Tuesday, September 23, 2014

රෑට යළි ඉර පාන නැඟ එන වග නම්...!!





ගීතයක් ඔහේ  නිකම්ම අසන්නට දීමෙන් එහා ගොස්, එහි යම් අවස්ථාවක් හෝ සමස්ථ ගීතයම තම ජීවිතයේ පුද්ගලික සිද්ධියකට සම්භන්ධ කර, එම සම්භන්ධය පොදු අත්දැකීමක් ලෙස සියළු රසිකයන්ට දැනෙන්නට සැලැස්වීම ලෙහෙසි පහසු කාර්‍යක් නොවේ.

කොටින්ම එවැන්නක් ලාකීය ගුවන්විදුලි ඉතිහාසය තුල එතෙක් අත්හද බලා තිබූවක්ද නොවේ.

එවන් වටපිටාවක, ප්‍රවීන ගීත රචක බන්දුල නානායක්කාරවසම් අප වෙත ගෙන ආ රෑ ඉර පාන, අපූරු සහ අමුතුම අත්දැකීමකින් ශ්‍රාවකයන් මෝහනය කරන්නට සමත්විනි.

වර්ථමාන එෆ් එම් කරච්චල් සංස්කෘතිය නිසා ගුවන් විදුලිය එපා වූවෝ මෙන්ම, කොත්තුරොටි සංගීතය යනු සංගීතයයැයි රැවිටී සිටියෝද, නැති කමට දෙන දේ වළඳා වෙන දේ බලා උන් අති බහුතරයක් වූ රස කුමදැයි දන්නා රසවතුන්ද රෑ ඉරපාන මුල් රැස් දහරේ සිටම ඒ වටා රොද බැඳෙන්නට වූහ.

එය සැබැවින්ම රාත්‍රිය එළඹ අඳුරුව යමින් තිබූ සිංහල ගී ලොවට පෑයූ රෑ ඉර පානක්ම විය.

ගාල්ලෙ බන්දුලගේ කුඩා කල ගෙවුනු මහ ගෙදර, නිවෙස පිටුපස වෙල්යාය, රිච්මන්ඩ් විද්‍යාලය, පොල්ඉන්දුහේන්නේ නිවස පමණක් නොව ඔහුගේ බැංකු ශාඛාවද යන ඈ මේ සියල්ල අපිද ආ ගිය, යන එන තැන් බවට පත් වුනි.

බන්දුලගේ ළමා කල සිදුවීම් අපේ සහ පෙර පරම්පරාවල බහුතර දරුවන්ගේ පොදු හැඟීම් වූ නිසා, ඔහු ඒ හා ඉදිරිපත් කල ගීත අපේම ගීත විය.

ගීයක් පසුපස ඇති සොඳුරු කතාවක්, එයට සම්බන්ධ කවියක් හෝ වෙනත් සිද්ධි දාමයක් සමඟින් ඉතාම දුලබ, මිහිරි ගී රැසක් එක් කල තැනූ රෑ ඉරපාන, FM ගුවන්විදුලි ඉතිහාසයේ මුල් වරට දෙහෝරාවක් එක තැන හිඳ විඳින්නට අතිශය සොඳුරු අත්දැකීමක් අපට දුනි.

එවන් රෑ ඉර පාන, වසර ගණනක් සඟවා සිටි රසික රස හිත් සනහමින්, එතෙක් සුභාවිත සිංහල ගීතය කෙරෙහි වූ වූ තම උන්මාදනීය රසිකත්වය සඟවා සිටි  දහසක් දනන් කළඹවන්නට විය.

එය කලක් කතරක අතරමංව හුන් සිටි සිංහල සුභාවිත ගී රසික දනට පවස නිවන සිසිල් දිය කඳක්ම විනි!

මෙවන් සොඳුරු සහ දනන් හද කුල්මත් කල රෑ ඉරපාන කෙතරම් රසවත් වූවත්, එහි අන්තර්ගතය එතරම් වැදගත් වූ මුත්, එය ශ්‍රාවකයින් අසන්නන් පිළි ගන්නෙ නැතිනම්, එහි ඇති ඵලය කුමක්ද?

රෑ ඉර පාන ඇසූ කිසිවෙකුට, එයට පෙම් කල සහ ඒ වටා එක්වූ දහස් ගණනක් වූ රස හඳුනන රසික ප්‍රජාවට, ඒ තම සොඳුරු ලබැඳියා වූ ඉරපානට මෙම තත්වය ඇතිවිය හැකියැයි විස්වාස නොකරන්නට ඇත.

එහෙත්, ඒ ආදරණීය රෑ ඉරපාන සිය වැඩසටහන් සියයේදී, එනම් තම ජනප්‍රියත්වයේ හිණි පෙත්තේදී නවතා දමන්නට යෝජනා කල බවක්, අවසන් කිරීමට දැඩි බලපෑමක් තිබුණු බවක් මා කියුවෝතින්?

එය කිසිසේත්ම කිසිවෙකු පිළිනොගන්නවා ඇත.!

සත්‍ය සැම විටම ප්‍රභන්ධයකට වඩා විශ්මයජනකය.!!

කිසිවකු විශ්වාස නොකරන මුත්, දෙරණ නුහුලන ඒ බලපෑම ඉරපානට සිදුව තිබුනි. ශ්‍රාවකයන්ගේ වාසනාවට, මෙහෙයවන්නාගේ කැපවීමට සහ අනුග්‍රාහකයාගේ කාරුණිකත්වයට පින්සිදුවන්නට එදින එම කඩුල්ල පැන ආ මුත්, ඉරපානට වූ බලපෑම් එයින් නොනැවතිනි.

ඔවුන් මුලින්ම සෙනසුරාදා උදෑස ඉරපාන නැවත විකාෂය කපා දැමූහ. ඒ 2013 දෙසැම්බර් මුල සිටය.

කපා දැමීම නොව කපා හෙළීම ඉන් පසුව විය! අවසන, එතෙක් මෙතෙක් සිංහල ගී රසික ලොව එකළු කල ඒ මහා තාරකාව, රෑ ඉර පාන 2013 දෙසැම්බර් 22 දින නිවී යන්නේ, එහි කාලය අවසන්ව නොව රුදුරු ලෙස අවසන් කර දැමූ නිසාවෙනි.

රෑ ඉරපාන අවසන් වැඩසටනෙහි බන්දුලයන් පවන ලෙසින්ම, ලංකාවේ ගුවන්විදුලි නාලිකාවන්හි ජනප්‍රියත්වය මනිනා "රේටින්" කොම්පැණි කරුවන්ට අනුව ඉරපාන පල්ලම් බැස ඇත. ඔවුනට අනුව ඉරපාන තව දුරටත් ජනප්‍රිය, මිනිසුන් "අසන සහ ප්‍රිය කරනන" වැඩ සටහනක් නොවීය.

මේ අතිශය දරුණු චෝදනාවේ ප්‍රථිඵලය දෙසැම්බර් 22 දිනෙන් පසු ඉරපාණ නිවී යෑමයි.

ඒ ඉරපාන නිවී යාමේ ඔබ නොදත් කතාන්දරයෙන් කොටසක් පමණි. මෙහි මාද නොදන්නා සහ දන්නා තවත් බොහෝ අප්‍රසන්න සිදුවීම් වැළලී ඇත.

ඒ සියල්ල අමතක කර ඉර පාන නැවතත් උපදින්නට, ගී රසික පිරිසට එළිය දෙන්නට එයට හැකි පමණ උත්සාහ ගන්න ලදි.

ඒ, කිසිදිනෙක සැබෑ කළාකරුවන් මර්ධනය කල නොහැකි බැවිනි.

රෑ ඉරපාන ගුවන් විදුලි විකාෂය දෙසැම්බරයේ අවසන් කෙරූ  මුත්, නොසැලුනු ඉරපානේ හිතවතුන් අප්‍රේල් මස කොළඹදී හමුවී, එකට එකතුවී ඉරපාන වෙබ් පිටුව ඇරඹීය.

ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා ඇති මුත්, ඉර පාන කෙටි වැඩ සටහන් ලෙස බීබීසී සංදේශය හරහා විකාෂය විය.


එහෙත් ඒ කිසිවකින් සම්පූර්ණ දෙපැයක ඉරපාන වැඩසටහනකින් තරම් ශ්‍රාවක පිපසාව සංසිඳවන්නට නොහැකි බව රෑ ඉරපාන නිර්මාපකයාගේ සහ ඒ වටා එක්ව සිටි සැමගේ පොදු අදහස වී තිබුනි.

ඉර පාන ඇසූ, එයින් වශීව සිටි සැමගේ එකම බලාපොරොත්තුව එය යලිත් සිය පූර්ණ කිරණ දෙපැයක් තුල විදා හරිමින් අඹර අරා පායනු දැකීමම විය.

සුභාවිත සිංහල ගීතයට, රෑ ඉරපානට ආදරය කල සැමගේ සිත් පුබුදුවමින්, ඒ දිනය යලි උදාවන පෙරමග ලකුණු පහලවෙමින් ඇත! ඒ, එළඹෙන ජනේරුවේ සිට වෙනත් නාලිකාවක රාත්‍රියට ඉරපාන පායන්නට නියමිත බැවිනි.

නාලිකාව, දිනය සහ අනෙකුත් විස්තර ඔබට නුදුරේදීම දැනගන්නට ලැබෙනු ඇත. එසේනම්, නැවත වරක්, රෑට පායන ගී ඉරපානේදී හමුවෙමු!!




මෙන්න රෑ ඉරපාන යලි ඉපැදීම ගැන එහි සොඳුරු නිර්මාපකයාගෙ සටහන.

"චැනල් එක හොඳම එකක්....මට කරන්න කීවෙ වහාම ක්‍රියාත්මක පරිදි, මම ජනවාරියට දමාගත්තෙ,,කම්මලිකම ඇරගන්න....සමාවෙන්න එයට...පටන් ගත්තම දිව් හැටි පෙනෙනව නේද සති 115 ක්...ඔබේ ආදරයට තුති"

_________________________________________________________________________________

පසු සටහන - ඊයේ මධ්‍යම රාත්‍රියෙහිදි බන්දුල නානායක්කරවසම් මහතා විසින් පහත සටහන යොමුකර තිබුනි.

ඉන්දික 

මෙය බ්ලොග්  සටහන් කල විට  MOST  CHARACTORS  කියා  ගණනක්  විත් COMMENT  එක PUBLISH  නොකරයි 
කරුණා කර මෙය එහි දමන්න රෑ  ඉරපානට  ලැබෙන  හැම  ප්‍රතිචාරයක්ම  එහි වර්ධනයටත්  වඩා  හොඳ  ගී  අගයන්න  අද  සමාජය  පොළඹවන්න පිටුවහලක් වේවි 

මේ  ලිපිය  මගේ  වැඩසටහන  ගැන  ඇතිවුණු  හැගීමෙන්  ලියු  බව පෙනෙනවා 
ලිපියේ  සදොස්  තැන නිදොස් කරන්නට  සිතා සිටියත්  අධිකව  මේ දිනවල  රාජකාරියේ  පැටලී  සිටින නිසා  මඟ  හැරුනා 

මෙන්න  ඒ සමහර  දෑ 
-----------------------------

1. "රෑ  ඉරපාන " අදාළ  නාලිකාව  විසින්  කපා  දැම්මේ  නැත 
    සෙනසුරාදා  ප්‍රති විකාශය  2014 ජනවාරියේ  සිට නතර  කරන්නට එහි  කළමනාකාරීත්වය  තීරණය කොට  ඇතයිද , ඉරිදා  මුල්  වැඩසටහන  පමණක්    එම ජනවාරියේ  සිට  ඉදිරිපත්  කරන ලෙසත්  දැන්විණි.  දෙසැම්බර්  මුල්  සතියේ දැන්වීම  අනුව තීරණය  මගේ විය. දෙසැම්බර්  22 දාට පෙර  තීරණය  ලෙස මම ඔවුනට  කීවෙ එනම්  ඉරිදා ට  වඩා  ප්‍රති විකාශයට  සෙනසුරාදා  මහා  ශ්‍රාවක  පිරිසක් ඇති නිසා එය නොකපන ලෙසය 

නමුත්  දෙසැම්බර් 20 වන විට  මට දැනුම් දුන්නේ  ඉරිදා  රෑ  ඉරපාන  අවශ්‍ය  බවත්  ප්‍රති විකාශය  නතර  කරන බවත්ය 

මම ඉඳුරා  එරෙහි වීමි 

එක සෙනසුරාදාවක්  හෝ නොකැපෙන  සේ 29 වැනිදාට ප්‍රතිවිකාශයෙන්ම  අවසාන  වනසේ  සමු ගතිමි. හරි නම්  මා   දෙසැම්බර්  30 වැඩ සටහන  කල හැකිව තිබුණි. නමුත් එහි ප්‍රති විකාශය  නියමිත  ජනවාරි 5  වැනිදාය. ජනවාරි 1 වෙනිදා සිට  ප්‍රති  විකාශය  නතර කරනවායි කියූ  නිසා  එක වැඩසටහනක්  හෝ කප්පවා  ගැනීමට අකමැති වුනෙමි 

රේටිං  ගැන කීවේ  ඇත්ත  ක්‍රමය සොයා බැලූ  විට  ඇතිවූ  අප්පිරියාව  නිසාය ; මේ රේටිං  බොරුව ලොවට කිව යුතු නිසාය 

කපා  දැමීමක්  හෝ 'පල්ලම් බැසීමක් ' තිබුනෙම නැත අනික  'එය ශ්‍රාවකයන්  අසන්නන්  පිලි ගන්නේ නැත්නම් '  කියන  වැකිය  නොගැලපේ

මෙම  වැඩසටහන  සඳහා  අදාළ  අනුග්‍රාහකත්වය  එම ආයතනය  ලබා  දුන්නේ  මුළුමනින්ම  මා  හා  ඔවුන් අතර  වූ  දැඩි  සම්බන්දය  මතයි.  ශ්‍රව්‍ය  නාලිකාවක්  ලෙස ඔවුන්  නොදැන  සිටි  නිසා  වඩා  ආකර්ෂණයක්  හා පැකේජයක්  දීම  තුලින්       නාලිකාවට  මෙම  අනභිබවනීය අනුග්‍රාහකත්වය ලබා ගැනීමට  එවක   නාලිකා ප්‍රධානි  මා මිත්‍ර  නිලේන්ද්‍ර  දේශප්‍රිය  මහතා විසින්  මෙම      සෙනසුරාදා  ප්‍රති  විකාශය ලබා දීමේ  ප්‍රතිඥාව අදාළ ආයතනයට  දී සැනින්  රෑ  ඉරපාන  සැබෑවක්  කළේය 

2. තවත්  මෙහි රසවත්  කතාවක් වෙයි 


    මුලින්ම  මෙය  ඉරපාන  විය 
    ලබා දුන්  කාල සීමාව  ඉතා  ආකර්ශනීය  දැඩි  ඉල්ලුමක්  සහිත  සෙනසුරාදා  උදේ  8 - 10  විය 
    හරියටම  නිහාල්  වික්‍රම  මිතුරාගේ  'සති අග  සාදය ' විකාශය වුයේ  ඒ කාලයේදීය 
    මම මාධ්‍ය  රැකියාවෙහි  නියුතු වුවෙකු  නොවන නිසාත් , මිත්‍රත්වය  හා නිහාල්ගේ වැඩසටහනට  නිබඳ  සම්පත්  දායකයෙකු  ලෙස  සම්බන්ධ  වූ
    නිසා එම  වටිනා  කාල අන්තරයට  අකමැති  වීමි  ; ඒ අන්‍ය  නාලිකාවක් වුවත්  සදාචාරය  වෙනුවෙනි ; නිහාල් එය දනී 
    නිලේන්ද්‍ර  කීවේ "එහෙනම් තියෙන්නේ ඉරිදා  රෑ  7 - 9  පමණයි " කියාය ; එය කව්රුවත්  අහන්නේ නෑ  කියාය 
    මම අභියෝගය  බාර ගතිමි 

   'ඉරපාන "  "රෑ  ඉරපාන " ලෙස නම් කලෙමි   
   අනුග්‍රාහක  ආයතනයට  යන අතර  තුර නිහාල්ට  මා කල සත් ක්‍රියාව  ගැන කීවෙමි 
   " අය්යෝ  බන්ධු  තේරුමක් නෑනේ , මම  හැමදාම  ඒක  කරන්නෙත් නෑ 
      අනික  උඹයි  මමයි  එකම  වෙලාවේ  ගුවන් විදුලියෙන්  කතා කරන එක  කොය්  තරම් හොඳද ?"

     නිහාල්  එසේ  කීවත්  මම වෙනස් නොවුනෙමි 

     එම  දෙබස ඇසූ  කෙනෙකු ලෙස  නිලේ  පෙරකී  යෝජනාව  අනුග්‍රාහකයනට  කළේය 
     ඔවුහු  එදාම  එමොහොතෙදීම  කැමැත්ත දුන්නේ  අපගේ ප්‍රථම  වැඩසටහන  අසා  හැගීම්බරවය 
     එවන්  දුකසේ  ලබා  ගත්  වටිනා  අනුග්රාහකත්වයකට  පයින්  ගැසීමයි  මට ඇතිවූ  මුල්ම  කම්පනය 
අද කාලේ  දරුවන්  මරුවන් කරන බිහිසුණු  දෙයට  මුදල්  යොදවන  අය  අනන්තය , නමුත් මෙවැන්නකට  හංසයෙකු  දියට බසින්නා  සේ  උදව්  කරන  ආයතන  නැත 

දවසින් දවස  නොව නතර කර  මාස  9 ක්  ගිය තැන  අදද  ලැබෙන ප්‍රතිචාර  පුදුමය 
E  MAIL  ලිපින පමණක් 10,000 අභිබවා ඇත 

ඉන්දික මේ සියල්ල  කලේ  හදවතින්මය 
ඔහු මගේ  නිවැරදි  කිරීම් බලා පොරොත්තු  විය 
මගේ වරදින්  ඒවා  නොකිරීම  නිසා ඔහු  එලෙසම  එය පල කළේය 
දැන් නිදි මරාගෙන  උත්තර  දිය යුත්තේ  නිවැරදි කරන්නටය 
එයද ලෙහෙසි නැත 
ලියු  ටිකෙන් යමක්  ප්‍රකාශ  වන්නට ඇත 
රෑ  ඉරපාන  2013  හොඳම  සංගීත  වැඩසටහනට  හිමි   රාජ්‍ය  ස්වර්ණ  සම්මානය  හිමි විය 
වදනින්  විස්තර කල නොහෙන , ඉතා දීර්ඝව  වෙලාව  යන සිදුවීම් අනන්ත  ඇත 

ඒවා  කුමකටද ඔබට කියන්නේ ?

ඔබ බලාපොරොත්තු  දල්වා ඉන්න 

මම ඔබ හඳුනමි 
මම ඔබ  සුරකිමි 
මම ඔබ සනසමි බිලිඳු  වයසේ සිටින දරුවන්ගේ  සිට පරිනතයා  දක්වා මට නන්   දෙසින්  ලැබෙන ප්‍රතිචාරය විස්තර  කල නොහේ 
එබැවින් ඔවුන්  වෙනුවෙන්  මම නොකඩවා  ගුවනින් කතා කරමි 
කියන්න බැරිවුණු ගී හා ජීවිතය   පිලිබඳ  සම්න්ධය  නැවත පහදා දෙමි 
හොඳ දෙයට ඇති ඉල්ලුම  පැහැදිලිය 
මා සමග  ලගින් ඉන්න 
එවිට  කවුරු තනි කලත්  ඔබ ඇති සිතේ 

බන්ධුල

82 comments:

  1. මේ කතාව අස්සේ හැංගිච්ච යමක් ඇති කියලා මට හිතුනේ ,ඉන්දික මගේ බ්ලොගයේදී ටුතේ ගෙදර එන්න පොස්ට් එකේදී දාපු කමෙන්ට් එකත් එක්ක. එතනදිත් මං කිව්වේ තිරෙන් පිටුපස වුනු දේ නොදනිමි කියලා. හැබැයි මොනා වුනත් මේක ආපහු පටන් ගන්නවා කියලා ඇහුනු එක ගැන ඇත්තටම සතුටුයි . මේ වැඩසටහනට මේ තරම් බලපෑම් තිබ්බ කියන එක විශ්වාස කරන්නත් අමාරුයි ,

    මේ අඩුව මැකුවේ සන්නස්ගලගේ " හීන ඇහිඳින යාලුවෝ" වැඩසටහන , හැබැයි දෙකේ ආකෘති දෙක සම්පූර්ණයෙන් වෙනස් . නමුත් ප්‍රේක්ෂක රසාස්වාදයට ආමන්ත්‍රණය කරන්න හැකි වැඩසටහනක් . කොහොම වුනත් සුබ පැතුම් රෑ ඉරපානට ...

    ReplyDelete
    Replies
    1. ඵලඇති රුකට ගල් ගැසීම කොහෙද බං නැත්තෙ?

      මටනම් රෑ ඉරපාන අඩුව මකන්න වෙන වැඩසටනහකට හැකි උනා කියන එකට එකඟ වෙන්න බෑ.

      Delete
  2. ගීතයක් අහන්න ඕනි ඒක අහලා රසවිදින්න පුළුවන් වින්දයක් තියෙන අය ඉන්දික. උඹ ඇවිල්ලා අමාරුවෙන් දියුණු වෙලා ඉස්සරහට එන අභීත එදිරිසිංහ වගේ තරුණ ව්‍යාපාරිකයන්ටත් වල කපනා කුහක අදහස් තියෙන කෙනෙක්. අභිතට මඩ ගහලා ගහලා,බැරිම තැන පුවත්පත් දෙකකුත් අල්ලාගෙන මීමුරේ ගම්මානයේ අභීත ඉතා කදිමට පවත්වාගෙන ගිය නිවාඩු නිකේතනයටත් වල කපන්න හදපු කෙනෙක් තමයි ඉන්දික උබ.

    මම කියන්නේ නෑ අභීත සීයට සියක් නිවැරදි සත්‍ය සොයනා මුනිවරයෙක් කියලා. ඔහුගේත් වැරදි ඇති. ඒ උනාට අභීත කියන්නේ හොරෙක් නෙමෙයි. ඒක අපි ඔක්කොම දන්නවා. ඒ වගේ මනුස්සයෙක්ට මඩ ගහලා, ඒ මනුස්සයාගේ ආත්මයම විනාශ කරන්න හදපු උඹ ඉන්දික කොහොමද ගීතයක් අහලා ඒක රසවින්දින්නේ? උබට ඒ වගේ මනසක් තියෙනවද?

    නිකං කයිවාරු නොගහ ඉන්න ඉන්දික.

    ReplyDelete
  3. බන්දුල නානායක්කාරවසම් සහ ඔහුගේ කුඩා දියණියන් දෙදෙනා නොවැම්බර් මුල් භාගයේ පමණ නන්දා මාලිනීත් එක්ක මේ රටට එන බව දැනගන්නට ලැබුණා.

    ReplyDelete
    Replies
    1. මචෝ නන්දා අක්කා මතක් කලා කියපං.. සුනිල් අයියා ආවොත් එයත් මතක් කලා කියපන්.. ජිප්සීස් සුනිල් නෙමෙයි බං.. සුනිල් ආරියරතන අයියා...

      Delete
    2. එක එක්කෙනා අතේ පණිවිඩ යවන්නෙ මොකෝ මචෝ.........
      ඔය යන එන ගමන් ගෙදරට ම ගොඩ වැදිල ...සැපදුක් බලන්න බැරි යෑ .......... නුගේගොඩ නේද ඉන්නෙ ...........

      Delete
    3. හැලපෙ, අපි ඉන්න පුංචි දුපතටනම් එන්නෙ කොත්තු බාස්ල විතරනෙ ඉතින්.


      Delete
  4. හොඳ වැඩසටහනක් වගේ නොඅසා ඇතිමුත්. ගුවන්විදුලියෙන් මම නම් බොහෝ ඈතයි .

    ReplyDelete
    Replies
    1. මකසි මචෝ මෙන්න තියනවා මුල සිටම ....පුලුවන්නම් අහපන් .

      https://www.youtube.com/watch?v=CeMCbTjEC1M

      Delete
    2. ලිපිය කියෙව්වම මටත් සිතුන අහන්න......
      thnx සින්දුවා ........

      Delete
    3. @සින්දු ඇනෝ
      බොහොම ස්තුතියි මචෝ. අනිවාර්යෙන්ම අහනවා ඔහොම ලින්ක් දෙනවානම්.

      Delete
    4. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමම සිංදුවෝ...

      Delete
    5. සින්දුවා උඹ දාපු ලින්කටුව මම ඇහුවා. මම ඔය වැඩසටහන කවදාවත් අහල නෑ. ඒත් උඹ දීපු ක්ලිප් එකේ විනාඩි පහක් විතර අහලත් තිබුනේ තමන්ගේ වැඩසටෙහනෙයි තමන්ගේ හැකියාව ගැනයි පොර ටෝක් දෙන තවත් එක් ප්‍රචාරක පටයක් නෙව. ඔය සිරසත් නිව්ස් වල හෙඩින් වලට දානවා නිව්ස් ෆස්ට් අද තිබ්බ මොකක් හරි සම්මාන උළෙලක සම්මානයක් දිනා ගත්තයි කියලා අන්න ඒ වගේ..

      Delete
    6. දේශ. මෙන්න මේ ලින්ක් එකේ ගිහින් රෑ ඉර පාන ප්‍රොග්‍රෑම් එකක් දෙකක් අහල ඉඳින්. එකක් තියෙනව. රෑ ඉර පාන කියන්නෙ ගීත රචකයෙක්, තම්න්ගෙ ගීත හැර වෙනත් ගිත ගොන්නක්, තමන්ගෙ පුදගලික අත්දැකීම්, වෙනත් ජනකත සහ විශය කරුණු එක්ක යා කරල අපූරු විදියට කෙරෙන වෙනස් වැඩසටහනක්.

      මේක නෙල්ලි වගේ ටිකක් කන්න ඕන රහ දැනෙන්න. දත ගැහුවට මදි :)

      Delete
    7. මේක නෙල්ලි වගේ ටිකක් කන්න ඕන රහ දැනෙන්න. දත ගැහුවට මදි :)
      +++++++++++++++++++++++++++++++++++++++++++++++
      ඉන්දික දේශා නෙල්ලි වලට වඩා වෙරළු වලට මනාපයි නේද ? හැක්

      Delete
    8. වෙරළු ගෙඩි පැහෙන කාලේ
      නුඹ දුන්න ආලේ
      පුන් සඳ වගේ බැබලුනා :D

      Delete
    9. ම.ක.සි යූ ටියුබ් එකෙට වඩා පහසුයි මම උඩ දුන්න ලින්ක් එක. අහල බලල කියහන්.

      සින්දු ඇනෝ, දේශ වෙරළු පුසුඹටනෙ ආස.

      Delete
    10. පිච්ච මල් සුවඳ
      යහන මත
      රෝසමල් සුවඳ
      හමන නුබේ ගතින්
      සැනහුන මට තාම
      හිතා ගන්න බෑ
      සත්තකින්ම
      හරිම පුදුමයි
      හ්ම්ම්ම්
      වෙරළු මල්........
      සුවඳින් ඇතිවන
      හැටි
      කිරි සුවඳ ..............

      ගත්තේ ..

      http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%9A%E0%B7%80%E0%B7%92/%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%94-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B3-r2623

      Delete
    11. කේමදාස මාස්ටර් කිව්වලු කවි සින්දු කරන්නත්, සින්දු කවි කරන්නත් මට බෑ කියල.

      Delete
  5. මචං ඉන්දික මම් ගහලා ඉන්නේ.. මම හිතන්නේ ගහන වෙලාවේ කිය සීන් තමයි නිවැරදිම.. මාතලන් කියන්නේ චාටර් පොරක්.. ඒත් ඒ චාටර් පොර රෑ ඉර පානට මාර විදියට ලව් කරා.. ඒක හැම තැනම කියන්න ඕනත් නෑ. බන්දුල නානාට මම බොක්කෙන්ම ලව්.. බන්දුල අපිව මිනිස්සු ටච් නොකරපු තැනකට ගෙනිච්චා.. මම සන්නාටත් මාඅ ආදරෙයි.. ඒත් සන්නට බන්දුල එක්ක හැරෙන්නත් බෑ.. ඒ ගැන ඕන තැනක විවාදෙකට මාතලන් රෙඩි.. බන්දුල උඹ ආයෙ වරෙන්.. අපි නිගඬයි.. ඒත් අපි උඹට ආදරෙයි.. උඹ අපිට ගොඩක් දේ කියලා දුන්නා.. උඹ අපිව ඇන්දුවා.. ඔව් උඹ අපිව සින්දු කියන්න මොනවද කියලා, කියලා දුන්නා.. උඹ ඔච්චර කතා කරන්න ඕන නෑ.. මම උඹට ඇත්තම කියන්නම්.. මම ඔක්කෝම ඇහුවා.... ඒත් මගේ බොක්කටම වැදුන තැනකින් මම නවතින්නම්..

    මගේ විශ්ලේෂනය ඒ තරම් සහාසිකද මන්දා.. කාට හරි මතක නම් කියපන්.. එච්චරයි.. එපමණයි..

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක කියවලා කඳුළු පිරුනා , බොක්කෙන්ම එන අදහස් කියන්නේ මෙන්න මේවට, නොකිව්වත් හොඳටම පෙන්වා ටැප් වෙන්න ගහලා ඉන්නේ කියලා. ඔන්න ඕක තමයි රෑ ඉරපානේ විශේෂත්වය . සමාජයේ යම්හෝ රසවින්දනයක් තියෙන ඕනෑම ස්ථරයක මිනිස්සු එකතු කරගෙන ගිය බොහොම සාර්ථක සංගීත චාරිකාවක් . සන්නාට බන්දුල එක්ක හැරෙන්නවත් බෑ එක ඇත්ත , එක ඇත්ත කියලා ඔප්පු වෙනවා "හීන ඇහිඳින යාළුවො" ඇහුවනම් , හැබැයි මේ වැඩසටහන් දෙක සංසන්දනය කරන්නත් බෑ. මොකද සම්පූර්ණයෙන්ම ආකෘති දෙකක් . දෙක දෙවිදිහට හොඳයි .

      සන්නා ගීතයට පූර්විකාවක් දෙනවා ..
      බන්දුල ගීතයේ අපිව ජීවත් කරවනවා ... ඔන්න මට තේරුණු වෙනස

      Delete
    2. "මේ කොමෙන්ට් එක කියවලා කඳුළු පිරුනා , බොක්කෙන්ම එන අදහස් කියන්නේ මෙන්න මේවට,"
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මාතයියේ … ඔන්න මචං මට ලියාගන්න ඕනැ උන දේ … විශිෂ්ටයි !!!!!

      Delete
    4. මාතයියන්ඩි.එල ද බ්‍රා

      Delete
    5. බ්බ්වට පස්සේ චන්ඩිත් නොන්ඩි වෙනවලු නෙව..

      Delete
    6. මාත, උඹේ //මම හිතන්නේ ගහන වෙලාවේ කිය සීන් තමයි නිවැරදිම..// කියන වචන මම එකෙම්ම පිළිගන්නව. උඹේ ප්‍රතිචාරෙ මම බන්දුල නානායක්කාරවසම් මහත්මයට ඊමේල් කරලම යැව්ව. ඒක ඒ තරම් අවංක සැබෑ රසික ප්‍රතිචාරයක් නිසා.

      ඒ නැතත් බන්දුල මේක දකිනව. උඹල ඔක්කොගෙම ප්‍රතිචාර දකිනව.

      Delete
    7. මාත, මෙන්න මචෝ "බන්දුල නානා"ම උඹගෙ කමෙන්ට් එක වෙනුවෙන් එවපු උත්තරය.

      //මගේ පුංචි කලේ සිදුවීමක් මතක් උනා
      තාත්තා කැමති උනේ නෑ ගමේ හැම කෙනෙකුගේම ආශ්‍රයට මං වැටෙනවට
      එකෙන් අදහස් කලේ තාත්තා ආඩම්බර කාරයෙක් කියන එක නෙමෙයි
      මගේ සීමාන්තික ගති පුංචි සන්දියෙදීම තේරුම් ගත් තාත්තා හිතුවේ මම රැලට වැටී විනාස වේවි කියා
      එත් මම ගමේ හැම සමාගයමයක්ම ප්‍රිය කළා , උන් සමග හැසිරුනා
      අරක්කු ගුදම් ගණන් බොන තැන වල නොබොමින් ජීවිතේ හැටි හැබෑවට දැක්කා
      මාතලන්ගේ හර්දයාංගම අදහස් මට ඔහුටත් වඩා වැටහෙනවා
      අපි ඉන්නේ 'නොතේරෙන ' ලෝකෙක
      සිහියෙන් ඉන්නවායයි කියන ලොවට වඩා අනික් ලෝකේ උන් සිහියෙන් ඉන්නවා
      ඒ නිසා 'ගහලා ඉන්නේ ' සහ 'ගහලා කියන දේ ' මට වටිනවා //



      Delete
  6. මම අහල බලල නැති නිසා කිසිවක් කිව නොහැක මචෝ......
    හොද දෙයකට කැපිල්ල එන එක අප්පට සිරි ලංකන් ඉට්ටයිල් එකනේ.........
    හැබැයි එක තැනකින් කැපිල ........තව තැනකින් නැගිටල ..... කොතෙක් දුරට යයිද ....... යන්න දෙයිද.........කියන සැකය නම් මට ඇති වෙනව ....
    කොහොමත් සාර්ථකව ඉදිරියට යන්න ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනව ....................!

    ReplyDelete
    Replies
    1. කැපිලි නැති උනානම් මේක අම්මටසිරිලංකාව වෙන්නෙ නෑනෙ. එළ මචෝ, අහපන් වෙලා තීන වෙලාවට පරණ වැඩ සටහන් ටික. මෙන්න ලින්ක් එක.

      http://fmderana.lk/#!/69/irapana

      Delete
    2. thnx ...බොක්ක..... උම්මා..... සත්තලන්..........

      Delete
  7. ඉන්දික මේ පොස්ට් එක දානකල් බලාගෙන හිටියේ ..මගෙත් ප්‍රියතම වැඩසටහනක් තමයි මේක .ගංජා ගහලා වගේ තමයි හිටියේ .ඒ වෙලාවට කව්රුවත් කතා කලත් මල පනිනවා ...දැන් සන්නාගේ හීන අහිදින යාලුවෝ අහනවා .ලක්හඬ රේඩියෝ එකේ සඳුදා රත්න ශ්‍රී විජේසිංහයන්, අඟහරුවාද බංඩාර ඇහැලියගොඩ, සහ බදාදා ධම්මික බංඩාර ගේ හොද වැඩසටහනක් යනවා .දැන් එකත් අහනවා .එත් "රැ ඉර පනේ" හිස් තැන තවම පුරවන්න බැ . කොහොම උනත් නැවත වැඩසටහන ආරම්භ වෙන එක ගැනනම් සතුටුයි ....

    කොතැනක හෝ පිපිලා ...
    යළි ඔබටම සුවඳම ගෙනෙන්නෙම්
    කෙදිනක හෝ වැඩිලා යළි
    ඔබටම සෙවන සදන්නම්.....

    තනිවී හිදිනා සඳ නැති රෑ ..
    පිපි සුවඳ දී උනිමි ඔබේ ලඟ
    පෙති පෙති ගලවා පා යට කරවා
    මල මැල වුවේ ඇයි ..

    සායෙන් පෙලෙනා සඳ ඔබ වනයේ
    විළිකුන් කර මම දුනිමි පලාපල
    සුහුඹුල් ශාකා බිඳ පල වළඳා
    ගස වනසුයේ ඇයි ...

    ගායනය - නන්දා මාලනී
    පද - සුනිල් ආරියරත්න
    සංගීතය - මර්වින් පෙරේරා

    ReplyDelete
    Replies
    1. //එත් "රැ ඉර පනේ" හිස් තැන තවම පුරවන්න බැ . //

      මේක තමයි ඇත්ත. උඹ හින්දමයි මේක ඉක්මනට දැම්මෙ.

      Delete
  8. ලක් හඬේ අඬසඳ යායෙන් මං මෙච්චරකල් මගේ පිපාසාව සංසිඳුවමින් සිටින්නෙමි. රෑ ඉඅරපානේ එළිය ලැබුමට මා මෙතෙක් වාසනාවන්ත වී නොමැති වුවද මෙම සටහනින් පසු මා හට පිපාසයට නිල් දිය දහරක් ගලා එන බැව් පසක් කොට ගතිමි.

    මෙය මට නිධානයකි.

    ReplyDelete
    Replies
    1. මං ආරාදනා විතරයි අහන්නෙ අඩසද යාය කියල වැඩමටහනක් තියේ කියල දන්නව වුනත් දවස දන්නෑ...
      කියහන්කො මචෝ
      දවස වෙලාව

      Delete
    2. ඔය උඩින් සිංදු ඇනෝ කියල තියෙන්නෙ මචං,

      ලක් හඬේ යන්නේ, සඳුදා - රත්න ශ්‍රී, අඟහරුවාදා - බණ්ඩාර ඇහැලියගොඩ, බදාදා - ධම්මික බංඩාර, අනිත් දවස් දෙකේනම් වැඩක් නෑ, අර ඔලුවෙ මයන්න ගහපු එකයි තව කෙනෙකුයි. තියෙන්නෙ හවස 7.15ට.

      Delete
    3. මනෝ, මෙතනින් ගිහින් පරණ ප්‍රොග්‍රෑම් අහන්න පුලුවන්. අලුත් එක පටන් ගන්නකල් ඒ ටික අහමු.

      http://fmderana.lk/#!/69/irapana

      Delete
    4. පින් සිද්ධවෙනව ඉන්දික අයියේ, නොනැවතී හිටු කිඅල ඩවුන්ලෝඩ් කරනගමන් ඉන්නේ දැන් මේ. මේ නම් නිධානයක්.

      Delete
    5. පින් මට නෙමේ බං, මේ කරපු කෙනාට දීහන්!

      Delete
  9. එහෙනං ජනවාරි වෙනකං මග බලං...
    ඕ යේ...

    ReplyDelete
    Replies
    1. රයිටෝ...වැඩසටහන යන නාළිකාව ගැන දැනගත් හැටියෙ දාන්නම්.

      Delete
  10. මේක මචන් මට ආගන්තුකයි. මට හිතුනේ මේ තරම් ප්‍රතිචාරයක් තියෙන වැඩසටහනකට ඇයිද විකාශනය වෙන කාලේ ප්‍රසිද්ධියක් නොලැබුණේ කියල. මේක පටන් ගත්තට පස්සේ අනිවාර්යෙන් අඩු ගානේ නෙට් එකෙන් හරි යනවා. සංගීතයට බොක්ක තමා

    මේ බොලොග් වලට ආවට පස්සේ දේශීය සංගීතය ගැන ගොඩක් දැනගන්න ලැබුන. සහ රස වින්දනය හුරු උනා. එකටත් ලියන ඔක්කොටම ස්තුති කරන්න මේකම අවස්තාවක් කරගන්නවා.

    ඔය වගේ හොඳ වැඩ සටහන් තව ඒවා තියනවා නම් අපිට දැන්වත් කියපල්ලා හොඳේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ...

      https://www.youtube.com/watch?v=CeMCbTjEC1M
      https://www.youtube.com/results?search_query=Heena+Ahidina+Yaluwo
      අඩ සඳ යාය - http://v4.lakhanda.lk/

      Delete
    2. ජීව, මට පුදුමයි උඹට මේක මිස් උනා කිව්වම. මෙන්න පරණ ඒව තියෙන තැන. ගිහින් අහල බලපන්.

      http://fmderana.lk/#!/69/irapana

      Delete
  11. මමත් කැමතියි වැඩ සටහනක්

    ReplyDelete
  12. ඉන්දික අයියා. කියන්න වචන නෑ බං. …මාෂි ලා නිකී ලා DJ කේන් ලා අතරේ අහන්න යමක් විඳින්න යමක් ,අහල නැති සිංදුවක් ගැන ඔත්තුවක් දුන්න රේඩියෝ ඉසව්වක් . මාගලක් ලිව්වහැකි . ඕන් නෑ මාතෙයා අපි හැමෝගෙම අදහස එකෙන්ම ලියලා !!!
    මඟ බලං ඉන්නවා ……
    ඒ ලයාන්විත හඬ සිංදුවක් එක්ක දොඩමළු වෙනකම්.… !!!!

    ReplyDelete
    Replies
    1. අපි හැමෝගෙම වචන මාත ලියල, අපි හැමෝම වෙනුවෙ බන්දුල බොසා මාතට උත්තරය් දීල.

      හැමෝම බලං ඉන්නෙ ජනවාරියෙ ඒ දවස එනකල් තමා බං.

      Delete
  13. ගෙදර රේඩියෝ එකක් නැතත් සදුයි මමය් ෆෝන් එකෙන් රෙඩියෝ අහන වෙලාවල් තියනවා.

    ReplyDelete
    Replies
    1. මම ලංකවට යත්ත මේ ටිකක් බාගෙන යන්නෙ ඉස්සර, මොකද රේඩ්යෝවේ ඇඩ් කරච්චලේ නෑනෙ!

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙන්න උඔගේ කමන්ටුව ආතර් මකලා

      Delete
  15. ඔය රෑ ඉරපාන මම අවංකවම රස විඳලා නැහැ.එකට හේතුව ගුවන් විදුලිය එක්ක වැඩි ඇසුරක් නැති නිසා.නමුත් දවසක් අන්තර් ජාලයෙන් අහන්න ලැබුණු සන්නස්ගලගේ "හින ඇහිදින යාළුවෝ" නම් බොහෝම ආසවෙන් දැන් රස විඳිනවා. රෑ ඉරපානත් නැවත කවදා හෝ විකාශනය වේනම් එයත් "හින ඇහිදින යාළුවෝ" වගේ රස විඳින්න පුළුවන් වේවි කියලා කිසිම සැකයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්, මේ පහත ලින්ක් එක දිගේ ගිහින් වැඩසටහනක් දෙකක් අහලම බලන්න. එතකොට වෙනස තේරෙයි දෙකේ.

      http://fmderana.lk/#!/69/irapana

      Delete
  16. මේ වගේ පෝස්ට් එකකට කොමෙන්ටුවක් දාන්න තරම් සංගීත දැනුම හා රස විදීම පැත්තෙන් නම් මම හිගන්නෙක්. FM නාලිකා අහන්නෙ වාහනේ යන ටිකකට විතරයි.
    උඹල මෙච්චර රහ කරන ප්‍රෝග්‍රෑම් එක බලන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බලන්න එපා, අහපන්. ඔන්න උඩ තීනව ලින්ක් එක.

      Delete
    2. අපේ ගෙදර බාත්රැම් එකේ දොර නැතිනිසා තමයි මටත් මේ තරම් හොදට සිංදු කියන්න පුලුවන්.

      Delete
  17. එතකොට ඔය බන්ධුල කියල තියෙන විදියට කැපිල්ලක් නැහැ කියන එකද...... මට නම් මෙලෝ දෙයක් තේරුම් නැත...
    ලංකාවෙ උන්න නම් මමත් අර අපේ සුද්ද වගේ ඔදට බීල ....... ඇඩෙන කමෙන්ට් එකක් දාන්න තිබ්බ මචං ......
    ඇත්තටම බං ...උඹේ ලිපියයි....අපේ බන්ධුගේ සටහනයි අතර ..... මට ඔල්මොරොන්දම්.......වෙලාවක් තිබ්බොත් පහදපන් බොක්කා......

    ReplyDelete
    Replies
    1. ෆ්ද්ග්

      Delete
    2. උඹ හරි, පොඩි පැටලිල්ලක් බන්දුලගෙ මේල් එකේ තිබ්බ, ඔන්න හැදුව. මනුස්සය නොබොනව උනත්, මේ කමෙන්ට් එක මට එව්වෙ පාන්දර 1ට විතර. ඉතින් පැටලෙන එක අහන්නත් දෙයක්ද, වෙහෙස, නිදිමත නිසා.

      Delete
  18. ඔයාට ගොඩක් ස්තුතී අයියේ , ලින්ක් එක හරහා කොටස් 10ක් ඩවුන්ලෝඩ් කරන් අහලා ආවේ කමෙන්ට් එකක් දාන්න,,වැඩසටහන අහද්දී ඇස් වලට කදුළු ආවා ඒකට හේතුව මගේ තාත්තා ,, සින්දුවලට කලින් ඒ කියන සිදුවීම් ඇහෙද්දී මාව මටත් නොදැනී තාත්තා එක්ක ගෙවපු අතීතෙට යනවා, බිරිද නැතුව පුංචි දරුවෙක් එක්ක තනිවෙච්ච මගේ තාත්තගේ තනිකම, කාන්සිය නිවන්න රේඩියෝ එකෙන් ලොකු පිටුවහලක් ලැබුණා, රෑට නින්ද යනකල් එයා බැට්රි දාගෙන රේඩියෝ එක ඇහුවා,, ඒ සංගීතය, ඒ ආමන්ත්‍රණය කරන කටහඩ ඇත්තටම දැනුත් මට පුදුම සැහැල්ලුවක් දුන්නා, දැන් රේඩියෝ වලින් අපි ඈත්වෙලා ඔබේ ලිපියට ගොඩක් ස්තුති ඉන්දිකයියේ,,,

    ReplyDelete
    Replies
    1. ඉරපාන අහල ඇස් වලට කඳුලු නොආවනම් කිව්වනම් තමා පුදුම. ඒත් උඹෙ මේ බර කමෙන්ට් එක අපේ හිතුත් බරකලා නගේ.

      සන්තෝසෙන් හිනාවෙලා ඉන්න හැමෝගෙම පිපස්සෙ වහගෙන තියෙන කඳුළු කතාව හිනාව තරං සුන්දර නෑ. ඒත් ඒ දුකම තමා අර සුන්දර හිනාවෙ උපත කියල හිතනකොට!!

      Delete
    2. හ්ම්ම්ම්....ජිවිතේ ඔහොමයි

      Delete
  19. හෙන්රි වර්ණකුලසූරියSeptember 24, 2014 at 7:09 PM

    “රෑ ඉරපාන“ ට වෙච්චි සංගදිය ගැන මම නං කිසිසේත්ම පුදුම වෙන්නේ නැහැ.
    සුභාවිත කලාව රස විඳින්න හුරු නොවූ පාලකයන් සහ ඊටම ගැලපෙන ජනතාවක් ඉන්න රටක මාධ්‍ය අයිතිකරුවන්ගේ සහ බොහෝ මාධ්‍යවේදීන්ගේද රසඥතාව තියෙන්නේ බොහොම පහළ මට්ටමක බව මා හොඳින් අත්විඳ තියෙනවා.
    ඔවුන් වඩාත් ප්‍රිය චොකා බයිලා වලට බව නොබියව පවසන්න කැමතියි.
    අනෙක ලංකාවේ ගුවන්විදුලි නාලිකාවල විශේෂයෙන් FM චැනල් වල මාර්කටිං කරන්නේ ඉංග්‍රීසි බස චතුරවීමේ සුදුසුකම පමණක් හේතුවෙන් ක්ෂේත්‍රයට පැමිණි අයයි.
    ඔවුන්ගේ රසඥතාව හා අගයකිරීම් මේ සටහන තැබූ ඉන්දික උපශාන්තගේ, අප හිතමිතුරු බන්ධුල නානායක්කාරවසම්ගේ මෙන්ම මේ වැඩසටහන ඕනෑකමින් අසන අයගේ රසඥතාවට හා අගය කරන වටිනාතම්වලට ගව්ගානක් දුරයි.

    රේටිං කියන්නෙ පටටපල් බොරුවක් වුණත් ඉන් ගැලවෙන්න බැරි බව ඊට එරෙහිව FM චැනලයක උග්‍ර සටනක් කළ අයෙක් ලෙස මා දන්නවා.
    ඉන්දික මේ තත්ත්වය හෙළිදරව් කළාට බෙහෙවින් තුති.

    ReplyDelete
    Replies
    1. රටේ තිබ්බ "ප්‍රගතිශීලි සහ ප්‍රබුද්ධ" රසයක් වෙනුවෙන් කැප වේයැයි කියූ නාලිකාවක ප්‍රධානියෙක් වෙච්චි ඔබේ අත්දැකීම ඔයතරම් කණගාටුදායකනම්, අනෙකුන් ගැන කවර කතාද! අවසානයේ සියල්ල මුදලාලිලාගේ මුදල් මතම යැපේ, තමා.

      ඔබේ වටිනා කමෙන්ටුවට ස්තූතියි!

      Delete
    2. //Bandula Nanayakkarawasam

      Sep 25 (3 days ago)

      to me
      pilithurak publish kalaa
      balanna
      bn //



      අවාසනාවකට බන්දුල නානායකරවසම් මහතා මෙහි පල කල කමෙන්ටුව ගූගල් දෙය්යන් විසින් හොරා කා ඇති නිසා, නැවත යමක් ලියන්න කාරුණික වන්නැයි මා ඉලා සිටියා. එයට ප්‍රථිචාර ලෙස තම කාර්‍යබහුල දිනය අවසන ඊයෙ මහ රෑ,ඔහු පහත ඊමේල් පණිවුඩය මට එවා තිබුනා.


      //Bandula Nanayakkarawasam

      8:56 PM (12 hours ago)

      to me

      මම විශේෂයෙන් එහි සඳහන් කලේ හෙන්රි ගැනයි
      දැන් ඒ ලියු දිගු සටහන මඳක් හෝ මතක නෑ
      මම හෙන්රිට ලියුවේ අපි දැන හඳුනාගත් කාලය ගැන
      ධර්මසිරි ගමගේ වගේ නිර්ව්‍යාජ , අවංක ,මානවහිතවාදී මාධ්‍ය පෞරුෂයන් හා වැඩ කරන්න ලැබීම ගැන
      1983 කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ මහ ගෙදර , තරුණ තරුණියන් 1000 කට වඩා නේවාසිකව රඳවාගෙන දින ගණනක් තිස්සේ පැවැත්වූ සාහිත්‍ය සම්භාෂණය ගැන ....
      එයට ආවේ මහැඳුරු සරච්චන්ද්‍ර ,මඩවල ,සෝමවීර ,සුනන්ද ,ලුෂන් ,ජේ බී ,ස්වර්ණශ්‍රී ,සුරවීර ,,,,,,(මහතුන් කියා ලීවේ නෑ ,කෝමත් ඒ වචනෙත් ප්‍රබුද්ධ වගේ එපා වෙලා )වැනි සුප්‍රබුද්ධ නිර්මාණකරුවන් ,,,,

      නාලිකා මෙහෙම වැහි වැහලා තිබ්බෙත් නෑ
      ගිරා පැටව් හෝ දත් කුඩු වෙච්චි ' නාකි බාප්පලා ' හිටියෙත් නෑ
      හෙන්රි කීවා වගේ ඉංග්‍රීසී කටගාගත්ත තුප්පහි රැළක් තමා මෙය හොබවන්නේ
      ඉංග්‍රීසි කීවත් එය සැබෑ ඉංග්‍රීසිත් නෙමෙයි
      ඔවුන් ඉංග්‍රීසියෙන් හෝ සැබෑ සාහිත්‍යය තියා රසයක් හෝ දන්නේ නෑ
      කොන්ගෝවෙන් හෝ ගත්තු මාර්කටිං ඩිප්ලෝමා එකක් අරන් කලාව කන්න ආ උන්
      එක්තරා නාලිකාවක් මා සමග ඒ දවස් වල රෑ ඉරපාන ඔවුන්ට කරන්න කියා යෝජනා කළා
      එහි වැඩසටහන් ප්‍රධානි මා සමග දුරකතනයෙන් කතා කළා
      ඔහුගේ ස්වාමියාට කියා දිනයක් වෙන් කරගෙන හම්බවෙමුදා කියල ඇහුවා
      ඔහු මගේ වැඩසටහනට ඉන්දිකලා වගේම ආසක්ත වුවෙක්
      කොටින්ම ඔහු කීව රෑ ඉරපාන හැකි තරම් ඔහුගේ ඉදිරිපත් කිරීම් වලට ආභාෂයට ගන්නා බවත්
      ඔහුගේ ස්වාමියා නොහොත් channel head අහලා තියෙනවා මෙහෙම

      "are you sure of the program title ?
      what paana you said ...?
      irapaana or handapaana ?
      is it a catchy one like --- ------(ඒ පඩංගු නම කීවොත් චැනල් එක අහුවෙනවා )

      ඉතින් අපි හමුවෙන එක සදහටම කැන්සල් කළා මම

      what paana (?) මහත්තයල තමා මේ රටේ හිංගල වැඩසටහන් තෝරන්නේ , අනුමත කරන්නේ
      උන් නම පවා අහන්නේ තුප්පහි විදියට
      ඉතින් අන්තර්ගතය ගැන උන් හොයන විදිය කියන්න ඕනෙද ?

      කොහොම උනත් හෙන්රිට තුති දුන් අදහසට හා සෘජු බවට
      ඉන්දික තව තියෙනවා ඔබට ලියන්නට , පසුව ලියමු //

      Delete
    3. හෙන්රි වර්ණකුලසූරියSeptember 28, 2014 at 11:49 PM

      බන්ධුල නානායක්කාරවසම් ......ඔබගේ ප්‍රතිචාරයට බෙහෙවින්ම තුති.
      කොලේ වහල ගැහීම මගේ පුරුද්දක් නොවන නිසා මේ FM චැනල් සංස්කෘතිය ගැන වහෙන් ඔරෝ නැතිව සඳහන් කරන්න සිතුවා.
      මේ තුප්පහි ගීත කලා භාවිතය ආරම්භ කළේ සිරස FM . හැමවිටම මහරාජාගේ සිරස පසුපස යමින් ගොංපස් අල්ලන EAP මාධ්‍ය ජාලය එහි ගුවන්විදුලි නාලිකාව වන සිරස FM ඒ රටාවේ ගීතම යොදා ගත්තා. එකම සිංදුව දවසට හත් අට වතාවක් පට්ට ගැහුවා.
      නිමල් ලක්ෂපතිආරච්චිලා, රෙනේ සිල්වලා විනාශ කළ ගුවන්විදුලි සුබාවිත ගී කලාව අනෙක් අන්තේවාසිකයන් ආදර්ශයට ගත්තා.

      මට මතකයි වී FM ආරම්භයේදීම මමත් දුග්ගන්නාරාලත් මීට එරෙහි වුණා. මම මහින්ද කුමාර දළුපොතව වී FM එකට ගත්තේත් අලුත් ගී විකාශන කුමවේදයක් හදන්නයි. අපි රට පුරා ඇවිද ගොස් සමීක්ෂණයක් පැවැත්වුවේ මේ රේටිං විගඩම මවාපෑමක් බව දැන සිටි නිසයි.
      එහෙත් සුබාව්ත ගීත කලාවක් ගැන කිසිදු sense එකක් නැති මාර්කටිං ලොක්කා කිව්ව වචනයක් මට අදත් හොඳින් මතකයි.

      අපි “soothing effect“ එක තියෙන ගීතම තමයි දවස පුරාම ගහන්න ඕනෑ. අන්තිමේට පරිපාලනයත් සල්ලි හොයා දෙන්නම් කියා පොරොන්දු වෙන මාර්කටිං පොරට ඕනැ සිංදුම ගහන්න තියා ගත්තා. එයාගෙ “soothing effect“ තිබුණ ගීත වුණේ මළ අඳෝනා. පොන්න කටහඬවල් වලින් මොර දෙන ලතෝනි.

      අපේ කුඩා කාලෙ අපි .ගුවන් විදුලියෙන් සිංදු ඇහැව්වෙ ගුවන් විදුලියට බලපත්‍ර ගාස්තු ගෙවල. මේ චැනල්, රසිකයන්ට සිංදු අස්සවන්නෙ අතින් සල්ලි දීල.

      Delete
    4. දයාබර හෙන්රි

      මෙහෙම විවෘතව , අදීනව අදහස් ප්‍රකාශ කරන කවර හෝ ක්ෂේත්‍රයක මිනිසුන් හිඟයි
      හැබැයි එහෙම මිනිසුන් රැඳී සිටිය යුතුම ක්ෂේත්‍ර පාලු ගෙයි වලං බිඳින මෝඩයන්ගෙන් හා හිස් බවින් යුතු බිස්නස් කාරයන්ගෙන් වැහිලා
      ලබන ජනවාරියේ යළිත් ඉරපාන ගෙන එන්න අවසානයේදී තීරණය කලේ එම නාලිකාව කිසිදු ස්පොන්සරයෙකු නැතුව කරන්න තරම් අදීන වීම හා මට රිසි ලෙස කරන්න ඇරැයුම් කල නිසයි .
      එය ඔබගේ සටනට අදාළ යැයි සිතෙනවා (අනුග්‍රාහකයන්ට ඕනෑම දෙයක් පවා දෙන උන් අතර )
      එබැවින් මේ රුචිකත්ව සටන අපේ උපරිම මහන්සියෙන් කරගෙන යමු
      ඔබේ සිතුවිලි , හෙට හොඳ දවසක් අද පරපුරට ගෙන එන්නට පාර කියාවි

      Delete
    5. @ හෙන්ද්‍රි "මේ තුප්පහි ගීත කලා භාවිතය ආරම්භ කළේ සිරස FM"
      ++++++++++++++++++++++++++++++++++++++++++
      1994 න් පස්සේ තමයි මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ .මේකට මුලික අඩිතාලම දැම්මේ මේ ඔලුවක් නැති සිරස තමයි ...
      @ බන්දුල නානායක්කාර ...
      "එබැවින් මේ රුචිකත්ව සටන අපේ උපරිම මහන්සියෙන් කරගෙන යමු
      ඔබේ සිතුවිලි , හෙට හොඳ දවසක් අද පරපුරට ගෙන එන්නට පාර කියාවි"
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      විහඟ ගීතය නිහඬ ඇයි
      කියනු මැන කොඳුරා..
      නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා..
      විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා..

      ලදළු මැලවී තුරු ලතා තැති ගැනී..
      සිරස සරසණ මලක් වත් නැ පිපි..
      අඳුර රජ වී අනේ දුනු හී ඇනී..
      නිහඬ කුටියක විහඟ ගී ගොළුවී..

      විහඟ ගීතය...//

      කදුළු වගුරා පහුරු ගා දෙස් තියා..
      ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා..
      ‍පියාඹන්නට නාද දී නිදහසේ..
      විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ..

      විහඟ ගීතය...//

      ගායනය : අමරසිරි පීරිස්, මාලනී බුලත්සිංහල

      Delete
  20. බන්ධුල නානායක්කරවසමුන් මා දකින්නේ ලාංකේය ගී විනිසට සොඳුරු පද රටා සමූහයක් දායාද කල මහා යුග පුරුෂයෙක් ලෙසයි. රෑ ඉරපාන තුල ඔහු ඔහුගේම නිර්ව්‍යාජ, සරල, ගැමි ජීවිතය ගෙත්තම් කරයි. විටෙක ඒ ගෙත්තම් කරන්නේ වෙන් වෙන් වශයෙන් මා ඇතුළු සුවහසක් ශ්‍රාවකයන්ගේ ජීවන රිද්මයදැයි මට අනන්තවත් හැගෙයි. ඔහුගේ ලයාන්විත හඬ මී බිඳු සේ සවන්පත් මත වෑහෙන විට ඔහුගේම වචන වලින් කියතොත් කටු අකුලේ ඇහැරෙන මලක් සේ මා සිත පිබිදෙයි, ඔහුගේ හඬින් ගෙත්තම් කරන්නේ මගේම ජීවිතය බව මට හැගෙයි..... රෑ වැඩ මුරය අවසන් වන කණිසමට මැලවුණු කුසුම් බඳු මුහුණු රෑ ඉරපානෙන් එලිය ලබයි...... ගුරු පියාණෙනි ඔබේ වදන් වැල් වලින් නැවතත් රාත්‍රියේ හිරු පායන තුරු අපි පෙරමග බලා සිටිමු......

    ReplyDelete
    Replies
    1. රෑ ඉරපාන ගැන ඔබ දැක්වූ මෙම අනර්ඝ අගයකිරීම එහි නිර්මාපක බන්දුලයන්ට කෙරුණු උපහාරයක් ලෙස දකිමි.

      අදහසට බොහොමත් ස්තූතියි!!

      Delete
  21. සුභාවිත ගීතය ගැන යහපත් කථිකාවක් ඇතිවෙන තැනක ඒ ගැන කථා කරන්න මම හරිම මනාපයි. සිරා කොලුවා සුභාවිත ගීතයට අතිශයින් පෙමබදින එකෙකු වීම එයට හේතුව විය යුතුය. වර්තමාන එෆ් මාෆියාව බොළද සරල ප්‍රේම අදෝනාවන් ශ්‍රාවකයන් මත බලෙන් පටවා පැකේජ් ක්‍රමයට මුදල් පැටව් ගස්සවන්නත්...රිගින් ටෝන් වලින් ගායකයා ගොඩ යවන්නත් අර අදිමින් සිටින යුගයක සුභාවිත ගීතය රබර් බෝලයක් මෙන් බලෙන් ජලය යට ගිල්වා ඇත. එහෙත් මතු යම් දවසක එය නැවතත් මතු පිටට එනු ඇතැයි මට සිතේ...මා මේ කියූ කාරණයට සෘජුව සම්බන්ධ එෆ් නාලිකාවක නිවේදිකාවක් මා සමග නිබදව අදහස් හුවමාරු කරගනිමින් සිටියි...ඔවුන්ගේ රුචියද අපගේ රුචිය මත සමපාත වුවද...පාලකයන්ගේ න්‍යායපත්‍රයට අකමැත්තෙන් හෝ කටයුතු කරන්නට සිදු වී තිබේ.

    ඇතැම් දිනෙක රාත්‍රියේ සුභාවිත ගීතයට පෙම් බදින මගේ මිතුරු සංගීත කරුවෙකු වෙත ඒ මග යන්නට යත්න දරන පද රචකයෙකු හදුන්වා දෙන්නෙමි. ඔවුන් සමග විවිධ කථිකා කරන්නෙමි. ඇතැම් නිර්මාණයක අඩුපාඩු සාකච්ඡා කරන්නෙමු. ඒ ඔවුන් ලවා එක බිජුවක් හෝ දමා ගතහොත් එයද අපට සම්පතක්ම වන හෙයිනි.

    ලක්හඩ ගුවන් විදුලිය අඩ සද යාය නමින් සතියේ දින 5 ම ගිතය පිළිබද යහපත් කථිකාවක් ඇති කරන නවමු වැඩසටහනකට යොමුවී තිබේ.රේටින්ග්ස් බලු පොරයට නොවැටී ශ්‍රාවකයා අානන්දයෙන් ප්‍රඥාවට ගෙන යන්නට එවැනි ආයතන දරනා උත්සාහය අපගේ නොමද පැසසුමට ලක් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. උසස් රසවින්දනය වෙනුවෙන් පෙනී සිටින, එහි වටිනාකම දන්නා තරුණ පරපුරක්ද වීම, ඒ වෙනුවෙන් කැපවෙන වැඩිහිටි පරපුරට ආස්වාදයක් ඇතිකරනු නිසැකය.

      රජයේ ආයතනයක් නිසා ලඛඬ රේටින් පොරයෙන් බේරී තිබිය හැක, එහෙත් ඒවාට ඊටත් අපුල දේශපාලනය බලන්පානු ඇතැයි කෙසේ සිතන්නද!

      හොඳ ගී වෙනුවෙන් පෙනී සිටින, ඒ සඳහා කැමති අප "වරක් බන්දුලයන්ම සිය මිතුරකුගේ සාදයකදී පැවසූයැයි කී ලෙසම" එවන් නිර්මාණ ගුවන්විදුලියෙන් පමණක්ම නොඅසා, ඒ නිර්මාණ පිරි "ඔරිජිනල්" සීඩී එකක් වත් ගන්නට හැකි තරම් උත්සාහ කරමු. එයයි ඒ වෙනුවෙන් අපට කල හැකි හොඳම සහ පහසුම මෙහෙය.

      Delete
  22. හෙන්රි වර්ණකුලසූරිය එක්ක එකඟයි.
    ලංකාවෙ හොඳ වැඩසටහනකට රේටින්ස් අඩුවීම [රේට්න්ස් ගැන විශ්වාසයක් නැතත්] පුදුමයක් නෙවේ. දැං බලන්න ඡන්දෙන් පත්කරල යවන ජනතා නියෝජිතයන්. ඔවුන් පත්කරන මිනිස්සු ඔයවගේ වැඩසටහන් බලනව කියල හිතන්නවත් පුළුවන්ද? ඔන්න ටික දෙනෙක් බලනව ඇති!

    ඔය වැඩසටහන මම නං අහලම නෑ.(රේඩියෝ ඇහිල්ලක් නැති නිසා). නමුත් බන්දුලගෙ 'බිහිදොර' නං බොහොම ආසාවෙන් ඇහුව ඉස්සර.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. හොඳ "ටේස්ට් එකක්" තියෙන අපේ උනුත් ( උඹත් ඇතුළුව ) මේ ගැන නොදන්න එකේ, අර මොට්ටයො කොහෙ අහනවද. හේතුව උඹෙ වැරැද්ද කියල නෙමෙයි කිව්වෙ, හොඳ දේ හොයන අය අතරෙ උනත් හරි දේ ගැන වෙන දැණුවත් වීම් සහ තොරතුරු හුවමාරුව අඩුවෙලා, වෙන වෙන විසූක දස්සන ( දේශපාලනය අංක එක ) එතනට රිංගල.

      Delete
  23. ලින්ක් එක දිගේ ගිහින් රෑ ඉරපාන අහලම ඉන්නම්...කමෙන්ට් ඊට පස්සෙලු. :)

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඉරපාන ටික අහනකල් ඉන්(ටෙ )එපා. ඉක්මනට එන්(ට ).

      Delete
  24. හැම එපිසෝඩ් එකම නැතත් ගොඩක් ඒවා ඇහුවා... ලයිව් නම් අහන්න වෙන්නේ නෑ... මම පෙන්ඩ්‍රයිව් එකකට දාගෙන වාහනේදී අහන්නේ... ට්‍රැෆික් වෙලාවට දිව්‍ය අවුසදයක්... :D

    ReplyDelete
    Replies
    1. // ට්‍රැෆික් වෙලාවට දිව්‍ය අවුසදයක්... :D//

      හරියට හරි බීට. මම ඔක්කොම එපිසෝඩ් ටික ඇහුවෙ එහෙමම තමා. ට්‍රැෆික් එකේ ස්ට්‍රෙස් නැති කරගන්න දිව්‍ය අවුසදේ. ඒ විතරක් නෙමේ, ට්‍රැවල් කරනකොට ප්ලේන් එකේ වකුටුවෙලා කනේ ගහන් අහන්න. කොටිම්ම ඉරපාන "විඳින්න" පුලුවන් තනියම එහෙම අහද්දි තමා.

      Delete
    2. කොටිම්ම ඉරපාන "විඳින්න" පුලුවන් තනියම එහෙම අහද්දි තමා
      +++++++++++++++++++++++++++++++++++++++++
      මම එකනේ කිව්වේ ඉන්දික ගංජා ගැහුවා වාගේ කියලා ,වට පිට වෙන්නේ මොනවද කියලා දන්නේ නැ ..

      Delete
  25. බන්ධුල නානයක්කරවසම් කියන සිරුරින් කුඩා අභිමානවත් යොධ පුරුශයා මට කිපවතාවක් වාසනවට මුනගැහුන. කලාතුරකින් බිහිවෙන මෙවන් මිනිසුන්ගෙ ජාතියෙ රසවින්දනය ඉහල නැන්විමට ලබාදෙන දායකත්වය ඉදිරියටත් ලැබෙන එක ගැන ගොඩාක් සතුටුයි

    ReplyDelete
  26. මමත් ලංකාවේ ඉන්න දවස් වල කාර් එකේ යනගමන් ඕක ඇහුවා. මෙහෙ ආවට පස්සේ නම් මිස් වෙලා ගියා.. මේ කතාවත් එක්ක ආයෙත් අහන්න හිතුනා. සංවේදී සිංදු අසමින් ජිවිතයට සංවේදී වෙන එක කාලයක් මම පිස්සුවෙන් වගේ කළා නමුත් පස්සේ මම එහෙම සංවේදී වීම නවත්තල දැම්ම... දැන් ඉඳල හිටලා මේ වගේ ප්‍රෝග්‍රෑම් අහල අතීතයේ ජිවත් වෙනවා විතරයි...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails