Saturday, October 22, 2011

ගඩාෆි ගැන නොකියන කතාව!




පාරේ වෙළඳාම් කල උපාධිධාරී රැකියා වියුක්තිකයකුගෙන් ඇරඹි අරාබි ජන රැල්ල එහි කූඨප්‍රාප්තියට එළඹෙමින් තිබෙ.

මුලින් ප්‍රංසයේ හමුදා සහය පවා දෙන්නට පොරොන්දු වී “බෙන් අලි” ට කෙලවෙන විට අනික් පැත්ත හැරුනු සාර්කෝසි තම නොමේරූ විදේශ ඇමතිනියද පලවා හැර අත සෝදාගත්තේ කිසිවක් නුවූ විලසය.

අරාබි ලොව පමණක් නොව මුළු මහත් අප්‍රිකා අරාබි කලාපයේම ශක්තිමත් නායකයා ලෙස් විරුදාවලී ලත් ගඩාෆි එළවීමේ කුමන්ත්‍රනය කලක් තිස්සෙ රහසේ සැලසුම් කර සාර්කෝසිගේම ආශිර්වාදයෙන් බෙන්ගාසියෙන් එලි බැස්සේ ඉන් පසුවය.

බටහිර මාධ්‍ය අනුව යන අපේ ගොනුන්ද උම්බෑ කියමින් ගඩාෆි ඒකාධිපතියෙකුයැයි කියති. මානව හිමිකම් නොසලකා හැර, තම රට වැසියාට නොසැලකූ නායකයකුට මේ උන දේ මෙවන් අනික් උන්ටත් හොඳ පාඩමැකියි කියති.

මෙසේ කියන්නන්ට අමත වූ දෙය නම ඔවුන් මේ වමාරාන්නෙ බීබීසී, අල්ජසීරා හා සී එන් එන් කියන්නක්ම මිස ඉන් එහ සෙවූ බැලූ යමක් නොවන බවය (ලංකාව සම්භන්දයෙන් මුන් කල කී දෑ අමතකව ගොස් ඇති හැඩයි).

සමහරුන්ට ගඩාෆි මල එක හොඳය. ඒ ඔහු මහින්දගේ කරට අතා දමා සිටි, මේ ආන්ඩුවට සිටි අංක එකේ ෆිට් එකක් නිසාය. එතන ඇත්තේද කුහක කමකි. මහින්දට කෙළ වෙන්නෙ නැති එකේ යාළුවෙකුටවත් කෙළ උනානෙ යැයි සිතා ප්‍රීති වෙති.

නමුත් මේ සියල්ලෝම - බටහිර සහ නැගෙනහිර - ගඩාෆි යනු කවුද යන්න සහගඩාෆිගේ ලිබියාව යනු කුම්ක්දැයි නොදැන සිටි බව පැහැදිලිය.

ඇත්තවශයෙන්ම බටහිර ලොක්කන් මෙය දැන සිටීමම ඔහුගේ අවසානයට හේතු විය.



සදාම් හුසේන්ට විරුද්ධව ගෙන ආ ලොකුම තර්කයනම් ඔහු විසින් කරනු ලබන මානව හිමිකම් කඩ කිරීම් සහ මානව සංහතියට එරෙහිව නිපදවූ විනාශකාරී රසායනික අවි ගැන කතාවකි. මෙම සීනි බෝල තර්කය ඉදිරියට දමා සදාම් නසා දමා ඔහුගේ ඉරාකය විනාශ කල බටහිරයන් අද ඉරාක වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම හිරගෙවල් වල අකේ පුරිමින් කියා දේ!

හුසේන්ගේ කාලයේ ඉරාක වැසියෝ ගැන මිස කුර්දි, ෂියා, සුන්නි මරාගෙන මැරෙන ඉරාක බෝම්බ කරුවන් ගැන අප අසා නොතිබුනි. එදා බැග්ඩෑඩයක් ගැන මිස ග්‍රීන් සෝන් එකක් යනුවෙන මඟුලක් නොතිබිනි. එහෙත් අද බටහිරයන් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් සුන්නි බෝම්බ කරුවො නිරායුධ ෂියා වන්දනාකරුවන් මරා දමති. ග්‍රීන් සෝන් එකෙන් එපිටට යෑමට ඇමරිකානු බ්ලැක් ඊගල් ආර්ක්ෂක බටයින්ට දහස් ගනන් ගෙවන ඉරාක ධනවතුන්, ව්‍යාපාර විනාසවී, ගෙවතු, ගොවි බිම් පාළු වූ අන්ත දුප්පත් ඉරාක ජනයා මහ මඟ, වෙළඳපොලවල් වල නිරායුධව මියයද්දී අහක බලාගෙන යති. එදා දහස් ගනන් සංචාරකයන් ඇද බැඳගත් යුප්‍රටීස් ටයිග්‍රීස් පුරාවස්තු පිරි බැග්ඩෑඩ් කටුගෙය අද කටුගෙට ගොස් ඇත. ඒ ඉරාකයට උදාවූ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයයි.

එහෙත් ඇත්තටම හුසෙන් එළවා දමා යැංකින් ඉරාකය අල්ලගත්තේ ඔය මොන කෙහෙම්මල් මානවහිමිකම් මඟුලක් නිසාවත් නොව ඔහු ඒ වනවිටත් ඩොලර් වෙනුවට යුරෝ වලින් තෙල් විකිනීමට ප්‍රංසය සමඟ වූ එකඟතාව බව අද බොහෝ ප්‍රසිද්ධ රහසකි.

තෙල්නොවිකිනෙන ඩොලරයට වෙන සන්තෑසිය හා එනිසාම තම රටට වෙන විපත ගැන නූලට ගනන් සෑදූ මානවහිතවාදි ඇමරිකානුවෝ කල් යල් බලා හුසේන් එළවා දමා තම තැන රැක ගත්තෝය.

හුසේන්ගෙන් පසු මැදපෙරදිග ඊළඟ කරදරකාරයා වූ ගඩාෆි හෙල්ලුනි. තම මිතුරකුම නුවූවත් සතුරකුද නොවූ හුසේන්ට බටහිරයන් එකතුවී ගහද්දී බල තුලනයක් නැති සහ ඒ වන විට කොන්ද කැඩී සිටි රුසියාවත් නින්දෙන් අවදිවෙමින් සිටි චීනයත් ඇමරිකානු පතුල් ලෙව කෑ ඉන්දියාවත් ගත් මඟ දුටු ගඩාෆි සිය සෘජු බටහිර විරෝදී පැහැය මදක් වෙනස් කොට ඔවුන් හා මිතුරු විය.

ලොකර්බි සිද්ඩියට සම්භන්ධ සැකකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාවේ යෙදවීම්ට උදව් දුන්නා පමණක් නොව එතෙක් බටහිරට වස තිබූ දොර කව්ළු හැර බ්ලෙයාර්ලා, බුෂ්ලා සහ ඔබාමලා සමග කෙබාබ් කන්නට පටන්ගති.

ගඩාෆි දිගුකල මිත්‍රත්වයෙ සුරත පිළිගනිමින්ම ඔහුට ගේම දෙන්නට ප්ලෑන් ගැසූ බටහිරයන්ට ගඩාෆිගෙන් වෙන්නට ගිය ලොකුම අනතුර ලෙස දුටුවේ ඔහු ගෙන ආ රන් ඩිනාරයේ සංකල්පයයි. ඉස්ලාම් තෙල් නිපදවන රටවල් සහ අප්‍රිකානු රාජ්‍යන් සමඟ ඩොලරයට එරෙහිව නිර්මානය කල මේ සංකල්පය ප්‍රංස ජනාධිපතිවරයා විසින් හැන්දින්වූයේ " මානව සංහතියේ මුල්‍යස්ථාවරත්වයට කරන ලද තර්ජනයක්" ලෙසයි.
මැලේසියාව, බෲනායි සහ අනෙකුත් උතුරු අප්‍රිකානු රාජ්‍යන් සමඟ එක්ව ගෙන එන්නට නියමිතව තිබූ මෙම රන් ඩිනාරයෙ සංකල්පය යම් හෙයකින් සාර්ථක් වුනි නම් මේ වන විට ඇද වැටෙමින් ත්බෙන යුරෝ සහ ඇමරිකානු ආර්ථිකයන් දණ නොව හාන්සිම වී යන බව කලින්ම ඉව වැටුන නැටෝව ගඩාෆිට විරුද්ද ගෝත්‍රිකයින් වූ "සුවය්යාහ්" වරුන් සමඟ කුම්න්ත්‍රනය ඇරඹුවේ 2010 සිට බව දැන් හෙලිවී තිබේ.

ලිබියාව යනු විවිධ ගෝත්‍ර අසූවකට ආසන්න ප්‍රමාණයක් ඇති විශාල භූමිප්‍රදේශයක් සහිත රටකි. මෙහි ගෝත්‍ර අතර සටන් ඉතිහාසය පුරාම දකින්නට තිබූ අතර ලිබියාව යටත් කරගෙන සිටි තුර්කින් සහ ඉතාලියනුවන් මෙම ගැටුම සමනය කර මේ ප්‍රධාන ගෝත්‍ර දෙක වන බටහිර ( ට්‍රිපොලි, බානි වලිද්, සර්ට් ) කේන්ද්‍රකරගත් “වාෆල්ලාහ්” සහ දකුණු සහ පෙරදිග කේන්ද්‍ර කරගත් ( බෙන්ගාසි, මිසුරාටා ) "සුවය්යාහ්" සමඟි කිරීමට දැරු සියලු උත්සාහයන් විනාස වී ගිය බව කියැවේ. එහෙත් එක්දහස් නමසිය හැට නමයේ කුමන්ත්‍රනයකින් බලය ලබා ගත් ගඩාෆි තම විරුද්ධ ගෝත්‍රයෙන්ද බිරින්දෑවකු සරණ පාවගෙන සැමට සම සැලකුම් සඳහා ඉස්ලාමීය සමාජවාදය" යන අදහසින් කටයුතු කරමින් එකසත් ලිබියාවක් ගොඩ නැංවීය. ඒ වනවිට මුළු මහත් අප්‍රිකා මැද පෙරදිග කලාපය පුරාවටම තිබූ විශාලතම ඇමරිකාණු ගුවන් කඳවුර වූ "ව්විලස් එයාර් බේස් " අකුලාගෙන ගෙදර යන්නැයි කී නිසා ගඩාෆි ආ දින සිටම බටහිර මිතුරෙකු නොවීය. ඇමරිකානු සහ ඉතාලි සමාගම් විසින් සොරා කමින් තිබූ තෙල් සම්පත ජනසතු කල ගඩාෆි එහි සියළු ප්‍රථිලාභ තම ජනතාවට ලබා දුනි.

ගඩාෆිට විරුද්ද්ධව බෙන්ගාසි කැරලි කරුවන් නැගී සිටින විට මුළු ලිබියාවේම තිබුනී නිදහස් සෞක්‍ය සේවයකි. ප්‍රාථමිකයේ සිට විශ්ව විද්‍යාලය තෙක්ද ඉන් නොනැවතී විදෙස් ටරක ලබන අධ‍යාපනයටද රජයෙන් ගෙව්වේඑ. මේ ඒවන් ගඩාෆි රජයේ තිබූ තවත් ප්‍රථිලාභ කිහිපයකි.

නොමිලේ ගෘහස්ථ පරිබෝජනය සඳහා විදුලිය.
පොළී රහිත ණය
සෑම සිසුවෙකුටම ඩොලර් 230ක මාසික දීමනාවක්
සියළු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් දායකත්වය රජය මඟිනි.
සේවා වියුක්තිකයන්ට ජිවත්වීමේ දීමනාවක්
සෑම විවාහක යුවලකටම නිවසක්
සියළු මෝටර් රථ බද්දෙන් නිදහස්
පාන්ගෙඩියක් ඩොලර් සත 05කි.
කාන්තාරයෙ සහ ගමමාණ වල විසූ සැමට පාණීය ජලය
උපදින සෑම දරුවෙකු සඳාම ඩොලර් පන්දහසක දීමනාවක්

මේ එකාධිපතියකුගේ වැඩවලින් තවත් කොටසකි.

ලොව එතෙක් මෙතෙක් නිමැවූ දීර්ඝතම කෘතිම ජල මාර්ගය හෙවත් මිනිස් අතින් නිමැවූ මහා ගංගාව ගඩාෆිගේ වැඩකි. එම ව්‍යාපෘතියට සමඟාමීව කාන්තාර හරහා එලූ මාර්ගවලින් මුළු ලිබියාවම යා කර සෑදූ ජාලයේම ආ පෙරදිග ලිබියානුවන් ගඩාෆි මරා දැම්මෝය.
ලිබියානුවන් 25% උසස් අධ්‍යාපනය ලැබූවන් වෙති. එහි සාක්ෂරතාව 82%කි. දරිද්‍රතාවයේ රෙඛාවට පහලින් සිටින්නේ ලිබියානුවන්ගෙන් සියයට පහක් වැනි සුළු පිරිසකි. පුරවැසියන් ලක්ෂයකට සිටින්නේ සිරකරුවන් හැට එකකි මෙය ඇමරිකාවේ හත්සියයකට වැඩිය!

එසේනම් උතුරු අප්‍රකාවේ තිබූ සමෘධිමත්ම රාජ්‍යයේ පාලකයා මෙසේ බෝක්කුවක් අස්සෙන් ඇද විත් මහමඟ වෙඩිතබා මැරුවේ ඇයි.

මෙයට හේතුව ඔහු බටහිරයන් කී ලෙසට නැටුවේ නැති බැවිනි. බටහිර මානව හිමිකම් විකාර සහ ප්‍රජාතන්ත්‍රවාදී බයිලා මීට වසර තිහ හතලිහකට, එනම් පරම්පරාවකට පෙර යන්තම් කූඩාරමෙන් එළියට ආ අරාබින්ට නොගැලපේ. ගල්ෆ් කලාපයේ සිටින්නේ තරමක් දුරට දියුණු අරාබි සමාජයක් වුවද අප්‍රිකාවේ සිටින්නන් තවම ඉන්නේ ඊට බොහෝ ඈතිනි.

මොවුන් පාළනයට දැඩි නීති මිස වෙන කිසිවක් නොසැහේ. මේ වග අපේ "හවුස් මේඩ්" කෙනෙකුගෙන් ඇසුවනම් සුද්ධ සිංහලෙන්ම දැනගත හැක. බටහිර ඔත්තුසේවා විසින් කාලයක් තිස්සේ ගැසූ ගැටය නියම ලෙස තද කරන්නට ටියුනීසියාවෙන් ආ රැල්ල පාවිච්චි කල අතර, අමන ගෝත්‍රිකයන්ගේ උගත්කම යටවී නැට්ට එළියට ආවේ කොටසක් ලිබියානුවන්ගේද සම්මා සතිය බටහිර මුලාවෙන් වැසී ගිය නිසාය. වැල යන අතට මැස්ස ගැසූ තව තවත් ලිබියානුවන් මෙයට එකතු විය.

