
ගෑණු ජාතියට මේ දවස්වල එලව එලව ගහනව. මෙහෙං කකා, එහෙං දුකා.
එහෙං කවිකාරි, මෙහෙං ලාවට වගේ මං.
අපරාදෙ කියන්න බෑ වැඩේ නැගල ගිය නිකං බටකැලේ ගිණිගත්ත වගේ.
සමහර මල් මාමල කූඹී එහෙම ස්ත්රී පක්ෂෙට සපෝර්ට් එකට පොඩ්ඩක් කෑ ගැහුවට මං ගනං ගනී ඕව.
තුන් යහලුවන්ගෙ කතාවයි, අරුණිගෙ ඒකට ඈඳුතු කතාවයි දැක්කම වෙන යමක් ලියන්න හිතට ආවත් මේ ටිකත් කියලම මගේ බමුණු කතා ඉවරකරනව කියල හිතුව.
කවුද කියන්නෙ ගෑණු ජාතිය ජරා ජාතිය කියල? අනිව උත්තරේ පිරිමි ( හොරාට ගෑණුත් එහෙම නොකියනව කියලද? ).
මට හිතුන පිරිමි පාර්ශවේ ඇයි එහෙම හිතන්නෙ කියල මට හිතෙන හැටි ලියන්න. මේ මට හිතෙන හැටි. ඔබට හිතෙන හැටි යට කොටල යන්න.
පළවෙනි හේතුව.
සමහර ගෑණු ළමයි මණුස්සකමට, හිතවත්කමට හිනා උනාම, හොඳට කතා කරාම ගොඩක් පිරිමි හිතනව "හරි මේක කොට මොඩල් තමයි... ට්රයි කරොත් අල්ලන්න පුලුවන් " කියල.
එහෙම හිතන අයගෙනුත් සමහරු ඉතිං පදිනව පැට්රල් පුච්චං පස්සෙන්. කොට මොඩල් එකක්නං සමහරවිට වැඩේ ගොඩ, ඒත් එහෙම නොවුනම ඉතිං මල.
අන්න එතකොට බනිනව..."ඕක මහ ජරා බඩුව...ඕකි මට කොකා පෙන්නල අරුත් එක්ක සෙට් උනා (බලනකොට ඌ තමයි මුල ඉඳංම සෙට් වෙලා ඉඳල තීන්නෙ ).. පස්සෙ මුළු ගෑණු සංහතියම ගාවගෙන කියනව “මුං මහ ජරා ජාතියක් බං..."
අහල තීනවද අර පුන්සිරි සොයිසගෙ සින්දුවකත් කියන්නෙ මේ ගැන ....බිඳුවක් ඉවසා අහන්න හිතවත… අහන්න හිතවත...
දෙවැනි හේතුව..
සමහර ලස්සන (සහ ලස්සන නොවෙන ) ස්ත්රී උදවිය ඉන්නව එක පුන්සඳෙන් විතරක් නොසෑහෙන.
එතකොට ඔය අහක ඉන්න හාල්පාරුවොත් අර පොඩි පෙන්ටෝච් අරං යනව මේ අඳුර නිවන්න.
රුපියල් අස්සෙ අලුක්කා ගහන්න එනව කියල අර ගෑණු උන්දැ එලෝ ගත්තම, අන්න ලෝකෙටම තෙල බෙදනව .."අර අච්චර හොඳ මිනිහෙක් ඉන්දැද්දි අරකි අරුත් එක්කත් යනවනෙ..මුං මහ ජරා ජාතියක් බං"
තුවැනි හේතුව..
සමහර ගෑණු (ළමයි ) මේ එකට කාමරේ ඉන්න, උදේ හවා පන්තියෙ ලඟ ඉන්න එකීට හොරෙන් ඒ යාළුවගෙම කොළුව හරි සහෝදරයෙක් එක්ක හරි හිමීට සෙට් වෙනව.
එහෙම නැත්තං තමංගෙ එකා උපාසක ඩයල්නං හිරිවාතෙට වෙනම පැත්තකින් ටෙම්පරියක් අදිනව. ( සාමන්යෙන් කොල්ලො මේවගේ ඒව තමංගෙ බොක්කට හොරෙන් කරන්නෙ නෑ එකම කරත්තෙ බෙදාගෙන දක්කනව වගේ වැඩ මිස. අනිකට හොරෙං මේක කරන ඒවත් දාන්නෙ ගෑණු වැඩ හැටියට )
ඒත් විරුද්ධ පාර්ෂවේ උන්දැල හංගං කරණ වැඩ ගැන පිරිමි කතා වෙන්නෙ "මු ං මහ ජරා ජාතියක්..සත පහකට විස්වාස කරන්න බෑ නෙ.."කියල ප්රසිද්ධියෙමනෙ...
හතරවෙනි හේතුව...
පිරිමි තමංගෙ මස්සිනා එක්ක හොඳට සෙට්වෙලා අඩියක් ගහල, බොහොම සාමෙන් සමාදානෙං ඉන්නව. ගෑණු තමංගෙම ජාතියෙ නෑනලගෙ අඩු පාඩු හොය හොය ඉරිසියාවෙ පැලි පැලි අනේ අර අහිංසක මිනිහටත් මල ඇනයක් වෙනව.
ඔය අස්සෙ දෙමස්සිනාල මේ ගැන කියන්නෙත් "ඔහොම තමයි බං...ඔය ජරා ගෑණු ජාතියෙ හැටිනෙ නිකං පූසො වගේ "
පස්වෙනි හේතුව..
මාමල බෑණල කිසිම අරෝවක් නැතුව ( දෙදෙනාගෙන් එකකු ගෑණු ඩයල් නොවේ නම් ) ෆුල් ආතල් එකේ සෙට් වෙන්ව.
නැංදම්මල ලේලිලට අනේ මගේ කොල්ල කන්න ආපු එකා කියල ළමයෙක් පරක්කු එකටයි, උයන පිහින එකටයි මොන මඟුලක්වත් නැත්තං ඒ නැති කමටයි කෙහෙවලු අල්ලං මල ඇනේ වෙනව.
අර මාමල බෑනලට දෙන්නත් ඉතිං හිත්ං හරි කියන්නෙම " ජරා ගෑණු මුං මොකට මරා ගන්නවද, මොනව බෙදා ගන්න බැරුවද"
කූඹිනං (දුකා මාරය වගේ හිතවතුන් ඇර, මොකද උන් දෙන්න මඩ එක්ස්පෝර්ටර්ලනෙ ) මේක බලල මට කියයි උඹ ඔහොම උනාට අපි නෑ. ඔය උඹලගෙ ගෙදර ගැන වෙන්නැති කියල තීන්නෙ අරවද මේවද කියල.
මං මීළඟට දාන්න ඉන්න සේරීස් එක කියෙව්වම ඒත් මොලේ ඇති උන්ටනං තේරෙයි ඇවිද්ද පය දහස් වටී කියල කියන්නෙ නිකම්ම නෙමෙයි කියල.
පලි. කොට මොඩල් දන්නෙ නැති අය මීට වඩා වාහන ගැන දැනගන්න වෙනව.