Friday, January 24, 2014

මා නොතලන් බොරු කියා...!

බ්ලොග් ලොව රෙජිස්ටර්ඩ් හොර ගෙඩියා මාතලන් විසින් මට අභියෝගයක කර ඇත. ඒ මා උගේ පෝස්ට් කටුවේ දමා ඇති බලාගාර රිපෝර්ට් එක ටැක්නිකලි වැරදියැයි කියාවියි කියනු ඇති බවත් එනිසා පරෙස්සම් වනු බවත්ය.

එම්බා කෙළ තොල්ල. තා කෙදිනක මා හා සටනට වැද ජයගම්ද මෙවන් සුරු හරු කම් ගැන කතා කොටැ?
මා ඉපදී ඇත්තේම බ්ලොග් ලොව වසුරු සුරු වෙන්කොටැ, දුහනන්ගේ ඇස්පෑදීමේ වරම් ලත් සඳුන් ගැටැය අතැතිවයැ. ඒවන් කලෙක නුඹ මේ මුසා දොඩමින් වැදූවන් ඉදිරියෙහි කොළොම්බු ලන්නා සේ බාල වැඩ කරන්නේ කිම්ද?

ඉදින්, සකල ගජ චක්‍ර මර්ධන භාස්වර කේශර සිංහ වික්‍රමයෙන් යුත් මේ උපශාන්ත තෙමේ, රඹ වනෙයට වැදි අසිතයකු මහා රඹ තුරු සිය තියුණු අසිපතින් හෙලා දමන්නාක් සේ අද තොප විසින් කරන්නට යෙදුනු මේ දුර්මථයන්  දියෙන් ක්ශීරය වෙන්කරන්නා සේ හැර පියාලනු බලව.

තාප බලාගාරන්ම් වුයේ,

මේ නම් ව්ජ්ජුලතාවන්ගෙන් නොහැකිවූ විදුලිය අප මහා රජුන් සහ රාජිනියන් වහන්සේලා විසින් ස්වකීය උත්කෘෂ්ඨ ඥානය මෙහෙයවා යන්ත්‍රයෙන්ම කරවන්නට තැනු යමෙක් වෙයි.
මෙයටැ "තාප බලාගාර" නම් දෙන්නට හේතු විමසන්නට පළමු එහි විදුළි පුඟු නගන්නාවූ මහා යන්ත්‍රයා පිලිබඳ අර්ථ විභාග කොටැ දිය යුතුයැ.

නගර මැද, බොහෝ අවශේශ ජනී ජනයා මැද පිහිටුවා, උනුන්ගේ කරදරයෙන්ද කරච්චලයෙන්ද මිදෙනු වස් හතර වටින්ම “තාප්ප” ගසා කොටු කර ඇති හෙයින්ද, මෙහි ඇති, එදවස අප මහරජෝත්තමයනන් වූ රාවණා නිරිඳුන් සිය ගමණා ගමනයට සහ දඬු මොණරයට ලූවා වූ අද තෙපි "එයාර් කූලින්" නොහෝත් වායුවෙන්ම සිසිල් කරන මහා යන්ත්‍රයෙකින් විදුළි පුඟු සේ පිට වෙන්නා වූ මහාර ඌෂ්න වායු ධාරා ඇති හෙයින්ද මේවා "තාප බලාගාර" නම් වේ.

තවද වායුවෙන් සිසිල් කරන මහා යන්ත්‍රයන්ට අවැසි සුළං හොඳින් හමනා කැළනි ගං තෙර සහ නොරොච්චෝලේ මේවා පිහිටුවා ඇත්තේ අප නිරිඳුන් සතු තුන්කල් දැක්මේ වාසනා මහිමයෙන්මයැ. එකල්හි මේ බලාගාරයන් මෙයින් හරවා ගොස් දිය යටැ හෝ වැසි අධික නියම් ගම්හි තනවන්නට තතනනුයේ මාතලන් යැයි කියා ගන්න හොර දෙටුවාගේ රටට වින කැටීමේ හිසින් හා, අර්ථ චර්යාවෙහි ක්ෂීන වූ මහත් ගුණමකුවූ අමන්ත්‍රී සිතින් යැයි පැහැදිලි නැත්තෝ කවරහුද?


ජල විදුලි බලාගාර.

තාප්පයෙන් වටැවූ බලාගාර තාප බලාගාර වන්නේම, ජලයෙන් වටැවූ බලාගාර ජල විදුලි බලාගාර වන්නේමයැ.

මෙහි වැළිත් ජලය කුමට ලන්නේදැයි නොදන්නා දුහුනන් හට මෙසේ පැහැද්ලි කරවම්හ.

අප යනෙන මහා මොටරථයන්හි ඇංජිමට මඟ උණුසුමින් මිදී සුවයෙන් සිය කාර්‍යය කරන්නේ වස් තෙළ වන්නාවූ රෑඩියේටරය නම් උපකරනයේහි ඇනය හැරපියා පිරිසිදු අඹ ලන්නේ කෙසී වීද එසේම මේ මහා විදුළි පුඟු නගන්නාවූ යන්ත්‍ර රාජයාටද සිසිළස අවැසි දිය තෙල වන්නාවූ මහා තඩාගයෙහි ලන්නාවූය. ඉදින් ඒ හෙයින් දියෙන් සිසිල් වන්නවූ, නො එසේනම් "වෝටර් කූල්න්සිස්ටම්" ඇත්තාවූ එම බලාගාර "ජල විදුළි බලාගාර" වන්නේ වියැ.

ඉදින් මතුද තෙපි සිත්හි කිසිත් ශංකා වේ නම් මා පුත මෙහි පහත කොටුවෙහි කොටා යන්නේ, මා ඉසිඹු ලූ සැනින් නිසි ලෙස අර්ථය හැර පියා ගන්නට උදව් වන්නේමය.

54 comments:

  1. තාප්ප බලාගාරවල වර්ග අඩියක වියදම තාප්ප නැති උදක බලාගාරවලට වඩා වැඩි ඇති නේද?

    ReplyDelete
    Replies
    1. තමුසෙගෙ මේ කොර ටෝක් සහ පොර ටෝක් ඔක්කොම තිරය පිටුපසනෙ නාකියො....නානසාර හාමුදුරුවො මතක් වෙද්දිත් සරමෙ බඩ යනවද ?

      Delete
    2. නෑ නෑ සරමෙ බඩු යනවා

      Delete
    3. මේ කොර ටෝක් සහ පොර ටෝක් කියන්නේ LankaENews එකේ කොලමක් නේද? නානසාර යන්නත් එහි ම එන යෙදුමක්.

      නානසාර = තරලසාර නාන්නා ?

      Delete
    4. කකා,

      තාප්පෙ නැති උනාට කාප්ප තිනවනෙ. ඒ නිසා ගාන සැරයි. කකාගෙ පස්සෙන්ම එන කැපිටල්ට අමතර තවත් ඉරිසියාකාරයො ඉන්නවනෙ!

      Delete
  2. Island Registered Criminal = අයි ආර් සී කාරයා

    බ්ලොග් ලොව රෙජිස්ටර්ඩ් හොර ගෙඩියා = බී ආර් සී කාරයා

    ReplyDelete
    Replies
    1. Island Reconvicted Criminal

      Delete
    2. BLOG LOWE REGISTERED KAKKA MAHATTAYAA = KATHANDARA KAARAYAA

      Delete
    3. ඇනෝ @ 5:20 AM
      මං හිතුවේ ක්‍රිමිනල්ස් ලා ගේ නම් පොතක ලියලා තියෙනවාය කියලායි.
      එතකොට දෙපාරක් මිනී මරන්නේ නැතුව IRC කාර‍යෙක් වෙන්න බැරිද?

      Delete
    4. මාරයිනෙ. එක පාරක් මැරුව අයි සී කාරය විතරක් වෙන්නැති එතකොට!

      මාතලන් කියන්නෙ ඉතින් බී ඒ කාරයෙක්නෙ.

      Delete
  3. උමංදාව වාගේ මෙලෝ මලදානයක් තේරෙන්න් නැ

    ReplyDelete
    Replies
    1. ඔබ වදන් අසා මසිත සොවින් වලප්නේයැ! මෙහි හරය ගන්නේ නොහැකිවීමෙන් දකින්නේ ඔබගේ වදන් කොස්සේ ඇති අඩුවක්මයැ. වහ වහා ගොස් කොස්ස පුළුල් කරගැනුම මතු සැප සදන්නේමැයි.

      Delete
  4. උම්මග්ග ජාතකේ කියවන්න ගිහින් මගේ දිව උළුක් උනා.. මේක කියවලා මගේ උන්ඩුක පුච්ඡේ කොර උනා.. මම මේ දොස්තර කෙනෙක් ගාවට යන්න කියලා..

    මම කිව්වේ මුන් හෙන කෙප්ප සෙට් එකක් කෙලී කියාලා.. කෝ අනිකා තාම නෑ..

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ උඹෙ පුච්චු පුච්චල දාල කලක් ගිහින් කියල. ඕක තාම තීනවද? පුදුමයි කන ජරාවෙ හැටියට!

      Delete
  5. එමතුදු නොව, ආකාශ ගංගාවෙහි පාවෙන්නාවූ, හංස ධේනුවන් හා සමානවූ වළාකුලෙහි උපත ලබා, වළාකුලෙන් වළාකුලට පැනැ පැනැ විත්, අවසන පොලෝ මහීකාන්තාව සිපගන්නාවූ, එසේමැ බොහෝවිට ගොරබිරම් වන්නාවූ, විජ්ජුලතාවන්, වෙසෙස් දැණුමැති මහා විදුවන්ගේ ඥාන මහිමය මෙහෙයවා, ධාරිත්‍රක පද්ධතියක ගබඩා කොටැ, අවැසි විට බෙදිය හැකිදැයි යන සංකල්පනාවෙහි වත්මන් ප්‍රගතිය කෙසේද සබඳ?

    ReplyDelete
    Replies
    1. අහෝ එයැනම් මහා ඛේදයැක්මයි මහතුනි. විජ්ජුලතාවන්ගෙන් මැවෙනා සරින් උපන් ඒ ධාරාවන් ගබඩාව පිණිසැ තැනූ මහා කෝෂයන්හි මද ගලවා, ඇද හරවා, නෙත වසලා ගෙනැ ගොස් මස්සට දෙකටැ විකුනා වෛශ්‍යාවන්ගෙ දෙකොපුලෙහි කොකුම් උලා නොවැ අප මහ මැවිසුරුවන් සහ උන්ගේ අසරුවන්..!

      Delete
  6. තොප සත්‍යයක් පවසන බව සෑබැ බව හගිමි... එම්බල නර පනුව තගේ අනෙක් සහචරයා වන ලෝක නැටුම් අනාතයා කොහිද??

    ReplyDelete
    Replies
    1. ලෝක නැටුම් අනාතයා ...හැක හැක හැක හිනාවෙලා බඩත් කොර වෙලා

      Delete
    2. හැක් හැක්..

      Delete
    3. එම්බා දේශක බලු ගැත්ත, මා කළනයන් හට තා එසේ ආක්‍රොෂයෙන් පරිභව කරන්නේ දකින විට මා ගත මසුන් තෙල පෙනෙන විලෙහි කෙළිති! තා අසලක උන්නේ නම් බොටුව කඩා, අටුවට දමා, වටුවකු සමග උයා කටුවකින් උහා ගෙන සැටකට කෑමට දෙමි....

      Delete
  7. ඉනික්බිති උපශාන්ත තෙමේ මුණගැසුණු මාතලන් නම් සොර දෙටුවා කල වරදෙහි කම්පාවී දෙදෙනා එක්ව කළු දැන්වීම් බෝතලයක් ගෙන උගුරෙහි හළා ගත්තේ සූකර මාංශය විකමිනි.

    යකෝ ඒ කාලේ උම්මග්ග ජාතකේ ලිව්වේ උඹද?

    ReplyDelete
    Replies
    1. මුගේ කිරි කෑ මුත්තද කොහෙද...

      Delete
    2. කාළ වර්ණ ප්ත්‍රයෙන් සැරසි ඒ පානයට වඩා මා සිත් ගන්නේ නීල වර්නයෙන් සැදි පතින් වැසුනි අනර්ඝ මහා පානයයි. මාතලන්, සුදු පරය, අගෝස්තුව එන තෙක් ඉවසව.

      Delete
  8. මේක නම් තේරෙනව. අර ඉස්සර ගොඩක් බර ටෙක්නිකල් "සැහැල්ලුව" නමට නොගෑලපෙන ඒව මෙලෝ දෙයක් තේරුනේ නෑහෑ. funny වලි නිසා කොමෙන්ට් විතරක් කියෙව්ව. ඒකත් over the limit ගියහම අත ඈරිය
    උම්මග්ග ජාතකෙන්ම යනවම් හොදයි වගේ (personal view, not criticism)

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයාට කවුරු හරි කියල දෙනවද බ්ලොග් කියන්නෙ එයාට ජෝක් සප්ලයි කරන්න ම ලියවෙන ඒව නෙවෙයි කියල. නැත්නම් හරි කරදරයි බ්ලොග් වල ජෝක් නැතුව වෙන ඒව ලියනව කියල හැම තැනම කම්ප්ලේන් කර කර යනව.

      Delete
    2. එහෙනම් ඉතින් ප්‍රාට වෙන්නෙ අන්තිම පේලියයි හිලේරියස් රස කතා පේජ් එකයි උඩු රාවනයි විතරක් බලන්න. හැමදාම කෑවම මීපැනිත් තිත්තයි කියනව නේද? ඒ නිසා ඉඳ හිට එහම වෙනසකුත් තියෙන්න ඕන.

      Delete
    3. "හැම තැනම කම්ප්ලේන් කර කර යනව".
      Anonymous, ඒකත් මාර ජෝක් එක නේ?

      Delete
  9. හරි හරි තාප්පයෙන් වටවු බලාගර නම්වූ තාප බලාගාර එහෙනං හුළගෙං තමයි වැඩ කරන්නෙ. එතකොට අර හම්බන්තොට (මම හිතන්නෙ දැං එහෙම පැත්තක් නෑ) පැත්තෙ තියෙන වින්ඩ් ටර්බයින් (සුළං තලබමන යන්නට හෙළු වදනකි) කියන ඒව මොනවයින්ද අප්ප වැඩ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. එව්ව හුළඟෙන් වැඩකරනව නෙමෙයි බන් එව්වයින් ඒ පැත්තෙ උන්ට හුළන් එනව. රස්නෙ නිසානෙ හම්බන්තොටයි කළ්ප්ටියෙයි විතරක් හයි කරල තීන්නෙ. නැත්තන් මේ ඕන වත්තක හුළං නැතුවද මෙහෙත් හයි කොරොත් කැරකෙවෙන්න?

      Delete
  10. එම්බල උපශාන්තය... අද තොපගේ බස් වහර කදිමයැ. දිව උලුක් නොකොට ගෙන කුස දොතින් වෙලා සිනා සයුරේ ගිලුනෙම් යැ.

    ReplyDelete
    Replies
    1. අහා....ප්‍රීතියි..ප්‍රීතියි!

      තොප වැනි බසේ රස දන්නා බස්සෙකු මා මිතුරකු වීමම මහත් ප්‍රහර්ෂයට කාරනාවකි!

      Delete
  11. උපශාන්තය කුරුණෑගල යුගයේ නුඹ උපන්නේ නම් රත්නාවලිය නුඹේ නමින් නම් වනු නොඅනුමානය.

    ReplyDelete
    Replies
    1. මා ස්තුව තිබූ රත්නාවලියෝ කිහිපදෙනෙක්ම වෙති. එහෙත් රත්නාවලිය කාන්තා පාසැලක් වන නිසා මානමින් වීම සතුට දෙන්නක් නොවේය. නමුදු විශාකාව ගැන නම් සලකා බලන්නට තිබුනි.

      Delete
  12. හි හි එළය පට්ටය...
    මම නුඹට කෙප්පයන් අතර කෙප්පයා යන් ශ්‍රී ගෞරවාර්හ නාමයෙන් පුදමි
    එනම් මෙතුවක් පටන් නුඹ කෙප්ප ලෝ රහ මජ වන්නාහුය... හි හි පෝස්ටුව නං පට්ට ඈ.. නියමෙටම නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, මෙන්න උඹට වල්ලාපට්ට වලින් සැදු මහාර්ඝ සුවඳ විලවුන් මිළට ගැනිමට සීයට එකක ඩිස්කවුන්ට් එකක්!

      Delete
  13. උඹට කරන්ට් එක වැදුනාද? රබර් සෙරෙප්පු දෙකක් දාගෙන හිටපන් ඔය ඉලෙක්ට්‍රික් බඩු අල්ලන්න යනකොට.

    ReplyDelete
    Replies
    1. කරන්ට් එක වැදුනා පමනකිනම් මදෑය. ලිස්ස බිම වැටුනු මිනිහාට වයර් එක පෑගී කරන්ට් වැදී ඇත!

      Delete
  14. මේක කියවන්න ගිහින් තව පොඩ්ඩෙන් උම්මගෙත් හොයන්න වෙනවා. අමාරු වචන හොයන්න....:v

    ReplyDelete
    Replies
    1. උම්මග්ගේ...කියා නිවැරදි විය යුතුයි.....

      Delete
    2. හා....හා හෙළුව වන්නේ නැති හෙළයාගේ මොන පලද?

      Delete
  15. Replies
    1. you have no permission to enter this site

      please check the user name and password

      Delete
  16. බොස් !!
    බුක්මාක් කරගත්තා !! වයසට ගියාම කියවන්ඩ !!

    ReplyDelete
    Replies
    1. හා....උඹ වයසට යනකල් මම මේක තියාගෙනම ඉන්නන්..

      Delete
  17. අන්න හරි

    ReplyDelete
    Replies
    1. ඔබ තරම් වියත් අගනා පිළිතුරක් දුන්නෙකු මේ අඩවියට උපන්තේකට පැමින නැත. මහා වැස්සෙන් සහ වැල් වලින් වියූ පුටුවල වාඩිවීමෙන් වලකින්න...

      Delete
  18. හපොයි ඒ පාර කාටද මේ බනින්නේ? :D:D

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි අර බ්ලොග් එක බල්ලට ( ටොමියට මම කිව්වෙ ) වත් දාල යන දේවලෙක යනවද ඊළඟ පාර? නැත්තන් මෙහෙම නෙමෙයි මම බනින්නෙ.

      Delete
  19. maathalantadha me amu thiththa kunu habben benalaa theenne...???
    apitath therena baashaawen benapiyakoo kaata hari support ekak dhennawath...:-)

    ReplyDelete
    Replies
    1. මේක කියෝන එක උඹෙ ඔය ඉන්ගිරිසියෙන් කොටාපු සින්හල කොමෙන්ට් එක කියෝනවට වඩා ලේසියි බන්.

      Delete
    2. සිංහල කොට කොටා හිටිය කොම්පීතරේ වලකජ්ජ ගැහුවා බන්..තව එකක් ගන්නකන් ඉතින්..මෙහෙම සිංහලෙන් කොටන්න චෑන්ස් එකක් එන්නෙ කලාතුරකින් තමයි. ෆෝන් කට්ටෙන් සිංහල කියෙව්වට සිංහල කොටන්න බෑ..ඒකයි උනේ...

      Delete
  20. වෙනදට කියෝල හොරෙන්ම යනව, ඒත් මේ මංගල්ලෙ හිත හදාගෙන කියෝ ගන්නවත් බෑනෙ, සකස්කඩෙත් මේවගේ ඇති මං හිතන්නෙ :D

    ReplyDelete
  21. ඔන්න අහු උනා. මම හිතුවෙ දැන් මේක බ්ලොග් කියවිල්ල අතෑරල ගිහිල්ල කියල.

    ReplyDelete
  22. Sinhala natho.....I Will come later.....

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails