Monday, August 12, 2013

කපුගේට නින්ද නොගිය රැය!

ගුණදාස කපුගේ ගයන නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ කියන ගීය අහපු නැති කෙනෙක් නැති තරම් නෙ. ඒත් මේ සින්දුව ගැන නොදන්න තොරතුරක් මට මේ අන්තර්ජාලෙම තිබිල ලැබුන.

මේ සිද්ධිය කියල තිබ්බ කෙනාගෙ වචන වලින්ම ඔන්න කතාව.

"මේ ඔබ කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය. ඒත් මේ ගීය සමහර විට ඔබට කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වෙ ගුවන් විදු ලි සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරනයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහය කට දොලහකට විතර පස්සෙ නැවත පටිගත කරනවා ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ ම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිට පිටම වසර 03 පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි.

1976 දී මුල්වරට පටිගත කළ නින්ද නැති රැයේ ගීය මෙතනින් අහන්න"


මෙන්න අපි අහල පුරුදු නින්ද නැති රැයේ ගීය.

ඔය තොරතුර තිබ්බෙ මෙන්න මෙතන.ඒ වගේම ඊට කලින් මෙන්න මේ අඩවියෙත් ඔය ගැන ලියවිල තියෙනව දැක්කෙ පස්සෙ අන්තර්ජාලෙ පිරික්සනකොටයි. මේ දෙගොල්ලන්ටම මගේ ආචාරය.

රෑ ඉර පාන එක අන්තයක යද්දි කැළුම් සහ දිලීප කරන අනන්ත ගී රස වැඩ සටහනත් තව අන්තයක වෙනස් රේඩ්යෝ අත්දැකීමක්. ඒ නිසා ඒකත් අහල බලන්න.


46 comments:

  1. හොඳ ඔත්තුවක්,අනන්ත ගී රස අහලා බලන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. වටිනව අහල බලන්න. බොහොම රසවත් තොරතුරු එක්ක සුන්දර ගීත. හැබැයි අර ඉර පානෙ වගේ හින්දි තනු කියල, පීචං ගීත කියල අහක් කරන්නෙ, සුනිල්ට වික්ටර්ට වැඩි තැනක් දෙන්නෙ නෑ. හැමෝගෙම හොඳ සින්දු අහන්න දෙනව.

      Delete
  2. මෙහෙම සීන් එකක් මම නම් දැනගෙන හිටියේ නෑ. මේ කතාව කිව්වාට සහ විශේශයෙන්ම අර පලවෙනි රෙකෝඩින්ග් එක දාපු එකටත් උඹට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පුදුමයි උඹ මේ ගැන නොදැන උන්නු එක. තිසා දන්නවද දන්නෙ නෑ.

      අනික උඹත් බ්ලොග් ලෝකෙ බිග් ෆුට් වගේ වෙලා දැන්. ඉඳ හිට මෙහෙම අඩි තියල යනව උනාට මිනිහ හරියටම පේන්නෙ එන්නෙ නෑ.

      Delete
  3. කපුගේ ගේ මුල්ම ගීතය "පීදෙන ගොයමට රහස් කියාලා" නේද? ඒක මං හිතන්නේ 1974 විතර කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ “දෑස නිළුපුල් තෙමා“ ගීතය. ඒක තමා ඉස්සෙල්ලම තැටිගත කරල ප්‍රචාරය කරපු ගීතය

      Delete
    2. ඔව් මාත් අහල තියෙන විදියට දෑස නිළුපුල් තෙමා තමයි මුල්ම ගීය. කපුගේ කියන ශබ්ධ පරිපාලකවරය ගායකයෙක් කරපු ඒකෙ සංගීතය සනත් නන්දසිරිගෙන්. ඒත් පස්සෙ කපුගේගෙ හොඳ සින්දු ගොඩක තනුවම තමන්ගෙ.

      Delete
    3. Desa niluoul thema,first song

      Delete
  4. මුලින් කියල තියෙන සින්දුව අපි දන්න සින්දුවෙ sunflower නව රිද්ම පිටපත වගේ...!!!

    ReplyDelete
    Replies
    1. සන්ෆ්ලවර් සින්දුවල තියෙන ටකරන් සද්ද මේඑක් නෑනෙ? අනික සන්ෆ්ලවර්ල තනුවෙ ටෙම්පො පොඩ්ඩක් වැඩිකරල ටකරන් මික්ස් එක දැම්මට වඩා අළුත් දෙයක් කරෙත් නෑ කිසිම සින්දුවකට. කොටිම්ම උන් කරේ රෑ සංගීත වල ගහපු එකම රෙකෝඩින් ස්ටුඩියෝ එහෙක කොරපු එක විතරයි වගේ.

      Delete
    2. සන්ෆ්ලවර්ස්ල එහෙම හරි කල නිසා කපුගේ, කල්දේරා වගේ ගායකයො නැවතත් මිනිස්සු අතරට ආව කියල හිතෙන්නෙ නැද්ද ?

      Delete
    3. didnt you see this?

      ඉන්දික උපශාන්තAugust 15, 2013 at 4:59 PM

      සහතික ඇත්ත. ඒත් සන්ෆ්ලවර් හින්ද කපුගේත් සෑහෙන්න ජනප්‍රිය උනා, කොටිම්ම කපුගේ ගීත මලාට අහපු නැති උන් මිනිහගෙ සින්දු අහන්න ගත්ත.

      Delete
  5. අර 'අහලා පුරුදු නැති නින්ද නැති රැයේ' සිංදුව මාර ලස්සණයිනේ. :)

    ReplyDelete
    Replies
    1. ඊෂ්හ්හ්හ්හ්...වැරදුණා. 'අහලා පුරුදු' හොඳේ. :D

      Delete
    2. ඔය කියන්නෙ ඒකෙ ඇඩ් එකට තියෙන ජස්ටින් බීබර්ගෙ සින්දුව ගැන වෙන්ටැ!

      ( මේ කාලෙට ඔහොම වැරදිනව තමයි )

      Delete
  6. බොහොම ස්තුතියි මේ තොරතුරු ගෙනාවාට. මට ඔය මුල් ගීතය මතකයි. හැබැයි එය දෙතුන්වරකට වඩා අහලා තිබුනේ නැහැ. ඒ කාලේ මගේ යාලුවෙක් හිටියා හොඳ ගීත එකතු කරන. ඔහුගේ ගීත එකතුව තිබුනේ ස්පූල් ටේප් වල. ඉතින් පැය 4 ක් විතර දුවන ඒ ටේප් එකක් ඉස්සරහට පස්සට යවමින් අහන එක වදයක්. හැබැයි මටනම් මේ නිර්මාණ දෙකම එකවගේ ලස්සනයි. මට මතකයි මේ වගේම තවත් ගීතයක්. නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහ ගයන 'සඳමල පිබිදුණු' කියන ගීතය. ඒ ගීතයේත් මුල් නිර්මාණයක් සහ පසු නිර්මාණයක් තියනවා තනු දෙකකට ගැයෙන. පුලුවන්නම් හොයලා ඉදිරිපත් කරන්න.
    මේ තියෙන්නේ පසුව කල නිර්මාණය

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේඑකෙ ස්තූතිය මේ දේ ගැන මුලිම්ම කියාපු දයාටයි අයිති. වැඩි අවධානයට යොමු වෙලා නොතිබ්බ වගේ දැනුන නිසා රීපෝස්ට් පාරක් විතරයි මගේ එකතු උනේ.

      ඔබ කියපු ගීය ගැන හොයල බලන්න ඕන.

      Delete
    2. මම හිතන්නේ ඔය කියන්නේ මේ ගීතය වෙන්න ඕනේ.
      දිනේෂ් නාකන්දල සහ නීලා වික්‍රමසිංහ ගයන්නේ
      http://www.youtube.com/watch?v=CEjnEsWiE8U
      sound quality නම් මදි. නමුත් මේ මුල් ගීතය. සුනිල් සහ නන්දා මේ සින්දුව වෙනත් තනුවකට කිව්වේ පස්සේ කාලෙක.

      Delete
    3. හරි හරි තුසිත. ඔයා හරියටම ඒ ගීතය හොයාගෙන තිබෙනවා. මගේ මතකයෙන් ගිලිහිලා තිබුනේ මුල් ගීතය කිව්වේ කවුද කියන එකයි. බොහොම ස්තුතියි ඔබට.

      Delete
    4. ස්තූතියි තුසිත ඒ තොරතුරට!

      ඒත් නන්දා එහෙම නීලගෙ ගීයක් ගයාපු එක හරිද?

      Delete
  7. තැන්කුයි උපේ තොරතුරු වලට..

    ReplyDelete
  8. මම මේ ගීය ගැන ලිව්වෙ මිට වසර කීපයකට කලින් මා සතුව තිබූ ඒ ගීය අස්වැන්නට යොමු කලේ 2012 අප්‍රේල් මාසයේ ඉන් අනතුරු වතමයි මේ ගීය ගැන කතාබහක් ඇතිවුණේ.
    මේ තියෙන්නේ මම ලියපු ඒ සම්පුර්ණ සටහන.
    http://aswanna.blogspot.com/2012/04/blog-post.html
    ඒ සටහනින් උපුටාගත් කොටසක් තමයි මේ යත තියෙන්නේ..

    "මේ ඔබ කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය. ඒත් මේ ගීය සමහර විට ඔබට කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වෙ ගුවන් විදු ලි සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරනයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහය කට දොලහකට විතර පස්සෙ නැවත පටිගත කරනවා ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ ම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිට පිටම වසර 03 පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි.“

    මගේ ජීවිතයේ මට හමුවූ කපුගේ සුන්දර මිනිසෙක් විදියට අඳුන ගන්න ඒටික හොඳටම ඇති.

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම දුටුවෙ අනන්ත ගී රස පිටුවෙ මේ ගීය ගැන තිබ්බ සටහන. ඒත් ඉන් පස්සෙ සර්ච් කරල බලනකොට දැක්ක අස්වැන්න අඩවියෙත් ලියල තියෙනව. ඒ නිසයි මම ඒ දෙකේම ලින්ක් දාල දෙගොල්ලන්ටම මගේ අචාරය කියල කිව්වෙ අපි නොදන්න දෙයක් බෙදා ගත්තට දැණුවත් කලාට. කොහොම උනත් ඔබට නැවත් ස්තූතියි මේ අදහසට සහ ඒ කල කාර්‍යයට.

      Delete
  9. හොඳ ඔත්තුවක් තමයි. ස්පීකර් එකක් තියන මැසිමකින් අහන්න ඕන පරණ එක.

    ReplyDelete
    Replies
    1. මටත් කලක් ඔය අවුල තිබ්බ. වෙලාවට මගේ පරණ මොනිටරේ අවුල් වෙලා අළුත් එකක් දුන්න ස්පීකර් හයිකොරලම තියෙන. දැන් ඉතින් අහපන් තමා.

      Delete
  10. තනුව තමයි ගීතය කියන්නේ වෙන මුකුත් නෙමෙයි. ඒක මෙතනදිත් මැනවින් ඔප්පු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. තනුව තමයි මූලික. ඒ වගේම දෙක ගායනය. පද මාලාව අන්තිමට. ඒකනෙ කපුට ගයාපු අමරදේව මාස්ට්‍රගෙ ඒව තනුව එකම උනත් එච්චර අල්ලල නොගියෙ.

      Delete
  11. නියමයි මේ තොරතුරට බොහොම ස්තුතියි....

    ReplyDelete
  12. මේක ගැන මම කලින් අස්වැන්නෙන් කියවලා තිබුනා. ඒත් මෙහෙම කරපු එක හොඳයි.. නොදන්න හුඟක් අය දැනගනියි..

    ඒක පුදුමාකාර පුනරාගමනයක් !

    ReplyDelete
    Replies
    1. සහතිකවම. හිතාගත නොහැකි තරම් වෙනසක්. මේක තවත් උපරිමයි සන්ෆලවර් නොවෙන නව රිද්ම පටිගත කරපු වර්ෂන් එකේදි.

      Delete
    2. නව රිද්ම කරේ සිංග්ලංකා නේද? ඇත්තටම සින්දු ගොඩකට හොඳ music දාල නැවත ගයපු ඉතා සාර්ථක වැයමක්.
      මට මතක හොඳම උදාහරනේ තමයි ඉන්ද්‍රානි පෙරේරා ගයන ඉරට අකීකරු ගීතය
      http://www.youtube.com/watch?v=Cv9AfVHtdNg
      original සින්දුව මේ කිට්ටුවට වත් තියන්න බැහැ.
      Sunflowers ලගේ music එයාලගේ සින්දු වලට නම් (එළාර දුටුගැමුණු) හොඳයි. කපුගේ කැසට් එක නම් තනිකර නෑමක්.

      Delete
    3. සහතික ඇත්ත. ඒත් සන්ෆ්ලවර් හින්ද කපුගේත් සෑහෙන්න ජනප්‍රිය උනා, කොටිම්ම කපුගේ ගීත මලාට අහපු නැති උන් මිනිහගෙ සින්දු අහන්න ගත්ත.

      Delete
  13. පරන එක කවදාවත් අහල තිබුනෙ නෑ.තනුවෙන් ඔක්කොම තිරනය වෙනව නෙද.ලොකු පින්කමකුත් කරල තිබුන තවත්වත් කරන්න වාසනව ලෑබෙවා

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ගමනෙ භාගයක් විතර ආවනෙ. යන තැනට වැඩ සිද්ධ කරගන්නත් එපාය.

      Delete
  14. ඉතාම ආසාවෙන් අහපු ගීතයක්, පුදුම වුණා මේ වර්ශන් එක අහල... එක කාලයක් තිබුන උමතුවෙන් වගේ කපුගේගෙ සින්දු අහපු... පුදුම සරළ මිනිහෙක්...
    මම දවසක් ඉස්කෝලෙ සංගීත ප්‍රසංගයකට ආපු වෙලාවෙ ඇහුව ඔබතුමාට ලියුමක් හෙම එවනවනම් ඇඩ්‍රස් එක කොහොමද කියල... ආ... ඔය ගුණදාස කපුගේ , අනුරාධපුරය කියල දාන්න , මට හම්බවෙනව කියල කිව්ව...

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම සරළ වගේම වටින මිනිහෙක්. වෙලාවට මලේ. නැත්තන් මේ වෙන විපරියාස වල හැටියට උන්දැත් චා වෙනව.

      Delete
  15. මම ඔබේ ලිංක් එක බැලුවේ දැන්. ඒ ලිංක් එකේ තියෙන්නෙත් “රස වින්දන“ බ්ලොග් අඩවියේ ඒ පිලිබදව අතුල සිරිවර්ධන මහතා ඔහුගේ බ්ලොග් අඩවියේ ලියපු සටහනක්.
    ඒ කොහොම වුණත් අවශ්‍ය වන්නේ කලාතුරකින් හමුවන මෙවන් මිහිරි අත්දැකිමක් බෙදාහදා ගැනිමයි. ඔබත්, මමත්, අපි සියලුදෙනා ඒ දේ කළා.

    “දයාට අනූ අටයි මට දෙකයි“

    එහෙම විය යුතු නෑ. සියයට සියයක්ම නිර්මාණාත්මක අයිතිය ඔබටමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අපිට එකක් වත් නැත්ද දයා!!

      Delete
    2. ඔව් මට පොඩි වැරදීමකුත් වෙල. අස්වැන්න නම පින්තූරෙ උඩ තිබ්බට ඒ ඔබේ අඩවයම නෙමෙයි කියල දැන් දැක්කෙ. ඒත් ඒකෙ තියෙන ලින්ක් එක අනුව ගියාට ඔබෙ අඩවියෙ මේ ගැන ලියාපු ලිපිය නෑ කියනව.

      යමක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතු කියල කියනවනෙ. ඒ නිසා බෙදිල්ලෙදි මම හරි.

      Delete
  16. ස්තුතියි ඉන්දික. මුල් ගීතය සෑහෙන්න වෙනස් නෙ. කලින් අහල තිබුනෙ නෑ. කොහොමත් කපුගේ ගෙ සිංදු වලට මං මනාපයි.

    ReplyDelete
    Replies
    1. හොඳ රසවින්දනයක් තියෙන හැමෝම කපුගේගෙ සින්දු වලට මනාපයි.

      Delete
  17. පුදුම වෙනසක් තියෙන්නේ තනු දෙකේ.ස්තූතියි පලකලාට.අපි අහලා නැති වර්ශන් එක හරියට බස් එක එන්න කලින් කියලා ඉවරකරන්න ඕන වගේ නේද කියලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.හරියට නිකන් දැන් ඉන්න අය කියන සමහර කතා සින්දු වගේ. අනික සංගීතයත් අන්තිමයි.

      Delete
  18. මේවනේ කලා නිර්මාණ කියන්නේ. තෑන්ස් ඉන්දික

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails