Friday, December 10, 2010

අරාබියෙ හැදෙන අපේ පන්සල




බුදු පිලිමයක් තියා වෙසක් කාර්ඩ් එකක් එවන්න බැරි, කතෝලික නොවන වෙන කිසිම ආගමක කෙනෙක්ගෙන් වතුර උගුරක් බොන්න අකැප ආගමක් අදහන මිනිසුන් ඉන්න රටක පන්සලක්!

ඇන ගිලින්න හිතෙන තරං අපේ උං දුක් වගේම තව කොටසක් ජීවිතේ කවදාවත් නොවින්ද සැපත් විඳින මේ අරාබියෙ පන්සලක්!



ඇත්තටම මේක එක්තරා හීනයක්.

මන් දන්න තරමින් නං ප්රජාතන්ත්රවාදී පාලනයක් සමඟ නාමික රජෙක් ඉන්න කුවේටයෙවත්, ලෝකෙ නැති හැම දේම තීන එමිරේටයෙ වත් මේ වගේ තැනක් නැහැ ( මං වැරදිනං නිවැරදි කරන්න )

මෙතන පන්සලක් කිව්වට පන්සලක්ම නෙමෙයි. මේක හරියට මනමාලි නැති මඟුල් ගේ වගේ හැමදේම තීන, ඒත් හාමුරුනමක් විතරක් නැති පන්සලක්.





මෙහෙ තීන තත්වෙ අනුව හාමුදුරුනමක් ගෙනල්ල දීර්ඝකාලීනව වඩා හින්දුවාගෙන අවශ්ය පහසුකම් දෙන්න මාරුයි. මොකද මාස තුනක වඩා දිගට ඉන්න වීස දෙන්නෙ රැකියාවක් කරන අයෙකුට විතරක් නිසා.

ඒකට තීන එකම විකල්පය පන්සල රාජ්ය නොවෙන ආගමික ආයතනය්ක් හැටියට ලියා පදිංචි කරගෙන ඒ යටතෙ වීස ගන්න එක උනත්, ඒකට විශාල වියදමක් වගේම මහ කාලයක් ( රජයෙ ආයතනවලට පන්සල ගැන හා එහි ක්රියා කාරීත්වය, අනාගත බලපෑම ආදිය විමර්ශනය කිරීමට) අවශ්ය නිසා ඒ ගැන හිතන්න තරන් බහුතරයක් දායකයො ගෙවල්වල මෙහෙකාරකම් කරන අහින්සක ගෑනු උදවිය වෙච්චි මේ පන්සලේ ඇත්තො පොඩි වැඩියි.




ඔය උඩ පින්තූරෙ ඉන්නෙ මේ "පන්සලේ" නිර්මාතෘ (වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්, කැපවීම නිසාම දැන් වැඩ මූලිකයෙක් හැටියට උසස් වෙලා කාගෙත් හිත දිනාගෙන ඉන්න ) සුමිත් ගුණසේකර මහත්මය.

තමංගෙ හිතේ කාලයක් පුරාවට ඇතිවෙලා තිබ්බ හීනෙ තව යාලුවො කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා හැබෑ කරගත්තු මේ පුංචි මිනිහ මෙහෙ ගොඩ දෙනෙකුට ලොකු සේවයක් වගේම පාඩමක් කියල දුන්නයි කියලයි මට හිතෙන්නෙ.

තමංගෙ සල්ලි වලින් වැඩේට හරියන තැනක් කුලියට අරං ( ඒක තමයි අමාරුම වැඩේ, මොකද මෙහෙ අරාබියො ලේසියයකට එහෙම දේකට තැනක් දෙන්නෙ නැති නිසා ) අවදානම අරගෙන අදාල ලොකු තැන්වල ඉන්න්න ලොක්කො ගාව වැඩ කරන පොඩ්ඩො අල්ලං ඒ මාර්ගෙන් අවසර ඇතුව මුලින්ම පිළිම වහන්සෙ නමක් වඩම්මල, රෑට වැඩ ඇරිල ඇවිත් ශොට් එකක් දාල නිදා ගන්න තීන වෙලාවෙ රොටියක් කාල නිදි නැතුව මහ රෑ පුරා විඳපු වෙහෙසක ප්රතිඵලය තමයි මේ තීන්නෙ.



ආගම් ප්රචාරයට යුරෝපෙ වටේම යන්න ඕනි තරං හාමුදුරුවරු හිටියත් මේ සුනාපරන්තයට වඩින්න හිමි කෙනෙක් හොයා ගන්න ලේසි වෙන එකක් නෑ. ඒත් ඉස්සරහට වීසත් ලැබිල අපිට බණ පදයක් දෙසල රොටියක් කාල වේල පිරිමහගන්න පුලුහන් හිමිනමකුත් ලැබිල මේ පන්සල නියම වැලි කාන්තාරෙ තනි වෙලා ඉන්න අපිට සැබෑවටම කෙම්බිමක් වේවා කියල පතනව.


ප/ලි.
මේ පන්සල පටං අරන් ටික දවසකට පස්සෙ මේ වගේ තවත් දෙකක්ම පටං අරං. ඒත් ඒව නිකං මහල් නිවාසයක ගෙයක් අස්සෙ තීන බුදු ගෙයකට වඩා නෑ කියල යි ගියපු අය කිව්වෙ. කොහොම උනත් කොළඹ නගරෙටත් වඩා පොඩි මේ බහරේන් වල ඉන්න 12000ක් ලාංකිකයන්ට පන්සල් මහගොඩක්! හරියට කෙරෙනවනං ඉතින් කොච්චර දෙයක්ද, නිකං හතුවගේ වෙලා වෙලා ආගමත් සවුත්තු නොකර?

7 comments:

  1. මෙන්න නියම මිනිස්සු නේද.

    ReplyDelete
  2. ඒ වගේ රටක මේ විදිහට පන්සලක් පටන් ගත්තු එක නම් ඇත්තටම අගය කළ යුතු වැඩක්. ඉදිරි කාලයේදී හාමුදුරු නමකුත් වඩම්මා ගෙන ආගමික කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්ය තුනුරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සැමට හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  3. මොකද්ද අර කතෝලිකයෙක් ගෙන අරෙන්න වෙන කෙනෙක්ගෙන් වතුර බොන්නෙ නෑති කතාව. අරාබි මුස්ලිම් කාරයො නේද ඔහෙ ඉන්නෙ?

    ReplyDelete
  4. ඒමහත්තයටයි ඔය මහත්තයටයි ජය වේවා.

    ReplyDelete
  5. පන්සල් නම් ඔය මෙහෙත් අනන්ත හදන්නේ... හතු පිපෙනවා වගේ... ඉන්නෙ කී දාහද.. එව්වො බෙදිල බෙදිලා... අනේ මන්ද...

    ඒත් අරාබියේ ඔහොම දෙයක් කල එක නම් හොඳ දෙයක්...

    හුඟ දවසකින්

    ReplyDelete
  6. කොහොම හරි කොරල හාමුදුරු නමක් වැඩෙම්මෙව්වනම් තමා හොඳ...

    ReplyDelete
  7. චින්තන,

    සහතික ඇත්ත...


    හසිත මලේ,
    ප්‍රසන්න,

    ඔව් මේ දවස්වල මිනිහ ට්‍රයි කරනව ඒකට ඔන්න.


    ප්‍රදීප්,

    මෙහෙ අරාබි මුස්ලිම් තමයි, ඒත් බහරේන් වල වැඩිය ඉන්න්නෙ ශියා කියන නිකායෙ අය. ඒ අයට ඊස, මූස, ජේසුට සම්භන්ද නැති ආගමක කෙනෙක්ගෙන් වතුර උගුරක්වත් බොන එක අකැපයිලු. ඒකයි වෙන ආගමිකයන්ට තීන තැන ඒ අයගෙ ආගමේ!

    ඇනෝ,

    ඔය මහත්තයග්ලගෙ වචන දැකල ඒ මහත්තයට හරියට සතුටු හිතුන. ඒ ගැන ඔබ සැමට ජය!

    පිස්ස,

    පන්සල් නැතුවට මෙහෙ අපේ උං බඩු පොට්, තැබෑරුම් නං අනන්ත දාල තීන්නෙ..හික්ස්..

    අම්බානට වැඩ මචං...ජනවාරි අග වෙනකල් තත්වෙ මෙහෙම තමයි..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails