Saturday, November 12, 2011

නාන්න සෙට්වෙන්න මං ආ ගිය තැන්.



නාන්න ගිහින් ගහගෙන ගිය පුවත් බැළුවම තේරෙන්නෙ බහුතරයක් දෙනා නාන්න යන්නෙ හරි තැන නොදැන, එහෙම නැත්තං නාන විදිය නොදැන කියල. අවාසනාවකට රට වටේ මුහුදත්, රට මැද ගංගාවල් මහ ගොඩකුත් තිබ්බට අපේ රටේ ගොඩක් කොල්ලො කෙල්ලොන්ට පීනන්න බෑ, ඒත් ජම්මෙට වගේ වතුර වලක් දැක්කොත් පනිනව, පස්සෙ ගිලිල මැරෙනව.

මේ බ්ලොගේට මහ ගොඩක් එන්නෙ යන්නෙ නැති උනත් එන යන අය අතරෙ හරි මේ නාන්න පුළුවන් තොටවල් වෙරළවල් ගැන පොඩි කතාබහකට යන්න හිතුවෙ මෙන්න මේ නොදැන අමාරුවෙ වැටෙන අයට යම් උදව්වක් වෙන්නයි.

ඉස් ඉස්සෙල්ල හතරෙ පන්තියෙදි ගල්කිස්සෙ බීච් එකේ නෑවයින් පස්සෙ ලංකාවෙ මුලතිව් ඇර අනික් හැම දිස්ත්‍රික්කෙකම නාල තීනව කියල ආඩම්බර වෙන්න පුළුවන් උනේ මගේ වාසනාවකට ආරක්ෂාකාරීව නාන තොටවල් හොයා ගන්න පුළුවන් උන නිසා සහ මුහුදෙම්ම්ම නාල නාල ඉගෙනගත්තු පිහිනීමට පින් සිද්ධ වෙන්නයි.

මම මෙතන ලියන්නෙ මම නාපු ආරක්ෂාකාරී සහ පිරිසුදු තැන් විතරයි. ආරාක්ෂාකාරී නොවන හෝ මම නොගිය, අසා ඇති තැන් ගැන ලියන්න අදහසක් නෑ. ඒත් මේ හැරුනම තව හොඳ තැන් තියෙන්න පුළුවන් සහ ඒ ගැන ඔබේ අදහස් බෙදාගන්න එකතු උනොත් ආයෙ මටත් නිවාඩු ආපු වෙලාවක ට්‍රයි කරලවත් බලන්න බැරියැ :D

මම දන්න සහ මතක හැම තැනම එක පෝස්ට් එකකට දිග වැඩි හින්ද මේක දිස්ත්‍රික්ක වශයෙන් ලියවෙයි. ඒකත් එක දිගට මෙගාවක් විදියට නෙමෙයි වෙන පෝස්ට් අතරට ඉඩ තීන විදියට ලියන්නං.

ගඟක ඇලක දොලක මුහුදක නාන්න යනකොට මතක තියා ගන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තීනව. ඒ අතරින් මූලිකම දේ පමණට වැඩිය මත්පැන් නොබී සිටිය යුතු වීම සහ අනුන්ට පේන්න හෝ වැඩ පෙන්නීමට ඈතට යාම , කිමිදීම වගේ දේවල්. ගොඩක් ඔය වැඩ දාන්නෙ බිව්වමයි. අනික වැඩ කාරයො වෙන්නෙ අහල පහල කෙල්ලො ඉන්නව දැකපු ගැටව් තමයි.

මේ තීන්නෙ මම කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලත ආරක්ෂාකාරීව නාන්න පුළුවන් කියල හිතෙන තැන්.



වැල්ලවත්ත කිංරෝස් ක්ලබ් එක ඉදිරිපිට වෙරළ.


කොළඹ නගරෙ තිබ්බ ඉතාම හොඳ මුහුදු වෙරළ මේක උනත් පස්සෙ බම්බලපිටියෙ ඇළේ දියකඩනෙ හැදුවට පස්සෙ තත්වෙ තරමක් වෙනස් උනා. ඒ උනත් තාම ක්ලබ් එකේ ඉඳල ස්ටේෂන් එක පැත්තට යනකල් බීච් එක නාන්න බොහොම හොඳයි. අපි පිහිනීම සෑහෙන්න දියුණුකරගත්තට පස්සෙ වෙරළෙ ඉඳල කැඩිච්ච නැව කිට්ටුවටම පිහිනුව. ඒත් ඒ සීසන් එකට හෙවත් මුහුද රළු නොවන කාලෙට විතරයි. රළු කාලෙට වැළි නාල එනව මිස වැඩි දුර යන්න හොඳ නෑ.

ලංකාවෙ බටහිර වෙරලෙ සහ නිරිත වෙරළ ශාන්තවෙලා නෑමට සුදුසුම කාලෙ වෙන්නෙ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලෙයි. ඒ කාලෙට අපි කියන්නෙ මුහුද තට්ටෙ වෙනව කියල. මොක්ද වැළි පිටි වගේ සිනිඳුයි, වතුර හරිම පැහැදිලි යි ( රළ අඩු නිසා ) සහ මුහුදෙ ගැඹුර වෙරලෙන් මීටර් පණහක් පමන යනතුරුම අඩි හතර පහකට නො වැඩි නිසා.

මුහුදෙ නානකොට කාලෙ වගේම වෙලාවත් වැදගත්. උදේ ඉර නැග්ග වෙලාවෙ ඉඳල දවල් දොළහ විතර වෙනකල් තමයි හොඳ. ඉන් පස්සෙ මුහුද සැර වෙනව. ඒ නිසා පුළුවන් තරන් උදේට මුහුදට බහින්න. මේකෙ අනික් වාසිය තමයි උදේ අව්ව සැර අඩු නිසා හම පිච්චෙනවත් අඩුයි.


ගල්කිස්ස.

මේ තමා කොළඹ දිස්ත්‍රික්කෙ තීන හොඳම සහ ප්‍රසිද්ධම වෙරළ. කොච්චර හොඳ උනත් අවාසනාවට වගේ මෙතනත් සෑහෙන්න මරණ සිදුවෙනව. ඒකට මූලිකම හේතුව මත්වී නෑම සහ වැරදි දිනවල හෝ වැරදි තැන් නෑම.

මං කලින් කිව්ව වගේ මෙතනදිත් අර දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාළය තමයි නෑමට හොඳම. අනික් කාලවලදි උදේ වරුවෙ වෙරලෙ රැළි පෙරලෙන ගොඩ වගේ පරිස්සමින් නෑවට වැඩි ඈතට යන්න නරකයි.

ගල්කිස්සෙ නානකොට අනික් වැදගත් දේ තමයි තැන. ගොඩක් අය නොදන්න කමට මහ හෝටලය ගාව තීන බේ එකේ නානව.

හොඳම හරිය බෙර්ජයා මවුන්ට් රෝයල් හෝටලය ඉදිරිපිට මුහුද. එතැන සිට බෝට් ක්ලබ් එක ළඟට යනතුරු නෑමට සුදුසුයි. ඒත් ඉන් එහාට නාන්න මාරුයි. ලයිෆ් සේවින් ක්ලබ් එකෙන් එහාටනම් වෙරළෙ ඇවිදගෙන යන්නත් අමාරුයි පැල්පත්වාසි බට්ටො වල්ලල තීන නිසා.

ඔය පහල තීන්නෙ නාන්න හොඳ නැති ප්‍රදේශයෙ ගුවන් ඡායාරූපයක්.


ඔය පහල පිතූරෙ පේන තැන තමයිනෑමට නුසුදුසුම තැන.



මේ එතනම මුහුද සැර කාලෙ. පේනව නේද වැල්ලෙ රන් පාට වැඩිවෙලා මුහුදට තීන ආනතිය වැඩිවෙලා තීනව. ඒ තමයි මුහුද රළු සහ නෑමට නුසුදුසු ගැඹුරු වෙරළක් කියන එකේ සලකුණු.



ඉරිදට සහ සෙනසුරාද උදේ වරුවෙ මුහුද අනතුරු අඩු කාලෙට ලය්ෆ් ගාඩ්ලගෙ සර්විස් එක තීනව.




ඒ අය ඉන්නවනම් මෙන්න මේ වගේ කොඩි ගහල තීනව.


එහෙම කොඩි දෙකක් ගහල ඇති. ඒ දෙක අතරෙ නාන්න වග බලා ගන්න මොකද ඒ තමයි ඒ අය ආරක්ශාකාරී කියල හඳුනගත්ත ප්‍රදේශය සහ ඔවුන්ට කරදරයකදි පිහිටවිය හැකි සීමාව.

ඒත් මෙන්න මෙහෙම කොඩියක් ගහල තීනවනම් නාන්න අනතුරුදායකයි. ඒ කියන්නෙ ඉල්ලං කන්නැතිව රැල්ල පාගල ගෙදර යන්න තමයි තීන්නෙ.



තව සමහරු නොදන්න කමට මහ හෝටලය එහා පැත්තෙ ඒ කියන්නෙ ස්ටේෂන් එකෙන් රත්මලාන පැත්තට වෙන්න තීන හරියෙ නානව. ඒකත් අනතුරුදායක ඒරියා එකක්. හේතු දෙකක් හින්ද. එක තමයි ඒ හරියෙ මුහුද නෑමට සුදුසු නැති වීම. දෙක හොරු බහුල වීම. නාල එනකොට හොරු ඇවිත් කළිසං කමිස පරිස්සටම අරන්ගිහින් තියෙන්න පුළුවන්. මොකද ඒ පැත්තෙ ඒ තං මිනිස්සු ගැවසෙන්නෙ නැති නිසා.

ඔය කිව්ව තැන් දෙකට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙ ආරක්ෂාකාරීව මුහුදෙ නාන්න පුළුවන් තැන් මන් දන්න තරමින්නම් නෑ! දැන් කෙටියෙන් කියන්නං මිරිදිය නාන්න පුළුවන් තැන් කීපයක්.

කොළඹ තීන ලොකුම මිරිදිය ජලාෂෙ තමයි බොල්ගොඩ ගඟ. ඒකෙ අපි ඒ කාලෙ නාපු තැන් බොහොමයක් දැන් විනාසවෙලා, ජරාවාස වෙලා ගිහින්. ඉස්සර බොරුපන කරදියාන හරියෙ කොච්චර නෑවද. දැන් සේරම කුණු විතරයි, අර බේරෙ වැවේ වගේ.

ඒත් තව තැන් කීපයක් තීනව. ඒ අතරින් හොඳම තැනක් තමයි පුවක් අරඹෙ ගල ගාව.
මෙතනට යන්න තීන්නෙ මොරටුමුල්ලෙන් පුවක් අරඹ පාරෙ කෙළවර වෙන තැනින්. මේකට වෙන නමකුත් කිව්ව, ඒත් දැන් මතක නෑ. මෙතන ගඟේ මඩ අඩුයි, ගැඹුරත් නෑ, නාන්න බොහොම හොඳයි.

අනික් තැන තොටුපොළ හෝටලය. මෙතන ටිකක් වියදම්, මොකද නිකන් ගිහින් නාන්න බැරි නිසා. ඒත් මෙතනට ගිහින් බියර් බීල නිකන් එන්නෙ නැතිව කම්බිය දිගේ පහළට ගිහින් නාල එන්න වගේ විශේෂ පහසුකමුත් තීනව.

මෙයට අමතරව අළුතෙන් හදාපු හෝටල් කීපයක් තීනව කියල ඇහුවත් හරියට නොදැන යමක් කියන්න අමාරුයි.

දැන් කියන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙටම අයිති ඒත් ටිකක් දුර තීන තැන් දෙකක් ගැන.

කළු අග්ගල වක් ඔය.

මෙතන ගොඩක් වැහි කාලෙට නාන්න බෑ. මොකද ඔය දෙගොඩ තලා යනව. ඒත් අනික් කාලෙට බය නැතුව නාල කාල එන්නපුළුවන් තැනක්. කළුග්ගල හන්දියෙන් හැරිල වග පාරෙ ටිකදුරක් යනකොට තීනව පොඩි සුරුවමක්. එතනින් දකුණට හැරිල ගියාම වමට හම්බුවෙන පළවෙනි පාරෙ ච්ට්ටක් යනකොට ඇති වතුර ටැන්කියක්. මෙන්න මෙතනින් පේනව ලොකු විසාල බට වගයක්. මේ බට උඩට ගොඩවෙලා ටිකක් ඉස්සරහට යනකොට තමයි තැන.


හිතාගතෑකිනෙ වැඩි විස්තර.


කළු අග්ගල රන්මුදු ඇල්ල.

(පින්තූරෙ දිනමිණ පත්තරේ අනුග්‍රහයෙන්.)

මේක තීනෙත් කළුග්ගල වග පාරෙ කෙළවරට ගියාම හම්බුවෙන තුම්මෝදර පාළමෙන් වමට හැරිල උඩට ගියාමයි.

ඒත් මේ ඇල්ල ගාව මිනිස්සු නාල විනාස කරල නිසා ඇල්ලට හැරෙන්නෙ නැතුව ඒ පාරෙම තව ටිකක් උඩට ගියාම පාරෙ වම් පැත්තෙ කැලේ අස්සෙන් මෙන්න මේ විදියට ගල් අස්සෙන් සීතල වතුර පිරුණ ඔය ගලා බහිනව. නාන්න පංකාදු වතුර.


බීල ඉන්නවනම් ලෙස්සයිද කියල පරිස්සමින්. ගමේ පොරක් අල්ලගත්තනං මය්යොක්ක ටිකක් රා ටිකක් හොයා ගන්න බැරිවෙන්නෙ නෑ.

මීට අමතරව ලබුගම හා කළටුවාව ජලාශ දෙකත් නාන තැන් තීනව. ඒත් එව්ව පොදු ජනතාවට අකැප නිසා ලියල තේරුමක් නෑ.

කැළණි ගඟෙ මම දන්න තරමින් කොළඹට මායිම්වෙන් කිසිම ආරක්ෂාකාරී පීනල නාන පුළුවන් තොටවල් ඇත්තෙ නෑ.

පාළංතුන හන්දියෙත් ඉස්සර නෑව. තව අර බෙල්ලන්විල වතුරබටේ ලඟ, අත්තිඩියෙ බන්ටෙකට පහල, කව්ඩානෙ වෙළ ගොඩකරපු තැන වගේ ඉස්සර නාපු ඒ තැන් නං දැන් කකුළ හෝදගන්නවත් බැරිතරන් ජරාවෙලා!

ඉතින් මෙයිට අමතරව මේ පැත්තෙ නාන්න පුළුවන් තැන් තීනවනම් කියන්න, ආවම ට්‍රයිකරන්නවත් බැරියැ.

මීළඟට කළුතර දිස්ත්‍රික්කය.

Saturday, October 22, 2011

ගඩාෆි ගැන නොකියන කතාව!




පාරේ වෙළඳාම් කල උපාධිධාරී රැකියා වියුක්තිකයකුගෙන් ඇරඹි අරාබි ජන රැල්ල එහි කූඨප්‍රාප්තියට එළඹෙමින් තිබෙ.

මුලින් ප්‍රංසයේ හමුදා සහය පවා දෙන්නට පොරොන්දු වී “බෙන් අලි” ට කෙලවෙන විට අනික් පැත්ත හැරුනු සාර්කෝසි තම නොමේරූ විදේශ ඇමතිනියද පලවා හැර අත සෝදාගත්තේ කිසිවක් නුවූ විලසය.

අරාබි ලොව පමණක් නොව මුළු මහත් අප්‍රිකා අරාබි කලාපයේම ශක්තිමත් නායකයා ලෙස් විරුදාවලී ලත් ගඩාෆි එළවීමේ කුමන්ත්‍රනය කලක් තිස්සෙ රහසේ සැලසුම් කර සාර්කෝසිගේම ආශිර්වාදයෙන් බෙන්ගාසියෙන් එලි බැස්සේ ඉන් පසුවය.

බටහිර මාධ්‍ය අනුව යන අපේ ගොනුන්ද උම්බෑ කියමින් ගඩාෆි ඒකාධිපතියෙකුයැයි කියති. මානව හිමිකම් නොසලකා හැර, තම රට වැසියාට නොසැලකූ නායකයකුට මේ උන දේ මෙවන් අනික් උන්ටත් හොඳ පාඩමැකියි කියති.

මෙසේ කියන්නන්ට අමත වූ දෙය නම ඔවුන් මේ වමාරාන්නෙ බීබීසී, අල්ජසීරා හා සී එන් එන් කියන්නක්ම මිස ඉන් එහ සෙවූ බැලූ යමක් නොවන බවය (ලංකාව සම්භන්දයෙන් මුන් කල කී දෑ අමතකව ගොස් ඇති හැඩයි).

සමහරුන්ට ගඩාෆි මල එක හොඳය. ඒ ඔහු මහින්දගේ කරට අතා දමා සිටි, මේ ආන්ඩුවට සිටි අංක එකේ ෆිට් එකක් නිසාය. එතන ඇත්තේද කුහක කමකි. මහින්දට කෙළ වෙන්නෙ නැති එකේ යාළුවෙකුටවත් කෙළ උනානෙ යැයි සිතා ප්‍රීති වෙති.

නමුත් මේ සියල්ලෝම - බටහිර සහ නැගෙනහිර - ගඩාෆි යනු කවුද යන්න සහගඩාෆිගේ ලිබියාව යනු කුම්ක්දැයි නොදැන සිටි බව පැහැදිලිය.

ඇත්තවශයෙන්ම බටහිර ලොක්කන් මෙය දැන සිටීමම ඔහුගේ අවසානයට හේතු විය.



සදාම් හුසේන්ට විරුද්ධව ගෙන ආ ලොකුම තර්කයනම් ඔහු විසින් කරනු ලබන මානව හිමිකම් කඩ කිරීම් සහ මානව සංහතියට එරෙහිව නිපදවූ විනාශකාරී රසායනික අවි ගැන කතාවකි. මෙම සීනි බෝල තර්කය ඉදිරියට දමා සදාම් නසා දමා ඔහුගේ ඉරාකය විනාශ කල බටහිරයන් අද ඉරාක වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම හිරගෙවල් වල අකේ පුරිමින් කියා දේ!

හුසේන්ගේ කාලයේ ඉරාක වැසියෝ ගැන මිස කුර්දි, ෂියා, සුන්නි මරාගෙන මැරෙන ඉරාක බෝම්බ කරුවන් ගැන අප අසා නොතිබුනි. එදා බැග්ඩෑඩයක් ගැන මිස ග්‍රීන් සෝන් එකක් යනුවෙන මඟුලක් නොතිබිනි. එහෙත් අද බටහිරයන් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් සුන්නි බෝම්බ කරුවො නිරායුධ ෂියා වන්දනාකරුවන් මරා දමති. ග්‍රීන් සෝන් එකෙන් එපිටට යෑමට ඇමරිකානු බ්ලැක් ඊගල් ආර්ක්ෂක බටයින්ට දහස් ගනන් ගෙවන ඉරාක ධනවතුන්, ව්‍යාපාර විනාසවී, ගෙවතු, ගොවි බිම් පාළු වූ අන්ත දුප්පත් ඉරාක ජනයා මහ මඟ, වෙළඳපොලවල් වල නිරායුධව මියයද්දී අහක බලාගෙන යති. එදා දහස් ගනන් සංචාරකයන් ඇද බැඳගත් යුප්‍රටීස් ටයිග්‍රීස් පුරාවස්තු පිරි බැග්ඩෑඩ් කටුගෙය අද කටුගෙට ගොස් ඇත. ඒ ඉරාකයට උදාවූ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයයි.

එහෙත් ඇත්තටම හුසෙන් එළවා දමා යැංකින් ඉරාකය අල්ලගත්තේ ඔය මොන කෙහෙම්මල් මානවහිමිකම් මඟුලක් නිසාවත් නොව ඔහු ඒ වනවිටත් ඩොලර් වෙනුවට යුරෝ වලින් තෙල් විකිනීමට ප්‍රංසය සමඟ වූ එකඟතාව බව අද බොහෝ ප්‍රසිද්ධ රහසකි.

තෙල්නොවිකිනෙන ඩොලරයට වෙන සන්තෑසිය හා එනිසාම තම රටට වෙන විපත ගැන නූලට ගනන් සෑදූ මානවහිතවාදි ඇමරිකානුවෝ කල් යල් බලා හුසේන් එළවා දමා තම තැන රැක ගත්තෝය.

හුසේන්ගෙන් පසු මැදපෙරදිග ඊළඟ කරදරකාරයා වූ ගඩාෆි හෙල්ලුනි. තම මිතුරකුම නුවූවත් සතුරකුද නොවූ හුසේන්ට බටහිරයන් එකතුවී ගහද්දී බල තුලනයක් නැති සහ ඒ වන විට කොන්ද කැඩී සිටි රුසියාවත් නින්දෙන් අවදිවෙමින් සිටි චීනයත් ඇමරිකානු පතුල් ලෙව කෑ ඉන්දියාවත් ගත් මඟ දුටු ගඩාෆි සිය සෘජු බටහිර විරෝදී පැහැය මදක් වෙනස් කොට ඔවුන් හා මිතුරු විය.

ලොකර්බි සිද්ඩියට සම්භන්ධ සැකකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාවේ යෙදවීම්ට උදව් දුන්නා පමණක් නොව එතෙක් බටහිරට වස තිබූ දොර කව්ළු හැර බ්ලෙයාර්ලා, බුෂ්ලා සහ ඔබාමලා සමග කෙබාබ් කන්නට පටන්ගති.

ගඩාෆි දිගුකල මිත්‍රත්වයෙ සුරත පිළිගනිමින්ම ඔහුට ගේම දෙන්නට ප්ලෑන් ගැසූ බටහිරයන්ට ගඩාෆිගෙන් වෙන්නට ගිය ලොකුම අනතුර ලෙස දුටුවේ ඔහු ගෙන ආ රන් ඩිනාරයේ සංකල්පයයි. ඉස්ලාම් තෙල් නිපදවන රටවල් සහ අප්‍රිකානු රාජ්‍යන් සමඟ ඩොලරයට එරෙහිව නිර්මානය කල මේ සංකල්පය ප්‍රංස ජනාධිපතිවරයා විසින් හැන්දින්වූයේ " මානව සංහතියේ මුල්‍යස්ථාවරත්වයට කරන ලද තර්ජනයක්" ලෙසයි.
මැලේසියාව, බෲනායි සහ අනෙකුත් උතුරු අප්‍රිකානු රාජ්‍යන් සමඟ එක්ව ගෙන එන්නට නියමිතව තිබූ මෙම රන් ඩිනාරයෙ සංකල්පය යම් හෙයකින් සාර්ථක් වුනි නම් මේ වන විට ඇද වැටෙමින් ත්බෙන යුරෝ සහ ඇමරිකානු ආර්ථිකයන් දණ නොව හාන්සිම වී යන බව කලින්ම ඉව වැටුන නැටෝව ගඩාෆිට විරුද්ද ගෝත්‍රිකයින් වූ "සුවය්යාහ්" වරුන් සමඟ කුම්න්ත්‍රනය ඇරඹුවේ 2010 සිට බව දැන් හෙලිවී තිබේ.

ලිබියාව යනු විවිධ ගෝත්‍ර අසූවකට ආසන්න ප්‍රමාණයක් ඇති විශාල භූමිප්‍රදේශයක් සහිත රටකි. මෙහි ගෝත්‍ර අතර සටන් ඉතිහාසය පුරාම දකින්නට තිබූ අතර ලිබියාව යටත් කරගෙන සිටි තුර්කින් සහ ඉතාලියනුවන් මෙම ගැටුම සමනය කර මේ ප්‍රධාන ගෝත්‍ර දෙක වන බටහිර ( ට්‍රිපොලි, බානි වලිද්, සර්ට් ) කේන්ද්‍රකරගත් “වාෆල්ලාහ්” සහ දකුණු සහ පෙරදිග කේන්ද්‍ර කරගත් ( බෙන්ගාසි, මිසුරාටා ) "සුවය්යාහ්" සමඟි කිරීමට දැරු සියලු උත්සාහයන් විනාස වී ගිය බව කියැවේ. එහෙත් එක්දහස් නමසිය හැට නමයේ කුමන්ත්‍රනයකින් බලය ලබා ගත් ගඩාෆි තම විරුද්ධ ගෝත්‍රයෙන්ද බිරින්දෑවකු සරණ පාවගෙන සැමට සම සැලකුම් සඳහා ඉස්ලාමීය සමාජවාදය" යන අදහසින් කටයුතු කරමින් එකසත් ලිබියාවක් ගොඩ නැංවීය. ඒ වනවිට මුළු මහත් අප්‍රිකා මැද පෙරදිග කලාපය පුරාවටම තිබූ විශාලතම ඇමරිකාණු ගුවන් කඳවුර වූ "ව්විලස් එයාර් බේස් " අකුලාගෙන ගෙදර යන්නැයි කී නිසා ගඩාෆි ආ දින සිටම බටහිර මිතුරෙකු නොවීය. ඇමරිකානු සහ ඉතාලි සමාගම් විසින් සොරා කමින් තිබූ තෙල් සම්පත ජනසතු කල ගඩාෆි එහි සියළු ප්‍රථිලාභ තම ජනතාවට ලබා දුනි.

ගඩාෆිට විරුද්ද්ධව බෙන්ගාසි කැරලි කරුවන් නැගී සිටින විට මුළු ලිබියාවේම තිබුනී නිදහස් සෞක්‍ය සේවයකි. ප්‍රාථමිකයේ සිට විශ්ව විද්‍යාලය තෙක්ද ඉන් නොනැවතී විදෙස් ටරක ලබන අධ‍යාපනයටද රජයෙන් ගෙව්වේඑ. මේ ඒවන් ගඩාෆි රජයේ තිබූ තවත් ප්‍රථිලාභ කිහිපයකි.

නොමිලේ ගෘහස්ථ පරිබෝජනය සඳහා විදුලිය.
පොළී රහිත ණය
සෑම සිසුවෙකුටම ඩොලර් 230ක මාසික දීමනාවක්
සියළු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් දායකත්වය රජය මඟිනි.
සේවා වියුක්තිකයන්ට ජිවත්වීමේ දීමනාවක්
සෑම විවාහක යුවලකටම නිවසක්
සියළු මෝටර් රථ බද්දෙන් නිදහස්
පාන්ගෙඩියක් ඩොලර් සත 05කි.
කාන්තාරයෙ සහ ගමමාණ වල විසූ සැමට පාණීය ජලය
උපදින සෑම දරුවෙකු සඳාම ඩොලර් පන්දහසක දීමනාවක්

මේ එකාධිපතියකුගේ වැඩවලින් තවත් කොටසකි.

ලොව එතෙක් මෙතෙක් නිමැවූ දීර්ඝතම කෘතිම ජල මාර්ගය හෙවත් මිනිස් අතින් නිමැවූ මහා ගංගාව ගඩාෆිගේ වැඩකි. එම ව්‍යාපෘතියට සමඟාමීව කාන්තාර හරහා එලූ මාර්ගවලින් මුළු ලිබියාවම යා කර සෑදූ ජාලයේම ආ පෙරදිග ලිබියානුවන් ගඩාෆි මරා දැම්මෝය.
ලිබියානුවන් 25% උසස් අධ්‍යාපනය ලැබූවන් වෙති. එහි සාක්ෂරතාව 82%කි. දරිද්‍රතාවයේ රෙඛාවට පහලින් සිටින්නේ ලිබියානුවන්ගෙන් සියයට පහක් වැනි සුළු පිරිසකි. පුරවැසියන් ලක්ෂයකට සිටින්නේ සිරකරුවන් හැට එකකි මෙය ඇමරිකාවේ හත්සියයකට වැඩිය!

එසේනම් උතුරු අප්‍රකාවේ තිබූ සමෘධිමත්ම රාජ්‍යයේ පාලකයා මෙසේ බෝක්කුවක් අස්සෙන් ඇද විත් මහමඟ වෙඩිතබා මැරුවේ ඇයි.

මෙයට හේතුව ඔහු බටහිරයන් කී ලෙසට නැටුවේ නැති බැවිනි. බටහිර මානව හිමිකම් විකාර සහ ප්‍රජාතන්ත්‍රවාදී බයිලා මීට වසර තිහ හතලිහකට, එනම් පරම්පරාවකට පෙර යන්තම් කූඩාරමෙන් එළියට ආ අරාබින්ට නොගැලපේ. ගල්ෆ් කලාපයේ සිටින්නේ තරමක් දුරට දියුණු අරාබි සමාජයක් වුවද අප්‍රිකාවේ සිටින්නන් තවම ඉන්නේ ඊට බොහෝ ඈතිනි.

මොවුන් පාළනයට දැඩි නීති මිස වෙන කිසිවක් නොසැහේ. මේ වග අපේ "හවුස් මේඩ්" කෙනෙකුගෙන් ඇසුවනම් සුද්ධ සිංහලෙන්ම දැනගත හැක. බටහිර ඔත්තුසේවා විසින් කාලයක් තිස්සේ ගැසූ ගැටය නියම ලෙස තද කරන්නට ටියුනීසියාවෙන් ආ රැල්ල පාවිච්චි කල අතර, අමන ගෝත්‍රිකයන්ගේ උගත්කම යටවී නැට්ට එළියට ආවේ කොටසක් ලිබියානුවන්ගේද සම්මා සතිය බටහිර මුලාවෙන් වැසී ගිය නිසාය. වැල යන අතට මැස්ස ගැසූ තව තවත් ලිබියානුවන් මෙයට එකතු විය.

ලොව පළමු වරට රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් අත ෆයි සීරෝ හා පැඩල් ගන් විය. උන් බෙන්ගාසියේ හමුදා කඳවුර බිමට සමතලා කල විට එහි ගිය ලිබියානු හමුදා සාමාන්‍ය වැසිය 420ක් මරා දැමුයේයැයි එක්සත් ජාතීන් කලබල විය. වහා යෝජනාවක් සම්මත කල එක්සත් ජාතීන් නේටෝවට බලය දුන්නෙ ලිබියානු ජනතාව බේරා ගන්නැයි කියාය.

අද ලිබියානුවන් තිස් දහසක් එලොව ගොස් මෙලොව සිටිනා උන්ට විමුක්තිය උදා කරදී තිබේ. එකතු නොවූ ගඩාෆි හිතවාදීන්ට අද ට්‍රිපොලි හි කුමක් වන්නේදැයි සෙවීමට නවී පිල්ලිය යැවිය යුතුය.

දැන් කොටි පුල්ලි පෙන්නමින් එංගලන්ත විදේශලේකම් පවසා ඇත්තේ අපට ලිබියාව ගොඩනැගීමේ අවස්තාව උදා වී ඇති බවත් තම ව්යැවසායකයින් ඒ දෙස උනන්දුවෙන් බලා සිටිනා බවත්ය.

ඩොලර් බිලියන දෙකක බොම්බ කට්ටිය එකතුවී ලිබියාවට දැම්මේ මේ නිසාය. නැතුව මොන ඒකාධිපතියකුවත් නිසා නොවේ.

මේ වනවිට සිරියාවේ බෂාර් අල් අසාද් විසින් දෙදහසකට අධික පිරිසක් මරා දමා තිබේ. අරාබි ලීගයද, ඇමරිකාව ප්‍රමුඛ නෙතොවද නිහඬය. ලිබියානු ඩොලර් බිලියන දහස් ගනනක මුදල් සිරකල ආකාරයට සිරියාට සම්භාධක පණවන්නේ නැත! චීනය හා රුසියාවද තම "විටෝ"ව පාවිච්චි කර එක්සත් ජාතීන්ගේ සම්භාධකද වලකා ඇත.

ඊයෙ පෙරේදා සවුදියෙ සිට සනීප වී ගෙදර ආ යේමනයේ “අලි අබ්දුල්ලා සලේ” මේ වනවිට දස දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මරා දමා තිබේ. නමුත් කාටවත් රුදාවක් නැත. මන්ද ලිබියාවෙ මෙන් බැරලය ඩොලර් එකට ගොඩ ගන්නට තෙල් යේමනයේ නැති නිසාය.

අවසානයේ කිව යුත්තේ පිස්සන් පාලනය කිරීමට පිස්සන් අතරින්ම බිහිවූ හොඳ පිස්සෙකු විනාස වී හමාරය. ලැබුනු බතත් මේ මඟුලෙන් පසු කෙලවෞන බව දැනගන්නා විට අවි අතදරා සිටින ලින්බියානුවන් යුරෝප සිහින් කුණු කූඩයට යවමින් තම තුවක්කු සුද්දන් දෙසට හරවනු ඇත. අපි එතෙක් බලා සිටිමු.

තම ජාතියට රටට අසීමිතව ආදරය කල නිසා අවසන් මොහොත දක්වාම සටන් කල ගඩාෆිද, තම පියාගේ අවසන් මොහොත තෙක් ඔහු සමඟම හිඳ නියම යුධ උපදේශකයකු සහ ප්‍රධාන ආරක්ශකයා ලෙස කටයුතු කල මුටාසිම්ටද මගේ නම් ඇත්තේ ගෞරවයක් පමණි!

මේ ගඩාෆිගේ කොලපාට සමාජයයි (සී ඒ චන්ද්‍රප්‍රේමගේ විකාර පොත නොවේ )

මේ මීට වසරකට පෙර ගඩාෆිගැන හොඳ කියූ යූ එන් එකේම නිල වාර්ථාවයි

Wednesday, October 19, 2011

කාටත් උරුම බෝතල් පහක්!





ඔබට අයිති නැති බෝතලය කුමක්ද?

ඒ කුමක් උනත් එය පාවිච්චි කර ඇති බවට ඔප්ප්පු කල හැක.

LinkWithin

Related Posts with Thumbnails