Saturday, February 1, 2014

මිනිය මිනිහට වඩා බර වැඩිද?



මිත්‍යාව පිලිගන්න අපේ රටෙ විතරක් නෙමෙයි දකුණු ආසියාවෙම මිනිස්සු බොහොම කැමතියි.

සමහර විට මේ ඇහැට පේන සත්‍ය වෙනුවට මහා මිත්‍යාවක් කරපින්නගන්නව. එක අතකට මොන හෞතික විද්‍යාව ඉගෙන ගත්තත් බටහිරයොත් නොපෙනෙන දෙවියන් කෙනෙක් ගාව ගිහින් පිහිට ඉල්ලන එක පවා මිත්‍යාවලට රැවටීමක් නෙමෙයිද කියල කෙනෙක්ට අහන්න පුලුවන්.

එහෙම තත්වයක් උන ඇයි අපේ අයට විතරක් බනින්නෙ කියල තර්කයක් ගේන්න බැරි කමකුත් නෑ.

ඇත්ත. මිනිස්සු මිත්‍යාව වැළඳ ගන්න ගියාම සීමාවක් නෑ, තරා තිරමක් නෑ. කරුමෙකට වගේ ලංකාවෙ ඕක ලොක්කගෙ ඉඳල සොක්කො දක්වාම තදින් පැතිරිල. එක අතකට ගුරා හිටගෙන කරද්දි ගෝලයො උඩ පැනං කරන එක අහන්නත් දෙයක්යැ.

මම දැන් මේ කියන්නෙ තවත් ඒ වගේ අපි අතරෙ මුල් බැහගත්තු එක බොරුවක ඇත්ත ගැන මගේ අදහස. මේකත් සුපුරුදු විදියටම සංවාදයට විවෘතයි.

මීට ටික කලකට කලින් මම එක බ්ලොග් එහෙක කමෙන්ට් අතරෙ දැක්ක "මළ මිනියක් උස්සනකොට සාමාන්‍ය මිනිහෙක් උස්සනවට වඩා ලොකු බරක් දැනෙන්නෙ ඇයි" කියන දේ ගැන පුදුමය දනවන විදියෙ සාකාච්ඡාවක් ( මැක්ක නෙමෙයි රාජ් ).

ඇත්තටම එක දැක ඒ වෙලවෙ මට හිනා ගියත්, යමක් කියන්න තත්වයක් නොතිබ්බ නිසා සද්ද නැතුව හිටිය.

ඔය මළ මිනී බර වැඩි වෙන එක ගැන මගෙ අදහස මේකයි.

ඕකෙ මූලික දේ තමයි, අපි බහුතරයකට තියෙන්නෙ මල මිනියක් උස්සපු අත්දැකීම නෙමෙයි, දෙනක් එහෙම නැත්තන් මිනිය දාපු පෙට්ටිය උස්සපු අත්දැකීම. එතකොට අපි බර වැඩියි කියන්නෙ නිකම් සරළ ඇඳුමක් ඇඳපු පන ඇති කිලෝ හැටක් හෝ හැත්තෑවක් විතර බර සාමාන්‍ය ප්‍රමානයෙ මිනිසෙක් උස්සපු අත්දැකීම එක්ක අර දෙනක් උස්සපු වෙලේ දැනුන බර සසඳලයි.

ඔන්න දැන් කියන්න පුලුවන් කෙනෙක්ට, පෙට්ටිය කියල ඉතින් ඔය තරම් බර වෙන්න පුලුවන්ද කියල.


ඔව්. ඒක එහෙම වෙනව. ඒ ඇයි කියල බලන්න ඔය උඩ තීන පින්තූරෙ උදවෙ වෙයි.

සමාන්‍යන් වඩු වැඩ ගැන අත්දැකීමක් තියෙන අය දන්නව මිනී පෙට්ටි හදන්න ගන්නෙ වල් ලී එහෙම නැත්තන් සාමාන්‍යෙන් ගෘහ භාන්ඩ හදන්න නොගන්න ලී වර්ග කියල. ඒ අතරෙ වැඩිපුරම තීන්නෙ අඹ ලී ( රට අඹ නෙමෙයි ), ඇල්බීසියා වැනි ලී වර්ග. මේවා කිසි විටක පදම් කර නැති නිසා ලීයෙ පවතින ජල පරිමාව ඉතා අධිකයි.

සමාන්‍යෙන් පදම් නොකල ඝර්මකලාපීය සැහැල්ලු ලීයක පරිමාව/ ඝනත්වය කියුබික් මීටරයට කිලෝ 800ක් විතර වෙනව. එතකොට ඒ මිනී පෙට්ටි හදන්න ගන්න ලී උනත් අර තරම් වතුර සහිත උනාම පස්සෙ ඇද ගහන නිසා කපල පවනෙ වේලනව. මේ ක්‍රමයට සතියක් විතර ලී කපල අව්වෙ තියල තමයි වේලන්නෙ.

ඔය මොරටුව හොරෙතුඩුව පැත්තෙ ගියානං මේ විදියට මිනී පෙට්ටි හදන ලී මඩු තාප්ප වල හේත්තු කරල මෙහෙම ලී වේලනව.

ඉතින් ඔහොම වේලන ලී වල වතුර අඩුවෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයයි. ඒතනදි ඒක උපරිම කිලෝ 800 විතර ඉඳල 700 විතර තමයි බහින්නෙ. මොකද සාමන්‍යෙයෙන් හොඳට යන්ත්‍රානුසාරයෙන් වේල ගත්තත් ඔය ලීයක බර කිලෝ 500 ත් 600 අතරෙ තමයි තීන්නෙ.

ඉතින් ඔන්න ඔය තරම් බර ලීයෙන් තමයි අර උඩ තීන පෙට්ටිය හදන්නෙ. ඔය පෙට්ටියට දළ වශයෙන් යනව ලී කියුබික් මීටර් 0.12 විතර. ඒ කියන්නෙ පැති හතර, අඩිය, පියන, බොරදම් යොදා සකස් කල පටි සහ ඇතුලෙ ආධාරක පටි විදියට.

ඉතින් මේ විදියට ගත්තම පෙට්ටියෙ බර විතරක් වෙනව කිලෝ 80 විතර. ඉන් පස්සෙ ඕකට තව එකතුවෙනව අඩියට දානපිදුරු බර. මොකද මිනී පෙට්ටි අස්සට දාන්නෙ කොළඹනං අහක දාන රෙදි කෑලි. ගං වලනං පිදුරු. මේවත් තරමක බරයි.

මේ සේරම එකතු උනාම පෙට්ටිය විතරක්, මළ මිනිය නැතුවම බර වෙනව කිලෝ 110 විතර. ඕකට තව කිලෝ 65ක විතර කෙනෙක් දාල ගත්තම ඔන්න හරි ගාන. කිළෝ හැට පහේ  මිනිහ මෙන්න තුන් ගුනයකට කිට්ටු වෙන්න විතර බර වැඩිවෙලා!

දැන් මේ කිලෝ 175 ක් විතර වෙන දෙන උස්සන්නෙ කීප දෙනෙක්. හැබැයි මේ හැමෝම එක උස නෙමෙයි. එතකොට උස අයට නිකම්ම වැඩි බරට කරගහන්න වෙනව. ඒ එක්කම එක උස උනත් ඔය හැම තැනම වගේ "කර ගහන" බව පෙන්නල "කර අරින" අයත් ඔය ගොඩේ ඉන්නව.

ඉතින් ඔය ඔක්කොම හේතු නිසා තමයි අපිට මේ කිළෝ හැට පහේ මිනිහ මැරිල පෙට්ටියෙ දාල උස්සගෙන යනකොට මහා බර එකෙක් වගේ දැනෙන්නෙ. එහෙම නැතුව මිනිහ මලාම තව කොහෙවත් යන ගොබ්බ භූතයෙක් ඇවිත් ඒ පෙට්ටිය උඩ ලැගන් ඉන්න නිසා නෙමෙයි.

අනෙක ඒක එහෙමනං ඔය සුනාමියෙන් කට්ටිය මල වෙලාවෙ අර ආමි එකේ කොල්ලෙ ගෝන් කෑලි ව්ල දාන් කොන් දෙකෙන් අල්ලගෙන දෙන්නෙක් එක ගානෙ පැරෑලියෙ මිනී ගෙනාව වැඩේ කරන්න වෙන්නෙ නෑ. ඇයි ඉතින් දෙන්නට උස්සන්න බැරි වෙනවනෙ එක මිනිය.
.

76 comments:

  1. මිනිය බර කතාව නෙවෙයි මේ පත්තර කියෙව්වම සංසාරෙ එපා වෙනවා.. තියෙන්නෙම ඔය වගේ ‘‘කතාන්දර‘‘ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මම ළඟදී දැක්කා දිවයින පත්තරෙන් ගත්ත ලිපියක් කියල ෆේස් බුක් එකේ දාල තියෙනවා පිරිත් පැන් ගැන 'කතන්දරයක්'. ඒක මේ අන්තර්ජාලේ කොහෙන් හරි ගත්තු එකකට තව අතිනුත් දාල. අන්තර්ජාලෙන් මොකක් හරි කොපි කරලා පත්තර වල පල කරන එකද දැන් පුවත් පත් වාර්තාකරණය කියන්නේ!

      Delete
    2. හිරු,

      දැන් දැන් පත්තරවල තීන්නෙම ඔහොම විකාර තමා. මොකද ඉල්ලුමේ ව්දියටනෙ සැපයුම.

      නිරෝෂනී,

      නමේ හැතියතද වැද ඔය? මොනා දැක්කත් තරහ නොගෙන ඉන්න ඕන නේද මේ මම වගේ?

      Delete
    3. සයිලන්සර් සහන්February 11, 2014 at 9:31 AM

      මා මරන්න අයියා ..ඒත් මගේ චරිතය මරන්න එපා අයියා ..එපා .. මා මරන්න .

      ම්ම්ම්ම්ම් ..ආග් ...මටත් ගියා (පන )

      Delete
    4. හිහි....හිහි....හිහි....

      Delete
  2. මෙයා දන්න වස්තරේ.. ජාතික පුවත් පත් වල පළ උන වාර්ථා අනුව.. ඔය පෙට්ටිය උඩට නගිනවා කලින් මළගිය ඥාතී හිත මිත්‍රාදීන්, ඔවුන්ගේ ආත්මවල ඉස්කන්දයත් ඕකට ඇඩ් වෙනවා. එතකොට ඕකට අත ගහන උන් හැම එකාම එකම උස මට්ටමක නෙමෙයි ඉන්නේ. ස්වභාව ධර්ම තියරිය අනුව පොඩි එකාට තව බරක් එනවා. එතකොට ඒ බර නිසා එන කක්කා බරත් ඕකට එකතු වෙනවා. අනික ඕක බොහෝම දුක් බර අවස්ථාවක්. එතකොට ඒ බරත් එකතු වෙනවා. මරණෙට ආපු අයත් බොහෝම හැඟිම් බරයි.. ඒකත් එකතු වෙනවා.. එතකොට මිය ගියේ ඔබ නොව අපය කියලා බැනර් එකක් ගහනවා.. ඒ කියන්නේ මිනීය නිසා දැනෙන ආර්ථ්ක බර හෙවත් ජීවන බර.. ඔය විදියට බැලුවාම බරවල් ගොඩායි.. සරළ සමීකරණයක් විදියට ගත්තොත්..

    මිනීයේ බර = පෙට්ටියේ බර + මියගිය ප්‍රානීන්ගේ බර + ඔසවා යන උන්ගේ කක්කා බර + දුක් බර + හැඟීම් බර + පවුලේ ආර්ථික බර + බර බර

    ReplyDelete
    Replies
    1. හරිම බුද්ධිමත් අදහසක් :D

      Delete
    2. ඇයි බං හැඬුම්බර ??

      Delete
    3. මියගිය පුද්ගලයාට ලස්සන දුවෙක් හිටියනම් අපේ හිතට දැනෙන බර ..?

      Delete
    4. පෙට්ටියට, එම්බාම් එකට මල් ශාලාවට ගෙවන්න තියෙන මුදල අනුව ඔය බර අඩු වැඩි වෙන්න පුලුවං. ඒ වගේම හත් දවස‍ෙ, තුන් මාසෙ, අවුරුද්දෙ දානෙ බරත් ඕකට එකතු වෙනව.

      Delete
    5. මාතලං,

      ඔය ඉතින් ආයි මට කියල උම්මග්ගෙ බාසාවෙන් යමක් අහගන්න තමා හදන්නෙ. යකෝ බර වෙන විදිය හරියටම බලන්නෙ මෙහෙමයි. මල මිනිහගෙ බර මළ බරෙන් ගුණ කරල ඒකෙ ස්කන්ධය පංචස්කන්ධයෙන් බෙදල පස්සෙ තුනක් අයින් කරල තමයි ඕක හරියටම හොයාගන්නෙ. කාටවත් කියන්න එපා හදන්න ද්න්නෙ නෑ කියල එහෙම ඔන්න මින් පස්සෙ.

      Delete
    6. තුනේ එච්චර බරක් නැහැනේ බං ! O.o

      Delete
  3. උඹ ඒ ගමන සැහැල්ලුවෙ බර දේවල් ලියන්න ගත්තද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං දැන් මෙව ලියන්න වෙන කෙනෙක් නෑනෙ!

      Delete
  4. If there's no movement inside the body such as blood circulation etc.it's always heavier than an alive one. for an example try to lift a paralized person he's always heavier than a normal human being.

    ReplyDelete
    Replies
    1. @ AnonymousFebruary 1, 2014 at 9:38 PM,

      I appreciate your point but it is negligible compare to weight of human body.

      Delete
  5. මටත් ඔය සිද්දිය දැනිලා තියෙනවා. මම අඩි 6 වඩා උස නිසා මට වැඩි බරක් දැනෙනවා. ලෙසයි මම මුලින් හිතුවෙත්. පස්සේ දන්නේ මිනී පෙට්ටිය කුෂන් කරන්න දාලා තිබුනේ පොලිතීන් bag වල දැමු තෙත් දහයියා බව. ඒ වගේම මිනී පෙට්ටි පොලිෂ් කරන්නේ භාවිතයට ගැනීමට සුදානම් වූ විට එක නිසා තෙත් ගතිය තියෙන්න හැකියාව වැඩියි.

    ඔබ මේ ලිපිය ලියන්න පාදකවූ කමෙන්ට් එක ඇති තැනත් මේ බව මම ලියා ඇත. එම බ්ලොග් කරුවා දැන් සැබවින්ම නිශ්ශබ්ද වී ඇත.

    ReplyDelete
    Replies
    1. PLEASE WAIT...... SYSTEM IS LOADING A DIFFERENT SOFTWARE

      Delete
    2. විශ්ව,

      ඔව් එක තමා කතන්දරේ මුල. එතන මම කමෙන්ට් නොකලෙ පලක් නැති නිසා ( මතකනෙ ප්‍රොෆ් ඇනෝ ධීපු උපදෙස අර ප්‍රථිවාදිය හොඳට සෙල්ලම් කරන මේසෙ ගේම ගහල දිනන්න හදන්න එපා කියල ).

      අරූ මේක තාම දැක්කෙ නෑ මයෙ හිතේ.

      Delete
    3. දේෂ,

      උඹ තමයි බං දවසකටවත් මිනිහ :)

      Delete
    4. මම මේක දැනුයි දැක්කේ. මගෙන් තමයි සහන් ඇහුවේ ඔය ගැන. මට ඒ ලින්ක් එකවත් හොයා ගන්න බැහැ බන්. තියෙනවා නම් දාපන් මොකද වුනේ කියලා බලන්න.

      Delete
    5. ආ මට හම්බවුනා ඒක. නමුත් එතන සහන්ගේ උත්තරයක් නැහැ. විශ්වගේ එකක් තියෙනවා.

      Delete
    6. ඌ කවද්ද බං උත්තරයක් දුන්නෙ? උගෙ එව්වට උත්තර දුන්නෙ අපිනෙ.

      Delete
  6. මල මිනියක් බර වැඩි බව දැන ගැනීමට නම්, මැරෙන්න පෙර බරද, ඉන් පසු බරද කිරා බැලිය යුතුයි.

    පෙට්ටියක දැමූ මළමිනියක් උස්සා බර වැඩි යැයි කියන්නේ කොහොමද?

    ඒ කෙසේ වෙතත් මං කොහෙද මන්දා කියවලා තියෙනවා - මනුස්සෙ!යක් මල පසු බර අඩුවෙන බව සහ ඒ අඩුවෙන්නේ ආත්මයේ බර (පණ) බවට තිබූ කතාවක ඇත්ත නැත්ත හොයන්න කළ පරීක්‍ෂණ ගැන. ආත්මයේ බර අවුන්ස 12 ක් ලු!

    ReplyDelete
    Replies
    1. කියවන්න විස්තරේ, මෙන්න පත්තරේ!
      http://en.wikipedia.org/wiki/Duncan_MacDougall_(doctor)

      අවුන්ස 12 මතකය වැරදියි. On the average ග්‍රෑම් 21 ලු!

      Delete
    2. ස්තූතියි කකා ලින්ක් එකත. ඔය මැන්නෙ ඇඳේ ඉන්දැද්දිම නිසා වැඩේ ෂුවර් කරන්න අමාරුයි නේද?

      Delete
  7. හොඳ වෙලාවට මල් ශාලාවල ඉන්න උං ඔය ‍මිනී කිරල බලන්නෙ නැත්තෙ.
    මම අඳුනන තැනක් තියෙනව. අහල බලන්න ඕන එම්බාම් එකේදි අයින් කරන ඒවයෙ බරයි, ගහන ෆෝමලීන් වල බරයි. පෙට්ටියෙ බරයි කොච්චරද කියල.

    ReplyDelete
    Replies
    1. තරාදියකුත් අරන් එන්න මහත්තය කිරල බලන්න කිව්වොත් කොහොමද? ඔය අයින් කරන එව්වගෙ බර නිසා ඇත්තතම අඩු වෙන්නෙ නැත්තෙ මම හ්තන්නෙ බදට පුරෝන රෙදි කෑලි ඊට වඩා බර ඇති!

      Delete
  8. ඇයි බොල ලස්නනට හැඩේට තිබ්බට පට්ට තෙත ලෑලි තමා ඔය සුද්ද බුද්ද කරල දාන්නේ.. සමහර මීනි වල රෙදි හයි කරන්නේ ඇන ගහල. මැරිච්ච උන් නැගිටිනවා සමහර ඇන ගහල තියෙන විදිය දැක්කම..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ඒ පෙට්ටි වල නිදා ගත්තම පන යනව. එක පාරක් අපිත් හොල්මන් ගෙයක් හදල ඒකත ගෙනාව මිනී පෙට්ටිය කස්ටම් මේඩ් කරා ඔය ඇන කේස් එක නිසාම.

      Delete
  9. බොරු කියන්න එපා බන්.:D

    ReplyDelete
    Replies
    1. බොරුනං මැරිල බලහංකො මාවම කන්නෙ නැතුව.

      Delete
  10. අනේ අය්යේ හරිම ලස්සනයි ඔයාගේ ලිිපිය මම හුස්ම ගන්නේ නැතුව ලිපිය එක හුස්මට කියෙව්වේ මේ ඇත්තමයි. පුදුම රසවත්කමක් තිබුනේ ලිපියේ. ඒ වගේම ලිපිය මඟින් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. අය්යාට පින් අය්යේ මෙහෙම දැනුවත් මේ ලිපිය හරහා අපිට ලබලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. අනේ නංගි හුස්ම නොගෙන ආයිනං කියවන්න එපා මට බෑ නිකං අනියම් මිනී මැරුම් වලට වග කියන්න ප්ලීස්.

      Delete
    2. රසවත්ද..... එහෙනං කාපිය

      Delete
  11. මිනියක් කර තියද්දි පෙට්ටිය එක්ක ලොකු බරක් එන බව මම අත්දැකපු දෙයක්..වරක් හර්ස් එකෙන් එලියට ගන්න පැත්තකින් අල්ලලා හොඳට තේරුනා.. ඒත් අඹ ලෑලි වලින් හදපු පෙට්ටිය ඔච්චර බර වෙයි කියල මම හිතුවෙ නෑ අනික වටේ තියෙන්නෙත් බෙලෙක් කෑලිනෙ..

    උත්තරේ ලැබුනා !! ස්තූතියි මිත්‍රයා !!

    ReplyDelete
    Replies
    1. සත්‍ය වතහා ගත්තානම් සතුටුයි. කෝ මිත්‍රය මොකෑ වෙලා තීන්නෙ?

      Delete
    2. මිත්‍රයට ඊයක් විද්දා ටික දොහකට කලින්.. පිලිතුරක් නෑ ඉන්දික...
      නමුත් අසනීපයක් හෝ වෙන හේතුවක් නිසා නෙවෙයිනම් එකපාර අතුරුදහන් වීම මම අනුමත කරන්නේ නෑ !!
      අවංකවම දුකක් තියෙන්නෙ ඒ ගැන !!

      Delete
  12. ඔහොම කථාවක් මමත් අහලා තියෙනවා...පෙට්ටියෙ බරත් අඩු කරන්න මිනිය උස්සන උන්ට අමතක වෙනවා ඇති...මිත්‍යාව කියන එක දකුණු ආසියාවට විතරක් ලඝු කරන්න බෑ....අර මායා කැලැන්ඩරේට අනුව ලෝක විනාශය වෙනවා කියපු දවසෙ ඒකෙන් බේරෙන්න පොළව යට හදපු බංකර් වල හැංගුන ඇමරිකානුවනුත් හිටියා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කොහේ උනත් ගොබ්බයො ඉන්නවනෙ සත්‍යට වඩා මිත්‍යාවට මුල් තැන දෙන.

      Delete
  13. මෝහාන්ධකාරය දුරු කරන්න පහන් දල්වන එකෙක්. ඇත්තෙන්ම ඕක මටත් තිබුනු ප්‍රශ්ණයක් ඉන්දික.
    මිනිය ගැන නෙවෙයි මම මේ කියන්නේ. බරක් උස්සනකොට ඒ වස්තුවේ හැඩයත්, ඒ කියන්නේ ඔසවන්න තියෙන විදියත් බලපෑමක් කරනවා නේද? සිමෙන්ති කොට්ටයක් උස්සනවට වඩා කිලෝ පනහක පුද්ගලයෙක් උස්සන්න ලේසියි. ඇයි කිලෝ දහයේ හාල්ගෝනියට වඩා කිලෝ 5 ඩම්බෙල් දෙකක් උස්සන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. // සිමෙන්ති කොට්ටයක් උස්සනවට වඩා කිලෝ පනහක පුද්ගලයෙක් උස්සන්න ලේසියි //

      ඊටත් වඩා ලේසියෙන් කිලෝ 60-70ක ගෑල්ළමයෙක් උස්සන්ට පුළුවන්... :D

      Delete
    2. හෙන්‍රිත් දැන් බනෙන් දෙන්නෙ ආ...

      අර ප්‍රස්නෙට උත්තරේ ඔන්න උපාසක මහත්තයෙක්ම ඇවිත් දීල ගිහින් තීන්නෙ :D

      Delete
    3. බුරා,

      ඔව්ව අපි දන්නෙ නෑ....ඒත් ගෑල්ලමය 70ක් ඉතර බරයි කියන්නෙ නං පුතෝ...හම්මේ...

      Delete
    4. කිලෝ 70 කෙල්ලෝ නම් මන්දා අපේ ළමයි වඩා ගනිද්දී ඉන්න ඉරියව්ව අනුව වඩා ගැනීමේ පහසුව තීරණය වෙනවා . නිදාගෙන ඉන්නකොට වඩා ගන්නවට වඩා හිටගෙන ඉද්දි වඩා ගන්න ලේසියි . අනික කිලෝ තිහක් බර බඩු මල්ලක් උස්සන්න කීයටවත් බැරි වුනාට ළමයෙක් වඩා ගන්න පුළුවන්නේ .

      Delete
    5. මාත් හිතන්නේ අපි එක බැලන්ස් කරන විදිය අනුව අපිට ඒක දරාගන්න පුළුවන්. මට මාකට් හෙම ගියාම කිලෝ දහයේ බෑග් එකක්වත් ගේන්න බෑ එක අතකට ගත්තම. ඒත් අත් දෙකට බෑග් දෙකක් ගත්තම කිසිම ප්‍රශ්නයක් නෑ බර .
      ඔය ලස්සන කොල්ලෙක් හෙම දැක්කම අපි උස්සනව බොහොම කැමත්තෙන් ආයේ බරයි කියලා හෙම බලන්නේ නෑ.... :P

      Delete
    6. බින්දි,

      වැලේ ගෙඩි වැලට බර නෑනෙ.

      Delete
    7. රංගි,

      එහෙනං උඹලව හම්බුවෙන්න විදියක් නෑ තව අවුරුදු තිහක් විතර වෙනකල්.

      Delete
  14. මම කරගසා තිබෙන හමුදා මිනී වලවත් අපේ පවුලේ මියගිය අයගේ මිනී වලවත් අමුතු බරක් දැනී නැත.

    ReplyDelete
    Replies
    1. දූල දෙන්නෙක්ගෙ තාත්තක් කෙනෙක් හැටියට කරගහන ජීවන බර එක්ක ඕක එච්චර බරට දැනෙන්නෙ නෑ ඔබ වගේ අයට

      Delete
  15. මට දැන් තියෙන ප්‍රශ්නේ ඇයි උඹලා ඔක්කොම මේ මිනී පෙට්ටි උස්සලා බලන්නේ?
    අර හොඳට ඉන්න මිනිස්සු උස්සපල්ලකෝ. ;)
    මම දැක්කා නංගි කෙනෙක් උඹට කියලාම උස්සගන්න ඇවිත් කියලා අර උඩ කොමන්ට් එකක ;)))

    මළගෙවල් වල රෑ ගෙවන එක, කෑම කන එක, දවස් ගණන් තියා ගන්න එකවත් මම නම් හරිම අකමැති දෙයක්. මේ ළඟදි මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් මැරුණා එවෙලේම මගේ හොඳ යාළුවෙක් නිසා ගෙදර ගියා. නැත්නම් මම පල්ලියට/ සෙමෙට්‍රියට මිසක් කවදාවත් මිනී බලන්න නම් යන්නෙ නෑ.
    ඒත් ලංකාවේ ඒකේ අනිත් පැත්තනේ. මම වගේ හොරු ඉතින් අර මිනිය තියෙන ගෙදරට ගිහින් එලියෙන් වාඩි වෙලා ඉන්නකොට බලෙන් ඇවිත් වැඳලා කතා කරනවානේ මිනිය බලන්න. මම පුදුම විදියට බය දෙයක් ඒක. මගේ අම්මාගෙයි අප්පච්චිගෙයි මළගමේදි මට දැණුන කම්පණය තාමත් මාස ගාණක් යනකම් තීයනවා මළ ගෙදරක ගිහින් ආවම.

    ReplyDelete
    Replies
    1. අපොයි මළ මිනී වලටනං බය වෙන්න දෙයක් නෑ. පණ තියෙන මිනී වලට තමයි බය වෙන්න ඕන.

      Delete
    2. බය කියන්නේ ඒක බයම නෙමෙයි වෙන්නැති. අකැමැතිකම වගේ දෙයක් වෙන්න ඕනේ. බය කියන එක නම් වැරදි යෙදිමක් වෙන්න ඕනෙ මගේ.

      Delete
    3. රංගි,

      උඹ හිතුවද අපි සුදු වෑන් කල්ලියෙ කියල හොඳට ඉන්න මිනිස්සු උස්සන්න?

      මලගෙවල් වල නයිට ගගහ කාලෙ කන එකෙත් ආතල් එකක් තීනව බං. හැබැයි ඒ රස්සාවක් කරන්න දෙයක් නැති කාලෙ. දැන් ඒක මහ වදයක් තමයි.

      ඇත්තට කියහන්, උනේ උඹ දැකල ඒ මනුස්සය බය වෙච්චි එක නෙමෙද කියල?

      Delete
    4. ප්‍රසා,

      හරියට වෙනී ඔයාට තීන භය වගේද?

      Delete
  16. මේ තවත් දෙයක් අහන්න තියේ දැන් 65k.k තියෙන කෙනෙක් මලොත් මිනියේ බරේ වෙනසක් වෙන්නෙම නැතිද..

    ReplyDelete
    Replies
    1. දැක්කෙ නැද්ද උඩ කකා දීල තීන කමෙන්ට් එක? ග්‍රෑම් 21 අඩු වෙනවලු.

      Delete
  17. කොච්චර බර කෙනෙක් උනත් පිංකරල තියෙනවානම් ඉක්මනින් ස්වර්ගයට යැවිය යුතුයි. පව් කාරයෙක් නම් ඉක්මනින් අපේ කරපිටින් අයින් කල යුතුයි

    ReplyDelete
    Replies
    1. ඒහෙනං ඉතින් ලංකාවෙ සිංහල ක්‍රමයට සාමාන්‍ය තැපෑලෙ නැතුව මුස්ලිම් විදියට කුරියර් සර්විස් එහෙකට තමා බාර දෙන්න වෙන්නෙ.

      Delete
  18. මිනිය මිනිහට වඩා බාරද නැද්ද කියන්න නම් බර මනින්නම වෙනවා. මැරෙන විට තිබුණු බරට වඩා සමහර විට දවස් කිහිපයක් යනකොට බර වෙනස් වෙයි. කුණුවෙන විට ජලය අවශෝෂණය හෝ වාෂ්ප වීම වගේ දේවල් නිසා. පරීක්ෂනත්මකව විද්‍යාවෙන් බලන්න පුළුවන් දේ මිත්‍යාවෙන් දකින එක සමාජයේ මෝඩ වැඩක්.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද විද්‍යාව කියන්නෙ මොන බයිලද මකසි? මෙව්ව නියම සිංහල ප්‍රවාදනෙ.

      Delete
  19. Replies
    1. ඕක ඇත්තටම උන අවස්ථා දෙකක් මම දන්නව. එකක් තමයි චාලි චැප්ලින්ගෙ මිනිය උස්සපු එක. දෙක සයිප්‍රස් වල හිටපු ජනාධිපතිගෙ මිනිය. තව තීනවද දන්නෙ නෑ!

      Delete
  20. එම්බාම් කරනකොට අයින් කරන අවයව වල බරත් අඩුකරලා තබ 12g අඩුකරල මාතලන්ගෙ සමීකරනෙට දාලා සම උස 4 දෙනෙක්ට කියල පෙට්ටිය උස්සලා බලන්න වෙයි.. (මිනියේ අයිතිකාරයෝ උස්සන්න දෙයිද දන්නෑ)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දුන්නැත්තන් උන්ව උස්සමු!

      ජයම වේවා!!!

      Delete
  21. ඇයි තව කියන්නේ කනත්තට ලං වෙනකොට තමයි බර වැඩි වෙන්නේ කියලා...එහෙම කියන ගමන් හිතන්නෙ නෑ කොච්චර දුර උස්සගෙන ආවද කියලවත්..වැඩේ තියෙන්නේ කොල්ලොත් ඕවා විශ්වාස කරන එකනේ...

    ReplyDelete
    Replies
    1. කවදත් කොල්ලො තමා අලිම ගොන් කතා මුලින් අදහන්නෙ.

      Delete
    2. //කනත්තට ලං වෙනකොට තමයි බර වැඩි වෙන්නේ කියලා..//
      මමත් ඕක ඇත්තටම අත්දැකලා තියෙනවා. හැබැයි තවමත් මම හිතන්නේ බොඓා් දුරක් උස්සගෙන ආව නිසා කියාලයි.

      Delete
  22. හොඳ පැහැදිලි කිරිමක්. පහළ comments කරලා තියෙන බර ගැන දැක්කමනම් කියන්න තියෙන්නේ, මැරෙන එකත් පන යන වැඩක් කියලා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව සැහැල්ලුවට. ඇත්තටම මැරෙනවට වඩා පණ යන එක ලේසියි ,...!

      Delete
  23. අද ලිපියේ නම් කිසිම සැහැල්ලුවක් නෑ සිංහයෝ. මමත් නම් අර රංගි කීවා වගේ මැරුණට පස්සේ මැරිච්ච අය දිහා බලන්ට කැමති නෑ. ඊට වඩා හොඳයි පන තියෙන කොට හිටපු විදිය හිතේ තියාගන්න එක.

    ReplyDelete
    Replies
    1. ඉන්නකො සැහැල්ලු වෙන කතාවක් දාන්න අද හෙට ( ඒක මගෙ නෙමේ අපෙ සිංහබහුගෙ කතාවක් ).

      මොකෑ අර බ්ලොග් එකේ මැස්සො පිරිලා, මකුළුදැල් බැඳිල ගිහිල්ල? ගෙම්බොන්ට ගහල පව් පුරෝගන්නත් බෑ ඒත් අනේ මන්ද!

      Delete
  24. මමත් ඔය බර කතාව අහලා තියෙනවා කිහිප වතාවක්ම ..ඇත්තටම එහෙම වෙනවා ඇත්තේ උබ කියපු විදියටම තමයි .

    ReplyDelete
    Replies
    1. මම කියපු හින්ද නෙමේ උඹට හරි කියල හිතෙනවනං පිළිගනිං :D

      Delete

LinkWithin

Related Posts with Thumbnails