Saturday, March 29, 2014

ඉඟුරු දී ගත්තු මිරිස් ..….. Putin’s bitch putting him down!

ලාංකීය ඉතිහාසයෙ මෙන්ම ජාත්‍යන්තරයේද ඉතා අවධානයට යොමු වූ  නඩුවක තීන්දුව දෙන දිනයයි.

පසුගිය දින බ්‍රිතාන්‍ය ලංකාවට ජිනීවාහීදි කල දෙයෙහි පළිය ගැනීමට ලැබුනු මෙම අනගි අවස්ථාව මඟ නොහරින බවට සියලු දේශ හිතෛශී ජනතාව තුල තිබූ විශ්වාසය නිසා ඔවුන් අලුක්කාල් කඩේ වටකොට කඳවුරු බැඳ සිටියහ.

උසාවිය තුල ප්‍රකාශ කෙරෙන මෙම තීන්දුව ජංගම දුරකථනයක් හරහා සන්නිවෙදනය කොට පිටත එක්වී සිටින දහස් සංක්‍යාත ආධාරකරුවන් වෙත සන්නිවේදනය කිරීමට පහසුකම් සලසා තිබින.

දීර්ඝ දේශනා, අවසන් වාද විවාද කෙළවර සියල්ලෝ බලාසිටි ඒ ඓතිහාසික මොහොත උදාවිය...

උසාවිය කොහොමත් නිෂ්ශබ්ධවමය..

තෝල්කයාගෙ හඬ ප්‍රතිරාව නැන්විනි.. …..”උසාවිය නිෂ්ශබ්ධ වෙනු..!

පිටත රතිඥ්ඥා වැල් භාරව සිටි කොල්ලන් තම සිගරට්ටු අතට ගත්හ.

කුඩා දරුවන් සමග සිටි මව්වරුන් දරුවන්ට දෙකන් වසා ගන්නට සිහි කලහ..

කුරාම් ශෙයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කිරීම සම්භන්ධයෙන් කිසිදු පිළිගත හැකි පරවේශනීය සාක්ශියක් හෝ, ඇසින් දුටු සාක්ශියක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බැවින් උක්ත ඝාතනය සඳහා මෙම නඩුවේ පළමු සැකකරු සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු සෙසු සියලු සැකකරුවන් අද දින ඉහල කෝටුවේ රජු විසින් නිදොස් කොට නිදහස් කරණු ලැබේ…


ඩෝං...පටෝන්... ඩෝං...

රතිඥ්ඥා වල මහ හඬ පරයා නැගුනේ.."ජයවේවා...ජනාධිපතිතුමාට ජයවේවා...වීර නායකයාට ජයවේවා...සුද්දාට පාඩමක් ඉගැන්වූ අපේ නායකයාට ජයවේවා..." යන වචන පමණි...!

ඉන් පසු විනාඩි ගනනාවක් පැවති ඒ හඬ නිසා උසාවිය තුල සිදුවූ කිසිවක් පිටතට නෑසෙන්නට විය..

එන්ංගලන්තෙ විදේශ ලේකමුත් ලොක්කට කතා කරාලු..

සුද්දොන්ට හොඳ වැඩේ...

දැන් ඉතින් මිලිබෑන්ඩ්ලට වෙන්නෙ මිනී බෑන්ඩ් ගහන්න තමයි..

සිනා, සතුට උතුරන මුහුනු වලින් උදම් වැකි පිටවෙයි….

රතිඥ්ඥා දුම වියැකෙමින් තිබිනි...

බෙර සහ නැට්ටුවන් දෙපසින් වූ මාවත මැද මල් මාලා අතින් ගත් කඳ බඩ මහත කාළ වර්ණ යෝධයින් පිරිසක් සූදානම්ව සිටියේ වීරයා පිළිගැනීමටය..

දැඩි රැකවළ් මැදින් උසාවි බිම සිට පිටතට එන සම්පත් දැක ගනු රිසින් හිස් උස්සමින් අවට පිරිස් නොඉවසිලිවන්තවය..


ගේට්ටුව වසා තිබුනු යකඩ ෆ්‍රේම් මෑත් විය...

ඇස්ටීඇෆ් බටයින් දෙපසට වත්ම වේගයෙන් පිටතට ආවේ පොළිස් ජීප් රියකි.

අන්දමන්ද වූ මල්මාලා දැරුවන් "තොපෙ අම්මට..." කියමින් යන්තම් පැනගනිද්දී ඒ පසුපසම බන්ධනාගාර බස් රියද පැමිනුනි..

අන්න සම්ප බස් එකේ........”

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒයි අන්න සම්ප කන්ඩෙම් දීල ආයි ගෙනල්ල...

පල හුxxනො යන්න...ලොක්ක ඌට රිලීස් එක දෙනව කිවායි කියල ඌ යන්න කලින් හැමෝටම බුරියානිත් දීලනෙ ගියෙ...

ඔව් ඉතින්….. රිලීස් එක දීල සුද්ද මැරුවට..

එහෙනං කන්ඩෙම් දීල තීන්නෙ අහවල් පxx??”

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කවුද තාත්තෙ ඊයෙ රෑ කතා කරපු ඔය තරන් ලොක්ක...

පට්ට වේx...අර ඔස්කාර්ගෙ කෙල්ල.... උඹවත් මල්ලිලගෙන් පරිස්සම් වෙලා හිටහන්... මේ වෙච්චි දේවල් පාඩමකට අරගෙන

කවුද ජී අංකල් ඔස්කාර් කියන්නෙ...

මම කොමිසමක් දාල හෙව්ව බබා ...ඒ රුසියන් ජනාධිපතිගෙ බැල්ලිගෙ පුතා….”

දඩ බඩාස්...

……………පිරිස වටවී නාමලෙන් පවන් සලයි................

මොකෙ පුතේ ඇයි එකපාර කලන්තෙ දැම්මෙ?”

තාත්තෙ...

ඔව්??”

මගෙ නඩුවක අද තීන්දුව...අර පරිසර සන්විධානෙ වෙනුවෙන් පෙනී හිටපු....”

ඉතින් අවුල මොකද්ද ...ඔයාට ජජ්ට කෝල් කරන්න අමතක උනාවත්ද..?”

තාත්ත මේ බම්බුවක් කියනවඒව ඉතින් ආයි කියන දෙයක්යැ.... !”

එහෙනං..???”

ඒ නඩුව අර තාරකා ඉබ්බො කාපු චීන්නු දෙනෙක්ට විරුද්ධව දාපු කේස් එකක්....

දඩ බඩාස්....

තාත්තෙ...තාත්තෙ...


සැහ්..සිකුරාදාවකටවත් හීනයක් බල බල නිදාගන්න දෙන්නෙ නෑනෙ අපේ කොල්ල...





30 comments:

  1. දැන් චීනාත් එකතු වුණාද :P

    ReplyDelete
    Replies
    1. හපොයි දැන් කොච්චර කල් වෙනවද!

      Delete
  2. සිහින දෙකක්,නියමයි බං හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බැරුවයි ඉන්නෙ,කොහොමද හොඳ.

    ReplyDelete
    Replies
    1. හිනාවෙයන් සුදු හිනාවෙයන්...සිනාසෙන්න සිනාසෙන්න එතකොට තර වෙන්නේ.. කියනවනෙ.

      Delete
  3. පුදුම වෙන්න දෙයක් නෑ දැන් දැන් වැඩකටයුතු කෙරීගෙන යන විදිහට.

    ReplyDelete
    Replies
    1. ඉබ්බ දින්නොත් වෙනස් වෙයිද??

      Delete
  4. අනේ මංද. මගේ නොදැනුවත්කමද දන්නෑ, මේ හැම සිද්ධියක්ම දැනගෙන හිටියත් මේ කියල තියෙන සිද්ධිය තේරෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි ටැපලිලා අප්පා

      Delete
    2. අපි කාටත් තේරෙන්නෙ නෑ. කොටිම්ම මටවත්! ඒකයි මේව මෙහෙම වෙනව ඇත්තෙ. අල්ලල දාහ්න්, ඉන්නවනං කිඹුල් හූනෙක්, තාරකා ඉබ්බෙක් විකුණල ඔඩ යන්න බලහන්, ඉවර වෙන්න කලින්.

      Delete
    3. හූනා චිකයි

      Delete
  5. "අන්න සම්ප බස් එකේ..."

    සැමගේ පැතුම එයයි...

    ජය වේවා!!

    ReplyDelete
  6. ඔහොම නොවුනොත් එකත් පුදුමයක් තමයි.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ගෙහුන් උන්නෙ?

      Delete
    2. මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි.

      Delete
  7. වෙන්න තියෙන දේවල් උඹට අගවිනිසොරා ලියලා එවනවාද?

    ReplyDelete
  8. ඇත්තටම වෙන්නේ ඒකමද බන්.. මට නම් හිතා ගන්නවත් බෑ උඹ මේවා කියන්නේ කොහොමද කියලා...

    ReplyDelete
  9. හුටස්....
    පට්ට හොදේ...
    හීන් ටොක්කක්...
    පත්තරේක කොමිට් දේසපාලන තීරුවක් ලියන්න යන්න තියෙන්නෙ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. අපිට ලියන්න හම්බුවෙන්නෙ ආධාර පත්තරවල විතරයි මචෝ.

      Delete
  10. බාහිරින් එන ටෙලෙෆොන් කෝල් හෝ වෙනත් "බලපෑම්" වල ඇත්තම බලපෑම සීමිතයි නේ ඉන්දික. ඕවර්වෙල්මින් මැජෝරිටි අනුමත කරනවා නම් සමාජයේ මොකුත් වෙන්නේ නැහැ. එහෙම වෙන්නත් කිසියම් හේතුවක් තියන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. මෙතන "බාහිර බලපෑම" කියන එක එන පොයින්ට් එක අනුවයි ඕක තීරනය වෙන්නෙ. ඒක එන්නෙ ඒ පැත්තෙ ඉඳලනම්, ඕවර්වෙල්ම්ඩ් මැජෝරිටි එකේ ඇපෘවල් එක පාවිච්චි කරනව රිජෙක්ට් කරන්න, එන්නෙ මේ පැත්තෙ ඉඳලනම් ඒකම පාවිච්චි කරනව ඇක්සෙප්ට් කරන්න ( ඇත්තටම කරන්න නෙමේ, කරපු එක හරි කියල අපිටම පෙන්නන්න - ඒකයි දුක )

      ඇයි මැජෝරිටි එක ඕවර්වෙල්මින් කියන එක උඹ දන්නවද? මම දන්නෙ නෑ!!

      Delete
  11. නාමලෙන් සැලෙන පවන මද පවනක් වෙලා සැඩ සුළගක් වෙයිද ලොකු අයියෙ...එන පොට නම් හොද නැති පාටයි..

    ReplyDelete
    Replies
    1. හොඳ නැත්තෙ ඇවිත් ඉන්න පොට මලේ, එන පොට නෙමෙයි. ඒකයි අවුල!

      Delete
  12. හැක් හැක්.. මොකද සිංහල සංස්කෘත කරලම ලිවුවේ. හිතලම නේද? අපුරූ සිහින දෙක. ඕකට ඉන්දියාවේ (තමිල්නාඩු) ධීවරයන්ට මාළු බාන්නයි කන්නයි ලංකාවේ මුහුදු සීමාවෙදි දෙන ලංකාවේ නාවික හමුදාව ගැන දැක්කේ නැති එක අවුලක්.

    ReplyDelete
    Replies
    1. ඉඳ හිට අපිත් ප්‍රබුද්ධ විදියටත් ලියන්න ඕන බන්. හරියට ලොක්ක දෙමළෙන් කතා කරනව වගේ. කියන මිනිහට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ, අහන උන්ට තේරුම වැදගත් නෑ.

      Delete
    2. ////කියන මිනිහට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ, අහන උන්ට තේරුම වැදගත් නෑ./////
      +++++++++++++++++++++

      Delete
  13. ඉඟුරු දීලා මිරිස් අරන් ඉවරයි.ඔහොම යමුකෝ.දැවිල්ල අල්ලනකම්.

    ReplyDelete
    Replies
    1. මිරිස් කන්නෙ උන්ගෙ කටවල් වලින්, දැවිල්ල අල්ලන්නෙ රටේ පුකට.

      Delete

LinkWithin

Related Posts with Thumbnails