Monday, May 30, 2016

බ්ලොග් වසන්තය නි(ය)මයිද?


බ්ලොග් වසන්තය ෆේස්බුක් පේජයට අනුව ඡන්දයට එක් කල සියලු සටහන්වල එකතුව 223 කි.

ඒ අප බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ඉතා ඉහල අගයකි. වැස්ස, ගං වතුර සහ කකුල් මාට්ටු මැද වසන්තය පිටුවෙහි මෙතරම් ලිපි දැකීමට ලැබීම සතුටුයැයි යලි කිවිය යුතුද?

ඡන්ද ලද ගණන හෝ ලැබූ ඡන්ද ගණන නොව ඔබ ලියූ සටහන් ගණන ඉහල යාම, කලක් සිසිර නින්දේ හුන් බුද්ධි, සඳරු, බින්දි, ටොපිය මෙන්ම පසුගිය දිනවල බ්ලොග් අමතක කල සෑමා, ශාකුන්තල, රාජ්, දේශා, වැන්නවුන් යලි එක්වීමත්, බෝධිනී, මාරයා ආදීන්ගේ සටහන් යලි දකින්නට ලැබීමත් වසන්තයාගේ උපරිම සතුටට හේතූන් වේ.

ඉදින්, මේ වනතෙක් වසන්තය ෆේස්බුක් පිටුවෙහි අප දුටු සියලු සටහන් ඡන්ද පිටුවට එක් කලෙමු. මැයි 31 වෙනි හෙට රෑ ලන්කාවෙ වෙලාවෙන් 12.00 ඡන්දෙ දීම නැවතේ. එතෙක්, ඔබේ අවසාන මනාපය දෙන්නට බලා හුන් අයට අවස්ථාව.

ජයග්‍රාහකයින් කවුදැයි කාටත් පැහැදිලි නිසා, පළවෙනිදාට තෑගි සහ ඉදිරි පියවර ගැන කියන්නම්.

වසන්තය වසන්තයක් කරගන්න එක් වූ ඔබ සැමට තවත් වසන්තයකදි හමුවන තුරු දිනපතා රසවත් ලිපි ලියන්නට ජය හා ශක්තිය.

ප/ලි, වසන්තයා පිටුවෙහි වැඩිම ලිපි ගාණක් පළ උනේ කාගෙ බ්ලොගයෙන්ද කියා දුටුවෙහිද? 

LinkWithin

Related Posts with Thumbnails