Sunday, May 22, 2011

පොඩිඑකාට කූඩු, තාත්ත කුඩු




ගිය පාර වෙසක් එකට ඊටත් කලින් පාර හදපු කූඩුවම අලුතෙන් කොල අලවල එල්ලුවට මේ පාර පැටව් එක්ක ලස්සන කූඩුවක් හදමු මාත් උදව් කරන්නං කියල හාමිනෙත් කියාපු හින්ද අවුරුදු ඉවරවෙනකොටම වැඩේට බැස්ස.

කෝටු ටික ෆැක්ටරියෙ කොල්ලෙක්ට කියල කපාගෙන ඇවිල්ල දවසට දෙක ගානෙ කොටු ගැට ගහන් ඊට පස්සෙ ඒ වේගෙන්ම කූඩුත් ගැටගහද්දි අර හාමිනේගෙ දෙන්නං කාසි ඔය නිකං කතුර ලඟට ගෙනල්ල දෙනව වගේ ලොකු වැඩ වලට විතරක්ම සීමා උනත් පොඩි එකා වැඩේට උනන්දු සහ ආස උන නිසාම අමාරුවෙන් හරි ඇදගෙන ගියා.

කොහොම කොහොම හරි වෙසක් දවස වෙනකොට ලොකු කූඩුවයි පැටව් හතරයි ඉවර කරගන්න පුලුවන් උනා.

පස්සෙ ගේ දොරකඩ රට ඉඳි ගහට ලණුවක් ගැටගහල වයර් ඇදල ලයිට් දාල කූඩු පහම එල්ලුවම අහල පහල කොලු කුරුට්ටොටත් මෙන්න මැජික් වගේ ඇවිත් බලන් ඉන්නව. ඇයි ඉතින් කවද දැකපු වෙසක් කූඩුද මෙහෙ!

මේ තීන්නෙ පොඩි මෑන්ගෙ කූඩු රාජය.


වැඩේ බැලුවම නිකන් කජු කනව වගේ කියල හිතුනට දෙන්නම වැඩට ගිහිල්ල හවසට ගෙදර ඇවිත් අනික් වැඩත් එක්ක මේතරමින් ගොඩ දා ගත්ත එකත් ලොකු දෙයක්!

අට පට්ටං හැට පට්ටං වෙනව වගේ පොඩි පොඩි තාක්ශනික දෝශ තිබ්බට එල්ලුවම නිකං ටීවි එකේ ටෙලි නිලියො වගේ ඔය බැබලුනේ එළට.

කූඩු එල්ලල රෑ වෙලා සුමිත්ගෙ පන්සලට ගිහින් තොරනත් බලල දන්සැලත් වැඳල ගෙදර ආවෙ පහුවෙනිදට තොරනෙ විස්තරේ කට්ටියට කියන්න හිතන්. ඒත් පහුවෙන්ද ලැබිච්චි ආරංචියෙන් පස්සෙ මොන හිතකින් කූඩුවල වරුණ ලියන්නද?

මේ තීන්නෙ සුමිත්ගෙ තොරණ


මෙන්න මහා බත් දන්සැල.

මේ දෙකේම වටිනාකම වැඩි වෙන්නෙ මෙහෙ හදිසි තත්වයක් ප්‍රකාශ කරල දහයකට වැඩි පිරිසකට රැස්වෙන්න තහනම් කරල හමුදා නීතිය යටතෙ සිවිල් ජනතාව පාලනය කරණ කාලෙකදි කරපු එකයි.

15 comments:

  1. වෙසක් කූඩු ටිකනම් හරිම ලස්සනයි

    ReplyDelete
  2. මොනව වුණත් නොහදා හිටියට වඩා හදපු එක ලොකු දෙයක්. පොඩි එකාටයි ඒක වට්න්නේ... :D

    ReplyDelete
  3. අටපට්ටම

    මයි ෆේවරිට්.. හෙහ් හෙහ් හරිද මන්ද ඉංගිරිස් කෑල්ල...

    ReplyDelete
  4. ඕකෙ ලස්සන තවත් වැඩි වේනෙ අයියෙ ලොකු කූඩුව මැද්දෙන් එල්ලලා පොඩි පැටව් ටික වටේට එල්ලුවානම්. (මගුලක් කතාකරනවා මෙච්චරවත් කරගත්තෙ කොච්චර අමාරුවෙන්ද නේද)

    ReplyDelete
  5. තාත්තා කෙනෙක් විදියට සෑහෙන්න වටින වැඩක් කරලා තියෙන්නෙ .... පොඩ්ඩට හෙන හැපී ඇති නේ ........

    ReplyDelete
  6. දැං පොඩි එකාට කූඩු හදල තාත්ත "කුඩු" උනේ කොහොමද ????

    ReplyDelete
  7. ඔහෙ තියෙන වාතාවරණය අතර කරල තියෙන දේවල් ඉහටත් උඩින්. හැබෑට දන් සැලට විරෝධතා ආවෙ නැද්ද?

    ReplyDelete
  8. නදී,

    බොහොම ස්තූතියි නගේ!

    ReplyDelete
  9. hare :-)

    ඊයෙ කූඩු ටික ගැලෙව්ව. මිනිහට දුකයි ඒත් ඉතින් හුළඟට ඉරිල හින්ද කමක් නෑ කියල දුකෙන් උනත් උදව් කරා.

    ReplyDelete
  10. මාතලං,

    සමහර ඒව සිංහලෙන් කිව්වට දැනෙනව අඩුයි නේද? වචනෙ වැරදිද හරිද මන්ද ඒත් අදහසනං හිතටම වැදුන!

    ReplyDelete
  11. පිණිබිඳු නගේ,

    ආයිත් අහල මෙය මේ මොනා කියෝනවද මන්ද? (මමත් ඇත්තටම මුලුන් එහෙම කරන්න තමයි හිතුවෙ, ඒත් හොඳ ඉඳි පිති හතරක් හොයාගන්න බැරි උනා වටේට එල්ලන්න. මේ සමර් එක පටන් ගන්න කාලෙ නිසා ගස්වල අතු කපන්නෙ නෑ )

    ReplyDelete
  12. කල්හාර,

    ඔව් පොඩි එකාට හරි සතුටුයි. මිනිහ කවදාවත්ම වෙසක් එකකට ලංකාවෙ ඉඳල නෑනෙ, ඉතින් ගස් නැති රටේ මිනිහට මේව නිකං පලු ගස් වගේ තමයි.

    ReplyDelete
  13. ඕනය,

    හවසට ගෙදර ඇවිත් හුස්මක් අරන් ආතල් එකේ ජාලෙ රවුමක් දාන වෙලාව, ටීවි එකේ කතාවක් බලන වෙලාව වියදන් කරල මහ රෑ වෙනකල් මාසයක් තිස්සෙ කූඩු හදනකොට කුඩු නෙමෙයි කුඩුම කුඩු වෙලා යන්නැද්ද බලන්න කොරල බලහංකො!

    ReplyDelete
  14. හරී,

    අනේ නෑ නඟේ තුන්සරණෙ පිහිටෙන් කිසිම අතුරු අන්තරාවක් නැතුව බොහොම අගේට වැඩේ සිද්ධ උනා. ඒ ගැන නං සංවිධායකයන්ට උපරිම ලකුණු දෙන්න ඕන ඇත්තටම.

    ReplyDelete
  15. සාදු සාදු මොන තත්ව තිබුණොත් වෙසක් උත්සවය හොඳින් සමරලා නොවැ :)

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails