Thursday, January 12, 2012

පොඩි "පොඩි" වංචා



පුතා මේ මොකද මේ
වතුර එක බීල නැහැ

වෙලාවක් තිබ්බෙ නෑ

මොන වැඩද ඔච්චරට
ඔය පුන්චි ඉස්කෝලෙ?

කමක් නෑ අපි තාත්තෙ
බෝතලේ පෙරළලා
වතුර එක බිම හලමු

ඒ මොකද ඒ වැඩේ
කාට බොරු කරන්නද

නෑ ඊයෙ "ටී" අතින්
බෝතලේ පෙරලුනා
පස්සෙ ඇහුවම අම්ම
ඇවිල්ලා රෑ ගෙදර

"බබා අද හරි හොඳයි
වතුර සේරම බීල"

කිව්ව...


සුන්දර පුන්චි ලොකේ පුංචි පැටව් ඔන්න ඔහොමයි පස්සෙ බොරු කාරයො වෙන්නෙ.


ප/ලි

"ටී" නොහොත "ආන්ටී" යනු අපේ දරුවන් බලාගන්න ගෑණු උන්දෑය. මේ අද දවල් පුත්‍රයත් එක්ක ඉස්කෝලෙ ඉඳන් ගෙදර යද්දි වූ කතාබහකි.



ප/ප/ලි
කමෙන්ට් දාන්න බැරි අවුලක් තීනව කියල කියල ඔබා-ම කියල තිබ්බ. මොකක් වෙලාද දන්නේ නැත! අවුල ලිහන්නට හැකි කෙනෙක් උදව්වක් කලොත් ගොඩක් පින්.

ප/ප/ප ලි

කමෙන්ට් අවුල ඉවරය.!

55 comments:

  1. සහතික ඇත්ත මචන්.චූටි කාලෙම ඔය සෙල්ලම නවත්ත ගනින්

    ReplyDelete
    Replies
    1. බොරුවට තැනක් නැති බව තේරුන් කරල දෙනව. බලමු!

      Delete
  2. පොඩි උන් නරක්කරන්නේ අපිමයි!

    ReplyDelete
  3. මා නම් කිසි දිනක පොඩි වුන්ගේ වැරදි නොදකිමි. මේ සියල්ලටම වගකිව යුත්තේ වැඩිහිටි අපමයි. මේ මජර සමාජක්‍රමය තුළ හැමවිටම හොරුන් මිනීමරුවන් බොරුකාරයන් වැඩ්ඩන් වී සිටින සැටි නිදසුන් සහිතව දක්නට තිබේ. මේවා දකින පොඩිවුන් ඒ අනුගමනය කරයි. හොදම දේ අපේ වුන් හදා ගැනීමයි. එ වැනි විසූක දස්සනවල ඇති අස්තිරත්වය වුනට වටහා දීමයි. වටහා ගැනීමට සැලසීමයි. ඔබේ පොඩි එකාට වාසනාවන්ත අනාගතයක් ලැබේවි ඔබ වැනි පියෙකු ලද නිසා.

    ReplyDelete
    Replies
    1. "එ වැනි විසූක දස්සනවල ඇති අස්තිරත්වය වුනට වටහා දීමයි. වටහා ගැනීමට සැලසීමයි. "

      මේ තමයි මගෙත් ක්‍රමේ. අපි බොරු කරොත් පොඩි උනුත් බොරු කාරයො වෙනව නිකම්ම. මොකද ඒ හිස් කල වලට අපිනෙ පුරවන්නෙ!

      Delete
  4. ලොකු උන්ගේ වරදින් තමයි පොඩි පැටවු නරක් වෙන්නේ....පැටවුන්ගේ ජීවිත සාරවත් කරන්ඩ ලොකු ඒවුන් දැනගන්ඩ ඔන ....අනිවා

    ReplyDelete
    Replies
    1. මේක දරුවොන්ට විතරක් නෙමේ සමාජෙ අනික් ස්ථරවලටත් අදාල කියමනක්.

      Delete
  5. වැඩිහිටි අපි කරන හැම දෙයක්ම පොඩි එවුන් අනුකරනය කරනවා...

    ReplyDelete
    Replies
    1. ඒ බව දැන දැනත් අපි උන්ට බොරු කරනව!

      Delete
  6. පොඩි එවුන්ටත් උන්ගේ ස්වාධිනත්වයක් තියෙනවා කියල හිතල වැඩකරන්නෝනෙ..

    ReplyDelete
    Replies
    1. පොඩි උන් ගැන ලොකු අය ලොකුවට හිතන්නෙ නෑනෙ. ඒකනෙ මේ පොඩි උන් ලොකු වැඩ කරල ලොකු උනාම පොඩි වෙලා යන්නෙ.

      Delete
  7. පොඩි එවුන් ඉතින් හැම දෙයක්ම ඉගන ගන්නේ ලොකු එවුන් දිහා බලලා නෙව . ඒක නිසා මොන දේ කලත් ඉවසලා ඒ ගැඅ කියාදෙන්ඩ වෙනවා තමා ..

    ගුටි බැට දීම නම් හරියන්නේ නැත .

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටල ගුටියක් නොදීත් බෑ! මොකෝ අපි කියල නොකාපු ජාතියක්යැ :D

      Delete
  8. කථාවනං ඇත්ත...අපේ පොඩි එකාට සිංදුවක් කියන්න කිව්වම "සමන් මල් පියල්ලේ" කියලා..ඇයි ඇහුවම ඇයි තාත්තා ඒකනේ හැම තිස්සෙම කියන්නේ කියලා..මගේ කාඩ් කුඩු...මේ පාර නිවාඩුවට ගිහිල්ලා සිංදු කියන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මෙයත් සින්දුවක් නෙමෙයි කවියක් "රැප්" කරා අවුරුදු දෙකේදි විතර. :D

      හැබැයි අපි කියල නෙමේ මිනිහම හිතල

      Delete
  9. මට මේක කියෙව්වාම මතක් වුනේ අර ඉස්සර තිබුණු ඇඩ් එකක්....අර තාත්තා සිගරට් එකක් ලමයට ගේන්න දීලා ඉතුරු ලමයට දෙන සීන් එක මතකද

    ReplyDelete
    Replies
    1. ම්හු....මතක නෑ!

      මම බොහොම විරුද්ධ දෙයක් පොඩි උන් ලව්ව සිගරට් ගෙන්න ගන්න එක සහ උන් ඉන්න තැන්වල බොන එක.

      Delete
    2. ඉෆ් දේ ගොට් ලිප්ස් . . . වී නීඩ් දෙම් . . . . එහෙමයි ටාගට් ගෲප් එක ගැන ඔය කොම්පැනි කාරයෝ රිසර්ච් කරන්නෙ

      Delete
  10. මොන මොන විදි වලින් හරි ළමයින්ට අපි වැරදි කරන හැටි උගන්නනවා.අන්තිමට ඒවා උන් කරනකොට උන්ටම තලනවා.බලද්දි අපි තමා පොඩිඋන්.

    ReplyDelete
    Replies
    1. සෙටිෆිකැට් ඇත්ත. බලං යනකොට අපි කරන වැරදි වලට උන් ගුටිකාල...!

      Delete
  11. පොඩි වුන්ගේ වැරදි වලට වැඩිහිටියොත් වගකියන්න ඕනේ.ඉතිහාසේ කොච්ච්කර උදාහරණ තියෙනවද.

    ReplyDelete
    Replies
    1. "වැඩිහිටියොත්" නෙමෙයි වැඩිහිටියොම තමයි.

      Delete
  12. ෂෝක් කොලු පැට්ටෙක්නේ...:D

    ReplyDelete
    Replies
    1. තාත්ත වගේමයි කියලයි කට්ටිය කියන්නෙ. වැඩද පෙණුමද දෙකම ඒ වගේ කියලයි හාමිනේ නං කියන්නෙ :D

      Delete
  13. පොඩි උන් කරන ඔක්කෝම දේවල් ලොකු උන් කරන ඒවමයි කියල කියන්නෙ කෝමද?.....එතකොට මම සබන් පෙන කැවෙ කවුරු කරපු නිසාද? අපේ අම්මයි තාත්තයි සබන් පෙන කන්නෙ නෑනෙ.....:):):):)

    ReplyDelete
    Replies
    1. දැං ඉතින් දීපංකො උත්තර! ඇත්තට සබං පෙන කන එක තාම තීනවද :D

      Delete
  14. කාගේවත් වැරද්දක් නොදකිමි..

    පොඩි කාලේ මොනවා උනත් ලොකු උනාම තමන්ගේම අවංක හිතින් හිතලා බලලා හරි වැරද්ද හොයාගන්න කාටවත් බැරි වෙන එකක් නැහැ.

    නිර්මාණාත්මකයි ස‍හෝ.. ජය සිරි කිව්වා !

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පොඩි කාලෙ හරි වැරැද්ද කියල ගැන ඇතිකරන අදහස් ලොකු උනාම ඔය දෙක තේරුන් කරගන්න ලොකු අත්වැලක් වෙනව.

      මොන නිර්මානද බං මෙව්ව. දත් බෙහෙත් වගේ කොහෙද!

      Delete
  15. බොරු ඉගෙනගන්නෙ ඔයකාලෙදි තමයි. ඒක ඉතිං අම්ම තාත්ත කියල දුන්නෙ නැතත් පොඩිඑවුන් සමාජයෙන් ඉගනගන්නව. අනිත්අතට බොරුකරන්න නොදැන ලොකුඋනාම ජීවත්වෙන්න පුළුවන්ද? :D
    කොහොම උනත් කෙනෙක්ට බොරු කියනඅතරෙම ඒ කිව්වෙ බොරුවක් කියල කියන්න පුළුවන් කෙනෙකුත් ඉන්න එක හොදයි.(තාත්ත එක්ක හවුල්වෙලා අම්ම රවටනව වගේ)
    උ‍ඹේ පොඩ්ඩද ඔය?

    ReplyDelete
    Replies
    1. තාත්තල පුතාල අම්මල දූල යාළුවො වගේ ඉන්න තරමට උන්ව සමාජෙ බලපෑම් වලින් ආරක්ෂාකරන්න ලේසියි.

      ඔව් මචං මේ තමයි මගෙ "සිංහබාහු"

      Delete
  16. ඊට පස්සෙ තාත්තා පුතාට මොකද කිව්වෙ

    ReplyDelete
    Replies
    1. දිග සාකච්ඡාවකින් පස්සෙ තේරුන් කරල දුන්න ඒ බොරුවෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ කියන එක. පස්සෙ මිනිහම හවස අම්ම ආවම නඩුව කිව්ව "අම්මෙ ඊයෙ බබා වතුර බිව්වෙ නෑ, ඒ බොතලේ පෙරළිල" කියල. වෙලාවට ටී ලඟ පාත හිටියෙ නෑ. නැත්තං කොල්ල එක්ක වෛර බැඳගන්නත් තිබ්බ!

      Delete
  17. අනේ පොඩි එකාගෙ බොරුවක තරම. අම්මගෙන් හොදයි කියලා අහගන්න වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. පොඩි එකා බලං හිටිය බොරුව නිසා කලින් දවසෙ අම්ම හොඳයි කියනව. හැදුව අදත් ඒ ලේසි ක්‍රමේ ට්‍රයි කරන්න. වැරද්ද පොඩි එකා ඉන්න තැනම බොරුව කරපු කෙනාගෙයි.

      Delete
  18. ඔව් පුංචි කමට එහෙම දෙයක් කලොත් වැඩි හිටියෝ වශයෙන් ඒක අනිවාර් පෙන්නලා දෙන්න ඕන. මොකද ඒක නැත්නම් ඒ ළමයගේ අනාගතයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා

    ReplyDelete
    Replies
    1. බට්ටි කියන කතා සයිස් එකට නෙමෙයි!

      ඇත්ත, ඒක හරි. නැත්තං අර පැන්සල හොරකන් කරන් ගෙදර ආපු ළමයගෙ අම්මට උන දේ තමයි කවදහරි අපිටත් වෙන්නෙ!

      Delete
  19. ඇස්වහක් කටවහක් නෑ හරි අපූරු කොලු පැටිය. උගෙ හිත තාම පිවිතුරුයි. නැත්නං අරහෙම කතාවක් කියන්නෙ නෑ. ඒත් කරුමෙ කියන්නෙ අපි කොච්චර දත කෑවත් උන්ගෙ හිත දූෂණය වෙනව. ඒක මේ ලෝකෙ මුල්ම එකාගෙ ඉඳල අවසාන එකා වෙනකන් පවතින සනාතන දහමක්. හැබැයි කාට බොරු කලත් තමන්ට බොරු නොකර ඉන්න පොඩි උන් ඉගෙනගන්නවනම් ඒ හොඳටම ඇති.

    දෙමව්පියන්ට අහිංසක ආඩම්බරයක් ගෙනත් දෙන්න පොඩි එකාට සියළු ශක්තිය ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නවමො. අයියගෙයි මල්ලිගෙයි වීරක්‍රියා නිසා සමහරවෙලාවට මයි ඉස්මයිල් වෙනව!

      "
      දෙමව්පියන්ට අහිංසක ආඩම්බරයක් ගෙනත් දෙන්න පොඩි එකාට සියළු ශක්තිය ලැබේවා !!"
      දෙමව්පියො හැමෝගෙම පැතුම ඕකතමයි!

      Delete
  20. එතකොට උඹ . . . අරක්කු බෝතලේම බීල ඉවර වෙලා හාමිනේට බොරු කියන්නෙ බෝතලේ පෙරලිල අරක්කු ටික හැලිල කියල . . . . . . ඒව හොඳද ???

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මම කියන්නෙ බිම පෙරළිල කියල නෙමේ, දතේ කැක්කුමට ටිකක් කටේ ගාගත්ත කියල :D

      මම මේ කල්පනා කරේ උඹේ කෙලි පොඩ්ඩි මොන ආරෙට යයිද කියල? උඹ වගේ උනොත්, බඳින එකාට ඉතින්....නිකනුත් ගෑණු එක්ක කට ගහල බේරෙන්න අමාරු එකේ....හප්පේ...

      Delete
    2. මගෙ මායියගෙ එකම පැතුමත් කෙල්ලගෙ කට මගේ කට වගේ වෙන්න එපා කියල . . .

      Delete
  21. කමෙන්ට් දාන්න බැරි අවුලක් තීනව කියල කියල ඔබා-ම කියල තිබ්බ. මොකක් වෙලාද දන්නේ නැත! අවුල ලිහන්නට හැකි කෙනෙක් උදව්වක් කලොත් ගොඩක් පින්.

    ReplyDelete
  22. කිසි අවුලක් නෑ. Reply කියන තැන ක්ලික් කලාම Add comment කියලා පහලින් එනවා. එතනට ගිහින් ඉතින් කමෙන්ට් ලියලා publish ඔබපුවාම හරි ...:D

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කිව්වෙ:D

      ඔන්න දැන් දැම්ම, වැටුනද කියල බලන්න..!

      Delete
    2. ඔය වැටිලා තියෙන්නේ අපූරුවට...:D:D:D

      Delete
  23. පොඩි එකා හැදෙන්නෙත් තාත්ත විදියටම තමා.


    [කොමෙන්ට් අවුල තිබ්බෙ 'ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර්' එකේ මං හිතන්නෙ, 'ගිනි නරිය' ගෙන් ආවම නෝ කචල් වගේ]

    තාම 'ඔබ නොදුටු ලොවක්' එක හොයනව, ඉන්ටරෙස්ටින් පෝස්ට් එකක් තිබුන, ඒකට කියන්න තියෙන දේ ගැන කට කහනව, මගේ රීඩරේ තියෙනව කියල හිතං උන්නට ඒ සයිට් එක නෑ. දන්නවා නං ලින්ක් එක එවනවද, තෑන්ක්ස්.

    ReplyDelete
    Replies
    1. ඔන්න වැඩේ හරිනෙ? මල්ලි ඔය හොයල දීල තීන්නෙ.

      Delete
  24. මටත් දැන් කියවන්න පුළුවනි. උදව් වලට ස්තූතියි. ධනික මල්ලි හදා දුන්නා.

    සෑහෙන්න වටින පෝස් එකක්. පොඩි කාලේ පොඩියෙන් ගහන අවුල් ලිහා ගත්තෙ නැත්නම් ලොකු කාලේ ලොකුවෙන් ගහන අවුල් කොහෙත්ම ලිහා ගන්න පේන්නෙ නැහැ.

    මග හැරිච්ච ඉතිරියත් කියවා ගෙන යන්නම්.

    ReplyDelete
    Replies
    1. "උදව් වලට ස්තූතියි."

      අපි වෙනුවෙන් අපි!

      පොඩි කාලෙ ගහ ඇද උනොත් ලොකු උනාම හදන්න අමාරුයි කියල තමයි අපේ තාත්ත නිතර කිව්වෙ. කතාව ඇත්ත!

      Delete
  25. ටිකක් අමාරු වැඩක්... ​පොඩි එකාගේ හිත නොරිද්දා තමා කරන දේවල් කරන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවෙයි ඕක කරපු ලොකු කෙනාගෙත් හිත නොරිද්දව. මොකද නැත්තං තරහට එයා මොනා නොකරයිද පස්සෙ!

      Delete
  26. කොල්ලා හැඩයි. ලොකුවෙනකොට තව හැඩවෙයි. තේරෙන කාලෙට ඔව්ව කරන්නෙ නැහැ. අපි හොඳනං ළමයි අපිට වැඩිය හොඳ වෙනව.

    ReplyDelete
    Replies
    1. හොඳ නරක සාපේක්ෂයි. ඒත් ඉතින් හොරෙක් වංචාකාරයෙක් නොවී කොන්ද කෙලින් තීන මිනිහෙක් උනොත් ඇති.

      Delete

LinkWithin

Related Posts with Thumbnails