Thursday, May 27, 2010

Dhaathu parinirwaanaya..


සිංහ බාහුගෙ වෙසක් කූඩුව හදන අතරෙ ශ්‍රී ටීවී එකේ ගිය බණටත් ටිකක් කන් දුන්න. අද වෙසක් පෝය නිසා ගංගාරාමෙ පිරෙන්න සෙනග වගේ. මැද ඉඳන් බලන්න පටන් ගත්ත හින්ද බණ කියපු හාමුදුරුවො නං කවුද කියල අහ ගන්න බැරි උනා. බණට මූලික වෙලා තිබුනෙ බුදුන් වහන්සේගෙ ශ්‍රී සර්වඥ ධාතු පිලිබඳව.

හාමුදුරුවන්ගෙ දේශනාව අහන් හිටපු මට මුලින්ම හිතුනෙ "මේතරම් බමුණන්ගෙ විරුද්ධවාදියෙක් වෙච්ච බුදුන් වහන්සෙගෙ ධාතු බෙදනව වගේ වැදගත් වැඩකට ඇයි බමුණෙක්වම යොදා ගත්තෙ" කියල. මොකද ඒකට රහතන් වහන්සෙ නමක් හරි, නැත්තං අවංක හාමුදුරුනමක් හරි යොදාගත්තනං දළදා වහන්සෙල බිම දාල පාගං හංගගන්නව වගේ බාල වැඩ නොවෙන්න තිබුනනෙ අඩු තරමෙ.

හාමුදුරුවො දේශනා කරපු විදියටනං තව අවුරුදු 2446කින්, ඒ කියන්නෙ බුද්ධ වර්ශ 5000දි මේ සියලුම ධාතූන් වහන්සෙලා එක පාරම පිරිනිවන් පානව. ඒක වෙන්නෙත් මෙන්න මෙහෙමලු " දළදා මාල්ගාවෙයි, සෝමාවතියෙයි තියෙන දළදා වහ්න්සෙලාත්, සේරුවාවිල සෑයෙ තීන ලලාට ධාතුවත් අහසට පැනල ගිහින්, නාගදීපෙන් අහසට නගින මැනික් පුටුවෙ වැඩහිඳිනව. ඉන් පස්සෙ ද්රෝවනයක් වෙච්ච රුවන්වැලි වෑයෙ ධාතූන් වහන්සේලායි අනික් හැමතැනම තීන බුදුන් වහන්සෙගෙ ධාතූන් වහන්සේලාත් ඒ විදියටම අහසට පැනල අර මැනික් පුටුව මත හිඳ දඹදිව බුද්ධගයාවෙ වජ්රා්සනය මතට වඩිනව. ඊටත් පස්සෙ මුලු ලෝකෙ පුරාම තීන අර බමුණ බෙදාපු ද්රෝධන අටේම ධාතු එතනට එකතුවෙලා, ඉන්පස්සෙ ඒ සේරම ඒකසැරේ දැවිල අලුවත් ඉතුරුනොවී මෙලොවින් අතුරුදහන් වෙනව”

මම මහා පරිනිර්වාන සූත්රදය කියවල නැති නිසා මේකෙ ඇත්ත නැත්ත, එහෙමත් නැත්තං මෙහෙම දෙයක් බුද්ධ වචනයෙ කියැවිල තීනවද කියන්න හරියටම දන්නෙ නැහැ. ඒත් මේ කතාව්වෙ නොගලපෙන තැන් කීපයක් තීනව කියල මට හිතෙනව.

පලවෙනි ගටලුව උනේ මේ කියපු කාලය. මොකද මට මේ කියන බුද්ධ වර්ශය ගැන විවෙචනයක් තියෙනව. මොකද දැන් වෙසක් මාසෙ මැයි මාසෙටම ඒන්න ඕන නිසා අපි ඒක ග්රෙචගෝරියානු කැලැන්ඩරයට ගැට ගහලනෙ තීන්නෙ. ඉතින් චන්ද්ර් මාස ක්රශමය පදනම් වෙච්ච පෝය කැලැන්ඩරේ 5000ත් මේ ග්රනගෝරියානු කැලැන්ඩරේ 5000 දවසටම උදා වෙයිද?

අනික තමයි ලංකාවෙ ධාතුන් වහන්සේලාටනන් වඩින්න මැනික් පුටුවක් තීනව, ඒත් ගාන්ධාර දෙශයෙ තීන ඉතුරු දන්ත ධාතුවයි ද්රෝවනයක් වෙච්චි අනික් ධාතුයි, සිළුමින සෑයෙ නිධන් කරපු දන්ත ධාතුවයි මොකක් උඩ වඩීද, ඇයි මේ උන්වහන්සෙගෙ පාරිභොගික භාන්ඩ අතරින් මැනික් පුටුව විතරක් මේ පරිනිර්වානයට එකතු උනේ කියල.

අවසාන වශ්යෙන් මේ කතාව ඇත්තටම බුදු බණේ තීන දෙයක්ද නැත්තං මේක මේ පසුව එකතුවෙච්ච බෞද්ධ සාහිත්යාංගයක්ද කියලත් සැකයි. කොහොම උනත් බණ දන්න උගතුන් පිරිච්ච මේ බ්ලොග් අවකාශයෙ මට මේ ප්රලශ්නවලට පිලිතුරක් ලැබෙයි කියල හිතෙනව!

17 comments:

  1. මාරයට හරි තරිඳුට හරි පුළුවන් වෙයි මේකට හොඳ උත්තරයක් දෙන්න. මේ වගේ මැජික් එකක් මම නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ.
    Word verification අයින් කලානම් හොඳයි නැත්තන් comment කරන්න අමාරුයි.

    ReplyDelete
  2. හොඳයි කොලුවො... මෙන්න මගේ පළමු උපදේශය.. ඔය උඹගේ ප්‍රෝෆයිල් පික්චර් එක වෙනස් කරපo... හරියට සිoහයා ..ක දෙන්න වගේ ඉන්නේ.. සිoහ මූනක් දාපo..... වැඩිහිටියෙක් කිව්වම ඒ දේ අහපo....

    ප්‍රකාෂනය හොඳයි... දිගටම ළියන්න... මුල මතක තියාගෙන....

    ReplyDelete
  3. මමත් අහල තියෙනව මෙහෙම කතාවක්. ධාතු පරිනිර්වාණය කියන්නෙ මේකට. හැබැයි මැණික් පුටුවෙ කතාවයි,ධාතු එකතු වෙන අනුපිළිවෙලයිනම් අහල නෑ.

    බුදුවරයෙකුගෙ පරිණිර්වාන 3ක් තියෙනවලු
    1. ක්ලේෂ පරිනිර්වාණය ( බුදුවීම )
    2. ස්කන්ධ පරිනිර්වාණය ( කුසිනාරාවේදී සිද්ධ වෙච්ච එක )
    3. ධාතු පරිනිර්වාණය ( මේකත් සිද්ධ වෙන්නෙ ක්ලේෂ පරිනිර්වාණය සිදු වෙච්ච තැනදිමලු )

    පොළවෙ විතරක් නෙවෙයි ,නාග ලෝක , දිව්‍ය ලෝක එකී මෙකී හැම ලෝකෙකම තියෙන ධාතූ බුද්ධගයාවට එකතු වෙලා බුද්ධ රූපයක් හැදෙනවලු. ඒ බුද්ධ රූපය අසූහාරදාහක් ධර්මස්කන්ධය මුල සිට අගට නැවත එක දිගටම දේශනා කරනවලු. ධර්මය ගැන තියෙන නොපැහැදිලි තැන් හා මඟ හැරුණු තැන් දැනගන්න පුලුවන්ලු එතකොට. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නෙ ඊට පස්සෙලු.

    මේකත් හරියට අර ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම වගේද මන්දා ?????

    ReplyDelete
  4. "මේතරම් බමුණන්ගෙ විරුද්ධවාදියෙක් වෙච්ච බුදුන් වහන්සෙගෙ ධාතු බෙදනව වගේ වැදගත් වැඩකට ඇයි බමුණෙක්වම යොදා ගත්තෙ"

    අපිට දහම් පාසලේදී උගන්වපු විදිහට නම් සිද්ධිය වෙන්නේ මෙහෙම. බුදු හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරලා අවසානයේදී මල්ල රජදරුවන් කිව්වලු සර්වඥ ධාතු වැඩි ප්‍රමාණයක් එයාලට අයිති වෙන්න ඕනේ කියලා. මොකද එයාලගේ රාජ්‍යයේනේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ කියලා.

    මේකට ශාක්‍ය වංශිකයෝ විරුද්ධ වුණාලු. එයාලා කිව්වාලු බුදු හාමුදුරුවෝ අපේ නෑයා සර්වඥ ධාතු වැඩි ප්‍රමාණයක් අපිට අයිති වෙන්න ඕනේ කියලා .

    මේ විදිහට ඉන්දියාවේ ඒ කාලේ තිබ්බා ප්‍රධාන රාජ්‍ය 8 ක් රජගොල්ලෝ සර්වඥ ධාතු බෙදා ගන්න බැරිව ලොකු ෆයිට් එකකට ලෑස්ති වුණාලු.

    මේ වෙලාවේ මේ රජදරුවෝ ඔක්කොටම වගේ ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ද්‍රෝණ කියන බමුණා මේ ගැටුමට මැදිහත් වෙලා කිව්වාලු. බුදු හාමුදුරුවෝ සාමය අගය කරපු කෙනෙක්. එතුමා ධාතූන් වහන්සේලාට මෙහෙම රණ්ඩු වෙන්න හොඳ නැහැ. ඒක නිසා මේ රාජ්‍ය 8 ටම සම සමව ධාතු මම බෙදා දෙන්නම් කියලා.

    ඉතින් තමන්ගේ ගුරුතුමා කියන දේට කීකරු වුණු රජගොල්ලෝ ඒකට කැමති වුණාලු. එහෙමයි බමුණෙක් මේ කතාවට මැදිහත් වෙන්නේ :)

    ReplyDelete
  5. ඒ වගේම අපේ මකර අයියගේ කතාවට යමක් එකතු කරන්න කැමතියි.

    ලංකාවේ වැඩිම ප්‍රමාණයක් සර්වඥ ධාතු තැම්පත් කරලා තියෙන්නේ රුවන්මැලි සෑයෙනේ. [ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් තැම්පත් කරලා තියෙනවානේ.] ධාතු පරිනිර්වාණයේදී ලංකාවේ තියෙන සියළුම ධාතූන් වහන්සේලා රුවන්මැලි සෑයට වැඩම කරලා එතැන ඉදන් දඹදිව ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරනවා.

    තුන් ලෝකයේම තියෙන සියළු සර්වඥ ධාතූන් වහන්සේකා එතැනට වැඩම කරලා ජීවමාන බුදු රුවක් සකස් වෙනවා. ඒ බුදු රුව අවසන් ධර්ම දේශනාව පවත්වනවා. ඒක ශ්‍රවණය කරන්න මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ මොකද ඒ වෙනකොට පායන ඉරවල් 7 රශ්මිය දරාගන්න බැරිව මිනිස්සු ඔක්කොම මිය ගිහින්.

    ධර්ම ශ්‍රවණයට ඉන්නේ දෙවි ගොල්ලෝ විතරයි. අවසානයේදී ඒ සර්වඥ ධාතූන් වහන්සේලා තේජෝ ධාතුවට පත්වෙලා විනාස වෙනවා [ ඒ කියන්නේ ගිනි අරන් අළු බවට පත් වෙනවා] ඒක තමා ධාතු පරිනිර්වාණය කියන්නේ.

    ඒ දක්වා තුන් ලෝකය පුරාම තියෙන සර්වඥ ධාතූන් වහන්සේලා විනාස නොවී පවතිනවා කියලා තමයි දැක්වෙන්නේ

    ReplyDelete
  6. @ නිශාචරයා Nishacharaya,

    මාරයයි, තර්ඳුයි දෙන්නම මේ බ්ලොග් එක ගැන තාම දන්නෙ නැතුව අති, මොකද මේක තාම සින්ඩියට ඇඩ් වෙලා නැති හින්ද. මන් යැව්ව පොඩි ආරාධනාව, බලමු ඉස්සරහට!

    @ මාතලන්,

    මට ඕනි උනේ මංම ගත්තු පින්තූරයක් දාන්නයි, ඒත් කතාව ඇත්ත බව මටත් හිතෙනව. ඔන්න මං පින්තූරෙ මාරු කරා. උපදෙසට පිං.
    කවදාවත් මුලනං අමතක වෙන්නෙ නෑ, මේ වෙනකල් එහෙම කරලත් නෑ.

    @Chanaka Aruna Munasinghe,

    "මේකත් හරියට අර ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම වගේද මන්දා ????? " සමහර විට ඔය ස්ංකල්ප දෙකෙ සම්බන්ධයක් නැති වෙන්න බෑ. මොකද ජේසුස් වහන්සෙ කාශ්මීරෙ තමන්ගෙ නෑයින් ගාව ඉඳන් බුදු ධහම හැදෑරුවයි කියල මං කොලට් සේනානායක පරිවර්තනය කරපු පොතක කියවල තීනව.

    @ Hasitha,

    ගොඩාක් ස්තූතියි කරපු දීර්ඝ පැහැදිලි කිරීමට. නොදන්න දේවල්, අමතකව ගිය දේවල් ගොඩක් තිබුන. ඔය කතාව මං අහපු බණට වඩා ගොඩාක් තාර්කිකයි.ඔය ධාතු ප්‍රිනිර්වානය වෙන දවස/කාලය කියන්නෙ අපේ සූර්යයාගෙ අවසාන මොහොතමද!

    ReplyDelete
  7. මට මතක විදිහට එහෙම තමා. සූර්යා විනාශ වෙද්දී උපරිම ශක්තිය නිකුත් කරනවාලු. ඒ කියන්නේ තියෙන ප්‍රමාණයටත් වඩා ලොකු ශක්තියක්. එහෙම බලද්දී ඉරවල් 7 ක් පායනවා කිව්වේ ඒකට වෙන්න ඇති.

    මෙහෙම වෙන ලෝක විනාසෙත් එක්ක තමා ධාතු පරිනිර්වාණෙත් සිද්ධ වෙන්නේ.

    කිව්වත් වගේ බණ දහම් හොඳට දන්න තරිඳු හා මාරයා කියන අයියලා ඇවිත් නැහැනේ තාම මොකවත් කියන්න

    ReplyDelete
  8. අනෙ අම්මෙ මෙක කියන්න ලජ්ජා වෙන්න ඔන නැහැනේ..
    මම ඇවිල්ලා වයස විසි හතරෙදි මහණ වෙලා විසි නවයෙදී සිවුරු ඇරපු එකා.
    පින්කමකදී ඇර පිරිවෙනකට බඩගාලා නැහැ.
    කියවන්න කියලා මහ ගොඩාක් පොත් මහණ උන පන්සලේ තිබුණේත් නැහැ.
    පස්සේ කාලෙක සම්පූර්ණ ත්‍රිපිටක පොත් වහන්සේලා පනස් හතම මිලට ගෙන පන්සලේ තැන්පත් කරලත් ඔක්කෝම ටික කියවලා ඉවර කලෙත් නැහැ.
    අනික මම කවදාවත් කියවපු දේ අවබෝධ කරගන්නයි අවබෝධ උන ටික අමාරුවෙන් හරි පිළිපදින්නයි, ගැටළු ඇති තැන් පිළිබඳව නිවැරදි කරගන්නයි බැළුවා මිස මිසක් කට පාඩම් කරන්න උත්සහ කලෙත් නැහැ.

    ඒ නිසා අහවල් දේ අහවල් තැන මෙහෙම තියෙනවා කියලා කියන්න මට බැහැ.
    සමහර දේවල් තැන් දෙක තුනක තියෙනවා..

    ඉතින් මෙ කියාපු කාරණය ගැන කියනවා නම් මාත් ඔය කථාව කියවලා තියෙනවා..
    හැබැයි මට මතක විදියට සද්ධම්ම රතනාවලියේ සඳහන් වන අනාගත වංශ දේශනාව කියන කොටසේ තමයි තිබුනේ..

    සිදුවන පිළිවෙල හසිත සහෝ කිවුව විදියට තමයි සඳහන් වෙලා තියෙන්නේ..

    ඔය පිළිබඳව මගේත් යම් යම් අදහස් තියෙනවා..
    නමුත් මගේ සියල්ල හරියාකාරව දැනීමෙ හැකියාවක් මා දන්නා තරමින් තවමත් මා සතු නොවන නිසා ඔය සිද්ධිය ගැන මගේ අදහස් ඒ තරම් වැදගත් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

    අර ඉරවල් හතේ කතාව ගැනත් මම හිතනවා මෙහෙම..

    දැන් මෙ අපේ ග්‍රහ වලල්ලේ ග්‍රහයින් විවිධාකාර වෙගයන්ගෙන් ගමන් කරලා සමහර වෙලාවලදී එක් තැනකදී යෝග වෙනවා වගේ..

    අපේ වාගෙම ඉරක් සහිත අනිකුත් සෞරග්‍රහ මණ්ඩලත් මෙ අනන්ත වූ චක්‍රාවාටය තුල කැරකිලා යම් කිසි දවසකදී ටික කාලයකට හෝ ආසන්න ස්ථානවලින් ගමන් කරන දිනක් ඇති වෙන්න පුළුවන්..
    එදාට එහෙම සූර්යයන් හතක් සහිත සෞරග්‍රහ මණ්ඩල හතක් සමීපව යන දවසකදී ඔය කියන දේ වෙන්න පුළුවන්..

    ධාතු පරිනිර්වාණයත් එලෙසම විය හැකියි.
    මෙ ලොකය තුල විය නොහැකි කිසිවක් නැති බව මගේ විශ්වාසයයි. හැබැයි ඒ ඔනම දෙයක් අපට ඔන දිනට නොව එයට ඔන දිනට සිදු වන නිසා ඒ සම්බන්ධව වැඩියමක් අපට කල නොහැකියි..

    තවත් දෙයක් මොන පොතේ තිබුණත් අපට නිවනට අවශ්‍ය ටික ඇර තියෙන තරම් ඔක්කෝම ඔළුවට දාගත්තොත් නිවනත් කල් යනවා ඇර වෙන සිද්ධ වෙන සුගතියක් නැත.
    මෙ කරුණත් එසේම වන දෙයක් හැර අන් කවරක්ද..?

    කොලට් සේනානායක ලාගේ ඔබ කියූ පොත ජෙසුස් නම් වූ බුදුධ ශ්‍රාවකයාණෝ කියන පොතද..?
    නැත්නම් ජෙසු අනුව පාද තබමු පොතද..?

    ReplyDelete
  9. මාරෙ,
    බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් යාම ගැනත් අවංක අදහස් වලටත්. මම කිව්ව පොත ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ කියන පොතයි. අර අනික් එක මන් කියවල නැහැ. ආපු වෙලාවක හොයල බලන්න ඔන්න ඒකත් ලිස්ට් එකට දා ගත්ත, නැවත වාරයක් ස්තූතියි.

    ReplyDelete
  10. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක "යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ" පොතට අමතරව "යේසුස්: දේව පුත්‍රයෙකු කළ බුද්ධ පුත්‍රයා" කියලා පොතකුත්, "ඊසොප්: ක්‍රිස්තියානිකරණයට ලක් වූ බෝසතාණන් වහන්සේ" කියලා පොතකුත් ලියලා තියෙනවා.

    ඒ වගේම ඉස්ලාම් ආගමේ මොහොමඩ්තුමා ගැනත් මක්කම තිබෙන සිරි පතුල ගැන කියන "අල්ලාහු අක්බර්" කියලා පොතකුත් ලියලා තියෙනවා.

    ඒ හැරෙන්න භද්‍රජි මහින්ද ජයතිලකත් "යේසුස් ඉන්දියාවේ විසූ වගයි" [මට මතක විදිහට] පොතකුත් ලියලා තියෙනවා .ඒ වත් කියවලා බලන්න අයියා පුලුවන්කමක් තියෙනවා නම්

    ReplyDelete
  11. @ හසිත

    බොහොම ඉතූතියි මලේ ඔත්තුවට. මම භද්‍රජී ගෙ පොත් කියවල තීනව, ඒත් අනිත් ඒව ඇහුවෙ අදයි. ඔයාගාව ත්හිනවනම් මට බලල ඕවගෙ ප්‍රකාෂකයො කවුද කියල පොඩ්ඩක් දන්වන්න, ඒත්කොට හොයා ගන්න ලේසියි.

    ReplyDelete
  12. පොතේ තියෙන්නේ ප්‍රකාශකයෝ හැටියට බෝධි සභාව, තාරණ, උඩවෙල කියලා. හැබැයි ඒ පොත් හුඟක් තැන්වල තියෙනවා. මම ගාව තියෙන අල්ලාහු අක්බර් පොත ගත්තේ සරසවි book shop එකෙන්.

    නාරද කරුනාතිලකගේ e mail address එක දාලා තියෙනවා ඒකෙන් වැඩි විස්තරයක් ගන්න පුලුවන් වෙයි.
    nkarunathilaka@yahoo.com

    ReplyDelete
  13. @ Hasitha,

    ගොඩාක් ස්තූතියි මේ තොරතුරු වලට...

    ReplyDelete
  14. ඔය කියන බමුණා ධාතු ටිකක් යටි මඩි ගහගත්තා නේද?

    ReplyDelete
  15. කසූත් කතාව දන්නවා වගේ :)
    බමුණා දන්ත ධාතුවක් ජටාවේ හංග ගන්නවා. මේක දැකපු ශක්‍ර දෙවියෝ දන්ත ධාතුව බමුණාට නොදැනෙන්න අරන යනවා.

    පස්සේ බමුණා ජටාව බලද්දී දන්ත ධාතුව නැහැ. එයා අන්තිමට ධාතු බෙදන්න භාවිතා කරපු භාජනය [ද්‍රෝණය] පූජනීය වස්තුවක් විදිහට සලකලා චෛත්‍යයක තැන්පත් කරලා වන්දනා කරලා තියෙනවා.

    ReplyDelete
  16. @ කතන්දර & හසිත

    ඒ හාමුදුරුවො දේශනා කරපු විදියට, බමුණ දළදා වහන්සෙල දෙනමක් හංගගන්නව. ජටාවෙ හංගගන්න එක තමා දෙවියො ආයි උස්සල ගිහින් සිළුමිණ සෑයෙ නිධන් කරන්නෙ. අනිත් එක පස්සෙ බිම දාල කකුලෙන් පාගගෙන හංග ගන්නව. ඒක පොළව යටින් ආපු නාගයො ගෙනේහින් නාග ලෝකෙ තියන් වන්දනා කරද්දි, සෝමාවතී දේවිය ඒ චෛත්ය හදද්දි නා ලොවින් ගෙනැල්ල අපේ ඔය පොළොන්නරුවෙ තීන සෝමාවතී චෛත්යෙ නිධන් කරනව. එතකොට අපිට විතරක් දළදා දෙකයි. එහෙම තමා මම එදා අහපු බණේ තිබ්බෙ!

    ReplyDelete
  17. මට නං හිතෙන විදිහට මෙතන තියෙන්නෙ සාහිත්‍ය , නමුත් අපි ඉතිං පෘතග්ජනයොනෙ ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails