Thursday, June 7, 2012

අවශ්‍යතාවය සහ ප්‍රෝඩාව අතර වෙනස!

ලියන්න වෙලාව නොතිබ්බට මොකද නොලිය ඉන්න හිත දෙන්නෙම නෑ.

ඒත් මේක දැක්කම යමක් නොකිය කොහොමද කියල හිතුන.

අද සමහරුන්ට පරිසරය රකින එක විලාසිතාවක් වෙලානෙ. මේකත් එහෙම දෙයක්.

මේ අපි දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එකකට අවශ්‍ය ලී වලට ලැබුනු ඔෆර් එකක්.
බැලූ බැල්මට මේකෙ වරදක් නොපෙනුනාට, මෙතන තියෙන ලොකුම විහිළුව මේකයි.






(පින්තූරෙ උඩ දෙපාරක් කොටල සූම් කරල බලන්න.)

මේ මිලගනන් දීල තියෙන ලී ප්‍රමාණය ගන්න සාමාන්‍යෙන් අවුරුදු පණහක් විතර පරණ "ඕක්" ගස් තිස් පහක් වත් කපන්න වෙනව. එහෙම වටින ගස් කපල විකුණල පරිසරයට වින කරන උන්දැලම යට කියනව



"Please consider the environment before print this report" කියල


මේක දැක්කම මට හිතුනෙ,

මෙහෙත් එහෙමයි, ඔහෙ වගේමයි...!

13 comments:

  1. බලන් යනකොට කොහෙත් විවිධාකාර ප්‍රෝඩා...

    ReplyDelete
  2. මං හිතුවෙ මෙහේ විතරයි කියල.

    ReplyDelete
  3. කියන්කොට එහෙමයි කරනකොට එහෙමයි... දන්නවනේ අයියා සුදු හකුරු හදපු මනුස්සයාගේ කතාව

    ReplyDelete
  4. ඉන්නව ඉන්නව මෙහෙත් ඉන්නව.....:D

    ReplyDelete
  5. මේ වගේ දේවල් හැමදාම, හැම තැනකම් සිද්ධවෙනවනේ.
    ඉක්මනින් දිග පෝස්ට් එකක් දාන්ට. :D

    ReplyDelete
    Replies
    1. "හිතන්නැතුව" මේ කුමාරිහාමි කියන්නැහේ "දිග" පෝස්ට් එකක් දාහන්......:)

      Delete
  6. මොකුත් කියන්න එපා බන්.... ජීවත් වෙන්නනේ ඔය ඔක්කොම දේවල් කරන්නේ....

    ReplyDelete
  7. අනේ මන්ද මිනිහාගේ තණ්හාව මිනිසාව කවදා කොහේට ගෙනියයිද කියලා. පරිසරය මොන කජ්ජක්ද අපේ අයියලා දෙන ගේම් වල හැටියට??

    ReplyDelete
  8. මචන් ඔක තමා අද තත්වේ..උබ දන්නවද ඇමරිකව වගේ බලවත් රටවල් ආධාර දෙනව ආසියාතික රටවලට ගො ග්‍රීන් කන්සෙප්ට් එකක් ඩිවලොප් කරන්න කියල මොකද ලොක උෂ්ණත්වය ඉහල යනවා අම්ල වැසි හරිතාගාර ප්‍රෂ්ණ වගේ දෙවල් නිසා ලොක විනාසය සිදුවීම වලක් වන්න කියන සුපුරුදු ප්‍රෂ්ණා වලිය තමයි මොවුන් හයිලයිට් කරන්නේ.
    නමුත් ආසියාතික රටවලට ඔය කියන ප්‍රෂ්ණ වලට මුහුන දෙන්න ඔන තරම් සම්පත් තියෙනව. ඔය බටහිර ධනවාදි රටවල් වෙස්මුහුනට යටින් ඉඳන් කරන්නේ පුලුවන් තරම් ඔවුන්ගේ රටවල ආර්ථික ශක්තිමත් කරගන්න ඔන පාරිසරික හානි උපරිමයෙන් කරමින් ආසියාතික රටවලට කියනව උබල පරිසරය පුලුවන් තරම් සුරකින වැඩම කරහං කියල

    ReplyDelete
  9. කොහොමටත් ඔය දියුණුයි කියන රටවල් වලින් පරිසරයට කරන හානිය ගොඩක් වැඩියි අපි වගේ නොදියුණුයි දුප්පත් කියන රටවල් එක්ක බැලුවහම....

    ReplyDelete
  10. හැම තැනකම කෙරෙන්නේ එකම දේ..

    ReplyDelete
  11. ගස් නොකපා ඔය වැඩේ කරගන්න බැරි ඇති [සමහර විටක] ඒත් ප්‍රින්ට් නොකර වැඩේ කරගන්න පුළුවන් නම් ?????

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails