Saturday, March 15, 2014

අතුරුදන්වූ යානය ගැන ලොව කලඹන අනාවරණය. Breaking news – Missing Airplane Found in…



මෙන්න දැන් ලැබුනු විශේෂ වාර්ථාවක්.

පසුගිය දිනවල අතුරුදහන් වූ මැලේසියානු ජම්බෝ ජෙට් යානය මේ වනවිට සොයාගෙන තිබෙන අතර මෙම යානය සතියක් තුල සැඟව සිටි ස්ථානය සහ එයට හේතුව පැහැදිලි කිරීමේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් තව මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

හොඳයි අපි දැන් සම්භන්ධ වෙමු සඳ ලංකාවෙ කිඩාරම් පොකුණ ශාලාවේ මේ මොහොතේ ඇරඹෙන ඒ අති විශේෂ සාකච්ඡාවට.

මේ විශේෂ අවස්ථව වාර්ථාව සඳහා මැලේ ඇක්සිඩන්ට් සේවය වෙනුවෙන් අපගේ විශේෂ වාර්ථාකරු ඩේමියන් එහි ගොස් සිටිනවා.

ඔව් ඩේමියන් අපිට කියන්න පුලුවන්ද අලුත්ම තත්වය.

ස්තූතියි කෙන්ජි!

මේ වනවිටත් සඳලංකාවේ කැබිනට් ප්‍රකාෂක රඹලී කෙහෙල්වැල්ල මැතුතුමන් සහ පොමා මැතිතුමන් ඇතුලු සම්භාවනීය පිරිස මේ ස්ථානය පැමිණ සිටිනව. තව සුළු මොහොතකින් එළඹෙන සුභ මොහොතින් ඔවුන් මේ විශේෂ පණිවුඩය ලොවට කියන්නටයි බලාපොරොත්තු වන්නෙ. එහෙනම් අපි යමු ශාලාව ඇතුලතට.

රඹලි - ආයුබෝවන් මහත්වරුනි. ඔව් අපි ඉතාම සන්තෝසයි දැණුම් දෙන්න මේ නැතිවූ ගුවන් යානය මේ වනවිට සොයාගෙන තිබෙන බවත් එය සඳලංකාවෙ උත්තල ගුවන් තොටේ නවතා තිබෙන බවත් ඒ වගේම එහි සිටි මගීන් 239 දෙනාගෙන් 179 දෙනෙක්ම නිරුපද්‍රිතව සිටින බවත්, මේ වනවිට ඔවුන් සියළු දෙනා හම්බන්වැල්ලේ පීකෝක් හෝටලයෙහි පූර්ණ ආරක්ෂාව සහිතව සිටින බවත්.

පිරිසෙන් - සර් මට දැනගන්න පුලුවන්ද මේ ප්ලේන් එක එතනට අවෙ කොහොමද කියල.

රඹලි - ඔබතුමා මේ වෑගි වැදගත් සාක්ච්ඡාවක මීට වඩා හිතල බලල ප්‍රශ්ණ අහන්න. මේ ප්ලේන් එක පියාඹගෙන අහසින් මිසක් පීනගෙන ගොඩබිමින් එන්නෙ නෑනෙන් නේද?

BBC – Mr. Minister, who brought this plane to Uttala Air Port?

රඹලි - it was pilot and co pilot

දිණමින ( නලින් අතැති කොලයක් කියවයි ) -

ගරු ඇමතිතුමනි, මම අහන්න කැමතියි ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන්ද කියල ඇයි මේ යානය උත්තල ගුවන්තොටටම ගෙන ආවේ කියන කාරනය?

රඹලි - ඉතාම වැදගත් ප්‍රශ්ණයක්. ඇත්තම මේ යානය අතුරුදහන් වුන වෙලාවෙ අතිගරු ජනාධිපති තුමන් විසින් ගරු විදේශ ඇමතිතුමන්ට උපදෙස් දීල තිබ්බ ගරු ආරක්ෂක ලේකම් තුමන් හා සාකච්ඡා කරල මේ ගැන කොමිසමක් පත් කරන්න කියල සඳ ලංකාවෙ මිත්‍ර රාජ්‍යකට කරන්න පුලුවන් උදව්ව මොකක්ද කියල හොයල බලන්න.

ඒ අනුව පත් කල කොමිසමෙන් ගරු ආරක්ෂක ලේකම් තුමාට දුන්න රහසිගත වාර්ථාවකට අනුව අවි නොගත් මුජහිදීන් ත්‍රස්ථවාදීන් පිරිසක් මේ යානය තමන්ගෙ පාලනට ගෙන ඇති බව දැන ගන්නට ලැබුන. ඒ එක්කම එය සෝමාලියාව වෙත ගෙනයාමේ සහ පසුව විශාල මුදලක් කප්පම් ලෙස ගෙන මෙය නිදහස් කිරීමේ අදහසක් ඇති බවත් අපිට වාර්ථා උනා. මේ බව දැනගත් වහාම ගරු ජනාධිපති තුමා ආරක්ෂක ලේකම් තුමන්ට අණ දුන්න අපේ විශේෂ රුන්නාලන්නා ආරක්ෂක සමාගමේ භට පිරිසක් සහ යානාවන් කිහිපයක් යවා මේ යානය මුදවාගන්න ලෙසට.

ඒ අනුව බ්‍රිගේඩිය සිල්වා සහ පෙරේරා මහතුන් එක්ව කල සැළසුමකට අනුව කර්ණල් පුන්චිබන්ඩා සහ කර්නල් ගුණවර්ධන මහත්වරුන් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කොට ඒ යානය තමන්ගෙ පාළනයට නතු කරගෙන පසුව උත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නිරුපද්‍රිතව ගෙනැවිත් තිබෙනව.

අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ මහා මාණුෂික මෙහෙයුමේදී කිසිම ජීවිත හානියක් සිදුනොවුන බවටත් ඒ ත්‍රස්තයින් සහ ප්‍රාණ ඇපකරුවන් සියල්ල නිරුපද්‍රිතව උත්තලට ලඟා වූ බවත්.

ලක්බිම - ගරු ඇමතිතුමනි, දැන් කෝ එක තර්ස්ථවාදීන් පිරිස?

ඒ ගැන අපේ පොමා තුමා පැහැදිලි කරයි.

පොමා -

එහේ සිටි විදේශිකයින් සියලු දෙනාම ත්‍රස්ථයින් හැටියට බුද්ධි අංශ හඳුනාගෙන ඇති අතර ඒ සියළු දෙනාම තුංකම පොළිසිය විසින් අත්අඩංගුවට අරන් තිබෙනව. පසුව කල ප්‍රශ්ණ කිරීම් වලදි දැනගන්නට ලැබුන ඔවුන් විසින් මීට පෙර සඳලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට පැමිණ අනාගත ප්‍රහාරයක් සඳහා අවශ්‍ය ආයුධ තැන් තැන් වල සඟවා ඇති බව. මෙහිදී එම ආයුධ පෙන්වන්නට පක්කරෙයිවත්තු, හික්කඩුව සහ බලපිටිය මාදුගඟෙ දූපතක් වෙත හෙට දිනයේදී ගෙන යාමට බලාපොරොත්තුවෙනව.

මාධ්‍යවේදියෙක් - ගරු පොමා තුමා, ඔබ විදේශිකයින් සියලු දෙනම ත්‍රස්ථයින් යනුවෙන් පැවසුවා. අපි දන්න පරිදි එහි ලාංකිකයින් සිටියෙ නෑ. ඒ නිසා ඒ ප්‍රකාෂයෙ පොඩි පරස්පරයක් තියෙනව නේද??

රඹලි - එතනදි විදේශිකයන් කියල අදහස් කලේ චින ජාතිකයින් නොවන්නන් කියන එකයි!!!

දර්ශණය - පිරිස කලබල කරමින් ප්‍රශ්ණ අසයි..කිසිවක් පැහැදිලි නැත.

ඩේමියන් - කෙන්ජි, මේවන විට මෙහි තත්වය තරමක් උණුසුම් වීගෙන එනව..

දර්ශණය - රඹලි සහ පොමා ඇතුලු පිරිස යමක් කියනු පෙනෙයි. කිසිවක් පැහැදිලි නැත. රඹලි සහ පිරිස නැගිට යයි.

ඩේමියන් - ඔව් කෙන්ජි ඒ විශේෂ පුවත් සාක්ච්ඡාව මින් අවසන් වෙනවා.

කෙන්ජි - ස්තූතියි ඩෙමියන්... මිත්‍රවරුනි දැන් ඔබට පැහැදිලි ඇති.. බ්ලා. බ්ලා බ්ලා....

-------------------------------------------------------------------------------------------------------

මේ අතර තවත් තැනක සිදුවූ රහසිගත සතරකන් සාක්ච්ඡාවක් ( මෙය උපශාන්ත බ්ලොගයේ විශේෂ අනාවරණයකි ).

ලේකම් - සර්, මමනං හිතන්නෙ අපි මේ අහක යන කුණුගොඩක් ඔළුව්දාගත්ත කියල සර්.

මෙරායා - තමුසෙට පිස්සුද ඕයි. දැන් බලනව, ලෝකෙම කතාවෙන්නෙ උත්තල එයාර්පෝට් එකයි ඒකෙ තීන ප්ලේන් එකයි ගැනයි, අර උස්සන් ආපු චීන්නු කකා බිබී හිටපු රඟේ ගැනයි, ඒකෙ තීන නවීන පහසුකම් ගැනයි.

යකෝ මැස්සොයි මොණරුයි විතරක් ආව බල්ලෙක්ක්වත් ගොඩ නොබාපු එයර්පෝට් එක බලහන් දැන් කොච්චර ජනප්‍රියද කියල. කෝටි ගානක් දුන්නත් එක රැයින් ඕක ඔහොම ජනප්‍රිය කරන්න පුලුවන්ද? දැන් ඉතින් ඕකෙ වරුණාව දැකල හෙට අනිද්ද ඉඳන් උත්තලට ප්ලේන් එන්නෙ පෝළිමට. එතකොට චන්දෙත් දිනුං, ණයත් ගෙව්වෑකි.. හැක් හැක්.. හැක් හැක්

ලේකම් - අම්මප සර්ගෙ මොලේ තමයි මොලේ. කොයි වෙලාවෙද බොස් ඔහොම අදහස් හිතෙන්නෙ?

මෙරායා - උඹ මේ මගුලක් කතා කරනව. ණය වාරිකේ පරක්කු වෙනව කිව්වම චීනම තමයි අයිඩියා එක දීල, පස්සෙ උන්ගෙ සෙට් එකක් දාල ප්ලේන් එකත් උස්සල මෙහෙ ගෙනත් බෑවෙ. නැත්තන් අරුන් කොරයි ලබ්බක්...

ප/ලි.

මෙහෙම දෙයක් වී හෝ වෙන මොන ප්‍රාතිහාර්යකින් හෝ ඒ ගුවන්යානයෙ සිටින අසරණයින්ට නිරුපද්‍රිතව සිය ගේ දොර කරා යාහැකි වේවායි පතමි! 

ප/ප/ලි.

සමහර පාඨක අදහස් සලකා කතාව යම් වෙනස් කිරීමකට භාජනය කරන ලදි.


49 comments:

  1. එහෙනම් එකයි මේ වෙලා තියෙන්නේ.වෙලාවට මේ මාධ්‍ය සකච්චාව තිබ්බේ.නැතිනම් ඕක අර මංජුල පිරිස් ගොයියා කියන්නේ මුලින්ම අහවල් තැන බඩු තියේ කියලා...:D කොහොම වුණත් අපෙත් පැතුම ඔවුන් ආරක්ෂිතව සිටිනු දැකීමයි.

    ReplyDelete
    Replies
    1. අපෙත්, ලොව වැඩි දෙනෙකුගෙත් පැතුම එයයි!

      Delete
  2. අර ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නම පටන් ගන්නේ උයන්නෙන්ද හුයන්නෙන්ද?

    ReplyDelete
  3. ඇත්තටම දැන් කියන්නේ ප්ලේන් එක හයිජැක් කරලා කියලයි. මම හිතුවේ සිංහයා මේ ඒ ගැන කතා කරන්ට යනවා කියලනේ.

    හැබැයි එහෙම කීවාම මට හිතුනත් එක්ක ඔය ප්ලේන් එක ලංකාවේ කොහෙන් හරි මතු උණොත් හරි වැඩේ නේද කියලත්... :D :D

    කවුද අනේ මේ රඹලි???

    මොනවා උණත් අර අහිංසක මිනිස්සු ටික බේරුණොත් ඒ ඇති. :(

    ReplyDelete
    Replies
    1. රඹලි දන්නෑ කීව.... හත්තිලව්වයි... රහෙලිය කැඹුක්කැල්ල ගැන නෙව දොඩල තීන්නෙ

      Delete
    2. රඹලි ඕගෝල්ලන්නෙ ගමේ ඇත්තෙක්නෙ. නෑයො කියලයි මන් උන්නෙ!

      Delete
    3. Mahesh ,

      රඹ = කෙසෙල්

      ලී = ලිය

      කෙහෙල් = රඹ


      වැල්ල

      Delete
  4. කෙන්ජි සහ ඩේමියන් සජීවීව වාර්තා කරන්නේ මොන සේවය වෙනුවෙන්ද?
    බස් ටීවී?
    බ්ලොග් ටීවී?

    ReplyDelete
    Replies
    1. // මැලේ ඇක්සිඩන්ට් සේවය වෙනුවෙන්//

      Delete
  5. please, don't joke with missing people ; find another way to joke but at least keep the respect for those who are suffering in pain of lost of loved ones

    ReplyDelete
    Replies
    1. අපි හිනාවෙන්නෙ අපිටමයි මිත්‍රය. ඒත් ඔන්න ඔබේ අදහස් වලටත් ගරු කරල පොඩි වෙනසක් කරා.

      Delete
  6. Replies
    1. පිටසක්වල පහරන්න යන්න ඇති!

      Delete
  7. මේ වෙද්දි මැලේසියා බුවාල කීනව ඒක හයිජැක් කොරලලු... හෙට තව එකක් කියයි... අනේ මංද...

    හැබැයි පස්ටෙට ලියල තීනව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...මම උත්තර දාන්න පරක්කු කලේ තව අලුත් තොරතුරක් ලැබෙයිද කියලයි. දැන් ලැබෙන තොරතුරු අනුව මේකත් නොම්මර එකේ ගේමක් තමයි.

      Delete
  8. Don't make fun out of this incident please.

    ReplyDelete
  9. හරියටම ත්‍රස්තවාදීයෝ 50ක් ඉඳලා තියේනවා ෆ්ලයිට් ඒකේ.
    ඕක තව චුට්ටක් එහාට මෙහාට කරලා ජීනීවා ගොඩ දාගන්නත් පුළුවන්නේ බන්.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල. ඒක්ත් පොටක් තමයි පාදගන්න.

      Delete
  10. හොද විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න හොඳ සිද්ධියක් මේක.. >.<

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. ලියාගන්න බැරිකම මිසක්.

      Delete
  11. තව ටික දවසකින් කියයි ප්ලේන් එකෙ හිටපු 238 ක් ත්‍රස්ථවාදියො.. හිටපු එකම මිනිහවයි පයිලට්වයි මරලා දාල උන් 238 ප්ලේන් එකෙන් බිමට පැන්නයි කියලා. මෙච්චර ආස්චර්ය වෙන රටේ ඕක උනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ඔව්ව මෙහෙ සුළු දේවල්.

      Delete
  12. One Business Insider reader speculates that the missing Boeing 777 might have been headed for a small and irregularly used airport in the politically unstable northern tip of Sri Lanka, territory associated with the supposedly defunct Tamil Tiger terrorist group.

    http://www.businessinsider.com.au/where-is-malaysia-plane-2014-3

    ReplyDelete
    Replies
    1. ඔය ලියපු එකා ඇල්සයිමර් හැදුන කොටියෙක් මම හිතන්නෙ. හැබැයි ඔන්න දැන් ලෙමන්පෆ්ගෙ නිව්ස් සයිට් එකෙත් ඕක මහ ලොකුවට උඩින්ම දාල.

      Delete
  13. හෙන්රි වර්ණකුලසූරියMarch 15, 2014 at 10:35 PM

    මම නං මෙ සිද්ධිය වුන මොහොතේ පටන්ම මේ දක්වා මෙය මගේ පවුලේ හිතෛෂියෙකු පැමිණෙමින් සිටි ගුවන් යානයකට සිදුවූ අකරතැබ්බක් ලෙස මනසින් මවා ගෙන මගේ චර්යාව කොහොම වෙන්නට ඉඩ තිබුනාදැයි ප්‍රශ්න කරමින් සිටිනවා.

    මැත ඉතිහාසයේ අප අත් විඳි බරපතලම ඛේදවාචකයක්. ඉදිරියට මේ සිද්ධිය පදනම් කොට ගෙන චිත්‍රපට ඇතුළු විවිධ නිර්මාණ බිහි වේවි.

    ඉන්දික උපශාන්තත් උණු උණුවේම නිර්මාණාත්මක සිතුවිල්ලක නිරත වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳ නිර්මාණ ගානකට උල්පත් උන ඛේදවාචකයක්. සමහරවිට ඇමරිකන් කාරයො ෆිල්ම් එකක් ගහන්නත් බැරි නෑ ඉස්සරහට!

      Delete
  14. හොඳ වෙලාවට ඕකට බෑ ගත්තේ! නැත්නම් කොහේ බාන්නද ඔච්චර ලොකු ප්ලේන් එකක් නේ!

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා එව්ව බානගන්න පුලුවන් තොටුපොළවල් ඔය ආන්ඩුව ඇතුඑලෙ ඉන්න සමහරුන්ට තීනව.

      Delete
  15. ප්ලේන් එකක් වුණත් කාටවත් නොදැනි උස්සන්න පුළුවන් සුපිරි හොරු දෙන්නෙක් ගැන විතරයි මම නම් දන්නෙ. එක්කෙනෙක් Despicable Me එකේ Gru. අනෙක් එක්කෙනා අපේ හිත මිතුරු අභීත උදය බණ්ඩාර එදිරිසිංහ මැතිතුමා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචන්..... මේක කරේ හොර අභීතය වෙන්න පුළුවන්.....

      Delete
    2. අපොයි වෙන්න පුලුවන්. එහෙනං මීමුරේ පැත්තෙ පොඩ්ඩක් බැලුවනං හොඳයි.

      Delete
  16. ඔහොමහරි ප්ලෙන් එකක් ඇවිත්නම් එ මැදැ

    ReplyDelete
  17. ඔක්කෝමත් හරි අර නලියගෙ පුරස්නෙත් හරි කියමුකො!

    ReplyDelete
    Replies
    1. ඌත් ඉතින් දරුපවුල් කාරයනෙ බං.

      Delete
  18. අපිව බය කරන්න එපා යකෝ .... කරුමෙට හරි එහෙම වෙලා තිබ්බොත් ....
    මෙන්න අලුතෙන් ඇවිල්ලා මුත් ඕකම කියලා වෙන විදියකට
    http://kalusblogs.blogspot.com/2014/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්න දෙයක් නෑ.ලංකාවෙ බහුතරය මේ වෙනකොට හිතන්නෙ මෙහෙම තමයි.

      Delete
  19. අපේ මාරයා අයියා කියනවා ගුවන්යානයේ මඟීන්ගෙන් 40 දෙනෙකුට වැඩිය කේන්දර බැලුවොත් ඉරණම කියන්න පුළුවන්ලු. අන්න නියම වැඩේ. දැන් හැම ගුවන් ගමනටම කලින් මඟීන්ගේ කේන්දර බලමු. මාරයා අයියාටම කීයක් හරි හොයා ගන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. පාස්පෝර්ට් වෙනුවට කේන්දරේ අනිවාර්ය කරනු....!!!!

      Delete
  20. මෙතන බලවත් වෙලා තියෙන්නෙ මේ මාසෙ පලවෙනිදා ඉඳලා පටන් ගත්තු කුජ වක්‍රය...... ඉතින් ඒකාලෙ ඇතුලත මේ වගේ අනතුරු වෙනවා ...... මෙතන වැරැද්ද තියෙන්නෙ මැලේසියන් ආන්ඩුවෙ.....

    ඒ ගොල්ලන්ට තිබුනා පහත දැක්වෙන වත් පිළිවෙත් වලින් එකක් හරි කරන්න.....

    * සුදු මල් සමඟ රත්මල්,කනේරු මල් පූජා කොට බෝධි පූජා කිරීම
    * කතරගම දෙවියන්ට බාරහාර පුදපූජා කිරීම සෙත්කවි කියවා සෙත් පැතීම
    * කොලොන් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
    * රතු වස්ත්‍ර පූජා කිරීම දන් දීම
    * ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ රතු, කොරල් ගල් ඇල්ලූ ආභරණ පැලදීම
    * කන්ද කුමාර හෝ සීලම්බර යන්ත්‍ර නිසි ලෙස ලියා සකස් කොට ජීවම් කර පයිලට්ට පැලඳවීම..
    * භූමි නාග බලිය ඇරීම

    ReplyDelete
    Replies
    1. //* කතරගම දෙවියන්ට බාරහාර පුදපූජා කිරීම සෙත්කවි කියවා සෙත් පැතීම//

      අනික් මොක කලත් මේක හරියන්නෙ නෑ. මොකද බුවා මේ දවස්වල චන්දෙට වැඩ...පට්ට බිසී ඇති.

      Delete
  21. චීන්නු කළානං ආයෙ අහන්න දෙයක් නෑ.
    කොහොමහරි එහෙනං උත්තලත් ලෝක ප්‍රසිද්ධ උනා.
    නලිය අහන්න ඇත්තෙ මාධ්‍ය අංශෙන් කලින් ලියල දීපු ප්‍රශ්ණයක් වෙන්න ඇති.

    ගුවන්යානයේ මගීන් සියලුදෙනාම නිරුපද්‍රිතව හමුවේයැයි පතමු !

    ReplyDelete
    Replies
    1. උත්තල දැනට ප්‍රසිද්ධ දිව්‍යලෝකෙ විතරනෙ. මෙකෙන් තමයි නැගල ආවෙ. නලියට හාමිනේලු ලියල දුන්නෙ.

      Delete
  22. නලියාගේ ප්‍රශ්නෙයි,කෙහෙල් ලෙල්ලාගේ උත්තරෙයි වගේ ඒවානම් ලෝකේ ඕනෙම ප්‍රශ්ණෙකට ලෙසට ගැලපෙනවා.

    ඉන්දික උඹලගේ පොඩි ලොකු තාත්තාත් මාර පොරක්නේ. ඌ ෆ්ලයිට් එක කොහිල වලකට බස්සගෙන.

    ReplyDelete
    Replies
    1. පොඩ් ලොකුතාත්ත නයිජීරියන් බුවෙක්. යන්තන් ගැලවුනා. නැත්තන් කිඹුලත් කාල කොහිල කටුත් ඇනන්ං එන්න වෙන්නෙ.

      Delete
  23. මට දැනුයි මේ පෝස්ට් දකින්ට ලැබුනෙ මචෝ...
    යකෝ මාවයි..මගේ ගජේවයි ත් ගාවල නොවැ හෙක්...හෙක්...
    ඇත්තටම ඉන්දික ඒ පවුල් වල උදවියට කොච්චරක් නම් දුකක් ඇද්ද කියල මට හිතා ගන්න බැහැ බං ....
    උඹේ නිර්මාණය එල....ඕක ජිනීවා එකටත් ලියන්න ඇහැකියි ....
    මැලේ වල වගකිව යුත්තන්ට නම් අපිට මේ ගැන තියෙන ඇම්ම නැහැ වගේ පේන්නෙ .

    ReplyDelete
  24. //..මගීන් 239 දෙනාගෙන් 179 දෙනෙක්ම නිරුපද්‍රිතව සිටින බවත්,...//

    …එතකොට අනික් එවුන් :D

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails