Monday, September 1, 2014

ඔබ මෙය පිළිගනියිද.......? A mystery revealed..!!!

සත්‍ය ප්‍රබභන්ධයකට වඩා විශමජනකය...............!

මෙය ප්‍රබභන්ධයක් නොවේ. සමහරවිට ඔබ කිසිසේත් පිළිනොගන්නා තරම් විශ්මයජනක සත්‍ය කතාන්තරයකි. ඉදින් ඔබේ විශ්වාසය ගැන නොසලකා හෝ මා මෙය කිව යුතුමය.

...........

වනයේදී නිහඬ රාත්‍රිය නොව දහවලය.

හිරුගේ දාහයෙන් බේරී අතු අස්සේ සිටිනා සද්දන්ත ඇතුන් කුංචනාදකරමින් දියට බසින්නේද, වවුලන් බස්සන් සහ කුඩා රැහැය්යන් පිරිවරාගත් කුරුළු සහ කෘමී ගනයාගේ පංචතූර්‍යනාදය ඇරඹෙන්නේ ද හිරු බැසයාමත් සමගමය.

එහෙත් එදින බියකරු ගුප්ත වනය වෙනස් වී ගිය සෙයකි. මහලේනම මහ වනයේ සිය අණසක පතුරුවා සිටි වැදි රැහේ සියල්ලන්ටම එය දීර්ඝ නිහඬ රැයක් විය. වෙනදා දොඩමලු වැදි මහල්ලන්, කුඩාවුන් පමනක් නොව, ගුහාවේ අවට රැහැය්යන් බස්සන්ද ත්‍රස්තවී ගොළුවය.

නියපොත්තක් වන් අව පස සඳ හැකි උපරිමයෙන් වනයට එලිය දෙන්නට වෙර යොදමිනි. ඇගේ තනියට එබෙන තරුද වෙනදාට වඩා බොහෝ මලානික පැහැයකින් යුක්ත විය. රෑ අහස හැඩ කල වළාකුළුද කොහෙදෝ පාවි ගොසිනි.


අඳුරු ගල් ගුහාවේ පියස්ස මත රැඳි කුඩා ගස් මතට වෙනදා එන වවුලන්ද නොආ සෙයකි. කුඩා එළි විහිදවූ රෑ බදුල්ලන්, කණාමැදිරියන් මියැදුනා වැනිය.ගුහාවෙන් පහත කුඩා පඳුරු අතරේ මීමින්නෙකුගේ, සාවකුගේවත් සෙලවීමක් නැත. කොටින්ම මෑත පෙනෙනා දිය වළෙහි වෙනදා යන එන මුවකුගේ හෝ අලියකුගේ හඬවත් නැතිවිය.

සත්‍ය වශයෙන්ම එය නිහඬ බියකරු රැයකි. මහ ලේනම මහ වනයෙහි අඳුරෙන් නොවැසුනු සියළු හිස් තැන් බියෙන් සහ නිහඬතාවයෙන් පිරී ගොස් ඇත.

දැවෙන දර කැබැල්ලකින් එන පටස් හඬත් සඟවා ගුහාව දොරකඩ දැල්වෙන මලානික ගි න්න සදන  සෙවනැලි  තැන් තැන් වල ගල් ගෙඩි සේ වකුටුවී සිටින වැද්දන්ගේ සිරුරු මත නටන්නේ දත් විළිස්සාගත් යකුන් මෙනි.

අඳුරේ, නිහඬතාවය හා ගුලිවූ වැද් දෝ, එදින දහවල් දඩයමක ගිය තම රැහේ හය්ය-හත්තිය ඇති නාම්බෙකුගේ අතුනුබහන් ඉරාගෙන කා දමා තිබූ, අත්ගොබ වල මස් හුරාගෙන, හිස පලා මොළ කැබලි පවා හූරාගෙන තිබූ ඒ අතිශය භයංකාර දර්ශණය සිතෙන් දුරු කිරීමේ දුර්වල උත්සාහයක  නිරතවෙමින් සිටියහ.

බොහෝ කලෙකට පසු තමන්ට යලිත් පැමිණි මේ විපත, වැදි රංචුව ත්‍රස්ත කර තිබේ.

තමන්ට වනයේ සිටින ලොකුම සහ භයානකම හතුරා යලිත් වරක් රැහේ උන් මරා කන්නට පටන්ගෙන තිබේ.මෙයට පෙරද වැද්දන්හට තම ගල් ගුහා වෙනස් කරමින් පලා යන්නට සිදුවූ ශාපය නැවත උන් ලඟටම පැමිණ ඇත.

අඩි තුන හතරක පමන උස්වූ ශක්තිමත් දෑත් දෙපා හිමි මේ අමුතු සතුන් නෑ යකුන්යැයි සිතා සිටි කාලය ඉක්ම ගොස් තිබුනද, වැද්දන්ට උන් කෙරේ බිය වීමට බොහෝ හේතු විය.

නූස්, ශක්තිමත් ඇඟ පතින් හෙබි මේ මොවු හු පෙනුමින් මිනිසුනට ඉතා සමාන වූහ. එහෙත් දුටුවන් බිය කරවන තරම් රෝම වලින් වැසී ගිය සිරුරින් යුතු, විසල් ඇස් ගෙඩි දෙකක් හා අඳුරු මුඛයකින් හෙබි දිගැටි මුහුණු ඇත්තෝ නිසා මිනිසෙකුට වඩා උන් යක්ෂයාට කිට්ටු පෙනුමින් යුත් සත්ව කොට්ටාශයක් බව කුඩා වැදි පැටවුන් කල කියා දුන් කතා මෙහි නිදි වර්ජිත නාඹර සහ මහලු වැද්දන් සිත් තුල තවම හොල්මන් කර යි.  මේ සතුන් ගැන නොයෙකුත් බියකරු කතා වැදි රංචුවේ කුඩා පැටව් හොඳින් දැන සිටියහ. කොටින්ම උන් වළහෙකුට හෝ කුළු හරකෙකුට වඩා මේ අමුතු සතුනට බිය වූහ.

එපමණක් නොව කැළයට නුදුරු ගම්මාන වල සහ වැද්දන් හා ගණුදෙනුවට යන එන තම්බි නානලාද කැළයේ කිසි දින දැක නැති මේ අභූත සතුන් ගැත දක්වන්නේ ඉමහත් බියෙකි .

ඉතින් මෙතෙක් කල් තමන් විසින් වනයේ ගල් මත වේලෙන්නට ද මන ලද මස් කුට්ටි යක් හෝ ගස් බෙනෙයක සඟවා තිබූ මීපැණි ලූ මස් ගාතයක් හොරා කෑමකට එහා නොගිය ඒ අමුතු බියකරු සතුන් ක ලකට පසු නැවත වැද්දෙකු මරා මස්කර ඇත.

මෙය වැදි රැහේ පැවත්මට එල්ලවූ දරුණු තර්ජනයකි!

තව දුරටත් නිහඬව සිටීමෙන් මේ අමුතු සතුන් ගෙන්  සිදුවිය හැකි හානිය ගැන වැද්දන්ට අමුතුවෙන් පහදා දීමට අනවශ්‍යය. දැන් මේ එළඹ ඇත්තේ ක්‍රියාත්මක වීමට සුදුසු සහ අවශ්‍යම කාලයයි.

තම රැහේ ආරක්ෂාව සලසාදීම වැදි රැළක නායකයා සතු පරම වගකීමකි. එමෙන්ම සියලු වැද්දන් මෙවැනි අවස්ථාවක බලාපොරොත්තුවන්නේද නායකායාගේ උපදෙස් සහ මඟපෙන්වීමයි.

මින් පෙර සිදු වූ ලෙසින් පලා යාමට හෝ මෙම අනතුරට එරෙහි නොවීමට මෙවර නායක වැද්දාටද් ඉඩක් නැති සෙයකි. එය තම තැනට එන්නට බලා සිටින්නන්ට හෝ දැනටමත් බලයට අභියෝග කරනා නහෙට නහන වැදි නාම්බන්ට ඉණිමං බැඳීමකි.

මෙනිසා නායක වැද්දාට සිය තීන්දුව ගැනීමට එම නිහඬ රාත්‍රිය බලකරමින් තිබිනි.

මලානික ගිණි මැලයේ අඳුරු සෙවණලි අතරේ කිසිවෙකු නැගී සිටි දෙසට සියලු නෙත් යොමුවිය. විධාන අනවශ්‍යය. නායකයා පසුපස අනෙක් වැද්දන්ද එක්විය. සියල්ලෝ ගිණිමැලය අසලට එක්වූයේ මුහුණු හොඳින් දැක ගැනීමට එහා ගිය කාරියක් වෙනුවෙනි.

නිහඬබව වෙලා ගත් බියකරු අඳුරු අත් මෑත්වෙමින් තිබේ. තළතුනා වැද්දන් සහ නාම්බන් සියල්ලෝ රැහේ නායකයා සමඟ ඒ ඓතිහාසික සාකච්ඡාවට එක්ව සිටිති.

මෙතෙක් නිහඬව සිටි රැහැය්යොද, ගල්වී සිටි අලිද මේ දැන් ඇහැරුනේදැයි පසෙක සිටි වැදි-ලියන්ට නොසිතුනා නොවේ.ඇකයේ සිටි කුඩා පැටව් සැපට නිදත්දී අම්මලාගේ සමාගමයද රැහේ පසෙකින් රැස්විය.

සාකච්ඡාව ගිණි මැළයද උණුසුම් කරවයි.නායක වැද්දාගේ හඬ විටෙක දැඩිය, විටෙක වේගවත්ය.

තම මහළු සැමියා සිටි ගමන් කෝපයෙන් කෑ ගසන දෙස බියෙන් බලා සිටිනා ඔහුගේ සහකාරිය තම කුඩා පැටවුන් තවත් තුරුළු කරගෙන බියපත් දෑසින් බලා උන්නාය.

ඈත අහසේ අඳුරු කලු පැහැය ලා දම් පැහැයට හැරෙන තෙක්ම වාදය ඇදී ගියේය. අවසන මහල්ලන්නගේ උපදෙස් සහ නාම්බන්ගේ පාරම්බෑම්, පූචානම් මැද සියළුදෙනම එක් සැළසුමකට එකඟව, උදා හිරුත් සමඟින් ගුහා දොර නැගී සිටියහ.

එය තරමක් අමුතු උදෑසනකි. පාන්දරම වට පොද වැස්සකින් පසු කුරුළු නාද කිසිදිනෙක නැති තරම් උස්ව නැගෙන්නට විය. වැද්දන්ගේ ගුහාව පාමුල දිය කඩිත්තේ මුවන් කිහිප දෙනෙකුම අං පටලවාගෙනය. දිය බොන්නට නොව දියට පනින්නට මෙන් දිව එන ඇතුන් දෙසවත් උන් නොබැලුවා වැනිය.

මේ අතර වැදි රැහේ නාම්බන් සැළසුමට අනුව සූදානම් වෙමින් සිටියහ.

විජිතපුර සටනට පෙලගැහෙන සේනාව තරම් සෙනගක් නුවූවද, පිරිසේ සූදානම ඊට නොදෙවෙනිය. සැවොම එක සීරුවට නිහඬවම තම කාරිය කෙරෙහිම එබීගෙනය. තැනෙක දුණු දිය ඇද බලා, වරපට තද කරන නාම් බෝ ආඩ්ම්බරයකින් තම වැඩෙහි යෙදෙති. උන් අසලම සිටි විශ ගෙඩි තැලූ දියෙහි හී ඔබන කැකුලියන්ගෙ වෙනදා එන සිනා කෝලිත්තන් විෂ ගෙඩිත් සමඟම තලා දමූ සේය. තලතුනා වැද්දන් තම දිගු හෙලි වැනි ශක්තිමත් දඬු උල් කරමින්, මී පැණි දී මිලට ගත් පිහි තල මුව තබමින් සුරුවෙති.

ඉර දෙවියන් ආපසු යෑම ඇරඹීමත් සමඟම මඟට බැසීම වැද්ද්දන්ගෙ අරමුණ විය. සියල්ල සුදානමිනි. නායක වැද්දා පෙරටුකර නාම්බන් සහ තලත්තෑනි වැද්දන් විසිපහක් තිහක් රැහේ විය. හැම අතම දුණු හී අඩු නැතිව තිබිනි. උල් පිහි, උල් වූ ලී දඬු ඈ සියලු වැදි ආ යුධ දැරූ තරුණ වැඩිහිටි සියළු වැද්දො කකියන ලෙයින් රත්වූ ජවයෙනි.

මද්දහනේ සෙවනැලි දෙතුන් වියතක් තරම් දික්වීමට පෙර ගස් පඳු රු අතර සෙවණැලි අතරින් වැදි රැහේ නායැකයා සහ පිරිස මගට වැටුනි.

සිතියම්, කඩදාසි කිසිවක් නැත. සියල්ල එකිනෙකාගේ සිත් තුල පමණි.

සැළසුම් කල ලෙසම වැදි හමුදාව වෙනදා දඩයමේ ගොස් ඉසිඹු ලන වැදිගල අසල ගල් ගස් අතරට මුවා විය. කැළයේ ඉපිද කැළයේම මියන වැද්දන් ගස් අතර නොපෙනීම අමුතුවෙන් කියාපෑ යුත්තක් නොවෙ. නමුත් අද කාරිය ඊට වෙනස් එකකි. තමන්ට සැඟවීමට ඇත්තේ තවත් කැළයේම වෙසෙන මෘග ගති සහ මිනිස් ගති මුහුවූ තම පරම සතුරාට නොපෙනීය. තමන් තරම් නොව ඊටත් වඩා වනයේ සෙවණැලි හඳුනන මේ සතුරාගෙන් සැඟවී සිටීම වෙන දිනෙක ලෙහෙසි නොවිය හැකි මුත්, වෙනදා නැති පෙර සූදානම මෙවර එය එතරම් අපහසු කර නැති සෙයකි.

සියළු රැළ වහංව සිටිත්දී, දුණු හී ගත් වැද්දන් දෙදෙනෙකු වැදි ගල මතට ඇදෙන්නට විය.

වැරදීමක් නොවේ! මෙය සැළසුමේහිම අංගයකි. තමන් දඩයමේ ගොස් වෙහෙසවී මෙම ගලට පැමිණ මදක් ඉසිඹු ලන බව උන් දන්නා බව වැද්දෝ ද දනිති. මේ නාම්බන් රඟන්නේ එලෙස වෙහෙසවූ වැදි කැකු ළන් දෙදෙනෙකුගේ ජවනිකාවයි.

මද්දහන ඉක්ම යමින්, කෙටි සෙවනැලි දික් වෙමින් තිබුනි. වනයේ දිවා කල කුරුලු රංචු තම දවසේ මෙහෙය නිම වන නද පතුරන්නට වූහ. ගිණි ගහන හිරු රැසින් සැඟවී සිටි අලි රංචු උස් ගස් අතරින් මෑත් වෙමින් මගට බසිමින් සිටියහ.

සියල්ල විය යුතු ලෙසම සිදුවෙත්දී වැද් දෝ පමණක් ගස් යට ගල් වී සිටිති.

එක්වරම වැදිගල අසල උස් ගස් මත වඳුරු රංචු කලබල විය. මෙය ගල මත සිටි වැදි නාම්බන්ටද නොදැනුනා නොවේ. කලබල විය යුතු නැත. සිතට බිය ගතිය දැණුනද, තම නිදි වෘතය රැක ගෙන සිටිය යුතුය. හෝරාවක් දිගු සේ දැනෙන තවත් මිනිත්තුවකට දෙකකට පසු, සිහින් අතු අතරින් කෑ ගසමින් වඳුරන් පලා යත්දී වෙනත් අමුත්තන් පිරිසක් වැදිගලට සේන්දුවෙමින් සිටියහ.

අඳුරු පඳුරු ගොන්නක් අතරින් හිස නැතිව වුවද රත් පැහැ ගත් කුඩා දෙපා සතරක් මෑත් විය. ඒ වන විටත් වඳුරන් පලා ගොස් නිහඬ බව ගස් අතු අරක්ගෙන තිබිනි.

පඳුරු අතරින් සීරුවේ මෑත්වූවන් දෙස  යොමුවූ නෙත් පණහකට ආසන්න පිරිස නලියමින් සිටියහ. නමුත් ඉවසිය යුතුය. මේ පැමිනෙන්නේ තමන් බලා පොරොත්තු වූ පිරිසෙන් දෙදෙනෙක් පමණි. රැයක් පුරා නිදි වරා, දිනක් පුරා සූදානම් වූ යුද්ධය ඇරඹුමට මුන් දෙදෙනා දුටුවන කලබල වීම නොමනා බව වැද්දන් හොඳින් දනී. ගල් තවත් ගස් අස්සටම ගුලි වෙත්දී, ගස් අතරින් සිහින් සුළඟක් පමණක් හමා යමින් තිබුනි.

පඳුරු අතරින් දුටු පා යුග්මයන් ජෝඩුව තවත් මඳ වෙලාවක් එහි රැඳුනේ වැදි බාන නිදි බව සැක හැර ගන්නට විය යුතුය.

වැද්දන් ගොර නින්දෙය. මී පැණි කැටයට මැස්සන් ඇදෙන වගක්වත් උන්ට නැති ලෙසකි. සියල්ල පැහැදිලිය. වැද්දන් නිදි බවට සැක හැර ගත් රුදුරු මෘග යෝ, නැවත සෙව ණැලි අතරට බටහ.

අහස රත් පැහැ ගනිමින් තිබුනද, ගස් අතරේ සිටි තරුණ වැද්දන්ට එය තම දිවියේ ඉතාම දිගු සන්ධ්‍යාව විය. කුරුල්ලන් බෑඟිරි ගාමින් කරදර නොකර කැදලි කරා නොයන්නේ මන්දැයි සිතමින්, ඉර දෙය්යන්ට යන්නට කිසි ඕනෑකමක් නැති කම ගැන දෙස් දෙමින් උන් සිටියේ අසහනයෙනි..

ඉතා දිගු හෝරාවකට පමණ පසු සෙමින් සෙමෙන් අඳුරු රැජින ගස් මුදුන් අතරින් පාවී එන්නට විය. ඉර දෙවියන් ඇයට පැරද, අහස පුරා ලේ වගුරුවමින් එක්වරම සැඟව ගිය මුත් තවම ඉතිරි රශ්මි සේනා අඳුරු රැජිනිය සමඟ දුර්වල සටනකය.

දිවියන් තම ගොදුරු වෙතද, සාවුන් තම කෙළියට ද මගට බසින, රැහැය්යන් හා වවුළන්ගේ සිත් තුටු කරවන රත්‍රිය එමින් සිටියේ තනිව නොවේ.

ගස් අතරේ සිටි වැද්දන්ගේ ඇස් දිළිසෙමින් යොමුව තිබුනේ වැදි ගල වෙතය. ඒ වනවිට නින්දෙන් අවදි වූ සෙයක් පෙන්වූ වැදි නාම්බන් දෙදෙනාගේ මී පැණි වලට ආ දිමියන් සහ කඩියන්ට අමතරව තවත් අමුත්තන් පිරිසක් ඇදෙමින් සිටියහ.

පෙර කිසිවෙකුත් නොදුටු, කොහෙන් ආවාදැයි සිතා ගත නොහැකි වූ ඒ කුඩා අමණුස්සයින්ද මණුස්සයින්දැයි සිතාගත නොහැකි ජීවීන් තම දෑස් ඉදිරිපිට දිලෙන රස මසට කුරුමාණම් අල්ලමින් එය වට කරමින් තිබුනි.

අඳුර හත්පස වෙලා සිටිමුත් සියල් ලෝම සියල්ලම හොඳින් දකිමින් සිටියහ. වැදි නාම්බන් දෙදෙනට නාසය හරහා දැනුනු අමුතු කුයිල මරණයේ පණිවුඩය ගෙනැවිත් තිබුනි. ඈතින් ඇතෙකුගේ කුංචනාදය ඇසෙත්දී මෑත බියෙන නිසලව සසලව ගිය මොහොතක් විය. දෑස් ඉදිරි පිට දිලෙන රස මසට කුඩා නූස් වකුටු තවත් මිනිස් රූප පෙලක් වට වෙමින් තිබුනි.

තමන් ඉදිරිපිට කෑමක් ඇති විට බොහෝ දෙනෙකුට වෙන්නාක් මෙන්, මෙහිදීද තමන් පසුපස ඇති අව දානම ගැන උන්ට නොදැනුනි. මේ වාමන රූප වැදි ගල මතට ලං වෙන අඩියක් පාසා තමන් තවත් මිනිස් පවුරකින් වට වෙමින් සිටි බව උන්ට නොදැනුනි.

වට කිරීම් ඉතාම ආසන්නයට එළඹෙමින් තිබුනි. තමන් වහන් වී සිටි තැනින් මෑත් නොවූවත් එකිනෙකාගෙ හුස්ම හඬ අනෙක් පිරිසට ඇසෙන තරමින් ඔවුන් ලංව සිටියහ.

මෙතෙක් ගත සීතල කල ඒ බියකරු නිහඬ බව බිඳිමින් එක්වරම උගුර යටින් නැගෙන අමිහිරි නාදයක් සමඟ අඳුරු ගස් සහ පඳුරු අතරින් කුඩා ගුලි කිහිපයක් මතුවිය. ගල මතුපිට සිටි කැකුලන් දෙදෙනාට සිතන්නටත් පෙර ඒ බියකරු හන්ඩ නැගූ සත්වයින් උන් වෙත කඩා පනිමින් තිබුනි. තව එක් මොහොතකින් තවත් මෘගයින්ට රස බොජුනක් වීමට තිබූ බිය හිසේ සිට විදුලියක්ව යත්දී වැදි කැකුලන් දෙද්නාම බියෙන් සහ කෝපයෙන් කෑ ගසමින් තමන් වෙත එන සතුරන්ට කඩා පැන්නේය..


......................................................


මෙතනින් පස්සෙ මොනා වෙන්න ඇතියි කියලද හිතන්නෙ? වැද්දො මේ වටකරේ කාවද, අන්තිම යුද්දෙන් දින්නෙ කවුද, සතුරන්ට මොකද උනේ වගේ ගොඩක් දේවල් මේ කතාවෙ තව ඉස්සරහට තියෙනව. ඒත් ඒ ටික මෙහෙම මම කියනවට වඩා, විස්තරාත්මකව දැනගන්න තියෙනවනම්?
ඇත්තටම ඒ මම නොකියපු ටික දැනගන්න ක්‍රමයක් තියෙනව. මේ කතාවෙ වැද්දො සටන් කරපු ඒ අපූරු සතුරන් ගැන ලියාපු පොතක. වැදගත්ම දේ ඒ පොත විතරක් නෙමෙයි, ඒක ලියපු කෙනත් අපි හොඳින් දන්න අයෙක් වීමත්.

Pra Jay කියන්නෙ ඉතාම රසවත් කමෙන්ටුවලට ප්‍රසිද්ධ, සිංහල බ්ලොග් වලට ආගන්තුක නැති, අපි හැමෝගෙම සුහද මිතුරෙක්. ප්‍රා ලියල තියෙන පොත් දෙකෙන් ( මම දන්න තරමට ) එකක් මෙන්න මේ මම කිව්ව වැද්දන්ගෙ සතුරො ගැන.


මහන්සිවෙලා කරුණු හොයල ප්‍රා ලියාපු පොතේ මේ අමුතු මිනිසත්තුන්ගෙ ඉතිහාසය, උන් ගැන කරපු අතීත පර්යේෂන සහ මේ සත්තු පිළිබඳ හැදෑරීමේ අවශ්‍යතාව සහ වැදගත් කම විතරක් නෙමෙයි මේ අය අපේ ගැන යටත්විජිත කාලෙත් ඉන් පස්සෙත් ලියපු පුදගල්යින්  සහ ඒ අයගෙ අදහස් ගැනත්, මේ එක්ක බැඳිච්ච ජනකතා, ජනශෘති ගැනත් සාකච්ඡා වෙලා තියෙනව.

එච්චරක් විතරකුත් නෙමෙයි ලංකාවේ මේ මිනිසත්තුන්ගෙන් එහාට ගිහින් ලෝකෙ හිටපු මේ වගේ හැංගිච්චි පිග්මි වරු සහ ඉතිහාසයේ හිටිය කියල කියන  වනචාරී මිනිස් වර්‍ග ගැන, ඉතිහාසයේ කතාවෙන අද්භූත මිනිසත්ව වර්‍ග් ගැනත් සෑහෙන තදට ප්‍රා සාකච්ඡා කරනව.


අපි මේ කියන අපේම සැඟවුන පරපුරේ උන්දැල ඇත්තටම කවුද කියන එක ගැන තියෙන වැටහීම අවුල් කරල, උන්ට තිබ්බෙ නැති ලෝම පිරිච්චි වළස් පෙනුම, ගිජුලිහිණියන්ගේ නියපොතු එහෙමත් දීල මේ අය මිනිස්සු මරල මස් කන සත්තු ජාතියක් කියල හංවඩු ගහල තියෙන එකේ ඇත්ත නැත්ත විතරක් නෙමෙයි ප්‍රාගෙ පොතේ කදිමට විස්තර කරල තියෙනව මේ අය ගැන කියවෙන කතාවල නිතර කියන දිගු නිය, ඇඟ පුරා පිරිච්චි දිගු ලෝම වගේ  විශ්මයජනක දේ ජනප්රවාද දෙකක් එකට මුහුවෙලා කපුටු පිහාට්ට හත උන වගේම වෙච්චි නොදන්නාකම නිසා ඇතිකරගත්තු මිත්‍යා මතයක් කියන එක. ඒ එක්කම තාර බර ඇරියහම නිට්ටෑවුන් කියන්නෙ තවත් දරුණු කැලෑ මිනිස් ගෝත්‍රයක් නැත්තං අනෙක් මිනිසුන්ගේ වෙන් වෙලා ගියපු අපි වගේම මිනිස් කණ්ඩායමක්ම තමයි කියන එකත් අවධාරනය කරන්නත් උදව්වෙන හුඟක් කරුණු මේ පොතේ පැහැදිලිවම පෙන්නල තියෙනව.

ඇත්තටම කිසිම සාක්කියක් නැති මනංකල්පිත රාවණා ගැන හොයන අපේ බොහෝ දෙනෙක්ට මෑතක රටේ හිටපු වගේම රවණාට වඩා ජෛව විද්යාත්මක වටිනාකමක් තියෙන අපේම නෑ පරපුරටත් ගැන මෙලෝ දැනුමක් විතරක් නෙමෙයි උනන්දුවකුත් නෑ. ඒ එක්කම අපේම තවත් අය්යල ටිකක් මේ මිනිසත්තු ටිකත් බොරුවයි මිත්යාවයි එක්ක එකට පැක් කරල පිටසක්වලට අයිති කරන්න ට්‍රයි කරනව.

එහෙම කාලෙක ප්‍රා ලියපු මේ පොතේ වටිනාකම කොයිතරම් උනත් අනෙක් හැම වතාවෙම වගේම මේ කාරණාව ගැනත් දුරට හොයන්න රටේ පුරාවිද්‍යාවට දැනෙන්නෙ අවසාන සාක්කිකාරයො වෙච්චි වැද්දො ටිකත් වඳ වෙලා ගියාමම තමයි.

ඒ වගෙම මේ ගැන උනන්දු අයට තවත් වටින ආරංචියක් තියෙනව. ඒ තමයි, මේ වගේ වැදගත් කාරනාවක් ගැන දැණුම ඉංග්‍රීසියෙන් විතරක් ලියැවිල තියෙන එකත් මේ ගැන අවධානයට සහ සාකච්ඡාවට ලක් නොවෙන්න මූලික හේතුවක් කියල තේරුම් ගත්තු නිසා  ඔන්න අපේ කුරුන්ද අඩවියෙ සෙන්නා මහත්තය විසින් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි නම් මහතෙකු එක්ක එකතුවෙලා ප්‍රාජේ ගෙ පොත සිංහලට පරිවර්ථනය කරමින් ඉන්නව කියන එක. තව මාස කිහිපයකින් එතකොට සෙන්නත් පොත් ලියන්නෙක් කියන එක අපි නිට්ටාවට කියන්න පුලුවනි.

Picture from

147 comments:

  1. කරන්ට යන ලොකු වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! සුබපැතුම් සෙන්නා හා සගයා!!

    ReplyDelete
  2. අප්පට බොල අපේ ප්‍රා.. මේකව මරන්ට එපායැ.. ජය වේවා කියමු.. සෙන්නයි ඔය කැලුමයි කියන්නේ හෙවනැල්ලයි මිනිහයිද??

    ReplyDelete
    Replies
    1. //සෙන්නයි ඔය කැලුමයි කියන්නේ හෙවනැල්ලයි මිනිහයිද//
      මල කෙලියයි! ඕක දැක්කොත් උන් දෙන්නම හරි එක්කෙනෙක් හරි උදේ පාන්දරම දෙකක් දාගනී අර දූශකද කවුද වගේ !

      Delete
    2. අපේ ප්‍රා බොක්කා … ගින්දර බොස් ගින්දර !!!!!!!!!!

      Delete
  3. අාඩම්බරයි පුතේ ප්‍ර.. එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. බ්‍ර එකට ඇතුලෙන් තියෙන එක නෙමේද එල :D

      Delete
    2. ප්‍රා
      බ්‍රා තමයි එල
      මනෝඡ්
      ඇතුලේ තියන එක එල වෙන්නේ බ්‍රා නිසා.

      Delete
  4. ඇත්තටම ප්‍රා මෙහෙම කෙනෙක් කියල දැනගෙන හිටියෙ නෑනෙ.
    සුබපැතුම් ප්‍රා ට වගේම කරන්න යන වැඩේ සාර්ථක වෙන්න කියල සෙන්නා සහ කැළුම් ට.

    ReplyDelete
  5. පස්ට වැඩක්නේ ලියලා තියෙන ටිකම ඇති මේක ගැන හොයලා බලන්න

    ReplyDelete
  6. සුභ පැතුම් ප්‍ර.ජ.... පුදුමයි කොමෙන්ටුවකින් වත් ඔබගේ මේ විෂයය සම්බන්ධව ඇති දැනුම, උනන්දුව ගැන ඉඟියක් ලැබුණේ නැහැ. ලංකාවෙන් ගෙන්නා ගැනීමට නියමිත දීර්ඝ පොත් ලැයිස්තුවට මේ පොත් දෙකත් එකතු කරගන්නම්.

    මේ පොත පළකරලාත් දැන් වසර කීපයක් ගිහින් නේද? ඒ වගේම සුභ පැතුම් සෙන්නා සහ කැලුම්, පරිවර්තන වෑයමට...

    ReplyDelete
    Replies
    1. සෙල්ෆ් ප්‍රොමෝෂන්වගේ පේන්නෙ නැතිව කතා කරන්න නම් විද්යුත් තැපැල් වැනි මාධ්යයක් අවශයිනෙ තිසර. කමෙන්ට් හරියන්නෙ නෑ ඒ වැඩේට. ස්තුතියි

      Delete
    2. // කොමෙන්ටුවකින් වත් ඔබගේ මේ විෂයය සම්බන්ධව ඇති දැනුම, උනන්දුව ගැන ඉඟියක් ලැබුණේ නැහැ. //

      ප්‍රාගෙ ප්‍රොෆයිල් එකේ ඉන්ටෙරෙස්ට්ස් වලට cryptozoology තිබුනා. මෙහෙම ලොකු සීන් එකක් දැනං හිටියෙ නෑ ඉන්දිකය කියන කම්.

      Delete
  7. ඉන්දිකගේ පෝස්ට් එකේ අන්තර්ගතය ගැන වගකීම සහ ක්‍රෙඩිට් එක (ගල්, මල්, පොල් ඔක්කොම ) ඉන්දිකට. මා හා අර අහිංසක සෙන්නා මෙහි පාඨකයින් පමණි.
    ඒක නෙමෙයි ඉන්දික අර පින්තූරෙ වතුරෙ ගිලිල ඉන්නෙ නිට්ටෑවෙකුගෙ පිලිමයක්ද? ඩෝප් මරගාතෙ බාත් එකක් දාන අලියෙක් වගෙනෙ එතකොට මේ නිට්ටෑවා කියන එකා. උන් වඳවීමට හේතුව රූපමය සාධක සමග සොයා ගැනීම ගැන ඉන්දිකට මගේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. // අර පින්තූරෙ වතුරෙ ගිලිල ඉන්නෙ නිට්ටෑවෙකුගෙ පිලිමයක්ද? //

      That's marketing mate ;)

      Delete
    2. Really? That image is for marketing? මොනවද? අලින්ට රා කළ ද?

      Delete
    3. << උන් වඳවීමට හේතුව රූපමය සාධක සමග සොයා ගැනීම ගැන ඉන්දිකට මගේ සුබ පැතුම් >>

      එතකොට අර පොතේ තියෙන්නෙ බොරුද හැබෑටම ආහ් ? :D

      Delete
    4. මාතෘකාවෙ සහ මුල් පේලි කිහිපයෙ තියෙන අද්භූත ගතිය තීව්‍ර කරන්න ඒවගේ පින්තූර තමා දාන්න ඕන. මම ඕක අල්ලගත්තෙ සහන්ගෙන් ;)

      Delete
    5. @IU,
      :-DD චැහ් නිට්ටෑවො මොක්කුද? "ශාන්ත එරෙහිව නිශ්ශබ්ද" නේ ත්‍රාසජනක නිර්මාණ ! අහක ඉන්න එවුනුත් වඳ වෙලා යනව ඒවට !
      PM?.

      Delete
    6. Pra,

      ඒ උනාට ඒකෙන් අළුත් ප්‍රාණීනුත් ඉපදුනේ :)

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. @ඉන්දික පොස්ට් එක අවසානයේදී මියුසික් වීඩියෝ එකක් දාන එක අල්ල ගන්න බැරිවුනාද?

      Delete
    9. @MKS,

      ඒක විනී ලොක්කනං අල්ලගෙන තිබ්බ. මට කොරන්න බෑ, මොකද කන්තෝරුවෙ යූ ටියුබ් වහලනෙ :D

      Delete
    10. මේ මං නං අහිංසකයා ඕං !!!! ඔයාලා කව්ද මෙයා ?? කලිං දැකල නෑ නෙවැ . :D

      Delete
    11. පත්තරේ, අන්න උඹලෑ ලොක්ක හිමීට ඇවිත් අන්තිම පෝස්ට් එක මකල මාරුවෙලා :D

      Delete
  8. දැන් මේ ලිපියෙ මුල් ටික කවුද ලිවුවෙ, ඒ ටික හරිම ලස්සනයි. සෙන්නයි ඔහුගෙ මිත්‍රයයගෙයි පරිවර්තන කටයුත්ත සාර්ථක වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඒවා තමා ඉන්දික උපශාන්තගෙ වැඩිය පෙන්නන්නැති සැඟවිච්ච දක්ෂතා..

      Delete
    2. හොර පූෂ, හංගගෙන ඉන්නැතිව ඔන්න ඔය ඉට්ටැයිල් එකේ කතාවක් ලියහන්කො.

      Delete
    3. පිස්සුද බං, කතා කියන ඒව එහෙම ලියන්න තව කොච්චර ඉගෙන ගන්න තියේද. මේක මේ නිකං පොඩි සීනි බෝල වැඩක්නෙ උඹල මට ඔච්චර බටර් ගෑවට.

      Delete
    4. @කම්මල,

      මේ කතාවෙ පෲෆ් රීඩර් කෙනෙකුත් ඉන්නව ( ප්‍ර ට අමතරව, ඒ කවුද කියන එක ප්‍රා දන්නෙත් නෑ ), ඔබේ අගය කිරීමෙන් කොටසක් ඔහුටත් අයිතියි.

      Delete
    5. Pra, නැත. ඒ පැත්තෙවත් නෙමෙයි. එයත් මෙතන කමෙන්ට් කරල තියෙනව Catch him if you can :D

      Delete
  9. එතකොට මේ ටික පරිවර්ථනය කළේ කව්ද?

    මාර යක්කු නේ ඉන්නේ බලාගෙන ගියාම.. මම කියන්නේ කැළේ නෙමේ.. බ්ලොග් ළෝකේ.. පොත් කාරයෝ වැහි වැහලා..

    මේවා නම් නියම ජාතික යුතුකම්.. සිංහයා කියනවා වගේම..

    ReplyDelete
    Replies
    1. ඔය ටික පරිවර්ථනයක් නොව ඉන්දිකගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි. ඉන්දිකට හැකියාව ඇත්තේ මට නම් මෙලෝ හසරක් නොතේරෙන ඩ්‍රයිම ඩ්‍රයි සංකීර්ණ උසස් ටෙක්නිකල් පෝස්ට් වලියට බරව ලිවීමට පමණක් නොවේ. ඔහු පලමු ගණයේ ප්‍රබන්ධ රචකයෙක් බවද පෙනේ

      Delete
    2. අපරාදේ නේ මේ යකා අර මෝඩ බිල්ඩිම තියෙන රටේ කරන්නේ.. අභීතයටත් වඩා හොඳ පොත් කාරයෙක් වෙන්න පුළුවන්නේ..

      Delete
    3. //අභීතයටත් වඩා හොඳ පොත් කාරයෙක් වෙන්න පුළුවන්නේ..// හැක් හැක්.... නියම කතාව.

      Delete
    4. මාතෙ, ඌ දන්නෙ පොත දාන්නයි පෙරළන්නයි විතරනෙ. ඒවට උපතින් එන පරම්පරාගත ජාන තීන්න ඕන බං. අපේ මහ ඈයො අපිට හම්බුකොරන් කන්න මිසක් හූරගෙන කන්න ඕන ක්‍රමේ දුන්නෙ නෑනෙ.

      ප්‍රා,

      එතකොට උඹට නිට්ටෑව ගැන තේරෙනව සිමෙන්ති ගැන බෑ. මෙය මාර බබා :P

      Delete
    5. >> අපේ මහ ඈයො අපිට හම්බුකොරන් කන්න මිසක් හූරගෙන කන්න ඕන ක්‍රමේ දුන්නෙ නෑනෙ.<<
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  10. අඩේ මේ සැප්තැම්බර් නේද....

    ReplyDelete
    Replies
    1. ඉස්නෝ වයිට් නින්දෙන් අවදි උනාද??

      Delete
    2. පොත් ගැන කියවෙන්නෙ වෙන මොන මාසෙද? මේ පොතත් බුක් ෆෙයාර් එකේ තියෙනව අරිද.

      Delete
  11. අඩේ මාරයිනේ. අපේ ප්‍රා ජේ එතකොට pablished author කෙනෙක්. එතකොට ප්‍රාජේකියන්නේ ප්‍රදීප් ජයතුංග. මම කවදාවත් ඕක ලෙහෙලා බලන්න හිතුවේ නෑ.

    ඉඩ ලැබුණු ගමන්ම උඹේ පොත කියවනවා ප්‍රාජේ.

    අපිට උඹ ගැන ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. අඩේ, ඔයත් ඉන්දික කියන ඒව විශ්වාස කරනවද? මාරයිනේ.!

      Delete
    2. මාට්ටු, ප්‍රාජේ.

      Delete
    3. ප්‍රා ජේ …… බොසා අපෙන් රෙෂ්පට් එක පිළිගනිං !!!

      Delete
    4. HB, K, PM ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක ගල් විතරක් නෙමෙයි !

      Delete
    5. ඉංගිරිසි බිම බ්වවාම වමනේ යනවා.
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  12. මං හැමදාම හිතුවේ ඔය නිට්ටෑවෝ කියන්නේ අර ඩාවින් ගේ මිසින් ලින්ක් එක කියලයි. කොනන් ඩොයිල්ගේ පොතකත් ඔය වගේ මිනිස් කොට්ටාශයක් ගැණ සඳහනක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. //Richard Milner, an American historian of science, has presented a case that Doyle may have been the perpetrator of the Piltdown Man hoax of 1912, creating the counterfeit hominid fossil that fooled the scientific world for over 40 years. Milner says that Doyle had a motive—namely, revenge on the scientific establishment for debunking one of his favourite psychics—and that The Lost World contains several encrypted clues regarding his involvement in the hoax.// (Wikipedia, BBC, The Guardian, etc)
      මේ සබ්ජෙක්ට් එකේ විශ්වාසනීත්වය ගැන ප්‍රශ්න හුඟක් තියනව KK.
      UFO වලින් පස්සෙ ලුනටික් ෆ්‍රින්ජ් එකේ ප්‍රියතම එකක්. සමහරු UFO එක්කත් පටලනව :-D

      Delete
  13. ප්‍රා...ජේ ..... හෙවත් ප්‍රා ....සාහිත්‍ය මාසයේ ඉන්දික ගේ සැඟවුණු "ප්‍රා" වසොයාගැනීම විශිෂ්ටයි .. සෙන්නා සහ ප්‍රාගේ උත්සාහයට උණුසුම් සුබ පැතුම්, තවත් පොතක් බ්ලොග් ලෝකෙන් ... ජයෙන් ජය ප්‍රා සහ සෙන්නා

    ReplyDelete
    Replies
    1. Thanks Ivan. ඉවාන් විතරක් නෙමේ Prasanna, Henry, Kammala, everyone OK. ඔක්කොටම හරිය? මං දන්නෙ කමෙන්ට් කොටල පැනල යන්න විතරයි මේක ඉන්දිකගෙ වැඩක්.
      (ඉන්දික මේක තමන්ගෙ බ්ලොග් එකේ තමන්ගෙ පෝස්ට් එකක් නේද? මාව මේ අමාරුවෙ අතඇරල දාල යන එක reverse copyright violation වගේ වැඩක්නේ. )

      Delete
    2. ඒකනේ මේ හාදයා තිලක තියන්න ඇවිල්ලත් සද්ද නැතිවම ගියේ.. අපි බලයි කියල ලැජ්ජාවේ වේන්ටැති.. ඔව් ඉදගෙන හිටියේ..

      Delete
    3. ඉන්දික හිටියද එතන?

      Delete
    4. මේක ඕපන් සෝස්. අපි භාෂනයේ සහ ප්‍රකාෂනයේ නිදහස උපරිමයෙම්ම සුරකින මිනිස්සු. ඒ හින්ද තමුම්ම උත්තර දෙනව හොඳයි. නැත්තන් කවුරු හරි ටෙක්නිකල් දෙයක් ඔය ගැන ඇහුවොත් මට වෙන්නෙ අයින්ස්ටයින්ගෙ ඩ්‍රයිවර් දුන්න උත්තරේ දෙන්න තමා.

      Delete
  14. එලකිරි ප්‍රා මචෝ! වැඩ කාරය සද්ද නෑ කියන්නෙ ඕක තමා.

    ලැබුනු වෙලාවක පොත අරන් කියවන්නම්.

    මෙහෙම උන්ට මෙහෙම රෙකග්නිෂන් එකක් එන එක ලොකු දෙයක්. සෙන්න/කැලුම් ගෙ පරිවර්තනේ ඉවර උනාමත් කවුරු හරි නෝටිස් එකක් දැම්මොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රා, මොකද කියන්නෙ, පොත මූට දීල අපි ඕපන් ලයිබ්‍රරි එකට රිවීව් එකක් ලියා ගමුද ;-)

      Delete
    2. මේ කවුද? මොනවද කරන්නෙ?

      Delete
    3. ප්‍රා වගේම හැංගිල ඉන්න "පොරක්"

      Delete
  15. ප්‍රා වෙල්ඩන් වෙල්ඩන්.we are proud of U
    සෙන්නට සහ කැලුම් ටත් සුභ පැතනව.
    ඉන්දික ඔයත් කලෙ නියම වැඩක් තැන්ක්ස්

    ReplyDelete
    Replies
    1. ඊංගිරිසියෙං බැන්න නේද අර අහිංසකයට .. මොනවද බං පව් නැද්ද හා, චැහ් ..

      Delete
    2. දෙයක්වෙනම් යම් සුදුස්සාටම ලැබුය යුතු!

      Delete
  16. මම හිතන්නේ ඉන්දික වැරදි වාර්තියක් තෝරාගත් කෙනෙක්. ප්‍රබන්දය ගැන නම් කියන්න දෙයක් නැහැ. නිට්ටවෝ සම්බන්ද සිංහල ලිපි අඩු වුනාට ඉංගිරිසි ඒවා යම් ප්රාමාණයක් තියෙනවා ප්‍රාජේ මේ සම්බන්දව නව පරීක්ෂණාත්මක හෝ ගවේශනාත්මක තොරතුරු ඉදිරිපත් කර ඇත්නම්(පොත කියවා නැත) ඔහුගේ කාර්යය ඉතා අගය කරමි. එසේම සෙන්නා සහ කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි ගේ වෑයම ඉතා වටිනවා.

    නිට්ටැවෝ කියන්නේ දැනට පුරාවෘතයක් වුනත් වැදී ජනශ්‍රුතිය ආශ්‍රය කකර ගෙන නිසි විද්‍යාත්මක ගවේෂණයක් මගින් සත්‍ය අසත්‍ය තාව සෙවීමට හැකි දෙයක්. නමුත් එවැන්නක් මේ වෙනතෙක් සිදුව නැත්නම් කනගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. නිට්ටැවෝ දැනටත් ඉන්නවා නම් කැලෑ මනින අපේ මලදානේ ලියන විදානේ උන්නැහේට දෙවිපිහිටයි.

      Delete
    2. //මම හිතන්නේ ඉන්දික වැරදි වාර්තියක් තෝරාගත් කෙනෙක්. //

      ඒකනං ඇත්ත. කොහෙද අපේ පවුලෙ කවුරුත් කැමති උනේ නෑනෙ මම දේශපාලනේ කරන්න යනවට, ලොකු එකා වැරදි දේ කරාම පොඩි උනුත් හදා ගන්න බෑ කියල තාත්ත බර බ්‍රේම දැම්ම. නැත්තං, අද මාත්...:P ( එහෙනං උඹල මං ගැනත් බ්ලොග් පෝස්ට් ලියාවි නේ..? )

      Delete
    3. එහෙම නම් මාතලන් සහ පරාක්‍රම ජයසිංහලා ඔබ ගැන හොඳට ලියයි.

      Delete
  17. ඉන්දික,
    උඹට බොහොම ස්තුතියි ඔත්තුවට. ඒ වගේම අර පරිවර්තන කෑල්ලත් එළ කියල කියන්නම ඕන. අනේ බං පින් සිද්ධවෙයි අර හටනට මොකද්ද උනේ කියල කියපං..... (මට මේල් එකකින් හරි කියපං)
    උඹේ නම මම අනුමාන කලා මෙහෙම,

    පොත ගන්නව අනිවාර්යෙන්ම, හැබැයි සිංහලට පරිවර්තනය උනාට පස්සෙ. පුළුවන් පබ්ලිසිටියකුත් දෙන්නං.

    ප්‍රා
    උඹ (අපෙන්) සිංහල ඉගනගන්න කලින් වෙන්න ඕන මේක ලියන්න ඇත්තෙ. අපරාදෙ නැත්තං කෙලින්ම ලියන්න තිබුන නෙව. කොහොම උනත් සුපිරි ලියමනක් කියල පේනව. සුභපැතුම්!
    pra=ප්‍රදීප්, ප්‍රසන්න, ප්‍රගීත්,..... (වඩාත් වියහැකි නම මුලට)
    Jay=ජයසූරිය, ජයවර්ධන, ජයසිංහ,.....(වඩාත් වියහැකි නම මුලට)
    එහෙම බැලුවම මගේ පළමු උපකල්පනය හරියට හරි!(ඔය වගේම උපකල්පනයක් තියනව සෙන්නටත්:-)

    සෙන්නා,
    පුළුවන් ඉක්මනින් වැඩේ කරපං. හැබැයි වැඩිය ඉක්මන් වෙලා වල් කරගන්න එපා....

    (මට සැකයි තුන්දෙනාම එකෙක්ද කියලත්.....)

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ කියන්නේ පරාක්‍රම ජයසිංහ කියලා උනත් ගන්න පුළුවන් නේ :)

      Delete
    2. //අර පරිවර්තන කෑල්ලත් එළ //-
      රාජ් මෙතන පරිවර්තනයක් නෑ. ඉස්සර ඉන්දික ලිව්ව ඒවත් එක්ක ගත්තහම විස්වාස කරන්න බැරි වුනාට ඔය dry entirely non-fiction research පොතක කෑල්ලක් ඇසුරෙන් ඉන්දිකම තනියෙන් ලියපු ඉතා උසස් මට්ටමේ ප්‍රබන්දයක්.

      මට සැකයක් තියනව රාජ් සහ ආතල් බෝතල් ඇනෝ එක්කෙනෙක්ද කියල :-D. එහෙමනම් ඉක්මනටම මට මුණගැසේවා කියල ප්‍රාර්ථනා කරනව (බත් ඩිංගක් කන්න නෙමෙයි )

      Delete
    3. හපොයි හපොයි ම. ක. සිං. - ඒ ප්‍රා. ජේ. ව නම් මෙතෙන්ට ගේන්න එපා
      හේකාබ් එකේ ප්‍රසිද්ද විහිළුවක් තියේ මෑන්ස් ගැන
      "බොස් දැන් කොහෙද ලිඳ කපන්නේ?"
      "මොනවද අයිසෙ කපාගෙන යනවකො හැම එකම අහන්නේ - මම කියන්නම් තැන පස්සේ"

      Delete
    4. රාජ්,
      ප්‍රා සහ සෙන්නා මුලින්ම මේ ගැන කතාබහකට සෙට් වුනේ උඹේ බ්ලොගේදි දාපු ලින්ක් එකක් ඔස්සේ කියලා මතකද දන්නෑ.. ?

      තුන්දෙනාම එක් කෙනෙක් ?! හැහ්....

      අර උපකල්පනෙත් කිව්වනම් බලන්න.. :D

      Delete
    5. මතක නෑ බං ඒ සීන් එක?

      මම හිතන විදියට උඹ සෙනෙවිරත්න වගේ කෙනෙක් වෙන්න ඕන. :-)

      Delete
    6. //තුන්දෙනාම එක් කෙනෙක් ?! හැහ්....//

      දැං මේකෙ ප්‍රොෆ්යිල් ඇනෝ ඉන්දික් එක්යි කිව්ව, තිසර ඉන්දික එකමයි කිව්ව, විශ්ව සහ ඉන්දික එකමයි කිව්ව්, ඔන්න ඒ වගේ තව කටකතාවක්. නරක නෑ ඒකත් :P

      Delete
    7. ඇයි බොලව් අපි කළුද ??
      සහනුයි පත්තර මල්ලියිත් එක්කෙනෙක් කීවෙ. :D

      Delete
    8. //අනේ බං පින් සිද්ධවෙයි අර හටනට මොකද්ද උනේ කියල කියපං..... //

      උඹ ඔහොම කිව්වම මට හිතෙනව මම මාර පොරක්, හෙන සිරාවට කුතුහලේ එන්න ලියල කියල. එතකොට ඔන්න මම නිකං පොරක් කියල ආඩම්භර වෙන්න හිතෙනව. මට හිතෙනව මොකටද ය්කෝ මම එක එකට මේල් දාන්නෙ කියල. ඊට පස්සෙ හිතෙන ඒව, එක්කො ඕනෙ නෑ...

      @ තිස්ස,

      ජියෝ ටෙක් එකේ ඉන්න උගත ගැනද ඔය කියන්නෙ?

      @PM,

      උඹල එකෙක් නෙමෙයිද එතකොට? මට එදා උඹ මේල් කරාම එහෙමනෙ කිව්වෙත්!

      Delete
    9. අහ්, මම කියන්නෙයි මකසිං කියන්නෙයි දෙන්නෙක් ගැන
      ඉන්දික කියන්නෙයි මම කියන්නෙයි එක්කෙනෙක්ද දන්නේ නෑ
      මම කියන කෙනා හේකාබ් ඉඳල රිටය වෙච්චි කෙනෙක්
      දැන් කොහෙද දන්නෙ නෑ

      Delete
  18. අපි නම් ඉතින් දැනගෙන හිටියලු. :P

    දැන් ඉතින් අර ඉතිරි පොත් ටික පරිවර්තනය කරන්ට කෙනෙක් ඉන්නවා කියලා සැනසිල්ලේ හුස්මක් ගත්තු හැකි.

    සුබ පැතුම් ප්‍රා, සෙන්නා...සහ කැලුම්...:)

    ReplyDelete
    Replies
    1. //අර ඉතිරි පොත් ටික පරිවර්තනය කරන්ට කෙනෙක් ඉන්නවා කියලා//

      සෙන්නා මේ මෝඩ වැඩවලට කර ගැහුවට එයාගෙ මුනුබුරෙක් / මිනිබිරියක් එහෙම කරයි කියල හිතන්න බෑ.

      Delete
    2. //අර ඉතිරි පොත් ටික//

      එ මොකද්ද ඒ?

      Delete
    3. අර ඔයා කියවන්ට ආසා නැති එව්වා...:P

      Delete
    4. හිටපිය බුරා තෝව අල්ලගන්න, කේලම ගිහින් කනේ තිබ්බට

      Delete
    5. මේ මේ මේ.. මාව ඕවට ගාවගන්ට එපා... උඹමනෙ එයැයිට ඊමේල් එකක් දාලා මේ පෝස්ට් එක ගැන කියලා තිබ්බෙ.. :-P

      ඇත්ත මම ඒ බ්ලොග් එකේදි ප්‍රාට කිවුවා තමා 'සම්පප්‍රලාඵ කියව කියව ඉන්නෙ නැතුං දෙවෙනි පොත පරිවර්තනය කරන්ට පට්ටාං ගන්ටයි' කියලා.. ඒ වුනාට මේ හොර පූසා ලුහුට්ටලා ගියා නොවැ..

      Delete
    6. //උඹමනෙ එයැයිට ඊමේල් එකක් දාලා මේ පෝස්ට් එක ගැන කියලා තිබ්බෙ// ..
      එතකොට ඒ කුමාරිද පෲෆ් රීඩර් ? හොඳවෙලාවට වැදි දෙබස් නැත්තෙ. නැත්නම් උන් ටං ටං ගාන කොට නට්ටං වෙයි නිට්ටෑවන්ගෙන්!

      Delete
    7. Bura, හරි ඒක එහෙමමයි කියමුකො. එතකොට කියාන් බලන්න කවුද එයැයිට කිව්වෙ කියල මම ( සහ තිසා ) ඔය අබ්බූත රජ කතාවලට අකමැතියි කියල :P

      ප්‍රා, උඹෙ ගෙසින් නං අන්තිමයි. ආයි වැරදිල.

      Delete
    8. ඒකත් කනේ තියල - මෙහෙමත් බුරෙක් - දැන් ඉතින් තවත් නාහෙ දික්වෙනව!

      Delete
    9. @ ඉන්දික<

      // එතකොට කියාන් බලන්න කවුද එයැයිට කිව්වෙ කියල මම (සහ තිසා) ඔය අබ්බූත රජ කතාවලට අකමැතියි කියල //

      ඒක කියලා තිබුනෙත් උඹමයි.. FB එකේ උඹ share කරපු පෝස්ට් එකකට කමෙන්ට් එකක් විදියට.. ඕනම නං සාක්කිත් එක්ක ඔප්පු කරඤ්ඤා.. :-P

      Delete
    10. අඩෝ....ඒ උනාට ඔය බූත ගෑල්ලමයි මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නෑ හරිද. නැති කෙනා දැක්කෙ කෝමද කියාන් බලන්න දැන් ඉතින් :P

      ( තිසා මෙහෙ එන්ඩෝ මුගෙ කර අඹන්ට අල්ලල :D )

      Delete
    11. @ ඉන්දික,

      ආයෙමත් ගොහින් බලාපන්කො ඔය ඇස් දෙක හොඳට පිහදාලා.. ඒක public share එකක්.. කෙනෙකුට ඒක බලන්ට උඹේ friend list එකේ ඉන්ට ඕනම නෑ.. :-D

      පලි: හෙහ් හෙහ්! FB එකේ technical loopholes වලින් උඹට මාව අල්ලන්ට බෑ මල්ලි.. :-P

      Delete
    12. මොකද ඉන්දික ටයනි ට ඔයතරම් බය?
      කෙලින්ම කියන්න අකමැතියි කියල.

      Delete
    13. //ඒක public share එකක්.. කෙනෙකුට ඒක බලන්ට උඹේ friend list එකේ ඉන්ට ඕනම නෑ..//

      ඒක ෂරි. ඒ උනාට කෝමද එයා ඒම නිකන් දකින්නෙ මගේ බිත්තියෙ ඒව, ඒ පැත්තෙ එන්නෙ නැතුවම :P

      දිග නහය අය්යා, අපි දන්නව උඹ දස්සය කියල. ඒ උනාට මෙද පොටේ මාට්ටු මල්ලී....:D :D


      ප්‍රා, අකමැතිද කැමතිද කියන්න ටයනි තාම මගෙන් ඇහුවෙ නෑනෙ :P

      Delete
    14. //අර ඔයා කියවන්ට ආසා නැති එව්වා//
      එහි ඇති සැඟවුනු දුක් ගැනවිල්ල (ව්යන්ගාර්ථයද මොකක්ද එක) ගැන ඔය නාස්තීනෝගෙන් නොව තිස්ස වැනි කලාකරුවෙක්ගෙන් විමසන්න

      Delete
    15. ඔය නාස්තීනෝ හාදයා අල්ලන්ට ටිකක් අමාරුයි
      නාහෙන් අල්ලගත්තම පොඩි ඇත්තක් කියල නාහෙ කෙටි කරගන්නව - අත ලිස්සනව ඉතින්

      මෙතන ඉන්ටලිජන්ස් කට්ටිය ඕසෙට - සෑහෙන්ට පරිස්සම් වෙන්ට වෙනව
      "හිතේ පිපෙන මල් - හිත රිදවන මල් - අනේ කුමට පිපෙනවාද - අහක බලන මල්" :-)

      Delete
    16. @ ඉන්දික,

      // ඒක ෂරි. ඒ උනාට කෝමද එයා ඒම නිකන් දකින්නෙ මගේ බිත්තියෙ ඒව, ඒ පැත්තෙ එන්නෙ නැතුවම //

      උඹ කෝමෙයි දන්නෙ එයා එනවද එන්නෙ නැද්ද කියාලා? ඇයි උඹට view counter එකක් තියෙනවා කියලයැ! :-P

      @ ෂිංදු කඩේ අයියා,

      "ලොකු මල් - පොඩි මල් - රතු මල් - කහ මල්.. අනේ අපෙනුත් අරන් යන්ටකො මල්.." ;-)

      Delete
    17. එයා ආවෙ නැත්තං කෝමද දන්නෙ??? උඹ අහුවෙලා ඉවරයි නාසියෝ. කාපං අමු මිරිස්... :P

      Delete
  19. කිව්වත් වගේ වැඩ කරුවන්ගෙ හඬ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එතකොට ඒකද තිස්ස ඉඳ හිට පෝස්ට් දාන්නෙ??

      Delete
    2. සියුම් කේස් නේහ්?
      හඬ නැතිව හිටියට වැඩ කරුවෙක් වෙන්නේ නෑනේ ;-)

      Delete
    3. ලිස්සුව නේ කාවය්ය වගේ :P

      Delete
  20. ෂාහ් මරුනේ.ප්‍රා ගෙ කතාව හරිම සිත් ඇදගන්නා සුළුයි.ප්‍රා මෙහෙම දෙයක් කරල තියෙනවා කියල නිකමටවත් දැනගෙන හිටියේ නෑනෙ.සුබ පැතුම් ප්‍රා.
    ඒ වගේම කතාව සිංහලට දාන සෙන්නා සහ කැලුම්ටත්.

    ReplyDelete
    Replies
    1. මූ නොකිය නොකිය හිටියට ප්‍රාගෙ සිංහල නියමයි නේද?

      Delete
    2. මචං සිංහල උඹේ නේද.මෙහෙම ලියනවනං මොනා කරන්න බැරිද?

      Delete
    3. ඔය සිංහල තනිකරම ඉන්දිකගෙ

      මං කට කැඩෙනකන් කිව්ව මට සිංහල බැරිකමක් නෑ ටයිප් කරන එක මාර අමාරුයි (ඒ දවස්වල )කියල කොහෙද ඔහේල ඇහුවෙනෑනෙ ඇඟටමනෙ ගොඩවුනේ. ඒත් මගෙ සිංහල ඉන්දිකගෙ ඔය ලියල තියන එක නම් අහලකින්වත් තියන්න බෑ. It's a beheadable :-D crime to waste this kind of writing talent on concrete.

      Delete
  21. අපුරු කාර්යයක් වගේ, අපෙනුත් සුබ පැතුම්, කතාවේ රටාව පට්ට රහයි.

    ReplyDelete
    Replies
    1. මේ කතාව ලියත්දි කරුණු දෙකක් හිතුව. එකක් තමා ලිපියෙ ආකර්ෂණය අඩු උනොත් පොතට ලැබෙන වටිනාකම අඩුවෙලා රචකයට මම අසාධාරණයක් කලා වෙනව. අනෙක තමා කිසිම දෙබසක් නැතුව ලියන්න හිතපු එක. මොකද වැදි කතාවක දෙබස් සිංහලෙන් ලිව්වොත් ඒක කතාවෙ විශවසනීයත්ව්යට බධාවක්. වැදි බසෙන් ලියන්න මම දන්නෙත් නෑ, හොයගෙන ලිව්වත් දෙබස් කියවනකොට රිද්මය බිඳෙනව. කමෙන්ට් වලින් පේන්නෙ උත්සාහය සාර්ථකයි කියල

      ස්තූතියි සොමිය!

      Delete
  22. එහෙනං ලගදිම නිට්ටැවො ගැන තියන කුතුහලය නිට්ටාවටම සුව කරගත්තහැකි

    ReplyDelete
    Replies
    1. අටම, ඔය නිට්ටාවට ඉවරකලා කියන වචනෙ මුල නිට්ටෑවො ඉවර කිරිල්ලෙන් ආ එකක් කියලත් ඒ පොතේ තීනව.

      Delete
  23. Pra Jay කොහොමත් හඩ්ඩෙක් නොව වැඩ්ඩෙක් බව මට ඉගි වැටිල තිබ්බෙ ඔහු කඩ්ඩෙන් කමෙන්ට් කොරන කාලෙ ඉදලමයි .......
    සිංහලෙන් කොමන්ට් කරපං ඩෝ කියල අපි දෙන්න ඇරගද්දී .....කකා මැදට පැන්න නිසා Pra & මම හිතවත්තු වුනා....... කොහොමත් ඉන් පසු ඔහු සිංහලෙන් කමෙන්ට් කරමින් අපි අතර ජනප්‍රිය චරිතයක්......

    @ඉන්දික බොක්කා........ උඹ පරිවර්තනය කර තිබෙන විදිය නම් අති විශිෂ්ටයි මචෝ........ අර සොමි යා ට කියා තිබෙන ලෙසට දෙබස් දැම්ම නම් එහෙම දෙයක් වෙන්න ඉඩ තිබුන...... මට පුදුමෙ කොන්ක්‍රීට් අස්සෙ වැරදි හොයන උඹේ මේ කුතුහලය ඇතිවෙන ලෙසට ලියපු පට්ට ලියවිල්ල බං .....
    ඒ කියන්නෙ උඹත් පොත් ලියන්නෙක් වෙනව ඉදිරියේදී.....
    පොත් පෙරලන එවුන් නම් ඕසෙට නොවැ ...හෙක්....හෙක්......

    ReplyDelete
    Replies
    1. //අපි දෙන්න ඇරගද්දී//

      දෙන්නෙක් ඇරගත්තෙ නෑ. කෙන්ජි අරින්න ඉස්සෙල්ල මං චුතවෙලා යන්න හිටියෙ. එතකොට KK, රාජ් වගේ අය උපදෙස් දුන්න ඇරවගන්නෙ නැතිව ඉන්නත් පුලුවන් කියල. :-D
      ඒක නෙමෙයි කෙන්ජි, ඊලඟ පෝස්ට් එක කවද්ද?

      Delete
    2. ඕං මම නං වචනයක් කීවෙ නෑ. ඉවානයා පල්ලා !!!!

      Delete
    3. කෙන්ජි, කඩ්ඩෙන්ද උඹ දැන් හඩ්ඩො මනින්නෙ? මම ලියන්නෙක් වෙනකොට බැරිය බං . ඒව මේ ප්‍රාලගෙ බයිලනෙ. කෙන්ජිගෙ ඊලඟ පෝස්ට් එක මැරිච්චි කැමරාමන් ලොක්ක ගැනය කියන්නෙ.

      ප.ම. තෝ නං හනුමෙක්ම තමා.

      Delete
    4. එයා කැමරා ......මොන් ලොක්කෙක් නෙමේ මචෝ......ඔහුට නිවන් සුව........
      මම පස්සෙ ලියන්නම්.....හීනියට....
      ජිවතුන් අතර ඉන්න වේස නලා කාරයො ගැන ලියන්න ඕන.,.....
      අර පට්ට නිලි රැජින & පිත්තල බොනිය .....ජැකා ...ඇතුළු එවුන් ගැන....

      Delete
  24. එතකොට එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි Pra-jay කියන්නෙ. අම්ම්පා සයිබර් අවකාශය කියන්නෙ නම් මහා අරුම පුදුම විස්මිත භයංකාර එකක්! මේ වගේ පුද්ගලයෙක් මගෙ බ්ලොග් එකත් බලනවා කිව්වාම.... ඒවා කලින් දැන ඉන්ඩ වටින කාරණා....

    කොහොමහරි කමක් නෑ, සෙන්නලාට සුබ පතනවා, කරන වැඩේ සාර්ථකව අවසාන කරන්න ලැබේවායි කියලා....! (යන එන පාරේ ඉඳලත් මෙයා නිකමටවත් කිව්වේ නෑනේ මේ ගැන, කමන්නෑ, ලඟදීම අපිත් එනවා ආයිමත් ඔය රේල් ගේට්ටුව ගාවට :D)

    ReplyDelete
    Replies
    1. //අම්ම්පා සයිබර් අවකාශය කියන්නෙ නම් මහා අරුම පුදුම විස්මිත භයංකාර එකක්!//

      මටත් ඕක හිතුන කෙහෙල් කොරටුව ලියන පුංචි මහත්තයව මූණු පොතේ මුලිම්ම දැක්ක දවසෙ :D

      Delete
    2. නිවිහැනහිල්ලේ ඉන්න කැමති කොළු ගැටයාට ලියා දන්වන වගනම්, උඹ මේදා පොටේ ඔය රේල් ගේට්ටුව පැත්තේ ඇවිත් සද්ද නැතුවම ගියොත් ඉතින් ආයේ නැන්දා මාමා බලන්න යනු සුම්මාය. ඒ මන්ද යත් අපිත් දැන් නිවුන පුද්ගලයන් කිහිප දෙනෙකු ලාවට හරි අඳුනනවාය.. :D

      Delete
  25. කෙන්ජි, සොමියා, හැලපෙ ඇතුලු සියලුදෙනාට :-

    ඉන්දිකගේ පෝස්ට් එක විශිෂ්ට ප්‍රබන්ධනාත්මක වටිනාකමක් ඇති නිර්මාණයක් . මේ පෝස්ට් එක පරිවර්තනයක් යයි ඔබ සිතීම ඉන්දිකට කරන අසාදාරණයක් මෙන්ම පොතේ කතුවරයාට අයිති නැති ප්‍රශංසාවක්. ඔය ඉන්දික ලියල තියන විදිහේ රසයක් පොතේ නෑ. ඕක තනිකරම පොතෙන් අදහසක් ගත් ඉන්දිකගේ නිර්මාණයක්

    ඉන්ග්‍රීසි පොත නිට්ටෑවො ගැන දැනට පලවී ඇති කරුණු (සමහර සොයාගන්නට අපහසු මූලාශ්‍රද සහිතව ) එක තැනකට ගෙන ඒවා වෙනම හා තවත් සමාන කරුණු සමහ සංසන්දනය හා විශ්ලේශණය මගින් පැහැදිලි කිරීමට හා නිගමනයකට ඒමට තැත් කල නිබන්ධනයකට සමාන පොතක් මිස කියවීමේ රසය ඇති කරන නිර්‍මාණයක් නොවේ. ඉන්දික කර ඇත්තේ ඊට වඩා නිර්මාණාත්මක අගයක් ඇති දෙයක්. එහි ප්‍රශංසාව ඔහුට හිමිවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කාගේ උනත් මෙවැනි කතා වලට තමා මම කැමති.. මොකද මමත්වය නැති කරපු කතාවක් මේක..

      ප්‍රා. ++++++++++++++++++++++++

      Delete
    2. අපි එහෙම නං අයිති නැති ප්‍රශංසා ත් බලෙන්ම ඇඟට දාගන්න එකේ ප්‍රා මෙහෙම කීම ගැන හරිම සතුටුයි.

      Delete
    3. //කියවීමේ රසය ඇති කරන නිර්‍මාණයක් නොවේ//

      my objection Your Honor....



      //කාගේ උනත් මෙවැනි කතා වලට තමා මම කැමති.. මොකද මමත්වය නැති කරපු කතාවක් මේක.. //

      ඒකනේ අපි ප්‍රාට මෙහෙම ප්‍රසිද්ධියක් දෙන්නෙ.ඕකට කියන්නෙ පිදිය යුත්තන් පිදීම

      Delete
    4. එකෙන්ම.…

      පූජාච පූජනීයානං … අප්පට මංගල කරුණක් නෙවැ. ලේසියෙං අරින්ඩ හොඳ නෑ

      #########
      - #### - :D

      Delete
    5. එතකොට මංගල කියල එකෙකුත් මේකට සම්බන්ධද?
      4 දෙනාම එකෙක් වෙන්න බැරිද කියල රාජ්ගෙන් අහන්න ඕනැ

      Delete
  26. මතක නැතිවුනා කියන්න
    සෙන්නගේ (කැලුම් හා මගේ සහභාගීත්වය සහිතව ) නිර්මාණය හුඟක් දුරට ඉන්ග්‍රීසි පොතේ කෙලින්ම පරිවර්තනයකට වඩා ඒ ඇසුරෙන් වන සිංහල පොතක් වෙයි.
    එනිසා ඔබ කවුරුවත් සතුව විෂය ගැන තොරතුරු ( විශේෂයෙන් පානම/ලේනම/කුමණ හැර ලංකාවෙ වෙනත් පලාත්වල සමාන ජනප්‍රවාද හෝ ඉන්ග්‍රීසි පොතේ නැති වෙනත් කරුණු ) තිබේනම් ඒවා ඉතා සතුටින් හා කෘතඥතා පූර්වකව ( මූලාශ්‍රය සඳහන් කරමින් ) අපි පිලිගන්නවා.

    මම පෞද්ගලිකව නම් ආස ඉන්දිකගෙන් මේ ඇසුරෙන් නවකතාවක් ! :-D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේක පරිවර්තනයක්ම නෙමේ.ඊටත් එහා ගිය අලුත් පොතක් වෙන බවද ?
      අගෙයි මේ ක්‍රියාව.වැඩේ සර්ව ප්‍රකාරයෙන්ම සර්ථක වේවා කියා හදවතින්ම පතනවා...:)

      Delete
    2. //මම පෞද්ගලිකව නම් ආස ඉන්දිකගෙන් මේ ඇසුරෙන් නවකතාවක් ! :-D//

      නව කතාවක් නෙමේ පරණ කතාවක් දෙන්නද?

      Delete
    3. මම නිට්ටෑවන් සම්බන්ධ නවකතාවක් කියවලා තියනවා. අනේ විස්තර මොකවත්ම මතක නැහැනේ... නිට්ටෑවෙකුයි සාමාන්‍ය ගැහැණියකයි අතර ඇතිවෙන ආදරයක් හෝ එවැනි සබඳතාවක් වගේ ඇසුරින් කියලා යාන්තමට වගේ මතකයි. ප්‍රා ට එහෙම නවකතාවක් කියවන්න ලැබිලා නැද්ද?

      Delete
    4. @ Thisara,
      මතක නෑ තිසර. නිට්ටෑහෙල කියල නිට්ටෑවො ගැන යොවුන් YA නවකතාවක් නම් තියනව.
      Homo Floresiensis ගැන නම් e book නවකතාවක් දැක්ක කොහෙද. ඕනැ නම් හොයල දෙන්න බලන්නම්.

      Alma (මද්යම ආසියා, මොන්ගෝලියා පැත්තෙ බිග් ෆූට් ජාතියෙ එක්කෙනා ) එක්ක සම්බන්ධයක් පැවත්වුව මිනිසෙක් /ගැහැණියක් ගැන Soviet time වාර්තාවක් තියනව . ඔය ඔක්කොම unconfirmed . බිග්ෆූට් එක්ක ජීවත්වුනයි කියල කියන එවුන් ඇමරිකාවෙ සැරින් සැරේ මතුවෙන්නෙ. :-D ඔව්ව මොනවද පිටසක්වල ජීවීන්ගෙන් ගැබ් ගත්තයි කියන ගෑණුත් ඉන්නෙ.

      පිස්සො (lunatic fringe ) සහ ප්‍රසිද්ධිය ගන්න බොරු කියන (hoaxes) එවුන් නිසා මේ විෂය discredit වෙලා වගේම serious research කරන්න අපහසුවෙනව.

      Delete
    5. >>මම පෞද්ගලිකව නම් ආස ඉන්දිකගෙන් මේ ඇසුරෙන් නවකතාවක් ! :-D <<
      අඩෝ.......උදව් කරපිය සිංහලට ලියන්න......................... තෝ.......සිංහයෙක්......... ඇත්තටම .......සිංහල දන්න.....,.,

      Delete
  27. මම පෞද්ගලිකව නම් ආස ඉන්දිකගෙන් මේ ඇසුරෙන් නවකතාවක් ! :-D//
    අනිවා කැලෑ පූෂ දිරිමත් කරන්න ඕනෙ වැඩේට.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුංව අන්දනව කියල ඔහොමත් අන්දනවද බොල?

      Delete
    2. අපේ නෑනෙ කකුලෙන් ඇදිලි, ඉස්සරහට යන්න පුලුවන් එකාව තල්ලු කරනව මිසක්.
      - ආදරය සමග හැලිබොරේන්ජ්-
      ස්තූතියි

      Delete
    3. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      ආන්න … අපි ඉන්නෙ බැක් එකේ.. නිකං ෆ්ලෑෂ්බෑක් වගේ !!! ඕ යේස්.

      Delete
    4. අනේ බං අපි පොත් ලියනකොට වඳුරො ගෙවලුත් හදල තියෙයි. දැං බලහන් අවුරුදු හතරට මේ බ්ලොග් එකේම තීන්නෙ පෝස්ට් එකසිය හත්ලිස් ගානනෙ. එහෙව් එකේ පොතක් ලියන්න!!!

      Delete
  28. මේ කියන්නෙ නිට්ටෑවන් ගැන නේද? හදවතින්ම සුබපතනවා සියල්ලටම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්

      මං ෂෑහෙන්ඩ මාන්සි උනා. තාම දණිස් වෙවලනවා :D

      Delete
    2. මනෝ, ඔව් මේ නිට්ටෑවො ගැන තමා. උඹ ප්‍රාගෙ පොත තීන ලින්ක් එක බැලුවෙ නැද්ද?

      ඔය ගැන ඔහෙ තීන ජනකතා පුලුවන්නං සෙන්නට ලියහන්.


      ප.ම - ඇයි සමර් එකේ කකුල් දැකල හිටම්ම xxxx ද?

      Delete
    3. ලින්ක් එකනම් බැලුවෙ දැන්. එතනින් ඒ විස්තර ටික විතරද බලාගන්න පුලුවන්?

      පත්තරේ... මොකෝ උඹට බැරි බැරියාවද?

      Delete
    4. ඔව් ඉතුරු ටිකට පොත සල්ලි දීල ගනින් :P

      Delete
  29. ප්‍රා ගෙ කැරැට්ටුව ගැන දැනගත්තෙ අද නොවැ...ඉතාම සතුටුයි මිත්‍රයා...ජයම වෙන්න ඕනෙ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.

      ( ප්‍රා වෙනුවෙන් මා )

      Delete
    2. ඉස්සර ප්‍රා කියලා භයානක කල්ලියක් හිටියා නේද....දැන් නැද්ද උන්...

      Delete
    3. උන් උප ශාන්ත වෙලා

      Delete
    4. සිරා,

      ප්‍රා තමා ජේ නැති කෙරුවෙ... :D

      Delete
  30. මොන රෙද්දක් කියනවද මන්දා
    මුන් ඔක්කොටම පිස්සුද කොහෙද.
    වෙරි බැස්සම ආයෙත් කියවන්න ඕන.

    පහුගිය ටිකේ ලියලිය හිටිය මිසක් මොනවවත් කියවන්න බැරි උනානේ.
    යකෝ පොස්ට් එක දාපන්කෝ රෝලේ පින්තුරයක් වැටෙන විදියට.

    ReplyDelete
  31. අඩේ අප්පා මාර සිරා සීන් එකක් නේ.. ඔය මිසින් ලින්ක් ගැන ඕප දුප හොයන්න මම කැමතියි.. මේ ප්‍රා.ජේ කියන්නේ සිරා පොරක් නේ.. ඉංගිරිසියෙන් පොත කියවන්න තමයි කම්මැලි බලමු සෙන්නල ලියන පොත ආපු දවසකට අරගෙන බලන්න ඕනේ..

    ඉන්දික අයියගේ කතාවත් මරු.. මම මුලින් හිතුවේ ෂුවර් එකට අර අතැරලා දාපු ටවුමක් ගැන කලින් ලියපු එක වගේ සීන් එකක් ලියන්න යනවා කියල. හෙහ් හෙහ් මරු ප්‍රබන්දේ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails