Saturday, December 24, 2011

වාද බයිල කියමුද?



අපි ඉස්කෝලෙ සාමාන්‍යපෙළට කලින් අවුරුදුවල ජනප්‍රියම අංගයක් තමයි වාද බයිල. ෆ්‍රී පීරියඩ් වල දෙතුන් දෙනා බෙදිල ටීම් හැටියට නැත්තං තනි තනිවත් බයිල කියනව. එව්ව මේ කෙල්ලො අනික් උන් ගැන කියෝන බයිල වගේ නෙමේ නියම වාද බයිල. හැබැයි මෙවා තොටලඟ කුසුම්පාලල, අඟුලානෙ ගුණසිරිලගෙ වගේ හිටිවන බයිල නෙමෙයි. කටපාඩමෙන් තමයි කියන්නෙ. අපේ පන්තියෙ හිටිය බයිල චක්‍රවර්ති තමයි "බන්ධුසේන". මිනිහගෙන් දහම්පාසලේදී තුන්දොර ඇහුවම බණමඩුවෙ දොරවල් දෙකයි බුදුමැදුරෙ දොරයි කිව්වලු. දෙවරක් චක්කරේ පාඩම් නෑ. ඒත් බයිල කියයි එළි වෙනකල්. ඒ කාලෙ මාත් තරමක බයිල කාරයෙක් ( දැං කියලත් මොන වෙනසක්ද? ).

ඔය වාදෙ රීතිය තමයි එක පාර්ශවයක් එකක් කිව්වම ඊළඟ පාර්ශවෙන් තව බයිල එකක් කියන්න ඕන. එකකට එකක් ගැලපෙන්නත් ඕන. අන්තිමට බයිල මතක නැති, නැත්තං ඉවර උන පාර්ශවය පරාදයි.

බයිල වාදෙ පටන් ගන්නෙ මේ වගේ පොඩි අරාධනාවක් එක්කම යන ගේමකින්.

බයිල කියන්නද ආවේ ඉඳා පුටූව…
පුටුව යටින් එවනව මගෙ අල්ලිස් කටුව…



විරුද්ධ පැත්තෙනුත් එනව ගැලපෙන කින්ඩියක්..

එකක් දෙකක් දැනගත්තට එපා බුරන්න..
ගෑණු ගහයි වළං කට්ට කරේ හිටින්න..



ඔහොම නැගගෙන එනකොට අනික් පැත්තෙ එකාව පොඩ්ඩක් පාච්චල් කරල දාන්න එනව මෙන්න මේ වගේ "ලයිට් කැපිලි"


අගල් දිගේ බකල ගගහ එනව කබරයා…
උඹටයි මටයි මොන බයිලද පළයං පරයා....



ඒවට උත්තර ටිකක් සැරයි. ඔන්න ගේම හැරෙනව පුද්ගලික අපවාද වලට...

ගේ කුරුල්ල බිත්තර දැම්මේ ගස් මුට්ටියේ..
උඹලැයි අම්ම උඹව හැදුවෙ කක්කුස්සියේ...


ඔන්න ගේම උපරිමේ..හරියට පාර්ලිමේන්තුව වගේ...

ඉඳා මල්ලි සත දහයක් කාපං අන්නාසී,
එහා වෙලේ පාසී..
බොලෑ අක්ක වේසී...


ගැළපෙන උත්තරත් තීනව

ඉඳා මල්ලි සත දහයක් බීපන් සෝඩා...
බයිල පොලේ රෙන්නෙ නැතුව අන්ගිඩිපෝඩා...


ඔහොම නැගල යන බයිල වාදෙ එක වෙලාවකදි එක පැත්තක බයිල අඩු වෙලා උත්තර පරක්කු වෙනකොට මෙන්න මේ වගී අමතර කැපිලිත් දානව හැබැයි මේව කවුන්ට් වෙන්නෙ නෑ.

මොකද මල්ලි මොකද මල්ලි බයිල පරක්කු
වෙදමහත්තය බොන්න කිව්වෙ පරණ අරක්කූ?


මේ බයිල වල ඉලක්කෙ අම්මල, තාත්තල අක්කල නංගිල විතරක් නෙමේ ගෙදර ඉන්න බල්ලො පූසො පවා වෙනව. ඒත් අන්තිමට ගුටිත් කෙලගෙන සතුටින් ගෙදර ගිහින් පහුවෙනිදට පුළුවන් උනොත් ආයිත් ගේමට සෙට් වෙනව. මොකද කවුරුත් බයිලවල කියන අපවාද පුද්ගලිකව ගන්නෙ නැති නිසා.



එහෙනං මොකද කියන්නෙ. කියමුද තරඟෙට?

තරඟෙට බයිලා මම කියනව ගොතලා
හරබර පද කියන්න වරෙන්කො හැපිලා


පලි.
මේ බයිල ගැන කකාත් කියල තිබ්බ. ඒත් එතනත් හැමදාම අහන බයිල මිස අලුත් එව්ව තිබ්බෙ නෑ!

පපලි.
නත්තල ගෙනාපු පෘතුගීසි අපිට දීපු තවත් දායාදයක් තමයි බයිල. අපි බයිල උන්ට වඩා හොඳට කියනව නොවුනත් ගහනවනෙ. ඒ වගේ නත්තලත් උන්ට වඩා හොඳට නොකෑවට විකුණනව.
සමරණ ඔබ සැමට සුභ නත්තලක්...

40 comments:

  1. ඒ පාර මෙතනත් බයිලා ගහන්න තියා ගත්තද ? :D

    ෂඃ...ඒක නම් මරු අතීතය....
    අපේ පංතියෙත් හිටියා බයිලා ඔස්තාද් ලා..උන්ට මාර තැනක් තිබ්බෙ..

    ReplyDelete
  2. වාද බයිලා තාම රූපවාහිනීයේ යනවා නේද? මං 2010 ජනවාරියේ රූපවාහිනී සංස්ථාවට ගිය වෙලේ දැක්කා කට්ටිය රෙකෝඩින් එකක්.

    ReplyDelete
  3. මේක පට්ට මේක පට්ට උපශාන්ත බයිලා
    නම තිබ්බට මූ කවදද ශාන්ත අයියා..???

    ජය ශ්‍රි කීවා..!

    ReplyDelete
  4. අයියේ බයිලා ගයන්න ඕන්න මාත් සෙට් උනා
    මාරගන්න හැකි ටයිට්ල් ගනිං කෝ ඇදලා

    සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  5. පූසා-

    ටයිට්ල් ඉල්ලන්නෙ මල්ලි මක්කැයි මේ ඝෝෂා..
    අපිත් එක්ක හැප්පෙන්න ඇවිත් ගලේ රීපු පූසා..

    :-)

    ReplyDelete
  6. කන්න ඕන නම් මොකාද වෙනව තලගොය
    එන්නෙ කවුද වාද වලට නොදා කබරයා

    ReplyDelete
  7. ඇත්ත ඇත්ත හොඳට විකුනනව නම් තමයි...ඉස්කොලේ යනකාලේ..ඔයවගේ ආතල් වැඩ කොච්චරද නේද මචං

    ReplyDelete
  8. අප්පා....බයිලද?.....ඉස්කෝලේ 8,9 ඉන්න කොට ෆී පීරියන්ඩ් එකක් හම්බවුනොත් කලේ ඕක තමයි.....දැනුත් ඉතින් සෑහෙන බයිල කියනව ...ඔපීසියට පරක්කුවෙලා ගියාම එහෙම....

    ...
    බොටයි මටයි මොන බයිලද පලයන් සොක්කා....
    ඉඳාමෙන්න සත දහයක් බීපන් සෝඩා...

    ReplyDelete
  9. ඉර වර වර ඉරටු මිටිය වර
    බයිලා රජෙක් ඉන්නවා නම් ඉස්සරහට වර

    ReplyDelete
  10. අපි නම් මේ වාගේ ඉවෙන්ට් ඉස්කෝලේදී සංවිධානේ කරලා නෑ අපි ඉතින් ඉස්කෝලේදී කීවේ මවු ගුන ගීත තමා

    සිතුල් පවුව වෙහෙර ලඟට සඳක් පායලා
    කුසල් වලින් ටිකක් අරං යන්ඩ පේවෙලා

    ඔන්න ඕකත් හෙන බයිලයක් වගේ කීව හැකි

    ReplyDelete
  11. කවුළු පියන් පත් වහන්න සඳලුතලාවේ
    ඔබ දුරයි නෙත ට මා සිටිනා ලවැලි තලාවේ.....

    ඔබ දුරයි නෙත ට මා සිටිනා ලවැලි තලාවේ
    කවුළු පියන්පත් වහන්න සඳලුතලාවේ...........

    මේ සින්දුවත් බයිලාවක් විදිහ ට නියමෙට කියන්න පුළුවන්..... :D

    ReplyDelete
  12. අනේ ඇද්ද ලනුව දැම්ම කොඩිය සිලෝන් එකට....
    සිලෝන් එකේ බස් දුවන්නේ මගේ නමට ........................

    ReplyDelete
  13. සිලෝන් එකේ බස් දැක්කම උඩුබුරන්නෙ බල්ලෝ
    කොට කලිසම තෙත් කරගෙන ඇයි මේ චූ කොල්ලෝ

    ReplyDelete
  14. මටත් මතකයි. අපේ හිටියා නාලක කියලා පොරක් දෙනවා පැය ගනන්. උගේ කටේම තිබ්බ එකක් අදත් මට මතකයි.
    කැළණි ගගේ පාවෙන්නේ දිග දිග බම්බු....
    තව එකක් ...... මතක නැහැ.
    නියම මතකයක් ඇවිස්සුවේ.

    ReplyDelete
  15. මං යන කොට රේල් පාරෙ ටෙනිස් ගහනවා
    ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා

    ReplyDelete
  16. ලකී,

    අමුතුවෙන් මොනාද බං, හැමදාම ගහන බයිල තමා!

    ඔව් බයිල කාරයොන්ට සහ චන්ඩින්ට ගායකයන්ට වඩා තැනක් තිබ්බ.

    ---------------------------------------------------------

    කතන්දර,

    රූපවාහිනියෙ නිව්ස් බයිල වලට අමතරව මේවත් යනවද? ඉස්සර හැබැයි ටී එන් එල් එකේනං ගියා.

    ReplyDelete
  17. සෑම්,

    නම තියෙන්නෙ ඝන තියලා එහි කුමන දොසා..
    උප කෑල්ල නමෙ නොදැක්ක උඹයි පොට්ටයා..

    ReplyDelete
  18. ඊමේල් කවිකාරි,

    ඔබතුමීල රැප්, රෙගේ අහන අයනෙ නේද? අකමැති උනත් ඉතින් ලංකාවෙ වැඩිපුරම ඇහෙන්නෙ බයිල තමයි!

    ReplyDelete
  19. පූසා,

    ටොපික් වලට මොන බයිලද පල චූ කොල්ලා..

    සාරි ඇඳන් කවි කියපන් ගෑණු එක්කලා..

    ReplyDelete
  20. පිසාචය,

    අගල් දිගේ බකල ගගහ එනව කබරයා…
    උඹටයි මටයි මොන බයිලද පළයං පරයා....

    මේක වාදෙට මීට කලින් දැම්මෙ නැති නිසා ඔට්ටුයි හරී....:DD

    ReplyDelete
  21. රාජ්,

    ඉස්කෝලෙ යන කාලෙ කරපුව ගැන ලිව්වොත් ඉතින් මේක 18+ කරන්න වෙනව ඇත්තමයි..:DD

    ReplyDelete
  22. නීල නේත්‍ර,

    ජීවත් වෙනතුරු ජීවත් වෙන්න බයිල ගහනව!

    මෙන්න මේක විස්කි වලට දැපනෙ දාල වැටිල..
    සත දහයක සෝඩ බීල බයිල පොලේ රීල..

    ReplyDelete
  23. ඇනෝ 1

    ඉරටු මිටිය උඩ තියල එය උඩ ඉඳ ගන
    කෝටු කිතයි උඹ එක්කල රජාට මොන ගන

    ReplyDelete
  24. සඳරු,

    උඹලගෙ මව් ගුණ ගීත අපි නොදන්නවැයි..

    "තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න" මේක පුළුවන් බණ වගේ කියන්න.

    ----------------------------------------------------------

    මහී,

    එයාගේ මස්සිනා දැකලා මාව ඔරවලා
    යාල් පානමෙන් ගෙනාපු පිච්ච මලත් පරවෙලා
    යායට පායනා පෝය දාට එක්වෙලා
    වැද්දගෙ දුවව අරං පැනලා ඔජායේ කියා

    ReplyDelete
  25. ඔබ නුදුටු ලොවක්,

    අන්න පිසාචය උඹට දීල තරු එන්නම..

    ReplyDelete
  26. මහ වෙදනා,

    අප්පා මටත් ඒකෙ ඉතුරු පදේ අමතක වෙලානෙ...ඔය ගොඩක් බයිල හැබැයි මෙතන කියන්න බෑ මොකද ඉතින් 18+ ( අපි දහයෙ පන්තියෙදි කිව්වට මොකද )

    ReplyDelete
  27. ඔබාම,

    රේල් පාරෙ මම යනකොට කඩල බදිනවා
    කඩල ටිකක් ඉල්ලුවාම ඔබා රවනවා..

    ReplyDelete
  28. නියම බයිලා පාර නත්තලට.....

    ReplyDelete
  29. ඉන්දිකයා විකුනන්නේ පරණ දෙල් ගැට
    සරම කඩල බලපුවාම පුකේ කර ගැට

    ReplyDelete
  30. ඒ කන්දෙයි මේ කන්දෙයි බඹරු නටනවා
    ඔබාමාගෙ ලෑටි පුකට කපුටො කොටනවා..

    ReplyDelete
  31. කැලේ තියෙන කුණු ඔක්කොම කයි මේ නරියා
    කාලා කාලා නිදි අතරේ ඇල්ලෙක් කොරියා

    ReplyDelete
  32. Observer said... ඒක ෆට්ට.. :)

    @ ඉන්දික උපශාන්ත-

    අපට නැත්තේ වටිනා කමට අකුරැ දෙකේ 'උප'
    තොප වහන් ඉන්න පස්ස පැත්තේ තියෙනවනේ 'ලප'

    ජය ශ්‍රී !

    ReplyDelete
  33. කමෝන් සෑම්ඉන්දික......!!!

    ඉන්දිකයා මක්කෙයි මේ ඇදන් නාන්නේ...
    සිංහපැටිය අද නං මේ තණකොළ කන්නේ....

    ReplyDelete
  34. පිසාචයා බීල බීල කුණු උන එළ කිරි
    මල්වෙඩි වගෙ පුපුරනවල පුකේ දාපු ගෙඩි..

    ReplyDelete
  35. සෑම්,

    එළිසම රැකලා දීපන් වෙඩි වගෙ බයිලා
    උඹෙ කළිසම ඉරිලා බොරුනං බලපං නැවිලා

    ReplyDelete
  36. ඔබා මාම මොනවද මේ ණයට කහින්නෙ..
    නාකි ගහේ බෝල මිසක් කොළ දළු නෑනෙ..

    ReplyDelete
  37. ඉන්දික උපශාන්ත-

    කළිසම ඉරිලා ඇත්තයි බැලුවා නැමිලා..
    පස්ස හරවලා හිටපං උබ දැන් හැරිලා..

    ReplyDelete
  38. sAm sRi ,

    උඹෙ ඔය පොඩි නකුටු මීය කුණු කරෝල ගඳ..
    හෝදං වර අපුල්ලාල ඩෝබි වලේ බැස..

    ReplyDelete
  39. අපේ පාලක පන්තිය ගහන බයිලාවල හැටියට මේවත් බයිලද කිව්වලු :D

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails