Thursday, April 28, 2016

මෙන්න ඡන්ද ප්‍රථිපල(යට) ලීක් වෙලා Election results leaked..?



වැඩි විස්තර මෙතනට කොටල හොරාට ගෙහුන් බලා ගන්න. මං කිව්ව කියල කියන්න එපා.

මෙන්න ඡන්ද ප්‍රථිපල(යට) ලීක් වෙලා


ඔව් මිත්‍රවරුණි, මේ වෙනකොට බ්ලොග් වසන්තය ඡනද විමසීම ඉතාම උණුසුම්ව පැවැත්වෙන අතර, ජාතියේ ඕපාදූප වාර්ථාකරණයේ ප්‍රමුඛයින් වන පත්තර මල්ලි හා කොන්ක්‍රීට් තම බොග් තවම ගල් කර සිටින නිසා ඒ ටිකත් මටම කරන්නට වූ වගයි.

එහෙනම්, 2016 අප්‍රේල් මස විසි අට වන දින ග්‍රිනිච් මධ්‍යන වෙලාවෙන් පස්වරු තුණ ( 3pm) වන විට තිබූ ප්‍රථිපලයයි ඔය පහත පලවන්නෙ.

තවමත් ඔබ ලිපි කියවා නැතිනම් හෝ යම් වසන්ත ලියක් මිස් උනේනම් හෝ ඡන්ද එකක් වත් නැති, ඡන්ද අඩු ලිපි ගැන දුකක් ඇතිනම්, වහාම අදාල මාතෘකාවට කොටා, ඒ අඩවියට ගොස් ලිපිය කියවා, ඔබගේ වටිනා කාලය නාස්තිකර ඡන්දයක් දෙන්න ඡන්ද පොළට යන්න.

ඔබට ඇති විවේචන, විච්චූරන සහ විස්තර පහත කමෙන්ට් කොට ප්‍රශන්සා පමණක් "ඉන්ද්ක උපශාන්ත, සාජා හන්දිය, එ.අ.රා." යන ලිපිනයට කුරියර් කරන්න. අර කාටූන් වලට සුදුවන බඩ තඩි දුමියා මේ වසන්තයේ සියලුම බර වැඩ, කොට ඇද්ද බවටත්, ප්‍රශංසා වෙත්නම් ඌටම ලැබිය යුතු බවටත් එක එකා කියනා පච වලට නොරැවටෙන්න.

ප/ලි, ඔබගේ සිත්ගත් පෝස්ටුවට ජය නුදුන්නොත් බලාගන්නම් වැනි මැතිවරණ ප්‍රථිඵලයට බලපෑම් කිරීම් ගැන අරූගේ පැරපින් ව්‍යාපාර සහ අජියගේ නෙලීමේ ව්‍යාපාරය අවධියෙනි.

විශේෂ නිවේදනයයි. මෙතැන් සිට හරියටම දින සතකින් එන බ්‍රහස්පතින්දාවේ මේ ලැයිස්තුව එදිනට ඇති ඡන්ද ප්‍රථිපල අනුව යාවත්කාලීන කරනු ලබන අතර, මෙහි අද ඇති පෝස්ට් අතරින් එදින වනතුරුම ඡන්ද එකක්වත් නොලැබෙන පෝස්ට් ඇප කැන්සල් කොට චන්ද කොළයෙන් ඉවත් කරනු ලැබේ.

තමන්ට ගැලපෙන සුන්දර පෙම්වතියක් ලබාගන්නේ මෙහෙමයි 0 0%
රැඩිකල් කවි ලියන හැටි -  1 1.40%
සීගිරි සිංඤෝ 3 4.20%
අම්පාර බස් එකේ ගම්බාර දෙයියෝ - 30 42.30%
දහනායක අවුරුද්ද 3 4.20%
බුදුන් ; ගැහැණියක් නොවන්නේ ඇයි? - 4 5.60%
සංගීත කලාවේ සෙවල විචාරයට එරෙහිව 0 0%
මහා පුරුෂයාගේ නො හැකියාව - 0 0%
Why don’t we get Madugalles and Arjunas any more -  0 0%
10 රිළා පීකුදු 16 22.50%
11 ඩෙංගු කතා අස්සේ හීන කතා... 2 2.80%
12 අවලෝකිතේශ්වර...  0 0%
13 සවනි මගේ හා ළමා කාලයට කෙළවීම 5 7%
14 "දෑතේ එල්ලී මියුරු කතා කී 2 2.80%
15 බිලිං වෑංජනේ...  8 11.30%
16 පාට සිතුවිලි 2 2.80%
17 ලයික් දැමිල්ල  1 1.40%
18 ගායිකාවකගේ අවසන් මොහොත.. - 2 2.80%
19 "ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්රිෂ්ණා.. ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්රිෂ්ණා.." - 1 1.40%
20 බ්ලොග් හේමන්තය උදා විය! - 1 1.40%
21 පොල් - 0 0%
22 කිසි දිනෙක මල් පිපෙනු බැරි තැන - 10 14.10%
23 අල්ලා නමඳින්න පාර වැසීම 2 2.80%
24 හින්නි නෝනා - 8 11.30%
25 නිර්සත්වයෝ දෙවන කොටස - අපායේ පැයක් 4 5.60%
26 පිසාච..! - 1 1.40%
27 කොක්කන මල් එකට එකයි එකට කතත් බොක්ක වෙනයි 4 5.60%
28 The Haunted House Grand Finale. Chapter 2 & 3 -  0 0%
29 පෙම්වතියගේ ප්රේමාගාරය 2 2.80%
30 පොලිස්ටා ෆයිනල් එකෙන් පසු 0 0%
31 තනිකඩ කොහා 1 1.40%
32 පුනරුප්පත්තිය 7 9.90%
33 උභතෝකෝටිකයක පැටලුන මා ( ඉතිහාසය හාරමු 5 ) - 0 0%
34 ෆොක්ස්වැගන් ගන්නද මොරිස් මයිනර් ගන්නද කියලා හිතන අයට පුංචි උපදෙසක්...  2 2.80%
35 ඤන් ඤඋන් ආතා සහ ඇයගේ දියණියන් දෙදෙනා 4 5.60%
36 බක්මහ උළෙල සහ චමින්දගේ බීම කඩේ - 0 0%
37 කොරියාවේ රැකියාවට යන ඔබ මේ ටිකත් දැනගන්න. -  0 0%
38 Speaking Periodic Table - (කතාකරන ආවර්තිතා වගුවක්) -  0 0%
39 බලය. -  0 0%
40 COVER LETTER එකක් නිවැරදිව සාදාගනිමු -  2 2.80%
41 සමනලයා මියැද්දෙන් 2 2.80%
42 පරාගනයට පෙර 0 0%
43 බටහිර දෙසට පළමු වරට...!  0 0%
44 පත්තරේ 3 4.20%
45 ලේ දන්දීමේ පිංකං පොලේ වග විස්තර... -  3 4.20%
46 තවත් එක් කතාවක්...පිපෙන්නට වෙර දැරූ මල් කැකුලක් -  0 0%
47 ගෘහස්ථ හිංසනය 4 5.60%
48 මමත් ඔයා වගේ ... - 4 5.60%
49 මනා! | බ්ලොග් වසන්තය වෙනුවෙන් සයිබර් යායෙන් ! -  30 42.30%
50 සිළුමිණද? කව්සිළුමිණද? -  1 1.40%
51 ඔන්න මම නුවරට ආවා 1 1.40%
52 කුඩේ - http://saimaas.blogspot.ae/2016/04/blog-post_24.html 0 0%
53 තීර්ථය - වින්දනාත්මක ගී සැඳෑව 2 2.80%
54 හිටවන්නම්, රැකගන්නවද කවුරු හරි ?? - Everybody will plant, Who will Protect !! 0 0%
55 ගොවිපලේදී ...... දෙවන කොටස 0 0%
56 ආරාධනා - 0 0%
57 ඔබ නිවැරදිද.....? -  0 0%
58 බස්සිගේ චැලෙන්ජ් එක, පාරේ වඳින තම්බි, කැළෑ පාලුවෝ හා Go Green Challenge  8 11.30%
59 ගොවිපලේදී ...... තෙවන කොටස 0 0%
60 "සිත් මවමු" -  0 0%
61 තනි නෑ ගං මෝය 0 0%
62 හෝඩියේ පන්තියේ සිත්තරාවී - Written in the heart! -  3 4.20%
63 අනුකරණය හා ආර්ථිකමය කුහකකම!! -  1 1.40%
64 මෛත්රී තම Bra ප්රකාශය පිළිබඳ පැහැදිලිකිරීමක් කරයි. -  0 0%
65 ආදරය මේ . . -  0 0%
66 මගේ ලොවට ඔබ වඩින තුරා..! -  0 0%
67 මෝඩ ටීචර් 1 1.40%
68 අත්තම්මා.. -  1 1.40%
69 අනුකරණය හා ආර්ථිකමය කුහකකම!! -  1 1.40%
70 බ්ලොග් වසන්තයේ සංවිධායකවරු ගැන අන්තර්ජාලයේ සංසරණය වන කාටුන් එක දුටුවාද? - 2 2.80%
71 සයුර මා විය අහස ඔබ විය - දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය... -  0 0%
72 බ්ලුක්ස් හා නෝනා මහත්වරු!! -  1 1.40%
73 3D Stereograms බලමුද 1 1.40%
74 ඔහු ඔහුත් එක්ක යුද්ධෙක.... -  0 0%
75 වැස්ස - http://sodurusitha.blogspot.ae/2016/04/blog-post_27.html 0 0%
76 ඩෙංගු 2- http://sith-aara.blogspot.ae/2016/04/2.html 0 0%
77 වසන්තයා I 18+ - http://raj1st.blogspot.ae/2016/04/i-18.html 1 1.40%
78 මං ආදරෙයි ලැපී. - http://dreamsofharee.blogspot.ae/2016/04/laptop.html 0 0%
79 අනන්ත ලූපය - http://pathiruva.blogspot.ae/2016/04/blog-post_26.html 0 0%
80 ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life -  3 4.20%
81 ජීවිතයේ බඹර හෙලේ- පැණි හොයලා රූටන්නී.. 1 1.40%
82 අත්තම්මා.. http://saimaas.blogspot.com/2016/04/blog-post_26.html 0 0%
83 ඕන ප්රශ්නයක් අහන්න.. හැබැයි.. http://raj1st.blogspot.com/2016/04/ii.html 5 7%

Monday, April 25, 2016

වසන්තයාට ඔබේ මනාපය දෙන්න - මෙන්න විස්තරේ


දයාබර මිතුරු මිතුරියනි,

ඔන්න බ්ලොග් වසන්තයේ බ්ලොග් මල් පල දරන්න පටන් අරගෙන. අපි හැමෝටම බ්ලොග් වසන්තයේ සුන්දරත්වය විඳගන්න කාලය ඇවිදින්. බ්ලොග් වසන්තය පිටුවෙහි පළ වෙන සියළුම ලිපි අතරින් ඔබගේ සිත් ගත් ලිපියට ඔබගේ මනාපය පල කරන්න ක්‍රමයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බ්ලොග් වසන්තය පිටුවේ පළවන සෑම බ්ලොග් ලිපියක්ම අප මේ මනාප විමසුමට ඇතුලත් කරනවා. මැයි මාසයේ අවසානය දක්වා අපි මෙය පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තුව.
ඔබගේ සිත් ගත් ලිපි 5ක් දක්වා ඔබට මනාපය පල කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, බ්ලොග් අවකාශයේ ජීව නාලිය වන ප්‍රථිචාර දක්වන සහෘදයන්වත් අපි අමතක කරන්නේ නෑ. ඔයගොල්ලන්ට පුළුවන් ඔබගේ සිත් ගත් හොඳම කමෙන්ට් කරු නොහොත් හොඳම ප්‍රථිචාර දක්වන්නාටත් ඔබගේ මනාපයක් ලබා දෙන්න.
මෙන්න මේ ලින්කුව දිගේ චන්ද පොලට පිවිසිය හැක. ඇවැසි වන්නේ ඔබ ගුගුල් ගිණුමකින් සම්බන්ධ වීම පමණකි. අප ඔබගේ කිසිම පුද්ගලික විස්තරයක් ලබාගන්නේ නෑ....

පසුව පළවන ලද සිත්ගත් ලිපියක් නිසා ඔබට යම් අවස්ථාවක ඔබගේ මනාපය වෙනස් කිරීමට ඇවැසි නම්, නැවතත් මේ සබැඳිය දිගේ ගොස් ඔබේ මනාප වෙනස් කිරීමට හැකියාව තියෙනවා.

වසන්තය ඡන්ද ලැයිස්තුවට ඔබේ පෝස්ට් එක ඇතුලත්ව නැතිනම්, කරුනාකර බ්ලොග් වසන්තය ෆේස් බුක් පිටුවෙහිසටහනක් දමන්න, නැතිනම් බ්ලොග් වසන්තය ෆේස් බුක් ගිණුමට පුද්ගලික පණිවුඩයක් මගින් හෝ මෙහි පහත කමෙන්ට් කොට අපව දැණුවත් කරන්න කාරුණික වන්න.

අපට මෙම විමසුමට ඇතුලත් කල හැකි පෝස්ට් ගණනෙහි සීමාවක් ඇති නිසා සති දෙකකට පසු අඩුම ඡන්ද ලැබූ පෝස්ට් කිහිපයක් ඒ කතුවරුන්ට කෙරෙන පුද්ගලික දැණුම්දීමකින් පසු ඉවත් කෙරෙනු ඇත.

මේ පහත සඳහන් විජට්ටුව ඔබගේ බ්ලොග් අඩවියේ ස්ථාපනය කර චන්දය දැමීමට පැමිණෙන සියළුම දෙනාට චන්ද පොල වෙත පිවිසීමට සහය වනමෙන් ඉල්ලා සිටිමු.

http://goo.gl/forms/mjUZ37uPEX" target="_blank">http://i.imgur.com/8Iny3RA.jpg?1
" width="60%" height="60%"/>

Wednesday, April 20, 2016

බ්ලොග් වසන්තයට කෙලිය නේද?



ලාංකික අපිට වසන්තය කියන්නෙ අප්‍රේල් මාසෙ. සෘතු වෙනස නොතිබුනාට ඒක එහෙම තමයි.

ඒ වෙනස දැනෙන රටවල අය දන්නව, වසන්තය කියන්නෙ තද ශීත, මිදුණු හිම සහිත අඳුරු කාලයකින් පස්සෙ, අර ඒ තාක් කල් කටුවට මැරිල වගේ හිටි ගහ්ස් වල අලුතින් දළු දාල මල්හට ගන්නෙ වසන්තයෙ කියල.

අන්න ඒ අරුතින් තමයි අපි කිහිපදෙනෙක් එකතුවෙලා 2015 අප්‍රේල් මාසෙ බ්ලොග් වසන්තය පටන් ගත්තෙ. ඒ කිව්වෙ ඉස්සර හොඳට ලියපු පැරණි බ්ලොග් ලියන්නො පුලුවන්තරමක් යලි ඇහැරවල, ඒ බ්ලොග් වල ලිපි මල් පිපෙන කාලයක් උදා කරවන්න ගත්තු පොඩි උත්සාහයක්.

අපි හිතුවටත් වඩා 2015 බ්ලොග් වසන්තය සාර්ථක උනා. ලිපි 81 වසන්තය එක්ක ලියැවුනා. ඒ හැමෝම පරණ ලියන්නො නෙමෙයි, නමුත් බහුතරය.

ඒත් ගිය පාර අපිට තේරුන දෙයක් තමා අවුරුදු නිවාඩුවට බ්ලොග් කියවෙනව අඩුයි කියන එක. ඒ නිසා මේ වර බ්ලොග් වසන්තය අවුරුදු පහුවෙලා පටන්ගන්න තීරනය කරේ.

පරිසරයෙ වසන්තය ඉවර වෙලා බ්ලොග් වසන්තය එන එක ගැටළුවක් නෑ. අනික පහුගිය දවස්වල නෙළුම් යාය සම්මාන වලින් ලොකු කතාබහක් පිබිදීමක් ඇතිවෙලා තියෙන එක ඒ විදිහටම තව ඉදිරියට යන්න අවුරුද්දෙන් පස්සෙ එන නිදිමත රයිටර් බ්ලොක් ගැලවෙන්න අපි හිතුව මේ පාර බ්ලොග් වසන්තය අවුරුද්ද පහුවෙලා පටන් අරගෙන මාසයක් පුරාවට කරගෙන යන්න.

බ්ලොග් වසන්තයෙ මේ අවුරුද්දෙ වෙන වෙනස්කම් ආරම්භක දිනය පමණක් නෙමෙයි.

මේ පාර අපි බ්ලොග් වසන්තය මත විමසුම සඳහා වෙනම බ්ලොග් අඩවියක් ආරම්භ කරල අප්‍රේල් 18 ඉඳන් බ්ලොග් වසන්තය ෆේස් බුක් පේජ් එකේ පෝස්ට් වෙන සේරම බ්ලොග් පෝස්ට් ඒකට ඇතුල් කරනව.

බ්ලොග් කියවන හැමටම එතකොට පුළුවන් තමන් කැමති ලිපි වලට ඡන්දෙ දෙන්න.

එහෙම වැඩිම පාඨක ප්‍රථිඡාර ලැබෙන ලිපි තුනට අපි වටිනා ත්‍යාග තුණක් දෙනව.

ඊට අමතරව, බ්ලොග් වල ජීවය වෙන කමෙන්ට් කරුවන්ටත් සලකන්න අපේ අදහසක් තියෙනව. එතනදි පාඨක ඡන්දෙන් තේරෙන හොඳම කමෙන්ට් කරුවාට/කාරියටත් විශේෂ තෑග්ගක් දෙන්න අපි බලාපොරොත්තු වෙනව.

කමෙන්ට් කරු හැටියට මුලින් සoවිධායකයන් නම් තුනක් ඉදිරිපත් කරනව, ආරම්භයක් විදිහට විතරක්. නමුත් එයිට අමතව ඔබ ඉදිරිපත් කරන ඕනම නමක් අදාල මත විමසුමට අපි ඇතුලත් කරනව.

කවුද ජනප්‍රිය කියල තේරෙන්නෙ ඔබේ ඡන්දෙන්.

හරි එහෙනම් අදට මේ විස්තර ඇති. නෛල වශයෙන් වැඩේ පට්ටාන් ගන්නෙ අප්‍රේල් 22.

එතකල්, අද වගේ දවසක මිය ගියපු, හෙළයේ අසහාය ගී පද රචක කරුණාරත්න අබේසේකරයන් තමන්ට රයිටර් බ්ලොක් එක ආ වෙලාවේ සරස්වතියට ලියූ ගීය අහල, ආයි ලියන්න වචන එකතුකරගමු.



Tuesday, April 12, 2016

නැකතක් මොකටද ගිණි මොළ වන්නට ..?



කලකට පෙර අවුරුද්ද කියන්නෙ කොළඹ උන්ට බඩගින්නේ ඉන්නට වෙච්චි කාලයක්. කොළඹ අවට බේකරි සහ කෑම කඩ, සිල්ලර කඩ වැහිල, ගෝලයො ගම්බිම් ගියපු පාලු නුවර පාරවල් දිගේ රතිඥ්ඥා බඹර චක්කර කැරකුනු ඒ කාලය තාමත් එහෙමද කියල දස වසරකින් අවුරුද්දකට ලංකාවේ ඉන්න බැරි වෙච්චි අපි කොහොම දැනගන්නද?

මාත් මල්ලිලා දෙන්නත්, නංගීත් එක්ක අම්මා තාත්ත අපි ඔක්කොම අන්තිම පාරට අවුරුදු සැමරුවේ 2006 දි. ඉන් පස්සෙ මම එක රටකටත්, නංගි තව රටකටත් ගියා ගියාම තමා.
දරුවන්ගෙ ඉස්කෝලෙ, අධ්‍යන සහ රාජකාරි, ටිකට් සහ සෘතු නිවාඩු වගේ නොයෙකුත් හේතු නිසා මටවත් නංගිටවත් අවුරුද්දට ලංකාවට එන්න ඉන් පස්සෙ ඉඩ ලැබුනෙ නෑ.

ඒ කොහොම උනත් අපි තාම අවුරුදු සමරනව. අවුරුද්ද ලබන දාට කැවිලි හදල, කිරිබත් හදල පොඩි උන්ට අලුත් ඇඳුම් අන්දල, පුලුවන් විදිහට අපි පොඩිකාලෙ ඉඳල වින්ද ඒ අලුත් අවුරුද්දෙ අලුත්වෙන සතුට වින්ද ගන්නව.

අපෙ පොඩ්ඩ කැමති මුං කැවුම් වලට. ලොක්ක කන්නෙ කොකිස්. මම කැමති කොණ්ඩ කැවුම්. අපේ දේවිට කොණ්ඩ කැවුම් බැරිවට අනෙක් දෙක හදා ගන්න පුලුවන්. ගෙදර උදව්වට ඉන්න කෙනා කොණ්ඩෙ ටිකක් කොටට කපාපු කැවුම් හදනව.

ඉස්සර අම්ම කැවිලි හැදුවම නැකත් වෙලාව වෙනකල් අත තියන්න දෙන්නෙ නෑ.

අපිත් මෙහෙදි පහණක් පත්තු කරල අවුරු නැකත් ලබන දා හරි පහුවෙනිද උදේ හරි අපි ඒ කැවුම් කෑවට, ඊට කලින් පොඩ්ඩො දෙන්න ඒව ටේස්ට් කරල ඉවරයි දවසට දෙක තුන ගානෙ.

ඒ කාලෙනම් කෑමෙන් පස්සෙ තමා ගණු දෙනු වෙන්නෙ. කොටිම්ම තාත්තගෙ දාඩිය වලින් හෝදල තීන කාසි අපිට සූදු කෙලින්න දෙන්නෙ එදාට.

ඊටත් පස්සෙ පිඟන් අරන් ගම වටේ යනව. මුලිම්ම යන්නෙ කෙල්ලො ඉන්න ගෙවල් වලට. වටෙන් එන හොඳ කෑම පිඟන් වල තියෙන ඒව ගෙදර තියාන, නැත්තන් ඒ වෙලාවෙම බඩේ දාල ආරස්ස කරගෙන අනික්ව වටේ යවනව.

ඒත් ඉතින් මේ නොරට ඉන්නෙ නෑයටයි යාලුවටයි ලඟ ඉන්න අර තඩි දුමියයි, දුරින් ඉන්න සපයි දුකයි විතරනෙ. ඒ නිසා නෑ ගං යාමකුත් නෑ.

ඒ කාලෙ අපි අවුරුද්දට කැට ගහනව, කාගෙ හරි වත්තක තීන ඔන්චිල්ලාවක් පදින්න සෙට් වෙනව, ඒත් නැත්තන් මැච් එකක් හරි ගහනව. ඒත් මේ කාන්තාරෙ ඉන්න අපේ පොඩි උන්ට වුරුදු දැනෙන්නෙ කැවිලි වලින් සහ ඇඳුමෙන් විතරයි.

ඇත්තටම එහෙම බැලුවම අපිට මොන අවුරුදුද? ඒක එහෙම උනත් කවද හරි අපේ පොඩි උන් ඔය සමරණ විඳින දේත් කවද හරි රස කරල කියාවිද, විඳීවිද?


නැකතක් මොකටද ගිණි මොල වන්නට
නිරතුරුවම ගින්නේන් දැවෙනා මට
හැළියක් මොකටද කිරි උතුරන්නට
ඉඳුල් බතින් බඩ වියත රකින මට....

නැකතක් මොකටද ......

ගල් ගෙඩි මොකටද ලිප බැඳ ගන්නට
අහුලාගත් ගල් හිසට වදිනකොට
මොහොතක් මොකටද වැඩ අල්ලන්නට 
හැම මොහොතෙම කැපවී සිටිනා විට

නැකතක් මොකටද ......

නානු තවරලා කුමටද දියනා
දූවිල්ලෙන් ඉපදී සිටිනා මට
කදමලු බැඳගෙන නෑගම් යන්නේ
කුමටද තුන් හෙළයම නෑයින් කොට

නැකතක් මොකටද.....


පළි - වසන්තය එනවා සත්තයි.

Sunday, April 3, 2016

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ. socialist by the time he is 20..!




සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

සටනට පෙරට ආව
සරසවි කඳුළු රෑන
හැදුවේ වීර දූ පුතුන්

සරසවි කඳුලු මාල
සොරකම් කරපු දාය
පෙලුවේ  පපුව ගිණි වලින්
ඒකයි කඳුලු මේ තරම්

සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

අවසන කඳුලු යාය
ගම්බිම් පැතිර යාය
සටනට කඳුලු බත් බැඳන්
අර හිත තරුණ යාය
පෙරමග කොඩිය දාය
රටතොට බඳිව් මහ තොරන්

සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

සරසවි කඳුල ගැන එසේ ගැයුවේ අදට වසර 13 පෙර අප අතරින් වියෝ වූ කපුඑග් සහ අද වන විට අනෙක් පැත්තේ සිටගෙන සිටින එඩ්වඩ් ජයකොඩි නම් ගායකයාය.

ලොව දහම එයයි. වෙනස් වන්නෝ ඉදිරියටම යන අතර වෙනස් නොවන්නන් වැනසී යයි.
තරුණ කාලයේ සමාජවාදියෙකු නොවන්නතා, වයසට ගිය පසු සමාජවාදියකු වන්නත් එක ලෙස මෝඩයින්යැයි කවුදෝ කියා තිබේ. 

තරුණ ලේ කකියන විට තමා හැඳ සිටින්නේ සරමක්ද සිවුරක්ද, නැතිනම් කම්බායක්ද යන්න අමතක වේ. 

මේ සත්‍ය දැනෙන්නෙ ඒ අත්දැකීමට මුහුණ දුන් තරුණයන් මිස තරුණ කල අම්මාගේ උකුලේ නැලවූනු සුකිරි බටිල්ලන් නොවේ. 

මේ වනවිට සමාජ ජාල වල ලොකුම මාතෘකාව, ජෝක් එක වී ඇති ඒ තරුණ හිමියන් දුටු විට මට ඇතිවන්නේ අනුකම්පාවකි. මන්ද ඒ සිවුර තුල සිටින්නේ තමන් නොකල තෝරා ගැනීමක් නිසා සිවුරට හිරව, අද ලැබෙන යම් පහසුකම්, ආර්ථික වාසි නිසා තව ටික කලකට එයින් ගැලවීමට ඉඩක් නැති තරුණයෙකු විය හැක.

මෙවැන්නන් වීරත්වයට හෝ අපහාසයට ලක්කිරීම යන දෙකෙන්ම වෙන්නෙ එක ලෙසම අවැඩකි. 

අද මේ ඇන්ගිල්ල උරුක්කු කරන සාදුම තවත් වසර කිහිපයකින් අනෙක් පැත්තේ සිටින්නට ඉඩ ඇත. ඒ අප අත්දැක ඇති සත්‍යයි. 


මේ මීට වසර හතලිහකට ආසන්න කාලයකට පෙර තිරගත වූ අමල් බිසෝ චිත්‍රපටයේ තිබූ සදාකාලික ගීයකි. 



කුරුට්ටන්, ජෙප්පන් මෙන්ම වමේ බහුතුරය මේ ගීයෙ කියන්නාක් මෙන් , ඉහත ගීය ගැයූ එඩ්වඩ් මෙන් වෙනස් වී ඇත. එසේ නොවූ කපුගේලා විනාස වී ඇත.

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ
පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ
සමාජවාදය අපේ පාඩමයි ඒ කාලේ
විප්ලවවාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

If a man is not a socialist by the time he is 20, he has no heart. If he is not a conservative by the time he is 40, he has no brain. – Winston Churchill

LinkWithin

Related Posts with Thumbnails