ලොව පළමු වරට රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් අත ෆයි සීරෝ හා පැඩල් ගන් විය. උන් බෙන්ගාසියේ හමුදා කඳවුර බිමට සමතලා කල විට එහි ගිය ලිබියානු හමුදා සාමාන්‍ය වැසිය 420ක් මරා දැමුයේයැයි එක්සත් ජාතීන් කලබල විය. වහා යෝජනාවක් සම්මත කල එක්සත් ජාතීන් නේටෝවට බලය දුන්නෙ ලිබියානු ජනතාව බේරා ගන්නැයි කියාය.

අද ලිබියානුවන් තිස් දහසක් එලොව ගොස් මෙලොව සිටිනා උන්ට විමුක්තිය උදා කරදී තිබේ. එකතු නොවූ ගඩාෆි හිතවාදීන්ට අද ට්‍රිපොලි හි කුමක් වන්නේදැයි සෙවීමට නවී පිල්ලිය යැවිය යුතුය.

දැන් කොටි පුල්ලි පෙන්නමින් එංගලන්ත විදේශලේකම් පවසා ඇත්තේ අපට ලිබියාව ගොඩනැගීමේ අවස්තාව උදා වී ඇති බවත් තම ව්යැවසායකයින් ඒ දෙස උනන්දුවෙන් බලා සිටිනා බවත්ය.

ඩොලර් බිලියන දෙකක බොම්බ කට්ටිය එකතුවී ලිබියාවට දැම්මේ මේ නිසාය. නැතුව මොන ඒකාධිපතියකුවත් නිසා නොවේ.

මේ වනවිට සිරියාවේ බෂාර් අල් අසාද් විසින් දෙදහසකට අධික පිරිසක් මරා දමා තිබේ. අරාබි ලීගයද, ඇමරිකාව ප්‍රමුඛ නෙතොවද නිහඬය. ලිබියානු ඩොලර් බිලියන දහස් ගනනක මුදල් සිරකල ආකාරයට සිරියාට සම්භාධක පණවන්නේ නැත! චීනය හා රුසියාවද තම "විටෝ"ව පාවිච්චි කර එක්සත් ජාතීන්ගේ සම්භාධකද වලකා ඇත.

ඊයෙ පෙරේදා සවුදියෙ සිට සනීප වී ගෙදර ආ යේමනයේ “අලි අබ්දුල්ලා සලේ” මේ වනවිට දස දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මරා දමා තිබේ. නමුත් කාටවත් රුදාවක් නැත. මන්ද ලිබියාවෙ මෙන් බැරලය ඩොලර් එකට ගොඩ ගන්නට තෙල් යේමනයේ නැති නිසාය.

අවසානයේ කිව යුත්තේ පිස්සන් පාලනය කිරීමට පිස්සන් අතරින්ම බිහිවූ හොඳ පිස්සෙකු විනාස වී හමාරය. ලැබුනු බතත් මේ මඟුලෙන් පසු කෙලවෞන බව දැනගන්නා විට අවි අතදරා සිටින ලින්බියානුවන් යුරෝප සිහින් කුණු කූඩයට යවමින් තම තුවක්කු සුද්දන් දෙසට හරවනු ඇත. අපි එතෙක් බලා සිටිමු.

තම ජාතියට රටට අසීමිතව ආදරය කල නිසා අවසන් මොහොත දක්වාම සටන් කල ගඩාෆිද, තම පියාගේ අවසන් මොහොත තෙක් ඔහු සමඟම හිඳ නියම යුධ උපදේශකයකු සහ ප්‍රධාන ආරක්ශකයා ලෙස කටයුතු කල මුටාසිම්ටද මගේ නම් ඇත්තේ ගෞරවයක් පමණි!

මේ ගඩාෆිගේ කොලපාට සමාජයයි (සී ඒ චන්ද්‍රප්‍රේමගේ විකාර පොත නොවේ )

මේ මීට වසරකට පෙර ගඩාෆිගැන හොඳ කියූ යූ එන් එකේම නිල වාර්ථාවයි

56 comments:

  1. ඔය ඔක්කොම අපි දන්නවා. නමුත් ලස්සන් කියමනක් කියලා තියෙනවා ලිබියාවේ ඉන්න ගෝත්‍රික ජනයා පාලනයට මේ වගේ නායකයත්වයක් අවශ්‍ය බව. එසේනම් මේ පොස්ට් එකට කලින් පොස්ට් එකට කලින් එක මකලා දාන්න.. ස්තූතියි.. තරහ වෙන්න දෙයක් නෑ මචං අපි හැමදාමත් යාලුයි.. ගඩාෆී මගේ වීරයෙක්.. ෆොන්සේකාත් වීරයෙක්.. ලොක්කත් වීරයෙක්.. ඒත් ප්‍රබාකරනුත් වීරයෙක්.. මට විතරක් නෙමෙයි මගේ වීරයෝ ද්‍රෝහීන් ලෙස සලකන පිරිසකට..

    ReplyDelete
  2. මාතලන් උඹේ මොලේ කචල් ද බන් .... මොනවද මේ කියල තියෙන විකාර කතා ...

    ReplyDelete
  3. @ wsdwed
    මෙහෙමයි මචන් ගඩාෆී වීරයෙක් බටහිරට විරුද්ධව නැගී සිටින කොට. නමුත් උන්ට තේරෙන්නේ නෑ. අඩු ගානේ සී අයි ඒ එක වගේ එකක් හදාගෙන ඒකෙන් පාළනය ගෙන යන්න. නායකයන් මාරු වෙවි. මුළු ළෝකෙම දන්නවා ඇමරිකාව බූවල්ලෙක් වගේ හැමතැනටම අඬු විහිඳගෙන ඉන්න බව. නමුත් චීනය වගේ වෙනස් වීමක් වෙන්න බෑ මේ වගේ නායකයන්ට. මමත්වය නිසා. ඉතින් අපෙ වීරයෝ උනත් වැඩක් නෑ. තමන්ගේ මිනිහා තලා පෙලා දමන කොට.

    ReplyDelete
  4. අසහාය මිනිසකු නික්ම ගිහින්ය. අද ලිබියාවෙ ගඩාපි නම්, The Green Book නම් ග්රන්තය ලියූ,දාර්ශනික රාජ්‍යය පාලකයා නැත. ගඩාපි ලිබියාවට අහිමිවීම යනු,ලිබියානුවන්ට ලිබියාව අහිමිවීම හැර වෙනත් කිසිවක් ෙනාවෙ.

    රජුන් දාර්ශනිකයන් වනතුරැ, නැත්නම් දාර්ශනිකයන් රජුන් වනතුරැ ෙලාකයට සැබෑ සැනසීම උදාෙනාවෙ, යැයි පැවසු ගඩාපි, බටහිර මුග්ධ නිරැවත් දෙෂපාලනය විසින් මරාදැමීම ඉතිහාසය යළි යළිත් සිදුවන්නක් බව පසක්කරයි.

    තවත් මෙවැනි අසහාය මිනිසුන් සිටින්නෙ දෙතුන් දෙනෙක් පමණි. ඔවුන්ද මෙසෙ මරාදැමීමට පළමු, ම්ලෙඡ අධිපතිවාදී බටහිර ක්රීස්තියානි සංස්කෘතිය බිදවැටෙවා, යන්න අපගෙ ඒකායන අභිලාෂය වෙයි.

    ReplyDelete
  5. ලිබියාවෙ අන්තර්කාල නායකයින් ජාතික මැතිවරණයකින් තෝරා පත් කර ආණ්ඩුවකට 2012 වනවිට බලය මාරු කරන්න කාල සටහන අද නිකුත් කරා. ඔබගේ තර්කය කුමක්ද? ගඩාෆි හිත හොඳ රටට ආදරය ඇති බටහිරට විරුද්ධ වීර චරිතයක් නිසා සහ ලිබියානු ජනතාව තවමත් ගෝත්‍රික නිසා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම නායකයින් වරින් වර මාරුකර ගැනීමේ අයිතිය ලිබියානුවන් ට අවශ්‍ය නෑ කියල වගේ දෙයක්ද? මේක මුලු ජීවිත කාලය පුරාවට ගඩාෆි පාලනය යටතේ හිටපු ලිබියන් කාරයින් ගෙන් චන්දයක් තියල අහන්න ඕන දෙයක් නොවෙයිද? ඔයා ලංකාවේ ඉදන් වසර හයෙන් හයට ඔයාගේ නායකයින් වෙනස් කර ගන්න සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විඳින ගමන් ඔයාගෙ වීරයෙක් නිසා ගඩාෆි යටතේ හැමදාම ලිබියානුවන්ට ඉන්න කියන එක ටිකක් අප්සට් නැද්ද? නරක බටහිර ගැන මට නම් සිතෙන්නේ මෙවැනි දෙයකි. ඔය හොඳ පෙරදිග අපේ නායකයින්ට දැන් බටහිර අයට තියන යුධ ශක්තිය බලය, පරමානුක අවි තිබුනානම් කරන හොඳ වැඩ ටික උන්ට සාපේක්ෂව ලාවට යුධ බලයක් ටී 56 එක්ක ආමි එකකුත් නයවෙලා ගත්ත කෆීර් තියාගෙන දාන සෙල්ලම් ටික දිහා බැලුවම හිතා ගත හැකිය.

    ReplyDelete
  6. නූතන කුරුස යුද්ධය

    බටහිරයන් හා අරාබිකාරයන් එදා සිටම එකිනෙකා හා ගැ‍ටුම් ඇති කර ගත්තා. වර්තමානයේ ආර්ථික කරුණු බලපෑවත් යටින් දිවෙන්නේ ඒ ආගමික ගැ‍ටුමයි.

    ReplyDelete
  7. දුක හිතිලා වගේ.... බටහිර විරෝධීන් වුනු පලියට ඕනි එකෙක් තමන්ගේ මිතුරාය කියල හිතන එක ලංකාවේ අයගේ රෝගයක් ,ගඩාෆිව මැරුවේ ගඩාෆිගෙ අවුරුදු 40 ක "ශ්‍රේෂ්ට" පාලනයේ ප්‍රතිඵල වෙච්ච ගැටවු ටිකක් . තමන්ගේ තාත්තාගේ වයසේ මිනිහෙක්ව තිරිසන් විදිහට මරල දාන්න හිතෙන ඒ පරම්පරාව බිහි කලේ කව්ද ? ඇමරිකන් කාරයද ?

    ඒකාධිපති පාලනයන් ලෝකේ කොහෙත් හදල තියෙන්නෙ තිරිසන් මිනිස්සු විතරයි (අර මේ දවස් වල හුවමාරු වෙන චීන ගැනු ලමයගෙ විඩියෝවත් දකින්න ඇතිනේ ) , එකම දේ ගඩාෆි බටහිරයන්ට අතපොවන්න අවස්ථාවක් හදල දුන්න එක , ඒ නිසා කෙලව ගත්තා . එහෙම අවස්ථාවක් නැති ඒකාධිපතියෝ අදටත් ලෝකයේ (අරාබියෙම පවා ) යහතින් ඉන්නව . බටහිර විරෝධී වුනා හෝ ලංකාවට හිතවත් වුනා කියල මම නම් කිසිම ඒකාධිපතීත්වයක් අනුමත කරන්නේ නැ . ඒ නිසා මට ගඩාෆිත් එකයි ඇමරිකාවට පස්ස දෙන අරාබි රජවරුන්ගේ ඒකාධිපතීත්වයත් එකයි

    ReplyDelete
  8. බලන්නකෝ අනේ ලිබියාවේ මෝඩ ජනතාව, මේ තරම් දේවල් නොමිලේ දීලත් කාලා ඉන්ඩ බැරුව බටහිර සුද්දන්ගේ කෙප්ප අහලා හදිසියේ බඩගින්නට කන්ඩවත් බැරි ප්‍රජාතන්ත්‍රවාදේද මොකක්ද කෙහෙල්මලක් වෙනුවෙන් තමන්ගේ ජීවිතෙත් පරදුවට තියලා ආයුධ අතට අරගෙන....

    නිකමටවත් මට එහෙම හිතුනේ නෑනේ මෙයා කියනකම්ම, උඹ කළින් මේ පෝස්ට් එක දැම්මනම් අම්මපා මම යනවා ලිබියාවට, අයි බං උඹට ලිබියාවේ යන්න හිතුනේ නැද්ද?

    ReplyDelete
  9. ටිකක් දුර කියවගෙන යනකොට, මං කියවන්නෙ මාතලන්ගෙ බ්ලොග් එකද, බුවාගෙ සිතුවිලිද, සැහැල්ලුවද අමතක වුනා.

    ReplyDelete
  10. බටහිරට කොපමණ උවමන උවත් රටේ ජනතා සහයක් නැතිව මේවැනි දෙයක් කරන්න බෑ. ගඩාෆිට කැමති පිරිසකුත් රටේ ඉන්න ඇති. ඒ පවතින රෙජීමයෙන් තමන්ට ලැබෙන දේ නිසා. ගඩාෆි නෙලා ගත්තේ ඔහු වපුරපු දෙයම තම. ප්‍රචණ්ඩත්වය.

    ReplyDelete
  11. මේ මාතෘකාව ගැන මම කියවපු හොඳම බ්ලොග් පෝස්ට් තුනක් තියනවා.1. මාතලන්, 2. බුවා, 3. සැහැල්ලුව. මේ හැම එකක්ම එකිනෙකට වෙනස්. හැබැයි මේ තුනේම තියන්නේ එකම දෙයක්. ඒ 1. ගඩාෆී කියන චරිතේ බටහිර ධන වැද්දන් නිසා විනාශ වුනා කියන එක. හොදින් බැලුවම ඉන්දික කියන දේත් ඇත්තටම හරි. ඒ ගඩාෆිගේ චරිතේ එක පැත්තක්. මාතලන් කියන්නේ වෙන පැත්තක්. මේ අයට සහමුලින්ම වෙනස් කෝණයකින් තමයි බුවා ලියලා තියන්නේ. මම කියන්න කැමතියි මෙහෙම ඔබ තිදෙනාම මෙහි අදහස් දක්වා ඇති නිසා, මේ තුනම කියවන්න හැම කෙනෙක්ම සම්පූර්ණ ගඩාෆි කියන කෙනා නායකයා ඒකාධිපතියා ගැන ඔබට සිතා ගත හැකියි. මේ ලියවිලි තුනටම ඔබ තිදෙනාටම ස්තුතියි.
    මේ හැම සිද්ධියකින්ම බුදු දහමේ හරය එලියට එනවා කියන එකයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  12. යකඩෝ මෙන්...මාතලන් හෙළුවෙන්......

    ReplyDelete
  13. මමත් ඔය ඔක්කොම කියෙව්ව. කොහෙ හිටියත් පත්තරයකින් හරි වැඩි යමක් දැන ගන්න අරමුනෙන් කියවනවා. සැහැල්ලුවෙං කියවපු දෙය අලුත්. ඔහු එහෙ හිටපු නිසා දන්නව ඇති වැඩිපුර. ගඩාෆි එන්ගලංතෙ එයාගෙ පුතා ගිය යුනියටත් ගොඩක් ආධාර කරල තිබුන කියල CNN කිව්ව.ඔය ශිෂ්‍යත්ව ගැන නං මට වැඩි දුර යමක් කියන්ට පුලුවං. මෙහෙ වගේ නං ඒව ළමයිංට දෙන්නෙ.ඒ ක්‍රමයට දෙවි පිහිටයි. පුද්ගලික අත්දැකීමෙං කියන්නෙ.

    ReplyDelete
  14. මේ පෝස්ට් එකට මම කැමතියි. මගෙත් තියෙන්නෙ ගඩාෆි ගැන සුබවාදී ආකල්පයක්. සදාම් හා ගඩාෆි දෙදෙනාම ඇමරිකාවට ඔලුව නැමුවේ නෑ.
    ඇමරිකාව කැමති නෑ ලොකු රාජ්‍යයන්ට. ඒව කැබලි වලට කැඩිලයන තරමට උන් කැමතියි.

    ReplyDelete
  15. ගඩාෆි ගැන මේ සදහන් උන කරුණු මම දවස් කීපයකට කලින් කියෙව්වා.. ලිබියානුවන්ට ඇත්තටම දැන්ම ඕක තේරෙන එකක් නෑ...

    ReplyDelete
  16. මාතලන්,

    උඹ මගේ අදහසට එකඟ නොවුනට මම මරාගන්නෙ නෑ. ඒ මම කොළොන්නාවෙ සිල්වවත් ලිබියාවෙ හුසේන් කෙනෙක්වත් නෙමෙයි නිසා.
    ලංකාවෙ තීන සමාජය ලිබියාවට වඩා දියුණු සිවිල් ඕගනයිසෙෂන් එකක් සහ උගත් සමාජයක්.ඒ වගේ රටක ආරක්ෂක ලේකම් කෙනෙක් කරපු දෙයක් ලිබියාවෙ වෙන දේ සමඟ ගලපන්නෙ කොහොමද කියල හිතන්න අමාරුයි.
    ලිබියාව ලංකාවට ගැලපීම හරියට අර දියුණු සිවිල් සමාජයන් තීන රටවල් කොපි කරල ලංකාවෙ පොලිසිය බැටන් පොළු විතරක් අරන් හොරු අල්ලන්න ගිය එක වගේ තමයි

    ReplyDelete
  17. මාතලන්ට එයාගෙ අදහසත් ඔබට ඔබේ අදහසත් පවසන්න උපරිම නිදහස තීනව. ඒ උඹල ඒ නිදහස වල් බූරු විදියට පාවිච්චි නොකරන නිසා. එහෙම කරපු දාට ලිබියාවෙ වගේ වාරණ දාන්න වෙනව :D

    ReplyDelete
  18. මාතලන්,

    චීනයට නොගහන්නෙ උන් වෙනස් උන නිසා නෙමෙයි, තමන්ගෙ බිස්නස් එහෙ තීන නිසා. ඒ වගේම තමන්ගෙම කියන දියුණු යුධ යාන්ත්‍රනයක් තීන නිසා. නමුත් චාවේස්ට නොගහන්නෙ ඌ කියන තරන් නොකරන නිසා. ගඩාෆිට ගැහුවෙ මිනිහ කියන දේ කරපු නිසා.
    ගඩාෆිට වැරදුනෙ ලී ක්වාන් යූ වගේ පාලනය ගෝලයන්ට දීල පැත්තකට නොවුන නිසා. මී පැණි උනත් කාලයක් කනකොට තිත්ත වෙනවනෙ.

    ReplyDelete
  19. රජිත,

    ක්‍රිස්තියානි අධිරාජ්‍ය බිඳ වැටෙන්න පටන් අරන් ඉවරයි. ඒක නවත්වන්න ඔවුන් දැන් ඕනෑම මිලක් ගෙවන තැනකයි ඉන්නෙ. හෙට අනිද්දට ඉරානෙන් හරි චීනෙන් හරි සෙල්ලම ඊළඟ නාට්‍ය පටන් ගනී!

    ReplyDelete
  20. කෙවින්,

    ඉරාකයේ ඇත්තේ ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුය. නමුත් ජනතාව ලැබෙන වරප්‍රසාද සහ ඔවුන් අද විඳින නිදහස එදා සදාම් ඉන්නා කාලයට වඩා හොඳද නරකද?
    ලිබියන් කාරයොන්ගෙ චන්දෙන් එන මිනිහත් කර්සායි වගේ ලැබෙන ආධාර වලින් ඩුබායි මාලිගා ගන්නෙ නැතිවෙයිද/ එහෙම උනොත් ලිබියානුවන්ට උරුම වෙන්නෙ සැමද මරා ගන්නා අරගල විතරක්ද? එය ගඩාෆිගේ කාලයට වඩා හොඳ වේ යැයි ඔබ කියන්නේ කෙසේද? ( හොඳම උදා හරණය අද ඊජිප්තුවයි. සෑම සිකුරාදාම දහස් ගනන් උද්ඝොෂකයන් තහීර් වෙත ඇදී එන්නේ කල ගොන් කම වසා ගන්න මිස වෙන කුමකටද? මුස්ලිම් සහෝදරත්වය නම් විප්ලවයේ ප්‍රධාන පාර්ශවකරු අද ඒ උද්ඝෝෂන වලින් වැලකී සිටින්නේ ඇයි?)

    ReplyDelete
  21. බුවා , මාතලන් , සැහැල්ලුව ... ගඩාෆි ගැන විවිධ කෝණ කීපයකින් . කොහොම උනත් නිසරු කාන්තාරයක් රටක් බවට පත් කල ගෝත්‍රික අහිකුන්ඨකයන් උගත් ජනතාවක් බවට පත් කල මිනිසකුගේ නික්ම යාම ......... ගඩාෆි නැවත වීරයෙක් වෙයිද එය කාලය පිලිබද ගැටලුවක් පමණි....................

    ReplyDelete
  22. // ලංකාවෙ තීන සමාජය ලිබියාවට වඩා දියුණු සිවිල් ඕගනයිසෙෂන් එකක් සහ උගත් සමාජයක්. //
    සමාවෙයන් මචන් මම දන්නවා උඹ මොනව කිව්වත් තරහ නැති බව. විය යුත්තේත් මෙයයි. මම හරිද දන්නෙ නෑ නමුත් මම හිතනවා මම උඹට වඩා සමාජයේ ඉහල සිට පහලටම මිනිස්සු ආශ්‍රය කරලා තියෙනනවා මගේ සමාජ වට පිටාව අනුව සහ කළ විවිධවූ රැකියා ප්‍රමාණය අනුව. උඹල වගේ සුළු පිරිසක් ඔය තත්වයේ හිටියට වැඩි පිරිසක් හරක්. ඒක උඹට වඩා දේශපාලුවෝ දන්නවා. ඒ නිසයි උන් හැම තිස්සේම "ජනතාව බුද්ධිමත්" කියන "බොරුව" වමාරන්නේ. උගත් සමාජයත් කැමති නෑ තමගේ පිරිස වැඩි කරගන්න. හේතුව උන්ට තියෙන ගරුතවය නැතුව යාම. ඔය සිවිල් පොර්වල් එකතු වෙලා හදාගෙන තියෙන සම්මන්ත්‍රණ වලට එකෙක් එන්නේ නෑ. එන්නෙ උන්ගෙම සෙට් එක හැමදාම. උන්ටත් ආවත් එකයි නාවත් එකයි. පිටරටවලින් මුදල් ලැබෙනවනේ. කොටින්ම ලංකාවේ සිවිල් පොරවලුත් අමු කුහකයෝ. උන් ජාතිවාදියෝ. දෙමලා ගැන මැරෙන්න හදපු වාසුත් ලොක්කට හේත්තු වෙන්නේ ඒකයි.

    ReplyDelete
  23. විසිතුරු,

    එදා කුරුස යුද්දෙ තාම ඉවර නෑ. ඊයෙ පෙරේද එකාට දාහක් දුන්නෙ සෙල්ලමකට නෙමෙයි.

    ReplyDelete
  24. බුවා,

    දුක නෑ, ඒත් තරහයි. බටහිරින් දමාපු කන්නාඩි දාන් බලන උන්ට පෙරදිග ඔක්කොම නරකයි. ඒ උනාට වෝල් ස්ට්‍රීට් එකේ නිරායුධ ගෑනුන්ට පෙපර් ස්ප්‍රේ ගහල එලවන එව්ව, ඔස්ට්‍රේට්ලියාවෙ උද්ඝොෂකයො පාර දිගෙ හම ගගහ ඇදන් ගිය හැටි, එහෙම ඉන්දියන් කොල්ලො මරපු හැටි එහෙම වැරදි හැටිය හිතෙන්නෙ නෑ. ඒ වගේම උඩින් මානව හිමක් කිය කිය යටින් ඉකොනොමික් හිටර්ලව එවන එව්ව සාධාරනයි.
    මහා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙකේ උන් කැත්‍රිනා ආවමයි එතකොට ලන්ඩන් උද්ඝෝෂනයෙදියි හැසිරුනේ සෝමාලියානුවන්ටත් අන්ත විදියට. පාලකය ඒකාධිපති උනෙ නෑ කියල සතාගෙ නැට්ට හැලෙන්නෙ නෑ.

    පාලකය ඒකාධිපතියෙක්ද නැද්ද කියන එක නෙමෙයි වැදගත්, ඒක කරන්නෙ මොකද්ද කියන එක විතරයි මටනම් වැදගත්!

    ReplyDelete
  25. තිසර,

    මෙව්ව කියන්නෙ ඔය අනික් අය වගේ නිව්ස් ගිරා දාල නෙමෙයි, ඇහින් දැකල, අත්විඳල. මම ලිබියාවට ගියෙ 2009 දෙසැම්බර් වල. ට්‍රිපොලි බර්ලිට්ස් සෙන්ටර් එක නිර්මාණය කලේ මම. ඒ වගේම පහුගිය අවුරුදු හයක් තිස්සෙ ජීවත්වෙන්නෙ අද ප්‍රජාතන්ත්‍රවාදෙ නැහැයි කියල එලියට බැහැල උද්ඝොෂනය කරන බහරේන් වල. ඒ නිසා වෙනස හොඳින් දැනෙනව.

    ReplyDelete
  26. ඔබාම,

    මන් මේ බ්ලොග් එක ලියන්නෙ ආතල් එකට, සැහැල්ලුවෙ ඉන්න. ඊයෙ පෙරේද පොඩ්ඩක් ට්‍රැක් පැන්න. ආයි නෑ ඕං.

    ReplyDelete
  27. ඇනෝ 1,

    ගඩාෆි ට විරුද්ධ පිරිසගෙ අතට අවි ලැබෙනකොට පක්ෂ පිරිසට ඉතුරු උනේ විකල්ප දෙකයි. එකක් ගඩාෆි එක්ක එකතුවෙලා සටන් කරන එක, දෙක විරුද්ධ උන්ට එකතුවෙලා ගඩාෆිට ගහන එක. තම තමන්ගෙ ගණිතමය හැකියාව මත ඒ ඒ අය තීරන ගත්ත. බටහිර මාධ්ය්‍ය කවදාවත් පෙන්නුවෙ නෑ පක්ෂ උන් කොච්චරක්ද ඉන්නෙ, උන් මොනාද කියන්නෙ කියල. මේක ලිබියාවෙ විතරක් නෙමෙයි ඊජිප්තුවෙදිත් එහෙමයි.

    ReplyDelete
  28. වෙදමහත්තය,

    ඔබතුමාගෙ අදහසට බොහොම ස්තූතියි. මං හිතනව මේ ලිපියෙන් අඩු තරමෙ ඔබ වගේ කීප දෙනෙක්වත් උනේ මොකද්ද කියල තේරුන් ගන්න ඇතියි කියල.

    ReplyDelete
  29. KC,

    ඒක උගේ අයිතියනෙ මචං.

    ReplyDelete
  30. කවිකාරි,

    ඔව්, මට කලාපෙ ගොඩක් රටවල් ගැන මෙහෙ ඉන්න නිසා සහ රාජකාරි මට්ටමෙන් සම්භන්ධවෙන්න යන්න එන්න වෙලා තීන නිස දන්නව.
    ශුශ්‍යත්වෙ ගැන කියපු ටික පැහැදිලි නෑ!

    ReplyDelete
  31. ස්තූතියි.

    ඊළඟට චාර්වේස්, අහම්දිනෙජාඩ් වගේ අය ඉන්නව පෝළිමේ!

    ReplyDelete
  32. ඩිනේෂ්,

    කතා කරල වැඩක් නෑ මචං!

    ReplyDelete
  33. @ඉන්දික - ලිබියාවේ හිටය නිසා ඉන්දික සහෝට ගඩාෆි සිස්ටම් එක ගැන සැහෙන දැනුමක් ඇතිනේ නේද . ඒකාධිපති වුනත් හොඳ වැඩ කරනව නම් චෝයි නේ ?

    , ඒක නිසා අපි මෙහෙත් පාර්ලිමේන්තුව පලාත් සභා සේරම අයින් කරල දාමු . විපක්ෂෙකුත් නැ , බනින්න එකෙකුත් නැ , එක එකා මරාගන්නෙත් නැ සිම්පල් ප්ලැන් එකක් . පිනට දහමට ලැදි හොඳ ඒකාධිපතියෙක් ඊට පස්සේ ලංකාවත් ලිබියාව වගේ දියුණු , මානව හිමිකම් සුරැකෙන , දරිද්‍රතාවය අඩු, සාක්ෂරතාවය වැඩි (ඒක නම් කොහොමත් වැඩි නිසා , පරිඝනක හරි ඉංගිරිසි සාක්ෂරතාවය කියමුකො ) නීතිය හැමකෙනාටම සමාන රටක් බවට සිරි ලංකාවත් පත් කොරන්නෙ නැතැ

    ReplyDelete
  34. ෂුවර්ද අහම්දි නෙජාඩ් පෝලිමේ ඉන්නව කියල .... එල එල ආයෙත් පාරක් ඉල්ලං කැමක් බලාගෙන ආතල් එකක් ගන්න පුලුවන් , දිණමිනේ කතෘතුමාට එජාපයයි රනිලුයි අතැරල කතුවැකියක් ලියන්න පුලුවන් . විදේශ අමාත්‍යාංශයට පැහැදිලි කිරීම් ඉල්ලන්න පුලුවන් . දිවයින පත්තරේට සතියක් විශේෂාංග ලිපි තීරට පුරව ගන්න පුලුවන් . ජාතික රූපවාහිනියේ "විද්වත් හූ" ට ආයෙත් පාරක් ටිවි එකේ මූණ පෙන්න ගන්න පුලුවන්

    චාවේස් කාරයට නම් මොකුත් වෙන එකක් නැ . පිලිකාව වැඩිවෙලා වලකජු ගැහුවොත් මිසක

    ReplyDelete
  35. බුවා,

    ගඩාෆි කෙනෙක් වෙනුවටනෙ අපි ෆොන්සේක උන්නැහෙව පත් කරගන්න චන්දෙ දුන්නෙ ඉතින්. මතක තියාගන්න ඔය කියන ඒකාධිපතියො නොහිටියනං මේ ගල්ෆ් රටවලුත් තෙල් තීන ඉන්දුනිසායවට හරි සුඩානෙට හරි වඩා වෙනස් වෙන්නෙ නෑ කියල. ඒ නිසා හොරා කන පාර්ළිමේන්තු රොත්ත බුරුත්තක් වෙනුවට ඒකාධිපතියෙක්ගෙන් වෙන සේවය ඉහලයි.
    අනික මතක තියා ගන්න ඊජිප්තුවෙ, ටියුනීසියාවෙ තිබ්බෙ පාර්ළිමේන්තුවක්. සිරියාවෙ, ඉරානෙ වගේම යේමනයෙත් තියෙන්නෙ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුම තමයි. ඒත් නායකයො එව්ව තමන්ට උවමනා විදියට හරෝ ගෙන ගසා කනව. එකසත් අරාබි එමීරයෙ, බෲනායි, කටාර් වල පාර්ලිමේන්තු කියන ඒව නෙමේ නිකං ෂූර කවුන්සිල් කියල බලය නැති සමුළු විතරයි. ඒ නිසා ආයි කියන්නෙ පාළන ක්‍රමය නෙමේ අවුල පාලකයොයි.

    අහමදිනෙජාඩ්ටත් උද්ඝොෂන බෝලෙ දැම්ම වගේම හිලරි නෝන ඒ ගැන බොහොම හිතේ අමාරුවෙන් කතා කලා පෙබරවාරියෙදි. ඒත් නියපොත්තෙන්ම කපල දාපු නිස වැඩේ යට ගියා. ඒ දවස්වල සුද්ඩොන්ගෙ චැනල් වල ඉරාන කාරයො පෙන්නන පෙන්නිල අද නිව්යෝර්ක්වල ඉන්න උන්ට හරි පහුගිය දවස්වල ලන්ඩන් අය්යලට හරි නොදුන්නෙ මාර සමානත්මතාවය නිසානෙ. අනේ උලවු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදෙ! ඔව්ව කිඅන්නෙ ඉති මේ අපිටනෙ..

    ReplyDelete
  36. ඒක තමයි අනේ කියන්නේ අපිත් , එහෙම කරමු කියල . මොකද ලංකාවේත් දැන් තේල් මතුවේගන එන්නේ :D

    මම නම් ගල්ෆ් කලපේ රටවල තියන පාලන ක්‍රම සමාජ ක්‍රම ආදියට විරුද්ධයි , මූලිකම කාරණය ඉස්ලාම් නීති . කොයි තරම් පෝසතුන් උනත් නිර්මාණශීලි මිනිස්සු ඔය රටවල නැත්තේ ඔය නිසා තමයි . පොලවෙන් ලැබෙන සම්පතින් හම්බ කරනව මිසක් අලුතෙන් යමක් හිතල කරන්න බැරි ඔය මිනිස්සුන්ට බුද්ධිය ආනයනය කරන්න වෙලා තියෙන්නෙත් ඒකයි . සල්ලිකාර රජාලගේ නීති වලට යටත් වෙලා ඉන්නවට වඩා දූෂිත උනත් අපේ රටේ ක්‍රමය සැහෙන්න හොඳා (මට ) . මොකද ඕනි දෙයක් කථා කරන්න , කලා නිර්මාණයක් කරන්න මට තියන නිදහස වගේම මගේ කාන්තා පාර්ශවේ නැදැයන්ටත් ඒ නිදහසම තියනව (කැමති ඇඳුමක් ඇදීමත් ඇතුලව ) . සල්ලි , යාන වාහන පහසු කම් වලට වඩා මට වටින්නේ අන්න ඒ නිදහස . ඒ නිසා ඔය ගල්ෆ් කලාපේ දියුණුව මට නම් දියුණුවක් වත් , ඒවා ඇති කරපු උන් වීරයෝ වත් නෙවෙයි . පොලවෙන් හම්බවෙන දේ විකුණනගෙන සුපිරි නගර බිහි කරන අරාබි රජවරුන්ට වඩා . දූෂනයෙන් පිරුණු , සංකීර්ණ දේශපාලනික වටපිටාවක් තිය්න ඉන්දියාව ආර්ථික බලවතෙක් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී මාවත දිගේ සාර්ථක ගමනක් යන මන් මෝහන් මහත්තයා විතරක් නෙවෙයි . නාස්තිකාර වැඩ රාශියක් මැද ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වැඩ කටයුතු රාශියක් කරන ගමන් වුනත් ශ්‍රි ලංකාවේ දියුණුවට යමක් කරන අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාත් වීරයෙක් මගේ මතයට අනුව

    ප.ලි - ෆොන්සේකා මහත්තයා ආවා නම් , ගඩාෆිටත් එහා වෙන්න ඉඩ තිබුනා කියලයි මාත් හිතන්නේ

    ReplyDelete
  37. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා, අන්තිම කමෙන්ට් එක කියවන කොට මුල කියපුවා මතක නැහැ, මාර ගේමක් දීලා මුලු පෝස්ට් එකම ඔලුවට දාගන්න පැය බාගෙකට වඩා ගියා, මම නං ඔය දේශපාලන චරිත ගැන වැඩිය දන්නෙ නැහැ, ගඩාපි කියන චරතෙ ගැන මේ පෝස්ට් එකෙන් සෑහෙන දැනුමක් ගත්තා ......

    ඒකාධිපති පාලනේ හොඳ නරක දෙකම තියනවා මට හිතෙන්නෙ ..

    ReplyDelete
  38. ඉන්දික අයියා

    මම මේ ලිපිය කියවල්ලා ගඩාෆි ගැන සියට අනූනවයක් දේ දැනගත්තා . මම කලින් දැනං හිටියේ මේ ගඩාෆි කියන්නේ ලිබියාවේ හිටි පාලකයා කියලා විතරයි . ඊයේ රෑ ඔයාගේ ලිපිය බැලුවාම තමා මම මේ ගැන මේතරම් කරුණු දැනගත්තේ

    ඉතින් මට මෙතන වෙන අදහස් දාන්න තරම් දැනුමක් නෑ ..

    මම මෙතනින් අරගත්තු දේට මම ස්තූතියි කියන්නම් .

    ReplyDelete
  39. ලිපියෙනුත් කොමෙන්ටු වලිනුත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.
    ඉන්දිකටත් අනෙක් හැමෝටම බොහෝම ස්තූතියි

    ReplyDelete
  40. http://www.mohe.gov.lk/

    check this kink for Sri Srilankan Scholarships............also check your email.

    ReplyDelete
  41. මටනම් එකම එක ප්‍රශ්නෙයයි තියෙන්නේ....ගඩාෆි මේ කියනේ විදියට සිරාවටම මිනිස්සුන්ට සලකුවනම් ගඩාෆි මරා දැමීම තුලින් කරුණු 2ක් පෙනේවා
    1. මේ කතා ඔක්කොම ඇත්තනම් ලිබියා ඉන්දෙල තියෙන්නේ මිනිස්සු නෙමේ ඔටුවෝ !
    2. මේ කතා ඔක්කොම බුරුනම්, ලංකාවේ ඉන්නේ මිනිස්සු නෙමේ හරක්

    ReplyDelete
  42. තවත් එක් ඇමරිකා විරොදීයෙක් අපට නැතිවිය....
    මුලින් ඇමරිකාව විසින් අල්ඛයිඩා වට කිරිපොවා ලොකු කලේය...පසුව ඒය ඔහුටම විසවූවිට පෙන ගොබය තෑලීය...
    දැන් තවත් නාටකයක් පටන්ගේන....ඒහි එක් අර්ධයක් අවසන්කොට ඇත....

    ReplyDelete
  43. ලිබියාව ගැන සුභවාදී බලාපොරොත්තු තියන් ඉන්න සහ බටහිර ප්‍රජාතන්ත්‍රවාදි සංකල්ප හරියයි කියල හිතන් ඉන්න යටයි. මේ වීඩියෝව බලන්න. වැඩ බලන ලිබියන් අගමැතිතුමා කියන " දහස් ගානක් මැරුව ගඩාෆි මරපු විදිය ගැන තමයි නේද දැන් බටහිරට කැක්කුම?" කියල. හරිනම් එහෙම කියන්න බෑ නේද මහත්වරුනි?

    ඒ විතරක් නෙමෙයි, හොඳට අහල බලන්න මිනිහගෙ බය සහ පසුතැවිල්ල කොයිතරම්ද කියල ලිබියාවෙ අනාගතය ගැන සහ NTC එකේ නායක්ත්වයට තියෙන අභියොඉග ගැන!

    ReplyDelete
  44. I was just going through the 'Greatest Man Made River' Wiki link and found this

    "During the 2011 Libyan Civil War, the Great Manmade River was bombed by NATO, cutting off drinking water supplies for many Libyans as a result.[6]"

    I sincerely believe that, Libyans were idiots to destroy their own society by them selves. They should thought a little bit more, taking Iraq and Afghanistan as examples...

    I wish at least, Sirrah and Yemen will learn a lesson from Libya....

    ReplyDelete
  45. සැහෙන දේවල් දැන ගත්තා . අද අපිට පෙන්වන දේ නෙමෙයි නේ පස්සේ කලෙක ඉතිහාසය කියල එලියට එන්නේ . ඉතිහාසේ කියවද්දී තියෙන දහන් ගැට දිහා බැලුවම අනේ කියල හිතෙනවා . මේවත් අපේ ළමයි කොහොම දකීද දන්නේ නැහැ අනාගතේදී . ඉන්දික ලියල තියෙන්නේ තමන් අහපු දැකපු දේ අනුව . මට හිතෙන්නේ අපිටත් ඕක වෙන්න ගිහින් නුලෙන් බේරුනා කියල . තවම වෙලාව හොඳයි .

    ReplyDelete
  46. @ Bindi : ඉතිහාසෙ ලියවෙන්නේ දිනන කෙනාට අනුවලු. මෙච්චර කල් වෙච්ච හැම යුද්ධෙකදිම උනෙත් එකලු...

    ReplyDelete
  47. තාම කවුද හරි කවුද වැරදි කියලා අදහසක් නෑ සහෝදරයා මට නම්.. තව හොයලා බලන්න ඕන..ලිපිය ගොඩක් හොඳයි.. නොදන්නා ඒවා ගොඩක් දැනගත්තා.. ඒකට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  48. යන්තම් දැකපු දෙයක් පැහැදිලිව දැක ගත්ත. ලිපියට බොහොම ස්තූතියි. සැහැල්ලුව කියවපු මට දැං ආතතිය වගේ :)

    ReplyDelete
  49. http://www.economist.com/node/21534204

    ReplyDelete
  50. ගඩාෆි මරල කියල දැන්ගත්තේ දවස් දෙකකට පස්සෙ...කැම්පස් එකේදි....
    කොන්ද පණ තිබුණ මිනිහෙක්ගෙ නික්ම යෑමක්.....

    ReplyDelete
  51. මටත් කියන්න තියෙන්නෙ මේ ලිපියට ගොඩක් ස්තුතියි කියලයි. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. කොහොමටත් සදාම් හුසේන්ගෙන් පස්සෙ ඉරාකෙට වෙච්ච දේ දැක්ක නිසා ගඩාපි මැරුව කියල දැනගත්තාම හිතුනෙත් ලිබියාවට වැරදුනා කියලයි. මගේ අදහස වැරදි වෙන්නත් පුලුවන්. ඒත් බලමු අනාගතය ගෙන්නෙ මොනවද කියලා.

    ReplyDelete
  52. රූකඩ නොවුනම වෙන දේවල්...!

    ReplyDelete
  53. me kathawa liyapu mahattaya libya giya kenek nam newei. mma deparak libya giya nav wala
    weda karana kale. oya kiyana dewal hungak boru. janathawa peedanayen hitiye. habai kalu sudu
    bedaya thiuna. un apata keewe kalu ballan kiyala. gadaffige green book eken thamai hema deyakma karana hati kiya dunne. oka maha karumakkara ratak.

    ReplyDelete
    Replies
    1. රවීන්ද්‍ර, මම දන්නෙ නෑ ඔයා කොයි කලෙද ගියෙ කියල! අපි ගියෙ 2007දි. මෙහෙ මගේ බොස් තමයි ලිබියා වල "බර්ලිට්ස් ලැන්ග්වේජ් සෙන්ටර්" එක අයිතිව හිටියෙ. තව පොලුට්‍රි ෆාම් බිස්නස් වගයකුත් තිබ්බ. මම ගියෙ බර්ලිට්ස් එකේ ඉන්ටීරිය එක කරන්න බහරේන් ඉඳල. බොහොම අමාරු උනා වීස ගන්නත්. හේතුව ඒ ගොල්ලො ඒෂියන්ස්ලට වීස දෙන් එක ඉතාම අඩුවෙන් කරපු නිසා. අපි හිටියෙ ට්‍රිපොලි වල දවස් තුනක්. දෙපාරකට එහෙම ය්න්න උනා. අපි දැක්ක විදියට මිනිස්සු හොඳින්, සුව පහසුව හිටිය. මම ඉන්න රට එක්ක බැලුවම හැම දෙයක්ම නිකන් වගේ තමයි. එච්චරට වියදම අඩුයි. ඔබ අහන්න ඇති එහෙ හිටිය ලාංකිකයො සුළු පිරිස යුද්දෙ දරුණු වෙනකල්ම ආවෙ න කියල. ඒ තරමට සුද උනාම උන් හොඳයි. හැබැයි අරාබියෙ කවුරුත් වගේ දකුණු ආසියානුවන්ව පහත් කරන එක මෙහෙ වෙනසක් නෑ. ඒ ඇර ලොකු අසහනයකින් ඉන්න තරම් අඩුපාඩුවක් භෞතිකව ඒ මිනිස්සුන්ට තිබ්බ දැක්කෙ නෑ.

      දැන් මම ඉන්න බහරේන් ගැනත් ලෝකෙ කියන්නෙ රජා ඒකධිපති, මිණිසුන්ට නොසලකන කෙනෙක් කියල. ඒත් අවුරුදු අඩක් ඉන්න මම දන්නව රටේ හැබෑ තත්වෙ එහෙම නෙමෙයි, මිනිස්සුන්ට ඕන නිකන් ඉඳල තෙල් සල්ලි වලින් සැප ගන්න කියන එක.

      ස්තූතියි ඔබේ අදහසට!

      Delete
    2. correction,

      සුහද උනාම,

      අවුරුදු අටක් ඉන්න මම

      Delete

LinkWithin

Related Posts with Thumbnails