Saturday, November 23, 2013

ඩේවිඩ් කැමරන් මෙච්චර ගේම ඉල්ලන්නෙ ඇයි? Discrimination to the world leader




ඩේවිඩ් කැමරන් නොහොත් බ්‍රිතාන්‍ය අගමැති තුමා චොග්ම් එකට ආවට මොකද හෙන මලෙන්නේ උන්නෙ.

කොටිම්ම සමහර රැස්වීමුත් මගෑරල, කැමරා කාරයො එක්ක යාපනේ මුඩුක්කු අස්සෙ රිංගල, මොන විළි ලැජ්ජාවක්ද කොරේ.

ඒ ඔක්කොම කරල අන්තිමට අපි නොකලොත් මිනිහගෙ එකක් දාල හරි අපේ අපරාධ හොයනව කියලත් මහ සත්තමක් දැම්මනෙ යන්න ඔන්න මෙන්න තියල.

කොටිම්ම මිනිහගෙ වැඩේ මට පෙනුනෙ නිකන් හරියට අර මගුල් ගෙවල් වලට ඇවිත් කාල බීල පස්සෙ මගුලෙයි, ගෙදර උන්ගෙයි වැරදි කියල ගේම ඉල්ලල්න ඩෝපර් කෙනෙක් වගේ.

ඒත් ඉතින් මේ හාදයට ඔච්චර මල පනින්න හේතුව මට හිතා බැරුවයි උන්නෙ.

සමහරු ඒක මිනිහ දෙමළ චන්ද ගන්න කරපු බොරුවක් වගේ කතා කිව්වට මම විශ්වාස කරේම නෑ. ඇයි අප්ප ප්‍රජාතන්ත්‍රවාදෙ මහ ගෙවල් දෙකෙන් එහෙක ලොක්කෙක් මේ අර දුමින්ද සිල්ව වගේ චන්දෙ කාලෙට විතරක් මුඩුක්කුවල ඇවිදල පොටෝ ගහන වැඩ හීනෙන්වත් හිතාවියැ!

ඒත් හැබැයි ඊයෙ මම වැඩෙට හේතුව හොයා ගත්ත.  

කොටිම්ම රාජ්‍ය බුද්ධි ඇංශයටත් බැරි උන වැඩේ මම ගොඩ දා ගත්ත.

සීන් එක මාට්ටු උනේ ඊයෙ මාතලන්ගෙ රැකමන්ඩේසම නිසා චොගන් සින්දුව බලන්න ගියාමයි.

කතන්දරේ මේකයි.

ඔය පහල තියෙන පිතූරෙ හොඳට බලන්න.


මේ කොමන් වෙල්ත් එක හදාපු, ලෝකෙ හත්වෙනි ලොකුම ආර්ථිකේ තීන, කොමන්වෙල්ත් එකේ ධනවත්ම රට වෙච්ච, න්‍යෂ්ඨික බලවතෙක් උන, කොටිම්ම ලෝකෙ සංනිවේදන මාධ්‍ය වෙච්චි ඉංග්‍රීසියෙ අයිතිකාර, අර තීජෝබලපරාක්‍රමැති එංගලන්ත මහා රාජිනියගෙ රටේ ඉහලම දේශපාලකය වෙච්චි, කොටිම්ම චාර්ලිට පස්සෙ උන්න නියමම සුද්ද වෙච්චි කැමරන් උතුමානන්ව වාඩි කොල්ල තියෙන්නෙ ගඳ බංගලි නෝනටත් පිටිපස්සෙ තිබ්බ තුන්වෙනි පේළියෙනෙ!

ඉතිං පලවෙනි දවසෙ මුලම උත්සවේ මෙහෙම කරාම මොන ලොක්කටද දෙය්යනේ හිත නොරිදෙන්නෙ!

අපේ ලොක්කනං ඔව්ව දන්න හින්දනෙ හයිවේ එකේ පටිය කපපු දවසෙ මර්වින් ලොක්කව ඉස්ස්සරහටම ගෙන ගත්තෙ. එහෙව් එකේ ෂුවර් එකට මේ කැත වැඩේ කරන්න ඇත්තෙ ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න බලං ඉන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයන්ගෙ බළල් මයිල්ම තමයි!

මාතලන්, ලියහන් ලියුමක් ලොක්කට මේ ගැන කියල. කැමතිනං වාටියෙ මා ගැනත් සඳහන් කරහන්.

පලි.
මොනා උනත් අර මුල පින්තූරෙ ඉන්න කොලුව ඇඳ ඉන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ටී ෂර්ට් එකක්. මුරලි දීලද දන්නෙ නෑ!

26 comments:

  1. ආ ඒකයි මේ සෙනග නැත්තෙ ! උබත් සරලොක් හොලම්ස් වගේ පොරක්නෙ... බලන් ගියාම..

    ReplyDelete
    Replies
    1. උඹල මට සලකනව මදි කියල හිතුන නේද?

      Delete
  2. තාත්තට කඩු පාර---බාප්පට නඩු වාර කිව්වලු..මේකයි මේ සීන් එක.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු තාත්තට නඩු...ඔය තේරිලා තීන්නෙ ගානට.

      Delete
  3. හි හි ,,චෝගම් ගැන ඉගෙනගත්තේ අපේ බ්ලොග් ලියන යාලුවන්ගෙන් තමයි , ඔයාගේ ලිපිය මං ආස විදියටම ලියපු එකක් , මට වැදගත් වුණා ,

    ReplyDelete
    Replies
    1. මේ ලියන ක්‍රමේ ඉගෙන ගත්තෙ අපේ ගෙදර වැඩට ඉන්න උන්දැගෙන්. උන්දැත් මේ විදියට මේසෙ උඩ තිබ්බ පිහි ස්ටෑන්ඩ් එකේ බස බස ගාල පණිවො එක්කම කොල ලියනව.

      Delete
  4. එව්වා ඉතින් අපේ ලොක්කගේ ගේම් තමයි.. හොඳ වෙලාවට කන්න බොන්න සෙට් නූනේ.. එහෙනම් ඉතින් කැමරන් ගොයියටත් හොඳ ලුණු මිරිස් ටිකක් කවලා තමයි නවත්තන්නේ..

    ReplyDelete
    Replies
    1. ලොක්කගෙ පඩේ අර මාරයට වඩා උඹට පුසුඹයි වගේ :)

      Delete
  5. හපොයි ඒකත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. ඒක නෙමෙයි අර මොකෑ මූණු පොතේ මඩ බාල්දි ඔලුවට හලන්නෙ කට්ටිය.

      Delete
  6. මටනං ඒ ෆොටෝවේ අර ගෑල්ලමයා ඇර වෙන මුකුත් පෙන්නේ නෑ ඕයි ....:D

    ReplyDelete
    Replies
    1. මටත් මුලින් එහෙම තමයි පෙනුනෙ. පස්සෙ කිහිල්ල අස්සෙන් බලද්දි තමයි මේක දැක්කෙ.

      Delete
  7. කැමරන් කාරයා දඟලන්නේ එංගලන්තේ ඉන්න දෙමල මිනිස්සුන්ගේ ඡන්ද ටික උගේ ඔඩොක්කුවට දාගෙන බලය රැකගන්නයි. මේකා මෙහෙන් ටියුෂන් ගත්තද මන්දා.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද විචාරක. සුද්දො එහෙමත් ජර වැඩ කරයිද?

      Delete
  8. සුලු පටුද මෙයා...අවුරුදු 40 ක් දේශපාලනෙන් තෙම්පරාදු වෙච්ච මැද මුලන කට්ට කයිරාටික අපේ මාමා එක්ක නොවැ මේ බට්ටි කොල්ලා හැප්පෙන්න හදන්නෙ....

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. දැක්කෙ නැතෑ ගාමිණී ජයවික්‍රම පෙරේරත් ඊයෙ පෙරේද බොසා ගැන හොඳ සැටිපිකට් එකක් මැදපු කොලේ දිල තීනව.

      Delete
  9. ඩේවිඩ් කැමරන් මෙච්චර ගේම ඉල්ලන්නෙ ඇයි?

    උඹ දන්න කෙංගෙඩිය. අභීතයා කැමරන් ලොක්කා ආපු ගමන් පවුල් 5,000ක ණයක් අරන් ගෙවල නෑලු. කැමරන් ස්කොට්ලන්ඩ්යාඩ් එකට පැමිණිලි කරලත් වැඩක් වෙලා නැතිලු. ඒකයි මල පැනලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනික් ඔක්කෝම දේවල් අමතක කළත් අභීතයා කරන පවුකාරම වැඩේ තමයි බ්ලොග් ලියන සුදු කොල්ලොන්ට ලොකු පඩි දෙනවා කියලා අරගෙන උන්ව සුද්දන්ට විකුණන එක. මේක නම් ඌට මේ ආත්මෙම පඩිසන් දෙන පවුකාර වැඩක්. සඳරුවා වත් අල්ල ගන්න ගිහින් ඌ අහුවුණේ නෑ කියලයි කියන්නේ. හැබැයි ඉතින් අහුවුණත් කියාවියැ?

      Delete
    2. පවුල් 5000 ක් !!!!

      බුදු අම්මේ පවුල් කවුද බන් ණයට ගන්නෙ ? ඒ ගත්තත් 5000ක් ? ඌ තාම යහතින් ඉන්නවද දන්නෑ !! ?? හැක හැක... :D

      Delete
    3. ඇනෝ 1,

      එතකොට කැමරනුත් මී මුරේ ගිහින්ද?

      ඇනෝ 2,


      අනේ නිකන් කතා හදන්න එපා බන්. උන් එහෙම නරක වැඩ කරයි කියල මම නං හිතන්නෙ නෑ.

      සෙන්න,

      ඒක නිසා මිනිහගෙ දැන් පවුල රැකෙන්නෙ නෑලු! ණය

      Delete
  10. තරහා යන්නේ නැති වෙයිද? පිටිපස්සේ පෝලිමේ හිටියයින් පැත්තෙන් තියෙන ස්ක්‍රීන් එකෙන් නේ බලාගෙන ඉන්න වෙලත් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම සීන් එකක් බං. ඔය ඔතන උඩ නැටුව තව කෙල්ලො ටිකක්. මුන් යටින් බලනවද කොහෙද "මිනිසුන් උඩ වැඩ" කොට.

      Delete
  11. චාල්ස් ලොක්ක ඉස්සරහට අරන් මොකද දන්නේ නැහැ කැරමල් කාරයව පිටිපස්සට දැම්මේ මරා මේක හිතා මතා කරපු දෙයක් වගේ.

    ReplyDelete
    Replies
    1. කැරමල් පස්සෙ දාල චොක්ලට් උඩින් තියල. මොකද තාම මිනිහනෙ නමට ලොක්ක.

      Delete

LinkWithin

Related Posts with Thumbnails