Tuesday, February 11, 2014

කිම්බ (ර්) යනු කුනුහරුපයක් නොවේ.....!


 
එක දිගටම සැහැල්ලුවෙ "බර කතා"  ගිය නිසා පොඩි සැහැල්ලු කතාවක් ලියන්න හිතුව. මේකත් අපේ ලොකු උන්දැ නොහොත් ලොකු බාහුගෙ තවත් ඉල ඇදෙන ස්ටෝරියක්.

මිනිහ ඉඳ හිට ඔහොම හොඳ කතා කියනව. දැන් අය්ය එක්ක මල්ලිත් සෙට් වෙලා තත්වෙ තවත් දරුණුයි.

ඒ ගොල්ලො අහන සමහර ප්‍රශ්ණ සහ කියන කතා වලට අපිට තමයි කට උත්තර නැති වෙන්නෙ.

දවසක් මම ලොකු බාහුට කියල දුන්න ඔය කොන්ක්‍රීට් පම්ප් වල මොනා හරි තාක්ෂනික කරුණක් ගැන. එයාට අමතක වෙලා ආයි දවසක් ඒ සිද්ධියම දැකල මගෙන් ඇහුව "තාත්තෙ ඇයි එක එහෙම වෙන්නෙ" කියල.

ඉන් පස්සෙ උන දෙබස් ටික තමයි මේ..

මම - ඇයි පුතේ එදත් මම ඔයාට කියල දුන්නනනෙ ඕකම මතකද අර අපේ ගේ ගාව බිල්ඩින් එකට කොන්ක්‍රීට් දාන්න ආපු දවසෙ?

බාහු - ඒ උනාට මතක නෑ, තාත්ත ආයි කියන්න.

මම - එහෙම බෑ, ළමයි උනාම මතක තියාගෙන ඉන්න ඔනෙ. දැන් බලන්න තාත්තට මතකයි ඔයාට කියල දුන්න කියල, ඒත් ඔයාට මතක නෑ ඒ කියපු දේ!

බාහු - ඉතින් තාත්ත ලොකුයිනෙ, මම තාම ග්‍රේඩ් වන් නෙ

මම - එහෙම නෑ, අපිත් ග්‍රේඩ් වන් ඉන්නකොට ඔය වගේ දේවල් කියල දුන්නම එකපාර මතක තියා ගන්නව. මතක නැත්තං කොහෙද ඉස්කෝලෙ වැඩ කරගන්නෙ.

බාහු - ඉතිං තාත්ත වෙනස්, අය්ය වෙනස්නෙ ( එයා අය්යා නිසා තමාව හඳුන්වාගන්නේ අය්යා කියලයි ).

මම ( තරමක කුතුහලයකින් ) - ඒ මොකද ඒ වෙනස්?

බාහු -  ඇයි තාත්ත ඉපදුනේ ආච්චිගෙ බඩෙන්, අය්ය ඉපදුනේ අම්මගෙ බඩෙන්. ඉතින් කොහොමද එක වගේ වෙන්නෙ?

මම - ( හිනාව කට පුරවාගෙන කහිමින් ) හ්ම් හ්ම්



මෙන්න ඊළඟ කතාව,

බාහු ඉස්කෝලෙ නර්සරි එකෙන් ප්‍රයිමරි එකට ගියාම ඉස්සර හිටපු ළමයි වෙනස් වෙලා අලුත් ළමයි කට්ටියක් එක්ක තමයි වැටිල තිබුනෙ. ඉතින් ඒ ළමයි මොන රටවලද කියල පුතාට නොතෙරුන නිසා නමෙන් හොයා ගන්න මම උදව් උනා වගේම අපේ වැඩේ සෑහෙන්න හරි ගියා.

පුතා නමයි පෙනුමයි කිව්වම මම රට කියනව.

ඇලෙක්සිස් කියන්නෙ ග්‍රීක් කීවට සයිප්‍රස්, ඒත් ආසන්න වශයෙන් හරි. මාරියෝ කිව්වම මම කිව්ව ඒ පිලිපීන් වෙන්නැති කියල හරි. වැරදුනේ ඩිඈන් කියන නම විතරයි, මොකද එයා ඩිඈන් ඩි සිල්ව :D

කොහොම හරි ඔහොම ගිහින් ටික දවසකින් ඔය පන්තියෙම ඉන්න තවත් ලංකාවෙ ළමයෙක්ගෙ අම්මල තාත්තල අපේ ගෙදර ඇවිත් අනෙක් කතා අස්සෙ පන්තියෙ ළමයි ගැනත් කතා උනා.

මේ වෙලාවෙ පුතත් හිටිය එයාගෙ යාළුවත් හිටිය අපි එක්කම. ඔතනදි අර ඉන්න ළමයින්ගෙ ජාතිකත්ව ගැන කියද්දි අපේ හමිනේ ඉඳන් කිව්ව "මෙන්න මේ දෙන්න එකතුවෙලා ඔක්කොම ළමයින්ගෙ රටවල් හොයාගෙන තිබ්බ" වගේ කතාවක්.

අම්ම එක කියනවත් එක්කම වගේ එක පාරම අපේ බාහු..

ආ මට අමතක උනානෙ තාත්තෙ අහන්න... තාත්ත දන්නවද කිම්බ මොන රටේද කියල?”

මහා හය්යෙන් කතා කර කර උන්නු අපේ සභාව නිකං හිරෝශීමා බෝම්බෙට පස්සෙ වගේ නිෂ්චල උනා..!

ඕගොල්ලන්ටත් හිතා ගන්න අමාරුද පොඩ් එකගෙ ප්‍රශ්නෙට උත්තරේ? එහෙනං මෙන්න පහලට ගිහින් බලල මොන රටේ වෙන්නැතිද කියල කියල යන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
 .
.
.
.
.
.
.
.
.


ගෑණු දරුවෙක් නිසා සම්පූර්ණ පින්තූරෙ දාන්න වෙන්නෙ නෑ )


බාහුගෙ පරන කතා

සිංහ බාහුගේ සිංහටෝක්!


පුතා තාත්තාට පැම්පර්ඇන්දවූ හැටි!




ප/ලි

රාජ් ගෙ අදහසක් උපුටගෙන මාතෘකාව වෙනස් කරා. හේතුව අගත අනගත ජහමන හිතසුව පිණිසය ( හිට්ස් වැඩිකරගන්න නොවේ :D )

Saturday, February 1, 2014

මිනිය මිනිහට වඩා බර වැඩිද?



මිත්‍යාව පිලිගන්න අපේ රටෙ විතරක් නෙමෙයි දකුණු ආසියාවෙම මිනිස්සු බොහොම කැමතියි.

සමහර විට මේ ඇහැට පේන සත්‍ය වෙනුවට මහා මිත්‍යාවක් කරපින්නගන්නව. එක අතකට මොන හෞතික විද්‍යාව ඉගෙන ගත්තත් බටහිරයොත් නොපෙනෙන දෙවියන් කෙනෙක් ගාව ගිහින් පිහිට ඉල්ලන එක පවා මිත්‍යාවලට රැවටීමක් නෙමෙයිද කියල කෙනෙක්ට අහන්න පුලුවන්.

එහෙම තත්වයක් උන ඇයි අපේ අයට විතරක් බනින්නෙ කියල තර්කයක් ගේන්න බැරි කමකුත් නෑ.

ඇත්ත. මිනිස්සු මිත්‍යාව වැළඳ ගන්න ගියාම සීමාවක් නෑ, තරා තිරමක් නෑ. කරුමෙකට වගේ ලංකාවෙ ඕක ලොක්කගෙ ඉඳල සොක්කො දක්වාම තදින් පැතිරිල. එක අතකට ගුරා හිටගෙන කරද්දි ගෝලයො උඩ පැනං කරන එක අහන්නත් දෙයක්යැ.

මම දැන් මේ කියන්නෙ තවත් ඒ වගේ අපි අතරෙ මුල් බැහගත්තු එක බොරුවක ඇත්ත ගැන මගේ අදහස. මේකත් සුපුරුදු විදියටම සංවාදයට විවෘතයි.

මීට ටික කලකට කලින් මම එක බ්ලොග් එහෙක කමෙන්ට් අතරෙ දැක්ක "මළ මිනියක් උස්සනකොට සාමාන්‍ය මිනිහෙක් උස්සනවට වඩා ලොකු බරක් දැනෙන්නෙ ඇයි" කියන දේ ගැන පුදුමය දනවන විදියෙ සාකාච්ඡාවක් ( මැක්ක නෙමෙයි රාජ් ).

ඇත්තටම එක දැක ඒ වෙලවෙ මට හිනා ගියත්, යමක් කියන්න තත්වයක් නොතිබ්බ නිසා සද්ද නැතුව හිටිය.

ඔය මළ මිනී බර වැඩි වෙන එක ගැන මගෙ අදහස මේකයි.

ඕකෙ මූලික දේ තමයි, අපි බහුතරයකට තියෙන්නෙ මල මිනියක් උස්සපු අත්දැකීම නෙමෙයි, දෙනක් එහෙම නැත්තන් මිනිය දාපු පෙට්ටිය උස්සපු අත්දැකීම. එතකොට අපි බර වැඩියි කියන්නෙ නිකම් සරළ ඇඳුමක් ඇඳපු පන ඇති කිලෝ හැටක් හෝ හැත්තෑවක් විතර බර සාමාන්‍ය ප්‍රමානයෙ මිනිසෙක් උස්සපු අත්දැකීම එක්ක අර දෙනක් උස්සපු වෙලේ දැනුන බර සසඳලයි.

ඔන්න දැන් කියන්න පුලුවන් කෙනෙක්ට, පෙට්ටිය කියල ඉතින් ඔය තරම් බර වෙන්න පුලුවන්ද කියල.


ඔව්. ඒක එහෙම වෙනව. ඒ ඇයි කියල බලන්න ඔය උඩ තීන පින්තූරෙ උදවෙ වෙයි.

සමාන්‍යන් වඩු වැඩ ගැන අත්දැකීමක් තියෙන අය දන්නව මිනී පෙට්ටි හදන්න ගන්නෙ වල් ලී එහෙම නැත්තන් සාමාන්‍යෙන් ගෘහ භාන්ඩ හදන්න නොගන්න ලී වර්ග කියල. ඒ අතරෙ වැඩිපුරම තීන්නෙ අඹ ලී ( රට අඹ නෙමෙයි ), ඇල්බීසියා වැනි ලී වර්ග. මේවා කිසි විටක පදම් කර නැති නිසා ලීයෙ පවතින ජල පරිමාව ඉතා අධිකයි.

සමාන්‍යෙන් පදම් නොකල ඝර්මකලාපීය සැහැල්ලු ලීයක පරිමාව/ ඝනත්වය කියුබික් මීටරයට කිලෝ 800ක් විතර වෙනව. එතකොට ඒ මිනී පෙට්ටි හදන්න ගන්න ලී උනත් අර තරම් වතුර සහිත උනාම පස්සෙ ඇද ගහන නිසා කපල පවනෙ වේලනව. මේ ක්‍රමයට සතියක් විතර ලී කපල අව්වෙ තියල තමයි වේලන්නෙ.

ඔය මොරටුව හොරෙතුඩුව පැත්තෙ ගියානං මේ විදියට මිනී පෙට්ටි හදන ලී මඩු තාප්ප වල හේත්තු කරල මෙහෙම ලී වේලනව.

ඉතින් ඔහොම වේලන ලී වල වතුර අඩුවෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයයි. ඒතනදි ඒක උපරිම කිලෝ 800 විතර ඉඳල 700 විතර තමයි බහින්නෙ. මොකද සාමන්‍යෙයෙන් හොඳට යන්ත්‍රානුසාරයෙන් වේල ගත්තත් ඔය ලීයක බර කිලෝ 500 ත් 600 අතරෙ තමයි තීන්නෙ.

ඉතින් ඔන්න ඔය තරම් බර ලීයෙන් තමයි අර උඩ තීන පෙට්ටිය හදන්නෙ. ඔය පෙට්ටියට දළ වශයෙන් යනව ලී කියුබික් මීටර් 0.12 විතර. ඒ කියන්නෙ පැති හතර, අඩිය, පියන, බොරදම් යොදා සකස් කල පටි සහ ඇතුලෙ ආධාරක පටි විදියට.

ඉතින් මේ විදියට ගත්තම පෙට්ටියෙ බර විතරක් වෙනව කිලෝ 80 විතර. ඉන් පස්සෙ ඕකට තව එකතුවෙනව අඩියට දානපිදුරු බර. මොකද මිනී පෙට්ටි අස්සට දාන්නෙ කොළඹනං අහක දාන රෙදි කෑලි. ගං වලනං පිදුරු. මේවත් තරමක බරයි.

මේ සේරම එකතු උනාම පෙට්ටිය විතරක්, මළ මිනිය නැතුවම බර වෙනව කිලෝ 110 විතර. ඕකට තව කිලෝ 65ක විතර කෙනෙක් දාල ගත්තම ඔන්න හරි ගාන. කිළෝ හැට පහේ  මිනිහ මෙන්න තුන් ගුනයකට කිට්ටු වෙන්න විතර බර වැඩිවෙලා!

දැන් මේ කිලෝ 175 ක් විතර වෙන දෙන උස්සන්නෙ කීප දෙනෙක්. හැබැයි මේ හැමෝම එක උස නෙමෙයි. එතකොට උස අයට නිකම්ම වැඩි බරට කරගහන්න වෙනව. ඒ එක්කම එක උස උනත් ඔය හැම තැනම වගේ "කර ගහන" බව පෙන්නල "කර අරින" අයත් ඔය ගොඩේ ඉන්නව.

ඉතින් ඔය ඔක්කොම හේතු නිසා තමයි අපිට මේ කිළෝ හැට පහේ මිනිහ මැරිල පෙට්ටියෙ දාල උස්සගෙන යනකොට මහා බර එකෙක් වගේ දැනෙන්නෙ. එහෙම නැතුව මිනිහ මලාම තව කොහෙවත් යන ගොබ්බ භූතයෙක් ඇවිත් ඒ පෙට්ටිය උඩ ලැගන් ඉන්න නිසා නෙමෙයි.

අනෙක ඒක එහෙමනං ඔය සුනාමියෙන් කට්ටිය මල වෙලාවෙ අර ආමි එකේ කොල්ලෙ ගෝන් කෑලි ව්ල දාන් කොන් දෙකෙන් අල්ලගෙන දෙන්නෙක් එක ගානෙ පැරෑලියෙ මිනී ගෙනාව වැඩේ කරන්න වෙන්නෙ නෑ. ඇයි ඉතින් දෙන්නට උස්සන්න බැරි වෙනවනෙ එක මිනිය.
.

Friday, January 24, 2014

මා නොතලන් බොරු කියා...!

බ්ලොග් ලොව රෙජිස්ටර්ඩ් හොර ගෙඩියා මාතලන් විසින් මට අභියෝගයක කර ඇත. ඒ මා උගේ පෝස්ට් කටුවේ දමා ඇති බලාගාර රිපෝර්ට් එක ටැක්නිකලි වැරදියැයි කියාවියි කියනු ඇති බවත් එනිසා පරෙස්සම් වනු බවත්ය.

එම්බා කෙළ තොල්ල. තා කෙදිනක මා හා සටනට වැද ජයගම්ද මෙවන් සුරු හරු කම් ගැන කතා කොටැ?
මා ඉපදී ඇත්තේම බ්ලොග් ලොව වසුරු සුරු වෙන්කොටැ, දුහනන්ගේ ඇස්පෑදීමේ වරම් ලත් සඳුන් ගැටැය අතැතිවයැ. ඒවන් කලෙක නුඹ මේ මුසා දොඩමින් වැදූවන් ඉදිරියෙහි කොළොම්බු ලන්නා සේ බාල වැඩ කරන්නේ කිම්ද?

ඉදින්, සකල ගජ චක්‍ර මර්ධන භාස්වර කේශර සිංහ වික්‍රමයෙන් යුත් මේ උපශාන්ත තෙමේ, රඹ වනෙයට වැදි අසිතයකු මහා රඹ තුරු සිය තියුණු අසිපතින් හෙලා දමන්නාක් සේ අද තොප විසින් කරන්නට යෙදුනු මේ දුර්මථයන්  දියෙන් ක්ශීරය වෙන්කරන්නා සේ හැර පියාලනු බලව.

තාප බලාගාරන්ම් වුයේ,

මේ නම් ව්ජ්ජුලතාවන්ගෙන් නොහැකිවූ විදුලිය අප මහා රජුන් සහ රාජිනියන් වහන්සේලා විසින් ස්වකීය උත්කෘෂ්ඨ ඥානය මෙහෙයවා යන්ත්‍රයෙන්ම කරවන්නට තැනු යමෙක් වෙයි.
මෙයටැ "තාප බලාගාර" නම් දෙන්නට හේතු විමසන්නට පළමු එහි විදුළි පුඟු නගන්නාවූ මහා යන්ත්‍රයා පිලිබඳ අර්ථ විභාග කොටැ දිය යුතුයැ.

නගර මැද, බොහෝ අවශේශ ජනී ජනයා මැද පිහිටුවා, උනුන්ගේ කරදරයෙන්ද කරච්චලයෙන්ද මිදෙනු වස් හතර වටින්ම “තාප්ප” ගසා කොටු කර ඇති හෙයින්ද, මෙහි ඇති, එදවස අප මහරජෝත්තමයනන් වූ රාවණා නිරිඳුන් සිය ගමණා ගමනයට සහ දඬු මොණරයට ලූවා වූ අද තෙපි "එයාර් කූලින්" නොහෝත් වායුවෙන්ම සිසිල් කරන මහා යන්ත්‍රයෙකින් විදුළි පුඟු සේ පිට වෙන්නා වූ මහාර ඌෂ්න වායු ධාරා ඇති හෙයින්ද මේවා "තාප බලාගාර" නම් වේ.

තවද වායුවෙන් සිසිල් කරන මහා යන්ත්‍රයන්ට අවැසි සුළං හොඳින් හමනා කැළනි ගං තෙර සහ නොරොච්චෝලේ මේවා පිහිටුවා ඇත්තේ අප නිරිඳුන් සතු තුන්කල් දැක්මේ වාසනා මහිමයෙන්මයැ. එකල්හි මේ බලාගාරයන් මෙයින් හරවා ගොස් දිය යටැ හෝ වැසි අධික නියම් ගම්හි තනවන්නට තතනනුයේ මාතලන් යැයි කියා ගන්න හොර දෙටුවාගේ රටට වින කැටීමේ හිසින් හා, අර්ථ චර්යාවෙහි ක්ෂීන වූ මහත් ගුණමකුවූ අමන්ත්‍රී සිතින් යැයි පැහැදිලි නැත්තෝ කවරහුද?


ජල විදුලි බලාගාර.

තාප්පයෙන් වටැවූ බලාගාර තාප බලාගාර වන්නේම, ජලයෙන් වටැවූ බලාගාර ජල විදුලි බලාගාර වන්නේමයැ.

මෙහි වැළිත් ජලය කුමට ලන්නේදැයි නොදන්නා දුහුනන් හට මෙසේ පැහැද්ලි කරවම්හ.

අප යනෙන මහා මොටරථයන්හි ඇංජිමට මඟ උණුසුමින් මිදී සුවයෙන් සිය කාර්‍යය කරන්නේ වස් තෙළ වන්නාවූ රෑඩියේටරය නම් උපකරනයේහි ඇනය හැරපියා පිරිසිදු අඹ ලන්නේ කෙසී වීද එසේම මේ මහා විදුළි පුඟු නගන්නාවූ යන්ත්‍ර රාජයාටද සිසිළස අවැසි දිය තෙල වන්නාවූ මහා තඩාගයෙහි ලන්නාවූය. ඉදින් ඒ හෙයින් දියෙන් සිසිල් වන්නවූ, නො එසේනම් "වෝටර් කූල්න්සිස්ටම්" ඇත්තාවූ එම බලාගාර "ජල විදුළි බලාගාර" වන්නේ වියැ.

ඉදින් මතුද තෙපි සිත්හි කිසිත් ශංකා වේ නම් මා පුත මෙහි පහත කොටුවෙහි කොටා යන්නේ, මා ඉසිඹු ලූ සැනින් නිසි ලෙස අර්ථය හැර පියා ගන්නට උදව් වන්නේමය.

LinkWithin

Related Posts with Thumbnails