Wednesday, May 9, 2012

විරූපිනියගේ වෙසක් පැතුම.


බොල්ලැ වූ දත් දෙපළ
මුක්කංමේ නහය යට
කළු වලින් පිරි මුහුණ
අඳුරු ඇස් ගෙඩි පිරුන

ලෑලි මගෙ පිටිපස්ස
පැතලි උන පපු අස්ස
කෝටු කටු වූ වටොර
මොකෙක් නම් පිළිගද්ද

එහෙව් මගෙ සුවඳ මල්
භාවනා සිල් දහම්
පුදෙන් ලද පින් බලෙන්
පතමි යනු දෙව් ලොවට

නොවේ මට සැප පිණිස
නොලද මේ හිමි භවේ
කඩමි බඹුගේ බොටුව
දුන් කමට රති හැඟුම්

14 comments:

  1. ඒත් සංසාර චක්‍රය දික් කර ගන්න පැතුම් පතන්නේ..

    අදහස් නියමයි.. ජය !

    ReplyDelete
  2. මා දැක ඇති පරිධි සිත ගිය තැන මාළිගා තනන අයද නැතුවා නොවේ.
    රූපය සාපෙක්ෂ දෙයකි. කෙනෙක් බොම්බිලි කරවල පිළිකුල් කළද තවකෙකුට රජ බොජුනකි.

    ReplyDelete
  3. හරිම ලස්සන අදහසක්... බ්‍රහ්මයාගෙන් පලි ගන්න පින් කරන...

    ReplyDelete
  4. වෙනස්ම විදිහක අදහසක්..

    විරූපීව පෙනෙන වත ලග
    ලස්සන හිතක් ඇත සැගව..

    ReplyDelete
  5. හොඳ අදහසක්. ලස්සන කවි ටික.
    නියම තැනැත්තා ලඟට යන්ට පින් කරනවා...:D

    ReplyDelete
  6. විරූපී ඔය රුවේ

    නිසරුබව සිත්හීගෙන

    ජිවිතේ අනත බව

    නුවනින් පසක් කර

    ඝොර වූ සසර මග

    කෙටිකරන් නික්මෙන්න...........

    ReplyDelete
  7. නියමා......යි. සිංහය කලකට පස්සෙ!

    ReplyDelete
  8. කැත උනත් ලස්සන උනත් හැඟීම් හැමෝටම පොදුයිනෙ

    ReplyDelete
  9. ඒ පාර 'අත' පැත්තක තියල මොකාටද අඳින්න එන්නෙ ?

    ReplyDelete
  10. අම්මෝ සිංහය ඇවිත් කාලෙකට පස්සෙ....කවි ටික ලස්සනයි..මට තේරුනේ ටිකයි...:):)

    ReplyDelete
  11. නියම කතාවක්....

    ReplyDelete
  12. කාම තණ්හා, භව තණ්හා කියන දෙකෙන්ම මිනිසා පීඩා විඳිනවා නොවැ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails