Thursday, May 27, 2010

ආයුබෝං කිව්ව එහෙනං


ලක්බිම පත්තරේට පින්සිද්ධවෙන්න සිංහළ බ්ලොග් අවකාශය අඳුනගත්ත. කතන්දරට පින්සිද්ධවෙන්න කතා ලියන්න ආස හිතුන, පුරුදු උනා. හැමදාම අනුන්ට කරදර කරන්න හොඳ නෑ කියල හිතුන නිසා මන් හිතුව මගේම කියල කතන්දර පිටුවක් පටන්ගන්න. හැබයි මේකෙ කතන්දරගෙ වගේ ඇත්ත කතා විතරක් නෙමේ, අහන, ඇහෙන කතාත් ලියවෙයි.
මට බ්ලොග් ලියන්න උත්තේජනයක් වෙච්චි මාරය, දුකා වගේ අයටත් ස්තූති කරල නමෝ විත්තියෙන් මේ වෙසක් පෝය දවසෙ පටන්ගන්න වැඩේ කොච්චර දුරට හරියයිද කියල ඉස්සරහට බලමු! ලියන්න දේවල් නං ගොඩක් තීනව...මතක්වෙන විදියට ගලපගන්න උත්සාහ කරනව, රස නීරස තීරනය පාඨකයන්ට බාරයි. බය නැතුව කොමෙන්ට් කරන්න..කවදාවත් මකන්න අදසහක් නෑ.

10 comments:

  1. සුභ පැතුම්... දිගටම ලියන්න...

    ReplyDelete
  2. ආව් ආව්. තවත් කතන්දර කාරයෙක් .
    කතන්දර කියවන්න මම හරිම ආසයි

    ReplyDelete
  3. ලියමුකෝ අපිටත් බලන්න කතන්දර එහෙනම්. ජය!

    word verification අයින් කලොත් උදව්වක්.

    ReplyDelete
  4. දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්

    ReplyDelete
  5. @ නිශාචරයා Nishacharaya,
    @ Chanaka Aruna Munasinghe,
    @ nadeesthoughts,
    @ Hasitha,

    ඔන්න word verification අයින් කරා.

    මට මගේම බ්ලොග් එකක් ලියන්න ලබේවා කියල අපේ කතන්දර සහෝ නියත විවරන දුන්න වෙලේ එක වගේ දෙකක් ඕනි නෑ අරව මේව කියල පොර ටෝකක් දුන්නට ඇත්තටම හිතුනෙ නෑ මං මේකට මෙච්චර ඇබ්බැහි වෙයි කියල. කොහොම උනත් පුලුවන් තරම් සරලව හැමෝටම විඳින්න පුලුවන් රසවත් කතා ටිකක් ඒකතු කරන්න උපරිම උත්සාහ කරනව. සින්ඩියට යන්නත් ඉස්සෙල මගේ පොඩි කොමෙන්ට් ඒක දැකල ගොඩ වෙලා පිටට තට්ටුවක් දාල ඉස්සරහට යන්න ධෛර්ය දීපු ඔගොල්ලො ඔක්කොටොම පින්!

    ReplyDelete
  6. මගෙනුත් සුබ පැතුම් මචෝ. දිගටම ලියන්න. මඟින් නවත්වන්න එපා. :)

    ReplyDelete
  7. ලක්බිම කාරයෝ දැන් බ්ලොග් දාන්නේ නෑ නේද?

    අපේ දැන් වගකීම මේ බ්ලොග් ගැන සිංහල පාඨකයින් හැකි සෑ, විදියට දැණුවත් කීරීමයි.

    ඔබේ බ්ලොග් එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  8. @ කතන්දර

    මේ පැත්තෙ ආවට ගොඩක් ස්තූතියි. මං ඒත් හිතුව මුලින්ම ලියන්න විවරණ දුන්න වෙලේ අලි ටෝකක් දැම්මට අමනාපෙන්වත්ද කියල!

    ලක්බිම මොන හේතුවකට හරි ඒක දැන් නවත්තල.

    මම, මට පුලුවන් උපරිමෙන් ඒ දේ කරනව. අපි එක්කෙනෙක් අලුතින් කීප දෙනා ගානෙ හරි යොමු කරොත්, මේ විෂය මීට වඩා ජනප්‍රිය වෙයි. බලමු, උත්සහ කරමු.

    ReplyDelete
  9. හැක් .. හැක් මරැ කතාව !

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails