Friday, May 9, 2014

සුනිල් පෙරේරාගේ දුන්තෙල්බත් දන්සැල.... gypsies vs Gypsies



දන්සැල් කරුවන්ගෙ වදයෙන් බේරෙන්නට "අපි කතෝලික"යැයි බෝඩ් ගසාගත් පුවතක් පසුගිය දිනවල අන්තාර්ජාලයේ දුටු මට පැරණි සිද්ධියක් සිහිවුනි.

ඒ මෙයට වසර දහයකට පමණ පෙර බක් මස අග විය. තම නව නිවසෙහි ඉදිකිරීමක් ගැන සාකච්ඡාවකට මම රත්මලාන බෙලෙක්කඩේ හන්දියෙහි තිබූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ කාර්‍යාලයෙහි ඔහු හමුවන්නට ගිය දිනෙකි.

සුනිල් පෙරේරා යනු වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම රසවතෙකි. ඔහු හා කතාවට වැටුනු කල කාලය ගතවීම අමතකවීම මට වන ලොකුම ඇබැද්දියයි.

එදිනද අපගේ මූලික කාරණය පිලිබඳ සාකච්ඡාවෙන් පසු, සුනිල් සමඟ ඔහුගේ අතිශය රසවත් කතා, අත්දැකීම් පොත පෙරලමින් සිටියෙමු.

සුනිල් පෙරේරා යනු රසවතකු පමණක් නොව, පිළිවෙලකට වැඩ කරන, නිසි පරිදි කාර්‍යාලය පවත්වාගෙන යාමට උනන්දුවෙන, තනි වචනයේ මිනිසෙකි.

ඉතා පිළිවෙලකට, ක්‍රමාණුකූලව ලිපි ගොනු අසුරා ප්‍රියජනක ලෙස පවත්වාගෙන ගිය එම කාර්‍යාලයේ සිටියේ සුනිල් අය්යාට අමතරව තවත් පිරිමින් දෙදෙනෙකු පමණි. ඉන් එක් අයකු අමුත්තන් හමුවන බරාඳයේම මේසයක සිටි වයසක මහතෙකි. අමුත්තන්ගේ වත ගොත විමසා, එතන ඇති දොරෙන් සුනිල් අය්යා හමුවට පැමිණවීම කිරීම ඔහුගේ මූලික රාජකාරියක විය හැක. අනෙකා අසල කාමරයක සිටියහ.

එදිනද බොහෝ වේලාවක් ගතවී තිබූ අපේ සාකච්ඡාව රාජකාරියෙන් එහා ගිය සුහද කතාවක් වී ඇතිබව දැන් හෝ නොදැන අර බරාඳයේ සිටිනා රිසෙප්ෂන් අංකල් කාමරයට මඳක් එබී,

" දන්සැලකට ආධාරයක් ඉල්ලගෙන ළමයි වගයක් ඇවිත් ටිකක් වෙලා, එවන්නද ඇතුලට, නැත්තන් මම කීයක් හරි ලියල යවන්නද" යැයි සුනිල්සුනිලුන් විමැසීය.

මා දිහා බැලූ සුනිල්

"මල්ලි, අපි මේ පොඩි උන්ට පොඩ්ඩක් කතා කරල ඉමු, ඔයා ඔහොම ඉන්න අවුලක් නෑ" යැයි මා හට පවසා
"හරි xx අය්ය, එන්න කියන්න ඒ අයට"

ඒ සමඟම මට පිටුපස වූ ඇලුමිනියම් දොරෙන් කිහිප දෙනෙකු ඇතුලුවනවා මට දැනුනි. මා සිටියෙ අමුත්තන්ගෙ අසුනෙහි නිසා ඒ පැමිණි "පොඩි උන්" එක් වරම දිස් නොවුනු මුත් යමක් වැරදී ඇති බව ඉදිරියෙහි ඇති සුනිල්ගේ මුහුණෙන් පැහැදිලිය.

“ආ මල්ලිල එන්න, මොකද්ද සීන් එක?”

“සුනිල් අය්ය අපිව මතක ඇතිනෙ, අර ගියපාරත් ආවෙ. මෙතන මේ...”

“ආ ඔව් ඔව් ...ඉන්දික මේ මගේ හොඳ දන්න මල්ලිල සෙට් එකක්. මුන් මරු කොල්ලො ඈ. කොහෙද මල්ලි ඕගොල්ලන්ගෙ ඔය තැන...බලහන් මට පටලැවෙනවනෙ නිතරම..”

සුනිල්ගේ ඒ හඳුන්වාදීමත් සමග පසුපසට හැරුණු මා දුටුවේ නියම කොල්ලන් හතර පස් දෙනෙකි.

උන් හැමටම පොදු එක ලක්ෂනය වූ කේඩෑරී වී ගිය පොල්ගස් සිහිකල පෙණුම, මේ "අය්යලා" ගැන යම් අදහසක් මැවීය.

 එකෙකුගේ වත් කලිසම් කමිස ලඟදී සෝදා දැමූ බවක් නොපෙනුනි. අත්දිග කමිස ඇඳි උන්ගෙ අත් සුරුට්ටු සේ එතී එල්ලෙමින් තිබුනි. ටීශර්ට් කාරයෝ තම බැගී ටීශර්ට් ගෝනි තුල බැස කෙහෙතගේ අපලෙ වැදුනු ඔලු එළියට දමා ගෙනය.  මඩපාට සෙරෙප්පු අස්සෙන් අලි නියපොතු පිරි ඇඟිලි මිරිකෙමින් එළියට විරිත්තාගෙන් සිටියහ.

එකෙකු අත කොටසක් කහ සහ තවත් කොටසක් දුඹුරට හුරු රෝල් වූ ෆයිල් එකකි. දෙදෙනෙකුගේ පමණ ඉතාම කෙටිව කැපූ කොන්ඩාද, අනෙකුන්ගේ හිස් මත කපුටු කූඩුද විය.
 
මොහොතකට පෙර දොර ඇරෙද්දී සුනිල්ගේ මූණ ඇඹුල් වූ හේතුව දැන් ඉතා පැහැදිලිය.

“අපි මේ මේ වළව්වත්තෙ සුනිලය්ය...”

“ආ ඔව් ඔව්..හරි දැන් මට පැටලුනා බන් මේ බායිවත්තත් එක්ක...ඉතින් මල්ලි ..මොකද්ද සීන් එක?”

“සුනිලය්ය අපි මේ පාර දුන් තෙල් බත් දන්සැලක් දෙනව අපේ රජමාවත කෙලෝරෙ වැල්ල ගාව.”

“අම්මට සිරි, නියම කෑම මල්ලි. මාත් හෙන ආසයි දුන්තෙල් බත් වලට...ඉතින්..”

මල්ලිලාගෙ මූණුවල සිනා සමග කෙළ බේරෙනවා මට කනින් පෙනුනි.

“අය්යෙ ඉතින් අපිට ආධාරයක් කරන්න පුළුවන්නෙ මේ පාරත්”

“නැතුව බං. දැන් මොනාද ඕන.”

“ඔක්කොම හරි සුනල්ලයෙ අපිට තව හාල් මිටියක් තිබ්බනං”

“හරි හරි, මල්ලි ලියාගන්න මගෙන් සම්බ මිටිය..දැන් කොහෙටද මම ඔය හාල් මිටිය ගේන්න ඕන”

“නෑ සුනිලය්ය කරදර වෙන්න එපා, අපි ගන්නං, ගාන හයසිය පණහක් විතර වෙන්නෙ, කොටුවෙන් තොගේට ගන්න ඉන්නෙ.”


“මොන පිස්සුද මල්ලි නිකන් ලොරිවලට ගෙවල කොටුවෙ යන්නෙ, මේ එහාපැත්තෙ බෙලෙක්කඩේ මගෙ මිනිහෙක් ඉන්නව..මම ඌට කියන්නං. මිනිහ ඕගෙඔල්ලන්ගෙ පොට් එකෙම්ම ඇවිත් බාල යයි. ඔයාට ඉතුරු එව්වත් උගෙම්ම ගන්න, මම කියන්නං මිනිහ කොටුවෙ ගානටම දෙයි...”

“නෑ සුනිලය්යෙ, අපි පොඩි ඇඩ්වාස් ඒකුත් දීලයි තීන්නෙ කොටුවෙ කඩේට. අපී කොල්ලෙක් ඒකෙ වැඩ, ඉතින් ඩිස්කවුන්ට් එකට හම්බවෙනව ඒකයි.”

“ආ එහෙනං මල්ලි මගේ මිටිය මම අපේ මිනිහට කියන්නං ගෙනත් දාන්න කියල් ඕගොල්ලන්ගෙ ස්පොට් එකට.”

“මෙහෙමයි සුනිලය්යෙ, ඔය දුන්තෙල්බත් වලට වෙනම හාලක් තීනව..ලු, උයන කෙනා තමා කිව්වෙ. ඉතින් වෙන ඒව ගත්තම කලවං උනොත් පොඩ්ඩක් අවුල් වෙයි කියල මෑන් කිව්ව. “

“මොන පිස්සුද මල්ලි, කවුද කිව්වෙ, මගේ ගාව ඉන්නව ටොප් පොරක්, ඌ හදනව දුන්තෙල්බත් හාල් ජාති පහ එකට දාල. මාර රහයි. මං කියන්නං මල්ලි වැඩේ, මම ඌව අල්ලල දෙන්නද ඔයගොල්ලන්න්ට උයන්න..”

“ටැන්කිව් සුනිලය්යෙ, ඒත් දැන් බෑ, මොකද අපි කුකාටත් ඇඩ්වාන්ස් එකක් දීල බුක් කරගත්ත, මොකද නැත්තන් සීසන් එක නිසා අල්ලන්න අමාරුනෙ..”

“හරි මල්ලි. එහෙනං මෙහෙම කරමු.”

“මම බෙලෙක්කඩෙන් හාල්මිටියක් අරන්, මගේ කුක්ට කියල එළකිරි වගේ දුන්තෙල් බත් එකක් උයල කල්දේරමක දාල දන්සැලටම එවන්නං. ඕක කන එකාට උඹලගෙ කුකාද මගේ කුකාද කියල අවුලකුත් නෑ, උඹලගෙ හාල් ද මගේ හාල්ද කියල වුලකුත් නෑනෙ. උඹල දන්සැල ඉවරවෙල මට ආයි කල්දේරම දීපන්, ඒ ඇති. හරි මල්ලි, එහෙනං ලියාගනින්, සුනිල් පෙරේර, දුන්තෙල් බත් කල්දේරම් එකයි කියල.”

“හරි සුනිලය්ය අපි එහෙනං ගීන් එන්නං. බුදු සරණයි”

“හරි මල්ලි ජේසු පිහිටයි!”

පොඩි උන් ටික සුනිල් අය්යාගේ අම්මාට පින්දිදී පිටව ගිය පසු

මුන්ගෙ දුන්තෙල් මදි මල්ලි මේ සුනිල්ව තම්බන්න. මුන් මේ සීබීච් රෝඩ් එකේ කුඩ්ඩො සෙට් එකක්, එනව මෙතන දුන්තෙල්බත්වල හාල් මුට්ට ගන්න සල්ලි එකතු කරන්න.."

 (පින්තූරය හැලපේගේ අඩවියෙනි.)

94 comments:

  1. ඔය වගේ දන්සැල්කාරයෝ නිසා තමා හොද කෙනෙක්ටවත් ආධාරයක් එන්නේ නැත්තේ.
    මොනවා උනත් ලස්සන කතාව.එල කිරි

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව සැහැල්ලුවට. ස්තූතියි අගය කිරීමට!

      (කටුබැද්දෙ විශ්වජිත් කෙනෙක් ගැනත් කතාවක් තීනව. පස්සෙ ලියන්නං.)

      Delete
  2. //" දන්සැලකට ආධාරයක් ඉල්ලගෙන ළමයි වගයක් ඇවිත් ටිකක් වෙලා, එවන්නද ඇතුලට, නැත්තන් මම කීයක් හරි ලියල යවන්නද" යැයි සුනිල් විමැසීය.// අංකල් නේද?

    නියමෙට ලියලා තියෙනවා.. දර්ශනය මැවිලා පෙනුනා..

    ReplyDelete
    Replies
    1. අර අයටන් සෙන්නගෙ බාප්පගෙ අල්ලපු ගෙදර එකගෙ අරූ ගෙ මූගෙ පුතාගෙ යලුවෙක් වෙච්චි කුරුඳුගොල්ලෙ සෙන්නා ගෙන් ක්‍රමේට ඔන්න හැදුව. දැන් ආයි කියවල හරි නං හරී කියහං.

