ගත් කල ඇඳගැනීමට බර බ්ලොග් අවකාශයේ අවිචාරශීලී බවත් මිස සහන් කියන පුද්ගලයා නොවන බව විශ්ව ට මතක ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. සහන් මට ගහලා තියෙන මඩ සහ අපහාස වල සැර වැඩිකමට මම ලියන්නේ ලොකු ක්‍රෝධයක් සහිතව. ඒක නිසා මටත් ඔය අපහාසෙට බර වචන ලියවෙනවා.

      ඇනෝ කෙනෙක් හරි සහන්ම ඇනෝ කෙනෙක් ලෙස හරි ඇවිත් සහන්ගේ දුවට පාදඩ කථා කියලා යනවා(සහන්ට දුවෙක් නැති වෙන්නත් පුළුවන්) සහන් මට පදනම් විරහිතව එම දෙය කලේ මම බව පවසමින් මට අපහාස කරන්නේ, මම එහෙම නොකළ බව ඊමේල් වලින් පවා කියා තිබියදී. ඔතරම් අමනුෂකව අපහාස කරන මිනිහෙක් සමග කථා කරන විට ක්‍රෝධය මැඩපවත්වන්න අමාරුයි.

      Delete
    2. ඔබට කොතරම් ක්‍රෝධයක් තිබුනත්, සහන්ට වදින පාරක් වදින්නේ ඔබේ කරුණු සහගත විවේචන වලින් මිස ක්‍රෝධ සහගත වචන වලින් නොවේ. අර වචන වලින් වෙන්නේ බලන මිනිසුන් distract වෙන එක විතරයි.

      අන්තිමට ඔබේ තරහ පිට වුනාට කියවන මිනිස්සුන්ට තේරෙන්නේ මේක ඔබේ පුද්ගලික තරහ පිට කර ගැනීමක් කියල විතර නම්, ලියන එකෙන් පලක් නෑ.

      මිනිස්සු දිනාගන්න ලියන එක, තරහෙන් ලියල "මේක නොතේරෙන උන් බූරුවො, මිනිස් කමට සුදුසු නෑ" කියල අපහාස කරනවට වඩා ඉෆෙක්ටිව්.

      Benjamin Franklin — 'A Man convinced against his will is of the same opinion still.'

      මම කියන්නෙ ඔබ ලියල තියෙන්නෙ එහෙම කියල නෙවෙයි, ඔබට ටිකක් තරහ ගිහින් බව පෙනෙන නිසා.

      Delete
    3. මම පිලිගන්නවා දුර්වල කම, පෙන්වාදීම ගැන බොහොම පිං.

      Delete
  14. මට තියන ප්‍රශ්නය මේ එකක්වත් නෙමෙ, ඔය කියන සය්ලන්ට් සහන් මහත්තයාගේ ඇත්තම රස්සාව මොකක්ද ?

    රොකට් හදනවද නැත්නම් ගෙවල් හදනවද?
    කරුණාකර දන්නා කෙනෙක් පිළිතුරු දෙන්න.

    සහන් මහත්තයාගේ ලිපි මුල සිට කියවගෙන යනකොට එතුමාගේ දැනුම පරාසය ගැන හිතා ගන්නත් බෑ. අනේ මන්ද මේ වගේ දැනුම තියන උතුමෙක්ට ඇයි මෙහෙම සලකන්නේ කියල. උදේ හවස මල් පූජා කරලා එකත්පසව වැඳ වැටිලා එතුමාගේ දැනුම ඉල්ලගනිල්ල.

    ReplyDelete
    Replies
    1. පොස්ට් වල බොරු දාන්නේ නැත්නම් සහ දමන වැරදි කරුණු පැහැදිලි කලාම මහත්මයෙක් ලෙස නිවැරදි කරනවා නම් කවුරු වුනත් මටනම් කමක් නැහැ.

      Delete
    2. ඕකට තමා සහන් මහත්තයෝ පැරන්නෝ කියල තියෙන්නෙ "ගොයම් කරල් වල කිරි පිරෙනකොට ගොයම් කරල් බර වෙනවා වගේ මනුස්සය කියන සත්වයාත් බුද්ධියෙන් වැඩි වෙද්දී නිහතමානී වෙන්න ඕන කියල". දැන් බලනකොට නිහතමානිකම බල්ලට ගිහින් වගේ.

      Delete
  15. අද මොකද දන්නේ නැහැ සහන් සහ ඔහු වෙනුවෙන් ඉන්න ඇනෝ සෙට් එක පේන්නේ නැත්තේ. සහන් කියාකාරී නොවන වෙලාවට එම ඇනොලා ටිකත් කථා නැහැ. කියන එකෙන් පැහැදිලි වන්නේ සහන් වෙනුවෙන් පෙනී සිටින ඇනෝ ලා ලෙස එන්නේ සහන්ම බවයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාට තේරුනා.

      මමත් සහන්ට කඩේ ගියා කෝල් කරලා සමීප වෙන්ඩ දැගලුවා ඒ මගේ හැටි ඒක ගොඩක් ය දන්නවා . මම කාර් බාර් තියෙන පිට රටවල්වල ඉන්න අයට ආසයි. එහෙම අයගෙන් උදව් ගන්ඩ පුලුවන් ඒකයි මගේ අරමුන. මම හිතුවේ සහන් රොකට් ඩයිවර් කෙනෙක් කියලා දැන් බලද්දී ඒ හරකා පිස්සෙක් . ඇයි මාව ඇන්දුවේ සහන් මගේ බලාපොරොත්තු සුං..

      Delete
    2. මොකද මේ ඇනොලා අටම් ලෙස ආවේ

      Delete

LinkWithin

Related Posts with Thumbnails