ලොකු අය්යෙ කමල ඇන්ටි ළිඳේ පැනල මැරිල!
උදේ පාන්දර පොඩී ඒවපු එස් එම් එස් එක කියවල එතනම ඉන්දවුනෙ, ඒ පණිවිඩෙන් මං මේ තරන් ෂොක් උනේ අවුරුදු විස්සක් ගිහිල්ලත් තාම ඒ මතකය හිතේ හිරවෙලා තිබ්බ හින්දද නැත්තං හිතවත් කෙනෙක් නැති උන දුකටම විතරක්ද.
….............
අපි ඕ ලෙවල් පන්තියෙත් නෑ එතකොට.
කමල ඇන්ටිගෙ ලොකු දුව එක පාරට හත්තක් වගේ පිපිල ආවෙ ගමේ කොල්ලො කාටවත් හිතාගන්න බැරි විදියට.
මුළු පලාතෙම අපේ වයසෙ කොල්ලො එකපාරට මේ අලුත් කෑල්ලට ට්‍රයි කරේ හරියට වෙන කෙල්ලො දැකල නෑ වගේ! ඒත් අල්ලපු වැටේ හිටපු මම ගේමට බැහැල හිටියෙ ඊට හුඟක් කලින්!
……….
ඒ ලොකු අය්යෙ මේ මෙහෙ එනව පොඩ්ඩක්......අපේ බාලය නොහොත් නමට නංගිගෙන් කැඳවුමක්..
ඇය් මොකෝ...මම මේ පොතක් බලනව පේන්නැද්ද.. කිව්වෙ කම්මැලි කමට වඩා ලොකු කමට වගේ...
ආ එහෙනං ඔතනම ඉඳං අහගන්නවකො...
කියනව ඉතින්...
මේ මට අර ගිහානි අක්කලගෙ පන්තිය ගාවින් යන්න බෑ හලෝ....
ඇයි මොක්ද උන් එතන චූ කරලද?
ඉකේ මෙයා කියන ඒව..ඒ කොල්ල ංගෙ ඉස්කෝල වල වෙන්නැති...අපි එහෙම කරන්නෑ මෝඩයො...
එහෙනං ඉතිං.
ඒ ගොල්ලො මාව පන්තියට ඇදන් ගිහින් ඔයා ගැන විසතර අහනව, එක එක ඒව කියවනව.
මොනාද බං ඒ වට්ටි අම්මලට මං ගැන කියවන්න තීන්නෙ?
ඔරොප්පුවට වගේ ඇහුවට මාර සතුටුයි හිත යටින්. ඇයි යකඩො කෙල්ලො ගොඩක් මා ගැන හොයනව කියන්නෙ!
තමුසෙ ගිහානි අක්ක එක්ක යාළුයිද?
හපෝ මේකිගෙ කට….……පොත දාල අඩි දෙකට ලඟට පැන්න බෝම්බෙ නිෂ්ක්‍රිය කරන්න හිතන්...
ඒයි හිමීට බූරුවො අම්මට ඇහුනොත් ඉඳල ඉවරයි...
හරි හලෝ..අම්ම ළිඳ ලඟ, ඇහෙන්නෙ නෑ. ඇත්ත කියනවකො ඉතින්...
තාම නෑ හලෝ මං තාම ට්‍රයි...මේකිව විස්වාස කරන්න බැරි බව මං දන්නෙ අද ඊයෙකයැ!
එහෙනං අර අක්කල කියන්නෙ..
ඒ උන් කිව්වට තාම ගිහානි මට කියල නෑනෙ...
හරි එහෙනං මං ඒ ගොල්ලන්ට කියන්නංකො අය්ය තාම එහෙම දෙයක් දන්නෙ නෑ කියල…..
මල කෙළියක් වෙයි වගේ...යන තැනකට යන්න රත්තරං කියල මං සද්ද නැතුව හිටිය.
ඔන්න දැන් සුන්දර පෙම් කතාව නොහොත් මගේ පළමු පෙම ( අපේ පළමු පෙම ) බස් පස්සෙ, පිට්ටනිය පාරෙ ගලාගෙන යනව.
මගේ අතිජාත මිත්‍රයො මිදි කඩා ගන්න බැරුවට ගහපු මඩ, දීපු ලණු වලින් අඩුවක් නෑ.
ඒයි මුගෙ බඩුවට මූට වඩා රැවුල තීනවනෙ බං...
ඒකි ඇවිදිනකොට නිකං ගමටම ගහන්න වගේනෙ එන්නෙ...
උඹට වඩා ඒකි උසද බං?
මොනාද යකෝ බාල අපරාධ කරන්නෙ, තාම ඒකි අටේ පන්තියෙ නේද?
මේ දැන් උඹල බඳිනකොට ඒකිව පෝරුවට නග්ගන්නෙ සුමනෙ අංකල්ද ජයසේන ගොය්යද?
මේ කියන්නෙ ඒ කෙල්ලටම ලියුන් දෙන්න ඉල්ලගත්ත මෝට බයිසිකල් වල පස්සෙන් ගිය උන්, බස් හෝල්ට් එකේ තැපපු අය්යල, තව ගිහානිගෙ යාළුවො යාළුවෙලා උන්න උංගෙ යාළුවො එහෙම. දැං මුන්ට පරණ ට්‍රයි අමතකයි, හදන්නෙ මට කෙළවන්න!
මොන බාධක ආවත් බයෙන් බයෙන් වගේ අතින් අල්ලං බස් එකේ කොනේ මුකුළු කර කර ගිය ප්‍රථම ප්‍රේමය නැගල යනව.
දවසක් මං නුගේගොඩ පන්ති ගිහින් හයට විතර ගෙදර එනකොට උඩ ගෙදර නිරෝෂනය එක්ක පොඩී ඉන්නව බෝ ගහ ගාව මං එනකල්.
ලොකු අය්යෙ තමුසෙ දැම්ම යන්න එපා...
ඇයි.???
තාත්තත් ගෙදර ඇවිත් ..
ඉතිං...මට මොකද...මොනා හරි කන්නත් ගෙනත් ඇතිනෙ හලෝ...
කන්න හම්බවෙයි...අන්න කමල ඇන්ටියි සුමණෙ අංකලුයි හවස ඇවිත් සීන් එක ඔක්කොම කියල...තාත්ත ඉන්නෙ තමුසෙ එනකල්...
කකුල් පණ නැතුව යනව තෙරුනෙත් නෑ, මව එහෙමම තාප්පෙට හේත්තු උනා..
හමුදා නිළධාරියෙක් වෙච්චි තාත්තගෙ සිනිදු සංග්‍රහය කාලෙකින් නොලැබුනාට කොහොම අමතක වෙන්නද.....
දවල්ට හරිකට කාලවත් උන්නං ගුටි කන්න ෆිට් එකක් තියෙන්න තිබ්බ...ඒකත් නෑ, කන්නෙ කොහෙද ඉස්කෝලෙන් පන්තිනෙ කෙලින්ම...
අද පුතෝ උඹ ඉවරයි... කමල ඇන්ටි පැය ගානක් අඬ අඬ විස්තරේ කියල තීන්නෙ..
නිරෝෂනයත් නිකන් හිටිය වගේ කියන්නෙ...මුං යකෝ මේ ඇවිලෙන එන්ජිමටමනෙ අඟුරු දාන්නෙ...පර බල්ලො....
ඒක අතකට කමක් නෑ...මිනිස්සු ආදරේ වෙනුවෙන් ජීවිතය පූජ කරල තීන්නෙ...වෙන මඟුලක් වෙන්නැතෑ..
කමක් නෑ පොඩී එනවකො යන්න...ගැහුවොත් අද විතර නෙ...
පොඩිත් පස්සෙන් වැටුනට මාත් ඌත් බයෙන් බයෙන් වගේ ගේ ලඟටම ආව.
සද්දයක් නෑ, එළියෙ ලයිටුත් දාල. හිමීට ගෙට වැදිනකොටම කාමරෙන් එළියට එන නංගි මාව දැක ආයි ඇතුලට වැදුනෙ ගුලට වැදුන තලගොයා වගේ!
එයා එක්කම මැසේජ් එකත් ඇතුලට ගිහින්ද කොහෙද මම කාමරේ පහු කරනකොටම...
ලොකුපුතේ මෙහෙ එනව...
තාත්තගෙ අර ගොර්හැඩි සද්දෙ..
දැං මුලින් කොයි කණට වැදෙයිද ෂුවර් නැතුව හැරුනට මොකද තාත්තගෙ මූණ හිතුව තරම්මනරක නෑ වගේ...
මෙහෙං ඉඳගන්නව........
පන්තියෙ එකෙක්ගෙ පැනසලක් හොරෙන් ගෙනත් උන්ගෙ අම්ම ඇවිත් කොම්ප්ලේන් කරාම කෙහෙල් ගහක බැඳල ගහපු, හොරෙන් තැඹිලි කඩල ඒ ගෙදර ඇන්ටි ඇවිත් කිව්වම අත පැලෙනකල් වේවැලෙන් ගහපු ඒ තාත්තමද මේ! ඉඳගන්නව කියන්නෙ, මං හිතුවෙ දැම්මම දොට්ට දායි කියල...
…………………..
දැන් ගෙදර යන්න තීනව...හාමිනේයි පොඩි උන් දෙන්නයි එනකල් බලන් ඉන්නව...ඉතුරු ටික හෙට අනිද්දට......
----------------------------------------------------
ෂිඃ..කෑවා..කෑවා..ආතල් එක කෑවා..කතාව හොඳම තැනින් කනට පයින් ගැහුවා වගේ කඩලා...
ReplyDeleteඈහ්...සොරි වෙන්න ඕන..මේක මල ගෙදරක ෂොක් එක මැද ලියුව එකක් මිසක් ආතල් කතාවක් නෙවෙයිනෙ...
ReplyDeleteමොනාද අයියේ.....
ReplyDeleteආතල් එක උපරිම වෙලාවෙ දොරට තට්ටු කරනව වගෙ වැඩක්නෙ ඔයා කලේ...
හෙටම අනිත් ටිකත් ලියල දාන්න...
හ්ම්...ලස්සන කතාවක් වගේ. බලමු මොකද වෙන්නේ කියලා
ReplyDeleteමාව කාපං ..
ReplyDeleteමේක හරි මැදින් ඉවර වෙනවා කියලා දනී නම් අනිකත් ලීවාම තමා එන්නේ .
ඉක්මනට අනිකත් ලියාපං ලොකු අයියේ
අය්යෝ කෑවනේ වැඩේ . හොඳ හරියට එනකොටම ඇඩ් එකක් දැම්මා.
ReplyDeleteශික් විතරක්.
ඒ කාලෙත් හොඳ වැඩ කරලා නේ. හරිම ලස්සන ප්‍රේම කතාවක්. ප්‍රේමය ගැන කොල්ලන්ගේ පැත්තෙන් කතා කරන කෙනෙකුට සඳරු විතරයි දැකලා තිබුනේ. ඔන්න දැන් තව කෙනෙක් ඉන්නවා.
ReplyDeleteඉතුරු ටික කල් නෑර කියන්ට. අපි බලාගන ඉන්නවා...:D
දැන් නිකම් හෘදේ වස්තුව "ඩුම්පල කන් ඩුම්පල කන්" කියලා ගැහෙන වෙලාවේ මැදින් කතාව කැඩුව එක නම් වැරදියි ලොක්කා........
ReplyDeleteපියාණෝ පුත්‍රයාණෝට අවවාද දෙන්න වගේ යන්නේ :))
දැන් තාතාගෙන් ගුටි කෑවද..කන පිරෙන්න දේශනාවක් හම්බ වුනාද . කමක් නැහැ ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ ..අපි ඉවසන්නම්කො ඉතුරු ටික අහගන්න
ReplyDeleteඅනේ අපොයි භාගයයිනෙ...
ReplyDeleteසික් මේවා මෙහෙම නවත්තන්න හොද නෑ
ReplyDeleteඅර කිව්වත් වගේ.... හොඳම හරියෙන් මතු සම්බන්ධයි... ඉක්මනට දාපියකො....
ReplyDeleteතාත්තල පොඩි පොඩි හොරකම් මගඩි වලට අම්බානෙක නෙළුවට ලව් සීන් වලදි එහෙමම නෑ...
ළඟ හිටිය නම් ගහනවා Z පාර පිට මැද.. ඇයි බං මේකේ හොඳම ටික කෝ..
ReplyDeleteබැහැනෙ ඉතින්,, හොඳම හරියෙදි නවත්තලා ඉතිරිය හෙටළු,,
ReplyDeleteකොහෙද මෙච්චරකල් හිටියෙ?
ReplyDeleteයාලුවෙලා අහු උනාට පස්සෙ දෙන දේශනාවට වැඩිය හොඳයි අප්පා මට නම් ගුටි කන එක. එතකොට මේක නවත්තන්නෙම නෑ කියන හිතේ හයිය හරි එනවා.
ReplyDeleteඅපොයි දැන් ඉතින් දෙවෙනි කොටස දාන්ටකෝ...:)
ReplyDeleteමෙහෙම අසාධාරන වැඩ නම් හතුරෙකුටවත් වෙන්න එපා. මුල ඉඳන් කියෝගෙන ආවා කෙලි සීන් එකට කාපු හැටි දැනගන්න මදෑ
ReplyDeleteසැමට,
ReplyDeleteනොවැලැක්වියහැකි හේතුවක් නිසා අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න. ඉතිරි කොටස හෙට සවසට බලාපොරොත්තුවන්න.
මේ කතාව කමල ඇන්ටි පිළිබඳව මම හිතපු ක්‍රියා කරපු හා ඒ හැඟීම මගේ පුද්ගලික ජීවිතයට බලපාපු හැටි කියන්නයි ලියන්න ගත්ත දේ නොහිතම වෙන පැත්තකට හැරිලනෙ!
හෙට ජීවිතේ විශේෂ දවසක්. ඒ ගැන ලියනවද මේ කතාවම ලියාගෙන යනවද?
විශේෂ දවසක් නම් ඒ ගැනත් ලියා මේකෙ ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්න....
ReplyDeleteකන්වර්ටර් එකට කොටල ඒව වර්ඩ් එකට කොපි කරල අඩුපාඩු හදල ව්‍යරණ දොස් දන්න තරමින් හරිගස්සල පෝස්ට් එකක් දාන්න විඳින දුක දන්නෙ මං විතරයි, මේ ඔක්කොම රාජකාරි අස්සෙ. මෙන්න මේක එහෙව් මට දෙකක්ම ලියන්නලු.
ReplyDelete