      Delete
  3. මං සුනිල් පෙරේරා ව ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයාට යෝජනා කරන්න පොරගේ ඔය තැනට සුදුසු නුවණත් එක හේතුවක්.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් හිතීගෙන එන්නේ ඒක හොඳ අදහසක් කියලා

      Delete
    2. සුනිල ජනාධිපති උනොත් මටත් උපදේශක කමක් ගන්න බැරිවෙන්නෙ නෑ. එහෙනං මාත් සපෝට්.

      ජයවේවා....!

      Delete
  4. හැක් ඔය වගේ ඇයෝ තමා වැඩි පුරම ඉන්නෙ අද කාලේත්

    ReplyDelete
  5. සුනිලා පස්ට බුවෙක් නං තමා. හැබැයි මෙහෙම ඇඹරිල්ලක් ගැන ඇහුවමයි.. නියමයි සුනිල් ලොක්කා..

    ReplyDelete
    Replies
    1. මේවා වෙන කොහෙවත් නෑ, සැහැල්ලුවෙන් විතරයි. අනික උඹල බලන වැල සයිට් වල මේ වගේ කත දාන්නෙ නෑ බං.

      Delete
  6. දැන් දන්සල් කාරයෝ එනකොට මතක් වෙන්නේ සුනිල් පෙරේරා ... ඇප්ලයි කරලා බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. එළ, අපි දාමු එහෙනං මේකට සුනිල් පෙරේරා දන්සැල් ඩොනේසන් තියොරි කියල. ( උඹලෑ පැත්තෙ කුඩ්ඩො මේක කියෙව්වොත් තමා කෙලිය )

      Delete
  7. අම්මප සුනිල් බුවා මාර මීටරේනෙ... මට විස්තර කරනකොටම තේරුණා මේ එන්නෙ සුලිල් ලොක්කවතම්බන්න කියල
    ඒව හදේ නැද්ද

    ReplyDelete
    Replies
    1. තව තීනව සුනිල තම්බන්න ගිහින් උන්ම තැම්බිච්චි කතා. මිනිහ එක්ක හැරෙන්න ලේසි පුතෙකුට බෑ, කට මර්වින්ට එහා, වැඩ මහින්දට එහා.

      Delete
  8. මේ වගේ ඈ‍යොන්ට දෙන්නෙ තියෙන නියම උත්තර ටික දීල තියෙන අපූරුව!!

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. මොරටු කොල්ලො එහෙම තමා!

      Delete
  9. එලකිරි ඩයල් එකක්නෙ සුනිල් පෙරේර කියන්නෙ. නැද්ද තවත් කතන්දර?

    ReplyDelete
    Replies
    1. තීනව, උඹ ගෙවනවද ලියනවට? මෙව්ව එහෙම නිදි මරං ලිව්වට සලකපන්, තව දාන්නං.

      Delete
  10. ඉන්දික නියමයි. තව ටික දිනකට කලින් කිව්ව නම් මගෙත් ගානක් බේරෙනවා. අපරාදේ..... දැන් දෙන්නම් මම අපේ පැත්තේ දන්සැල් මල්ලිලට ....හෙක්..හෙක්...සුනිල් තමා අම්මප බඩුව දවසකටවත්.

    ReplyDelete
    Replies
    1. වෙදමහත්තය පින්තූරෙ නොතිබ්බනං හිතන්නෙ වෙන ගොබිලෙක් කියල. අම්මප ඇත්තමයි. මම නම දැනං උන්නෙ නෑනෙ.

      මේ වගේ බේත් තීන්නෙ සුනිල වගේ උන්ගෙ වට්ටෝරුවල විතරයි. අඹරන්න ගුලියක් මෙයිං කලඳයි විරේක කලඳයි දාල ඔය වෙදගෙදෙට්ට එන ඉන්කම්ටැස් ආධාරකාරයන්ටත් ආයි පලාතෙ නොයින්න.

      Delete
  11. මමත් මචෝ දන්සල්වලට විතරක් නෙමෙයි ඕන දේකට ආධාර ඉල්ලගෙන එන උන් ටිකක් ප්‍රශ්ණ කරලා තමයි දෙන්නේ. විශේෂයෙන් නොදන්න උන්. අනික ඉතින් අපිත් දන්සල් දීලා තියෙන උන් නිසා, මේ විදියට මඩවන උන් කීයක් නම් හම්බ වෙලා තියෙනවද. ඉස්සර අපි කුරුම්බා දන් සලක් දෙනවා. ඒත් අපේ ගෙවල් ගාවම් තිබුන වලව්වකින් දෙන්නෙ එක කුරුම්බා වල්ලයි. පොල් ගස් 100 ක් විතර තියෙන වත්තෙන්. එයා ඒ වගේ ලෝබ උනාට. අපි රෑට ගිහින් එයාගේ ලෝබ කම නැති කරලා වැඩි පුර පින් අත් කරලා දෙන්වා.

    ReplyDelete
    Replies
    1. රෑ වැඩිපුර පින් ලැබුණු උදවිය උදේට හැසිරෙන විදිය කොම ඇතිද ??? මැවිලා පෙනවා පින උතුරලා යන විදිය

      Delete
    2. අපිත් ඒ කලෙ අයිස්ක්‍රීම්, සිසිල්පැන් දන්සැල් දීල තීනව. ඒත් අපේ අපේ උන්ගෙ ගෙවල් වල වියදමෙන්. පසෙ ජොබ් කරන්න ගත්තමත් දුන්න අපේම වියදමෙන්.

      හැබැයි කුරුම්බ තැඹිලි අපි කඩල පූජ කොලේ අපිටමයි. මොකද සමහරුන්ට ඕව දුන්නම විරේක වෙනව, සීතල හැදෙනව කියනවනෙ. ඒ මිසක් අපි සෙන්සුරාද රෑට බීල ඉරිද රෑට ඔළුවෙ කැක්කුම අඩුකරගන්න නෙමෙයි.

      අපේ ගෙවල් ගාව ගේක පොඩි තැඹිලි ගස් දෙකක් තිබ්බ ඒ ඇන්ටි දවසක් අපේ අම්මට කියල පන්සලේදි, "බලන්න අපේ වත්තෙ අර තැඹිලි පැල හිටෝල අවුරුදු දහයක් උනා, උපශාන්ත රට ගියාට පස්සෙ තමා මම ඒකෙන් තැඹිලි ගෙඩියක් බිව්වෙ කියල.

      Delete
    3. එකෙන්ම පෙන්වා උඹ නමේ හැටියටම උපශාන්ත බව :D

      Delete
    4. මචො, මගෙ ඉතිහාසෙ කරපු දේ ගැන ලිව්වොත් මේක ආන්ඩුවෙන් වාරණය කරනව.

      පොඩි සිද්ධියක් කියන්නං.

      මාව පොඩි කාලෙ දන්න කෙනෙක්ට මගෙ ඉස්සර ලංකාවෙ බොසෙක් අපේ ඔෆිස් එකේදි හම්බ උනාම ඇහුවලු මම මොකද එතන කරන්නෙ කියල. මම තමයි ඒ කම්පැනි එකේ අහවලා කිව්වම අර මනුස්සය කිව්වලු "මම හිතුවෙ ඔය කොල්ල මෙලහට පාතාලෙ ඉඳල හිරේ ගිහින් වෙන්නැති" කියල.



      Delete
  12. වල්ලපට්ට ඕයි. සංකල්ප රූපද මොනවද ඇත්තටම මැවුණා.

    ReplyDelete
    Replies
    1. වල්ලපට්ට මැවුනනං පරිස්සමින් කොල්ලො. ඔව්වට හිරේ දානව. ඇඳිල මැකුනත් හිරේ.

      Delete
  13. නියම වැඩේ. බත් පාර්සලයක් ගන්න සල්ලි ඉල්ලන උන් කීපදෙනෙකුට මම බත් පාර්සල් අරන් දීලා තියෙනවා. උන් කීප දෙනකුට ඒකට මල පැන්නා. තව කීප වතාවක් පර්ස් එක නැතිවුන නිසා බස් එකේ යන්න ටිකට් එක ගන්න සල්ලි ඉල්ලපු උන්ට බස් එක ගාවට ගිහින් ටිකට් අරන් දීලා තියෙනවා. එකෙක් කු‍ටු කු‍ටු ගගා බැණ බැණ බස් එකෙන් බැහැලා ගියා. කොන්දා මට සල්ලි ආපහු දුන්නා හිනාවෙවී.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කරන්නේ බොරුව. දුන්තෙල් කතාවනම් මරු.

      Delete
    2. නියමයි ඩූඩ්, අන්න හොඳ අදහස. බස්වල යන්න සල්ලි නෑ කියලා ඉල්ලන උන්ට කරන්න ඒක නම් හොඳ වැඩේ.. ස්තුතියි..

      …මමත් ඔය වගේ කෑම නෑ කියලා ඉල්ලන අයට කෑම දෙන්න ගියාම.. දැන් එපා ගෙදර ගිහින් ළමයි එක්ක කන්න ඕනා.. ළමයි බඩගින්නෙ ඉද්දි කන්න බෑ කියනවා. හරි එහෙනම් ඔතලා දෙන්නද අහපුවාම ගෙදර යන්නෙ රෑ වෙලා නරක් වෙයි කියනවා.. ඊටපස්සෙ මම නිකම් හිටියා..

      Delete
    3. ඩූඩ්,

      ඔන්න ක්‍රමේ. ආයි මොනාටද අමු මාලු දෙන්නෙ, කෙලිම්ම උයලම දීහන් කන්න. ඔහොම දුන්නම හිතේ සැකෙත් නෑ, දුකත් නෑ, හොරුන්ට අහුවෙන්නෙත් නෑ ( මමනං ඉතින් කාලෙක ඉඳල මලට එකෙක්ට සතයක් දෙන්නෑ දැන් )

      මැක්ස්,

      තෑන්ක්ස් බ්‍රො! මීට කලින් උඹව දැකල පුරුදු නෑ මේ පැත්තෙ! ආවට, කෙටුවට ජය!

      හරී,

      හරියටම හරි! සල්ලි වාන, බඩුම තමයි (දෙන්න) ඕන.

      Delete
    4. දවසක් පේරාදෙණිය හන්දියෙදි හමුවුන කොල්ලෙක් කීවා පර්ස් එක නැති වෙලා කියලා. නුවර ඉඳන් ආවෙත් කෙනෙකුගෙන් සල්ලි ඉල්ලගෙනලු. ආමි එකේ වැඩ කරන්නෙ නිවාඩු එන ගමන් කියලත් කීවා. ට්‍රැවලින් බෑග් එකකුත් අතේ තිබුන නිසාත් යුද්ද කාලෙ නිසාත් මට දුක හිතුන නිසා ළඟම කෑම්ප් එකට පයින් යන්න පාර කියලා දුන්නා. ආමි එකේ කොල්ලෙක්ට කිමී 1ක් විතර පයින් යන්න බැරි කමක් නෑනෙ.
      දවසක් කොළඹ යන්න පේරාදෙණි හෝල්ට් එකේ ඉද්දි ටිකක් විතර වයසක ගෑනු කෙනෙක් කෑගල්ලට යන්න සල්ලි ඉල්ලුවා. ෂුවර් නැත්නම් ටිකට් එකක් අරන් දෙන්නලු. මම ටිකට් අරන් දෙන්නම් කියලා කොළඹ බස් එකට නගිමු කීවාම ඇහුන් නෑ වගේ යන්න ගියා.

      Delete
    5. ඔය ආමි කේස් එක හරියට වික්ක ඉස්සර සමහර ටවුන් වල. ඔය වගෙම තමයි අර කෑලි බද්ධ කරන්න අධාර ඉල්ලපු උනුත්. වෑන් හයර් එකට අරන් එන්නෙ. අපේ පැත්තෙ පොරක් ඔප්‍රෑඉෂන් එක කරල තව කඩේකුත් දා ගත්ත ඔය වගේ එකතු කරල.

      Delete
  14. සිද්ධිය සිතුවමක් සේ දැස්මානයේ මැවෙන්නම ලියලා තියනවා ඉන්දික.....සුනිල් ලොක්කා අමුතුම චරිතයක්. දියුණුවේ රහසත් ඒ අමුතු බවම තමයි. මේක වුණේ ග්ලැක්සෝ එක ඇතුළේ වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. සෙල්ලං නෑ, ඒ විශේෂ ඇගයීම හෙළ පුවත්පත් කලාවේ මහා වෘක්ෂයේ ( කඩාවැටුනු ) පු.ක නලින් අය්යාගෙනි. තැන්ක්ස් බොසා. නිදිමරාගෙන කෙටුවට පාඩු නෑ එහෙනං.

      සීන් එක උනේ ග්ලැක්සෝ නෙමේ උස්වත්ත ෆැක්ටරිය පිටිපස්සෙ තිබ්බ මිනිහගෙ කන්තෝරුවෙදි. උස්වත්ත තමයි ටිපිටිප් සහ ජුජුබ්ස් හඳුන්වල දුන්නෙ. උස්වත්ත අයිති සුනිල්ලගෙ පවුලට. ඒ නම දාල තීන්නෙ මොරටුවෙ සුනිල්ලගෙ ගම වෙච්චි උස්වත්ත නමින් ( පොඩ්ඩක් ටැපලුනු නලින්ටම නෙමේ අනික් අයට දැන ගන්න )

      Delete
  15. ඔය වලව්වත්ත,බායිවත්ත,රජ මාවත,සිබිට් රෝඩ් එකේ,ගොනා කෝවිල පැත්තේ ඉන්නේ හුගක් අය ඔය වගේ සෙට් වල උන් තමයි.හැබැයි අර රජමාවත පටන් ගන්න තැන වයි.එම්.බි එක ගාව දන්සලනම් කාලයක් තිස්සේ දෙන එකක් නේද...?

    ReplyDelete
    Replies
    1. ඒක දෙන්නෙ YMBA එකේ කොල්ලොයි රජමවතේ උනුයි එකතුවෙලා. ඒ විතරක් නෙමේ උන් තව මැලිබන් හන්දියෙ වෙසක් නාට්ට්යියකුත් කරා. ඒව සිරාවට කරපු වැඩ. මේව මේ හොර යක්කුන්ගෙ හොර වැඩ.

      Delete
  16. නියම කතාව මචං චිත්ත රුප මැවෙන්න ලියල තියෙනවා.ඔය සුනිල් පෙරේරා මම කොහොමටත් ප්‍රියකරන චරිතයක්.

    ReplyDelete
    Replies
    1. "මැවිලා පෙනේ.....විරූපේ.." ඔහොම කියද්දි මට මැවුනෙ කැත නයෙක්. උඹටත් එහෙමද?

      Delete
  17. නියම කතාව. වල්ල පට්ටයි.

    සුනිල් පෙරේරා තියරිය දාලා බලන්න ඕනේ නොදන්නා උන් සල්ලි එකතු කරන්න ආවම

    ReplyDelete
    Replies
    1. හොඳ කතාවකට හොඳ පාඨකයො ඉන්නව එහෙනං. මං හිතුවෙ උඹල උගු සිඥ්ඥොල දැන් බ්ලොග් අතෑරල ගිහින් කියල. මොකද බොලාගෙ අපේ සෙට් එක මේ පාර අවුරුදු උත්සවේ මුකුත් කැටයමක් නොදැම්මෙ?

      Delete
    2. පියෙක් උනා විතරයි කලින් හිටියේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා. සෑහෙන වැඩ ගොඩක හිරවෙලා ඉන්නේ. කොටින්ම කියනවා නම් අල්ලපු වැටේ ඉන්න රොබින්වයි, ඕනයාවයි විනාඩි 5කට හම්බුවෙන්න වෙලාවක් නැති තරම්.

      අන්තිම පේලිය පැත්තේ ගිය කාලයක් මතක නැහැ අෆ්ෆා.

      Delete
  18. මරු විස්තරේ අර ඩයල් සෙට් එකේ.

    ඔහොම සෙට් එකක් මම හිටපු තැනකටත් එනවා, දන්සැල් නෙවෙයි උන් නම් මොනව කරත් ඒකට ආදාර ඉල්ලනවා. සමහර වෙලාවට හිතල බැලුවම පිට ලෝකෙට කිසිම සම්බන්දයක් නැති උන්ගෙ උන්ගෙ වැඩ.

    වෙලා තියෙන්නෙ ඕක සුනිල් කරාට සාමාන්‍යයෙන් ගෙවල් වල ඉන්නෙ එක්කො වයසක මිනිස්සු නැත්නම් ගෑනු අය. උන්ට ඔහොම කට ගහගෙන යන්න බෑ. ආදාර එකතු කරන්න එනව නම් පොලිසියෙන් ගත්ත ලියුමක් තියෙන්න ඕන වගේ වත් නීතියක් තිබුන නම් හරි. ග්‍රාමයල පන මදි ඕවට.

    ReplyDelete
    Replies
    1. මම දැක්ක ඇනෝ මොකක්ද පත්තරේක තියෙනවා ආධාර එකතු කරන්න පන්සලේ හාමුදුරුවන්ගෙ ලියුමකුයි ග්‍රාම සේවකගෙ ලියුමකුයි ඕනා කතාවක්..

      Delete
    2. හරී......උඹට සහතික කීයක් ඕනෙද? මම මේ ලඟදී ලංකාවේ පොරකට කතා කරකර හිටියා අපේ එවුන්ගේ හොර වැඩ ගැන.....ඌ කියනවා අයියා බණ ටෝකින්ලු. එච්.ආර්. ජෝතිපාල කියලා ඕන නම් එහෙමයි, මිල්ටන් පෙරේරා කියලා එහෙම නම් එහෙමයි.....කොයි නමින්ද පාස්පෝට් එකක් අයිඩෙන්ටි කාඩ් එකක් ඕන. සල්ලි විතරයිලු ඕන.

      Delete
    3. Ano,

      ඕක ලියනකොට මට ඒ සීන් එක මැවිල පේනව. කතාව දික් වෙන නිස පස්සෙ සුනිල කියපු ඔක්කොම ඔතන නෑ. ඒත් ඒ එක දෙයක් හයිලයිට් කරෙ සුනිලගෙ පසු වදනක් හින්ද.


      //දෙදෙනෙකුගේ පමණ ඉතාම කෙටිව කැපූ කොන්ඩාද, අනෙකුන්ගේ හිස් මත කපුටු කූඩුද විය.//

      ඔය සෙට් එක ගියාම සුනිල් ලොක්ක කියනව "මල්ලි උඹ දැක්කද අරුන් දෙන්නගෙ කට් එක? ෂුවර් එකටම ඊයෙ පෙරේද ඇතුලෙ ඉඳන් ඇවිත් තීන්නෙ. නැතුව මුන් මලාට කොන්ඩෙ කපන්න යන්නෙ නෑ. අනික බං කතුරු කැඩෙන හින්ද මුන්ගෙ කොන්ඩ කපන්න බාබර්ල කැමතිත් නෑ" කියල.

      හරී කිව්ව හරී තමයි, ඔය අධාර සීන් එකට මම හිතන්නෙ මේ පාර ඉඳන් ලියුම් ඕන තමයි. ඒත් ඉතින් ලංකාවෙද ඕව හොරට ගහන උන් නැත්තෙ.

      ඒත් ඉතින් අරූ කිව්ව වගේ ලියුන්ද බන් ගහන්න බැරි. ඉස්සර චැතැම් ස්ට්‍රීට් එක නිකන් ජිනීව ඩිප්ලොමැටික් ඒරියා එක වගේ. ඕන රටක එම්බසියක සීල් ගහනව, වීස හදනව. සල්ලි විතරයි ඕන.

      Delete
  19. මමත් දන්සැල් හෝ වෙනත් ආදාර ඉල්ලගෙන එන අයගෙන් අහන්න පුලුවන් ප්‍රශ්න ඔක්කොම අහල ශුවර් කරගෙන තමයි දෙනආධාරයක්. හැබැයි ඔය පොඩි පැටවු දෙන අයිස්ක්‍රීම්, බීම වගේ දන්සැල්වලට නං සුටුස් ගාල සල්ලි දෙනව

    ReplyDelete
    Replies
    1. අයියේ, මාත් පොඩි එකා වෙච්චි. ආධාරයක් දියන්කෝ?

      Delete
    2. මල්ලි හක පුරවන්න කැමති නං . . . මම හකෙන් පතක් ආදාර දෙන්නං

      Delete
    3. උඹේ කට තමයි කට....

      Delete
    4. ඕනය, ඔව් බන් පොඩි පැටව් මාටිය ගහන්නෙ නෑ, උන්නෙ තාත්තල මරිසිය දාල කීයක් හරි කඩාගත්තොත් මිසක්. ඒ හින්ද පොඩි උන්ට සන්තෝසෙන් දෙතෑකි.

      ගලා, ඕකගෙ පන් හකක් තීන්නෙ ඕකෙන් බෙදද්දි හක පරහට යන්න පුලුවන්, බලාගෙන මචන්.

      Delete
  20. නියම උත්තරයක් තමයි සුනිල් මිනිහව තම්බන්න ආපු සෙට් එකට දීල තියෙන්නෙ.
    මේ පැත්තෙ කොහොම වෙතත් ඔය පැත්තෙ ඔය වගේ කුඩ්ඩො වැඩි හින්ද කොහොමත් ඔය තියරිය අනුගමනය කරන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. සුනිල කුඩ්ඩොන්ට නෙමේ බන් වැඩ්ඩන්ටත් මාර කියුං කියන්නෙ. මම ඉස්සරහට ලියන්න ඉන්නෙ සුනිල්ගේ කතා සීරීස් එකක්ම. බලහන්කො කොහොමද කියල.

      Delete
  21. හොඳ මොළ කාරයෙක්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ප්‍රබුද්ධ නෙමේනෙ. ඒ නිසා තැනක් නෑ.

      Delete
  22. එලස්....මචෝ....කතාව....අපි උඹල දන්නව උනාට සුනිල් ගැන ගොඩක් අය දන්නෙ නැහැ බං ....

    ReplyDelete
    Replies
    1. මේකත් බල පල්ල ....සුනිල් අයියත් මං වගේමයි.... හෙක්...හෙක්....
      http://nethfm.com/article/9944

      Delete
    2. අනිව මචෝ, සුනිල කියන්නෙ පිස්සෙක් කියල හිතන් උන්නට එහෙම හිතන උන්ටයි පිස්සු කියල මට හිතුනෙ.

      ඌට නැති කෑලි. එක පාරක් මම එයාර්ලන්ක පාර්ටි එහෙකට ගිය බරගනන්වල. එක විතර වෙනකොට ඔක්කොම උන් වැටිල වගේ චා වෙලා, බෑන්ඩ් එක ගහනව මිනිස්සු වැනෙනව. මෙන්න ටිකකින් අව සුනිලගෙ සෙට් එක.

      ආයි මොනාද තුනට හෝල් එකේ උන් කියල අමාරුවෙන් සින්දු නවත්තල කට්ටිය එලියට දානකල් ෆුල් සොමිය. මූට ඕනම චොර තැනක් රොක් කරන්න යන්නෙ විනාඩියඉ. පට්ට ටැලන්ට් එක ඒ අතින්. ඉතින් එහෙව් වැඩකට කෙල්ලො නෑවිත් ඉඳීද බන්?

      Delete
  23. සුනිල් අයියාට ෂෝ එකක් කථා කරන්න ආවාලු පුසිද්ද කොම්පැනියකින්
    හරි මල්ලි වැඞේ කරමු මගේ ගාන මේකයි
    සුනිල් අයියේ අල්ලපු වැටේනේ තියේන්නේ බැරිද ටිකක් අඞු කරන්න.
    හරි මල්ලි එහනම් ගාන අඞු කරලා මම තාප්පේ උඞට නැගලා සිංදු කියන්නම්
    (දැන් දන්නවානේ කම්පැනිය මොකක්ද කියලා?)

    ReplyDelete
    Replies
    1. බුවාගෙ අල්ලපු වැටේ තිබ්බෙ මහරාජගෙ එස් ලෝන් එක. උස්වත්ත එක එහා පැත්තෙනං සින්ගර් එක.

      ඔය දෙකේම ඉන්නෙ යුනියන් කුණාල තමයි හැබ‍යි. සුනිලගෙ ගම වෙලත් ජිසීස්ල එකම එක ෂෝ එකයි රත්මලානෙ කරේ. ඒත් අසූ ගනන්වල ඉරිගේෂන් ග්‍රවුන්ඩ් එකේ, ටිකට් එකක් රුපියල් විස්සෙන් උඩද කොහෙද. ආයිනිකන් චාටර් වෙන්නෙ නෑ. ඒ වගේම තමයි මිනිහගෙ වැඩ කරවගන්නත්, ටොප් ප්‍රයිස් ගෙවනන, කොලිටි එකත් උපරිමෙන්ම බලනව.

      Delete
  24. සුනිල් ලොක්කා කථා කරනවා බලා ඉන්න කිසි කම්මැලි කමක් නෑ...බොහොම විනෝදශීලී වගේම විවෘත මිනිහෙක් වග තමාගේ පුද්ගලික ජීවිතයේ කාරණා පවා බෙහොම ප්‍රසිද්ධියේ කියද්දි අපිට වැටහෙනවා....කිව්ව විදියට බත් කල්දේරම යවලද ඉතිං...

    ReplyDelete
    Replies
    1. කල්දේරම යවන්න දන්සැල තීයෙන්න එපාය බන්. කුඩ්ඩන්ට මොන දන්සැල්ද.

      Delete
  25. මමත් ප්‍රිය කරන මිනිහෙක් ඉන්දික බොස්. කෙලින් කතාව. වංගු නෑ !!!

    ReplyDelete
  26. මරු කතාව බං... ඔය හොඳයි, දවසක් පානදුරේදි කේඩෑරි වෙලා ගිය ළමයෙක්ව අරං අම්ම කෙනෙක්, ළමයට ගන්න තියන බෙහෙත් කියලා තුණ්ඩුවක් පෙන්නලා සල්ලි ඉල්ලුවා. අපිත් එක්ක හිටිය නෑදෑ දොස්තර අක්ක කෙනෙකුට හොඳටම දුක හිතිලා, කෝ මම අරං දෙන්නම් කියලා, තුණ්ඩුව ඉල්ලුවා... අර ජීවිතේ මහා දුක් කන්දරාවක් විඳලා පට්ට අසරණ පෙනුමක් තිබ්බ අම්මාගේ මූණ රළු පරළු වෙලා ඇඹරිලා අපේ කණට නෑහෙන කුටුකුටුවකුත් එක්ක ගස්සගෙන යන්න ගියා. අර කාලයක් රටපිට ඉඳලා ආපු අක්කගේ මූණ දැන් අර අම්මගෙ කලින් තිබ්බ මූණ වගේ.. පට්ට අසරණයි. යන්තං අපිට තේරුණා මොකද වුණේ කියලා... අපි අක්කට විස්තරේ කියලා එක්කගෙන ආවා...

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි, මචන් අපේ අය්යල්ගෙ දුක විකුනං කෑම ගැන මටත් මාර අත්දැකීම් තීනව. කොටිම්ම මම ඔය මහා වංචාවට අහු උනෙත් අනුන්ගෙ දුකට උණුවෙලානෙ. ඉතින් තව මොන කතාද බං.

      Delete
  27. ඕක නියම ටෙක්නික් එකක්. මටත් ටිකක් විතර ඔය වගේ කියන්න පුළුවන් සීන් එකක් වුනානෙ.
    දැන් මේ කොළඹ සිග්නල් ලයිට් වලට වාහන නවත්තපුවහම තමයි හිඟමන් ඉල්ලන්නෙ, සමහර ටෙ‍ායිස් බඩු විකුණන්නේ, ආධාර ඉල්ලන්නෙ, මේ සේරම ජාති. මං දවසක් හන්දියක වාහනයක් නවත්තගෙන ඉන්නකොට පොරක් ඇවිත් අහනව මොරටුවට බස් එකේ යන්න කීයක් හරි දෙන්න කියල. මං ගත් කටටම කිව්ව එන්න යන්න මාත් යන්නෙ ‍මොරටු තමයි කියල. ඒ පාර පොර, නෑ දැන්ම ගිහින් බෑ කියල මාරු වුනා.

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එකෙක්. මුන්ව දැක්ක කල් අම්මප. එල කිරි වැඩේ උඹත් කරල තීන්නෙ. ඒ ඒ බනිස් වලට ගැලපෙන කෙසෙල් දෙන්න ඕන හිතල බලල.

      ( හැබැයි ඌ උඹ කවුද කියල දන්නවනං, පලු යන්න බනිනව "හිඟන්නගෙ පාත්තරේට වැටුන හෙනහුරා" කියල )

      Delete
  28. මොනා වුණත් කෙලින් මිනිහ. සුනිල් අයියා කියන දේ කරන, කරන දේ කියන මිනිහා. අතීතයේ වැරදි තිබුනත් දැන් නම් මිනිහ අදහන්න වටින චරිතයක් තමා.

    ReplyDelete
    Replies
    1. අයිත් අහල.සුනිල කියන්නෙ කතෝලික උනත් යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී බුවා.

      Delete
  29. ඔන්න බුවාලා. මම කවදත් කැමති ඩයල් එකක්. කෙලින් වැඩ. මෙහෙම අය අඩුයි බන්. ඔතෑනි යක්කුත් එක්ක මටනම් එපා වෙනවා බන්. පැද්දෙන විදිහෙන් හිතාගන්න ඕන මොන ස්ට්‍රෝක් එකෙන්ද ගේම ඉල්ලන්නේ කියලා.

    කකා හරි....මෙන්න පොදු අපේක්ෂකයා ......

    ReplyDelete
    Replies
    1. උඹ මේ Gypsis කියලා මෙහෙම ලිව්වේ හිතාමතාමද?

      Delete
    2. ඔව් මචං, ඔය Gypsis කියන එකේ අර්ථය මාර වෙනස්. ඒක මේ අන්තර්ජාලෙන් උඹලට හොයන්න බෑ, මොකද නියම රුමේනියන් ජිප්සිල ඔය වචනෙ ලියන්නෙ ඔහොමයි කියල මගේ ගාව තිබිල නැති වෙච්චි පොතක තිබ්බ. ඇයි උඹට අවුල්ද?

      ( අනේ නෑ මචෝ ටය්පො එරර් එකක් - කියන්න ලැජ්ජයි )

      Delete
    3. අඩෝ ඉන්දිකයා .. පත්තර මල්ලි ස්ටිල් ලිවිං අරී :D ඇයි ගේමද ??? ආ ??? වරෙං ඩෝ !!

      Delete
    4. ඕනෑනං මම නියම ජිප්සින්ගේ පින්තුරයක් දෙන්නං,මමම ගනිපු එකක්.

      Delete
    5. හැලපෙ, මේ ඔයා ඔය පිතූර ගන්නකොට හිටියෙ ජිප්සියෙක් අත උඩ තියාගෙනද? එහෙම නැත්තන් වැඩක්නෑ. පිළිගන්න බෑ.

      පත්තරේ, ඇයි මල්ලි ඇඬෙනවද?

      Delete
  30. දන්සැල් කාරයන්ගේ කරදරෙන් බේරෙන්න ඒකත් හොද තියරියක් තමයි බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි පස්සෙ උන් ගැහුවොත් අපිට කියන්නත් එපා, සුනිලට බනින්නත් එපෑ ඈං.

      Delete
  31. මේ පාර නම් දන්සැල් රෙජිස්ටර් කරන නිසා ඒ ලියුම බලලා දුන්නැකි. ඒ වුනාට රෙජිස්ටර් කරලා එකතු කරන සල්ලි වලින් දන්සැල දේවිද කියලා ෂුවර් නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්ව කොහෙ ෂුවර් කරනද බන් ආන්ඩුව නීතියට අනුව ගන්න බද්දෙනුත් හොරාකන රටක.

      Delete
  32. ඔය දුන්තෙල් බත්වලට දුන්තෙල් කියලා දාන්නේ මොනවද කියලා කවුරු හරි දන්නවද? :)

    ReplyDelete
    Replies
    1. දුන්තෙල් බත්වලට පාවිච්චිකරන්නේ (එලඟි තෙල් ) Ghee නේ. Ghee Rice කියන්නේ දුන්තෙල් බත් ලඟින් යන එකක්. ඉස්සර එලඟිතෙල් බෝතලය එල්ලලා තිබුනේ දුම් මැස්සේ. ඒනිසා දුන්තෙල් වුනාද දන්නේ නැහැ.

      Delete
    2. එළඟි තෙල් වලට තමා දුන්තෙල් කියන්නෙ. ඒ ඇයි කියල හොයල බලන්න වටිනව. බ්ලොග් අවකාසෙ එක්සෙකටිව් සූ චෙෆා දුන්න උත්තරේ දැනට භාරගන්න ලෙස ඉල්ලාහිටිනව.

      Delete
  33. නියම කතාව ඉන්දික. කොහොමටත් සුනිල් පෙරේරගෙ කෙලින් කතාව.

    දන්සල් දෙන්නය අරකටය මේකටය කියල ආධාර එකතු කරන හුඟක් අය ඔහොම තමා. ලෙඩවලටය කියල, පන්සල් හදන්නය කියල අරකට මේකට ආධාර එකතුකරන අය දැන් හරියට එන්නෙ ගෙවල්වලට. එන එන එකාට දෙන්න ගියොත් මාසෙකට වෙනම ගානක් වෙන් කරන්න ඕන ඒවට. ඒකෙන් වෙන්නෙ ඇත්තටම ආධාර අවශ්‍ය කෙනෙක්ටත් නොලැබෙන එක. අපේ මාමලගෙ ගෙවල් පැත්තෙ කඩේකට ගමේ මිනිස්සු කියන්නෙ බයිපාස් කඩේ කියලලු.
    මේ ළඟකදි අඳුරන ෂොප් එකකට මම ගියා ප්‍රින්ට් අවුට්ස් වගයක් ගන්න. වැඩිහිටි හාමුදුරු කෙනෙක් ආවා ටිකට් පොත් වගයක් අරගෙන පන්සලක් හදන්න ආධාර ඉල්ලගෙන. ෂොප් එකේ හිටියෙ වැඩකරන නංගිල දෙන්න විතරයි. අර නංගිල මොකුත් කියන්න කලින් මම කිව්ව හාමුදුරුවො මේ වෙලාවෙ කඩේ අයිති අයියා නෑ කියල. ඒ පාර එයා කියනව කමක් නෑ ඔය ගොල්ලන්ට පුළුවන් කීයක් හරි දීල පින් අරගන්න කියල. :) මමත් එතන වැඩ කරන එකෙක් වගේ මම කිව්ව අපිට ඉතින් පඩි හම්බෙන්නෙ මාසෙට එකපාරනේ, බස් එකට සල්ලි විතරයි අරන් එන්නෙ කියල. හාමුදුරුවො මූන දෙක කරගෙන ගස්සගෙන හැරිලා සෙරෙප්පු සද්ද කරන් හැරිලා ගියා. ඒ විදියෙන්ම ඒ මනුස්සය කරේ බොරුව, සමහර විට සිවුරක් පොරවගෙන රස්සාවට සල්ලි එකතුකරන හොරෙක් වෙන්නත් ඇති.

    ReplyDelete
    Replies
    1. මදුරු මර්ධක කොහෙද බන් වහන් වෙලා උන්නෙ?

      උඹ කරපු දේ හරියට හරි. ඔය ගොඩක් උන් සිවුර ලෝගුව දගෙන එනව හිඟා කන්න ආගම් වලටත් ලැජ්ජයි.

      අනික අර දැක්කනෙ කරිවිල කේස් එක විලච්චිය පැත්තෙ. දැන් ඒ සල්ලි ආධාර දීපු උන් ඔය බොරුව දැනගත්තම ආයි කටවත් උදව් කරයිද? බාගෙන තීන එක ඉහගෙන කන ගොන් හරක් තමා ලංකාවෙ වැඩි, ඒකයි වෙලා තීන්නෙ.

      Delete
  34. ඔය ලොකු ලොකු සම්භාය කඩේ යන කට්ටිය වගේ නෙමෙයි සුනිල්. කෙලින් කතා කරන, තමන් චාටර් වැඩ කරලා තියන බව ඔලුව කෙලින් තියන් පිලිගන්න, පොලවේ පය ගහලා ඉන්න, බුලට් වගේ පොරක්.

    ReplyDelete
  35. මේක ගෙඩි පිටින් අද ලක්බිමේ දාල රිද්ම අතිරේකෙ වගේ මතක...! බැලුවනං..!

    ReplyDelete
  36. මචං කොහොම මේ බ්ලොග් එකට ආවද මන්දා සිරා කතාව... මමත් කැමති පොරක් තමයි සුනිල් පෙරේරා.
    කුස්

    ReplyDelete
  37. එල කොල්ලෙක්ගෙ එල වැඩක් ගැන එලටම ලියලා.
    අහම්බෙන් ගොඩඋනේ. සුටුස් ගාල බුක් මාක් කරගත්තා.

    ReplyDelete
  38. මමත් කැමතිම අපූරු මනුස්සයෙක් තමා සුනිල් අයියා...
    කතාවේ රස බේරෙනවා, නියමෙට ලියලා...
    අර උඩ කමෙන්ට් එකක කියල තියෙනවා වගේ ඉතුරු සුනිල් කතා ඔක්කොමත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
  39. මේ ඇඩ් එකනම් කන පහත් වෙන්ටම දීල තියෙනවා. අපේ තාත්තත් දවසක් මට හොඳ ඇඩ් එකක් දුන්න හොඳට බීලා ගෙදර ආව දවසක. " පර බල්ල දැනගනින් එක කැලේ සිංහයෝ දෙන්නෙකුට රජ කොරන්ට බැහැ. එක්කෝ උබ හිවල වෙලා මම සිංහයා වෙන්නම්. එක්කෝ උබ සිංහයා වෙලා මම හිවල වෙන්නම්" කියල. ඊට පස්සේ මොහොතකින් මම තුමාට එතුමාගේ ඇගිලි පහම මුහුණේ සතියකට මුද්‍රා තබමින් ඇමෙරිකානු හමුදාවට තලේබාන් ඩයල් එකක් හම්බ උන ගානට ජල ගුටි වරුසාවක් ඇද හැලුනි...!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails