Saturday, November 24, 2012

බඳින්න කලින් බලන්න ඕනෙ A,B,C,D,E,F,G,H දන්නවද?






මතකනෙ මීට කලින් මම ලිව්ව බඳින්න හොඳ නැතිගෑණු කව්ද කියල සහ ගෑණුන්ගෙ හතර හිනා ගැන.
ඒ ලින්ක් එකටම මේකත් දාන්න ඕනෙ කියල හිතුනෙ ඩූඩ් ගෙ ඉන්දියානු විවාහ ගැන තිබ්බ පෝස්ට් එක දැක්කමයි.

ඒත් මේ ගැන කියන්න කලින් මේක මට කියල දීපු අල්ලපු රටේ යාළුවො ගැන යමක් නොකිය කොහොමද?

ඉන්දියානුවන් හැටියට හඳුන්වගන්න ඒ මහා භූමියෙ ඉන මිනිස්සුන්නෙ භාෂා, ආගම්, විස්වාස, සංස්කෘතීන්ගෙන් බෙදිල උන්නට ඒ හැමෝම ඉන්දියාව කියන නමින් එකතුවෙලා ඉන්නව වගේම ඒ ඉන්දියාව එකතු කරල තියෙන තව මහා පොදු සාධක ගානක් තීනව.

ඒ අතරින් පළවෙනි එක තමා අපිරිසිදු කම. ඉන්දියානුවො කියන්නෙ ලෝකෙ අපිරිසිදුම ජාතියක්. තත්වෙ තරා තිරම මොක උනත් ඔය ඕන ලොක්කෙකුගෙ කුස්සිය හරි කාමරයක්, නාන කාමරයක් හරි දැක්කොත් තමයි කතාව හරියටම තේරුන් යන්නෙ. 

මඩ එක්ක උක් ගස් මැෂිමට දාල උක් යුෂ බොන ඉන්දියානු කෑම කොච්චර රසයි කිව්වත් අපි උන්ගෙ රටට ගිහින් කෑවොත් අනිව බඩ යනව යනවමයි. මේ මම අත්දැකීමෙන් කියන්නෙ.

අනික් එක තමයි අනුන්ගෙ දේවල් සෙවීම. ඉන්දියානුවො ආශ්‍රය කරපු උන් දන්නව ඇති උන් මොන තරන් අනුඟෙ මගුල් හොයන ජාතියක්ද කියල. ඒ ගැන ප්ය හෙන්‍රියත් යසට කියල තියෙනවනෙ.

ඉන්දියානුවො අතරෙ තීන අනික් මහා පොදු සාධකේ තමයි විවාහ රීතිය සහ නීතිය. 

ඉන්දියාවෙ ඕන හින්දු කෙරුමෙක් බඳින්නෙ ගින්න සාක්කියට අරන් මිස අපේ වගේ රෙජිස්ටාර්ල ලඟ නෙමෙයි. මුස්ලිමුනුත් තමන්ගෙ චාරිත්‍රෙට බඳිනව මිස අස්සනක් නෑ. 

ඉතින් මුන්ට වෙන රටකට යන්න වීස ගන්න විවාහ සහතිකේ ඕන උනොත් මේ අය කරන්නෙ විවාහ මංගල්ලෙ පින්තූර ටිකකුයි,ඒ අවස්ථාවට සහභාගි උන බවට සාක්කි කරුවො ටිකකුයි අරන් ඒ පැත්තෙ තියෙන උසාවියෙ විවාහය ලියාපදිංචි කරල සහතිකයක් ගන්නව විවාහ උන බවට. කොයි නගරෙත් තත්වෙ ඒක තමයි.

මේ කොහොම බැන්දත් මේ අයගෙන් අති මහත් බහුතරය ( චිත්‍රපටි වල මොන බයිල පෙන්නුවත් ) බඳින්නෙ අම්මල හොයල දෙන කෙනෙක් මිස තමන් හොයා ගන්න කෙනෙක් නෙමෙයි. 

ඉතින් එහෙම බඳින කෙනා තෝරන්න අර එක එක ජාතිවල ඉන්දියානුවන් සලකා බලන පොදු අංග කිහිපයක් තියෙනව. ඇත්තටම මේව පොදුවෙ අපි කාගෙ කාගෙත් දෙමව්පියො බලන්න කැමති දේවල්. ඒත් ලංකාවෙ අපේ තත්වෙ මේ තරම්ම රාමුගත වෙලා, සම්මත වෙලා නෑ, හැබැයි ඉතින් ඉන්දියාවෙදි ඒක එහෙමමයි. 

මම මේ කියන්නෙ මගේ ආයතනෙ ඉන්න දෙදහක් විතර ඉන්දියානුවන්ගෙ සැලකියයුතු පිරිසක් ආශ්‍රය කරල, කතාබස් කරල විතරක් නෙමෙයි කීප සැරයක් උන්ගෙ රටට ගිහින් ඉඳල තියෙන නිසා.

අනික අපේ ආයතනෙ අධ්‍යෂක කෙනෙකුගෙ ඉඳල වාහන හෝදන එකා දක්වාම වගේම උඩ ඉඳන් පහතටත් වමේ ඉඳන් දකුණටත් ඉන්දියානුවො පිරිල ඉන්න විදිය ගත්තම උන් ගැන අධ්‍යනයට ඒක බොහොම සාධාරන නියැදියක් කියල කියන්න පුලුවන්. එහෙව් අපි මුන්ට බනින කොට මේ පට්ට.....( අයේ ඕන් නෑ )

මෙන්න මේ ඉන්දියානු මව්පියන් සලකන මූලිකාංග තමයි අර මං උඩ කියල තියෙන A, B, C, D, E, F,G,H

හොඳ ධනවත් දෙමාපියො තමන්ගෙ උගත් පුතාට බන්දන්නෙම ඔය හෝඩිය පාස් කෙල්ලෙක් විතරයි. ඒත් මෙතන තියෙන අවාසනාව ගෑනු ළමයගෙ පැත්තෙන් අකුරු හතරක් ( එක අකුරක තේරුම ටිකක් වෙනස් මෙතනදි ) විතරක් බලනකොට, කොලුවගෙ අම්මල අටක්ම බලන එකයි. පටන් ගන්නෙම සීයට පණහක අසාධාරනේකින්.

මෙන්න මේවයි කෙල්ලගෙ පැත්තෙන් බලන හෝඩියෙ අකුරු.

A – Age

E – Economy

F – Family

H – Horoscope


මෙන්න කොල්ලගෙ මාපියන්ගෙ සෙට් එක.

A – AGE

B – Beauty

C – Character

D – Dowry

E – Education

F – Family

G – Grade (කෙලීගේ පවුලේ පන්තිය)

H – Horoscope

දැන් කියන්න බලන්න මේ අතරින් ඔබේ තේරීම පාදක උනේ මොන අකුරු යටතෙද කියල?

 ප/ලි,

ඔබ විස්වාස කරනවද කේරළේ මගුල් උත්සවයකට අඩුවශයෙන් පන්සීයක්වත් සහභාගි වෙන බව සහ එය තුන් දහස දක්වා වැඩිවිය හැකි බව. ජනගහනය කෝටි සීය පනින රටක හිතවත්තු කොච්චර ඉන්න පුළුවන්ද නේද?

65 comments:

  1. හුට්ටප්පර ගොඩායි නෙව.. නියමයි..

    ReplyDelete
    Replies
    1. එව එහෙම තමයි සහෝ...මෙව්ව එහෙම ලේසි නෑ.

      Delete
  2. ප/ලි ය විශ්වාස කරනවා.... අනිත් ඒවා ගැන කුමන කතාද...

    ReplyDelete
  3. අපි මොනවා කියන්නද උන්ගෙන් පැවතෙන අපේ තත්වෙත් ඔහොම කොට. එකම දේ අපේ දේ අපට පේන්නේ නෑ. නව පරපුරේ උනුත් ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. උන්ගෙන් අපි පැවතෙනවද අපෙන් උන් පැවතෙනවද කියල කොහොමද කියන්නෙ? අපි පැවත එන්නෙ කාගෙන්ද කියන එක නෙමෙයි වැදගත් අපි පවත්වගෙන යන්නෙ කොහොමද කියන එකයි හිතන්න ඕන.

      Delete
  4. වෙලාවට ලංකාවේ කෙල්ලෙක්ට හිත ගියේ ...ඉනිදියාවේ කෙල්ලෙක් එහෙම එල්ල ගත්ත නම් බෙල්ලත් නැතුව තමයි ඉන්න වේනනේ...

    ReplyDelete
    Replies
    1. බෙල්ල නෙම්යි කුණු වෙලා නැතිවෙන්නෙ වල්ල.

      Delete
  5. ඉන්දියාවේ කෙල්ලගෙ පැත්තෙන් බලන ඒවාට දැන් මුල් තැන දෙන්නේ කොල්ලගේ ගෙදර "කක්කුස්සියක්" තියෙනවද කියන එකට නෙමේද?80 ගණන්වල එහෙ ගියාම දිල්ලි වල රේල් පාරෙ කටයුත්ත තරගෙට කරන ගැහැණු/පිරිමි.ටින් බෙලක්ක වලට වතුර ගේන්නේ මහල් නිවාස වලින් පිටවන අපජලය.මම එතකොට හිතුව හැමෝටම පේන්න RI...... ල මොනවලින් හරි හෝදගන්න එකත් මදැයි කියල.දුම්රිය ස්ථානවල ටිකට් ගන්න තැන බිත්තිය මුල්ලේ කාලයක් තිස්සේ බුලත් කෙල ගහපු කන්දක්.හින්දි ෆිල්ම් රූගත කිරීම කරන තරමක් කරන්නේ යුරෝපයෙ.රේල් පාරෙ RI ...ල හම්බකරන තුට්ටු දෙකෙන් චුන් වෙන කස්ටියක්.

    ReplyDelete
    Replies
    1. තාම වෙනසක් නෑ. දිල්ලිය මුම්බායි තම එහෙම තමා. අළුත හදපු ඉන්දිරා එයර් පෝර්ට් එක දැක්කම එළ උනාට එළියට බැහැපු ගමන් ගූ! ටිකක් හරි තත්වෙකට තියෙන්නෙ බැන්ගලෝර් තමයි. අනික්වගෙ තාම රී.... ඇදල ගා... ගන්නව.

      Delete
    2. මම නම් ගිහින් තියෙන්නෙ බැංගලෝර් වලට විතරයි. එහේදිත් හෝටලෙන් එළියට බැස්ස ගමන් එන්නේ කුණු කාණු ගඳ. මුළු නගරෙම එහෙම ගඳ නොගහන තැන් තිබුනේ ටිකයි, ( ඒ ගඳ නොගහන නිසාද, නහය ගඳට පුරුදු වෙලා හිටපු නිසාද කියලා දැන්නේ නෑ )

      හවස් වරුවක එහෙම පාර අයිනෙනෙ ඇවිදිනකොට කොයි වෙලාවෙ ගූ බෙට්ටක කකුල වැදෙයිද කියලා බිම බලාගෙනම තමයි යන්න උනේ....!

      අනේ ඒත් මුන් ෆිල්ම් වලින් නම් පෙන්නන්නේ එහෙම සුර පුරයක් මේ තුන් ලෝකෙම නෑ වගේ....

      තව තව දෙවල් තියෙනවා ලියන්න පස්සෙ ලියලා දාන්නම්....!

      Delete
    3. ඇති යන්තන් උඹෙ වැඩ ඉවර වෙලා වගේ. උඹෙ කතාව හරියට හරි. ඉන්දියාවෙ පාරවල් හරියට අඟුලානෙ වැල්ල වගේ. කොතන කොයි වෙලේ බෙට්ටක් පෑගෙයිද දන්නෙ නෑ.

      ඉතුරු ටිකත් ඉක්මනට ලියහන්.

      Delete
  6. හෑ මගේ ප්‍රියම්භිකාවත් ඉන්දියන් දැරිවියක් ..
    තද වෙනවා ඈ

    ReplyDelete
  7. Replies
    1. උඹේ වාසනාවට හිටපු උනේ.

      Delete
    2. නැහැ බන් එයා හිටිය නම් මට මෙහෙම වෙන්නේ නැහැ ..
      මොහොතක් මොහොතක් පාසා මම දුක් වෙනවා .

      Delete
  8. සමා වෙන්න ඕනේ මෙහෙම කියනවට.
    ඒ උනාට මොකද මේ ඉන්දියන් අය එක්ක මේ තරම් ආරෝවක්.....? ඔය කොයි කොයි දේත් ඔය විදිහටම අපි අතරෙත් අපේ රටේත් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
    අද වෙනකොට ලංකාවේ වෙඩින් එකක තත්වය? ගෙස්ට්ලාම කීයක්ද. ඒ විතරක්ද තනිකරම මවා පෑමක්. ෆොටෝ කිහිපයක මවා පෑම වෙනුවෙන් ලංකාවේ තමන්ගේ මුළු ජීවිතේම ණය කාරයෝ වෙනවද? එකම කපල් එකක් ඉන්නවද ඒ සල්ලි වලින් ලෝකේ වටෙ රවුමක් ගහලා සතුටින් ජීවත් වෙන අය?
    ඉන්දියානුවෝ අපිරිසිදු වෙන්න පුළුවන්. එතකොට ඇයි අපි?
    අපේ කී දෙනෙක් මේ බ්ලොග් අස්සේම අනෙකා වෙනුවෙන් කේලම් කියනවද? එක එකාව තරහා කරවනවද? මට නම් හිතෙන්නේ අපි අපි ගැන බලන්නේ නැතිව වටේ පිටේ විතරක් බලන හින්දා මෙහෙම හිතනවා කියලායි.
    මේ මැද පෙරදිග ඈයෝ බොහොමයක් ඉන්දියානුවෝ එක්ක තරහෙන් ඉන්නවා වගෙයි මට නම් පේන්නේ. බලාගෙන ගියාම අපි ඔක්කොම එකම ඈයෝ. එකම රටවල මිනිස්සු. පිට ඉඳන් බලන් ඉන්න යුරෝපා අය කියන්නේත් අපෝ උන් ඉන්දියන්ලා අලියා වගේ කියලා. ( අලියා කියන්නේ එවෙලේ හැඟීම් පිට නොකර මතක තියාගෙන ඉඳල පස්සේ ඒ තරහා පිරිමහන ඈයෝලු)

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචෝ. අපේ ඇහේ පොල් පරාලේ පේන්නේ නෑ. අපේ උන්ගේ අපිරිසිඳු කම ඊට එහා. බස් එකක කෝච්චියක් යන්න පුළුවන්ද. ජීවීතේටම නාලා නෑ.... අනික පිට රට අපේ උන්ගේ එපාට්මන්ට් වල තත්වෙත් ඔයිට එහා..

      Delete
    2. // එකම කපල් එකක් ඉන්නවද ඒ සල්ලි වලින් ලෝකේ වටෙ රවුමක් ගහලා සතුටින් ජීවත් වෙන අය? //

      Hats Off !!

      Delete
    3. මචං බූරු,

      වෙඩින් එකකට වියදම් කිරීමවත්, ඒ කරන ක්‍රමේවත් මම විවේචනය කරන්නෙ නෑ. ඒකයි උඩ කියල තියෙන්නෙ "ඇත්තටම මේව පොදුවෙ අපි කාගෙ කාගෙත් දෙමව්පියො බලන්න කැමති දේවල්." කියල. ඒ උනාට මගේ විවේචනේ තියෙන්නෙ උන්ගෙ අපිරිසිදුකම, අනුන්ගෙ දේ සෙවීම වගේ සම්මත නොවන මිනිස් ගති ගැන. ලංකාවෙ මිනිස්සු සමහර බටහිර රටවල උන් තරන් පිරිසිදු නැති උනත් කටුනායක ඉඳන් කොළඹ එන පාර ඉන්දියාවට වඩා ගොඩක් පිරිසිදුයි කියල උන්ම කියනකොට හිතා ගතෑකි නේද තරම්? අනික බේරෙ වැවේ නාන උන් දකින්න නැති උනාට මිනී පාවෙන ගංගා ගඟේ නාන ගෑණු පිරිමි ඉන්දියාවෙ බොහොම සාමාන්‍ය දෙයක්. වැසිකිලියෙ බිත්ති වල ජරාව ගාන අපේ උන් කවදාවත් පාරෙ කැත කරල කාණුවෙන් හෝද ගන්නෙ නෑනෙ. එහෙව් ජරා ඉන්දියානු ජාතියක් අතරෙ ඉන්න අතිශය සුළු ඉරිසක් අර දුප්පත්, මෝඩ අසරණ අපොරිසිදු එවුන්ගෙ සල්ලි හුරන් පොරවල් වෙලා අපිට අරින්න එනකොට තරහ නැද්ද? ඒක්යි අපි ඉන්දියානුවන්ට විරුද්ධ.

      ඔය විවාහෙ ඇල්බම් එකට වියදම් කිරිල්ල ගැන කියනවනම්, ඒක එක එකාගෙ කැමැත්ත. ජීවිත කාලයක් සතුටු වෙන්න ඇල්බම් එකක් හදා ගන්නව තම්න්ට පුළුවන් විදියට. මොකද මොන දේ උනත් අන්තිම වෙනකල් එකට පවුල් කන්න ඕනෙ කියන හැඟීමක්, ක්‍රමයක් තියෙන රටක උන්ට ඇල්බම් එක බලල විඳින අතීත කාමෙ වටිනව හෙට කැඩෙයිද කියල නොදන්න දීගෙ අද විඳින්න යන ටුවර් වලට වඩා.
      මිනිස්සුන්ගෙ කුහක කම්, කුඩිකේඩුකම් වගේම මනුස්සකම් මොන සමාජෙත් අඩු වැඩිය තියෙනව. අපිට මනුස්සකම්, මානව ප්‍රේමෙ කියාදෙන්න එන සුද්දො තමන්ගෙ එකාට උස්සල දෙන, කළු හමට සලකන විදිය අපි අත්දැකීමෙන් දන්නව. එව්ව කොහෙත් එකයි මචං.
      උඹ ඉන්න ඉතාලියෙ, අහල පහල ග්‍රීසියෙ, රුමේනියාවෙ උන්ට ස්කැන්ඩිනේවියන්, ජර්මන් සුද්දො සලකන්නෙත් ඔය ජාතිවාදී හැඟීමෙන්ම තමා. ඕක ලෝකෙ කොහෙත් මිනිස්සු අතරෙ තීනව.

      Delete
    4. මාතලන්,

      අපේ බස්, කෝච්චි අපිරිසිදු තමා. ඒත් උඹ ඉන්දියන් ඒව දැක්කොත් හිතයි අපේ එව්ව කොච්චර හොඳද කියල. අපිට කරන්න තියෙන්නෙ සීයට පනහක සුද්දයක් නං උන්ට සීයට අකසිය විසිපහක් කරන්න වෙනව එතනට එන්න. ඒකයි වෙනස.

      ඇනෝ,

      මම කාල මම ට්‍රපක් ගිහින් විනෝද වෙන එකයි, අපේ පවුලෙ නෑ හිතවත්තු එකතුවෙලා කාල බීල සතුටු වෙන එකයි අතරෙ ලොකු වෙනසක් තියෙනව "වරිගෙ මොටද නෑයන් දැක ගන්න නැති" කියන්නෙ ඒකනෙ.

      Delete
    5. බස් කෝච්චි නෙමෙයි බන් ඒවයෙ යන උන්....

      Delete
    6. ඝර්ම කලාපෙ දාඩිය දාන අපේ රටේ උන් කොච්චර හොඳ කියල තීරෙ උඹට දිල්ලියෙ හරි චෙන්නායි හරි බස් එකකට නැග්ගනම්.

      Delete
  9. ඉන්දියාවේ කෙල්ලගෙ පැත්තෙන් බලන ඒවාට දැන් මුල් තැන දෙන්නේ කොල්ලගේ ගෙදර "කක්කුස්සියක්" තියෙනවද කියන එකට නෙමේද?80 ගණන්වල එහෙ ගියාම දිල්ලි වල රේල් පාරෙ කටයුත්ත තරගෙට කරන ගැහැණු/පිරිමි.ටින් බෙලක්ක වලට වතුර ගේන්නේ මහල් නිවාස වලින් පිටවන අපජලය.මම එතකොට හිතුව හැමෝටම පේන්න RI...... ල මොනවලින් හරි හෝදගන්න එකත් මදැයි කියල.දුම්රිය ස්ථානවල ටිකට් ගන්න තැන බිත්තිය මුල්ලේ කාලයක් තිස්සේ බුලත් කෙල ගහපු කන්දක්.හින්දි ෆිල්ම් රූගත කිරීම කරන තරමක් කරන්නේ යුරෝපයෙ.රේල් පාරෙ RI ...ල හම්බකරන තුට්ටු දෙකෙන් චුන් වෙන කස්ටියක්.

    ReplyDelete
  10. ඉන්දියාවෙ උන් ගැන කථා කරන්න එපා.. ලෝකේ ඉන්න එකම ගෑනු ජාතිය ඉන්දියානුවොනම් මට ගෑනු එපා,, එච්චරට මට ඕකුන් අප්පිරියයි

    ReplyDelete
    Replies
    1. ඒකනං ටිකක් හොයල බලන්න වටින කාරනාවක්. හැබැයි උඹට ඔහොම උනාට ගඳ නොද්නෙන අපේ සමහර උන්ට උන් මසුරං.

      Delete
  11. සිරි ලංකාවේ නම් A-Z දක්වා බැලිය යුතු

    ReplyDelete
    Replies
    1. ඒ උනාට වෙද මහත්තය පහල කියල තීනව වගේ L නැතුව මොනා තිබ්බත් මොකටද?

      Delete
  12. අනේ මන්දා බන් අවුරුදු ගානක් එක එක ජාතිවල උන් එක්ක වැඩකලා උනත් මට නම් රටක් හරි ජාතියක් හරි කියලා වෙන් කරලා මේ රටේ මිනිස්සු මේ වගේ මේ ජාතියේ මින්ස්සු මේ වගෙයි කියලා හිතට එකඟවම කියන්න හැකියාවක් නෑ . .

    මගේ ජජ්මන්ට් එක නම් මිනිස්සු කියන්නේ මිනිස්සු . . උන් ජීවත් වෙන පරිසරයේ හැටියට වෙනස් වෙනවා උපතින් මොන ජාතියේ උනත් . .

    සිංහල මිනිස්සු අනෙක් මිනිස්සුන්ට වඩා මාර සිරා කියන්න පුලුවන්ද?

    බොක්ක දෙන්න වගේ ඉඳලා අරින උන් ගැන මට වඩා උඹට අත්දැකීම් තියෙනවනේ . . . (මනුස්සකමට පව්නේද කියලා හිතලා උදව් කරන්න ගියාමත් අරින උන් ඉන්න එකේ)

    මේ ඉන්දියන් කාරයෝ ජරා ජාතියක් කියලා මැදපෙරදිග සේවය කරන අපිට හිතෙන්නේ අපිට ලැබිය යුතු ගොඩක් දේවල් උන් හින්දා නැතිවෙන තරහට නෙමේද?

    අපි 10,000ක පඩියක් ඉල්ලුවොත් උන් කැමතියි අපි කරන්නම් කියන වැඩ වලට අමතරව ලොක්කගේ ගෙදර වැසිකිලි හෝදන වැඩෙත් එක්ක කරන්න 2500ට.

    මොකුත්ම නැති උනොත් අපිට අපේ රටට ගිහින් හිඟානොකා හිඟාකන්න පුලුවන් උනා උනත් උන්ට උන්ගේ රටේ ආර්තිකේ එක්ක හිඟාකන්නවත් බැරුව ඇති . .

    ඉත්ං පරිසරයට අනුව වෙනස් වෙනවා ඇර උන් මොනවා කරන්නද බන් . .

    ReplyDelete
    Replies
    1. මේ උඹමද? මන් දන්නව උඹට වැටුන වෙලේ ජොබක් දුන්නෙත් අල්ලපු රටේ එකෙක් බව. ඒත් මචන් ඒ කෝටි සීයෙන් එකෙක් විතරයි. අති බහුතරය සලකන්නෙ අපේ රට උන්ගෙ අත පල්ලෙන් වැටුන ගානට. ඒ උනාට මොකද උන්ගෙ පුක කහ ගන්න නිය පොත්ත නෑ. ඉන්දියාවට මිසයිල තිබ්බට, චන්ද්‍රිකා තිබ්බට මේ මිලියන විස්සෙ උන් කැරම් ඉඳල ක්‍රිකට් වෙනක්ල් මොනතරම් දේ වලින් උන්ව වට්ටල තියෙනවද? අනික ඒ මිසයිල හැදුවෙ, චන්ද්‍රිකා යැව්වෙ රුසියාවෙ උදව්ව නිසා මිසක් මොකෝ උන් හොයා ගත්තු යමක් තියෙනවද? රුසියානුවො උන්ට ඒව දුනෙ පකිස්ථානෙ ඇමරිකාවට හේත්තුවෙලා න්‍යෂ්ඨික බලේ හදා ගන්න කේස් එකට එකට එක මිස මුන්ගෙ ඇති මගුලකට නෙමෙයිනෙ. අපි දෙකක් ගන්නකොට කෝටි සීයෙ ඉන්දියාවට ඉතිහාසෙටම තියෙන්නෙ ඔලිම්පික් මෙඩල් 26යි. ඒකෙත් බහුතරය හොකී. රනින් ඉවෙන්ට් එකක්වත් නෑ. මොන අතින් ගත්තත් උන්ට වඩා අපි තාම ඉස්සරහින් ( ඉස්සරහදි අපි පස්සට යාවි ආන්ඩු පාන්ඩු නිසා ). එහෙව් රටේ උන් අපිට අත හෝදන එන විදිය දන්නෙ උන් එක්ක එකට හැප්පෙන අරාබියෙ ඉන්න අපි මිසක් වෙන කවුද? අන්න ඒ නිසයි මට උන් එක්ක මල.

      රස්සාවට මගේ ගේම තියෙන්නෙ උන් එක්ක නෙමෙයි, අපිට වඩා අඩුවෙන් වැඩ කරල වැඩියෙන් ගන්න පර ඉන්ග්ලිශ් කාරයො ගැන. යමක් කමක් කර ගන්න බැරුව එහෙන් එලියට විසිවෙන් සුද්දො මෙහෙ ඇවිත් පොරවල් වෙලා නොදන්න මගුල් අපිට කියල දෙන්න හදන ගමන් අපි වගේ තුන් ගුනයක් විතර අරන් සැපට ඉන්න හැටි දැක්කම මාලු නටනව සහ ගේම ඉල්ලනව මිස ඉන්දියන් කාරයන්ගෙ පීචං වැඩේ ගැන ඔරොප්පුවක් වත් ගේමක්වත් ඇත්තෙම නෑ.

      Delete
  13. හැමෝම මිනිස්සු තමයි ... හැමෝගෙම වැරදිත් තියනවා.. හැබැයි ඉන්දියානුවන්ගෙ , විශේෂයෙන්ම කේරලයෙන් ආපු මලයන්ගෙ වැඩවල නම් මොකක්දෝ පොදු බවක් තියනවා... ඒක එහෙම නෑ කියනවනම් ඒක් බොරුවක්.. දුකා උඹ කියන්නෙ බොරු නේද... ඇත්තම කියපන්... ලංකාවෙ උන්වයි මලයින්වයි එකට දාන්න උඹට පුලුවන්ද?මම කියන්නෙ ගතිගුණ හා සිරිත් විරිත් වලින්..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ උන් මලයින්ගෙ ගොඩට දාන්න නෙමේ මලයො ගොඩට දාන විදියක් බලහන්. තෙල් ගාල වෙලුනාම නාන, පෙරුන්කායන් හොද්දයි බිත්තර ඇට බතුයි එක්ක පිඟන් දෙක තුනක් ගිලින, මේස් කුට්ටම සතියක් නොසෝද දාන් මලයො අර වතු වල ඉන්න දෙමළු එක්කනං එකට සමකරන්න ට්‍රයක් දෙතෑකි.

      Delete
  14. මගේ විවාහයට නම් ඔය මුකුත් නැහැ. එතන තිබ්බේ එක අකුරයි.

    L = LOVE

    ඉන්දියානුවෝ පට්ට අපිරිසිදුයි ඒක ගැන නම් මමත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. මං බලන් හිටපු කමෙන්ට් එක ආවෙ වෙද මහත්තයගෙන් විතරයි.

      Delete
  15. වේද මහතාගේ අකුර සමඟ එකෙන්ම, බොක්කෙන්ම එකඟ වෙමි...

    පස්සේ කාලෙක රණ්ඩු වෙන්න හරි ජිවිතයටම කෙලෝ ගන්න හරි සිද්ධ වුනත්, මමත් හොයන එකම අකුර L

    අනික ඔය මොක් බලලා බැන්දත් කැඩෙන පවුල් කැඩෙනවා... යන උන් යනවා...
    ඒක අනිවා

    ReplyDelete
    Replies
    1. හරියට හරි මල්ලි. ඔහොම ගියොත් උඹ ගොඩම තමයි. ජය!

      Delete
  16. @ Il mondo di una povera pazza
    100% agree .

    ReplyDelete
  17. මම ඉන්දියාවට ගිය වතාවෙ මට නම් බඩ යන ලෙඩේ හැදුනෙ නෑ...මා සමග ගිය මගේ දමිළ හිතවතා තෝරාගත් ආපන ශාලා වලින් පමණක් ආහාර ලබා දුන් නිසා...උක් අඹරන මැෂින් සහ ඒවායෙන් ඇඹරී එන උක්යුෂ දුඹුරු පැහැ වීම නිසාම මට නම් පානය කරන එක පිළිකුල් සහගත උනා... දැන් තමා දන්නෙ මඩ කතාව...

    අපිරිසිදු කම ගැන නම් කියලා වැඩක් නෑ...උගත් කියලා භේදයකුත් නෑ, ලංකාවෙ ක්‍රිකට් වාර්තාකිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් සමග මමත් දඹුල්ලෙ එකම ස්ථානයක නවාතැන් ගත්තා වතාවක්... තරගය නිමවෙලා රාත්‍රී 12 ට පමණ නවාතැනට ඇවිල්ලා අඩුගානෙ මූණවත් හෝදගන්නෙ නැතුව සපත්තු පිටින්ම උන් නිදාගත්තෙ උදේ ඉදන් දාපු දාඩියත් එක්කම....

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ දත් ගලෝන විදිය දැකල තියෙනවද? පාරෙ ඉන්නව බුවාල අඬු තියාන. කෙලේම්ම හිරි වැට්ටිලි අනං මනං මුකුත් නෑ, දැම්ම ඇද්ද ( අර අභීතය වගේ ). පස්සෙ කොලේකින් ලේ ටික පිහල ඊලඟ එකාගේ කටේ ඔබනව. නිකන් ගූගල් එකෙ ගැහුවනං "only in india" බලාගන්න තිබ්බ අය්යලගෙ රඟ.

      මම ගිය මාර්තු අපේ ලීගල් ඔෆිසරය එක්ක ගියා රාජකාරි ටුවර් එකක්. මූ හවස පාරෙ රවුමක් දාන්න යන්න ඇඳපු සූට් එක එක දිගට දවස් පහේම ඇන්දනෙ කැත නැතුව. මම පස්සෙ එන දවසෙ හෝටල් බිල බැලුව. මොන, එක ලොන්ඩ්‍රි බිලක් වත් නෑ. ඔන්න සයිස් එක.

      Delete
    2. දත් ගලවන වීඩියෝ මම දැකලා තියෙනවා...හිනා යනවා ඒවා දැක්කම.. අර ලංකාවට ආපු මාධ්‍යවේදීන්ට හොද කෑම වේලක් කන්න මුදල් පාස් කරලා තිබුනත් උන් වැඩිපුර කෑවෙ පාන් සමග ලූනුගෙඩි

      Delete
    3. ඇයි ඕකුන් හොටෙල් වල අයන් එකෙන් චපාති පුච්චන් කන්නෙ.

      Delete
    4. ඉන්දියන් අය ලංකාවට අවම අයන් එකේ තියෙලා රොටී හදනවලු, අපේ අයත් රට ගියාම තේ හදනන් දෙන කේතලේ දාලා බිත්තර තම්බනවාලු. කියලා කතාවක් මන් අහලා තියෙනවා

      Delete
  18. අපිටත් ආවෙ ඔය සූසැට කලා ශිල්ප හා සම්ප්‍රදායන්නේ. ඒත් ඉන්දියාවට වඩා අපි ඉදිරියෙන්.

    ReplyDelete
  19. බලමු අපිටත් ඉස්සරහට මොන මොන අකුරු ඕනේ වෙයිද කියලා :D

    ReplyDelete
    Replies
    1. හොඳ දේ කොහෙ තිබ්බත් අරන් හැඩ කරල අරන් පාවිච්චියට ගන්න එක යහපත් ගතියක්. එහෙම කියල දුන්න එකාට අපිට සදා කාලිකව අරින්න දෙන්න බෑනෙ.

      Delete
  20. ආදරයටත් එ‍හෙම යි...

    ReplyDelete
  21. ea unata un hitana unta wada jatiyak naha kiyala. ape ayat unta pandan alanawa.
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. අපේ උන් හිතන් ඉන්නෙ හින්දි ෆිල්ම් තමයි ඉන්දියාව කියන්නෙ කියල.
      ජයවේව සජිත්.

      Delete
  22. ඉන්දියන් කාරයෝ.... මට නම් වච්චයි... උන්ගෙනුත් අර පන්ජාබ් එවුන් නම් අප්ප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. අරාබියට මලයො අප්‍රියයි වගේ බටහිර ඉන්න උන්ට පන්ජාබයො මන් හිතන්නෙ!

      Delete
  23. මාත් එක්ක කාලෙකට ඉස්සර වැඩ කලා රෙඩ්ඩප්පා කියලා බුවෙක්. ඌ ඇවිත් ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තෙන් ආපු එකෙක්.

    ඌ මගෙන් අහපු එක ප්‍රශ්නයක් තමයි "ඉන්ජිනියරින් ඩිග්‍රියක් තියෙන එකෙක්ට දෑවද්ද කීයක් විතර ගන්න පුළුවන්ද කියලා...." . ඒ කියන්නෙ උන් ඩිග්‍රිය ගන්නෙ හොඳ රස්සාවක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ගෑණි මොකෙක් උනත් හොඳ දෑවැද්දක් ගන්න බලාගෙන....!

    ReplyDelete
    Replies
    1. ගෑණුත් එහෙමයි. බලන්නෙම මෙඩිසින්, බැරි උනොත් නර්සින්. ඇයි රට ඉන්න උන්ගෙ ඉල්ලුම ඒවටනෙ.

      Delete
  24. මම අදමද මන්දා මේ පැත්තට ආවේ

    අනේ අපේ පැත්තේ ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න

    (මාරයට හොරෙන්)

    "අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
  25. හත් ඉලව්වේ මමනම් බැන්දේ ඔය මොකුත්ම බලල නෙවෙයි. හොරෙන්ම ලංකාවට ගිය ඊට පස්සේ බැන්දා. ඉන්දියන් කාරයෝ විශේෂයෙන් මලයෝ මට කොහෙත්ම පෙන්වන්න බැහැ.

    http://chithula.blogspot.com/2012/08/blog-post_28.html

    කෝරලේ වලව්ව

    ReplyDelete
  26. Love marriages around the world are simple:
    Boy loves girl. Girl loves boy.
    They get married.

    In India, there are a few more steps:
    Boy loves Girl. Girl loves Boy.
    Girl's family has to love boy. Boy's family has to love girl.
    Girl's Family has to love Boy's Family. Boy's family has to love girl's
    family.
    Girl and Boy still love each other. They get married.

    ඉන්දියාවේ කසාද බැඳිල්ල ගැන මේක උපුට ගත්ත්තේ 2 States - Chetan Bhagat කියන පොතෙන්

    ReplyDelete
  27. salli labunada? mokada wenne?

    ReplyDelete
  28. update ekak deepan indika

    ReplyDelete
    Replies
    1. අහපු ඇනො සහෝලාට සහ නාහපු සියල්ලන්නට,

      සතපහක් ගෙවල නෑ මචෝ. ඌ පුරුදු විදියටම බොරුව කරල/ පොල්ල තියල. මම මේක බල පොරොත්තු උනා. මිනිහම කියල තියෙනවනෙ ඇනෝ කෙනෙක්ට පිළිතුරු විදියට "ආයි රිමාන්ඩ් එකට යන්න බලාපොරොත්තුවක් තියෙනව" කියල. පාරෙ රෙන එකාට ඒකෙ ලැජ්ජාව දැනෙන්නෙ නෑ වගේ තමයි අභීතට සල්ලි අරන් පොලු තියල හිරේ යන එක ගානක් නැතුව ඇති. එහෙම කියල අතෑරල බෑනෙ. ආයි යවන්න වැඩ සිද්ධ කරවනව. ඉස්සරහට මොකද වෙන්නෙ කියල විස්තර දාන්නං.

      Delete
  29. ඔය C අකුර දෙපැත්තටම තියනවා නම් හොඳයි.එහෙම නැති නම් දෙන්නා තුල අවබෝධය පමණයි එකම සුදුසු කම
    මනසින් දිවියට

    ReplyDelete
  30. Malaysia & Singapore & brunei ultimate internet blogshop for wholesale & supply korean add-ons, accessories, earstuds, necklace, rings,
    bracelet, trinket & hair accessories. Promotion 35 % wholesale discount. Ship Worldwide
    Feel free to visit my homepage ; sittercity.com promo code

    ReplyDelete
  31. Malaysia & Singapore & brunei greatest online blogshop for wholesale & quantity korean accessories, accessories, earstuds,
    locket, rings, hair, trinket & bracelet accessories.
    Offer 35 % wholesale discount. Ship Worldwide
    My webpage ; music marketing

    ReplyDelete
  32. I'm amazed, I have to admit. Seldom do I encounter a blog that's equally educative and engaging, and without a doubt, you've hit the nail on the head. The problem is something not enough people are speaking intelligently about. I am very happy I came across this in my hunt for something regarding this.
    My web blog : This Web page

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails