Saturday, June 14, 2014

ආයි ආයි ඔන්න ආපි නිවාඩු නිවාඩු කාලේ...


ලංකාවෙදි අපිට ලැබෙන වාර්ෂික නිවාඩු විසි එක ඉවර වෙන්නෙ මාසෙට එක දෙක ගානෙ මගුල් ගෙවල් මල ගෙවල් වලට අරගෙන. අනික බැංකු වගේ ක්ෂේත්‍ර කිහිපයක හැර එහෙම දවස් විසි එක එක දිගට අරන් ගෙදර ඉන්න සිරිතක් ලංකාවෙ නෑ.

අනෙක් පැත්තෙන් මාසෙට නිවාඩු පහකට වඩා අනිවාර්යෙන් තීන ( සෙනසුරාද අමතක කලොත් ) ලංකාවෙදි සමාජමය වැඩ නිසා අර විසි එකත් මදි වෙනව.

ඒත් මෙහෙ අරාබියෙ තත්වෙ එහෙම නෙමෙයි. මෙහෙ සති අන්තෙට අමතරව නිවාඩු අවුරුද්දටම දොළහයි. මම හිතන්නෙ මේ රටේ විතරයි එච්චර ගොඩක්, කලාපෙ අනෙක් ඒවගෙ මීට අඩුයි. එයිට අමතරව වාර්ෂික නිවාඩුව කැලැන්ඩර් දින තිහයි.

ඔය වාර්ෂික නිවාඩුව කියන්නෙ එක දිගට අවුරුද්දක් වැඩ කරහම ලැබෙන මාසෙක විවේකය. ඒක දෙන්නෙ අර දුවපු අවුරුද්දෙ මහන්සිය නිවිල තවත් අවුරුද්දක් දුවන්න ජවය ගන්න, තමන්ගෙ නොදැකපු නෑයො, මව් දෙමාපියො දකින්න, ගං රටවල ගිහිල්ල ඒ ජීවිතේ විඳල එන්න වගේ දාහක් එකක් රාජකාරි කරගන්න.

සාමාන්‍යෙන් අපි වගේ පවුල් පිටින් ඉන්න, ළමයි මෙහෙ ඉස්කෝලෙ යන උන්දල මැයි පහුවෙනකොට සිහින මවන්න, සැළසුම් කරන්න පටන් ගන්නව ජූනි අග විතර පටන් ගන්න නිවාඩු යාමට.

මෙහෙ ඉන්දියානු නොවෙන විදේශික ළමයි බහුතරයඉගෙන ගන්නෙ බ්‍රිතාන්‍ය විෂයමාලාවට. ඒ අයට ඉස්කෝලෙ නිවාඩු ලැබෙන්නෙ ජූනි අග ඉඳන් මාස තුනක් එක දිගට. ඒවගේම රස්නෙ වැඩි නිසාමේ රටේ ඉස්කෝල වලත් ඇමරිකානු ඉස්කෝලවලත් නිවාඩු ඒ විදියම තමා. හැබැයි ඉන්දියානු ඒවගෙ ටිකක් වෙනස්. ඒ අයගෙ දිග නිවාඩුව එන්නෙ ජනවාරි සිට අප්‍රෙල්.

අපි ඉතින් ඔය නිවාඩුව එන කාලෙ වෙනකොට වැඩ වැඩි වෙනව වෙනදට වඩා. මොකද නිවාඩු කලෙ කෙරෙන්න ඕන දේත් සැළසුම් කරල, අනුප්‍රාප්තිකයන්ට බෙදල, වගු හදල පවරල යන්න ඕන. උන්ට හරියට නොදි වැඩේ අල උනොත් නැති අතරෙ, වැඩි වගකීම තමන්ටමයි. අනික ඒ පැවරුම හරියට නොකලොත් නිවාඩුවට බිත්තර කට්ටක් හොයාගන්න වෙනව ෆෝන් සින්ගනල් නැති. ඉන් පස්සෙ වෙන රස්සාවක් හොයා ගන්න වෙනව ආපහු ඇවිත්.

විශෙෂයෙන්ම බහුතර ඉන්දියානුවො මැද්දෙ ඉන්න ලංකවෙ කෙනෙක් වෙනකොට තත්වෙ ඉතාම දරුණුයි. සහයෝගය දෙන තරමට කපන්න උන්. එක අතකට ලංකාවෙ උන් හිටිය කියල වෙනසක් නැති වෙයි, මොකද ලංකාවෙ රස්සාව කරද්දි කපන්න බලන්නෙ අපේම උන්නෙ.

ඉතින් කොහොම හරි මමත් හෙට ඔය කියපු වාර්ෂික නිවාඩුවට පිටත් වෙනව. ඒත් ඉතින් මේ පාරත් පොසොන් පෝය මිස් උනා. සිංහල අවුරුදු සහ වෙසක් කියන්නෙ කොහොමත් අපිට අකැප නිවාඩු නෙ. මොකද පොඩි උන්ගෙ ඉස්කෝලෙ නිවාඩු නෑ ඒ කාල වලට. ඉතින් එකම චෑන්ස් එක පොසොන්. ඒකත් මාසෙ මුලට වැටිල මේ පාරත් මිසින්.

පෝය ගැන ඔච්චර වද වෙන්නෙ පොඩි ළමයින්ට ඒ වෙසක් සැරසිලි, දන්සැල් පෙන්නන්න බැරි වෙන නිසා. ඒවගෙ තියෙන ගුණ අගුණ කෙසේ වෙතත් පොඩි කාලෙ අපි ඕව බලල වින්ද ඒ චමත්කාරය අපේ පොඩි උන්ට ටිකක් හරි දෙන එක අපේ යුතුකමක්. එහෙම නැතිව බොරුවට ෆේස් බුක් එකේ ස්ටෙට්ස් එකක් දාල අපි තමා මේව අන්තිමට කලේ කියල දැන් කාලෙ උන්ට විරිත්තන එක නෙමෙයි.

පොඩි සැනසීමක් තීන්නෙ ඇසළ මාසෙ නුවර ගිහින් පෙරහර පැටියෙක් පෙන්නන්න චාන්ස් එකක් තියෙන ඒකයි. කතරගම නං ඉතින් ඇසළ වලට යනවට වඩා හොඳයි ගමේ ගොණාකෝවිල වඳින්න යනව.

මේ පාර නිවාඩුවට යන්න ගමන් කීපයක් තීනව. රත්නපුර බේරුවත්ත පාරෙ දිය ඇලි කීපයක් බලන්න. නැගෙනහිර වෙරළෙ පන්සල්, මුලතිව්වල වෙරළ, විල්පත්තුව මැදින් හදාපු පාරෙ අරිප්පු කොටුවයි ඩොරික් බංගලාවයි යෝධ වැවයි, පේසාලෙ වැලි පර වගේම සුපුරුදු ගල්කිස්සෙ වෙරළෙ බීල නිදා ගන්න, හික්කඩුවෙ කොරල් බලන්න, තංගල්ලෙ සී ෆුඩ් කන්න. මගෙ අම්මේ නිවාඩුවකට කරන්න කොච්චර දේ තීනවද!

එහෙනං අපි පුලුවං විදියට ආවට පස්සෙ හම්බුවෙමු. විශේෂයෙන් අටමවයි නලින්වයි අපේ තව පරණ මං එනකල් බලං ඉන්න බ්ලොග් මිත්‍රයෙක්වයි හම්බුවෙන්න ඕනමයි.

ගිහින් එන්නං!! මේකෙ දාන කමෙන්ට් වලට රිප්ලයි තව මාසෙකින් හමාරකින් තමා. ඒත් දිගටම බ්ලොග් බලනව කෝම හරි. ඒක දැන් මිදෙන්න බැරි ඇබ්බැහියක් වෙල ඉවරයි.






කොහොමද බලන්න මේ වීඩියෝ එකේ ඉන්න බුවාගෙ වික්‍රමය. මිනිහ වගේ කාර්යක්ෂම බුද්ධිමත් සේවකයො පිරිල ඉන්නෙ ලංකාවෙ රාජ්ය සේවය මතක් උනා මේක දැක්කම.

video


LinkWithin

Related Posts with Thumbnails