Sunday, September 26, 2010

අන්කොමන් කොමන් සහ පුවර් වෙල්ත්


අන්තිමට මට හිතෙන හැටි නවත්තපු තැනින් පටන් අරන් පහුගිය දවස්වල අහපු දැකපු විඳපු කතාටික මේ බ්රහස්පතින්ද ඉඳල ලියන යනව කියල හිතන් හිටියත් අද BBC එකේ asianweek බැලුවට පස්සෙ මේ ගැන නං යමක් නොලියම බෑ කියල හිතුන.

මං හැමදාමත් හිටියෙ අල්ලපු රටට විරුද්ධ පැත්තෙ.

ඉතිහාසෙ ඉඳල ලංකාවට ඉන්දියාවෙන් එක හොඳක් එනකොට නරක් දෙකක් නැත්තං ඊට වැඩි ගානක ආව කියන එකයි මගේ අදහස.

අදත් අපිට ඉන්න ලොකුම හතුර ඉන්දියාවයි. අපි අද අත්දකින ගොඩක් දේශපාලන පුරස්නවල ඉන්දියන් ගඳ තමයි මටනං එන්නෙ.

එහෙව් ඉන්දියන් කාරයො නා ගන්නකොට මටනං අවංකවම හරිම ආතල්!

ඔව් ඒ අපේ අල්ලපු රටේ අපේ ජාතියෙම ( ජාත්යන්තරයෙදි අපි ඔක්කොම එක ගොඩට තමා වැටෙන්නෙ ) අපේම උන් තමයි, ඒත් ගමේදි ඒ බයිල නෑනෙ.

සමහර අපේ මැටි මෝල් බවලත්තු, ගොය්යො විතරක් නෙමෙයි යමක් කමක් උගත් ටැබූ වගේ මහත්තුරුත් හින්දි ෆිල්ම් දැකල, බැන්ගලෝර් වල දිල්ලි වල අලුත් එයාර්පෝට් නැත්තං සිලිකන් සිටි එකේ බිල්ඩිමක් දෙකක් දැකල දැන් ඉන්දියාව මාර දියුනුයි කියල හිතින් උන්නට ඇත්ත කතාව ඒක නෙමෙයි.

කැනඩාව එක්ක ගේම ඉල්ලල කොමන්වෙල්ත් ගේම් එක ඉල්ලගත්තට ගේම හරියට දීගන්න බැරුව දැන් හත්පොලේ ගාං නානව කියලයි ආරංචිය.

ඔය උඩ පින්තූරෙ තීනෙ ක්රීඩා ගම්මානෙ ගෙයක වැසිකිලියක්, මීට දිනකට ඉස්සෙල්ල ගිය මාධය්වේදියෙක් දැක්ක හැටි.

BBC ය කියන විදියටත් ආපු ස්කොට්ලන්ත, එංගලන්ත ක්රීඩා කණ්ඩායම් කළමානකරුවන්ටයි, BBC එකේ පෙන්නපු රූප රාමුවලටයි අනුවනං බහුතරයක් ගෙවල්වල සෑහෙන්න වැඩ ඉතුරුවෙලා, විතරක් නෙමේ අන්තිම බාල ඉදිකිරීම නිසා නිමක් නැති ප්රශ්න!

මේ කියන කතා අපිටනං අරුමයක් නෙමෙයි. අවුරුදුගානක් ඉන්දියන් කාරයො එක්ක වැඩකරල මේවගේ දේවල් උන්දැලටනං සාමන්යයි කියන එක අපි දැනං ගොඩක් කල්.

අන්තිම මොහොතෙ පාළං කඩන් වැටෙන, අවුරුදු 5ක් තිස්සෙ හදලත් අන්තිම මොහොත වෙනකලුත් කීර්ඩකයන්ට ටෙස්ට් කරන්න ක්රීඩාපිටිය දීගන්න බැරි උන, මේ රත්තරං අවස්ථාවත් පගාවට යටකොරන් රටට විතරක් නෙමෙයි මුලු කලාපෙටම ආයි මෙහෙම තරඟයක් ගන්න තීන අවස්තාවත් අහිමිකරපු ඉන්දියන් කාරයොන්ට වඩා පොරවල් නෑ කියල හිතං ඉන්න මහත්වරුනි, සප්තා සීපා ගහල පාවඩ දාල ගෙන්න ගන්න හදන්නෙ මෙහෙම වැඩකාරයොද, මෙච්චර පොරවල් කියල හිතන් ඉන්න අයියල කොයිතරන් දුරට පොරවල්ද කියල දැන්වත් පොඩ්ඩක් එලියට බැහැල වට පිට බලල හිතා ගන්නඑක අපේ ඊළඟ පරම්පරාවෙ සරීර සෞක්යට ගුණ වෙන්න පුලුහං..

ඒ විතරක් නෙවි,දෙදාස් කීයෙද මන්ද කොමන් වෙල්ත් තියන්නතරං වෙල්ත් එකක් බලාපොරොත්තුවෙන අපේ අය්යිලටත් අනික අතින් මෙව්ව හොඳ පාඩං..( එහෙම බැලුවම පාඩං නං කොච්චර කියලද, මොකාට ඔයහැටි ඉගෙනගත්තැකිද නේද? )

10 comments:

  1. තවත් හුඟක් 4tos එහෙමත් මේකට සම්බන්ධව මම දැක්කා. බලමුකෝ ඉන්දියාව කොහොමද නා ගන්නේ කියලා......

    ReplyDelete
  2. මටත් අවංකවම මාර හැපි උන් නාගන්නවා දැක්කම.. ගේම් එක කෑන්සල් උනා නම් උපරිමයි!! උන්ගේ හෙළුව ලෝකෙට පෙන්නත් එක්කලා

    ඔය හැතිකරේ නිසා තමයි අපිට හැම ප්‍රශ්නයක් ම.. ලංකාවේ අපි ඔයිට වඩා හොඳට ගේම්ස් තියල තියෙනවා.. අපේ වැඩ ඒ අතින් බැලුවම ඉස්තරම්...

    ReplyDelete
  3. ඇත්තම කියනවනම් මටත් අල්ලපු රටෙ එවුන්ව දිරවන්නෙම නෑ. ගොට්ට අල්ලන්ට විතරමයි දන්නේ.වෙන කිසිම වැඩක් හරියට කරගන්ට දන්නේ නෑ.

    ReplyDelete
  4. අසල්වැසියාට ප්‍රේම කරන්න

    ReplyDelete
  5. මෙන්න අසල්වැසියාට කෙළවෙනකොට අපිටත් කෙළවෙන හැටි

    http://www.lankaenews.com/Sinhala/news.php?id=14778

    ReplyDelete
  6. Ela ela. At least one person got it right. What you say is 100% correct machan! Indians spoil all the sub continent but out empty headed politicions never understand that! BRAVO!

    ReplyDelete
  7. හසිත,
    සමීර,
    පුතා,
    Ano,

    කමෙන්ට් වලට හැමෝටම ස්තූතියි.
    මකර, ඔය අසල්වැසියට කෙළවෙලා නෙවී, කෙලෝගෙන. ඒකෙන් ඉතින් අපිට නෙමෙයි, අපේ අය ජීවිතෙ හොයන් යන ඈත එපිට සුද්දටත් කෙළවෙලා තීන්නෙ....එළ එළ...

    ReplyDelete
  8. අදයි කියෙවුවෙ... මට නම් රාම රාවණ කතාවෙ ඉදලම උන්දලව පෙන්නන් බැහැ... අපි කොයි තරම් සාධාරණ වුනත් පාගාලා දාලා කතා කරන්න පුලුවන්. ඒත් අපි ඉන්දියාව ඉහලින් තියන් ඉන්නව. එයාල හිතන්නේ අපි එයාලගේ ප්‍රාන්තයක් කියලයි...

    ReplyDelete
  9. Upashantha Ayya.. can u pls publish ur email...???

    ReplyDelete
  10. @ Kush,

    ඔන්න මලේ profile එකේ දැම්ම..!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails