Thursday, February 23, 2012

බසය සහ ගැහිල්ල



රියදුරුට බස් පලුට
සමව හිමි
බස් රියේ
ගිරි, මහා හෙල් පසුව
රැගෙන මහ මං පුරා
දහවලේ සහ රැයේ
යනෙන රියැදුරානෙනි

දැනෙන තුරු ලේ රසය
උගිර කට වේලිලා
මුදල් සරි කර දෙවන
බස් පලුව ඉඳ හිටක
ගැහැව්වත් මාටියා
ගන්නං නෙමෙයි ඒ
අනුන්ගේ බස් එකක්

මටත් ආසයි නොවෑ
ඉඳ හිටල වත් දිනක
ටැක්සියක නැඟ යන්න

55 comments:

  1. අද දවස මතක හිටින්ටද මේ කවි පෙල දැම්මේ? :D
    දෙන්නාටම සුබ දවසක්...:)))

    ReplyDelete
    Replies
    1. අද දවස විශේෂ දවසක්ද පොඩ්ඩි..? අනේ මටත් කියන්නකො...

      Delete
    2. sorry මම දැනුයි ඔයාව දැක්කේ. එයාලගේ wedding anniversary :)))

      Delete
    3. හප්පා...මෙයා බැඳලද ඈ..??එහෙනම් ඔන්න මාත් සුභ පැතුවා..මේ වගේම තව 100 ක් ඇනිවසරි ගන්න ලැබේවා.....

      Delete
    4. මේ කතාව ඇත්තද නැත්තද කියලා දැන ගන්න තිබුනොත් ඒ ඇති... හැබැයි අදම!

      Delete
    5. කුමාරිහාමි,

      කවිය තේරුනා එහෙනං ඈ!

      ( මෙහෙම ලිව්වට මම බස් එක ගත්තු දා ඉඳල අනුන්ගෙ වාහනවල යන එක නවත්තල තියෙන්නෙ )

      කිරිල්ලී,

      ඔව් අනේ මමත් බස් හිමියෙක් විතරක් නෙමෙයි පොඩි උන් දෙන්නෙකුත් නග්ගං යන්නෙ.

      බුද්ධි,

      උඹට තිබ්බෙ මගෙ පෝං එකට මැසේජ් එකක් ගහන්නනෙ බං

      Delete
    6. උඔගේ පෝං නම්බරේ දන්නවනං මමත් මිනිහෙක් තමා!

      ඇනිසවරි කතාව ඇත්ත එහෙනං....? ඔන්න එහෙනං මගේ ගානෙ සවුදා උදේම තෑග්ගක් හේහ්....හේ.........

      Delete
    7. උඹ කොටියගෙන් බේරුනාට මෙදා පාර පුතේ සිංහයගෙන් කනව!

      Delete
    8. අපි බය වෙයි ඕවට! මේං තෑග්ග...

      http://www.cyberyaya.blogspot.com/2012/02/07.html

      Delete
    9. තෝ හිතුව නේද? හිටු මාත් හිතන්න.

      Delete
    10. හිතු දේ නොම වෙයි, නොහිතු දෙයක් වෙයි...ලෝ දම් කැරකෙනවෝ........:P

      Delete
  2. හොඳ කවි පද කීපයක්..

    ReplyDelete
  3. ඔහොම ගැහුවට ඉතිං මහ ලොකු ගානක් ගහගන්ට බෑ නොවැ........

    ReplyDelete
  4. බලපන් මචන් උඹ කොච්චර ටැලන්ට් පොරක්ද කියලා.. කොහෙද බන් මේවා තිබුනේ මෙච්චර කල්.. බ්ලොග් වලට ස්තූතී වේවා...!!! පට්ට මචන්.. ආදරේ විරහව ගැන අහලා සංසාරෙත් එපා වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. උඹ ගාපු බටර් පිට ගෙදර ගෙහුං හාමිනේ මාව පාන් පෙත්තක් මැද තියල කයිද දන්නෑ!

      Delete
  5. ඇත්ත.. ගානක් තියා ගත්තා උනත් මහා ලොකු ගානක් අරගන්න බෑනේ..

    ReplyDelete
  6. නියම කවි පොඩ්ඩ...ලේලන්ඩ් බස් එකක ගහන්න වටිනව

    ReplyDelete
    Replies
    1. බස් නම් ලේලන්ඩ්!! ටාටා නම් ජරාවක්!

      Delete
    2. කස්ස,

      බස් වල විතරක් නෙමෙයි යන එන උංගෙ ගෙවල් වලත්!

      මාධව,

      ලේලන්ඩ් තැන්නට, ටාට කන්දට

      Delete
  7. සුපිරි කවි කීපය ඉන්දික . කාලේ තාලෙට නියමෙට කැපෙනවා . කස්ස කියන්නා වාගේ මේක බස් එක ඇතුලේ අලවන්නයි වටින්නේ

    ReplyDelete
    Replies
    1. උඹ කවියෙ මම කියපු අදහස තේරුම් ගත්තනං අලවන්නෙ කාමරේ දොරේ!

      Delete
  8. පට්ට! කාලෙට ගැලපෙන ඇත්ත!

    ReplyDelete
  9. විල්බට් අඹතලාව පරාදයිනේ..නියම වචන ටික..දැං අර ටිකට් මැශින් සීන් එක නිසා වැඩේ පාඩුයි කියලා එකෙක් කිව්වා..ඒකට කරන්නේ ලඟ ටිකක් දෙන්නේ නැති එක..රොබෝලා දැම්මත් ගහන එකා ගහනවා මාටියා....

    ReplyDelete
    Replies
    1. කතාවට කියන්නෙ බුදුහාමුදුරවන්ගෙ බස් එකේ කොන්ද ආනන්ද හාමුදුරුවො උනත් මාටිය ගහනවමලු!

      මලා! මේකත් වාරණය කොරයිද දන්නෙ නෑ!

      Delete
  10. ලස්සන පද වැල් ටික. වෙනස් දැක්මක්.
    අද විශේෂ දවසක්නම් ඔන්න ඒකටත් සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.


      ගිම්හානිගේ කමෙන්ට් නැති බ්ලොග් පෝස්ට් නිකං බන්ඩො නැති පොළිසි වගේ තමයි!

      Delete
  11. කවිය හොදයි. ඇනිවර්සරියට සුභපැතුම්!

    ReplyDelete
  12. අනේ ඉතිං අපිත් එහෙමනේ...

    ඇනිවසරිය අද නම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔය එළිවෙන්නෙ.

      සුභ පැතුමට බොහොම ස්තූතියි!

      Delete
  13. අපුරුයි ..අපේ පැත්තේ බස් මුදලාලි බංකොලොත් වෙලා ගෝලයා බස් එකක් ගත්ත කතාවක් මන් දන්නවා . හැබැයි හැමෝම එච්චර දක්ෂ නැහැ .
    ..සුබ සංවත්සරයක් වේවා !!! මුළු පවුලටම සැප සතුට ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. දක්ෂ ගෝලයො එහෙම තමා!

      සුභ පැතුමට බොහොම ස්තූතියි!

      Delete
  14. මොකද්ද මේ ඇනිවසරි කතාව ? මොන ඇනිවසරි එකත් මගෙනුත් මෙන්න සුභ පැතුමක්...!!!

    කොන්දොස්තර ඩ්‍රයිවර් මහත්තුරුන්ගෙ හොරකම් ගැන අහපු හොඳ කතාවක් තියෙනව, කොමෙන්ට් එකක් හැටියට දාන්න බයයි, බොදු කිතුනු තලිබාන්ල කඩු පොලු අතට ගනී කියල...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. දාන්න බයනං මේලක් දන්න. මම දාන්නං.

      අදට හිරේට දාල වසර දහයයි! ( නඩු තීන්දුව දීල නියම කොරල තිබ්බෙ ඊටත් ටිකක් කලින් )

      Delete
  15. අන්න ගහනවානම් නියම ගැහිලි... :)

    අනිවසරියක් ගැන කියවෙනවා, ඒක ඇත්තක්නම් මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගහනවනම් හරියට ගහන්න ( වදින්න ගහන්න - කැස්ට්‍රෝල් )

      සුභ පැතුමට ස්තූතියි!

      Delete
  16. උඹ විල්බට් කාරයට බඩේ පාර ගහන්නද මේ සෙට් වෙන්නෙ . . . .??

    ReplyDelete
    Replies
    1. අනේ නෑ, මේක මාය්ය දැක්කොත් මට තමයි බඩේ පාර!

      Delete
  17. බලහං මේක හෙට බස් එකක ගහල නොතිබ්බොත්....

    ReplyDelete
  18. මරු කවිය. ලස්සනයි.

    ReplyDelete
  19. අපොයි දැන් ඉතුරු දෙන්නෙත් නැහැ. ගානත් වැඩි නොවැ..

    මක්කොරන්ට්ද ?

    ReplyDelete
  20. අහිංසක පැතුමක්.ඉතුරු නැත්තේ ඔන්න ඕකයි.

    ReplyDelete
  21. අනේ සොරි බං - ජාලයේ හිටියෙ නෑ නෙව..

    අවුරුදු දහයක් දීග කනව කියන එක ලේසි නෑ මේ කාලේ

    මුණුපුරෝ ඉන්න කාලෙකත් අපට මෙහෙම සතුටුවිය හැකි වෙයි නේ?

    ReplyDelete
  22. අවුරුදු 10 ක් එකම බස් එක පදිනවා කියන්නේ සෙල්ලම් වැඩක් ද අදහන්න වටිනවා...:D තවත් අවුරුදු බර ගානක් කිසිදු අතුරු අනතරාවකින් තොරව ඔය බස් එක පදින්න හේතුවාසනාව ලැබේවා!!!! ජයවේවා!!!!

    ReplyDelete
  23. මාත් එන්න පරක්කුයි ඕන්.. එත් පරක්කුවෙලා හරි තාමත් සුභ පැතුමකට ඉඩ තියෙනවා නොවැ..:)

    එන්ජිම ලෙඩ දීලා හිටිනකම්ම ඔය බස් එකම දිගටම පදින්න වේවා!!

    හදිස්සියකටවත් යන්න "ටැක්සි" සෙට් නොවේවා!!

    ReplyDelete
  24. මා ද දින තුන හතරක්ම තුල ඉඩ ලද සෑම විටම සහොදරයාගේ බ්ලොග් අඩවිය රසවින්දෙමි. කියලා වැඩක් නැත එතරම්ම පට්ටය. පට්ට එකෙත් උපරිමය.කමෙන්ටුවක් දමන පලමු වතාවයි නියමයි ඉදිරියටත් මෙවන් ලිපි දැමීමට ශක්තිය ලැබේවා!

    ReplyDelete
  25. ප ලි ප්‍රමාද වුවද සුභ පැතුම්!

    ReplyDelete
  26. ගෙදර කව්රුත් නැද්දො.... මේ යකා කොහාට උනාද?

    ReplyDelete
  27. හොඳ පැතුමක්නේ.......... :)

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails