Friday, April 15, 2011

අලුත් අවුරුද්ද..





සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

පහුගිය දවස්වල තිබ්බ හැටියට හිතුනෙ මේ පාරත් අවුරුද්ද ලංකාවෙ සමරන්න වෙයිද කියල! කොහොම උනත් බහරේන් ආන්ඩුව මොලේ ඇතුව "සිරිමාවො" තාලෙ ගේමක් දීපු නිසා තත්වෙ වෙනස්වෙලා බය හැක නැතුව ආයි ජීවිතේ ගලාගෙන යන්න පටන් අරං. පොඩි පොඩි සිද්දි නැතුවම නෙමෙයි, ඒත් ඉතිං ඒවයිං අපිට එච්චරම අවුලක් බලපෑමක් නෑ.

ඊයෙ වැඩ දවසක් නිසා නැකතට බැරි උනත් කොහොමහරි අපි හවස නැකතං පස්සෙ ටිකක් රෑ වෙන්න කිරිබත් කාල අවුරුදු සැමරුව.

පහුගිය දවස් ටිකේම රෑට රෑට හාමිනේ වැඩ ඇරිල ඇවිත් බැදපු කොකිස් මුංකැවුම් ටිකයි මං අපේ පන්සලේ සුමිත්ගෙ අසල්වාසියෙක්ගෙන් ගත්තු කොණ්ඩ කැවුම් ටිකයි කනකල් අපේ පොඩි උන්දැට තිබ්බෙ පුදුම නොඉවසිල්ලක්.

අපි පොඩිකාලෙ විඳ අවුරුද්ද තරමටම නැතුවා වගේ උනත් පුංචි එකාට මේ තමටම හරි අවුරුද්ද ගැන අත්දැකීමක් හැඟීමක් දෙන්න තමයි අමාරුවෙන් හරි හරි මාස හතේ අලි බඩගෙඩියත් උස්සං හාමිනේ මේ තරමිං හරි කෑම ටිකක් හැදුවෙ.

එකක් පැහැදිලියි. ලෝකෙ කොහේ හිටියත් සිංහලයෙක්, ශ්රී ලාංකිකයෙක් විදියට හිතනවනං සහ උවමනාවක් තියේනං "අවුරුදු උදාවෙන" බව.

එහෙනං අලුත් අවුරුද්දෙ අලුත් කතා ටිකකින් හමුවෙමු.....!!

15 comments:

  1. අන්තිම ටික නම් සහතික ඇත්ත..... සරුවට නැතත් නැකතට නැතත් අපිත් වැඩ ඇරිලා ඇවිල්ලා කොහොම කොහොම හරි අළුත් අවුරුද්දේ කිරිබත් කටක් කෑවා.......

    ලැබුවා වූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !!!!!

    ReplyDelete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ...
    ඔබටත් ඔබේ ප්‍රියාදරයින් සියල්ලත්...

    ReplyDelete
  3. පොඩියක් වෙලා තියේනම් බහරේන් වල තත්වය ඔබදුටු ලෙසින් කියන්ටකෝ...? පෝස්ට් එකක්ම දැම්මානම් යෙහෙකි...

    ReplyDelete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  5. කිරි ටොෆි හැදුවෙ නැද්ද? ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්!

    සුභ අළුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  6. සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  7. @ ගොඩයා,

    බොහොම අගෙයි...සුභ අලුත් අවුරුද්දක්ම වේවා..

    ReplyDelete
  8. @ තිස්ස,

    කාලෙකින් දැක්කෙ!
    හිතනව, පතනව අලුත් අවුරුදු ජයවෙන්ටැති කියල..!!
    මෙහේ වෙච්චි දේ ගැන මගේ අත්දැකීම, නැත්තං පශ්චාත් විරෝධතා සමය ගැන අද හෙටම ලියන්නං...( අපේ ලොක්කොන්ටත් අන්න ගන්නවනං පාඩං)

    ReplyDelete
  9. @ මාරය,

    මාරයි උඹනං සහෝ...ස්තූතියි වචන දෙකට....
    දැක්කනේද මගෙ පැතුම? මේ පාර ෂුවර් මලේ...ජය!

    ReplyDelete
  10. @ කතන්දර,

    ඇත්ත, කිරිටොපි ලේසියි තමා. එකම අවුල අපේ ගෙදර කවුරුත් ( පොඩි බාහුගෙ ඉඳන් ) පැනිරස කන්න ඇති අකමැත්ත!!! ( කට්ටියම වළඳන්නෙ "මික්ෂර් බයිට්" වගේ සැර ජාති තමයි...

    කොහොමද අවුරුද්දට විකිරණ කිරිබත්ද ඔහෙටත්? පරෙස්සමෙන්...

    ReplyDelete
  11. @ හරී - පිණිපළස,

    එසේම වේවා....!!


    කොහොමද ඔහේ අවුරුදු?

    ReplyDelete
  12. අවුරුදු ජයයි කියලා දැන ගත්තාම ආවේ ලොකු සතුටක්.

    ඒත් පහුගිය කාලේ සිදුවීම් වෙද්දී නිකමටවත් උඹට කෝල් එකක් දෙන්න බැරි උනා නේද කියලා මතක් උනාම මට මම ගනම ඇති වුනේ තරහක්.

    පහුගිය දොහේ මමත් ආතක් පාතක් නැතුව එක එක ජාතියේ ප්‍රශ්න නොවන ප්‍රශ්න වැලක පැටලිලා හිටි හිංදායි එහෙම වුනේ කියලා මමම මගේ වැරැද්ද සාධාරණීය කරණය කර ගත්තා.

    උඹලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා . . .

    ReplyDelete
  13. @ දුකා,,

    උඹත් අවුලක හිටියෙ කියල මං හොඳටම දන්නවනෙ. ඔහොම පොල්ලෙන් ගහන්න වගේ ජොබ නැති උනාම බඩු පැක් කරන් සියරට ඒමෙ කුණ මං කාල තීන නිසා රහ දන්නව. කොහොම උනත් අප්‍රමාණ සතුටුයි උඹෙ අලුත් ජොබ ගැන. විස්තර හෙමීට කතා කරමු. මෙහෙත් වේකන්සි තීනව තැන් තැන් වල, බයට ගිය උංගෙ ඒව. ඒත් කොහොමද කෙනෙක්ව ගෙන්න ගන්නෙ හෙට මොනව වෙයිද විස්වාස නැතුව!

    ReplyDelete
  14. එසේම වේවා අයියා!!!

    කාලෙකින් නොවැ මේ පැත්තේ ගොඩවැදුණේ. ඒක නෙමෙයි මොකක්ද මේ සිරිමාවෝගේ තාලේ ගේමක් කියන්නේ ???

    ReplyDelete
  15. @ හසිත,

    සිරිමාවෝ අර 71දි දුන්න වගේ ගේමක්! වැඩි විස්තර ළඟදීම!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails